Chapter 07

❤️GIRL FRIEND ❤️

Min Hee's POV
සෝල්වල අහස අද අඳුරු වළාකුළු වලින් පිරිලා , ඒත් ඒ අතරින් බේරිලා එන හඳ එළිය හන් ගඟේ වතුරට වැදිලා ගඟේ වතුර දිස්න දෙනවා . වටේට බිල්ඩින් වල ලයිට් එලියත් ගඟ දියේ පරාවර්තනය වෙනවා . සීතල සුළං පහර මූණේ වදිද්දී ඇඟටම සීතලක් දැනෙන්නේ . මම හෙමින් සැරේ han river bridge එකේ ඉස්සරහට ඇවිදගෙන ගියා . වේගවත් සුළං පහර නිසා මගේ ඇස් වලට ඉස්සරහින් දඟලන කොණ්ඩ කැරලි අතරින් මට පෙනුනේ ටිකක් ඉස්සරහින් පාලමේ බැම්මට හේත්තු වෙලා ඉන්න ටේහ්‍යුන්ග්ව. එයා දිගටම බලාගෙන හිටියේ හඳ එළිය වැටිලා තියෙන ගං දිය දිහා . මමත් හෙමින් සැරේ බැම්මට හේත්තු උනා, අපි දෙන්නාම අතරේ තිබුනේ නිහඬතාවයක්. මම ටේහ්‍යුන්ග්ට කතා කළාම එයා මගේ පැත්තට හැරුනා .

"ඔයා මගේ ගැන මොනවද දන්නේ ????" මම එහෙම අහද්දී ටේහ්‍යුන්ග්ගේ ඇස් දෙක ලොකු උනේ පුදුමයෙන් වගේ .

"මින්හියා" එයා එහෙම කියද්දි මගේ අත අල්ලාගන්න හැදුවේ .. ඒත් මම අඩියක් පිටිපස්සට තියලා එයාගෙන් ඈත් උනා , ටේ දිගටම මගේ දිහා බලාගෙන හිටියේ එයාට මොකුත්ම තේරෙන්නේ නෑ වගේ .

"පාර්ක් සොන්සෙන්නිම් ගෙන් ඔයා මගේ ගැන මොනවද ඇහුවේ ටේහ්‍යුන්ග් ????" මට එකපාරටම කේන්තියෙන් කෑගැස්සුනා , ඒත් ඒ කේන්තියට වඩා දුකෙන් ....

"ඇයි ඔයා මට කියන්නේ නැතුව පාර්ක් සොන්සෙන්නිම් ව හම්බවුනේ ???? දැන් එහෙනම් ඔයා මගේ අසනීපේ ගැන හැමදේම දන්නවා නේද ??? මගේ අසනීපේ කොච්චර බරපතලයි ද දැන් මම ඉන්නේ අවධානම් තත්ත්වය , ඒ ඔපරේෂන් එක කළත් ඒක සාර්ථක වෙන්න තියෙන්නේ අඩු ඉඩක් කියලා ඒ හැමදේම ඔයා දන්නවා නේද ??? ඉතින් කියන්න ටේහ්‍යුන්ග්  දැන් ඔයා මට අනුකම්පා කරනවද??? " මට ම නොදැනී මගේ ඇස්වල පිරිලා තිබුන කඳුළු බිංදු කම්මුල් දිගේ පහළට ගලන්න ගත්තා .

"මින්හියා පොඩ්ඩක් අහන්න .. ඔයාගේ හිත රිදුනා නම් මට සමාවෙන්න ... ඒත් ... ඒත් එදා ස්කූල් එකේදී ඔයාට එකපාරටම අසනීප උන වෙලාවේ ඔයා හැසිරුණ විදිහ .... ඔයා නොකිව්ව උනත් ඒ වෙලාවේ ඔයා ගොඩක් වේදනාවෙන් හිටියේ .... ඒත් ... ඒත් ඔයා මට ඔයාට heart problem එකක් තියෙනවා කිව්වා විතරයි ... හොස්පිටල් එකේදී වත් ඔයා මොකුත් කිව්වේ නෑ ... ආපහු සැරයක් ඔයාට අමාරු උනා නම් ... ඔයා එදාටත් වඩා critical state එකකට වැටුනොත් මම මොකද කරන්නේ අඩුම තරමින් ඔයාගේ අසනීපේ ගැන කිසිම දෙයක් නොදැන ?????" ටේහ්‍යුන්ග් ඒ කිව්වේ ඇත්ත කියලා මට කිසිම සැකයක් නෑ ... ඒත් .. ඒත් ... මම කවදාවත් එයා මට අනුකම්පා කරනවට කැමති නෑ .... ඇයි එයා ඒ හැමදේම ගැන දැනගත්තේ??? ඇයි ටේහ්‍යුන්ග් මම ඇත්තටම ඉන්නේ මොන තරම් දුක්ඛිත තත්තවයද කියලා දැනගත්තේ??? ඇයි ??? මම කම්මුල් වල තිබුන කඳුළු බිංදු අතෙන් පිහදැම්මා .. ටේහ්‍යුන්ග් තාමත් මගේ දිහා බලාගෙන හිටියේ , එයාගේ ඇස්වල තිබුනෙත් දුකක් .

