Chapter 16


❤️MET AGAIN ❤️

Taehyung's POV

"ටේහ්‍යුන්ගා... " මෙච්චර වෙලා මගේ උරහිසට හේත්තු වෙලා හිටිය මින්හී මූණ හරවලා මගේ දිහා බැලුවා .

"ම්" මම ඇහුවේ එයාගේ උරහිසේ රැඳිලා තිබුන මගේ අතින් මින්හී තවත් මට තුරුලු කරගන්න හදන ගමන් . අපි දෙන්නාම lunch break එකට හැමදාම මෙහෙම රූෆ්ටොප් එකට වෙලා වාඩිවෙලා ඉන්න එක දැන් පුරුද්දක් වෙලා වගේ. කාලෙකට කලින් අපි යාලුවෝ විදිහට හිටපු තැන ම අපි අද ආදරවන්තයෝ විදිහට අත් අල්ලාගෙන ඉන්නවා .

"ගුමාවොයෝ මගේ ජීවිතේට ආවට , හැමදාටම නොවුනත් ඔයා එක්ක ඉන්න ලැබුන එක ගැන මට ගොඩක් සතුටුයි ." මින්හී කිව්වේ සතුටෙන් උනත් එයා 'හැමදාටම නොවුනත් ' කියපු විදිහට මම කොහෙත්ම කැමති උනේ නෑ .

"නාදෝ (me too). ක(අ)න්දේ (but ) මම ඔයාට කොහෙවත් ම යන්න දෙන්නේ නෑ , හැමදාටම ඔයා මගේ විතරමයි" මම මින්හීගේ නළලට හාදුවක් දුන්නේ එයාගේ නළලට වැටිලා තිබුන කොණ්ඩ කැරලි අතින් පැත්තකට කරන ගමන් .

"මටත් හැමදාටම ඔයත් එක්ක ම ඉන්න ඕන ටේහියුන්ගා මේ වගේ ම..." මින්හී එහෙම කියලා මගේ පපුවට තුරුල් උනා, මම හෙමින් සැරේ එයාගේ ඔලුව අතගාන්න ගත්තා. ඒත් ටිකවෙලාවකින් මගේ උරහිසේ තිබුන මින්හීගේ අත උරහිසේ දිගේ පහළට ලිස්සලා ගියා.

"මින්හියා" මම හෙමින් සැරේ මින්හීට කතා කළත් , එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උනා. මම හෙමින් සැරේ එයාව මගෙන් ටිකක් ඈත් කරන්න හැදුවේ මින්හීගේ මූණ දිහා බලන්න , ඒත් එයා මගේ තුරුලෙන් ඈත් වෙනවත් එක්කම පිටිපස්සට වැටෙන්න ගියේ බෝනික්කෙක් වගේ .මගේ එක අතක් මින්හීගේ ඉණ වටේ එතෙද්දී අනිත් අත එයාගේ ඔලුව පිටිපස්සට යැවුනේ එයාව රඳවගන්න.

"මින්හී....." මින්හීගේ ඇස් පියවෙලා තිබුනේ . ඒත් එක්කම වගේ මගේ අතට උණුසුම් ඇලෙනසුලු තෙත ගතියක් දැනුනා , මම මින්හීගේ ඔලුව රැඳිලා තිබුන අත දිහා බැලුවා .

"මි.... මින්හියා..... " මගේ අත සම්පූර්ණයෙන්ම රතු වෙලා , මින්හීගේ ඔලුවෙන් ගලන ලේ වලින් එයාගේ ඇඳුමේ බෙල්ල ළඟ රතු පැල්ලම තවත් ලොකු වෙනවා . එකපාරටම මින්හී මගේ ග්‍රහණයෙන් ගිලිහිලා පිටිපස්සට වැටුනේ ප්‍රාණයක් නැති කෙනෙක් වගේ .

"අන්ද්වේ........."

~~~~~~~~

"අන්ද්වේ..........." මම එකපාරටම කෑගහගෙන නැඟිට්ටේ , මුලු ඇඟම දාඩියෙන් තෙත් වෙලා. ඇඳේ වාඩි වෙලා night stand එක උඩ තිබුන වතුර වීදුරුව ගන්න හැදුවත් අත වෙව්ලන නිසාම වීදුරුව බිමට වැටිලා බිඳිලා ගියා .මුළු ඇඟම පණ නෑ වගේ දැනුන නිසා මම එහෙම්මම ඇඳේ වාඩි උනා. Night stand එක උඩ තියෙන එලාම් ඔරලෝසුවේ වෙලාව පාන්දර 5ට කිට්ටුයි.

හීනේ අන්තිමට මින්හී ලේ ගොඩක වැටිලා හිටිය හැටි මගේ ඇස් ඉස්සරහා මැවිලා පේනවා වගේ ,ඒ අතරින් ම මට පෙනුනේ මින්හී මාව දාලා ගිය දවසේ එයා වැටිලා හිටිය හැටි , වටේට තිබුන සුදු හිම තට්ටුව මින්හීගේ ලේවලින් රතුවෙලා තිබුනේ ..... කොච්චර සතුට දැනෙන හීනයක් දැක්කත් හැමදාම ඒ හීනය වෙනස් වෙලා අන්තිමට දකින්නේ මින්හී ඇක්සිඩන්ට් උන හැටි . කාලෙකට පස්සේ ඇයි මම ආපහු මේ හිනේ දැක්කේ ??? අවුරුදු ගානකට කලින් හැමදේම ආපහු ආපහු මතක් වෙනවා වගේ . ඒත් සතුටුදායක මතක පොදියක් අතරේ තියෙන අඳුරු මතක නිසා හිතට දැනෙන සතුටට වඩා දුක වැඩියි .

