Chapter 17
❤️SHE DOESN'T REMEMBER ME❤️
Taehyung's POV
Arc එකට ආපු ගමන් මම කලේ planning teams 6ම ප්‍රධානීන් එක්ක මීටින් එකක් තියපු එක. දැනට එයාලාට කරගන්න අමාරු graphic designs ගැන වගේ ම තවත් ඉස්සරහට කරන්න තියෙන upgrade වලට අදාළ ව හැමෝම කතා කරා. අන්තිමට ඒ හැමදේම වගේ ම එක එක section වල වැඩ කරන විදිහ බලන්න හැම කොටසකටම වගේ ගිය නිසා අන්තිමට මම ආපහු මගේ ඔෆිස් එකට ආවේ පැය 4කට විතර පස්සේ . එතකොට හෝසොක් හ්‍යුන්ග් මට ඕන වාර්තා ටික එවලා තිබුනා . මුලින්ම අප්පා මාව වැඩවලට කොටු කරගත්ත විදිහ නිසා මම කේන්තියෙන් හිටියත් අද නම්ජූන් හ්‍යුන්ග් එක්ක කතා කලාට පස්සේ එහෙම හිතුනේ නෑ . හ්‍යුන්ග් hotels වගේ ම cooperation එකෙත් වැඩ අඩුපාඩුවක් නැතුව කරගෙන යන්න ගොඩක් මහන්සි වෙනවා , ඉතින් අප්පා වෙනුවෙන් නොවුනත් හ්‍යුන්ග් වෙනුවෙන් මම මේ දේ කරන්න ඕන . එහෙම හිතන ගමන් මම අතට ගත්තේ kim cooperation එකේ වාර්ශික අයවැය වාර්තා ටික.
.
.
.
උදෙන්ම බෙල් එක වදින සද්දේ ඇහුනත් මම ඇහැරියේ තවත් පැයකට විතර පස්සේ , ඊයේ රෑ නිදාගත්තේ 12ත් පහුවෙලා නිසා තාමත් නිදිමත ගතියක් දැනුනේ . ඒත් අන්තිමට මම නිදිමත අමතක කරලා ඔෆිස් යන්න ලෑස්ති උනේ අද ඊයේ බලපු වාර්තා නම්ජූන් හ්‍යුන්ග්ට දෙන්න ඕන නිසා . මම 8 වෙද්දී ඔෆිස් එකට එද්දිත් මගේ secretary රූම් එකත් arrange කරලා තිබුනා , මම මගේ assistant ට තව පැය බාගෙකින් එයාට දුන්න ෆයිල්ස් ටිකත් එක්කම එන්න කියලා දැනුම් දෙන්න කියලා ඔෆිස් එක ඇතුලට ගියේ ඊයේ අන්තිමට බලපු වාර්තා ටික ආපහු සැරයක් බලන්න . ටිකක් වෙලා ගිහින් අන්තිමට දොරට තට්ටු කරන සද්දේ ඇහෙද්දී මම වෙලාව බැලුවා ... 8.45... කිව්ව වෙලාව පහුවෙලා විනාඩි 15කුත් වෙලා ... මෙච්චර වෙලා පරක්කු වෙනවා කියන්නේ වගකීමක් ඇතුව වැඩකරන්න බැරිද මේ මිනිස්සුන්ට .
"ඇතුළට එන්න " මම කිව්වේ ඔලුව උස්සලා බලන්නවත් වදනොවී.
"චෙසුහම්නිදා .... චොම්මල් චෙසුහම්නිදා(I'm sorry , really am sorry ) මම අද පරක්කු උනා.... ආපහු මේ වගේ දෙයක් වෙන්නේ නෑ ....." දොර ඇරිලා වැහෙන පමාවෙන් ඇහුනේ ආපු කෙනා කලබලයෙන් වගේ කියනවා. අද මෙයාගේ කටහඬ වෙනස් වෙලා වගේ .
"චෙසුහම්නිදා???? සමාව ඉල්ලුවම හැමදේම හරි ද??? මට උදේ 8.30 වෙද්දී reports ටික ඕන කියලා කලින් දැනගත්තේ නැද්ද ???" මම ඇහුවේ කේන්තියෙන් . මම ෆයිල් එකෙන් ඔලුව උස්සලා බැලුවත් ඒ ගෑණු ලමයා හිටියේ මගේ බැල්ම මඟහැරලා ඔලුව පාත් කරගෙන .
"චෙසුහම්නිදා." අඬන්න ඔන්න මෙන්න වගේ හීනි කටහඬක් ඇහුනත් ඒකෙන් මගේ කේන්තිය තවත් වැඩි උනා. ආර්ක් එකේ හැමෝම ආයතනේ නීතිවලට හරියට වැඩ කලා, මේ වගේ වෙන්නේ නැහැ . ඉතින් වගකීමක් විරහිතබව වගේ ම හරියට වෙලාවට වැඩ කරන්නේ නැති එක මම අකමැති ම දේවල් දෙකක්. එහෙම වැරැද්දක් උනාට පස්සේ හරියට සමාව ගන්නවත් මේ මිනිස්සු දන්නේ නැද්ද ???
"සමාව ගන්න ඕනනම් ඔහොම බිම බලාගෙන ඉන්නේ නැතුව හරි විදිහට මූණ දිහා බලලා සමාව ඉල්ලනවා " මගේ රළු වචනවලට ඒ කෙනා ගැස්සිලා ගියා. ඒත් එයා අන්තිමට හෙමින් සැරේ ඔලුව උස්සලා මගේ දිහා බැලුවා . මොහොතකින් මට දැනුනේ මගේ හුස්ම නැවතුනා වගේ.