"ටේහ්‍යුන්ග්... ඔයා දන්නවද මම ඇයි ඔයාට කිසිම දෙයක් කිව්වේ නැත්තේ කියලා ... මම ඔයාව විශ්වාස කරනවා .. ඔයා තමයි මගේ එක ම යාලුවා ... ඒත් ඔයා මට අනුකම්පා කරනවට මම කැමති නෑ .. ඔයාගේ ඔය ඇස්වල පිරිලා තියෙන අනුකම්පාව දකින්න මට ඕන උනේ නෑ ... ඒ කිසිම දෙයක් නැතුව මට ඕන උනේ අපි හිටියා වගේ ම ඔයා එක්ක මේ ටික දවසත් ඉන්න , මගේ අන්තිම මොහොත වෙනකල් ... ඒක වැඩි ඈතක නෙවෙයි කියලා මම දන්නවා උනත් මට ඕන උනා ඒ දවස් ටික ඔයා එක්ක සතුටින් ඉන්න ...."

"මින්හී... මොනාද ඔයා මේ කියවන විකාර???? කවුද කියන්නේ ඔයාගේ අවසන් මොහොතක් ගැන ??? ඔයාට surgery එක කරනවා වගේ ම ඒක සාර්ථක වෙනවා .... " ටේහ්‍යුන්ග් මගේ උරහිස් දෙකෙන්ම අල්ලාගෙන මාව එයාගේ පැත්තට හරවාගෙන කේන්තියෙන් කෑගැහුවා . මගේ උරහිස් දැඩිව ග්‍රහණය කරගෙන හිටිය එයාගේ අත් වෙව්ලනවා වගේ මට දැනුනේ . මම හෙමින් සැරේ එයාගේ අත්දෙක මගේ උරහිස්වලින් අයින් කරන්න හැදුවත් එයා මාව අතෑරියේ නෑ .. මම දුර්වල විදිහට එයා දිහා බලලා හිනා උනා.

"ටේ.... කොච්චර පිළිගන්න අකමැති උනත් මම ඇත්ත මොකද්ද කියලා දන්නවා ... ඔම්මා එයාගේ උපරිමයෙන් මහන්සි වෙනවා මාව බේරගන්න ... ඒත් ඒකෙන් අපිට surgery එක කරගන්න බෑ කියන එක වෙනස් වෙන්නේ නෑ ... ඒත් ... ඒත් ... මට මගේ අන්තිම දවස වෙනකල් මගේ එකම පවුල මගේ ඔම්මා එක්ක ඉන්න ඕන උනා .....තව ඔයත් එක්ක කලින් හිටියා වගේ ම ඉන්න ඕන උනා .... මගේ අසනීපේ මේ කිසිම දේකට ගාවගන්නේ නැතුව ... " මට තවත් මගේ කඳුළු නවත්වාගන්න බැරි උනා .. මම ඉකි ගගහා අඩන්න ගත්තා ..

Taehyung's POV
"ටේ.... කොච්චර පිළිගන්න අකමැති උනත් මම ඇත්ත මොකද්ද කියලා දන්නවා ... ඔම්මා එයාගේ උපරිමයෙන් මහන්සි වෙනවා මාව බේරගන්න ... ඒත් ඒකෙන් අපිට surgery එක කරගන්න බෑ කියන එක වෙනස් වෙන්නේ නෑ ... ඒත් ... ඒත් ... මට මගේ අන්තිම දවස වෙනකල් මගේ එකම පවුල මගේ ඔම්මා එක්ක ඉන්න ඕන උනා .....තව ඔයත් එක්ක කලින් හිටියා වගේ ම ඉන්න ඕන උනා .... මගේ අසනීපේ මේ කිසිම දේකට ගාවගන්නේ නැතුව ... " ඒ වචන ටික අවසානයේ මින්හී ඉකිගගහා අඩන්න ගත්තා . මම මින්හීව බදාගන්න හැදුවත් එයා අත් දෙකෙන්ම මාව ආපහු තල්ලු කළා.. එහෙම කරලා එයා මගේ දිහා බැලුවේ කඳුළු පිරුන රතු උන ඇස්වලින් .

"මම මැරෙන්න කලින් කොහොම හරි එකම එක වතාවක් මට කියන්න ඕන උනා ඔයා මට යාලුවෙක් විතරයි නෙවෙයි කියලා .. මම ඔයාට කැමති යාලුවෙක් විදිහට විතරක් නෙවෙයි කියලා .... " මගේ අත් මින්හීගේ උරහිස් වලින් ගිලිහිලා පාතට වැටුනා .. මම මින්හී දිහා බලාගෙන හිටියේ එයාගේ වචන තේරුම්ගන්න උත්සාහ කරන ගමන් . එයා ඒ කිව්වේ එයත් මට කැමතියි කියලා ද??? මම මින්හී දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන . එයා මගේ දිහා බලලා දුර්වල විදිහට හිනා උනේ කඳුළු අතරින් , ඒත් එක්කම එයා අඩියෙන් අඩිය පස්සට යන්න ගත්තා.