ටිකක් වෙලා යද්දී මාව සන්සුන් උන නිසා මම ඇඳෙන් බැහැලා වොෂ් රූම් එකට ගිහින් මූණට වතුර ටිකක් ගහගත්තා. මම ඇඳගෙන හිටිය ටීෂර්ට් එකත් දාඩියෙන් තෙත් වෙලා වගේ . හිතේ තිබුන නොසන්සුන්කමත් එක්ක මට ආපහු නිදාගන්න බෑ කියලා දන්න නිසාම මම ආපහු නිදාගන්න යන්නේ නැතුව ඔෆිස් රූම් එකට ගියා. සාමාන්‍ය කාමරයට වඩා ලොකු ඔෆිස් රූම් එක සම්පූර්ණයෙන්ම පිරිලා තිබුනේ දැනට හඳුන්වලා දුන්න ගේම්වල ප්‍රධාන චරිතවල posters වලින් , ඒවායේ පොඩි පොඩි අනුරූ වලින් . මේසය උඩ තිබුනේ මම අලුතෙන් සැලසුම් කරන ගේම්වල චරිතවල දළ රූප සටහන් , සැලසුම් .

අවුරුදු 7කට කලින් මම US ගිය දවස්වල මට ඕන උනේ හැමදේම අමතක කරන්න , ඒකට මම හැදුවේ මගේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් දේකට යොමු කරන්න . මුලින් ඒ විදිහට මම මොබයිල් ගේම්වලට පුරුදු උනත් අන්තිමට මම ඒකට ඇබ්බැහි උනා වගේ . ඒත් මාව සම්පූර්ණයෙන්ම ඒ පැත්තට ඇදිලා ගියා . අන්තිමට මම higher studies වලට software , graphic design ගැන ඉගෙන ගත්තේ මගේ ආසාව නිසාමයි. ඒ හැමදේක ම ප්‍රතිඵලයක් විදිහට අවුරුදු දෙකකට කලින් මම arc games එක පටන් ගත්තා. මුලින්ම හඳුන්වලා දුන්න ගේම් දෙක තුනත් එක්ක අපි පටන් ගත්ත ගමන දැන් ගොඩක් ඉස්සරහට ඇවිත් . දෙසීයකට කිට්ටු සේවක පිරිසක්, අලුත් ගේම් හදන්න ඕන තාක්ෂණික පහසුකම් වගේ ම උපාංග , සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් , අපේ ක්ෂේත්‍රය ඇතුලේ හොඳ තැනක් ... අපි introduce කරන ගේම්වලට ලැබෙන ඉහළ ම ප්‍රතිචාර ...... මේ හැමදේම මගේ මහන්සිය නිසා මට ලබාගන්න පුලුවන් උනා.
හිත කොච්චර නොසන්සුන් වෙලා තිබුනත් මෙතනට ඇවිත් අලුත් character එකක් සැලසුම් කරන්න පටන් ගත්තම හැමදේම අමතක වෙලා යනවා. Arc games එක දැන් මගේ ජීවිතේ ම වෙලා වගේ ...

ඒත් ....

මම දැන් කරන්න හදන දේ ඇත්තටම කරන්න පුලුවන් දෙයක් ද??? එදා මම අප්පාගේ යෝජනාවට විරුද්ධ වෙනවා වෙනුවට , ඒක ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එකසැරෙන් ම එකඟ උනේ ඇයි කියලා මට තාමත් තේරුම් ගන්න බැරි උනා. පොඩි කාලේ උනත් අප්පා කියන ඕනම දේකට මම එකසැරෙන් ම විරුද්ධ වෙනවා, ඒත් ඒ මුරණ්ඩුකමට, ධෛර්යයට මොකද උනේ???? ඇයි මම අප්පා කියපු දේට එච්චර කලබල උනේ??? ඒත් මම එයා කියපු දේට එකඟ නොවුණා නම් මේ වෙද්දිත් ජේහ්‍යුන්ග් කියන කෙනා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගිහින් වෙන්නත් පුලුවන් නේද ??? සමහරවිට ඒ බය නිසාම වෙන්න ඇති මම අප්පාට එකඟ උනේ.

ගේම් එකේ promoting එක්ක සතියක් ගත උනේ හිතාගන්නවත් බැරි විදිහට , ඒ සතිය ඇතුලත දැනටමත් මම දවසක් ආයතනයේ නැති උනත් වැඩ ටික කරගෙන යන්න පුලුවන් විදිහට හැමදේම වෙනස් කළා. ඒත් මට කොහෙත්ම kim cooperation එක වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න බෑ , අනිවාර්යයෙන්ම මම මුල් තැන දෙන්නේ arc games එකට.

