Chapter 14
❤️There's no taehyung anymore ❤️
Namjoon's POV
දොරට තට්ටු කරනවා ඇහුනු නිසාම මම මෙච්චර වෙලා බලපු ෆයිල් එකෙන් ඔලුව උස්සලා බැලුවා . දොර ඇරගෙන ඇතුලට ආවේ හෝසොක් . කොහොමත් හිනාවෙලා ම ඉන්න හෝසොක්ගේ මූණ අද හොඳටම හිනාවෙන් පිරිලා , මොනා උනත් හොඳ ආරංචියක් වෙන්න ඕන .
"නම්ජූනා අන්තිමට හරි " හොබී කිව්වේ මගේ ඉස්සරහින් තිබුන පුටුවේ වාඩිවෙන ගමන් .
මගේ ඇස් එකපාරටම උඩ ගියේ හොබී කිව්වේ මම හිතන දේ ගැනම ද කියලා හිතන ගමන් .
"හොබී ඔයා කියන්නේ ???"
"ඔව් ටේහ්‍යුන්ග් තමයි ..."
"ටේ මොකද්ද ??? "
"Arc games එකේ අලුත් ගේම් එක launch කරනවා"
"ඒත් අපි කොහොමද ටේව හම්බවෙන්න යන්නේ ???? ටේ අපිත් එක්ක කිසිම සම්බන්ධයක් ඇතිකරගන්න කැමති නැහැනෙ " "
"අනියා නම්ජුනා මට හිතෙන්නේ මේ සැරේ වෙනසක් වේවි. ටේහ්‍යුන්ග්ට තවදුරටත් හැමෝම , හැමදේම මඟහැරලා ඉන්න ඕන නෑ වගේ ."
"ඒ කියන්නේ එයා launching එකේදී taehyung විදිහට මීඩියා ඉස්සරහට එනවද??? " මම ඇහුවේ උපරිම සතුටෙන් උනත් ඒක ලේසියෙන් සිද්ද වෙන්නේ නෑ කියලා මම හොඳටම දැනගෙන හිටියා .
"අනියා නම්ජූන් , මම ටේහ්‍යුන්ග් ගැන ඔයාගෙන් දැනගත්ත විස්තර වලට වැඩිය ඔයා ටේහ්‍යුන්ග් ගැන දන්නවානේ. " හොබී කිව්වේ සීරියස් විදිහට . හොබී මගේ secretary උනත් ඊටත් වඩා හොඳ යාලුවෙක් උන නිසා ටේහ්‍යුන්ග් ගැන හොයන්න මට detective කෙනෙක් හොයාගන්නත් උදව් කලා.
"ටේගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් ම ගොඩක් හැලහැප්පීම් එක්ක තිබුනේ හොබී, ඒ හැමදේම එක්ක ටේ මෙහෙම හරි ඉන්නවා ඇති . එයා අපෙන් ඈත් උන එකට එයාට දොස් කියන්න බෑ ." මම කිව්වේ ටික වෙලාවකට පස්සේ
"යුන්ගී හ්‍යුන්ග්ට තෑන්ක්ස් කරන්න ඕන කොහොම හරි අවුරුද්දකට කලින් ටේ ගැන හොයාගත්ත එකට , හ්‍යුන්ග් ඇත්තටම super detective කෙනෙක් . "
"ඇත්තටම යුන්ගී හ්‍යුන්ග් ගොඩක් දක්ෂයි , නැත්නම් ටේහ්‍යුන්ගා එයාගේ සම්පූර්ණ අනන්‍යතාවය ම වෙනස් කරගෙන අතුරුදන් වුන විදියට හොයාගන්න එක හිතාගන්න බෑ . හොබී..... ටේහ්‍යුන්ගාව හමුවෙන්න ඕන කොහොම හරි , launching එක දවසට උපරිම උත්සාහ කරන්න ඕන එයාව හම්බවෙන්න ...."
"ටේ..... ටේහ්‍යුන්ග් " එකපාරටම දොර පැත්තෙන් ඇහුන කටහඬ නිසා මාව උඩ ගියා .
"ස.... සම්චූන් ...." සම්චුන් මගේ රූම් එකේ දොර ළඟ හිටගෙන හිටියේ ශොක් වෙලා වගේ , අපි දෙන්නාම දන්නේ නෑ සම්චුන් ආවේ කොයිවෙලාවෙ ද කියලා . ඒත් සම්චුන් හෙමින් සැරේ රූම් එක ඇතුලට ආවා, ටේගේ නම ඇහුන ටිකටත් සම්චූන්ගේ මූණ ගොඩක් හැඟීම්බර වෙලා . හොබී නැඟිටලා සම්චූන්ට ආචාර කරලා කාමරෙන් එලියට ගියේ අපිට පවුලේ දේවල් කතාකරගන්න ඉඩ දීලා . මමත් නැඟිටලා පැත්තකට වෙලා සම්චූන්ට ඉඳගන්න ඉඩ දුන්නා. සම්චුන් වාඩිවෙලා මගේ දිහා බැලුවේ දහසක් දේවල් හිතේ හිරකරගෙන වගේ .
"නම්ජූන්.... උරි අදල් ඔදියා (where is our son) ??? පල්ලි මර්හේ (say quickly ) "
සම්චුන් කිව්වේ ආයාචනාත්මක විදිහට .