"ඒ...ඒත්... ඒ ඔයාගේ ඔය අනුකම්පාව පිරුන ඇස් දිහා බලාගෙන නෙවෙයි ... " මින්හී එහෙම කියලා අන්තිම වතාවට මගේ දිහා බලලා ආපහු සැරයක් හිනාවෙලා ආපහු යන්න අනිත් පැත්තට හැරුනා . මින්හී යන්න කලින් එයාව අල්ලාගන්න මට ඕන උනත් මගේ කකුල් පොලවට ඇලිලා වගේ දැනුනේ . මම මින්හී ටිකෙන් ටික මගෙන් ඈත්වෙලා හන් පාලමේ සෙනඟ අතරේ  නොපෙනී යනවා බලාගෙන හිටියේ කිසිම හැඟීමක් දැනීමක් නෑ වගේ ...
.
.
මින්හී ගිහින් පැය ගානක් ගත උනා වගේ දැනුනත් මම තාමත් හිටියේ එතනමයි , එයා කිව්ව වචන ආපහු ආපහු මට ඇහෙනවා වගේ දැනුනේ ... එකපාරටම කම්මුලේ සීතල දෙයක් වදිනවා වගේ දැනුන නිසා මම පියවි සිහියට ආවා .. ඒත් එක්කම වගේ තවත් සීතල  වැහි බිංදු දෙක තුනක් වේගයෙන් ඇවිත් මගේ මූණේ වැදුනා ... සට සට ගාලා වැටෙන ලොකු වැහි බිංදුවලින් මාව සම්පූර්ණයෙන්ම දියබත් වෙන්න ගත උනේ මිනිත්තුවක් දෙකක් විතරයි .. වැස්සෙන් බේරෙන්න කුඩ ඉහළගෙන් එහාට මෙහාට හදිස්සියෙන් දුවන දහසක් දෙනා අතරේ මම තාමත් හිටිය තැනමයි.. මට මතක් උනේ මට ඉස්සෙල්ලාම මින්හීව හම්බවුන දවස.. අද වගේ ම එදත් වැස්සා.. ඒත් එදා මාව දැනගෙන හිටියේවත් නැති මින්හී මොහොතකට මගේ හිතේ උණුසුම් හැඟීමක් ඉතුරු කරලා  වැස්සේ ම දුවගෙන ගියා... අද මගේ හිතේ තිබුන උණුසුම් හැඟීම් හැමදේම අරගෙන නන්නාඳුනන කෙනෙක් වගේ මින්හී මගෙන් ඈතට ගියා..
එකපාරටම මගේ ආත්මය ම හිස් උනා වගේ මට දැනුනේ , මින්හී අන්තිමට දුකෙන් කියපු වචන දෙක තුනෙන් මගේ හිතේ සතුට සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් . එයත් මට කැමති නිසා මම සතුටු වෙන්න ඕන උනත් එහෙම සතුටු වෙන්නේ කොහොමද මම කරපු මෝඩ වැඩක් නිසා එයාගේ ඇස්වල කදුලු පිරිලා තියෙද්දි .
.
.
මම ඉස්සරහා දොරෙන් ගේ ඇතුලට අඩිය තියද්දී ම living රූම් එකේ කලබල වෙලා වගේ හිටිය ගෙදර servants ලා කට්ටියම මගේ දිහා බැලුවේ සැනසුම් සුසුම් හෙළන ගමන් වගේ ,ඒත් ඒ බැල්ම ඉක්මනට වෙනස් උනේ මගේ වතුර බේරෙන කොණ්ඩේ වගේ ම තෙතබරිත උන ඇඳුම් නිසා .

"ටේහ්‍යුන්ගා...." living රූම් එකේ මුල්ලක සෝෆාවේ වාඩිවෙලා හිටිය ඔම්මා ඉක්මනට මගේ දිහාට දුවගෙන ආවා .... ඇත්තටම ඔම්මා හිටියේ බයවෙලා වගේ ..

"ටේ...ටේහ්‍යුන්ගා... ඔයා මෙච්චර රෑ වෙනකල් කොහෙද ගියේ ???තාමත් වතුර බේරෙනවා ඔයාගෙ .... ඇයි යන දිහාවක driver එක්ක ගියේ නැත්තේ ?? අඩුම තරමින් කොහෙද ඉන්නේ , එන්න පරක්කු වෙනවා කියලා මට කියන්න තිබුනේ නැද්ද ??? " ඔම්මා කෑගැහුවේ මගේ ඉහේ ඉදන් දෙපතුලටම දෙතුන් සැරයක් බලන ගමන් .

"මගේ ෆෝන් එකේ Mr.Kim, Mrs.Kim කියලා නම්බර්ස් දෙකක් තියෙයි , ඒත් ඒ තියෙන්නේ එයාලා මට කෝල් කළොත් අඳුරගන්න පුලුවන් වෙන්න , එතකොට මට ඒවට ආන්ස්වර් නොකර ඉන්න ලේසියි .. මම කවදාවත් කෝල් කරන්නේ නෑ ... තව ඇත්තම කිව්වොත් මම අද Mr.Kimගෙන් කම්මුල් පාරක් කන්න බලාගෙන ආවේ මම කාටවත් නොකියා ගිය නිසා , ඒත් අද ඒ පිළිගැනීම නෑ වගේ ඔම්මා අනිම් (if not) Mrs.Kim Yoon Hee-ssi " මම හිතේ තිබුන වේදනාවත් එක්කම එහෙම කිව්වේ ඔම්මා කේන්ති අරන් මට බනියි කියලා උනත් ඔම්මා මොකුත් නොකියා මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා . ඔම්මා අතින් සන් කරපු නිසා living රූම් එකේ හිටිය servants ලා කට්ටියම ආපහු එයාලාගේ වැඩවලට ගියා , ඉතුරු උනේ ඔම්මයි මමයි විතරයි .

