Chapter 06

❤️YOUR FRIEND IS WITH YOU❤️

Taehyung's POV
මීට අවුරුදු අටකට කලින් මගේ හැල්මොනි මාව දාලා ගිය ඒ අඳුරු දවස මතක් උන නිසාම මගේ ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා. කොල්ලෙක් හැමවෙලාවෙම කඳුළු හලන්න තරම් දුර්වල වෙන්නේ නෑ කියලා කෙනෙක් හිතන්න පුලුවන් , ඒත් පොඩි කාලේ හිතේ ඇතිවුණ කවදාවත් මැකෙන්නේ නැති තුවාල කැළැල් තියෙන කෙනෙක් හිතින් ශක්තිමත් කියලා පිටට කොච්චර පෙන්නන්න හැදුවත් වෙලාවක් එනවා ඒ මවාපෑම වෙනුවට අපේ ඇතුලේ තියෙන බිඳවැටීම පිටට පෙන්නන්න වෙන , අපි විශ්වාස කරන කෙනෙක් ඉදිරියේ ඒ විදිහට කඩා වැටෙන එක, අපේ දුර්වලතාව පෙන්නන එක වෙලාවකට අපේ හිතේ තියෙන පීඩනය , දුක, තරහා ඒ හැමදෙයක් ම මොහොතකට හරි අපේ හිතෙන අයින් කරනවා .

"ටේහ්‍යුන්ග්" එකපාරටම මගේ කම්මුලට දැනුන උණුසුම් පහසත් එක්ක මින්හී මගේ නම කතා කරනවා මට ඇහුනා , මම එයා දිහා බැලුවේ එකපාරටම ගැස්සිලා වගේ . මින්හී දිගටම මගේ දිහා බලාගෙන හිටියා , එයාගේ අතෙන් දැනුන උණුසුම මට සැනසිලිදායක උනා . මම හෙමින් සැරේ මගේ කටහඬ අවදි කළා. මගේ කතාව අහගෙන හිටියට පස්සේ මින්හීගේ ඇස්වලත් කඳුළු පිරුණා, එයා එකපාරටම මාව බදාගත්තා. මමත් හෙමින් සැරේ එයාගේ උරහිසට බර උනා, මින්හීගෙන් මට දැනුනේ ඇත්තටම ගොඩක් උණුසුම් හැඟීමක් , හැල්මොනි මාව දාලා ගියාට පස්සේ අවුරුදු ගානකට මට අහිමි වෙලා තිබුන ඒ උණුසුම ආපහු මගේ හදවතට දැනුනා . මගේ ඔම්මා අප්පා මට අහිමි කරපු ඒ ආදරය පිරුණු උණුසුම ආපහු මට ලැබුනා වගේ හැඟීමක් මට දැනුනේ , කාලය ගතවෙනවා කියලා දැනුනත් මම මින්හීගේ ඒ ස්පර්ශෙට වශී වෙලා වගේ .

"ටේ මමත් ඔයාට කතාවක් කියන්නද?? " ටික වෙලාවකට  මින්හී  එහෙම අහද්දී මම  හෙමින් සැරේ ඔලුව උස්සලා එයා  දිහා බැලුවා . එයා දැන් ටිකකට කලින් මම එයාව බදාගෙන ඇඬුවා කියලා මතක් උන නිසා එකපාරටම මට නිකන් ලැජ්ජාවත් එක්කම අමුතු හැඟීමක් දැනුනේ , මම ඉක්මනට එයාව අතෑරලා ටිකක් එහාට වෙලා වාඩි උනා . මින්හී සාමාන්‍යයෙන් මෙහෙම වෙලාවට මට විහිලු කරනවා , ඒත් එයා මගේ දිහා බලලා යන්තමට හිනාඋනා . මින්හී ආපහු ඉස්සරහට තිබුන මල් යාය දිහා බලාගෙන කතාව කියන්න පටන් ගත්තා .