"ස... සම්චුන් මම කියන දේ අහන්නකෝ.."
"නම්ජූන් ටේ කොහෙද ඉන්නේ ??? ඔයා එයාව හොයාගත්තා නේද .?????" සම්චුන් ඇහුවේ අවධාරණාත්මක විදිහට .
"සම්චුන්....."
"අනී නම්ජුන් , මෙච්චර කාලයක් එයා කිව්ව විදියට අපි එයා ගැන කිසිම දෙයක් හොයන්න ගියේ නෑ , අඩුම මෙච්චර කාලෙකට ටේහ්‍යුන්ගා ඉන්නේ කොහෙද කියලාවත් අපි දන්නේ නෑ . චේබල්... එයා ඉන්නේ කොහෙද කියලා දන්නවා නම් කියන්න නම්ජූන් ..."
"ටේ ඉන්නේ කොරියාවේ සම්චුන් , එයා US වලින් ආපහු ඇවිත් ටිකක් කල්....."
"යොගි???? යොගි ඔදින්දේ????? (Here??? Where ????)" සම්චුන් ඇහුවේ පුදුම වෙලා වගේ ම සතුටින් .
"Kim Jaehyung " මම ටේගේ අලුත්ම නම කිව්වා , සම්චුන් මගේ දිහා බැලුවේ මොකුත් හිතාගන්න බෑ වගේ .
"Kim Jaehyung.... Kim Jaehyung..... Kim Jaehyung කියන්නේ Arc games එකේ CEO නේද ????" සම්චුන් ඇහුවේ අවිනිශ්චිතත්වයක් එක්කමයි.
"Jaehyung කියන්නේ Taehyungට ම තමයි සම්චුන් , මටත් ගොඩක් කල් ගියා ටේව හොයාගන්න " මම අන්තිමට කිව්වේ සම්චුන් මොනවගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා හිතාගන්න බැරුව
"ඒ කියන්නේ එයා එයාගේ නමටත් වෛර කරනවා, මොකද ඒ නම
නිසා එයා කිම් පවුලට සම්බන්ධ වෙනවා " ලොකු නිහඬතාවයකින් පස්සේ සම්චුන් කිව්වේ කළකිරීමෙන් වගේ .
"සම්චූන්.... "
"අනියා නම්ජුනා ඔයාලාට පුලුවන් නම් ටේ එක්ක කතා කරන්න බලන්න , එයාට එයාගේ දෙමව්පියෝ එපා උනාට එයාගේ හ්‍යුන්ග්ලා එක්ක එයා ඒ තරම් තරහක් නැතුව ඇති . මම දැන් යන්නම්.. මම ආවේ cooperation එකේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කතාකරන්න , ඒත් ඒක පස්සේ වෙලාවක කරමු " සම්චුන් කාමරෙන් එලියට යද්දී ඇහුන බර අඩි සද්දේ වගේ ම සම්චූන්ගේ හිතත් ගොඩක් දේවල් පිරිලා බර වෙලා ඇති දැන්. ආපහු සැරයක් පුටුවට බර උන මමත් හිතින් අතීතෙට ගියා.
"හ්‍යුන්ග් ඔයාලා මොනා කිව්වත් මම හැමදේම අතාරින්න තීරණය කරලා ඉවරයි , අහිමිවීම කියන්නේ සමහරවිට මට උරුම දෙයක් වෙන්නැති , හැල්මොනි , පවුලේ ආදරේ , මින්හී..... මටත් හැමදේම ඉවසාගෙන ඉන්න , දරාගන්න සීමාවක් තියෙනවා , දැන් මගේ ජීවිතේ ඒ හැම සීමාවක්ම පහු කරලා තියෙන්නේ . මම ජීවිතේ නැති කරගන්නවා වගේ මෝඩ දෙයක් කරන්න හිතුවෙ නෑ , ඒත් මට හැමදේකින් ම ඈත් වෙන්න ඕන හැමදාටම , අඳුරු මතක පිරුන තැනක මට තවත් ජීවත් වෙන්න බෑ හ්‍යුන්ග් ."ටේ එකපාරටම ඇමෙරිකා යන්න තීරණය කරපු නිසා අපි හැමෝම ගොඩක් කලබල උනා.
ටේගේ ඇක්සිඩන්ට් එක නිසා වැඩියෙන්ම හිතින් වැටුනේ සම්චුන් වගේ ම කුමෝ. ටේ හොස්පිටල් එකේ ICU හිටිය දවස් ටිකේ එයාලා දෙන්නම හිතින් ගොඩක් වැටුනා , මෙච්චර කාලෙකට ටේ එක්ක ඉන්න බැරි උන එකට, සම්චුන් හැමවෙලාවෙම ටේහ්‍යුන්ගාට සැර කරපු එකට ඒ හැමදේටම එයාලා දෙන්නම ගොඩක් පසුතැවුනා. සතියකට පස්සේ ටේහ්‍යුන්ගාට සිහිය ආවට පස්සේ හැමදේම සාමාන්‍ය අතට හැරෙයි කියලා හිතුවත් සිද්ධ උනේ කවුරුත් නොහිතූ දෙයක් . සම්චුන් කුමෝ දෙන්නටම ටේව පළවෙනි වතාවට ආදරෙන් වැළඳගන්න ඕන උනත් ටේ එයාලා දෙන්නවම අතෑරියා . අවසානෙදි ටේහ්‍යුන්ගා වේදනාවෙන් පිරුන මතකයන් එක්කම හැමෝගෙන් ම ඈත් වුනා . සම්චුන් , කුමෝ දෙන්නම එයාලා නිසා ටේට හැමදෙයක් ම උනේ කියලා හිතුවා, ඒ නිසා එයාලා ටේ ගැන හොයන්න ගියේ නැත්තේ ටේට හිත හදාගන්න කාලේ දෙන්න ඕන නිසා වගේ ම තවත් ටේව මානසික ව වට්ටන්න බැරි නිසා .