ටිකක් වෙලා කල්පනා කර කර හිටියට පස්සේ මම අලුත් සැලසුම් ටිකක් බලන්න ගත්තා, හිතුව විදිහට ම ඒ අතරේ හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා ගිහින් උදේ 7 උනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් . ඉක්මනට ලෑස්ති උනත් අන්තිමට අද සුපුරුදු විදිහට Arc එකට යනවා වෙනුවට මම ගියේ කිම් cooperation එකට , මම නම්ජූන් හ්‍යුන්ග්ගේ රූම් එකට ගියේ අද නම් අප්පා ඉන්න එපා කියලා යටි හිතින් ප්‍රාර්ථනා කරන ගමන් . මම කිම් cooperation එකට එකතු වෙන්න කැමති උනත් අප්පා ගැන මගේ තිබුන කළකිරීම තවත් වැඩි වෙලා තිබුනේ ගතඋන සතියට.

"චොම්මල් මියානේ ටේහ්‍යුන්ගා " මාව දැකපු ගමන් නම්ජූන් හ්‍යුන්ග් කිව්වේ සමාව අයදින ස්වරයකින් . මම හ්‍යුන්ග් ඉස්සරහා පුටුවේ වාඩිඋනේ මම හිතපු විදිහට ම අප්පා හිටියේ නැති එක ගැන සතුටු වෙමින් .

"හ්‍යුන්ග් සමාව ඉල්ලන්න ඕන නෑ හ්‍යුන්ග් ."

"ඒත් එදා ඔයා මාව හම්බවෙන්න ආවේ නැත්නම් ඔයාගේ අප්පාට ඔයාව හම්බවෙන්නේ නෑ , මම හිතුවෙ නෑ සම්චුන් මේ විදිහට හැසිරෙයි කියලා "

"අනියා හ්‍යුන්ග් , මම හ්‍යුන්ග්ව හම්බවෙන්න ආවේ නැති උනත් අප්පා මගේ ගැන දැනගත්ත ගමන් ඔය විදිහට ම කරයි. මට ඇත්තටම එයාව තේරුම්ගන්න බෑ . ඒත් අපි ඒ ගැන තවදුරටත් කතා නොකර ඉමු හ්‍යුන්ග් ."

"අරස්සෝ . ඒත් ටේ ඔයාට Arc එකේ වැඩත් එක්ක ඇත්තටම මේක කරන්න පුලුවන් ද?? සම්චුන් කිව්වා උනත් එයාට බෑ ඔයාට බල කරන්න , මම සම්චූන්ට කතා කරන්නම්"

"අනියා නම්ජූන් හ්‍යුන්ග් . අප්පා තීරණයක් ගත්තොත් ඒක වෙනස් කරන්නේ නෑ , ඒ ගෙදර මම හිටිය අවුරුදු ගානට මම ඒ දේ හොඳටම තේරුම් අරන් ඉන්නේ . මට Arc එක අතාරින්න බෑ හ්‍යුන්ග් කොහෙත්ම , ඒත් මට මේ දේ කරන්න වෙනවා."

"එහෙනම් මට මේ උදව්ව කරන්න ටේ. ඔයා දන්නවානේ cooperation එකයි hotels group එකයි දෙකම තියෙන්නේ මගේ යටතේ කියලා , ඒත් මම මුල ඉදන් ම කලේ hotels ටික manage කරපු එක. ඉතින් cooperation එකේ වැඩවලට මගේ සම්පූර්ණ කාලය යෙදවෙන්නෙ නෑ . මම පුලුවන් විදිහට හැමදේම හොයලා බැලුවත් මට බලන්න වෙන්නේ නැති ඒත් අනිවාර්යයෙන්ම බලන්න ඕන department එකක් තියෙයි "

"මියානේයෝ හ්‍යුන්ග් , හ්‍යුන්ග්ට මම ගෙදරින් අයින් උන නිසා මගේ වගකීම් එක්ක ම ලොකු වගකීමක් ගන්න උනේ ."

"එහෙම හිතන්න එපා ටේහ්‍යුන්ගා. ඒ වගේ ම ඔයා මේ අවුරුදු ගානට ඔයාගෙ ම ආයතනයක් පටන් අරන් ඊටත් වඩා වගකීමක් දරනවා. ඒක දැන දැන ම ඔයාට තවත් ලොකු වගකීමක් පවරන්න මට බෑ . ඒ නිසා කිම් කෝපරේෂන් එකේ ම වගකීම ඔයාට පවරනවා වෙනුවට ඔයාට මම එක department එකක් විතරක් භාර දෙන්නම්. දැන් ඔයාට තියෙන්නේ financial department එක. ඒ කොටස සම්පූර්ණයෙන්ම ඔයාගේ පාලනය යටතට පත් වෙන්නේ. ඔයා හැමදාම ඔෆිස් ටයිම් එකට ඉන්න ඕන නෑ ටේ, පුලුවන් විදිහට තැන් දෙකේම ඉන්න . ඒත් මේ ප්‍රොජෙක්ට් වල budget , තව cooperation එකේ annual budget , reports වගේ දේවල් ඔක්කොම check කරලා ඔයාට reports හදන්න වෙනවා . ඉතින් ඔයාට arc එකේ ඉදන් උනත් ඒ වැඩ ටික කරන්න නම් පුලුවන් "

"හ්‍යුන්ග් , හ්‍යුන්ග් එහෙම කියන්නේ මෙච්චර කාලයක් financial reports වල මොනාහරි ප්‍රශ්න තිබුන ද????"