"ඔයාට අමතක උනාට ඔයාගේ අප්පා business trip එකක් නිසා දවස් දෙකක් ගෙදර එන්නේ නෑ ටේහ්‍යුන්ගා . ඔයා මට මොන නම කියලා කතා කළත් මම ඔයාගේ ඔම්මා වගේ ම ඔයා මගේ එකම පුතා කියන ඇත්ත වෙනස් වෙන්නේ නෑ , ඔයා ඒක පිළිගන්න අකමැති උනත් ....මම දන්නවා අපේ අතින් ඔයාට වැරැදි  ගොඩක් වෙන්නැති .. ඒත් ඒ නිසා ඔයා ඔයාට රිද්දවාගන්න එපා . දැන් ගිහින් ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරුකරගන්න නැත්නම් ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි , මම ඔයාට කන්න මොනාහරි හදලා ඉක්මනට කාමරේට එවන්නම් . " ඔම්මා එහෙම කියලා සුසුමක් හෙළන ගමන් kitchen එක පැත්තට ගියා .

බිත්ති ඔරලෝසුවේ වෙලාව රෑ දහයයි කියලා පෙනුනේ මම පඩිපෙළ නගින්න හදද්දී , මම පැය හතරක් එළියේ ඉඳලා , ඒත් මට දැනුනේ ඒ කාලය අවුරුදු හතරක් වගේ  ..ටිකක් වෙලා ඔම්මා ගිය දිහා බලාගෙන හිටිය මම රූම් එකට ගියේ හිත තවත් කල්පනාවෙන්  බර වෙද්දී .
.
.
.
Monday evening
සෙනසුරාදා රෑ වැස්සට තෙමුණ නිසාම ඊයේ උදේ ඇහැරිද්දී ම දැනුනේ දරාගන්න බැරි තරම් ඔලුවේ කැක්කුමක් , ඒත් එක්කම වගේ ඇඟේ රස්නේ ටිකක් වැඩි ගතියක් දැනුනා . පැනඩෝල් දෙකක් බිව්වට පස්සේ උණ ගතිය අඩු උනත් ඔලුවේ කැක්කුම අඩු උනේ නැත්තේ මම කල්පනා කරපු නිසාම වෙන්නැති. එදා උන දේවල් මතක් වෙද්දී හිතේ බර ගතිය තවත් වැඩි වෙනවා . ඒත් මට තිබුන ලොකුම ප්‍රශ්නේ ආපහු මින්හී හම්බවුණා ම මම මොකද්ද කියන්නේ කියන එක...  එයාට නොකියා එයාගේ පෞද්ගලික දේවල් වලට මැදිහත් වෙන්න හැදුවට සමාව ඉල්ලනවද?? නැත්නම් ඒ හැමදේම අමතක කරලා මමත් එයාට කැමතියි කියලා මගේ ඇත්තම හැඟීම් ගැන එයාට කියනවද??? ඒත් එක්කම මට මතක් උනේ මට පාර්ක් සොන්සෙන්නිම් කිව්ව දේ

'ටේහ්‍යුන්ග් ශී අපිට හරියට ම කියන්න බෑ මේ දවස වෙන්න කලින් හාර්ට් පේෂන්ට් කෙනෙක්ගේ සර්ජරි එකක් කරන්න ඕන කියලා . ඒත් atrial septum disease වගේ තත්ත්වෙකදි ක්‍රමක්‍රමයෙන් රෝගියාගේ ශරීරයේ දරාගැනීමේ හැකියාව අඩු වෙනවා , එයාලා රෝගයට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා . ඊළඟට පේෂන්ට් සාමාන්‍යයෙන් teenager කෙනෙක් නම් එයාලාගේ වර්ධන වේගය වැඩි නිසා එයාලාට රෝගයෙන් වැඩි බලපෑමක් ඇති වෙන්න පුලුවන් . මේ පේෂන්ට් සම්බන්ධයෙන් නම් එයාට සර්ජරි එක කරන්න බැරි උනොත් ඇත්තටම එයාට තව මාස හයක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ, ඊට පස්සේ එයාගේ තත්ත්වය බරපතළ වෙලා එයා Unconscious වෙන ඕනම වෙලාවක එයා ආපහු conscious තත්ත්වයට නොඑන්න පුලුවන් , ඔයාට හිතාගන්න පුලුවන්නේ මම මොකද්ද කියන්න හදන්නේ කියලා  ,අන්තිමට මට කියන්න තියෙන්නේ  පුලුවන් ඉක්මනට එයාට සර්ජරි එක කරන තරමට එයාගේ ජීවිත අවධානම අඩු වෙනවා . තව මාසයක් ඇතුළත වගේ මේක කරන්න එයාලා එකඟ වෙනවා නම් ඒක තමයි එයාලාට ගන්න පුලුවන්  හොඳම තීරණය .'

