Chapter 20


❤️ I DIDN'T MEAN IT❤️

Min Hee's POV
"මින්හියා ඔයා මගේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලාම උත්තරයක් දෙන්න එතකොට මමත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්." ජේහ්‍යුන්ග් ශී ආපහු සැරයක් කිව්වේ ටිකක් දඟකාර විදිහේ හිනාවක් එක්ක කියලා මට හිතුනේ .

"මම....." මට හිතාගන්න බැරි උනා මම මොකද්ද කියන්න ඕන කියලා .

"මම අහගෙන ඉන්නේ " ජේහ්‍යුන්ග් ශී එහෙම කියලා පුටුවේ ඉස්සරහට වෙලා එයාගේ වැලමිට මේසය උඩ තියලා නිකට එක මත එක තිබුන අත්වලට බරකළා.

ටොක්...ටොක්....

මම ආපහු කතා කරන්න හදද්දී කවුරුහරි දොරට තට්ටු කළා .

"ත්රො වා" ජේහ්‍යුන්ග් ශී කිව්වේ මගේ දිහා ම බලාගෙන . ඒත් දොර ඇරෙන සද්දෙට මම හැරිලා බැලුවා .... තෙප්‍යෝනිම් ....

"තෙප්‍යෝනිම්.... " මම ඉක්මනට පුටුවෙන් නැඟිටලා පැත්තකට වෙලා ඔලුව නමලා ආචාර කළා. නම්ජූන් ශී ඇතුලට ඇවිත් මට හිනාවකින් සංග්‍රහ කරන ගමන් හැරුනේ ජේහ්‍යුන්ග් ශී දිහාවට. ජේහ්‍යුන්ග් ශී දැන් පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා තෙප්‍යෝනිම් දිහා බලාගෙන හිටියේ ටිකක් ඔරවගෙන වගේ ... මම මාරුවෙන් මාරුවට තෙප්‍යෝනිම් දිහා වගේ ම බුසොජන්ග්නිම් දිහා බැලුවේ ඊලගට වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව .

"මියානේ ටේහ්‍යුන්ගා ඔයාට බාධාවක් උනානම්....." තෙප්‍යෝනිම් කිව්වේ මම කලින් වාඩිවෙලා හිටිය පුටුවට එහාපැත්තේ තිබුන අනිත් පුටුවේ වාඩිවෙන ගමන් .

"අනියා හ්‍යුන්ග් " ජේහ්‍යුන්ග් ශී යන්තමින් හිනාවෙවී කිව්වේ ... මට හිතුනේ මම තවදුරටත් එතන ඉන්න එක හරි නැහැ කියලා .

"මම තව ටිකකින් එන්නම් බුසොජන්ග්නිම් . " මම එයාලා දෙන්නටම ආචාර කරලා ෆයිල් එකත් අරගෙන මගේ රූම් එකට ආවා .

'ටේහ්‍යුන්ගා...' ඇයි තෙප්‍යෝනිම් ජේහ්‍යුන්ග් ශීට වෙන නමකින් කතා කළේ..  එදා හෝසොක් සුන්බේනිම්ට කියවුනෙත් ජේහ්‍යුන්ග් නෙවෙයි ටේ කියලා නේද ???? එතකොට ජේහ්‍යුන්ග් කියන්නේ බුසොජන්ග්නිම් ගේ ඇත්ත නම නෙවෙයි ද??? තෙප්‍යෝනිම් ආව වෙලාවේ ජේහ්‍යුන්ග් ශී පුටුවෙන් නැගිටින්නවත් උත්සාහ කළේ නෑ ...... ජේහ්‍යුන්ග් ශී කියන්නෙත් තෙප්‍යෝනිම් ගේ පවුලේ කෙනෙක්වත් ද නැත්නම් එයාලා ගොඩක් සමීප අය ද???? ඒත් එහෙනම් ඇයි එයා සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක් විදිහට හැසිරෙන්නේ ????

මම නිකමට වගේ ෆෝන් එක අරගෙන google search එකේ ජේහ්‍යුන්ග් ශීගේ නම ගහලා බැලුවා. එකපාරටම ආපු search result එකත් එක්ක මාව ඉබේටම උඩ විසිඋනා.