"පොඩි ගෑණු ළමයෙක් හිටියා. එයාගේ ඔම්මාගේ පවුලේ කවුරුත් හිටියේ නෑ ,   එයාගේ අප්පාගේ ඔම්මා අප්පා දෙන්නම එයාගේ ඔම්මට කැමති නෑ, එයා හිතුවෙ ඒ එයාගේ ඔම්මා කවුරුත් නැති කෙනෙක් නිසා කියලා  .ඉතින් එයාලා තුන්දෙනා පොඩි ගෙදරක හිටියේ .එයාගේ ඔම්මයි අප්පයි එයාට ගොඩක් ආදරේ කළා.එයාලාට ගොඩක් සල්ලි තිබුනේ නෑ ඒත් සතුටින් හිටියා . ඒත් එයාට අවුරුදු 17ක් විතර වෙද්දී දවසක් ස්කෝලෙදි එයාට සිහි නැති උනා. ඩොක්ටර්ස්ලා එයාව බලලා එයාගේ හදවතේ  සිඳුරක් තියෙයි කියලා operation එකක් කරන්න ඕන කිව්වා . ඒකට සල්ලි ඕන නිසා එයාගේ ඔම්මා  අප්පා දෙන්නම මහන්සි වෙලා වැඩ කළා සල්ලි එකතු කරගන්න . එයාගේ අප්පා ලොරියක් එලෙව්වේ , ඉතින් අප්පා උදේ දවල් රෑ එකදිගට වැඩ කළා. නිදාගන්න, හරියට කෑමක් බීමක් මොකුත්ම නැතුව . මහන්සි වෙනවා වැඩි නිසාම දවසක් රෑ එයා ලොරිය එළවද්දී එයාට හාර්ට් ඇටෑක් එකක් හැදුනා, එයාට සිහිය නැති වෙද්දී නතර කරගන්න බැරි උන ලොරිය ගිහින් තවත් වාහනේක වැදිලා පල්ලමකට පෙරලුණා . පැයකට විතර පස්සේ එයාව උඩට අරගෙන හොස්පිටල් එකකට යැව්වත් ඒ වෙද්දිත් එයා මේ ලෝකේ දාලා ගිහින් .

ඉතින් අන්තිමට මේ ගෑණු ළමයට ඉතුරු උනේ එයාගේ ඔම්මා විතරයි . අප්පා නැති වෙලා සති දෙකකින්  විතර දවසක් එයා ස්කෝලේ ගිහින් එද්දී එයාලාගේ ගෙදරට එයාගේ හැල්මොනි හරබොජි දෙන්නා ඇවිත් හිටියා. එයා ගේ ඇතුලට යද්දිම එයාලා එයාගේ ඔම්මට කියපු දේවල් මේ ගෑණු ළමයට ඇහුනා .

'හන් ජී අපි මින්හී නැති වෙලාවක ආවේ මේ වචන ටික ඒ හයක් හතරක් නොදන්න ළමයට කියලා වැඩක් නෑ කියලා දන්න නිසයි. මින්ජූන් ඔයාට ගොඩක් ආදරේ කළා මින්හීටත් .. ඒත් අපි හැමෝම ඇත්ත දන්නවා . මින්හී කියන්නේ ඔයාලා දෙන්නාගේ දරුවෙක් නෙවෙයි . මින්ජූන්ට ඔයාව හම්බවෙද්දිත් ඔයාට මින්හී ලැබෙන්න හිටියේ , ඒත් මින්ජූන් ඔයාව බාරගත්තා, අඩුම තරමින්  .එයා ඔයාව කසාද බැන්ඳේ අපේ අකමැත්ත නොසලකා. දැන් බලන්න අන්තිමට උන දේ... මින් ජූන් මැරුනේ මේ කෙල්ල නිසා ... තමන්ගේ දරුවෙක් වත් නොවුණු අනාත කෙල්ලෙක් නිසා අපේ මින්ජූන්ට අපිව දාලා යන්න උනා ... දැන් හදන්නේ අපිවත් විනාස කරන්නද???? මින්ජූන් ඔයාලාව බාරගත්තා ඒත් ඒ අතීතේ .දැන් මින්ජුනා තවදුරටත් නෑ . ඒ නිසා තවදුරටත් ඔයාටවත් ඒ අනාථ කෙල්ලටවත් මේ කිසිම දේක අයිතියක් නෑ ,ඒ වගේ ම අපෙන් කිසිම  උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා, පුලුවන් ඉක්මනට අපිට පේන්නේ නැති තැනකට යන්න  '

තවදුරටත් ඒ වචන අහගෙන ඉන්න බැරි නිසා ඒ ගෑණු ළමයා ගෙදරින් එලියට ගිහින් රෑ වෙලා ගෙදර ආවේ, එයා ගෙදර එනකල් පාර්ක් එකකට වෙලා තනියෙන් ඇඬුවා .එයා එද්දී එයාගේ ඔම්මාගේ ඇස් හොඳටම රතු වෙලා . ඒත් එයාට ඔම්මාගෙන් ඇයි කියලා අහන්න විදිහක් නෑ , මොකද එයා හේතුව දන්නවා . ඒත් ඔම්මා එදා රෑ නිදාගන්නකල් ම එයාව බදාගෙන ඇඬුවා ' මියානේ මින්හියා , ඔම්මා නිසා ඔයාට ඔයාගේ අප්පාගේ ආදරේ නැති උනා. ඔම්මාගා මියානේයෝ (mom is sorry )"
.
.
.
.
.
.
මින්හී අසරණ විදිහට  හිනාවෙලා මගේ දිහා බැලුවා . ඒත් එයාගේ ඇස්වල කඳුළු පිරිලා .