මින්හීව හම්බවෙන එක මඟාරින්න ඕන නිසාම මම අද ස්කෝලේ ගියෙත් නෑ ... ඒත් හැමදාටම මේ විදිහට ප්‍රශ්නයකින් පැනලා යන්න මට බෑ ... සමහරවිට මට වෙන ප්‍රශ්නෙකදි එහෙම කරන්න තිබුනා .. ඒත් මින්හීව දකින්නේ නැතුව එයාගෙන් මැසේජ් එකක්වත් දකින්නේ නැතුව ගෙව්ව මේ දවස් දෙකේ මට දැනුනේ ලොකු පාලුවක් , මගේ හිත දැනටමත් සම්පූර්ණයෙන්ම එයාට ඇදිලා ගිහින් වගේ . ඒ වගේ ම එයාගේ treatment එක පරක්කු කරන තරමට ඒකෙන් එයාට වෙන්නේ හොඳක් නෙවෙයි නරකක්, ඒ ගැන එයා එක්ක කතා කරන්න නම් මට ඉස්සෙල්ලාම මින්හී එක්ක කතා කරලා ඉන්න වෙනවා .දවසම ගෙදරට වෙලා හිටිය නිසා ඇඳුම් මාරු කරගෙන ඇවිදින්න යන්න හිතාගෙන ගෙදරින් එලියට බැස්සා , ඒත් ටික වෙලාවකින් මම ඇවිත් නතර වෙලා තිබුනේ කලින් දවසක මම මින්හී එක්ක ආව පාර්ක් එකට, මම හෙමින් සැරේ ඇතුලට ගිහින් එදා අපි හිටිය bench එකෙන්ම වාඩි උනා . එදා අපි දෙන්නට දෙන්නා අනිත් කෙනාගේ දුක තේරුම් ගත්ත හැටි , සතුටින් හිනාවෙලා හිටිය හැටි ... අපි දෙන්නා දැන් දවස් දෙකක් කතා නොකර ඉන්නේ පොඩි වැරදි වැටහීමක් නිසා නේද ?? ඒත් තවදුරටත් එහෙම ඉන්න උවමනාවක් මට නෑ , මින්හී නිසා මම මගේ දුක හිතෙන අතීත මතකවලින් ඈත් වෙලා හිනාවෙන්න පටන් ගත්තා විතරයි , දැන් ආපහු එයාගෙන් ඈත් වෙන්න මට බෑ . අන්තිමට මම තීරණයක් අරගෙන ෆෝන් එක අතට ගත්තා .

Min Hee's POV
මම ටේහ්‍යුන්ග්ට කැමතියි කිව්වම එයාගේ අත් ඉබේටම මගේ උරහිස් වලින් ගිලිහුනා , එයා මගේ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් මහත් උන ඇස්වලින් . මෙහෙම වෙලාවකදී වෙන කෙනෙක් අනිත් කෙනාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා උනත් දැන් මගේ හිත මට දරාගන්න බැරි තරම් දුකකින් පිරිලා. තවදුරටත් අඩන්නේ නැතුව ඉන්නවත්, ටේ දිහා බලන්නවත් මට පුලුවන්කමක් තිබුනේ නෑ , මම අඩියෙන් අඩිය පස්සට යන්න ගත්තා .

"ඒ...ඒත්... ඒ ඔයාගේ ඔය අනුකම්පාව පිරුන ඇස් දිහා බලාගෙන නෙවෙයි ... " එහෙම කියලා මම අමාරුවෙන් උනත් ටේ දිහා බලලා හිනාවෙලා ආපහු යන්න හැරුනා , මෙතනම බිම පෙරළි පෙරළි අඬලා තවත් අය මගේ දිහා බලලා අනුකම්පා කරනවා මට දරාගන්න බෑ . ඇස්වලින් කඳුළු බේරෙද්දී මම මිනිස්සු අතරේ හෙමින් සැරේ ගෙදර යන්න පිය නැගුවා , ඒත් ටික වෙලාවකින් වැහි බිංදු එක දෙක වැටෙන්න ගත්තා. අතේ තිබුන කුඩේ ඉහළා ගන්නවත් උවමනාවක් තිබුනේ නැති නිසා මම වැස්සේ තෙමි තෙමි ම ගෙදර ගියා . බෙහෙත් අරගෙන ගෙදර ආවට පස්සේ convenient store එකට ගිය ඔම්මා තාම ඇවිල්ලත් නෑ . මම වොෂ් එකක් දාගෙන අලුත් ඇඳුමක් ඇදගත්තා , ටිකක් සීතල දැනුන නිසාම ඇදගෙන හිටිය ටීෂර්ට් එකට උඩින් අදින්න එකක් හොයද්දී මගේ ඇස් යොමු උනේ ඇඳුම් දාන බාස්කට් එකේ තිබුන කළු පාට හූඩි එකට. ටේහ්‍යුන්ග්ගේ හූඩි එකත් ඇදගෙන ඇඳේ වකුටු උන මම ආපහු ආපහු කල්පනා කළේ හවස උන දේවල්

ඇයි ටේහ්‍යුන්ග් ඒ හැමදේම දැනගත්තේ... එයා මට අනුකම්පා කරද්දී මම මොකද කරන්නේ ?? මට ඒක දරාගන්න බෑ .. මම එයාට කැමති කිව්වත් එක්ක , දැන් එයා මගේ ගැන මොනවා හිතනවා ඇති ද??? එයා  මාත් එක්ක කේන්ති ගනියි ද???? නැත්නම් මගේ ගැන වැරදියට හිතයි ද??? ඒ හැමදේම ආපහු ආපහු හිතද්දී හූඩියෙන් දැනෙන උණුසුම අභිබවා දැනෙන්න උන සීතලකින් මාව වෙළාගත්තා.
.
.
"මින්හියා ...මින්හියා ... දුව ...නැඟිටින්න ..  " ඔම්මාගේ කලබලයට පත් උන කටහඬ නිසා මම නින්දෙන් ඇහැරුනා , ඔම්මා මගේ උරහිසින් අල්ලලා  හෙමින් සැරේ මාව හෙලෙව්වෙ මම තාමත් නිදිමතේ ඉන්නේ කියලා හිතාගෙන .

