Chapter 15

❤️I HATE YOU FATHER ❤️

Taehyung's POV
"පුතා..... ඔහොම ඉන්න .... " අප්පා මගේ අතින් අල්ලාගත්තේ බලාපොරොත්තු නොවුණු විදිහට , මම එතනම නතර උනේ කරන්‍ට් එක වැදුනා වගේ . අවුරුදු 7කට පස්සේ අප්පාව මූණට මූණ දකින පළවෙනි වතාව . අප්පාව මේ විදිහට මුණගැහෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ . අවුරුදු ගානක් එයාලාගෙන් ඈත් වෙලා හිටියත්  මම  තාමත් හැමදේම අමතක කරලා එයාලා එක්ක කතා කරන්න සූදානම් නෑ කියලා මට හැඟුනේ .

"ටේහ්‍යුන්ග් ටිකක් ඉන්න , කතා කරන්න " අප්පා කිව්වේ මගේ අතින් අතෑරලා ඇතුලට යන ගමන්, ඒ වචන වල දැවටිලා තිබුනේ අණ කිරීමක ස්වරූපයක් ද නැත්නම් ඉල්ලීමක් ද කියලා මට හිතාගන්න බැරි උනා . දැන් මම මොකුත් නොකියා මෙතනින් ගියොත් මට ම හිතෙයි මම බයගුල්ලෙක් වගේ පැනලා ගියා කියලා , අන්තිමට මම මොකුත් නොකියා අප්පා ඉස්සරහින් ගිහින් වාඩි උනා.

"සම්චුන් , ටේහ්‍යුන්ගා මම එලියෙන් ඉන්නම්, අලුත් ප්‍රොජෙක්ට් එකේ ප්‍රපෝසල් එක බලන්න තියෙයි මට " නම්ජූන් හ්‍යුන්ග් හැදුවේ අපිට නිදහසේ කතාකරන්න ඉඩක් දෙන්න මට හිතෙන්නේ .

"ත්වෙස්සෝ (it's ok) නම්ජූන් , ඔයත් ඉන්න " අප්පා එහෙම කිව්ව නිසාම හ්‍යුන්ග් ඇවිත් එතනින් වාඩි උනා . අප්පා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන හිටියා . ඒත් ඒ ඇස්වල හැමදාමත් කේන්තිය දකින්න පුරුදු වෙලා හිටිය මට අද ඒ ඇස් කියවන්න අමාරුයි .

"ඔරෙම්මනියා.... අදල් . චල් චිනෙස්සෝ ටේහ්‍යුන්ගා ???? (After a long time son... how are you????)" කවදාවත් දැනිලා නැති ලෙන්ගතුකමක් අද අප්පාගේ කටහඩේ තියෙනවා කියලා මට හිතුනේ . ඒත් .... කාලයක් තිස්සේ හැඟීම් දැනීම් නැති කෙනෙක් වගේ ජීවත් වෙන මට ඒ ලෙන්ගතුකම දැනෙන්නේ නෑ .

"අදල් (son)????.... ඔය කියන්නේ අර නිසි කාලයේදී කිම් සමූහයට සම්බන්ධ වෙලා ව්‍යාපාර භාරගන්න ඉන්න පුතා ගැනද???? මියානජිමාන් ක්ගෙ නා අනියා හෙජන්නිම් (I'm sorry but it's not me) "

"ටේ... ටේහ්‍යුන්ගා .. ඔයා තාමත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැද්ද ??? අඩුම තරමින් ඔයාට ඔයාගේ පවුලේ අය ගැන කිසිම හැඟීමක් නැද්ද ???" අප්පා ඇහුවේ මගේ ඇස් දිහා ම බලාගෙන

"කජොක් ( family ).... ඔම්මා අප්පා (mom, dad) .... මට එහෙම කවුරුත් නෑ ... අන්තිමට මම US යන දවසේ කිව්වා වගේ ම එදා මම හැමදේම හැමෝම අතෑරියා . " මම කියද්දි අප්පාගේ මූණ වෙනස් උනා. නම්ජූන් හ්‍යුන්ග් මගේ දිහා වගේ ම අප්පාගේ දිහා මාරුවෙන් මාරුවට  බැලුවේ කියාගන්න දෙයක් නැතුව වගේ . මම හ්‍යුන්ග්ට එදා මේ වගේ කතා කරලා ඊට පස්සේ ඒ ගැන දුක් උනා , ඒත් අද අප්පට මෙහෙම කිව්වට මට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නෑ කියලා මම දන්නවා .

" හ්‍යුන්ග් මම යන්නම්, පස්සේ වෙලාවක ආපහු හම්බවෙමු . " මම හ්‍යුන්ග්ට කියලා පුටුවෙන් නැඟිට්ටේ ආපහු යන්න ඒත් ...