"මින්හියා???"
....Flashback ....
(7 yrs ago)
ඊයේ ජින් හ්‍යුන්ග් මින්හී ගැන හොයලා බලන්නම් කිව්ව නිසා මම හිටියේ හිතේ බලාපොරොත්තු පොදි බැදගෙන . උදේ වරුවම මාව බලන්න ආවේ නැති උනත් අන්තිමට හ්‍යුන්ග් හවස් වෙලා ආවා. ඒත් හ්‍යුන්ග්ගේ මූණ දිහා බලාගෙන ඉද්දි මට එකපාරටම බයක් දැනෙන්න ගත්තා. හ්‍යුන්ග්ගේ ඇස්වලින් පේන්නේ දුකක් ද මොන වගේ හැඟීමක් ද මට හිතාගන්න බෑ . ජින් හ්‍යුන්ග් ඇවිත් මගේ ඇඳ ළඟ තිබුන පුටුවේ වාඩි උනා, ඒත් හ්‍යුන්ග් දිගටම මගේ ඇස් මඟ ඇරියා . ටිකක් වෙලා නොඉවසිල්ලෙන් බලාගෙන හිටියත් හ්‍යුන්ග් මොකුත් ම කිව්වේ නෑ .
"හ්‍යුන්ග්... මින්හී කොහෙද ඉන්නේ ??? " මම ඇහුවේ හ්‍යුන්ග්ගේ අතකින් අල්ලාගන්න ගමන් .
"එයා අපේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා නෑ , මම හැම unit එකකම බැලුවා " ජින් හ්‍යුන්ග් කිව්වේ බොරුවක් කියලා මට එයාගේ කටහඬ ඇහෙද්දිම තේරුනා.
"හ්‍යුන්ග් ඔයා බොරු කියන්නේ කියලා මම දන්නවා " මම එහෙම කියලා හ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා , අන්තිමට ජින් හ්‍යුන්ග් සුසුමක් හෙළලා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා .
"මියානේ ටේහ්‍යුන්ගා.... චොම්මල් මියානේ ...."
"ඇයි හ්‍යුන්ග් සමාවෙන්න කියන්නේ ??? මින්හී කොහෙද ඉන්නේ ???? කියන්නකෝ හ්‍යුන්ග් ... " හිතට දැනෙන නුහුරු හැඟීම තවත් වැඩිවෙද්දී මම හ්‍යුන්ග් දිහා බලාගෙන හිටියේ වේගයෙන් ගැහෙන හදවතින්. ජින් හ්‍යුන්ග් මගේ අත් දෙකම මෘදු විදිහට අල්ලාගත්තා.
"මියානේ dongsaeng ..... ඒත් ඔයා කවදාහරි මේ ගැන දැනගන්නවා , ඒ නිසා මම කියන්නම්. අපිට මින්හීව හොයාගන්න බෑ ... එයා ඉන්නේ අපිට යන්න පුලුවන් තැනක නෙවෙයි ටේ... චොම්මල් මියානේ ..."
"හ්‍යු....හ්‍යුන්ග්.... ම්වෝ???? මො... මොකද්ද ඔයා කිව්වේ ??? ... මින්හී ඔදිස්සොයෝ ???"
"එ...එයා.... තවදුරටත් මේ ලෝකේ නෑ ටේහ්‍යුන්ගා, එයාගේ අසනීප තත්ත්වෙයි, ඇක්සිඩන්ට් එකේ බලපෑමයි එක්ක එයාව බේරගන්න බැරි වෙලා . " ඇයි හ්‍යුන්ග් මට බොරු කියන්නේ ??? මින්හී මට පොරොන්දු උනා එයා මාව දාලා යන්නේ නෑ කියලා , එයා ඇත්තටම මාව දාලා ගිහින් ද???? හ්‍යුන්ග් මේ කියන්නේ ඇත්තද????
"හ්‍ය්....හ්‍යුන්ග්....."
"මියානේ ටේ" ජින් හ්‍යුන්ග් මාව බදාගන්න හැදුවත් මම හ්‍ය්න්ග්ව පැත්තකට තල්ලු කරලා දැම්මා .
"කොජිමර් (lie), නා අන්මිදෝ චොල්තේ (I don't believe never ). මම මින්හීව හොයාගන්නවා, එයා ඉන්නවා ." හ්‍යුන්ග් මාව නවත්වන්න කලින් මම අතට ගහලා තිබුන සේලයින් එක cannula එකත් එක්කම ඇදලා දාලා ඇදෙන් බහින්න හැදුවේ . ඒත් කාස්ට් එක දාලා තිබුන කකුල බිම තියනවත් එක්කම දැනුන වේදනාවත් එක්කම මාව ඇදගෙන වැටෙන්න ගියා.
"ටේහ්‍යුන්ගා චේබල් (please) .... ඉජේ මොම්චො...(now stop ) " ඒත් මාව වැටෙන්න කලින් හ්‍යුන්ග් මාව අල්ලාගත්තා. මින්හීව හොයාගෙන යන්න ඕන උනත් කකුලෙන් දැනුන වේදනාවත් එක්ක මගේ ඇඟම පණ නැති වෙලා වගේ . හ්‍යුන්ග් ආපහු මාව ඇදෙන් හාන්සි කෙරෙව්වා . මගේ cannula එක එලියට ඇඳුනු නිසා අත දිගේ ලේ පෙරන්න ගත්ත නිසා හ්‍යුන්ග් පුලුන් කෑල්ලකින් කටුව ගහලා තිබුන තැන තද කරන්න හදද්දී මම හ්‍යුන්ග්ගේ අතින් තද කරලා අල්ලාගත්තා.