"ඔහ්.. ඔම්මා... ඔයා ආවද??" මම හෙමින් සැරේ ඇඳෙන් නැගිටින ගමන් ඇහුවා . ඔම්මාගේ මූණේ තිබුනේ කණස්සල්ලට පත් පෙනුමක්

"දරුවෝ ඇයි මේ ??? ඔයා හොඳටම අඬලා නේද ??? ඇයි මේ ඔයාට අමාරුයි ද???" ඔම්මා ඇහුවේ මගේ නළලට අත තියලා බලන ගමන් . මම හෙමින් සැරේ ඇස් පොඩිකරන්න ගත්තේ තාමත් ඇස්වල තිබුනේ විඩාබර බවක්, ඒත් එක්කම මට දැනුනේ මගේ කම්මුල්වල වේලුණු කඳුළු පාරවල් .

"ඔම්මා.... " මම එහෙම කියලා ඔම්මාව බදාගෙන ඔම්මාගේ උණුසුමට තුරුල් උනා. ඔම්මා මම සන්සුන් වෙනකල් හෙමින් සැරේ මගේ පිට අතගෑවා. ටිකක් වෙලා ගියාට පස්සේ ඔම්මා මාව තුරුලෙන් ඈත් කරලා මගේ දිහා බැලුවා .

"දුව... ඔයා දන්නවා නේද ඔයාට ඕනම ප්‍රශ්නයක් මාත් එක්ක කියන්න පුලුවන් කියලා , ප්‍රශ්න හිතේ තියාගෙන කල්පනා කරන එක ඔයාට හොඳ නෑ ... මොකද්ද උනේ ??? " ඔම්මා මගේ ඔලුව අතගාන ගමන් ඇහුවේ .. මම ආපහු සැරයක් ඔම්මාගේ ඇලයකට හේත්තු උනා .

"ඔම්මා.. මම කැමති කෙනෙක් ඉන්නවා " මම එහෙම කියලා හෙමින් සැරේ ඔලුව උස්සලා ඔම්මා දිහා බැලුවේ ඔම්මාගේ ප්‍රතිචාරය දැනගන්න . ඔම්මා මගේ දිහා බලලා හිනා උනා .

"මගේ චූටි කෙල්ල ඔම්මා හිතුවට වඩා ඉක්මනට ලොකු වෙලානේ .... ඔම්මාට  සතුටුයි "

"ඒත් ඒත් එයා දැන් මගේ අසනීපේ ගැන හැමදේම දන්නවා , එයා දැන් මට අනුකම්පා කරනවා ඇති  ඔම්මා . ඒත් මට ඒක දරාගන්න බෑ ... කවුරුවත් මගේ දිහා එහෙම බලනවට මම කැමති නෑ ..." මම එකදිගට කියවගෙන යද්දී ඔම්මා දිගටම මගේ හිත හදන්න වගේ මගේ ඔලුව අතගෑවා.

"මින්හියා... ඔයා කැමති ටේහ්‍යුන්ග් ට නේද ???" මම එකපාරටම පුදුම වෙලා ඔම්මා දිහා බැලුවා . ඔම්මා කොහොමද ඒක දන්නේ ???

"ඔම්මා.. ඔයා කොහොමද ???"

"අනේ මගේ පිස්සු කෙල්ල .. ඔයා ටේහ්‍යුන්ග් ගැන කියනකොට ඔයාගේ ඇස් දෙක සතුටින් දිලිසෙනවා ,ඔයා හිනාවෙනවා .. ඔම්මාට ඔයාගේ ඕනම වෙනසක් තේරෙනවා. දැන් ඔයාට දුක හිතුනේ එයා ඔයාට අනුකම්පා කරයි කියලද??? ඒත් දුව ඔයාගේ යාලුවා කවදාහරි  ඒ ඇත්ත දැනගනියි නේද ??? සමහරවිට එයා ඔයා ගැන ගොඩක් වද වෙන නිසා එයා මේ ගැන හොයන්න ඇත්තේ.... ඔය පොඩි ඔලුවට ඔච්චර දේවල් කල්පනා වෙනවද??? දැනට කිසිම දෙයක් ගැන වැඩිපුර කල්පනා කරන්න එපා , හැමදේම හොඳ අතට හැරෙයි  .. දැන් හොඳ ළමයා වගේ එන්න රෑ කෑම කන්න ." ඔම්මා කිව්වා වගේ ම ටේහ්‍යුන්ග් මගේ අසනීපේ ගැන හොයන්න ඇත්තේ එයා මගේ ගැන වදවෙන නිසාද??? මට මොකද්ද වෙලා තියෙන්නේ??  ඇයි ටේහ්‍යුන්ග් මගේ අසනීපේ ගැන දැනගත්ත එකට මම මෙච්චර අවුල් වෙලා ..
.
.
.
Monday evening
මම ටේහ්‍යුන්ග්ට කැමතියි කිව්වට පස්සේ තවදුරටත් එයාට මූණ දෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ , මම අද ඒ නිසාම ස්කෝලේ යන එකත් මඟ ඇරියා .. ඒත් හෙටත් ඒකමද කරන්න වෙන්නේ ?? ඒත් මට තවත් දවසක් ටේහ්‍යුන්ග් දකින්නේ නැතුව , එයා එක්ක කතා කරන්නේ නැතුව ඉන්නත් බෑ , ලොකු පාලුවක් දැනෙන්නේ . මම තවත් සැරයක් ඇඳේ අනිත් පැත්තට පෙරලුනා , එතකොට ම වගේ මගේ ෆෝන් එක රිංග්ස් යන්න ගත්තා . මම ඇඳේ වාඩිවෙලා ෆෝන් එක අතට ගත්තා , ටේහ්‍යුන්ග් ..... ආන්ස්වර් කරනවද නැද්ද මම ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කළා . ආපහු සැරයක් ෆෝන් එක රිංග්ස් යන්න පටන් ගත්ත නිසා චකිතයකින් වගේ උනත් මම ආන්ස්වර් කළා