'Arc games ceo Kim Jaehyung  revealed  his face after 2 years of success '

ඒත් මම ඉක්මනට ඒ article එක open කලා

'පරිඝනක ක්‍රීඩා ක්ෂේත්‍රයේ වසර දෙකක සාර්ථක ගමනකින් පසු ARC games නිර්මාණ හා ප්‍රධාන විධායක නිළධාරි කිම් ජේහ්‍යුන්ග් පළමු වරට ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ පෙනී සිටී. මෙපමණ කලක් නාමිකව පමණක් ප්‍රසිද්දියට පත් ව සිටි ඔහු මෙලෙස තම අනන්‍යතාවය හෙළි කළේ arc games හි නව පරිඝණක ක්‍රීඩාව වූ wild attack ක්‍රීඩාව හඳුන්වාදීමේ අවස්තාවේදී. තවමත් වයස අවුරුදු විසිපහක් තරම් වූ ලාබාල වයසකින් ඔහු මෙවැනි සාර්ථක ආයතනයක නිර්මාතෘ ලෙස කටයුතු කිරීම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති අතර ඔහුගේ ආකර්ෂණීය පෙනුම හේතුවෙන් ද ඔහුට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. කෙසේ වුවත් ජේහ්‍යුන්ග් ශීගේ පවුලේ අනෙකුත් පිරිස් පිළිබඳ වැඩි විස්තර කිසිවක් සදහන් නොවේ. '

ඒත් එක්කම තිබුනේ ජේහ්‍යුන්ග් ශීගේ ෆොටෝස් . ඔෆිස් එකේ ඉන්නවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමක් එයාගේ තිබුනේ ..... මම ෆෝන් එක දිහා බලාගෙන හිටියේ මොකුත් හිතාගන්න බැරුව....


ට්‍රී.....ට්‍රීං.... එකපාරටම මගේ මේසය උඩ තිබුන ඔෆිස් ලයින් එක රිංග්ස් ගත්තා.

"යොබුසෙයෝ"

"මින්හී ශී බුසොජන්ග්නිම් ඔයාට එයාගේ ඔෆිස් එකට එන්න කිව්වා." එහාපැත්තෙන් ඇහුනේ secretary yoonගෙ කටහඩ. මම ඉක්මනට ෆයිල් එක අරගෙන ආපහු බුසොජන්ග්නිම්ගේ රූම් එකට ගියේ කල්පනා කරකර

"සර් අලුත් ප්‍රොජෙක්ට් එකේ අමුද්‍රව්‍ය වලට අදාල ව එක  අයවැය වාර්තාවක් එවලා තිබුනා , මේක දැනට නම් වෙන ප්‍රශ්නයක් මොකුත්  නෑ ..." මම කිව්වේ මගේ අතේ තිබුන ෆයිල් එක දිගෑරලා ජේහ්‍යුන්ග් ශීගේ ඉස්සරහින් තියන ගමන් . ඒත් ජේහ්‍යුන්ග් ශී මම දිහා බැලුවේ මම කියපු කිසිම දෙයක් අහගෙන හිටියේ නෑ වගේ .

"බුසොජන්ග්නිම් ..."

"අපි අන්තිමට කතා කලේ මේ ගැන නෙවෙයි නේද මින්හී ශී????"

"නේ???? (What)"

"ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න කලින් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්න . " ජේහ්‍යුන්ග් ශී එහෙම කියලා ෆයිල් එක වහලා පැත්තකින් තිබ්බා. මම කොහොම හරි මේ කතාව මග අරින්න හැදුවත් ජේහ්‍යුන්ග් ශී එක්ක ඒක කරන්න අමාරුයි .

"බුසොජන්ග්නිම් .... ඇයි මම ඔයාට panmal කතා කරන්න ඕන ??? ඒකට හේතුවක් කියන්න පුලුවන් ද?????" මම ඇහුවේ කෙලින්ම ජේහ්‍යුන්ග් ශී දිහා බලලා.

"සමහරවිට එතකොට අපිට ඔෆිස් එකෙන් පිටදී යාලුවෝ වෙන්න පුලුවන් නිසා." ජේහ්‍යුන්ග් ශී කිව්වේ හිනාවක් එක්ක .

"යාලුවෝ???? "

"ඔව් සමහරවිට ටික කාලෙකට පස්සේ .. යාලුවෝ වෙනුවට ..."

"ජේහ්‍යුන්ග් ශී ඔයා ඇත්තටම කවුද??? ඔයා වගේ කෙනෙක්ට මම වගේ කෙනෙක්ව යාලුවෙක් කරගන්න එක ඔච්චර වැදගත් ඇයි????" මම ඇහුවේ කෙලින්ම එයා දිහා බලාගෙන .