අවුරුදු 5ක් ගත උනාට පස්සෙත් ටේ ගැන කිසිම දෙයක් නොදන්නා නිසා අන්තිමට ජින් හ්‍යුන්ග් , මම අපි private detective කෙනෙක්ගෙන් උදව් ගන්න තීරණය කළා. ටේ කොච්චර අපෙන් ඈත්වෙන්න හැදුවත් එයාගේ හ්‍යුන්ග්ලා විදිහට අඩුම තරමින් එයා ඉන්නේ කොහෙද කියලාවත් දැනගන්න අපිට ඕන උනා, තමන්ගේ සහෝදරයා ගැන අවුරුදු ගානකින් කිසිම දෙයක් දැනගන්න ලැබුණේ නෑ කියන්නේ ලොකු වේදනාවක් , ටේට ආපහු අපි ගාවට එන්න උවමනාවක් නැති උනත් අපිට ටේව ඕන , අපේ දොන්ග්සෙන්ග් ආපහු එයාගේ පවුලට එන්න ඕන . මාස දෙකකින් විතර යුන්ගී අපිට ටේ ගැන සම්පූර්ණ විස්තර හොයලා දුන්නේ ගොඩක් මහන්සි වෙලා , ඒත් ටේ තාමත් එයාගේ පවුලේ අයට සමාවදෙන්න සූදානම් නැති නිසාම අවුරුදු දෙකක් යනකල් අපි කවුරුත් පෞද්ගලික ව ටේව හමුවෙන්න ගියේ නෑ . ටේ අලුත් නමකින් තමයි එයාගේ games company එක කරන්න පටන් අරන් තිබුනේ , ඒත් එයා media වල පෙනී හිටියේ නැති නිසාම කවුරුත් ටේව හොයාගත්තේ නෑ . අන්තිමට අවුරුදු ගානකට පස්සේ ටේ launch එකේදී media වලට පෙනී ඉන්නවා කියන්නේ සමහරවිට එයාට තවදුරටත් මේ දේවල් මඟාරින්න ඕන නැතුව ඇති.
.
.
.
"මේ අවස්තාවට සහභාගි උන හැමෝටම ස්තූතියි , ඒ වගේ ම මේ concept එකට, technology එකට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා" අවුරුදු 7කට පස්සේ මගේ දොන්ග්සෙන්ග් ව දැක්කේ . ඉස්සර පිස්සෙක් වගේ තිබුන බ්ලොන්ඩ් කොණ්ඩේ වගේ ම ටේගේ අහිංසක හිනාවත් තවදුරටත් තිබුනේ නෑ . ඒත් මේ ඉන්නේ අවුරුදු 18 ක් වෙන අපේ පොඩි කොල්ලා නෙවෙයි අවුරුදු 25ක අලුත්ම ටේහ්‍යුන්ග් කෙනෙක් කියලා මට ආපහු ආපහු මතක් කරගන්න ඕන උනා. ටේ අලුත් ගේම් එක හඳුන්වාදුන්නේ හරිම professional විදිහට, හරියට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අවුරුදු ගානක අත්දැකීම් තියෙන කෙනෙක් වගේ . එයා conference hall එකෙන් එලියට යන්න කලින් මම ඉස්සර උනා .
"උරෙම්මනියා දොන්ග්සෙන්ග් " මම කියද්දිම ටේ ඇසිල්ලකින් හැරිලා බැලුවා . ටේගේ ඇස් පුදුමයෙන් මහත් උනා .
"Namjoon hyung" ටේට ඉබේටම කියවුනා .
"අන්න්‍යොන්ග් ටේහ්‍යුන්ගා " මම හිනාවෙලා එහෙම කිව්වේ හිතට දැනුන සතුටත් එක්ක , අවුරුදු ගානක් තිස්සේ වචනයක්වත් කතා නොකරපු ඇහැට දැක්කේ නැති අපේ පොඩ්ඩා. ඇස්වලට කඳුළු පිරෙනවා වගේ දැනුනේ සතුට නිසා ම ද මන්දා , ඒත් මම හිතුව තරම් ප්‍රතිචාරයක් ටේගෙන් ලැබුනේ නෑ, ටිකකට කලින් හැඟීම් වලින් පිරුන ටේගේ මූණ ආපහු හැඟීම් විරහිත වෙලා . හරියට අපි මූණට මූණ හිටගෙන හිටියත් හිතින් හරිම දුරස් වගේ . ටේගේ හදවත හිතාගන්න බැරි තරම් තද රළු ගලක් වෙලා . ඒත් එක්කම වගේ එතනට ආවේ ටේගේ secretary ද කොහෙද
"Mr.Kim මේ ඉන්නේ Kim cooperation එකේ CEO Mr.kim Namjoon , එයාගේ secretary Mr.Jung Hoseok" ටේගේ secretary අපිව හඳුන්වලා දෙද්දී ටේ අපි දිහා බැලුවේ හිස් බැල්මකින් .