"මෙහෙම දේකදී තමන්ගේ කෙනෙක් තරම් තවත් කෙනෙක් විශ්වාස කරන්න බෑ ටේහ්‍යුන්ගා , රිපෝර්ට් ඔක්කොම ගානට සම්පූර්ණ කරලා තිබුනා , ඒත් එකක් ගානේ අරන් බැලුවොත් අවුල් ජාලාවක් . "

"මම Arc එකට ගිහින් analyze කරලා සම්පූර්ණ රිපෝර්ට් එකක් හදන්නම් හ්‍යුන්ග් . "

"ආ.. කියන්න අමතක උනා. ඔයාට ඔෆිස් රූම් එකක් අලුතෙන් ම arrange කළා financial department එකේ. තව ඔයාගේ assistant විදිහට අලුතෙන් ආපු ගෑණු ලමයා , එයාටත් මේ ගැන හොඳ දැනීමක් තියෙයි , ඔයාට සම්පූර්ණයෙන්ම මහන්සි වෙන්න දෙයක් නෑ . එයාගෙත් උදව් කරගෙන analysis එක හදන්න . "

එතකොට ම වගේ හ්‍යුන්ග්ගේ secretary හෝසොක් ශී ආව නිසා එයා මාව මගේ අලුත් ඔෆිස් එකට එක්කරගෙන ආවා.

"ටේහ්‍යුන්ග් ශී, දැනට මේ රූම් එකේ අඩුපාඩු හරි තව වැඩිපුර අවශ්‍ය මොනාහරි තියෙයි නම් කියන්න , ඉක්මනින් ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්නම් " හෝසොක් ශී කිව්වේ මට රූම් එක පෙන්නන ගමන් . ඒත් එක්කම වගේ රූම් එකේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනත් ඊට කලින් මගේ ෆෝන් එක රින්ග්ස් යන්න ගත්තා.

"ඇතුලට එන්න " මම එහෙම කිව්වත් ඉක්මනට මගේ අවධානය කෝල් එකට දුන්නේ , caller ID තිබුනේ graphic designs unit එකේ ලී හ්‍යුන් ගෙන් නිසා.

"යොබුසෙයෝ"

"තෙප්‍යෝනිම් wild attack එකේ upgrade එකක් කරන්න තියෙයි , graphic designs ඔක්කොම හරි. ඒත් main character එකේ පොඩි ප්‍රශ්නයක් තියෙයි වගේ . සර් තාම ඔෆිස් එකට ආවේ නැති නිසා මම කෝල් කලේ. "

"අරස්සෝ මම දැන් එන්නම්. ඒත් ප්‍රශ්නේ මොකද්ද ???? මගේ ඊමේල් එකට විස්තර ටික එවන්න පුලුවන් ද මම එන්න කලින් ." මම කිව්වේ දොර දිහාවටත් බැල්මක් යොමු කරන ගමන් . ආව කෙනා ගෑනු ලමයෙක් කියලා පෙනුනත් හෝසොක් හ්‍යුන්ග් එක්ක කතා කර කර හිටිය නිසා මට මූණ පෙනුනේ නෑ .

"ආ නේ (yes)තෙප්‍යෝනිම් ශශිරන් (actually ) මේකේ advanced graphic designs ඔයාගේ නිසා සමහර ඒවා අපිට ඒ විදිහට ම කරන්න අමාරුයි , මම දැන්ම සර්ට ඒ විස්තර ටික එවන්නම් . ශම්ශිමන්‍යෝ තෙප්‍යෝනිම් (wait a minute CEO ) ." කෝල් එකේ ඉන්න අතරෙම මම ටැබ් එකට ආපු ඊමේල් එක open කළා. මට ඊමේල් එක බලන්න ගියේ තත්ත්පර ගානක් වගේ , ඒත් මේක හදන්න නම් මට දැන් ආපහු යන්න වෙනවා. මම පුටුවෙන් නැගිට්ටේ තවදුරටත් ලී හ්‍යුන් එවලා තිබුන විස්තර බලන ගමන් .

"හෝසොක් ශී මට හදිස්සියේ යන්න වෙනවා. නම්ජූන් හ්‍යුන්ග් කිව්ව reports , files ටික මට එවන්න , මම ඒ ටික analyze කරන්නම්. "

"සර් එතකොට මම .." එතකොට ම ඇහුනේ වෙන කෙනෙක්ගේ කටහඬක්. මේ ඉන්නේ හ්‍යුන්ග් කිව්ව කෙනා වෙන්න ඕන , මගේ assistant .

"හෝසොක් ශී මට ඉක්මනින් ම යන්න වෙනවා, මෙයාට දැනට එයා ඉන්න තැන arrange කරලා දෙන්න, මිස් ඔයාට reports recheck කරලා analyze කරන්න පුලුවන් නම් sample එකක් විදියට එක report එකක් recheck කරලා budget analysis එක හදන්න , එතකොට හෙට අපිට ඒක බලලා ඉස්සරහට යන්න පුලුවන් . එහෙම නැත්නම් හෝසොක් ශී නම්ජුන් හ්‍යුන්ග්ගෙන් අහලා අදට මෙයාට කරන්න දෙයක් arrange කරලා දෙන්න  " මම ටැබ් එකෙන් ඔලුව උස්සන්නෙවත් නැතුව එහෙම කිව්වේ මගේ අවධානය තිබුනේ ගේම් එකට නිසා .