"නා චොරොම් ????(like me) "

"ඔව් ඔයා වගේ බොරු නමකින් පෙනී ඉන්න , තමන්ගේම කම්පැනි එකක් තියෙන සල්ලිකාර .... සමහරවිට සෙල්ලක්කාරයෙක්......." එකපාරටම මගේ කටින් කියවුනේ මම හිතුවෙවත් නැති දෙයක්.... එකපාරටම මම අතෙන් කටවහගත්තේ මම කියපු වචනේ බරපතළකම තේරුන නිසා. ජේහ්‍යුන්ග් ශී මගේ දිහා බලාගෙන හිටියේ මොකුත් නොකියා ඒත් මම කිව්ව වචනේ නිසා මෙච්චර වෙලා සතුටින් දිලිසුන එයාගේ ඇස් අඳුරු උනා.
.
.
.
ඔෆිස් ඉවර වෙලා ගෙදර ආපු ගමන් මම දුවගෙන ගියේ මේස ලාච්චුවේ තිබුන ඔම්මාගේ දිනපොත  ගන්න , මට කවදාකවත් අමතක කරන්න බැරි ගොඩක් අඳුරු මතක ඒකේ තවත් හැංගිලා ඇති , ඒත් මම නතර උනේ දවස් දෙකකට කලින් මම කියවපු පිටුවක.

                                                               2005.10.20
'අනාත නිවාසෙක හැදිලා වැඩුන අනාත කෙල්ලෙක්  වෙනුවට මටත් පවුලක් තිබුනා නම් එහෙනම් මගේ දුවට එයාගේ ඇත්තම අප්පාගේ ආදරේ ලැබෙන්න තිබුනා . එයාටත් සැප සම්පත් මැද්දේ මම වගේ ම එයාගේ අප්පා එක්ක ජීවත් වෙන්න තිබුනා .මින්ජුන් ශී මින්හීට එයාගේ ම දුවෙක්ට වගේ ආදරේ කරනවා ඒත් එයාලා දෙන්නා එකට ඉන්න හැමවෙලාවකම මට හිතෙන්නේ මින්හීට එයාගේ ඇත්තම අප්පා එක්ක මේ විදිහට ඉන්න තිබුනා නම් කියලා . මම ඒතරම් වාසනාවන්ත නොවුනත් කවදාහරි මගේ මින්හියා ලොකු වෙලා එයාගේ ආදරේ හොයාගත්ත දවසට මේ කිසිම දෙයක් එයාගේ ආදරේට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න කියලා මම හැමවෙලේ ම ඉල්ලනවා'

මෙච්චර වෙලා ඇස්වල හිරවෙලා තිබුන කඳුළු බිංදු ඔම්මාගේ දිනපොතට වැටෙද්දී මම පොත වහලා පැත්තකින් තියලා ඇස්වල කඳුළු පිහදාගත්තා.

ඔම්මට එයා පොඩි කාලේ හිටිය ලමා නිවාසේ ගැන තිබුනේ සතුටුදායක මතක, ඒ ගැන මතක් කරලා ඔම්මා මාත් එක්ක හිනාවුණා . ඒත් ... ඒත් එයා හිත ඇතුලෙන් තවත් දේවල් නිසා ගොඩක් විඳවලා. එතකොට මගේ අප්පා කියන මනුස්සයා  එයත් පොහොසත් පවුලක කෙනෙක් ද?? ඒක නිසා ද එයා ඔම්මාව අතෑරලා දැම්මේ මාව ලැබෙන්න ඉන්නකොට . අඩුම තරමින් ඔම්මා මට ඒ කෙනාගේ නමවත් කිව්වේ නැත්තේ ..... කවදාහරි මම එයාව  හොයාගන්නවාටවත් ඒ මනුස්සයා  කැමති වෙන්නේ නැති වෙයි කියලා හිතලාද??? අප්පා එහෙම ලොකු සල්ලිකාර පවුලක කෙනෙක් නොවුණා නම් , ඔම්මාගේ පවුලේ අය ජීවත් වෙලා හිටියා නම් එහෙනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනාද??? නැත්නම් එයා ඔම්මාව අතෑරියේ නැත්නම් ...එහෙනම්  සමහරවිට මේ හැමදේම මෙහෙම සිද්ධ නොවෙන්න තිබුනා .....

ජේහ්‍යුන්ග් ශී මට සලකන්නේ අනිත් අයට වඩා වෙනස් විදිහට , එයා මාව එයාගේ යටතේ වැඩ කරන කෙනෙක් විදිහට වඩා එතනින් එහා ගිහින් එයා පෞද්ගලික ව දන්න කෙනෙක් විදිහට හැසිරෙන්නේ .... එදා හවස එයා හැසිරුණේ මම එයාට ගොඩක් සමීප කෙනෙක් වගේ .... ඒත් ඇයි ඒ??? යාලුකමක්???? ඒත් මම වගේ කෙනෙක් එක්ක යාලුකමකින් එයාට මොනවද ලැබෙන්නේ ???
මගේ ඇස්වලින් නොනවත්වාම කඳුළු වැටෙන්න ගත්තේ ඔම්මාගේ දිනපොත නිසාද නැත්නම් අද මම ඔෆිස් එකේදී හැසිරුන විදිහ මතක් වෙලාද කියලා මට හිතාගන්න බෑ .