"ජේහ්‍යුන්ග් නතර වෙන්න , තාම අපි කතා කරලා ඉවර නැහැනෙ ." එකපාරටම අප්පා කිව්වා . ඒ වගේ ම එයාගේ කටහඩේ තිබුනේ තරමක සැර බවක් වගේ ම සෘජු බවක් . හ්‍යුන්ග් වගේ ම මමත් පුදුම වෙලා බැලුවේ එකපාරටම අප්පාගේ කටහඬේ ස්වරය වගේ ම හැසිරෙන විදිහත් වෙනස් උන නිසා . ඒත් මම ආපහු වාඩි උනා .

"ඔයා කිව්වා වගේ ම හැමෝම බලාගෙන ඉන්නේ ටේහ්‍යුන්ග් විදිහට ඔයා ආපහු kim cooperation එක බාරගන්න එනකල් . ඒත් ඔයාට ඕන ජේහ්‍යුන්ග් විදිහට Arc games එක කරගෙන යන්න . ඒත් ඔයාට එහෙම කරන්න පුලුවන් වෙන්නේ ඔයා ජේහ්‍යුන්ග් විදිහට හිටියොත් විතරයි නේද ????" අප්පා ඇහුවේ මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන .

"ම්වෝ??? (What?)" මම එකපාරටම පුදුම වෙලා වගේ ඇහුවේ .

"සරලවම කිව්වොත් මම දැන් media වලට  Arc games එකේ CEO වෙන කවුරුත් නෙවෙයි Kim cooperation එකේ අනාගත උරුමක්කාරයා කියලා කිව්වොත් ඔයාට කරන්න දෙයක් නෑ ටේහ්‍යුන්ග් ." අප්පාගේ කටහඬේ තිබුනේ උපහාසයක් වගේ , ඒත් එයා ඒ කිව්ව දේවල් නිසා මටත් එකපාරටම කේන්ති ගියා.

"ඔයාට මොකද්ද කියන්න ඕන ???" මම ඇහුවේ අමාරුවෙන් උනත් කේන්තිය පාලනය කරගෙන .

"ඔයාට ජේහ්‍යුන්ග් විදිහට ඉන්න පුලුවන් , මගෙන් කිසිම බාධාවක් නෑ . ඒත් ඔයාට Kim group එකේ උරුමක්කාරයා කියන එකෙන් මඟාරින්න පුලුවන් උනාට ටේහ්‍යුන්ග් විදිහට ඔයාට ඔයාගේ පවුලේ වගකීම් වලින් බේරෙන්න බෑ ටේහ්‍යුන්ග් " අප්පා කිව්වේ අවධාරණාත්මක විදිහට .

"සම්චුන්.... මම හිතන්නේ අපි මේ ගැන පස්සේ ..."

"අනියා නම්ජූන් .... මෙයා දැන් කල් ගත්තා හොඳටම වැඩියි. ටේහ්‍යුන්ග් නම්ජූන්ට තනියෙන් හැමදේම කරන්න බෑ ... ඔයා Kim cooperation එකට සම්බන්ධ වෙන්න .. ඒත් ඔයාගේ අනන්‍යතාවය ඔයාට ඒ විදිහට ම තියාගන්න පුලුවන් " අප්පා කිව්වේ කිසිම හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ . කේන්තියට මගේ ඇඟම රත් වෙනවා වගේ දැනුනේ .

"චොල්තේ අන්ද්වේ (no way) ... ඒක කිසිම විදිහකින් වෙන දෙයක් නෙවෙයි ... ඔයා හිතනවද මෙච්චර කල් හිටිය වගේ ම මට මගේ පාඩුවේ ඉන්න පුලුවන්කමක් තියෙද්දි මම ඔයා කියන දේට එකඟවෙයි කියලා . කොහෙත්ම නෑ Mr.Kim Tae hoon ssi. "

"එහෙනම් හෙට උදේ වෙද්දී හැම newspaper එකක වගේ ම tv channel වලත් තියෙයි Arc games CEO Kim Jaehyung කියන්නේ Kim cooperation future CEO Kim Taehyung කියලා ..."

"ඔයා දැන් මට තර්ජනය කරන තරම් පහත් තත්ත්වයකට වැටිලද???" මම ඇහුවේ අතේ ඇඟිලි මිට මොලවා ගන්න ගමන්

"තර්ජනය කරනවා??? කොහෙත් ම නෑ . තේරීම ඔයාගේ අතේ ටේහ්‍යුන්ග් . දිගටම ජේහ්‍යුන්ග් විදිහට ඉන්න ඕන නම් ලබන සතියේ ඉඳන් ඔයා Kim cooperation එකට සම්බන්ධ වෙන්න ඕන . ඒ වගේ ම Chairman විදිහට මගේ තීරණය තමයි අවසන් තීරණය වෙන්නේ . " අප්පා අවධාරණාත්මක විදිහට කියද්දි මගේ ඉවසීම සම්පූර්ණයෙන්ම නැතිඋනා .

"මෙච්චර කාලෙකට මම පසුතැවිලි උනේ මම ආදරේ කරපු දෙන්නෙක් ම මගේ ජීවිතෙන් නැති වෙලා යද්දී මට මොකුත් කරන්න බැරි උන එක ගැන විතරයි ... ඒත් අද ජීවිතේ පළවෙනි වතාවට මම ඔයාගේ පුතා උන එක ගැන පසුතැවෙනවා . " මම එහෙම කියලා නැඟිටලා දොර දිහාට ගියත් නතර වෙලා ආපහු හැරුනා .