"හ්‍යුන්ග් ඔයා කලින් කිව්වේ බොරුවක් නේද ?? ඔයා විහිලුවක් නේද කළේ?? ජින් හ්‍යුන්ග් කියන්නකෝ.... " මම කොච්චර ආයාචනා කළත් හ්‍යුන්ග් මොකුත් නොකියා මගේ දිහා බලාගෙන හිටියා, මගේ ඇස්වලට කඳුළු පිරෙද්දී මගේ හදවතට ලොකු බරක් එකතු උනා වගේ දැනුනේ . මගේ අත ලිහිල් උන නිසාම හ්‍යුන්ග් මගේ අතේ තිබුන ලේ පාරවල් ටික පිහදාන්න ගත්තා.
"හ්‍යුන්ග්" මම අන්තිමට කිව්වේ කෙරිදිගෑමක් වගේ හීනි හඬකින් . හ්‍යුන්ග් හෙමින් සැරේ මගේ අත අල්ලාගත්තා.
"මියානේ ටේ , චොම්මල් මියානේයෝ නේ දොන්ග්සෙන්ග් . ඒත් ... ඒත් ... මට බෑ ඔයාට බොරු කියන්න ... මින්හී ඔයත් එක්කම හොස්පිටල් එකට ගෙනැත් තියෙනවා , ඒත් එයා ගොඩක් බරපතළ තත්ත්වයක ඉදලා තියෙන්නේ ... ඉතින් ... ඉතින් අපිට එයාව බේරගන්න බැරි වෙලා ." හ්‍යුන්ග්ගේ කටහඬ මට ඇහුනේ ඈතින් පාවෙලා එන සද්දයක් වගේ , කිසිම දෙයක් තේරෙන්නේ නෑ වගේ . අමාරුවෙන් උනත් ඇස් ඇරගෙන දිගටම හ්‍යුන්ග් කියන දේ අහගෙන ඉන්න ඕන උනත් එකපාරටම මගේ වටේ හැමදෙයක් ම අඳුරු වෙලා ගියා.
.....End of flashback .....
මේක වෙන්න පුලුවන් දෙයක් ද?? මම මේ මායාවක්ද දකින්නේ ??? මට කවදාවත් අමතක නොවෙන මේ මූණ .... මම බැනපු නිසාම කඳුළු පිරුන ඒත් හුරුපුරුදු කළුපාට අහිංසක ඇස් , සිහින් දිගු නාසය පැත්තකින් තිබුන චූටි ලපය , ඉස්සර වගේ ම කඩාහැලෙන කොණ්ඩේ .... මම මේ දකින්නේ මායාවක් ද????
"ජේහ්‍යුන්ග් ශී" එකපාරටම මගේ නම කියනවා ඇහෙද්දී මම පියවි සිහියට ආවා . මේ ඇත්තටම ඉන්නේ මින්හීද?? මම ආපහු එයා දිහා බැලුවේ මොකුත්ම හිතාගන්න බැරුව.
"චොම්මල් චෙසුහම්නිදා පළවෙනි දවසෙම මේ විදිහට පරක්කු උන එක ගැන . ආපහු කවදාවත් මේ වගේ වැරැද්දක් වෙන්නේ නෑ " මින්හී .... නෑ... අඩුම තරමින් මෙයාගේ නමවත් මම දන්නේ නැහැනෙ . කොහොම හරි එයා ආපහු සැරයක් මගෙන් සමාව ඉල්ලුවේ අවංකව ම. ඒත් ටිකකට කලින් කේන්තියෙන් පිරිලා තිබුන මගේ හිත ම දැන් දෙලොවක් අතර අතරමං වෙලා වගේ .
"ඒක හරි , අමතක කරලා දාන්න . ආපහු මේ වගේ වෙන්න බෑ .... දැන් වාඩිවෙන්න . " මම හරිම අමාරුවෙන් වචන පැටලෙන්නේ නැතුව එහෙම කිව්වේ . අපි දෙන්නම මගේ ඔෆිස් ටේබල් එකේ දෙපැත්තෙන් වාඩි උනත් මට කතාකරන්න වචන ගළපගන්න බෑ වගේ දැනුනේ .
"චෙසුහම්නිදා Mr.kim මම මාව හඳුන්වලා දුන්නේ නැහැ . චොනන් චෝයි මින්හී ඉම්නිදා . චල් පුතක්ත්ර්‍යෝයෝ බුසොජන්ග්නිම් (department head)"
චෝයි මින්හී ... මේ මින්හී මයි නේද ??? ඒත් ඒත් එහෙනම් ඇයි එයා මාව දන්නේ නෑ වගේ හැසිරෙන්නේ ??? මම මේ හීනයක් නෙවෙයි ද දකින්නේ ????
"චෝ බුසොජන්ග්නිම් (department head)මේ ෆයිල් ටික.... " මින්හී එහෙම කිව්වත් මම දිගටම එයා දිහාම බලාගෙන හිටියා.
"ජේහ්‍යුන්ග් ශී" මින්හී ආපහු සැරයක් මට කතා කළා
"Just give me 5 minutes , මම එනකල් miss Min Hee ආපහු සැරයක් මේ ටික චෙක් කරන්න . " එහෙම කියලා රූම් එකෙන් එලියට ආපු මම ලිෆ්ට් එකට නැග්ගා. ඇත්තටම මට ඔෆිස් රූම් එක ඇතුළේ හුස්ම හිරකරනවා වගේ දැනුනේ .