මම මින්හී දිහා බලාගෙන හිටියේ හුස්ම ගන්නත් අමතක වෙලා  . කෙනෙක්ගේ දෛවය මේ තරම් ම නපුරු වෙන්න පුලුවන් ද??? මින්හීට එයාගේ ඇත්තම අප්පාගේ ආදරේ , ඊළඟට එයාට ආදරේ කරපු අප්පා කෙනෙක් උන කෙනාගේ ආදරේ මේ හැමදේම එයාට අහිමි කරලා ... දැන් එයා අන්තිමට එයාගේ ඔම්මා එක්ක මේ ලෝකේ තනිවෙලා , ඒත් එයාට එයාගේ ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙන්නේ . මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ මේ ලෝකේ වැඩියෙන්ම අසාධාරණකම් වෙලා තියෙන්නේ මට කියලා , ආදරේ කරන අයව උඳුරගෙන තියෙන්නේ මගෙන් විතරයි කියලා .. ඒත් මින්හීගේ ජීවිතේ එක්ක බලද්දී මගේ දෛවය මට කවදාවත් ඒ විදිහේ දුකක් දීලා නෑ , ඇත්තටම දෛවය මින්හීගේ මුළු ජීවිතේ  එක්ක ම සෙල්ලම් කරනවා වගේ .

"සමහරවෙලාවට අපේ ජීවිත වෙනස් වෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට මින්හියා. එදා ඒ ගෑණු ළමයා පාර්ක් එකට වෙලා තනියෙන් අඬපු වෙලාවේ මම එතන හිටියා නම් මම කියනවා ' ඔයාට කවුරු නැති උනත් මම  ඔයා එක්කම ඉන්නවා කියලා , එහෙම කියලා මේ විදිහට ආදරෙන් එයාව තුරුල් කරගන්නවා ." මම එහෙම කියලා ටික වෙලාවකට කලින් මින්හී මාව එයාගේ උණුසුමට තුරුල් කරගත්තා වගේ ම එයාවත් මට තුරුල් කරගත්තා, මින්හී එයාගේ මූණ මගේ පපුවට තුරුල් කරගත්තා.

ජීවිතේ පළවෙනි වතාවට මට දැනුනා වෙන කෙනෙක්ගේ සතුට වෙනුවෙන් , එයාගේ හිනාව වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා ... ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි මගේ මින්හී... 'ඔයාට තවදුරටත් අඬන්න මම ඉඩ තියන්නේ නෑ මින්හී , ඒ වගේ ම ඔයාගේ surgery එක, අපි ඒක කොහොමහරි කරමු . මගේ ජීවිතේ අහිමි උන දේවල් වෙනුවෙන් දුක්වෙන්න , තවත් දේවල් වලට වෛර කරනවට වඩා ඔයාගේ සතුට වෙනුවෙන් මට දෙයක් කරන්න පුලුවන් නම් මම අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා ' මම හිතින් හිතාගත්තා.
ටික වෙලාවකට පස්සේ මින්හී මගෙන් ඈත් උනා, ඇස්වල කඳුළු මැකිලා ගිහින් .

"දෙන්නම දැන් ඇඬුවා ඇති නේද ?? එන්න යමු ..." දෙන්නගෙම මූඩ් එක වෙනස් කරගන්න ඕන නිසා මම මින්හීවත් ඇදගෙන පාර්ක් එකේ තිබුන අයිස් ක්‍රීම් හට් එකට ගියා. දෙන්නා එක්කම චොක්ලට් අයිස්ක්‍රීම් දෙකකුත් කන ගමන් පාර්ක් එකේ ඇවිදින්න ගත්තා. මින්හී එකපාරටම මාව අතෑරලා ගිහින් ඔන්චිල්ලාවකින් වාඩි වෙලා , හෙමින් සැරේ ඒක පදින්න ගත්තා.