"යොබුසෙයෝ (hello ) "

"මින්හියා මට ඔයාට කියන්න දෙයක් තියෙයි , හවස අපි එදා ගිය පාර්ක් එකට එන්න පුලුවන් ද?? ප්ලීස් ... " මට එහාපැත්තෙන් ටේහ්‍යුන්ග්ගේ කටහඬ ඇහෙද්දිත් ලොකු සතුටක් දැනෙන්න ගත්තා , ඒත් එයාට මොනාද කියන්න තියෙන්නේ මට ..... එයා... ඇයි....

"මින්හී ඔයා අහගෙන නේද ඉන්නේ ?? ප්ලීස් බෑ කියන්න නම් එපා ." ආපහු සැරයක් ටේහ්‍යුන්ග් කියනවා ඇහෙද්දී මම හීන ලෝකෙන් ඇහැරුනා .

"ම්.. අරස්සෝ ... මම එන්නම් " මම ඉක්මනට ෆෝන් එක තිබ්බේ ආපහු මොකක් හරි මෝඩ වැඩක් කරන්න කලින් .
.
.
.
මම එලියට යන්න ලෑස්ති වෙලා සීතල නිසාම ටීෂර්ට් එකට උඩින් හූඩි එකකුත් දාගෙන ඉක්මනට පාර්ක් එකට යන්න ගියේ අඳුර වැටෙන්න කලින් ආපහු එන්න ඕන නිසා . මම යනකොට ටේහ්‍යුන්ග් පාර්ක් එකේ ගේට්ටුව හරියේ හිටියේ නැති නිසා මම ඇතුලට ගියා . ටිකක් ඇතුලට යනකොට අපි දෙන්නා එදා හිටපු bench එකේම එයා වාඩිවෙලා ඉන්නවා . ඒත් එයා බිම බලාගෙන ලොකු කල්පනාවක හිටිය නිසා මම එතනට ගියත් එයා මාව දැක්කේ නෑ , මම හෙමින් සැරේ ගිහින් bench එකේ එයාට එහාපැත්තෙන් වාඩි උනා .

"මගේ හූඩි එක ඔයාට හරියට ම ගැළපෙනවා" ටේහ්‍යුන්ග් යන්තමට මගේ දිහා හැරිලා බලලා කියද්දි මම ඉක්මනින් බැලුවේ මගේ හූඩි එක දිහා  ආහ් පබෝ... අද ගානට ඇදගෙන ඇවිත් තියෙන්නේ ටේහ්‍යුන්ග් දුන්න හූඩි එකමයි.. දැන් ඉතින් මොනා කියන්නද මට මේක ආපහු දෙන්න මතක් උනෙත් නැහැනෙ , ලැජ්ජාවට ම මම ඉක්මනට අහක බලාගන්න හැදුවේ , ඒත් ටේහ්‍යුන්ග් දිහා බැලුවම මට අහක බලාගන්න හිතුනේ නෑ . ඉස්සෙල්ලාම හම්බවුන දවසේ වගේ අදත් එයා black knight කෙනෙක් වගේ ,  කලු කලිසම , ටීෂර්ට් එක, හූඩි එක තව එයාගේ නළලට වැටෙන කොණ්ඩේ පිටිපස්සට කරලා කලු කැප් එකකුත් දාලා . වාව්... මම ටේහ්‍යුන්ග් දිහාම බලාගෙන හිටියා .


"මට සමාවෙන්න මින්හී " එකපාරටම ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු කටහඬට මම තිගැස්සුනා .

"ම්..ම්වෝ???" ගෙදරින් එද්දී හිතේ තිබුන බය, කේන්තිය , දුක ඒ ඔක්කොම මට දැන් අමතක වෙලා මම පිස්සියෙක් වගේ ටේ දිහා බලාගෙන ඉඳලා ..ඒ මදිවට වචනත් පැටලෙනවා වගේ .. ආහ් .. චෝයි මින්හී පිස්සු නටන්නේ නැතුව ඉන්න .