බිල්ඩින් එකේ රූෆ්ටොප් එකේ තිබුනේ හරිම නිස්කලංක බවක් , මට මතක් උනේ ඉස්සර ස්කූල් එකේ රූෆ්ටොප් එක තිබුන විදිහ , මේ වගේ ම නිස්කලංකයි . රූෆ්ටොප් එකේ අයිනේ වැටට කිට්ටුව තිබුන බංකුවක මම වාඩිඋනා . අතේ තිබුන ෆෝන් එකේ ගැලරියේ සැරිසැරුව ඇස් අන්තිමට නතර උනේ අවුරුදු ගානක් ගත උනත් තාමත් මට ෆෝන් එකෙන් අයින් කරන්න බැරුව තිබුන ෆොටෝ එකකට.
ස්කූල් එකේ group project එකකට අපි හම්බවුන වෙලාවක ගත්ත මගෙයි මින්හීගෙයි ෆොටෝ එකක්. දැන් ටිකකට කලින් මම දැක්කෙත් මේ හිනාවෙන් පිරිලා තියෙන මූණ ම නේද ??? හැසිරීම වෙනස් උනත් මේ ඉන්නේ මින්හී තමයි කියලා මගේ හිත මට කියනවා. එයාට මම සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක් උනත් ඒ ඇස්වල තියෙන හුරුපුරුදු බව මට දැනෙනවා . එතකොට ජින් හ්‍යුන්ග් කිව්වේ මින්හී නැති උනා කියලා . හොස්පිටල් එකේදී වාර්තාවල වැරැද්දක් වෙලා ද??? ඒත් මේ ඉන්නේ මින්හී නම් ඇයි එයා මාව දන්නේ නැත්තේ?? මෙච්චර කල් එයා කොහෙද ඉඳලා තියෙන්නේ ???? බැරිවෙලාවත් ඇක්සිඩන්ට් එක නිසා එයාගේ මතකේ නැති වෙලාවත් ද???? මම දැන් මොකද කරන්නේ ???
හිත සන්සුන් වෙන්නත් එක්කම මම හෙමින් සැරේ හොඳ හුස්මක් ගත්තා. ඉස්සෙල්ලාම මම කලබල වෙන්නේ නැතුව මින්හී ගැන හොයලා බලන්න ඕන , එයාගේ විස්තර .ඒ දේවල් හොයාගත්තට පස්සේ මම කරන්න ඕන දේ තීරණය කරන්න පුලුවන් වෙයි . ඒත් දැන් ඒ හැමදේටම කලින් ඔෆිස් එකේ වැඩ ඉවරයක් කරන්න ඕන . ටිකක් වෙලා හිටියට පස්සේ මම ආපහු මගේ ඔෆිස් රූම් එකට ගියා. රූම් එකේ දොර ඇරෙද්දිම මට ඇහුනේ නුහුරු කටහඬක්. ඒත් එක්කම මම දැක්කේ මගේ ටේබල් එක ඉස්සරහින් තවත් කෙනෙක් වාඩිවෙලා ඉන්න හැටි . ඒත් දොර ඇරෙන සද්දෙත් එක්කම ඒ කෙනාගේ කටහඬ නතර උනා.
"නුගුයේ යෝ???? (Who are you???) " මම ඇහුවේ අමුත්තා දිහා බලාගෙන ම මගේ මේසෙට යන ගමන් .මැදි වයසේ පෙනුමක් තිබුනත් ඒ කෙනාගේ මූණේ තිබුනේ මවාගත්ත හිනාවක්, ඒත් ඒ හිනාව ඇතුලේ තිබුනේ සටකපට පෙනුමක් . මම ආවා කියලා දැක්කා විතරයි මින්හීගේ මූණේ තිබුන බැරෑරුම් ගතිය ටිකක් ලිහිල් උනා වගේ . කවුද මේ කෙනා???
"Mr. Jaehyung ඔයාට කලින් මම තමයි financial department එකේ බුසොජන්ග් (department head) විදිහට හිටියේ. Han jeong මගේ නම. Mr.Kim මේකෙ CEO විදිහට හිටිය කාලේ ඉඳන් ම මේකේ වැඩ කරපු කෙනෙක් මම ." මෙයා Mr.Kim කියන්නේ මම හිතන්නේ නම් අප්පාට.
" හොඳයි Mr.Han. ඒත් ඊයේ ඉදන් මම තමයි අලුත් බුසොජන්ග් financial department එකේ. දැන් මගෙන් මොකද්ද කෙරෙන්න ඕන ... " මම ඇහුවේ පුටුවේ පිටිපස්සට හේත්තු වෙන ගමන් .
"මම කෙලින්ම කියන්නම් Mr.Jaehyung . මේ මේසේ උඩ තියෙන මූල්‍ය වාර්තා , අයවැය ලේඛන හැමදේම මගේ අවුරුදු 20ක අත්දැකීම් එක්ක හදපු දේවල් , ඔයා ආපු ගමන් මේ දේවල් ඔක්කොම ආපහු පරීක්ෂා කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ???" Mr.Han ඇහුවේ සමච්චලේට වගේ .
"කර්සේ නාදෝ මොල්ලා (well I don't know ), ඒත් ඒ දැනට ඉස්සරහට ඒක වෙනස් වෙන්න පුලුවන් Mr.Han. ඔයාට තව මොනාහරි කියන්න දෙයක් තියෙනවද සුන්බේනිම් ?????" මම ඇහුවේ කිසිම ආවේගශීලී බවක් නොපෙනෙන්න.