"යාහ් ටේ... ඉක්මනට එන්න " එයා අනිත් ඔන්චිල්ලාව පෙන්නන ගමන් කිව්වේ , මමත් පොඩි ළමයෙක් වගේ දුවගෙන ගිහින් ඔන්චිල්ලාවේ වාඩි උනා. අපි දෙන්නා එක්ක අයිස් ක්‍රීම් කන ගමන් තරඟෙට වගේ වේගයෙන් ඔන්චිල්ලාව පදින්න ගත්තා . මින්හී කොච්චර උත්සාහ කළත් එයාට මට තරම් වේගයෙන් ඔන්චිල්ලාව පදින්න බැරි උන නිසා එයා අන්තිමට ඒක නවත්වමු කිව්වා .

"එන්න අපි වෙන එකක් හොයාගමු " මින්හී මාවත් ඇදගෙන සීසෝ එක ළඟට ගියා. දෙන්නා එක්කම පැයක් දෙකක් පාර්ක් එකේ හැමතැනම ඇවිද්දා. ඇති වෙන්න හිනාවුණා , ලොකු නිදහසක්, සතුටක් අත්වින්දා. ගෙදර යන්න තරම් පරක්කු වෙලා තිබුනේ නැති නිසා අපි දෙන්නා ලයිබ්‍රරි එකට ගියා .

"ගුමාවොයෝ ටේ අද දවසට , අද හැමදේම අමතක කරලා සතුටින් ඉන්න පුලුවන් උනා  " මින්හී ගේ ඇතුලට යන්න ලෑස්ති වෙලා කිව්වා . අපි දෙන්නම හිටියේ එයාලාගේ ගේ ඉස්සරහා පාරේ, අපි ලයිබ්‍රරි එකෙන් ආවට පස්සේ මම මින්හී එයාගේ ගෙදරට ඇරලවන්න ආවා.

"අනී නෝදු ගුමාවොයො . දැන් ඇතුලට යන්න . ගුඩ් නයිට් ." මම කිව්වේ මින්හීව ගේ පැත්තට තල්ලු කරන ගමන්

"පරෙස්සමින් ගෙදර යන්න . බායි . ගුඩ් නයිට්"  මින්හී මට අත වනලා ගේ ඇතුලට ගියා . ටිකක් වෙලා ඉදලා මම ආපහු එන්න හැරුනා . කාලෙකට පස්සේ මේ වෙලාවට එලියට බැස්සේ . කෙමෙන් කෙමෙන් වටපිටාවම ගිලගන්න අඳුරත් එක්ක සීතල සුළගක් හමාගෙන ආවේ. පරිසරයේ ම තිබුනේ හරිම නිස්කලංක බවක්. පැය බාගෙකට විතර
පස්සේ මම ගෙදර ආවේ, ගෙදර හිටියේ වැඩකරන කට්ටිය විතරයි . වොෂ් එකකුත් දාගත්තට පස්සේ මම කල්පනා කළේ මින්හීගේ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියලා . එයාලා ඔපරේෂන් එක කරන්න කැමති උනත් ඒකට සල්ලි ඕන ...සල්ලි ප්‍රශ්නේ විසඳගන්න නම් ......

ටිකවෙලාවක් කල්පනා කරලා මම ෆෝන් එක අතට ගත්තා . ජීමින්ගේ නම්බර් එක ඩයල් කරලා ආන්ස්වර් කරනකල් බලාගෙන හිටියේ ටිකක් නොඉවසිල්ලෙන් . මම ඩේගුවල ඉදන් සෝල්වලට ආපු දවස්වල අඳුරගත්ත පළවෙනි යාලුවා ජීමින් . අවුරුදු ගානක් මගේ හොඳම යාලුවා උනෙත් හැමවෙලාවෙම මාත් එක්ක හිටියෙත් එයා. ඒත් ජීමින්ගේ අප්පා එයාව business management ගැන වැඩිදුර ඉගෙනගන්න ඇමෙරිකා යවන්න තීරණය කළේ මාස හයකට විතර කලින් . පවුල් දෙකේම කට්ටිය business partner ලා නිසා මාවත් ඒ එක්කම ඇමෙරිකා යවන්න  අප්පාටත් ඕන උනා. ඒත් දවස් ගානක් අප්පාගෙයි මගෙයි මත ගැටුම් අතරේ අන්තිමට මට නතර වෙන්න පුලුවන්  උනා, මාව යවනවට ඔම්මත් අකමැති උන නිසා අප්පාට වෙන මොකුත් කියන්න බැරි උනා  . හැබැයි ජීමිනාට එයාගේ අප්පාගේ  වචනේ අහක දාන්න බැරි නිසාම එයාට ඇමෙරිකා යන්න උනා. ඒත් ජීමින්ගෙයි මගෙයි යාලුකම , දුරක හිටියත් තාමත් එක්කෙනෙක්ගේ දුක, සතුට වගේ ම ප්‍රශ්නෙකදි උනත් අනිත් කෙනා එයත් එක්ක  ඉන්නවා .