"නම්ජූන් හ්‍යුන්ග්ට කියන්න මම ගියා කියලා" එයාලා මොකුත් කියන්න කලින් මම ඉක්මනට රූම් එකෙන් එලියට ආවේ ගේම් එකේ graphic edit කරන ගමන් . Arc එකට යන්න ගතවෙන විනාඩි කිහිපයෙත් මම ගේම් එක upgrade කරන එක ගැන කල්පනා කලේ. ඉස්සෙල්ලාම ඒ වැඩ ඉවර කරලා ඊට පස්සේ kim cooperation එකේ financial reports බලනවා .

Min Hee's POV
මම සෝල්වලට ඇවිත් සති දෙකක් ගත උනා, ඒත් එක්කම කිම් කෝපරේෂන් එකේ වැඩ කරන්න පටන් අරන් සතියක් . මේ දවස් ටිකේ දී මට කරන්න ඒ තරම් දෙයක් නොතිබුණත් මම වෙලාවකට හෝසොක් සුන්බේ ගෙනැත් දුන්න පරණ reports පරීක්ෂා කළා, ඒකෙන් මට ඉස්සරහට වැඩ කරන්න ඕන විදිහ ගැන අදහසක් වගේ ම අත්දැකීමක් ලැබුනා. හෝසොක් සුන්බේනිම් ඇත්තටම ගොඩක් දේවල් වලට මට උදව් කළා, ඒත් එක්කම අපි ඉක්මනින් ම යාලුවෝ උනා. තෙප්‍යෝනිම් වගේ ම හෝසොක් සුන්බේනිම් කිව්ව විදිහට financial department එකේ chief officer විදිහට එන කෙනා , කිම් ජේහ්‍යුන්ග් , එයා තවත් තැනක වැඩ කරන ගමන් kim cooperation එකට සම්බන්ධ වෙන්නේ , ඉතින් එයා ගොඩක් කාර්‍යබහුල කෙනෙක් නිසා මට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. අද ජේහ්‍යුන්ග් ශී එනවා කිව්ව නිසාම මම වෙනදට කලින් ඔෆිස් එකට ගියා . Financial department එකට යද්දිම අලුත් chief officer ඇවිත් කියලා කිව්ව නිසා මම ඉක්මනින් chief officerගෙ රූම් එකට ගිහින් දොරට තට්ටු කළා .

"ඇතුළට එන්න " ඒ ඉක්මනින් ප්‍රතිචාර ලැබුනේ ගැඹුරු කටහඬකින් . මම දොර ඇරගෙන ඇතුලට ගියා . හෝසොක් සුන්බේනිම් සුපුරුදු විදිහට එයාගේ දීප්තිමත් හිනාවෙන් මට සංග්‍රහ කළා. මම ඇතුලට ගියත් chief officer ගෙ අවධානය තිබුනේ කෝල් එකකට. ඒ කෙනා මොහොතකට ඔලුව උස්සලා බැලුවත් ඒ පමාවෙන් එයාගේ අවධානය යොමු උනේ මේසේ උඩ තිබුන ටැබ් එකට. මම සුන්බේනිම් එක්ක නිහඬවම බලාගෙන හිටියා . තෙප්‍යෝනිම් මේ වගේ බිසී කෙනෙක්ට ඇයි financial department එකත් බාර දුන්නේ , මට එහෙම හිතුනත් තෙප්‍යෝනිම් ගේ secretary උන හෝසොක් ශී ඒ කෙනා දිහා බලාගෙන හිටියේ හරිම සන්සුන් විදිහට .

"හෝසොක් ශී මට හදිස්සියේ යන්න වෙනවා. නම්ජූන් හ්‍යුන්ග් කිව්ව reports , files ටික මට එවන්න , මම ඒ ටික analyze කරන්නම්. " ටික වෙලාවකට පස්සේ ඒ කෙනා කිව්වේ මට කලින් ඇහුනා වගේ ම ගැඹුරු කටහඬකින් . එයා දැන් යනවා නම් මම මොකද්ද කරන්නේ ??? මම හිතන්නත් කලින් මගේ කටෙන් වචන පිටවෙලා ඉවරයි .

"සර් එතකොට මම .."
"හෝසොක් ශී මට ඉක්මනින් ම යන්න වෙනවා, මෙයාට දැනට එයා ඉන්න තැන arrange කරලා දෙන්න, මිස් ඔයාට reports recheck කරලා analyze කරන්න පුලුවන් නම් sample එකක් විදියට එක report එකක් recheck කරලා budget analysis එක හදන්න , එතකොට හෙට අපිට ඒක බලලා ඉස්සරහට යන්න පුලුවන් . එහෙම නැත්නම් හෝසොක් ශී නම්ජුන් හ්‍යුන්ග්ගෙන් අහලා අදට මෙයාට කරන්න දෙයක් arrange කරලා දෙන්න " ඒ කෙනා කිව්වේ ටැබ් එකෙන් ඔලුව උස්සන්නේවත් නැතුව . මම හෝසොක් සුන්බේනිම් දිහා බැලුවත් ආපහු ඒ කෙනා කතා කළා .