"Financial department එකේ බුසොජන්ග් business ගැන මොකුත්ම දන්නේ නැති අවුරුදු විසි ගානක කොල්ලෙක් , එතකොට එයාගේ assistant බුසාන්වල පොඩි branch එකක ඉදලා ආපු පොඩි කෙල්ලෙක්. Mr.Kim ට තරම් මොලයක් තුන්වෙනි පරම්පරාවේ අලුත් CEO ට නෑ වගේ . කොහොම උනත් පරෙස්සමින් Jaehyung , මොකද ඔෆිස් එකට ආපු පළවෙනි දවසෙම ඒ ඉක්මනින් ආපහු ගිය එක .... මම හිතන්නේ නෑ CEO ඒ ගැන දැනගන්න එච්චර කැමති වෙයි කියලා නම්." Mr.Han එහෙම කියලා මගේ දිහා බලලා ආපහු සැරයක් හිනාවෙලා යන්න හැදුවේ . එලියට පෙනුනේ නැති උනත් ඒ කිව්ව දේවල් නිසා මගේ ලේ රත්වෙනවා වගේ මට දැනුනේ .
"Mr.Han චන්කම්මන්න්‍යෝ... ( wait a minute ) කාගි චොනේ නේ මරර් ත්ල්‍යෝ...(before you go listen to me). ඇත්තටම මගේ වගේ ම මගේ assistant ගේ business ගැන දැනුම මදිකම ප්‍රශ්නයක් වෙන්නේ අපට ඒ නිසා ඒ ගැන වදවෙන්න එපා.. ඒත් මම ඔෆිස් එකට එන වෙලාව වගේ ම යන වෙලාව තීරණය කරන්නේ මම , ඒක Mr.Namjoon ට කිසිම ප්‍රශ්නයක් නෑ . එයා ඒ හැමදේකට ම එකඟ වෙලා තමයි මාව මේ තනතුරට දැම්මේ . ඉතුරු දේවල් ගැන මම හිතන්නේ ඊලඟ board meeting එකේදී අපිට ඒ ගැන කතාකරන්න පුලුවන් වෙයි . "
"Board meeting එකේදී... මම හිතන්නේ නෑ .."
"Mr.Han මම කිසිම දෙයක් ගැන තමුන්ගෙන් අදහස් විමසුවේ නෑ . දැන් තවත් මගේ කාලේ නාස්ති කරන්නේ නැතුව එලියට යනවා. " මගේ කටහඩේ තිබුන කේන්තිය , අනතුරු ඇඟවීම් ගතිය නිසාම Mr.han තවත් මොකුත් නොකියා ඉක්මනට එලියට ගියා . මින්හී මගේ දිහා බලාගෙන හිටියේ මගේ සද්දෙට හොඳටම බය වෙලා වගේ .. ඒත් එයා දිහා බලාගෙන ඉද්දී මගේ කේන්තිය නැති වෙලා ගිහින් මගේ හිත සන්සුන් උනේ හිතාගන්නවත් බැරි විදිහට .
"ඔය ෆයිල් ටික ගන්න Miss.Minhee" මම කිව්වේ මින්හී දිහා බලාගෙන , එයා එකපාරටම මගේ කටහඬ ඇහිලා ගැස්සුනා .
"Sir... මම ...."
"ඒ මනුස්සයා ගියානේ , අපි දැන් මේ ටික ආපහු සංසන්දනය කරලා බලමු ."
"ඒත් Mr.Han ඒ දේවල් කිව්වේ හරියට අනතුරු ඇඟවීමක් වගේ නේද ?? හරියට එයා කරපු දේවල් වල වැරදි හොයන්න එපා කියනවා වගේ ...." මින්හී කිව්වේ Mr.han එලියට ගිය පැත්ත බලාගෙන
"හොඳයි එයා හිතනවා නම් එයාගේ වාර්තාවල වැරැද්දක් තිබිලත් මම කටවහගෙන ඉඳියි කියලා ඒක එයාට උන ලොකු වැරැද්දක් ... දැනට අපි මේ ටික බලලා ඉමු. " මම එහෙම කියලා උඩින්ම තිබුන ෆයිල් එක අතට ගත්තා.
"නේ බුසොජන්ග්නිම් (yes department head)" මින්හී හිනාවෙලා එයා ගෙනාපු ෆයිල් එකත් අතට ගත්තා.
Min hee's POV
"මින්හියා????"
මාව එකපාරටම ගල් උනා වගේ . බුසොජන්ග්නිම් කොහොමද මගේ නම දන්නේ ??? එයා මම කිම් cooperation එකට දුන්න මගේ CV එකෙන් නම හොයාගත්තා වෙන්නත් පුලුවන් , ඒත් එයා මගේ නම කිව්වේ හරියට තමන්ගේ කෙනෙක්ට කතා කරනවා වගේ . මටත් ඒ කටහඩේ දැනුනේ හරිම හුරුපුරුදු බවක් .... බුසොජන්ග්නිම් දිගටම මගේ දිහා බලාගෙන හිටියත් එයා ලොකු කල්පනාවක නිමග්න වෙලා වගේ මට දැනුනේ . ටික වෙලාවක් බලාගෙන හිටියත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැහැ .
"ජේහ්‍යුන්ග් ශී" මම කතා කරද්දී සාමාන්‍ය තත්ත්වයට පත්උනා වගේ ජේහ්‍යුන්ග් ශී මගේ දිහා බැලුවත් එයා තාමත් හිටියේ නිහඬව ම, ඒ ඇස්වල තිබුන කේන්තිය දැන් නැති උනත් තවදුරටත් ඒ ඇස්වල තිබුන හැඟීම් මට තේරුම් ගන්න බෑ .