'සෙල්ලක්කාරයා' මම ඒ වචනේ කිව්ව ගමන් ජේහ්‍යුන්ග් ශීගේ මූණ වෙනස් උනේ හරියට කවුරුහරි කෙනෙක් එයාට එකපාරටම ලොකු වේදනාවක් දැනෙන විදිහට තුවාලයක් කලා වගේ . ..... මම ඒ වෙලාවේ ඒ විදිහට හැසිරුණේ ඇයි කියලා මට හිතාගන්න බෑ .... ජේහ්‍යුන්ග් ශීගේ තවත් ජීවිතයක් තියෙයි කියලා මම දැනගත්ත නිසා එහෙම නැත්නම් එයත් මගේ ඔම්මාවයි ඉපදෙන්න හිටිය මාවයි අතෑරලා දාපු මනුස්සයා වගේ සල්ලිකාර පවුලක කෙනෙක් විදිහට මට පෙනුන නිසා මට මාව ම පාලනය කරගන්න බැරි උනා වගේ . ඒත් එකට වැඩ කරපු කෙටි කාලය ඇතුලත උනත් ජේහ්‍යුන්ග් ශී කිසිම විදිහකින් මට වැරදි විදිහට සලකලා වැරදි විදිහට මගේ දිහා බලලා නෑ . ඒ ඇස්වල වගේ ම හැසිරීමේ තිබුන අවංකකම දැනදැන ම මම කොහොමද එහෙම දෙයක් කිව්වේ ...

'අපි අතර මෙහෙම කතාබහක් සිද්ධ උනේ නෑ කියලා හිතාගන්න , දැන් ප්‍රොජෙක්ට් එකේ අලුත් රිපෝර්ට් එක ගන්න , අපි අනවශ්‍ය දේවල් වලට කාලේ නාස්ති කරන්න හොඳ නැහැනෙ .. නේද ????' අන්තිමට ජේහ්‍යුන්ග් ශී එහෙම කිව්වේ කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් වගේ රලු කටහඩකින් . එයා පෙන්නුවේ නැති උනත් එයාට මාත් එක්ක තරහක් ඇත්තේ දැන් ... හෙට ඉදන් මම ආපහු ජේහ්‍යුන්ග් ශී එක්ක වැඩ කරන්නේ කොහොමද ???? වැඩ කරන්න තියා එයාට මූණ දෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ .

Taehyung's POV
"ජේහ්‍යුන්ග් ශී...... ඔයා මට අනිත් අයට වඩා වෙනස් විදිහට සලකන්නේ ඇයි ??? වෙන කාටවත් ඔයාගේ නම කියලා කතා කරන්න බැරි නම් ඇයි මට විතරක් එහෙම කියන්නේ ????" මින්හී එකපාරටම ඇහුවේ මම බලාපොරොත්තු නොවුණු විදිහට . ඔයාගේ ඔය ප්‍රශ්නෙට මට අවංකව උත්තර දෙන්න පුලුවන් උනානම් මින්හියා ..... එහෙනම් ඒ උත්තරේ දෙන්න කලින් ඔයාව මම මගේ පපුවට තුරුල් කරගන්නවා , ආපහු  කවදාවත් මගෙන් ඈතට යන්න බැරිවෙන්න ම . ඒත් දැන් ඒකට කාලේ නෙවෙයි , ඒ හැමදෙයක් ම ඔයාට කියන්න නම් මට තව කාලයක් බලාගෙන ඉන්න වෙනවා.

"මටත් උත්තර දෙන්න ප්‍රශ්නයක්.... ඔයා මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මින්හියා " මම කිව්වේ ඉස්සෙල්ලාම එයාගේ උත්තරේ දැනගන්න ඕන නිසා .

"මම....."

"මම අහගෙන ඉන්නේ " මම කිව්වේ වැලමිටිවලින් මේසෙට බරවෙලා  ගමන් නිකට අත්වලට බර කරන ගමන් .

ටොක්...ටොක්...