"නම්ජූන් හ්‍යුන්ග්ට කියන්න මම ගියා කියලා" කියපු පමාවෙන් අලුත් chief විදිහට ආපු කෙනා ආපහු ගිහිල්ලත් ඉවරයි , මම අසරණ විදිහට හෝසොක් සුන්බේනිම් දිහා බැලුවේ කරන්න දෙයක් හිතාගන්න බැලුව.

"මින්හී ශී ඔයාට ම හිතාගන්න පුලුවන් නේද ඔයාලාගේ department එකේ අලුත් chief ගෙ busy schedule එක ගැන. ඇත්තම කිව්වොත් හෙජන්නිම් ජේහ්‍යුන්ග් ශීට ගොඩක් අමාරු තනතුරක් දුන්නේ . ඔයා දැන් ඔෆිස් එකට යන්න , මම ඔයාට ඕන reports , files ටික එවන්නම් , ඊට පස්සේ ඔයා ඒවා check කරලා බලන්න ."
.
.
.
අන්තිම report එකත් check කරලා ඉවර වෙලා මම ඒකත් අනිත් ෆයිල් ගොඩ උඩින්ම තිබ්බා. එකදිගට වැඩ කරලා ඇස් දෙකත් අමාරුයි . පෑන පැත්තකින් තියලා අත් දෙකේ හිරි අරිනකොට මගේ ඇස් යොමු උනේ බිත්ති ඔරලෝසුවට. වෙලාව රෑ 7ටත් කිට්ටුයි. හෝසොක් සුන්බේනිම් මට ෆයිල්ස් ටික එව්වේ 8.30ට විතර . මම දැන් පැය දහයක් විතර මේ ටික බලලා, මෙච්චර පරක්කු වෙයි කියලා හිතුනේ නෑ. දැන්නම් ඔෆිස් එකේ හැමෝම ගිහින් ඇති .මම ඉක්මනින් ෆයිල්ස් ටික මගේ ලොකර් එකට දාලා ලොක් කරලා බෑග් එක අතට ගත්තේ ඉක්මනින් ගෙදර යන්න .

බස් එකෙන් බැහැලා මම හෙමින් සැරේ ඉස්සරහට යද්දී මට මතක් උනේ මම බුසාන්වල ඉන්නකොට රෑ වෙලා ගෙදර යද්දී ඔම්මා බය වෙන හැටි . ඔෆිස් එකේ වැඩ ඉවර වෙන්න පරක්කු වෙනවා කියලා කෝල් කරලා කිව්වත් මම ගෙදරට යනකල් ඔම්මා හැමදාම කලබල වෙලා ඉන්නේ . ඒ ගියාම පොඩි හරි බැනුමක් අහන්නත් වෙනවා.

පාර අයිනේ තැන් තැන්වල තිබුන tent barවල සෝජු බෝතල් , tthokbokki , hotteok, gimbap, sundae, mandu කෑම ජාති පිරිලා . දවසේ වැඩ ඉවර වෙලා රෑ වෙලා ගෙදර යන අයගෙන් Bar පිරිලා. මේස උඩ තිබුන සෝජු බෝතල් , කෑම ජාති රසවිඳින අතරේ හැමෝම එයාලාගේ කතාබස් අතරේ හිනාවෙනවා. ගෙදර මම වෙනුවෙන් කවුරුත් බලාගෙන නෑ කියලා දන්නවා උනත් මමත් tent bar එකකට ගිහින් tthokbokki , සෝජු බෝතල් දෙකකුයි ගත්තා.

ගෙදරට ගිහින් නිදන කාමරේ ලයිට් එක ඔන් කරපු ගමන් මගේ ඇස් ගියේ side table එක උඩ තිබුන රාමු කරපු රූපරාමු වලට. High school graduation එකේදී , university graduation එකේදී ඔම්මා එක්ක ගත්ත ෆොටෝ වගේ ම අන්තිමට ඔම්මා එක්ක ගත්ත ෆොටෝස් දෙකක්. මගේ මුලු ජීවිතේම උනේ ඔම්මා , අප්පා නැති උනාට පස්සේ අප්පාගේ පවුලේ අය අපිට උදව් කරලා නෑ . මාව මේ තත්ත්වෙට ගේන්න ඔම්මා ගොඩක් මහන්සි උනා. අන්තිමට මම university එකෙන් පස්සේ kim cooperation එකේ වැඩ කරන්න පටන් ගත්තම මට දැනුනේ මම ඔම්මාව ලොකු වගකීමකින් නිදහස් කළා වගේ හැඟීමක් . ඒත් අවුරුද්දකට කලින් ඔම්මා එකපාරටම අසනීප උනේ හිතුවෙවත් නැති විදිහට . කොච්චර පිළිගන්න අකමැති උනත් අවසානයේ දී ඔම්මගේ අසනීපය ලියුකේමියාව කියලා මට පිළිගන්න සිද්ධ උනා. ඔම්මාගේ රෝග තත්ත්වය හොයාගන්නකොට blood cancer එක third stage එකට ම ඇවිත් . ඇට මිදුළු බද්ද කරන්න පුලුවන් තත්ත්වයක ඔම්මා හිටියේ නෑ , මගේ ලේ වර්ගයත් වෙනස් නිසා උත්සාහ කරන්නවත් හැකියාවක් තිබුනේ නෑ . අන්තිමට මාස 6කට පස්සේ ඔම්මා සදහටම මාව දාලා ගියේ මාව මේ ලෝකේ තනි කරලා . ඔම්මාගේ මතක එක්ක මාස 6ක් බුසාන්වල තනියෙන් ගෙවුණු මගේ ජීවිතේ වැඩියෙන් ම පිරිලා තිබුනේ කඳුළු වලින් . ඔම්මා මාත් එක්ක සතුටින් හිනාවෙලා ඉන්න අන්තිම ෆොටෝ එක දිහා බලාගෙන ඉද්දී මෙච්චර වෙලා මගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු කඩාහැලෙන්න ගත්තා.