"චොම්මල් චෙසුහම්නිදා (I'm really sorry ) පළවෙනි දවසෙම මේ විදිහට පරක්කු උන එක ගැන . ආපහු කවදාවත් මේ වගේ වැරැද්දක් වෙන්නේ නෑ " මම කිව්වේ බුසොජන්ග්නිම්ගේ ඇස් දිහා බලාගෙන .
"ඒක හරි , අමතක කරලා දාන්න . ආපහු මේ වගේ වෙන්න බෑ .... දැන් වාඩිවෙන්න . " මම බලාපොරොත්තු උන විදිහට තවත් අනතුරු ඇගවීමක් වෙනුවට ජේහ්‍යුන්ග් ශී කිව්වේ හරිම සන්සුන් විදිහට . ඒත් තාමත් ජේහ්‍යුන්ග් ශී හිටියේ හරි සිහියෙන් නෙවෙයි කියලා මට හිතුනේ .
"චෙසුහම්නිදා Mr.kim මම මාව හඳුන්වලා දුන්නේ නැහැ . චොනන් චෝයි මින්හී ඉම්නිදා .(i'm Choi Minhee . ) චල් පුතක්ත්ර්‍යෝයෝ බුසොජන්ග්නිම් (please look after me department head)" මම එහෙම කිව්වත් ජේහ්‍යුන්ග් ශී තාමත් හිටියේ නිහඬව ම.
"චෝ බුසොජන්ග්නිම් මේ ෆයිල් ටික" ඒත් වචනයක් වත් නෑ .
"ජේහ්‍යුන්ග් ශී"
"Just give me 5 minutes .මම එනකල් miss Min Hee ආපහු සැරයක් මේ ටික චෙක් කරන්න . " මම කියලා ඉවර වෙන්නත් කලින් ජේහ්‍යුන්ග් ශී එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා.
මොකද්ද මේ උනේ??? ඇයි බුසොජන්ග්නිම් මේ විදිහට හැසිරෙන්නේ ?? කමක් නෑ එයා මට කිව්වේ මේ ටික ආපහු බලන්න කියලානේ... මම එහෙම හිතලා ෆයිල් එකක් බලන්න ගත්තත් රූම් එකේ දොර ඇරෙන සද්දේ ඇහුන නිසා මම ආපහු හැරිලා බැලුවා .
"ඕහෝ අලුත් department head තාම ඔෆිස් එකට ඇවිල්ලත් නැද්ද ???" එකපාරටම රූම් එකට ආවේ කලින් financial department එකේ බුසොජන්ග් උන Mr.Han , ඒත් ජේහ්‍යුන්ග් ශී නිසා එයාට එයාගේ තනතුරු එකපාරටම නැති උනා .
"Mr.Kim ටිකකට ඔෆිස් එකෙන් එලියට ගියා , ඉක්මනට ආපහු එනවා කියලා " මම කිව්වේ Mr.han ඉක්මනට ආපහු යයි කියලා හිතාගෙන . ඒත් එයා ඇවිත් මට එහාපැත්තේ පුටුවෙන් වාඩි උනා. ඒත් එක්කම එයාගේ ඇස් යොමු උනේ මේසේ උඩ තිබුන ෆයිල් වලට.
"දේබක්. (Woah )... පොඩි උන් දෙන්නා එක්ක පරණ වාර්තා ඔක්කොම එකතු කරගෙන තියෙන්නේ ඒවායේ වැරදි හොයන්නද???" Mr.han එහෙම කියද්දි ම රූම් එකේ දොර ඇරෙනවා ඇහුනා ආපහු . ඒත් ඒ ආවේ ජේහ්‍යුන්ග් ශී නිසාම මට දැනුනේ ලොකු සැනසීමක් වගේ .
අන්තිමට Mr.Han ට රූම් එකෙන් එලියට යන්න උනේ ඇතිවෙන්න බැනුම් අහගෙන , ඒ වෙලාවේ බුසොජන්ග්නිම් මේ මූණ කේන්තියෙන් අඳුරු වෙලා තිබුන විදිහට මටත් බය හිතුනා.
"ඔය ෆයිල් ටික ගන්න Miss.Minhee" ඒත් ඒකෙන් තත්ත්පර ගානකට පස්සේ එයා මට කිව්වේ හරිම සන්සුන් විදිහට , මම පුදුම වෙලා බලාගෙන හිටියේ කෙනෙක්ට මෙච්චර ඉක්මනට තමන්ගේ හැඟීම් වෙනස් කරන්න පුලුවන් ද කියලා . කොහොම උනත් අන්තිමට අපි දෙන්නා එක්කම Kim cooperation එකේ කරපු ප්‍රොජෙක්ට් වල ගිනුම් වාර්තා බලන්න ගත්තා. උදේ බුසොජන්ග්නිම් මට කෑගහපු විදිහට හිතේ බයක් තිබුනත් ටික වෙලාවක් යද්දී ඒ බය වගේ ම නුහුරු බව නැති වෙලා ගියා. ඒත් බුසොජන්ග්නිම් සැරින් සැරේ මගේ දිහා බලනවා දනුනත් මම ඒ වෙලාවට දැක්කේ නෑ වගේ ඒ බැල්ම මඟ ඇරියා.
.
.