එකපාරටම කවුරුහරි දොරට තට්ටු කලා. මම මින්හී දිහා ම බලාගෙන හිටියා. ඒත් බලාපොරොත්තු නොවුණු විදිහට ආවේ නම්ජූන් හ්‍යුන්ග් නිසා මින්හී ඉක්මනට පුටුවෙන් නැඟිටලා පැත්තකට උනේ හ්‍යුන්ග්ට ආචාර කරන ගමන් .

"මියානේ ටේහ්‍යුන්ගා ඔයාට බාධාවක් උනානම්....." හ්‍යුන්ග් කිව්වේ එයාගේ හිනාව යටපත් කරගන්න හදන ගමන්.

"මම තව ටිකකින් එන්නම් බුසොජන්ග්නිම් . " මින්හී එහෙම කියලා ඉක්මනට ගියේ එයා අරගෙන ආපු ෆයිල් එකත් අරගෙන . මම ආපහු සැරයක් හ්‍යුන්ග් දිහා බැලුවේ මූණ අඳුරු කරගෙන .

"ඔයාගේ යෝජා චින්ගු ගියා කියලා මට කරන්න දෙයක් නෑ කොල්ලො, දැන්වත් ඔය රවන එක නතර කරන්න " හ්‍යුන්ග් කිව්වේ විහිලුවට හිනාවෙවී .

"හ්‍යුන්ග් දැන් ආවේ ඒක කියන්නද???"

"අපේ දොන්ග්සෙන්ග් මෙච්චර පිස්සු වැටුන කෙනාව හරියට දැකගන්නත් ඕනනේ. "

"හ්‍යුන්ග් නෝ මිච්‍යොස්සෝ???(hyung are you crazy ??)"

"නුන්දමියා (just a joke) ජින් හ්‍යුන්ග් කිව්වා දවස් දෙකකින් වගේ ඔයාට ඕන විස්තර ඔක්කොම හොයලා දෙන්නම් කියලා . එහෙනම් මම යනවා. ආපහු යෝජා චින්ගුට එන්න කියන්න ." නම්ජූන් හ්‍යුන්ග් අන්තිම ටික කිව්වේ ඇහැක් ගහලා හිනාවෙන ගමන්.

හ්‍යුන්ග් ගිහින් ටික වෙලාවකට පස්සේ මින්හී ආපහු ආවත් එයා ඉක්මනට අලුත් ප්‍රොජෙක්ට් එකේ ගිනුම් වාර්තාවක් ඇදලා ගත්තේ කලින් කතාව මඟාරින්න වගේ . ඒත් මම ෆයිල් එක පැත්තකට කරලා ආපහු මින්හීගේ අවධානය මට යොමු කරගත්තා. ඒත් මේ සැරේ මින්හී කෙලින්ම මගේ දිහා බලාගෙන කතා කරපු විදිහ වෙනස්, ඒත් ඒ වෙනස මොකද්ද කියලා මට හිතාගන්න බෑ .

"ජේහ්‍යුන්ග් ශී ඔයා ඇත්තටම කවුද??? ඔයා වගේ කෙනෙක්ට මම වගේ කෙනෙක්ව යාලුවෙක් කරගන්න එක ඔච්චර වැදගත් ඇයි????" මින්හීගේ ඇස්වල වෙනදා තියෙන අහිංසක පෙනුම වෙනුවට එයා මගේ දිහා බැලුවේ හරිම බැරෑරුම් විදිහට .

"නා චොරොම් ????" ඇත්තටම මින්හී ඇහුවේ මොකද්ද කියලා හරියට ම හිතාගන්න බැරි නිසා මම එයා දිහා බැලුවේ ඔලුවත් පැත්තකට ඇල කරලා.

"ඔව් ඔයා වගේ වෙන නමකින් පෙනී ඉන්න , තමන්ගේම කම්පැනි එකක් තියෙන සල්ලිකාර .... සමහරවිට සෙල්ලක්කාරයෙක්......." මින්හී එකපාරටම එයාගේ අතින් කටවහගත්තා, ඒත් ... ඒත් එයා ඒ කිව්ව වචනේ.... එයාගේ කටින් ඒක කියවෙලා ඉවරයි . එකපාරටම මට දැනුනේ කවුරුහරි මාව පසාරු වෙලා යන්න ආයුධයකින් ඇන්නා වගේ වේදනාවක්... මින්හී ඔයා ඒ විදිහට ද මගේ ගැන හිතාගෙන ඉන්නේ . ඔයා ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනා ගැන ඔයා කොහොමද එහෙම හිතන්නේ ??..... එයා තවමත් මගේ දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන .ජීවිතේ පළවෙනි වතාවට මම හදිස්සියට මින්හීගෙන් ප්‍රශ්නයක් අහපු එක ගැන මම පසුතැවෙනවා . ඒත් කොහොම හරි මම ආපහු මින්හී දිහා බැලුවේ කිසිම හැඟීමක් දැනීමක් නැති පෙනුමක් ආරූඪ කරගෙන .