"Nice to meet you. Arc games තෙප්‍යෝ කිම් ජේහ්‍යුන්ග් ඉම්නිදා . " ටේ handshake කරන්න එයාගේ අත ඉස්සරහට දික්කලා . මම දෙතුන් සැරයක් ඇහිපිය ගැහුවේ මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව.
"Kim cooperation CEO කිම් නම්ජූන් ඉම්නිදා " ටික වෙලාවකට පස්සේ දැනුන නුහුරු ගතියත් එක්කම මම ටේට අතට අත දුන්නා .
"සර් KBS එකේ ඉන්ටවීව් එක.... " ටේගේ secretary කිව්වේ ටේට එයාගේ schedule එක පෙන්නන ගමන් .
"පැය බාගෙකට කල් දාන්න .. මම ඉක්මනට එන්නම්. Mr.Kim අපි ඔෆිස් එකේදී කතා කරමු . ජීමිනා අපි පස්සේ project එක ගැන කතා කරමු " ටේ අන්තිම ටික කිව්වේ conference hall එක ඇතුල බලලා. මම ආපහු හැරිලා බැලුවා. ටේගේ ඉස්සර ඉඳන් හිටපු එකම යාලුවා උන ජීමින් , අඩුම තරමින් ඒ යාලුකම බිඳිලා නෑ කියලා මට සතුටු වෙන්න පුලුවන් . ජීමින් මගේ දිහා බැලුවේ සමාව අයදින බැල්මකින් . මම ආපහු හැරිලා බලද්දී ටේ එතනින් ගිහිල්ලත් ඉවරයි .
"Mr.Kim මේ පැත්තෙන් එන්න මම ජේහ්‍යුන්ග් ශී ගේ ඔෆිස් එකට එක්කරගෙන යන්නම්" ටේගේ secretary අපිව top floor එකේ තිබුන ටේගේ ඔෆිස් එකට අරගෙන ගියා. Floor එකේ ගොඩක් තැන්වල එයාලා අලුතෙන් හඳුන්වලා දුන්න ගේම්ස් වල ප්‍රධාන චරිතවල statue තිබුනා . වෙනස් ම ලෝකෙකට ආවා වගේ දැනෙන්නේ .
"ඇතුලට යන්න Mr. Kim, Mr. Jung. තෙප්‍යෝනිම් ඇතුලේ ඇති ."
හෝසොක් මගේ දිහා බැලුවේ එයා ඇතුලට එන්න ඕන නෑ නේද කියලා අහන්න වගේ . ඒත් මම හෝසොක්ට එන්න කියන ගමන් ම ඇතුලට යන්න දොර ඇරියා . ටේ මේසේ උඩ තිබුන ෆයිල් එකක් බලන ගමන් හිටියේ . ටේගේ ඔෆිස් එකත් games characters වල පෝස්ටර් වගේ statues වලින් පිරිලා තිබුනේ . අපි ටේගේ මේසේ ඉස්සරහින් වාඩි උනාට පස්සේ ටේ ඔලුව උස්සලා බැලුවා .
"ඔයාලා wild attack ගේම් එක ගැන නම් කතාකරන්න යන්නේ මට ඒ වෙනුවෙන් කාලය වැයකරන්න පුලුවන් ." ටේ කිව්වේ කෙලින්ම මගේ ඇස් දිහා බලලා.
"ටේහ්‍යු......"
"ජේහ්‍යුන්ග්. නේ ඉරම්න් කිම් ජේහ්‍යුන්ග් (my name is Kim Jaehyung ) " ටේ කිව්වේ මුරණ්ඩු විදිහට .
"Mr.Kim මම එලියෙන් ඉන්නම්" හොබී එහෙම කියලා එලියට ගියේ අපිට කතාකරන්න දීලා .
"ඔයා ඔය කාවද රවට්ටන්න හදන්නේ ටේහ්‍යුන්ගා ????" මම ඇහුවේ මගේ ඉවසීම ටිකෙන් ටික නැතිවෙලා යනවා කියලා දැනෙද්දී .
"ටේහ්‍යුන්ග්??? එහෙම කෙනෙක් මෙතන නෑ "
"ඒත් මම දන්න තරමින් නම් මගේ ඉස්සරහා ඉන්නේ මගේ එකම දොන්ග්සෙන්ග් කිම් ටේහ්‍යුන්ග් ඔයා ඒක පිළිගත්තත් නැතත් , ඒ වගේ ම සම්චූන් කිම් ටේහූන් ගෙයි කුමෝ ලී යුන්හී ගෙයි පුතා." සම්චුන් වගේ ම කුමෝ අදටත් දුක් වෙනවා අවුරුදු 8කට කලින් උන දේවල් ගැන , ඒත් මේ කොල්ලා හිතාගන්න බැරි තරම් මුරණ්ඩු වෙලා . ඇත්තටම මට හිතාගන්නවත් බැරි තරම් ටේ මුරණ්ඩු වගේ ම දැඩි ගතිපැවතුම් තියෙන කෙනෙක් වෙලා . තාමත් සිද්ධ උන දේවල් නිසා ටේ ගැන දුක හිතුනත් තාමත් ටේ හැසිරෙන විදිහත් එක්ක මට දැනුනේ වේදනාවක් වගේ ම කේන්තියක්.