"ඔම්මා.... ඔයා දැන් සතුටින් ද??? ඔයා කොහේ හිටියත් මගේ දිහා බලාගෙන ඉන්නවා නේද ??? ඒත් .... ඒත් ඇයි ඔයා මාව දාලා ගියේ ??? මාව සම්පූර්ණයෙන්ම තනිවෙලා .... වෙලාවකට මට හිතාගන්න බෑ මම මොකද්ද කරන්න ඕන කියලා ... පොගෝශිපොස්සොයෝ ඔම්මා (miss you mom)" මම ෆොටෝ එක ආපහු side table එක උඩින් තිබ්බා . ඒත් එක්කම මගේ ඇස් ගියේ ඊට එහායින් මම තියලා තියපු සෝජු බෝතල් දෙකට සමහරවිට . මම හෙමින් සැරේ සෝජු බෝතලයක් අතට අරන් kitchen එකට ගියා. සාමාන්‍යයෙන් සෝජුවල සැර ගතිය මට දරාගන්න බැරි උනත් අද එක වීදුරුවක් බීලා ඉවර උනත් මට ගානක්වත් නෑ . මම තවත් වීදුරුවක් අතට ගත්තා.

"Cheers.. සමහරවිට මේකත් බිව්වට පස්සේ හිතේ දුක අමතක කරලා මට නිදාගන්න පුලුවන් වෙයි. " මම දෙවැනි වීදුරුවත් බොන්න ගත්තා. ටික වෙලාවක් යද්දී මට දැනුනේ හරිම සැහැල්ලුවක් වගේ .ඇවිදගන්න අමාරු උනත් මම පැද්දී පැද්දී වගේ ආපහු නිදන කාමරේට ගියා.
.
.
.
'We're not in love
We share no story
Just something in your eyes
Don't be afraid
The shadows know me
Let's leave the world behind .......'

කන ළඟින් ම ඇහෙන්න ගත්ත ෆෝන් එක රිංග්ස් යන සද්දේ නිසා මම නින්දෙන් ඇහැරුනා. නිදිමතේ උනත් අතගාලා ෆෝන් එක හොයාගෙන ආන්ස්වර් කරලා කනට තියාගත්තා

"යොබුසෙයෝ...."

"මින්හී ශී..... මම kim cooperation එකේ financial department එකෙන්. financial department එකේ chiefට තව පැය බාගෙකින් ඔයා ඊයේ බලපු files ටික ඕන කිව්වා පැහැදිලි විස්තර එක්කම. ඔයා තවමත් ඔෆිස් එකට ඇවිත් නැති නිසා මම දැනුම් දෙන්නේ." ඒත් එක්කම වගේ කෝල් එක කට් උනා.

තව පැය බාගෙකින් ??? අපේ chief කීයටද ඔෆිස් එකට එන්නේ ??? දැන් කීයද වෙලාව?? මම අමාරුවෙන් ඇස් ඇරලා ෆෝන් එක දිහා බැලුවා .

මො.....මොකක්...... කොහොමද මෙච්චර ඉක්මනට උදේ 8 උනේ???? මම මෙච්චර වෙලා නිදාගෙන ද??? ඒත් ... 8 කියන්නේ මම දැන් ඔෆිස් ඉන්න ඕන වෙලාව නේද ??? එතකොට දැන් ඔෆිස් එකෙන් කෝල් කලේ chiefට තව පැය බාගෙකින් රිපෝර්ට්ස් ටික ඕන කියලා නේද ???

එකපාරටම බය උන නිසා වගේ ම කලබල ගතිය නිසා සෝජු බීපු නිසා දැනුන ඔලුවේ කැක්කුම මට ඇසිල්ලකින් අමතක වෙලා ගියා. මම ඉක්මනින් ඇදෙන් බැහැලා වොෂ් රූම් එකට දිව්වේ ඉක්මනට වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න . විනාඩි 20කින් විතර ලෑස්ති උනත් බස් එකකට නඟින්න තවත් වෙලා යනවා. අන්තිමට වතුර බෝතලේ ගන්න Kitchen එකට යද්දී මේසය උඩ තිබුන සෝජු බෝතලේ දැක්කට පස්සේ මම මට ම හිතින් බැණගන්න ගමන් ඉක්මනට වතුර බෝතලේ අරගෙන දොර ලොක් කරලා එලියට බැස්සා .