"අවුරුදු හතකට පස්සේ මම හැමදේම අමතක කරලා ආපහු ජීවිතේ පටන් ගන්න හැදුවේ , ඒත් අප්පා ඔයා ඒ හැමදේම හීනයක් විතරක් කළා. ඔයාට ඕන මම Kim cooperation එකට සම්බන්ධ වෙන්න නම් මම ලබන සතියේ ඉඳන් Kim cooperation එකට සම්බන්ධ වෙන්නම්. ඒ වගේ ම අද මම මේ ඔයාට අප්පා කියන්නේ අවසන් වතාවට , සදහටම ආපහු මම ඒ වචනේ කියන්නේ නෑ . ගුමස්ම්නිදා (thank you ) මගේ ජීවිතේ ආපහු සම්පූර්ණයෙන්ම විනාස කළාට. මම ඔයාට හැමදාටම වෛර කරනවා." කවුරුත් මොකුත් කියන්න කලින් මම එලියට ආවා, කාර් එකට නැග්ගත් ඔලුව හොඳටම අවුල් වෙලා . අප්පා ගැන හිතේ තිබුනේ හැමදේටම වඩා කළකිරීමක් ... අවුරුදු ගානකට පස්සේ එයා වෙනස් වෙන්න ඇති කියලා මගේ හිතේ කොණක තිබුන බලාපොරොත්තුව මොහොතකින් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ටිකක් වෙලා හිටියට පස්සේ මම ඩ්‍රයිව් කරන්න ගත්තත් හිතේ තිබුන කේන්තිය නිසාම දෙතුන් සැරයක් speed limits පැන්නා . ගෙදර යනවා වෙනුවට මම අන්තිමට ඇවිත් කාර් එක නතර කළේ සාමාන්‍යයෙන් එන්නේ නැති තැනක.

Jimin's POV
ගිය සතියේ Wild attack එකේ launching එක ගැන අපි හැමෝටම ලොකු බලාපොරොත්තුවක් තිබුනා , ඒත් ගේම් එකට වඩා මගේ බලාපොරොත්තුව තිබුනේ ටේ ජේහ්‍යුන්ග් විදිහට සමාජෙට එන එක ගැන , අවුරුදු ගානකට පස්සේ ටේ ආපහු අලුත් අනන්‍යතාවයකින් උනත් ආපහු එයාගේ ජීවිතේ පටන් ගන්නවා වගේ මට හැඟුනේ . ඒත් Launching එකට Namjoon hyung ඇවිත් ඉන්නවා දැකලා මම ගොඩක් පුදුම උනා, ඊටත් වඩා මම ඉස්සෙල්ලාම බය උනා කිව්වොත් හරි . මොකද පවුලේ හැමදේම එපා වෙලා ඉන්න ටේහ්‍යුන්ග් එයාගේ hyungට උනත් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා මට හිතාගන්න බෑ . ටේ හ්‍යුන්ග් එක්ක එයාගේ office room එකට ගියේ මූණෙන් කිසිම විදිහට හැඟීමක් නොපෙන්වා , එයත් කිසිම විදිහකින් Namjoon හ්‍යුන්ග්ව මේ විදිහට දකින්න බලාපොරොත්තු වෙන්න නැතුව ඇති . ඒත් ඔෆිස් රූම් එකට ගිහින් විනාඩි 10කින් විතර Namjoon hyung එලියට ආවා. එතකොටත් මම හිටියේ conference hall එක ළඟ. ගොඩක් සමීප ආශ්‍රයක් නොතිබ්බත් ටේ ගැන Namjoon hyungට , Jin hyungට   කිව්වේ නැති එක ගැන මට දැනුනේ වරදකාරී හැඟීමක් , මොකද එයාගේ ඔම්මා අප්පා වෙනුවට යම් තරමකට හරි ටේ ගැන හොයලා බැලුවේ එයාගේ හ්‍යුන්ග්ලා දෙන්නා . Namjoon හ්‍යුන්ග්ට ආචාර කළත් එකපාරටම මොකද්ද කියන්නේ කියලා මට හිතාගන්න බැරි උනා.

"Namjoon.. hyung ... මම .."

"It's ok Jimin . ටේහ්‍යුන්ග් ගැන මෙච්චර කල් ඔයා දැනගෙන හිටියත් ඒ ගැන කිව්වේ නැති එක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි , නන්නාඳුනන රටක එයාව තනි කරන්නේ නැතුව ඔයා එයා එක්ක මෙච්චර කල් එයා වෙනුවෙන් හිටිය එකට ඇත්තටම අපි ස්තූතිවන්ත වෙන්න ඕන ඔයාට . ටේ කරපු දේ වැරදියි කියන්නත් අපිට බෑ . ඒත් මේ කොල්ලා ඇත්තටම ගොඩක් මුරණ්ඩු වෙලා , ඔයාවත් ටේ එක්ක මෙච්චර කාලයක් හිටිය එක ඇත්තටම සහනයක් . " Namjoon hyung අවංකව ම කිව්වේ කියලා එයාගේ මූණෙන් ම පෙනුනා.