"හ්‍යුන්ග් ඉජෙ කමන්හේ (stop it). Stop it...." ටේ එකපාරටම ටේ කෑගැහුවේ කේන්තියෙන් මූණ අඳුරු කරගෙන. ඒත් මගේ මූණට ඉබේටම ජයග්‍රාහී හිනාවක් මතු උනා .
"ඔයාට අන්තිමට ජුනී හ්‍යුන්ග්ව මතක් උන එක ගැන මට සතුටුයි ටේ. ගේම් එක ගැන කිව්වොත් නම් ඔයා ඇත්තටම සාර්ථක ගමනක් ඇවිත් දොන්ග්සෙන්ග් , සතුටුයි ඒ ගැන . ඒත් මම ආවේ ගේම් එක ගැන කතා කරන්න නම් නෙවෙයි . අවුරුදු 8කට පස්සේ මගේ දොන්ග්සෙන්ග් ව හම්බවෙන්න , ඒත් එයා මෙතන නැති උනත් මම ඔයාට කියන්නම් මම එයාට කියන්න ඕන දේවල් .
ඔයාගේ හැල්මොනි නැති වෙන්න හේතුව මම දන්නෙත් නෑ , තව සම්චුන් කුමෝ දෙන්නටම ඔයා වෙනුවෙන් කාලය වැය කරන්න බැරි උනා ඔයා බලාපොරොත්තු උන විදිහට . ඊළඟට ඔයාගේ යෝජා චින්ගු ව ඔයාට නැති උනා. ඒ හැමදේම ඇත්ත. ඔයා ගොඩක් මානසික ව වැටිලා හිටිය නිසා කවුරුත් ඔයාගේ තීරණයට විරුද්ධ උනෙත් නෑ , සම්චුන් තවදුරටත් නීති දාලා ඔයාව නවත්වාගන්න හැදුවෙත් නෑ . ඔයා US ගියා . ඒත් ඒකෙන් කියන්නේ නෑ අපි ඔයාව අතෑරියා කියලා . ඔයාට සම්චුන, කුමෝ එක්ක තරහා ඇති , ඒත් දැන් මාව අඳුරන්නේ නෑ වගේ හැසිරෙන්න මම මොකද්ද කරපු වැරැද්ද ටේ???? හැමෝම අතින් වැරදි වෙන්න පුලුවන් , සම්චුන් කුමෝ එයාලා දන්නවා එයාලා අතින් උනේ වැරැද්දක් කියලා . ඒත් මොකද්ද ඔයා මේ කරන විකාරේ??? ඔයා ඔය හදාගෙන ඉන්න රාමුවෙන් එලියට එන්න ටේහ්‍යුන්ගා. මෙච්චර කාලෙකට අපි ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුල් වෙන්න බලපෑම් කරන්න උත්සාහ කළේ නෑ, ඒත් ඒකෙන් කියන්නේ නෑ අපි ඔයාව අපේ ජීවිතෙන් අයින් කළා කියලා . ඔයා අපිව අතෑරලා වෙන්න පුලුවන් , ඒත් අපි ඔයාව අතෑරියෙත් නෑ අතාරින්නෙත් නෑ ." මම ටේ මොකුත් කියන්නත් කලින් ටේගේ රූම් එකෙන් එලියට ආවා.
Taehyung's POV
".....ඔයාට සම්චුන, කුමෝ එක්ක තරහා ඇති , ඒත් දැන් මාව අඳුරන්නේ නෑ වගේ හැසිරෙන්න මම මොකද්ද කරපු වැරැද්ද ටේ???? හැමෝම අතින් වැරදි වෙන්න පුලුවන් , සම්චුන් කුමෝ එයාලා දන්නවා එයාලා අතින් උනේ වැරැද්දක් කියලා . ඒත් මොකද්ද ඔයා මේ කරන විකාරේ??? ඔයා ඔය හදාගෙන ඉන්න රාමුවෙන් එලියට එන්න ටේහියුන්ගා. මෙච්චර කාලෙකට අපි ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුල් වෙන්න බලපෑම් කරන්න උත්සාහ කළේ නෑ, ඒත් ඒකෙන් කියන්නේ නෑ අපි ඔයාව අපේ ජීවිතෙන් අයින් කළා කියලා . ඔයා අපිව අතෑරලා වෙන්න පුලුවන් , ඒත් අපි ඔයාව අතෑරියෙත් නෑ අතාරින්නෙත් නෑ ." නම්ජූන් හ්‍යුන්ග් කිව්ව දේවල් මගේ හදවතට ඇනපු පිහිතල වගේ . අවුරුදු 8කට කලින් මම අනිත් හැමෝගෙන් ම ඈත්වෙලා මගේ වටේට ගොඩනඟාගත්ත බිත්ති දැන් ගොඩක් ශක්තිමත් , මට දරාගන්න බැරි තරමට. මම ජුනී හ්‍යුන්ග් ඉස්සරහා හැසිරෙන්න හැදුවේ සම්පූර්ණයෙන්ම නාඳුනන කෙනෙක් වගේ . හ්‍යුන්ග්ව දැකපු ගමන් හිතට දැනුන සතුට , උද්‍යෝගය යට කරගෙන මම ආපහු සුපුරුදු හැඟීම් විරහිත විදිහට හැසිරුණේ . ඒත් ... ඒත් ...හ්‍යුන්ග් ඉස්සරහා මම මවාගෙන හිටිය වෙස්මූණ ගැලවෙන්න ගියේ මිනිත්තු කීපයක් විතරයි . ඒත් එක්කම වගේ මට දුකක් වගේ ම වරදකාරී හැඟීමක් දැනෙන්න ගත්තේ හැමදාම වගේ හ්‍යුන්ග් කියපු දේවල් ඇත්ත නිසා වගේ ම මම වැරදියි කියලා තේරුණු නිසා .