අන්තිමට මම මගේ ඔෆිස් එකට ගියේ හති දාගෙන , ඒත් බිත්ති ඔරලෝසුව දිහා බලපු ගමන් මට තවත් දාඩිය දාන්න ගත්තා වගේ . 8.45 ...... මම දැනටමත් විනාඩි 15ක් පරක්කුයි . ඉක්මනට ලොකර් එකේ තිබුන ෆයිල් ටිකත් අරගෙන මම chief ගෙ ඔෆිස් එකට දිව්වා. Chief ගෙ ඔෆිස් එක ළඟට ගියාට පස්සේ ෆයිල් ටිකත් තුරුල් කරගෙන මම හොඳ හුස්මක් අරගෙන දොරට තට්ටු කළා.

"ඇතුළට එන්න " කලින් දවසේ ඇහුන කටහඬ ම ඇහුනත් අද නම් ටිකක් කේන්තියෙන් වගේ ඇතුලට එන්න කිව්වේ .

'මින්හියා ඔයා අද ඉවරයි , chief ට දැන්මම කේන්ති ගිහින් වගේ .' මම මට ම කියාගන්න ගමන් දොර ඇරලා ඇතුලට ගියා . Chief එයාගේ ඉස්සරහා තිබුන document එකක් බලන ගමන් හිටියේ , ඔලුව උස්සලා බැලුවේ නෑ .

"චෙසුහම්නිදා .... චොම්මල් චෙසුහම්නිදා(I'm sorry , really am sorry ) මම අද පරක්කු උනා.... ආපහු මේ වගේ දෙයක් වෙන්නේ නෑ ....." නිදිමත ගතිය නිසාද ඊයේ සෝජු බිව්ව නිසා ද මන්දා මගේ කටහඬත් වෙනස් වෙලා වගේ . මම එහෙම්මම බිම බලාගෙන හිටියේ chief මොනාහරි කියනකල් .

"චෙසුහම්නිදා???? සමාව ඉල්ලුවම හැමදේම හරි ද??? මට උදේ 8.30 වෙද්දී reports ටික ඕන කියලා කලින් දැනගත්තේ නැද්ද ???" ඒ ගැඹුරු කටහඬ කේන්තියෙන් පිරිලා තියෙන්නේ කියලා හිතෙද්දිත් බය හිතෙනවා , මම ඔලුව තවත් පාත් කරගත්තා.

"චෙසුහම්නිදා..." මම ඇහෙන නෑහෙන ගානට මිමිණුවා .

"සමාව ගන්න ඕනනම් ඔහොම බිම බලාගෙන ඉන්නේ නැතුව හරි විදිහට මූණ දිහා බලලා සමාව ඉල්ලනවා " ඒ ගෝරනාඩුවට මාව ගැස්සිලා ගියා. ඒත් මම ෆයිල් ටික තවත් මගේ පපුවට තද කරගෙන හෙමින් සැරේ ඔලුව ඉස්සුවා . තද කළු කොණ්ඩේ , ඝන ඇහිබැම යටින් මගේ දිහාට යොමු වෙලා තිබුනේ තියුණු ඇස් දෙකක් , ඒ වගේ ම ඒ ඇස්වල කේන්තියක් රැඳිලා තිබුනා . ඒත් ඒ හැමදේටම කලින් ඒ ඇස් දිහා බැලුවම මට දැනුනේ හුරුපුරුදු බවක්, හරියට මේ මම දන්න කෙනෙක් වගේ . මාව ඒ ඇස්වලට ඇදිලා යනවා වගේ මට දැනුනේ , මම දිගටම ඒ ඇස් දිහා බලාගෙන හිටියා.

දඩාස්.......

එකපාරටම ඇහුන සද්දයක් එක්ක මාව  ගැස්සුනා . Chief ගෙ අතේ තිබුන ෆයිල් එකක් බිමට වැටිලා  , මම chief දිහා බැලුවේ තවත් බය වෙලා . මෙච්චර වෙලා පුටුවේ වාඩිවෙලා මගේ දිහා රවාගෙන බලපු chief දැනටමත් පුටුවෙන් නැඟිටලා අඩියක් දෙකක් මගේ ඉස්සරහට ඇවිත් .ඒ වගේ ම ... chief ගෙ මූණ ඇසිල්ලකින් වෙනස් වෙලා , ඒ මූණෙන් පෙනුනේ පුදුමයට පත් උන බවක්, මෙච්චර වෙලා කේන්තියෙන් පිරුණ ඇස් දැන් කඳුළු නිසා දිලිසෙනවා වගේ පෙනුනේ. Chief මගේ දිහා බලාගෙන හිටියේ ගල් පිළිමයක් වගේ .. . ඒත් ඒ එක්කම එයාගේ තොල් අතරින් වචනයක් කියවුනා .

"මි....මින්හියා"

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

A/N : කොහොමද එයාලාගේ දෙවෙනි මුණගැහීම?? ඔයාලා හිතන විදියට ටේහ්‍යුන්ග්ගේ reaction එක කොහොම වෙයිද ? එතකොට මින්හීට එයාව මතක නැත්තේ ඇයි?? ඔයාලාගේ අදහස් කියාගෙන යන්න . බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️💜️

Edited and republished on 02/04/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top