......I can't understand what people are saying ...........

කල්පනා කර කර ඉන්න අතරේ එකපාරටම ෆෝන් එක රිංග්ස් වෙන්න ගත්ත නිසා මම ඉක්මනට ෆෝන් එක අතට ගත්තත් caller ID එක තිබුනේ දන්නේ නැති එකක්.. ටිකක් වෙලා ඉඳලා අන්තිමට මම ෆෝන් එක ආන්ස්වර් කළා.

"යොබුසෙයෝ"

"ජීමින් ශී නේද මේ කතා කරන්නේ ????" එහා පැත්තෙන් ඇහුනේ නන්නාඳුනන කටහඬක්.

"නේ... නුගුයේයෝ???" මම ඇහුවේ නොඉවසිල්ලෙන් .

"හූක්ශි නෝ ජේහ්‍යුන්ග් අරායෝ??? කිම් ජේහ්‍යුන්ග් ???"
.
.
.
Black knight bar එක ළඟට එන්න මට ගියේ විනාඩි දහයක් විතර . කාර් එක පාර්ක් කරලා මම ඇතුලට දිව්වේ අඩියට දෙකට. වෙලාව රෑ 10ට කිට්ටු වෙලා තිබුනත් bar එක තාමත් සම්පූර්ණයෙන්ම කට්ටියගෙන් පිරිලා. ටිකක් වෙලා වටපිට බැලුවට පස්සේ බාර් එකේ පැත්තකට වෙන්න තිබුන ටේබල් එකක වාඩිවෙලා ඉන්න ටේව මට යන්‍තමට පෙනුනා. මම ටේ ඉන්න මේසේ ළඟට ගියත් එයා එයාගේ අතේ තිබුන drink එක දිහා බලාගෙන හිටියේ . මම හෙමින් සැරේ ටේට ඉස්සරහින් වාඩි උනා.

"ටේ.... "

"ඕ... ජීමිනා.... නෝ ඔන්ජේ වස්සොයෝ???? (When did you come??)" ටේහ්‍යුන්ගා  ඇහුවේ අතේ තිබුන වීදුරුව දෙපැත්තට වනන ගමන් . මුලින්ම මම බයවුනත් පස්සේ ටේ ඒ තරම් බීලා නෑ කියලා මට හිතුනේ , මොකද ටේගේ alcohol tolerance එක අඩු නිසා එයාට සැර බීමක් බීලා මෙහෙම ඉන්න බෑ .

"යාහ් .... මම දැන් ආවේ කියලා පේන්නේ නැද්ද ඒලියන් කොල්ලො  ??? දැන් යමු " මම එහෙම කිව්වත් ටේ ඇහුනේ නෑ වගේ drink එකෙන් තවත් උගුරක් කටට හළාගත්තා.

"ජීමිනා.... දන්නවද මගේ ජීවිතේ උන ලොකුම වැරැද්ද මොකද්ද කියලා ??? අනිජි (no) ????" එකපාරටම ටේ ඇහුවේ එයා පොඩ්ඩක්වත් වෙරි වෙලා නෑ වගේ හරිම පැහැදිලි ව.

"ඒ තමයි මම කිම් ටේ හූන්ගේ පුතා උන එක. ඒ වගේ ම තමයි මට ආපහු ජීවිතේ අලුතෙන් පටන් අරන් මේ ගමන මම කැමති විදිහට යන්න පුලුවන් වෙයි කියලා මම හිතුවා... ක්රොන්දේ නා ත්ල්ල්‍යොස්සොයෝ ජීමිනා (but I was wrong ) " ටේ එකපාරටම කිව්වේ ලොකු වේදනාවකින් වගේ  , මොකද්ද සිද්ධ උනේ????

"ටේ..... "

"කජා ජීමිනා ... ක(අ)රිගෝ මියානේ කරදරයක් උනාට" ටේ එහෙම කියලා glass එක මේසේ උඩ තියලා නැඟිට්ටත් එයා එකපාරටම ඉස්සරහට විසිවෙලා ගියේ මත්වෙලා නිසා . ඒත් ටේ වැටෙන්න කලින් මම එයාව අල්ලාගත්තා . බිල් එක ගෙව්වට පස්සේ ටේ කොහොම හරි කාර් පාර්ක් එකට වැටෙන්නේ නැතුව එක්කරගෙන ගියා. ටේගේ කාර් එක පාර්ක් එකේ දාලා මම එයාවත් මගේ එකට දාගෙන ටේගේ අපාර්ට්මන්ට් එකට ගියා .

"මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විහිලුවක්, සෙල්ලමක් වෙලා soulmate. හරියට චෙස් බෝර්ඩ් එකක king වගේ අප්පා තමයි මේකත් ප්ලේ කරන්නේ , මම නිකන් ම නිකන් Pawn කෙනෙක් විතරයි . "

අමාරුවෙන් උනත් ටේව කාර් එකේ ඉදන් එයාගේ අපාර්ට්මන්ට් එකේ බෙඩ් රූම් එකට එක්කරගෙන ගියාට පස්සේ ඇඳේ පෙරළුණු ටේගේ කටෙන් මේ වචන පිටවුණේ සිහින් හඬකින් උනත් ඒ වචන ඇතුලේ දරාගන්න බැරි වේදනාවක් හැංඟිලා තියෙයි කියලා මට දැනුනේ . මෙච්චර කාලෙකට ටේට එයාගේ ජීවිතේ කොච්චර කරදර ආවත් මීට කලින් කවදාවත් ටේ මේ වගේ බාර් එකකට ගිහින් සිහිය නැති වෙනකල් බීලා නෑ .. ඒත් අද මෙච්චර දරුණු තීරණයක් ගන්න තරම් ටේට මොකද්ද සිද්ධ උනේ ???

ටිකක් වෙලා යද්දී ටේට නින්ද ගිය නිසා මම එලියට එන්න හදද්දිම මගේ  ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා . මම එලියට ඇවිත් ෆෝන් එක ආන්ස්වර් කළේ ටේට ඇහැරෙන්නේ නැති වෙන්න .

"යොබුසෙයෝ??"

"ජීමින් මච්චි (right) ??? මම නම්ජූන් හ්‍යුන්ග් කතා කරන්නේ "

"නේ හ්‍යුන්ග් "

" ජීමිනා පොඩ්ඩක් ටේහ්‍යුන්ගා  ගැන බලන්න පුලුවන් ද??? මම එයාට කෝල් කලත් එයාගේ ෆෝන් එක වැඩ නැහැ. මම ටේගේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ කොහෙද දන්නෙත් නෑ . අද ටේට සන්චූන් ව මුණගැහුණා. ඒත් ඒක ඉවර උනේ එච්චර හොඳ විදිහකට නෙවෙයි " නම්ජූන් හ්‍යුන්ග් එහෙම කියද්දි මට දැනුනේ කේන්තියක්

"ටේ බාර් එකට ගිහින් සිහි නැතිවෙනකල් බොන්න තරම් මොකද්ද සිද්ධ උනේ හ්‍යුන්ග් ???"

"ම්වෝ??? ටේ සිහිනැති වෙන්න තරම් බිව්වා ??? " නම්ජූන් හ්‍යුන්ග් එකපාරටම ඇහුවේ කලබලයෙන් වගේ .

"ඔව් හ්‍යුන්ග් . මටත් බාර් එකේ waiter කෙනෙක් කෝල් කළේ, මම දැන් එයාව එක්කරගෙන ආවේ . මොකද්ද සිද්ධ උනේ??"

"ටේ ඔයාට පස්සේ ඒ ගැන කියයි. දැනට පොඩ්ඩක් ටේ ගැන බලන්න ජීමින්. එහෙනම් මම තියනවා. "

කෝල් එක කට් කරලා මම සෝෆාවේ ටිකක් ඇලවෙලා  ආපහු කල්පනා කරන්න ගත්තේ නම්ජූන් හ්‍යුන්ග් කිව්ව දේවල් ගැන . ටේට කොහෙදිද අජස්සීව හම්බවෙන්න ඇත්තේ??? මම හිතුවෙ දැන් සමහරවිට හැමදේම ආපහු හරියයි කියලා , ටේ එයාගේ ඔම්මට අප්පාට සමාව දීලා එයාලා ආපහු එකතු වෙයි කියලා . ඒත් දැන් බලාගෙන යද්දී මම හිතුව විදිහ වැරදියි වගේ . එයාලා හැමෝම එයාලාගේ පවුලේ අයගෙන් හිතාගන්න බැරි තරම් ඈත් වෙලා ද????
.
.
.
කලින් දවසේ රෑ මට දන්නෙම නැතුව සෝපාවෙම නින්ද ගිහින් . රෑ වෙලා නින්ද ගිය නිසා ඇහැරුනෙත් 7ට විතර . ඊයේ ගෙදර ගියේ නැති නිසා ෆෝන් එක මිස් කෝල්වලින් පිරිලා . අන්තිමට ඔම්මට කෝල් කරලා බැණුමකුත් ඇහුවට පස්සේ මම වොෂ් එකක් දාගෙන kitchen එකට ගියේ කන්න මොනාහරි හදන්න .  ramyeon දෙකක් හදලා කිම්චි ස්ටූ, බිත්තර රෝල් හැදුවට පස්සේ ෆ්‍රිජ් එකේ ඕන ජාති ඔක්කොම තිබුන නිසා hangover soup එකක් හදන්න ගත්තේ තව ටිකකින් ටේ ඇහැරින්නේ සොම්බී කෙනෙක් වගේ කියලා දන්න නිසා .

"ජීමිනා" ටික වෙලාවකින් ටේගේ කටහඬ ඇහුනා . මම අතේ තිබුන hangover soul bowl එක පෙන්නුවත් ඊටත් කලින් ටේ ආපහු උඩට දිව්වේ අතින් කට වහගෙන .