පිටපත් වල එකම තැන් වල තිබුන අඩුපාඩු අපි දෙන්නාම ලකුණු කරලා තිබුනේ . දැන් කරන්න තිබුනේ ඒ ලකුණු කරලා තිබුන අඩුපාඩු විස්තර , ඒවායේ වෙනස් උන මුදල් ප්‍රමාණ එක්ක අන්තිමට එක වාර්තාවක් හදන්න . පැය දෙකක් යනකල් අපිට බලලා ඉවර කරන්න උනේ එක ප්‍රොජෙක්ට් එකක් විතරයි , ඒකෙත් ගොඩක් පරස්පර විදිහට ගිනුම් වාර්තා කරලා තිබුනේ .
"මට හිතෙන්නේ අපිට අද දවසෙම මේ ටික බලන්න වෙයි වගේ " බුසොජන්ග්නිම් කිව්වේ ඒ ෆයිල් දෙකම පැත්තකට කරලා අලුත් එකක් අතට ගන්න ගමන් .
"Mr.Han කිව්ව විදිහට මේ හැම වාර්තාවක් ම හැදුවේ එයා නම් අනිවාර්යයෙන්ම ඔක්කොගෙම ගිනුම් වාර්තා මේ විදිහට බොරුවලින් වහලා දාලා ඇති . " මට එකපාරටම කියවුනේ හිතාගන්නත් කලින් . සාමාන්‍ය මම වැඩි කතාබහක් නැති කෙනෙක් උනත් ඔෆිස් එකේ වැඩ කරන වෙලාවට මම අනිත් අයට බයේ පැත්තකට වෙලා ඉන්නේ නෑ . බුසාන්වල දී උනත් මෙහෙම වැරදි තියෙන වාර්තා ලැබුන ගමන් මම අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ කරනවා . ඒත් ඒ පුරුද්දට දැන් ඉතින් වීරයා වගේ කියෙව්වේ අලුත් බුසොජන්ග්නිම් ඉස්සරහා කියලා අමතක උනානේ. මම තවත් බැනුමක් අහන්න හිතාගෙන ඔලුව ඉස්සුවත් බුසොජන්ග්නිම් ගේ මූණේ තිබුනේ හිනාවක් .
" ඔයාට මෙහෙම කට්ටිය ගැන හොඳ අත්දැකීමක් තියෙයි වගේ මින්හී ශී???" එයා ඇහුවේ විහිලුවට වගේ , ඒත් ඒ මූණේ තිබුන හිනාව දැකලා මට මොකද්ද උනා වගේ . උදේ ඉදන් කේන්තියෙන් අඳුරු වෙලා තිබුන මූණේ තිබුන boxy smile එකත් එක්ක ජේහ්‍යුන්ග් ශී පෙනුනේ හරිම අහිංසක විදිහට . ඒත් එකපාරටම මම ගැස්සිලා වගේ බැලුවේ මම මෙච්චර වෙලා බුසොජන්ග්නිම් දිහා බලාගෙන හිටියා නේද කියලා මතක් වෙලා .
"නේ????? (What????)" මම ඇහුවේ මොකුත් උනේ නෑ වගේ .
"මින්හීට මේ වගේ කට්ටිය එක්ක වැඩ කරලා හොඳට පුරුදුයි වගේ , අඩුම තරමින් මට වඩා නම් පුරුදුයි " බුසොජන්ග්නිම් කියද්දි මගේ කම්මුල් නිකන් රත්වෙනවා වගේ දැනුනේ .
"ක්...ක්ගෙ .... අ....අනී.... මම කිව්වේ මම බුසාන්වල ඉන්නකොට මේ තරම් ලොකු ප්‍රොජෙක්ට් නොවුනත් පොඩි ව්‍යාපෘතිවල ගිනුම් වාර්තා අන්තිමට බලන්න එන්නේ මට , ඉතින් මට ටිකක් එහෙම වාර්තා හොයාගන්න පුලුවන් . " මම අමාරුවෙන් වචන ගළපගත්තේ , මොකද ජේහ්‍යුන්ග් ශී කෙලින්ම මගේ දිහා බලාගෙන ඉන්නකොට මට කතාකරගන්න බෑ වගේ දැනුනේ .
"හ්ම්..."
"ක්(අ)න්දේ බුසොජන්ග්නිම්ට මෙහෙම දේවල් පුරුදු නැද්ද ?? මම ඇහුවේ මේ ගිනුම් වාර්තාවල අඩුපාඩු හොයාගන්න පුලුවන් කියන්නේ ඒ කෙනා අනිවාර්යයෙන්ම audit වගේ ම analyze පුලුවන් කෙනෙක් වෙන්න ඕන . ??" මගේ කුතුහලය නිසාම ආපහු සැරයක් හිතන්න කලින් මගේ කට ඉස්සර උනා.
"අඩුම තරමින් මට කියන්න පුලුවන් මගේ ආයතනේ මෙච්චර කාලෙකට මෙහෙම බොරු ගිනුම් වාර්තා එක්ක මුදල් ගසාකන කෙනෙක් ඉඳලා නෑ කියලා ..." ජේහ්‍යුන්ග් ශී එහෙම කිව්වේ නම් ටිකක් ආඩම්බරයෙන් වගේ ....
"දේ?????" මම ඇහුවේ පුදුම වෙලා , ඒ මොකද්ද කිව්වේ ඒ?????
"අනියා.... අපි තව එකක වාර්තාව හදලම බ්‍රේක් එකක් ගමු ." ජේහ්‍යුන්ග් ශී එහෙම කියලා ආපහු ඊලඟ ගිනුම් වාර්තාව බලන්න ගත්තා .