"මට සමාවෙන්න මම ඔයාගෙන් අහන්නෙ නැතුව ඒ විදිහට සොන්සෙන්නිම්ගෙන් ඔයාගේ අසනීපය ගැන විස්තර අහපු එකට ... මට තව ටිකක් හිතන්න තිබුනා ඒ විදිහේ දෙයක් කරන්න කලින් . ඒත් එදා රූෆ්ටොප් එකේදී ඔයා කිව්වේ නැති උනාට ඔයා ලොකු වේදනාවක් එක්ක හිටියේ කියලා මට දැනුනා , හොස්පිටල් එකේදී සොන්සේන්ග්නිම් හම්බවෙන්න ගිහින් එලියට එද්දී ඔයා මට මොකුත්ම කිව්වේ නෑ , ඒත් ඔයාගේ ඇස්වල ලොකු කතාවක් හැංඟිලා තිබුනා . ඉතින් මම වැඩිදුර හිතන්නේ නැතුව ඔයාගේ පෞද්ගලික දේකට අනවශ්‍ය විදිහට මැදිහත් උනා , මම හිතුවෙ නෑ ඒකෙන් මේ විදිහට තවත් ඔයාගේ හිත රිදෙයි කියලා , ඔයාට කේන්ති යයි කියලා. " ටේහ්‍යුන්ග් එහෙම කියද්දි නම් මට ඇත්තටම දුක හිතුනා එදා එකපාරටම එයාට ඒ විදිහට කතා කරපු එකට.

"ටේ... මම එදා එහෙම කලබලයෙන්  හැසිරුණ එක වැරදියි ... ඒත් ඒත් මම දන්නේ නෑ  මම කිව්වේ මොනවද කියලාවත් . මට කියන්න තේරෙන්නේ නෑ ... මගේ  දිහා ඔයා කවදාවත් අනුකම්පාවෙන් බලනවා දකින්න මට ඕන උනේ නෑ .. එදා ඔයාව හොස්පිටල් එකේදී සොන්සෙන්නිම් එක්ක දැක්කම මට හිතාගන්න බැරි උනා , ඔයා ඇත්ත දන්නවා කියලා හිතද්දිත් මට බයක් දැනුනේ ...මට ... මට ...."

"මින්හී... මගේ දිහා බලන්න " ටේහ්‍යුන්ග් එහෙම කියලා අත් දෙකෙන්ම මාව එයාගේ පැත්තට හරවාගත්තා , මට කෙලින්ම බැලවුනේ එයාගේ ඇස් දිහා , ඒත් ඒ ඇස්වල මම හිතපු විදිහේ අනුකම්පාවක් ලියවිලා තිබුනේ නෑ ... ඒත් ඒ හැඟීම මොකද්ද කියලා මට තේරුම් ගන්න බෑ .

"ඔයාට මගේ ඇස්වලින් පේන්නේ මම ඔයාට අනුකම්පා කරනවා කියලද??? ඔයා අසරණයි කියලා හිතනවා කියලා ද??? " ටේ එහෙම අහද්දී මම නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා .

"ඇත්ත දැනගත්තම මට එකපාරටම බයක් දැනුනේ මට ඔයාව නැතිවෙයි කියලා . මොකද මම ආදරේ කරන කෙනෙක් මොකක් හරි හේතුවක් නිසා මගෙන්  ඈත්වෙයි , මට  එයාලාව නැතිවෙයි කියලා හිතද්දිත් මම ගොඩක් බය වෙනවා , පොඩිකාලේ ඒ දැනුන දේවල් එක්ක මම එහෙම වෙලාවට ඇත්තටම කලබල වෙනවා . " ටේ දැන්නම් ඇත්තටම පොඩි ළමයෙක් වගේ .

"ටේ මම දන්නවා අපි ආදරේ කරන කෙනෙක් අපෙන් ... පො.. පොඩ්ඩක් ඉන්න .. ඔයා ආදරේ කරන කෙනෙක් ඔයාගෙන් ඈත් වෙද්දී ... ඒ ඒ කියන්නේ... අනී... ඔයා කියන්නේ ඔයා කියන්නේ යාලුවෙක් විදිහට නේද ??? " මම ටේහ්‍යුන්ග් දිහා බැලුවේ පුදුමයෙන් ඇස් දෙකත් ලොකු කරගෙන , එයා කිව්වේ එයා යාලුවෙක් විදිහට මට ආදරෙයි කියලා නේද ??? ඒත් ඇයි එයාගේ ඇස්වලින් එහෙම නෙවෙයි කියලා පේන්නේ මට... ආහ්.. මට දැන් හරියට ඇස් පේන්නෙත් නෑ , හරියට කල්පනා වෙන්නෙත් නෑ   වගේ .

"මින්හියා... යාහ්...පබෝ ... මම කියනදේ ඇහෙනවද??? " ටේ මගේ මූණ ඉස්සරහින් අත එහාට මෙහාට අරගෙන යන ගමන් ඇහුවේ . මම ඔව් කියන්න හෙමින් සැරේ ඔලුව වැනුවා .

"මුලින් ම ඔයා මට චින්ගු විතරයි , ඒත් දැන් ඔයා කැමතියි ද ඒ වෙනුවට යෝජා චින්ගු වෙන්න ???"

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න ඊලඟ කොටස. මම හිතනවා කතාව upload කරන්න මම කල් ගත්තා වැඩි නෑ කියලා , ඇත්තටම මම බයෙන් හිටියේ අපේ කෝර්ස් එක ඉක්මනට පටන් ගත්තොත් කතාව ලියන්න වෙන්නේ නෑ කියලා , ඒත් දැනට නම් ප්‍රශ්නයක් නෑ . 😁😁😁😁😁
ආපහු කොරෝනා ඔලුව උස්සන නිසා ඔයාලා හැමෝම පරෙස්සම් වෙලා ඉන්න , මෙච්චර කල් හිටියා වගේ ම 🙂🙂🙂. කියවන, ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි 😘😘😘 සරන්ග්හේ යොරොබුන් ❤️❤️❤️❤️❤️❤️

Edited and republished on 08/03/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top