Taehyung's POV
ඇහැරුන ගමන් මට දැනුනේ ඔලුව පුපුරු ගහන තරම් කැක්කුමක්. අත් කකුල් ඔක්කොමත් රිදෙනවා . ඇඳෙන් නැඟිටින්න හදද්දිම දැනුන බඩ දගලන ගතිය , උගුරෙ දැවිල්ල නිසා අසිහියෙන් වගේ වොෂ් රූම් එකට දුවන්න උනේ. රෑ බිව්ව ඔක්කොම වමනේ කළාට පස්සේ උගුරෙ දැවිල්ල තවත් වැඩි උනා වගේ . මම කට හෝදලා මූණට වතුර ටිකක් ගහගන්න ගමන් කණ්ණාඩියෙන්  මගේ දිහා බැලුවා . මම තාමත් හිටියේ ඊයේ ඔෆිස් යන්න ඇඳපු ඇඳුම්වලින් , කොණ්ඩෙත් හැම පැත්තකටම විසිරිලා හොඳටම අවුල් වෙලා . මූණ හෝදගෙන මම හෙමින් සැරේ පහළට බැස්සේ ඔලුවේ කැක්කුමට පැනඩෝල් බොන්න වතුර එකක් ගන්න . ඒත් kitchen එකේ හිටිය ජීමිනා දැකලා මම පුදුම උනා.

"ජීමිනා" මම කතා කරද්දී හැරිලා බලලා ජීමිනා අතේ තිබුන කෑම එකක් පෙන්නුවත් ආපහු බඩ දඟලනවා දැනුන නිසා මම වොෂ් රූම් එකට දිව්වේ කටත් අතින් වහගෙන .

සෝජු බෝතලයක්වත් බීලා ඉන්න බැරි මම ඊයේ කොච්චර බීලද???පණපිටින් ඉතුරු උනා ඇති වගේ . ඇදගෙන හිටිය ඇඳුම්වලිනුත් දැනුනේ බීම සැර නිසා මම වොෂ් එකක් දාලා ඇඳුම් මාරුකරගෙන ආපහු kitchen එකට ගියේ ඔලුව කැක්කුම අඩු වෙන්න pain killers පෙති දෙකකුත් අරගෙන .
.
.
.
"ටේ කෑම කන්න කලින් hangover soup එක බීලා ඉන්න , ඒකෙන් ඔය ඔලුවේ කැක්කුම අඩු වෙයි . " ජීමිනා එයාගේ ramyeon එක කන ගමන් කිව්වේ හරිම සන්සුන් විදිහට , මම බිබී හිටපු වතුර එක පැත්තකින් තියලා මගේ ඉස්සරහින් මේසේ උඩ තිබුන සුප් එක දිහා බැලුවා . ඔලුවේ කැක්කුම තාම අඩු වෙලා නැති නිසා ම හෙමින් සැරේ සුප් එක බොන්න ගත්තත් තාමත් ජීමිනා මොකුත්ම කිව්වේ නෑ . ආපහු කොරියාවට ආපු දවස්වල සෝජු බීලා බෝතලයක්වත් බොන්න කලින් මම හොඳටම මත් උනා, ජීමිනා පැයක් විතර බැන්නා මට ඇල්කොහොල් බොන්න බෑ කියලා දැනගෙනත් බිව්වේ මොකටද කියලා . එතකොට ඊයේ මට මතක විදිහට මාව බාර් එකේ ඉඳලා එක්කරගෙන ආවෙත් ජීමිනා, ඒත් තාමත් මොකුත් කිව්වේ නෑ .

"ටේහ්‍යුන්ගා මොකද්ද සිද්ධ උනේ ???" මම සුප් එක බීලා ඉවර වෙද්දිම වගේ ජීමිනා ඇහුවා .

"ම්වෝ?????"

"ඊයේ ඔයාට දරාගන්න බැරි තරමට බොන්න තරම් මොකද්ද සිද්ධ උනේ???"

"නා ත්ල්ල්‍යොස්සොයෝ ජීමිනා, තා ත්ල්ල්‍යොස්සොයෝ (I was wrong jimina, everything is wrong )"

"ම්වෝ???  (What ) මොකද්ද වැරදුනේ???"

"ජීමිනා හැමදේම අතෑරියට පස්සේ මට ආපහු එන්න කිසිම අදහසක් තිබුනේ නෑ . ඒත් අන්තිමට මම ආපහු ආවා. ඒ වගේ ම මගේ නම වෙනස් කරගත්තා . ටේහ්‍යුන්ග් නොවී ජේහ්‍යුන්ග් උනොත් එකම එක වතාවක් හරි මගේ ජීවිතේ මට ඕන විදිහට ගෙවන්න පුලුවන් වෙයි කියලා මම හිතුවා. ඒත් ... ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් . කොච්චර පිළිගන්න අකමැති උනත් මට මම කිම් පවුලේ කෙනෙක් කියන බරෙන් නිදහස් වෙන්න බෑ ."