"බු....බුසොජන්ග්නිම් ... .අ...අනී ජේහ්‍යුන්ග් ශී...චො...චොම්මල් මියානේ.....නා...නා" මින්හී මගේ දිහා තාමත් බලාගෙන හිටියේ ශොක් වෙලා වගේ , එයාට හරියට වචන කියවෙන්නෙත් නෑ .

"අනියා සන්ග්වන් ඔප්සොයෝ ... තා ක්වෙන්චනායෝ .... it's ok මින්හී ශී"

"ජේහ්‍යුන්ග් ශී....." මින්හී ආපහු සැරයක් මට කතා කළේ ආයාචනාත්මක විදිහට උනත් මට දැන් උවමනාව තිබුනේ මේ කතාව දැන්මම මෙතැනින්  නතර කරන්න .

"අපි අතර මෙහෙම කතාබහක් සිද්ධ උනේ නෑ කියලා හිතාගන්න , දැන් ප්‍රොජෙක්ට් එකේ අලුත් රිපෝර්ට් එක ගන්න , අපි අනවශ්‍ය දේවල් වලට කාලේ නාස්ති කරන්න හොඳ නැහැනෙ .. නේද ????" මම එහෙම කියලා පැත්තකට කරලා තිබුන ෆයිල් එක ගත්තා.
.
.
.
අපාර්ට්මන්ට් එක ඇතුලට අඩිය තියද්දිම හිතට දැනෙන්නේ පාලුවක් , තනිකමක් . අවුරුදු ගානක් තිස්සේ මම මේ ජීවිතේට පුරුදු වෙලා උනත් දැන් මට දැනෙන්නේ මේ තනිකම තවත් දරාගන්න බෑ වගේ . රූම් එකට ගිය ගමන් සීතල වතුරින් වොෂ් එකක් දාගෙන මම ඔෆිස් රූම් එකට ගියේ ඔලුව හොඳටම අවුල් වෙලා තිබුන නිසා . වෙනදට කොච්චර ප්‍රශ්න තිබුනත් graphic designs කරද්දී මට ඒ හැමදේම අමතක වෙලා යනවා.. ඒත් අද design එකට කොච්චර අවධානය දෙන්න හැදුවත් මට මතක් වෙන්නෙම මින්හීව.. අන්තිමට මම මේසෙට ඔලුව ගහගත්තේ මට දැන් හිත එකඟ කරගෙන මේ වැඩේ කරන්න බෑ කියලා දන්න නිසා...... උදේ ඇති වුන කතාබහෙන් පස්සේ මම හවස් වෙනකල් මින්හීව දැක්කෙවත් නැති තරම්. සමහරවිට එයත් මාව මඟාරින්න ඇති .....

මින්හී එයා ඒ හැමදේම කිව්වේ ටිකක් ආවේගශීලී ව... ඒත් ඇයි ඒ ?? එකපාරටම එයාගේ සන්සුන් ගතිය නැති වෙලා ගියේ හිතාගන්නවත් බැරි විදිහට .. ඒත් ...ඒත් ... බැරිවෙලාවත් එයා එහෙම කිව්වේ අපි ඈත්වෙලා හිටිය කාලේ කවුරුහරි නිසා එයාට නරක අත්දැකීමක් ලැබිලද??? නැත්නම් එයාගේ පොඩි කාලේ.... මොන වගේ දෙයක් නිසාද එයා එකපාරටම එහෙම වෙනස් උනේ???

ඔයා මගේ ගැන කොහොම හිතුවත්... මගේ හිතේ ඔයා ගැන තියෙන අදහස කිසිම විදිහකට වෙනස් වෙන්නේ නෑ මින්හියා. ඔයා ඔයාට ඕන තරම් කාලය ගන්න ... ඒත් කොහොමහරි ඔයාට ඇත්තටම උනේ මොකද්ද කියලා හොයාගෙන ඔයාටත් ඇත්ත කියන්න පුලුවන් උන දවසට ඔයා ආපහු මාව ඔයාගෙම ටේ විදිහට බාරගන්නකල් මම බලාගෙන ඉන්නවා.

එකපාරටම ෆෝන් එක රිංග්ස් යනවා ඇහුන නිසා මම කල්පනාවෙන් මිදුනා . ලී හූන්, දැනට ආර්ක් එකේ වැඩ බාර දීලා තිබුනේ එයාට .