එකපාරටම සිද්ද උන දේවල් එක්ක මට හිතාගන්න බැරි තරම් මාව වෙනස් වෙලා වගේ . US ගිහින් හැමෝගෙන් ම ඈත් උනත් දැන් මට හිතාගන්න බෑ මම ඒ කරපු දේ තවදුරටත් සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කරන්න පුලුවන් ද කියලා . ඔම්මා අප්පා එක්ක තරහක් තිබුනත් මට තිබුනා හ්‍යුන්ග් එක්ක මේ විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න , හ්‍යුන්ග්ට නපුරු නොවී ඉන්න . ඔම්මා අප්පාට වෙලාවක් නොතිබුණත් ඒ වෙනුවට එයාලාගේ දොන්ග්සෙන්ග් ගැන බලන්න ජින් හ්‍යුන්ග් , ජුනී හ්‍යුන්ග් ගොඩක් වෙලාවට උත්සාහ කළා. ඒ මතකත් එක්ක දැන් මට දැනෙන වරදකාරී හැඟීම තවත් වැඩිවෙනවා වගේ දැනෙන්නේ . මට මීට වඩා ටිකක් වෙනස් විදිහකට හිතන්න තිබුනද??? නැත්නම් මම හරි ද ??? නැත්නම් හැමදේම සිද්ද උනේ වැරදියට ද???
.
.
.
Wild attack ගේම් එකට ඇත්තටම හිතුවාටත් වඩා ගොඩක් ලොකු demand එකක් ලැබුනා . ලැබුන ප්‍රතිචාර එක්ක සතියක් විතර ගේම් එකේ promoting වගේ ම update programming එක්ක මම කාර්‍යබහුල උනා. ඒ වගේ ම ජීමින්ගේ අප්පා collaboration එකට කැමති උන නිසාම අලුත් ගේම් එකේ වැඩත් පටන් අරන් තිබුනේ . ඒත් නම්ජූන් හ්‍යුන්ග් කියපු දේවල් තාමත් අමතක උනේ නම් නෑ . අවසානෙදි මම හ්‍යුන්ග්ව හම්බවෙලා කතා කරනවා කියලා හිතුවත් වැඩ අස්සේ වෙලාවක් තිබුනේ නෑ . ඒත් අද අනිවාර්යයෙන්ම හ්‍යුන්ග්ව හම්බවෙන්න ඕන නිසා ම මම අවසානෙදි තීරණයක් අරගෙන කාර් එකේ යතුර අතට ගත්තා.
කාර් එකෙන් එලියට බැහැලා මම ඔලුව උස්සලා බැලුවේ කවදාවත් මම එන්නේ නැති වෙයි කියලා හිතපු වගේ ම මම මේ ලෝකේ වැඩියෙන් ම වෛර කරන තැනකට. 'Kim cooperation ' ලොකු අකුරින් ලියවිලා තිබුන අකුරුවලින් කියවුන ලස්සන නම ඇතුලේ මගේ ළමා කාලය වගේ ම මට ලැබෙන්න තිබුන ආදරෙත් උඳුරාගත්ත යක්ෂයා ඉන්නවා වගේ මට දැනුනේ . Reception එකට ගිහින් ජුනී හ්‍යුන්ග් ගැන අහන්න හැදුවේ මගේ ළඟ හ්‍යුන්ග්ගේ ෆෝන් නම්බර් එකවත් නොතිබුණු නිසා .
"ටේහ්‍යුන්ග් ශී " ඒත් එකපාරටම මගේ නම කියනවා ඇහුන නිසා මම ඔලුව හරවලා බැලුවා. මේ ඉන්නේ නම්ජූන් හ්‍යුන්ග් එක්ක එදා හිටිය කෙනා නේද ???? එයා මගේ නම දන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මම කවුද කියලත් දන්නවා .
"නම්ජූන් හ්‍යුන්ග් ඉන්නවද???" මම ඇහුවේ දෙගිඩියාවෙන් වගේ .