"යාහ් මිච්ච්‍යොස්සෝ ??? ඔයා මෙච්චර කල් ජේහ්‍යුන්ග් විදිහට ජීවත් උනේ නැද්ද ??? අඩුම තරමින් නිදහසේ තමන්ගේ ජීවිතේ වින්දේ නැද්ද ??? දැන් ඇයි මේ එකපාරටම ???" ජීමිනාගේ කටේ සද්දෙත් වැඩි උනේ එයා පුදුම උන නිසා වෙන්නැති .

"මම තවත් එහෙම කරන්නේ කොහොමද චිම් මගෙම අප්පා මාව බලෙන් කිම් cooperation එකට ගන්න හදද්දී." මම කිව්වේ ඊයේ නම්ජූන් හ්‍යුන්ග්ගේ ඔෆිස් එකේ උන දේවල් ආපහු ආපහු  මතක් වෙද්දී

"අජස්සී???? අජස්සී මොකද්ද කිව්වේ ???"

"මම කම්පැනි එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් මම ජේහ්‍යුන්ග් නෙවෙයි කිම් ටේහ්‍යුන්ග් කියන එක මීඩියා දැනගනියි කිව්වා , ඒ කියන්නේ හැමෝම මාව දැනගන්නවා කියන එක. "

" චින්චා මිච්චිගෙන්නේ (it's crazy ). ඔයා මොකද්ද කිව්වේ ???"

"මම දන්නේ නෑ ඒ වෙලාවේ මම කේන්තියට ද කළකිරීමට ද එහෙම කළේ කියලා , ඒත් මම කැමති උනා. මගේ ළමාකාලය මට සම්පූර්ණයෙන්ම නැති කරලා දාපු kim cooperation එකට එකතු වෙන්න මම කැමති උනා. ඒත් මට ආපහු එද්දී කේන්තිය පාලනය කරගන්න පුලුවන් කමක් තිබුනේ නෑ , අන්තිමට කොහොමහරි මම නතර උනේ black knight එකේ. "

"නෝ හ්වක්ශිරේ???? ඔයාට Arc එකේ වැඩත් එක්ක තවත් දේකට වැය කරන්න වෙලාවක් තියෙයි කියලා?????"

"නාදෝ මොල්ලා . මට මොකුත්ම හිතාගන්න බෑ ඒත් දැනට මට ජේහ්‍යුන්ග් විදිහට ඉන්න තියෙන අවස්තාව නැති කරගන්න බෑ " මම කිව්වේ ඔලුව කෑම මේසෙට තියාගන්න ගමන්

Min Hee's POV
Kim cooperation එකේ බුසාන්වල branch එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සෝල්වල main office එක, පහළ ඉඳන් බලද්දී පේන්නේ අහස උසට විහිදෙන සුවිසල් බිල්ඩින් එකක්  . Reception එකෙන් මගේ promotion letter එක බලලා මට කෙලින්ම CEO ලඟට යන්න කිව්වේ . හිතට එකපාරටම පොඩි තිගැස්මක් දැනුනත් ටිකක් වෙලා ඉඳලා මම CEO ගෙ ඔෆිස් එක හොයාගෙන ගියා . ඔෆිස් එකේ දොරට තට්ටු කරන්න හදද්දිම එකපාරටම දොර ඇතුලට ඇරුනේ මාව අඩියක් විතර පිටිපස්සට විසිවෙද්දී , ඇතුලේ ඉඳන් එලියට ආවේ තරුණ වයසේ කෙනෙක් , ඒ වගේ ම එයාගේ මූණ හිනාවකින් පිරිලා තිබුනේ .

"ඕහ් මියානේයෝ (sorry ) , ඔයාව එකපාරටම බයකරපු එකට. ක(අ)න්දේ නෝ නුගුයේයෝ ??? (But who are you )" ඒ කෙනා ඇහුවේ මගේ මූණ දිහා හොඳට බලන ගමන් , එකපාරටම මාත් පුදුම වෙලා හිටිය නිසා මම මොකුත් නොකියා මගේ අතේ තිබුන letter එක දුන්නා .

"චොනන් චෝයි මින්හී ඉම්නිදා " ඒත් කොහොම හරි මම මාව අඳුන්වලා දුන්නා .

ඒ කෙනා letter එක කියවලා ආපහු මගේ දිහාට හැරුනේ ආපහු හිනාවකුත් එක්ක .

"ඇතුලට එන්න , මම තෙප්‍යෝනිම්ට ඔයාව introduce කරලා දෙන්නම්. නා ජන්ග් හෝ සොක් , තෙප්‍යෝ පිසන් (CEO's secretary ) "

"ගුමස්ම්නිදා (thank you ) හෝසොක් ශී " මම එහෙම කියලා ආපහු මගේ ලෙටර් එකත් අරගෙන හෝසොක් ශී පිටිපස්සෙන් තෙප්‍යෝනිම්ගේ ඔෆිස් එක ඇතුලට ගියා. කිම් cooperation එකේ CEO කිම් නම්ජූන් කියලා කෙනෙක් කියලා අහලා තිබුනට කවදාවත් දැකලා නැති නිසා මම හිතුවෙ ටිකක් වයසින් වැඩි කෙනෙක් වෙන්නැති කියලා . ඒත් CEO කියලා ගහලා තිබුන මේසේ පිටිපස්සෙ වාඩිවෙලා හිටියේ ගොඩක් තරුණ කෙනෙක් , ඇතුලට ගියාට පස්සේ හෝසොක් ශී මගේ promotion letter එක පෙන්නලා තෙප්‍යෝනිම්ට මාව introduce කළා. එයාලා මගේ certificate file එකත් හොඳට බැලුවා.