"ජේහ්‍යුන්ග් ශී, ඔයා ආපහු එන්නේ කවදද???"

"දැනට නම් මට එහෙම දවසක් කියන්න බෑ හරියටම , ඒත් මම එන්න ඕන දෙයක් මොනාහරි තියෙනවාද???"

"අලුත් ගේම්ස් කීපෙකට ම අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා, දැනට තියෙන games වල අලුත් upgrade සම්බන්ධයෙන් කතා කරන්න වෙනවා.. ඊලඟට අපේ launching එකේ සම්පූර්ණ  වාර්තාවත් තියෙයි . තෙප්‍යෝනිම්ට එන්න පුලුවන් නම් අපිට ඉක්මනට අලුත් ගේම්ස් build up කරන්න පටන් ගන්න පුලුවන් "

"හරි එහෙනම් මම හෙට එන්නම්"

හෙට ARC එකට යනවා කියන්නේ මට දවසම හුස්ම ගන්නවත් වෙන්නේ නෑ . ඒත් තාම මට wild attack launch එකේ final analyze එකවත් බලන්න බැරි උනා. දැන් දවස් තුනක් එකදිගට kim cooperation එකට ගිය නිසා හෙට මම ARC එකට යනවා. නම්ජූන් හ්‍යුන්ග් කිව්වා වගේ තැන් දෙකේම වැඩ balance කරගන්න එක ලේසි වෙන්නේ නෑ , ඒත් මට arc එක අතාරින්න බෑ , ඒ තමයි මගේ මහන්සියේ ප්‍රතිඵලය , එතකොට අප්පා නිසා විතරක් නෙවෙයි මින්හී නිසාත් අනිවාර්යයෙන්ම කිම් කෝපරේෂන් එකටත් යන්න වෙනවා.
.
.
.
(Two days later )
සතියක් විතර මට ARC එකට එන්න බැරි උනා උනත් හිතපු විදිහට ආයතනේ හැමෝම තමන්ගේ වැඩ හරියට ම කරලා තිබුනා. මගේ අනුමැතිය ඕන වෙලා තිබුන අලුත් ප්‍රපෝසල් , upgrades , ඊලගට සාකච්ඡා කරන්න තිබුන දේවල් .... , අලුත් ගේම් එකට ලැබිලා තිබුන ප්‍රතිචාර එක්ක හැමෝම වැඩ කළේ ගොඩක් උනන්දුවෙන් . ඒ හැමදේම එක්ක මම ARC එකට ආපු දවස් දෙකම ගොඩක් කාර්‍යබහුල උනා. අද ආපහු කිම් කෝපරේෂන් එකට එද්දී මෙහෙත් වැඩ ටිකක් ආපහු එකතු වෙලා . මම මේසේ උඩ තිබුන ෆයිල් එකක් බලන අතරේ හෙමින් දොරට තට්ටු කරන සද්දෙකට පස්සේ මින්හී ඇතුලට ආවා. මාව දැකපු ගමන් එයා එකපාරටම සතුටට පත් උනා වගේ පෙනුනේ...

"මම මේ කියන වාර්තාවල අඩුපාඩු තිබුනා නම් ඒවා වෙන් කරන්න   මින්හී ශී..., නැත්නම් අපි ඒවා approve කරමු" මම එහෙම කියලා මේසය උන තිබුන ෆයිල් අතරින් දැනටමත් මම ඉවර බලලා ඉවර ෆයිල් වෙන් කරගත්තා. අපි අතරේ තිබුනේ නිහඬතාවයක් . ඒත් මින්හී සැරින් සැරේ මගේ දිහා බලනවා දැනුනා උනත් මම එයා දිහා බලන හැමසැරේකම එයා මගේ ඇස් සාර්ථක විදිහට මඟහැරියා. අන්තිමට අපිට ඉතුරු වෙලා තිබුනේ අලුත් ප්‍රොජෙක්ට් එකේ ගිනුම් වාර්තාවලට අනුමැතිය දෙන්න .

"ජේහ්‍යුන්ග් ශී."

මින්හී මට කතාකරන්න හදද්දිම මගේ ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා. ඒත් caller ID ජින් හ්‍යුන්ග්ගේ නම වැටිලා තිබුන නිසා මම ඉක්මනින් ෆෝන් එක ආන්ස්වර් කළා.

"හ්‍යුන්ග්"

"ටේ මම ඔයාට ඕන විස්තර ටික හොයාගත්තා.... ඔයා..."