"මම නම්ජූන් ෂී ගේ secretary Jung Hoseok . Mr.Kim ඔෆිස් එකේ ඉන්නවා , මම මේ ආවෙත් එයාට ඕන ෆයිල් ටිකක් අරගෙන යන්න . එන්න ටේහ්‍යුන්ග් ෂී, අනිම් ජේහ්‍යුන්ග් ෂී. " ආහ් හ්‍යුන්ග්ගේ secretary හ්‍යුන්ග්ටම ගැපපෙනවා. ලිෆ්ට් එක උඩට යන්න යන්න මාව ටිකෙන් ටික නොසන්සුන් වෙන්න ගත්තා.
ඇත්තටම හිතට දැනුනේ බයක් වගේ . ජුනී හ්‍යුන්ග් ගොඩක් බුද්ධිමත් හොඳට හිතලා බලලා කතා කරන වැඩකරන කෙනෙක් . ඒත් කේන්ති ගියොත් ගොඩක් භයානකයි . ඉතින් හ්‍යුන්ග් එදා මට කතා කරපු විදිහට හ්‍යුන්ග්ගෙන් අද මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයි ද කියලා හිතාගන්න බෑ මට
"Mr.Kim ඔයාව හම්බවෙන්න guest කෙනෙක් ඇවිත් ." මම කල්පනා ලෝකෙන් මිදෙද්දී හෝසොක් ෂී හ්‍යුන්ග්ගේ ඔෆිස් එකේ දොර ඇරලත් ඉවරයි . මම හොඳ හුස්මක් අරගෙන ඇතුලට ගියා. නම්ජූන් හ්‍යුන්ග් එයා කරකර හිටිය වැඩේ නවත්වලා මගේ දිහා බැලුවා . හ්‍යුන්ග්ගේ මූණේ තිබුනේ පුදුම උන පෙනුමක් උනත් හ්‍යුන්ග් මට එයාගේ සුපුරුදු ඩිම්පල් හිනාව පෙන්නුවා.
"ඉඳගන්න ටේ" හ්‍යුන්ග් ඔෆිස් රූම් එකේ පැත්තක තිබුන සෝෆාවට ගියේ මටත් එන්න කියලා අතින් සන් කරගෙන . හ්‍යුන්ග් හරිම සාමාන්‍ය විදිහට කතා කලේ සතියකට කලින් මම හ්‍යුන්ග්ට සලකපු විදිහ මතක නෑ වගේ .හ්‍යුන්ග්ට ඉස්සරහින් වාඩි උනත් මම බිම බලාගෙන හිටියේ හ්‍යුන්ග්ට මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව. අන්තිමට නිහඬතාවය බින්ඳේ හ්‍යුන්ග් .
"මට ඇත්තටම පුදුමයි ටේ , ඔයා එදා හැසිරුණ විදිහත් එක්ක මම හිතුවෙ නෑ ඔයා කවදාවත් මාව හම්බවෙන්න එයි කියලා . " නම්ජූන් හ්‍යුන්ග් සන්සුන් විදිහට එහෙම කියද්දි මම හෙමින් සැරේ ඔලුව උස්සලා හ්‍යුන්ග් දිහා බැලුවා . හ්‍යුන්ග්ගේ හිතේ මම වෙනුවෙන් තියෙන සහෝදර බැඳීම වගේ ම ආදරේ ඒ ඇස්වලින් පේනවා වගේ මට දැනුනේ .
"නා චෙමොතෙස්සෝ හ්‍යුන්ග් . මියානේයෝ හ්‍යුන්ග් ( I was wrong hyung , I'm sorry )" මම අමාරුවෙන් උනත් මට කියන්න ඕන උන වචන කියලා දැම්මා , හිතට ලොකු නිදහසක් දැනෙන්න ගත්තා .
"මට ඔම්මා අප්පා එක්ක ප්‍රශ්න තිබුනත් මම මේ පවුලට කැමති නැති උනත් මම එදා හ්‍යුන්ග්ට එහෙම කතා කරපු එක වැරදියි හ්‍යුන්ග් . හ්‍යුන්ග්, ජින් හ්‍යුන්ග් ඔයාලා දෙන්නම හැමදාම මට ඕන වෙලාවට මාත් එක්ක හිටියා . ඉතින් මම එදා හ්‍යුන්ග්ව දන්නේ නෑ කියලා හැසිරුණ විදිහ ..... චොම්මල් මියානේයෝ හ්‍යුන්ග් . " මම කියන්න ඕන හැමදේම කියලා ඉවර වෙලා ලොකු හුස්මක් ගත්තා .
"ගුමාවෝ ටේහ්‍යුන්ගා.. චොම්මල් ගුමාවෝ ඔයා ඔයාගේ හදවත කියන දේ ඇහුවට. එදා මමත් ඔයාට සැරෙන් කතා කලා වැඩියි කියලා මට හිතුනා ඒත් ටේ ඔයා මාව දන්නේ නෑ වගේ හැසිරෙද්දී මට ලොකු දුකක් දැනුනේ. අවුරුදු 8කට පස්සේ දැක්ක මගේ එකම දොන්ග්සෙන්ග් මාව අඳුරන්නේ නෑ වගේ හැසිරෙනවා. ඒත් දැන්නම් මට ඇත්තටම සතුටුයි ටේහ්‍යුන්ගා . ගොඩක් සතුටුයි. " නම්ජූන් හ්‍යුන්ග් හිනාවෙලා හරිම සතුටින් මගේ දිහා බැලුවේ .