Taehyung's POV
කවදාවත් නැති තරම් සතුටක් මට අද ඇති උනා Arc එකේ වැඩ කරන හැමෝම ගැන , මේ අවුරුදු තුනටම මට කවදාවත් මගේ කම්පැනි එකෙන් මෙහෙම වාර්තා බලන්න වෙලා නෑ . කිම් කෝපරේෂන් එක කරපු ගොඩක් ප්‍රොජෙක්ට් වල ගිනුම් වාර්තාවල තිබුනේ සම්පූර්ණයෙන්ම බොරු , ඒත් ඒ හැමදේම හරිම ලස්සනට වහලා තිබුනා . ඇත්තටම මම මේ විදිහට වාර්තා ඔක්කොම බලන එක වෙන කෙනෙක් එක්ක කලා නම් මේ වෙද්දිත් මගේ කේන්තියට ඔෆිස් රූම් එක පිච්චිලා අලු වෙලා ඉවරයි . ඒත් දැන් මගේ ඉස්සරහා ඉන්න කෙනා දිහා බැලුවම මාව ඉක්මනට ආපහු සන්සුන් වෙනවා.
මේ වැඩේ ඉවර කරන්න කොච්චර අවධානය දෙන්න හැදුවත් වෙලාවකට මින්හී කටත් උල්කරගෙන ෆයිල් දිහා ඔරවගෙන වගේ බලාගෙන ඉන්නකොට මට ඉබේටම එයා දිහා බැලවුනා ,එයාට ඒක දැනුන නිසාම දෙතුන් සැරයක් මගේ ඇස් දිහා බලලා ආපහු නොදැක්කා වගේ අහක බලාගත්තා. ඒ වගේ ම එයා හරිම දක්ෂ විදිහට එයාගේ පිටපත් පරීක්ෂා කරලා තිබුනා . ඒ හැමදේම එක්ක වාර්තා සන්සන්දනය කරන්න අරන් ටික වෙලාවකින් මට හොඳටම තේරුනා මේ ඉන්නේ මගේ මින්හීම තමයි කියලා . උදේ මම බැන්න නිසා හා පැටියෙක් වගේ බය වෙලා හිටියත් දැන් එයා වැඩ කළේ හරිම professional විදිහට . මගේ කෙල්ල ඉස්සර වගේ ම හරිම දක්ෂයි .
එක ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පැය දෙකක් විතර ගියා. මට ඉබේටම කියවුනා අපිට අද දවසම මේ වාර්තා බලන්න තමයි වෙන්නේ කියලා .
"Mr.Han කිව්ව විදිහට මේ හැම වාර්තාවක් ම හැදුවේ එයා නම් අනිවාර්යයෙන්ම ඔක්කොගෙම ගිනුම් වාර්තා මේ විදිහට බොරුවලින් වහලා දාලා ඇති . " ඒත් එකපාරටම මින්හී කිව්වේ කේන්තිය , සමච්චලේ ඔක්කොම පිරුන කටහඬකින් , මට ඉබේටම බැලවුනා මින්හී දිහා .
එයාට මාව මතක නැති උන එක හැරෙන්න අනිත් හැමදේකින් ම එයා මගේ මින්හීම තමයි . කොච්චර අහිංසක උනත් වැරදි වැඩක් දැක්කම එයාට කේන්ති යනවා, එතකොට එයාගේ අහිංසකකම අහලකවත් නෑ . දැනුත් එහෙම තමයි . මට ඉබේටම හිනාගියා. මම විහිලුවක් කරන්න හැදුවත් මින්හී මගේ දිහා බලාගෙන හිටියේ එයාගේ සම්පූර්ණ අවධානය ම තියෙන්නේ මට වගේ බැල්මකින් . ඒත් ටික වෙලාවකින් එයාටම ඒක තේරිලද කොහෙද එයා ගැස්සිලා අහක බලාගත්තා.
කිසිම දෙයක් තාම හරියට ම දන්නේ නැති උනත් මේ ඉන්නේ මගේ මින්හී ම තමයි කියලා මම දන්නවා . එකසැරයක් ආදරෙන් හිටිය අපිව සම්පූර්ණයෙන්ම වෙන් උනා, මම හිතුවෙ මට එයාව සදහටම අහිමි උනා කියලා . මම අවුරුදු හතක් මේ දේවල් නිසා විඳෙව්වා , එයත් සමහරවිට එහෙම විඳවන්න ඇති , ඒත් එයාට මාව මතක නෑ . මින්හීට මම සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක් . විසදගන්න , දැනගන්න ආපහු විදින්න ගොඩක් දේවල් තියෙයි කියලා දැනුනත් එයා දැන් මගේ ඇස් මානේ මාත් එක්කම ඉන්නවා කියන්නේ ඒක දැනට මට ලොකුම සැනසීමක් නේද ???
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඇත්තටම සමාවෙන්න හැමෝම මම කතාව දෙන්න පරක්කු උනා, ඒත් ඊයේ අන්තිමට අපිටත් නිවාඩු දුන්නා , ඒ නිසා කතාව ලියාගන්න පුලුවන් උනා.
ඔන්න ඔයාලා කිව්ව විදිහට ම මම මින්හීට මොකුත් කළේ නෑ , එයාට ඇත්තටම මොකද උනේ කියලා ඉක්මනට කියන්නම්. කතාව කියවලා ඔයාලාගේ අදහස් මාත් එක්ක බෙදාගන්න හැමෝටම , කතාව කියවන හැමෝටම ගුමාවොයො ❤️❤️❤️❤️❤️ බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️💜️
P/S : කලින් දාපු author note මම වෙනස් කරන්නේ නැහැ , ගනන් ගන්න එපා හොඳේ 😁😁😁😁
Edited and republished on 03/04/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top