"මින්හී ශී kim cooperation එකට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තම කිව්වොත් අපේ main branch එකට . එහෙම නේද ???" තෙප්‍යෝනිම් ඇහුවේ හරිම මිත්‍රශීලී විදිහට , කිම් cooperation එකේ CEO වෙලත් මෙයා කොහොමද මෙච්චර සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ ?? මට තවත් පුදුම හිතුනා .

"ආ නේ... මජායෝ (that's right ) ." ඒත් මම ඒ බවක් පෙන්නන්නේ නැතුව උත්තර දුන්නා .

"අපි ඔයාව ගන්න හිටිය post එක ඒ විදිහට ම තියෙනවා උනත් අපිට හදිස්සියේ ඔයාගේ promotion එක වෙනස් කරන්න වෙලා . මම හිතනවා ඔයාට ඒක ගැටලුවක් නැති වේවි කියලා ..." නම්ජූන් ශී කිව්වේ බැරෑරුම් විදිහට .

"චෙසූහජිමාන් තෙප්‍යෝනිම් (I'm sorry sir) , එතකොට මට ලැබෙන්නේ මොන වගේ පෝස්ට් එකක්ද????" මම ඇහුවේ එකපාරටම මොකුත් හිතාගන්න බැරුව. මොකද මගේ promotion එක තිබුනේ accountant කෙනෙක් විදිහට .

"මෙහෙමයි හදිස්සියේ අපේ financial management section එකේ වෙනසක් සිද්ද උනා, ලබන සතියේ ඉදන් ඒකට අලුත් chief financial officer කෙනෙක් පත්වෙනවා . එතකොට ඔයාට එයාගේ assistant විදිහට වැඩ කරන්න වෙන්නේ . Assistant කිව්වට ඔයාට accounting ගැනත් බලන්න වෙනවා. ඒ වගේ ම බය වෙන්න එපා ඔයාට ඒක අමාරු දෙයක් වෙයි කියලා , ඔයාගේ මේ සහතික වගේ ම ඔයාගේ recommend එක බැලුවම ඔයාට මේක කරන්න පුලුවන් කියලා අපිට විශ්වාසයි, ඒ නිසා තමයි අපි ඔයාට මේ අවස්තාව දෙන්න තීරණය කළේ. " තෙප්‍යෝ වගේ ම එයාගේ secretary ත් මගේ දිහා බලාගෙන හිටියේ බලාපොරොත්තු සහගත විදිහට , ඒ ඉල්ලීම මටත් අහක දාන්න බෑ කියලා දැනුනේ .

"නේ... මම උපරිම උත්සාහ කරන්නම්" මම කිව්වේ හිතේ චකිතය එයාලාට දැනෙන්නේ නැති වෙන්න .

"Chief officer එන්නේ ලබන සතියේ ඉදන් උනත් මින්හී ශී ඔයාට පුලුවන් අද ඉදලා වැඩ කරන්න පටන් ගන්න , අලුත් තනතුරේ වැඩවලට හුරුවෙන්න ඒක උදව්වක් වෙයි." තෙප්‍යෝනිම් මට උණුසුම් හිනාවකින් සංග්‍රහ කරන ගමන් කිව්වේ .

"මම එහෙනම් දැන්මම financial section එකට යන්නම් තෙප්‍යෝනිම් . ගුමස්ම්නිදා ." මම තෙප්‍යෝනිම්ගේ ඔෆිස් එකෙන් එලියට ආවේ හෝසොක් ශී එක්කමයි.

"Financial section එක තියෙන්නේ 19වෙනි තට්ටුවේ, මේකට පල්ලෙහා තට්ටුව" හෝසොක් ශී කිව්වේ මට කිව්වේ මම වටපිට බලද්දී .

අන්තිමට මම financial section එකට ඇවිත් දැනටමත් සූදානම් කරලා තිබුන මගේ office room එකට ගියා.

"මම හිතන්නේ මේ තමයි මට ලැබුන හොඳම ජොබ් එක. ආ... නෝම කිප්පොයෝ....(so happy )" මම සතුට නිසාම හිනාවෙවී මගේ රූම් එක වටේට බැලුවේ වැඩ පටන් ගන්න කලින් .

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න කතාව අප්ලෝඩ් කළා. සොරි දවසක් පරක්කු උනා. කියවලා ඔයාලාට හිතෙන දේවල් ගැන කියාගෙන ම යන්න . සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️💜️💜️💜️

P/S : Edited and republished on 26/03/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top