"ආපහු කවදාවත් එහෙම වෙන්නේ නෑ හ්‍යුන්ග් .... මම ..."
ටොක්...ටොක්....
එකපාරටම ඇහුන දොරට තට්ටු කරන සද්දෙත් එක්කම හ්‍යුන්ග්ගේ රූම් එකේ දොර ඇරුනා . දොරට පිටුපාලා හිටිය නිසා ම මම ආවේ කවුද කියලා දැක්කේ නෑ ඒත් දොර දිහා බලපු හ්‍යුන්ග්ගේ ඇස් එකපාරටම ලොකු උනා. ඔලුව හරවලා බලපු මාව නැඟිට්ටුනේ ඉබේටමයි.
"ටේ.... ටේහ්‍යුන්ගා ...... අදල්......" ඇතුලට ආපු අප්පාව දැකලා මට කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි උනා , ඒත් එකපාරටම හිතට ආපු අදහසක් නිසා මම ඉක්මනින් දොර දිහාට ගියේ හැකි ඉක්මනින් මෙතනින් අයින් වෙන්න . ඒත් .....
"පුතා..... ඔහොම ඉන්න .... " අප්පා මගේ අතින් අල්ලාගත්තේ බලාපොරොත්තු නොවුණු විදිහට , මම කරන්ට් එක වැදුනා වගේ එතන ම නතර උනා.
Unknown POV
අවුරුදු ගානකට පස්සේ ආපහු සෝල්වලට එන්නේ , හිතට දැනුනේ උද්‍යෝගයක් වගේ ම පොඩි චකිතයක් . මේ අවුරුදු ගානට ඔම්මා මම සෝල් වලට එනවට අකමැති උනත් , දැන් මට මගේ ගැන තීරණ ගන්න වෙනවා . මම අද ඉදන් නවතින අලුත් ගෙදරට ඇතුල් වෙද්දී මගේ ඇස්වලට කඳුළු පිරුනේ ඉබේටමයි. 'මට ඔයා නැතුව පාලුයි ඔම්මා , ඒත් ඔයා කොහේහරි ඉදන් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා, මියානේයෝ මේ විදිහට සෝල් ආපු එකට. ඒත් ඔයා නැතුව මට තවත් බුසාන්වල අපේ ගෙදර ඉන්න බෑ ඔම්මා . චොම්මල් මියානේ' මම එහෙම හිතන ගමන් මගේ බෑග් එක පැත්තකින් තියලා විසිත්ත කාමරේ තිබුන පුටුවට බර උනේ ගමන් මහන්සිය නිසා. මම සෝල් එන්න හේතුව ආපහු මගේ හිතට නැඟුනා.
2 weeks ago
"Good morning miss... මිස්ට ලොකු සර් එන්න කිව්වා . " ඔෆිස් එකට ආපු ගමන් ලැබුන පණිවිඩය නිසා මම ඉක්මනින් ම සර්ගේ ඔෆිස් එකට ගියා. මාව දැකපු සර් මේසේ උඩ තිබුන ලියුම් කවරයක් අතට ගන්න ගමන් මට වාඩිවෙන්න කිව්වා .
"Good morning sir."
"Good morning miss. Choi . මම ඔයාට එන්න කිව්වේ සතුටුදායක දෙයක් දැනුම් දෙන්න , ඉස්සෙල්ලාම මේක බලල ඉන්නකෝ. මම ලියුම් කවරය අරගෙන ඉක්මනට කඩලා බැලුවා , මගේ ඇස් පුදුමයෙන් මහත් උනේ ඉබේටමයි.
"සර්...."
"Congratulations Miss. Choi ඔයා මහන්සි වෙලා හොඳට වැඩ කරන නිසා ම ඔයාට අපේ Kim cooperation එකේ සෝල්වල main office එකට promotion එකක් ලැබිලා..."
Back to present
'ඔයාට මේක කරන්න පුලුවන් fighting min heeya ' මම මට ම කියාගත්තේ හිත ශක්තිමත් කරගන්න.
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න ලමයිනේ කතාවේ ඊලඟ කොටස. මේ චැප්ටර් එක වෙනුවෙන් මොනාහරි ඕන 😁😁😁😁 ඔන්න කතාවට ඔයාලා බලාපොරොත්තු නොවුනු කීපදෙනෙක් එකතු වෙලා , තව නොහිතුවම එක්කෙනෙක් ඉන්නවා . තව කතාවට එන්න ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවා නේද ??? ටේ හැසිරෙන විදිහ ඔයාලාට තේරුම් ගන්න පුලුවන් කියලා මම හිතනවා , අපි ඉස්සරහට බලමු ටේ ඉස්සර හිටියා වගේ අහිංසක ටේහ්‍යුන්ග් වෙයි ද නැද්ද කියලා . සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️💜️💜️ කියවන හැමෝම පුලුවන් නම් වෝට් කරන්න , ඔයාලාගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න . ඊලඟ කොටසින් හම්බවෙමු ❤️❤️❤️❤️❤️❤️ ෆොටෝ අප්ලෝඩ් කරද්දී වට්පෑඩ් එක පිස්සු නටනවා සොරි හොඳේ cover photo එක නෑ ඉතින් 😁😁😁
P/S : Edited and republished on 25/03/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top