"හ්‍යුන්ග් ඔයා හොස්පිටල් එකේ නේද ඉන්නේ ??? මම ඉක්මනට එන්නම්. ක්නෝ" හ්‍යුන්ග් කතා කරලා ඉවර වෙන්නත් කලින් මම එන්නම් කියලා ඉක්මනට කෝල් එක කට් කරලා යන්න ලෑස්ති උනා .

"ජේහ්‍යුන්ග් ශී.... " මින්හී ආපහු සැරයක් මට කතා කළා උනත් මගේ හිතේ තිබුන එකම දේ උනේ පුලුවන් ඉක්මනට  ජින් හ්‍යුන්ග්ව හම්බවෙන එක.

"මේ වාර්තාවත් බලලා මේ ටික approve කරන්න මින්හී ශී, මම වෙනුවට ඔයාගේ අත්සන දාන්න , ප්‍රශ්නයක් උනොත් මම ඒ ගැන බලාගන්නම්." මම එහෙම කියලා ඉක්මනට එලියට ආවේ මින්හී ආපහු උත්තර දෙන්නත් කලින් . හ්‍යුන්ග් ඇත්තටම මොකද්ද සිද්ධ උනේ කියලා හොයාගන්න ඇතිද???? මම අද මින්හී එක්ක සාමාන්‍ය විදිහට හැසිරෙන්න උත්සාහ කළත් මට දැනුනේ මම එයාව නොසලකා හරිනවා වගේ හැඟීමක් , ඒත් ටික දවසකට හරි මට එහෙම කරන්න සිද්ධ වෙනවා මේ හැම ප්‍රශ්නයක් ම විසඳගන්නකල්.

Min Hee's POV
එදා කතාබහෙන් පස්සේ එයා දවස් දෙකක් ම ඔෆිස් ආවේ නැති නිසා මට දැනුන වරදකාරී හැඟීම තවත් වැඩි උනා. එයාගේ කිසිම වැරැද්දක් නැතුව මම එයාට කොහෙත්ම නොගැලපෙන විදිහට කතා කරලා එයාගේ හිත රිද්දුවා කියලා මට හිතුනේ. එයා ආපහු ඔෆිස් ආවට පස්සේ මම සමාව ගන්නවා කියලා හිතාගෙන හිටියා උනත් අද ජේහ්‍යුන්ග් ශීගේ ඔෆිස් එකට ගියේ හිතේ දෙගිඩියාවෙන් . වෙනදාට ජේහ්‍යුන්ග් ශීගේ ඇස්වල තියෙන උණුසුම් බව වගේ ම දීප්තිය අද නෑ , එයාගේ මූනෙත් කිසිම හැඟීමක් පෙනුනේ නෑ . එයා මම කියපු දේවල් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වගේ . ඒත් මම කොහොම හරි සමාව ගන්නවා කියලා ජේහ්‍යුන්ග් ශීට කතා කරද්දිම එයාට කෝල් එකක් ආවා.

"මේ වාර්තාවත් බලලා මේ ටික approve කරන්න මින්හී ශී, මම වෙනුවට ඔයාගේ අත්සන දාන්න , ප්‍රශ්නයක් උනොත් මම ඒ ගැන බලාගන්නම්." අන්තිමට ජේහ්‍යුන්ග් ශී එහෙම කියලා ඔෆිස් එකෙන් එලියට ගියේ හිතාගන්නවත් කලින් . මට අදත් එයාගෙන් සමාව ගන්න බැරි වෙයි වගේ . ටිකක් වෙලා බලාගෙන ඉදලා මම ඉතුරු වෙලා තිබුන වාර්තා ටිකත් approve කරලා මගේ රූම් එකට යන්න ලෑස්ති උනා. ඒත් ඒ අතරේ මට හම්බ වුනේ හන් ජ්‍යොන්ග් සුන්බේ . සුන්බේ මගේ අතේ තිබුන ෆයිල් ටික දිහා බලලා අන්තිමට මගේ මූණ දිහා බැලුවේ සමච්චලේට වගේ හිනාවෙවී.

"අයිගෝ අපේ අලුත් බුසොජන්ග්නිම් එයාගේ වැඩ ඔක්කොම එයාගේ assistant ට දීලා වගේ , ඒත් එතකොට හෙට බෝර්ඩ් මීටින් එකේදී ඒවායේ වගකීම ගන්න වෙන්නෙත් ඔයාටම තමයි මිස් මින්හී. "

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : කතාව දෙන්න ගොඩක් පරක්කුයි ද?? නෑ නේද ??? ඔයාලා හැමෝම පරෙස්සමින් ඇති කියලා හිතනවා . සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️💜️💜️💜️

Bạn đang đọc truyện trên: AzTruyen.Top