"යාහ් ටේ...." එහාපැත්තෙන් ඇහුන කටහඬ නිසා මට ලොකු සතුටක් දැනුනේ .

"ජීමිනා .... please help me"

"යාහ් මොකද උනේ ??? මාව බය කරන්න එපා . " ජීමින් ඇහුවේ බය වෙලා වගේ .

"ඉස්සෙල්ලා මම කියන දේ අහගෙන ඉන්නකෝ......" මම ජීමිනාට මින්හීගේ heart disease එක ගැන අලුතෙන් දැනගත්ත විස්තරේ කිව්වා .

"ඔයාට options දෙකක් තියෙයි , එක්කෝ ඔයාට පුලුවන්  අප්පාට මේ ගැන කියලා එයාගෙන් සල්ලි ඉල්ලාගන්න ..." ටික වෙලාවක් නිහඩව ඉදලා ජීමින් කියන්න ගත්තා .

"යාහ්... ජිමිනි පබෝ... දන්නවා නේද මම මෙහෙම දේකට තියා නිකමට වත් අප්පා එක්ක කතා කරන්නේ නෑ කියලා ... අප්පාගෙන් උදව් ඉල්ලන්න... no never .. කවදාවත් නෑ .. ." ජීමින් කියලා ඉවර වෙන්නත් කලින් මම ෆෝන් එකට කෑගහන්න ගත්තා .

"යාහ් දැන් ඔහොම කෑගහන්න මම බීරි නෑ ඔච්චර කෑගහන්න එපා ... තව දෙයක් කරන්න පුලුවන් ඔයාට තව මාස දෙකක් ඉන්න වෙනවා , ඔයාගේ birthday එක එනකල් ..."

"එතකොට මට කෙලින්ම මගේ අකවුන්ට් එක handle කරන්න පුලුවන් ... ඒත් .. එච්චර කාලයක් operation එක කල් දාන්න පුලුවන් වෙයිද ???" එකපාරටම මට දැනුන සතුට ආපහු නැති වෙලා ගියා ..

"ටේ... ඉස්සෙල්ලාම ඔයාට මින්හීට කියන්න වෙනවා ඔයා ඩොක්ටර්ව meet වෙලා හැමදේම දැනගත්තා කියලා ...." ජීමින් ඒ වචන ටික කිව්වේ බැරෑරුම් විදිහට

"ඒත් එහෙම උනොත් එයා මාත් එක්ක කතා කරන එකක් නෑ ජීමිනා...." මම කිව්වේ කලින් දවසේ මින්හී මට කිව්ව වචන මතක් වෙලා ..

"එයා ඔයා එක්ක කේන්ති ගත්තොත් ඔය හිතේ තියෙන අදහසත් කියන්න එතකොට හරි " ජීමින් හිනාවෙන සද්දෙත් මට යන්තමට ඇහුනා.

"යාහ්.... කවුද කිව්වේ ....මම ..."

"ටේ මම ඔයාගේ හොඳම යාලුවා, ඔයා මින්හී ගැන කිව්ව විදිහට මට හිතාගන්න පුලුවන් ඔයාගේ හිතේ එයා ගැන කැමැත්තක් තියෙයි කියලා ... ඔයා දැන් ටික දවසක ඉදන් වෙනදට වඩා සතුටින් ඉන්නේ , කතා කරන විදිහෙන් මට ඒක තේරෙනවා . ඉතින් ඒ සතුටට හේතුව මින්හී නම් එයාව කිසිම විදිහකින් නැති කරගන්න එපා ...ඒ වගේ ම ඔයාගේ උදව්වට මමත් ඉන්නවා ..." ජීමින් ඒ වචන ටික කිව්වේ යාලුවෙක්ට වඩා ඇත්තටම වැඩිහිටියෙක් පොඩි ළමයෙක්ට කියනවා වගේ . දරුවෙක්ව හොඳටම තේරුම් ගන්න පුලුවන් දෙමව්පියන්ට කිව්වත් ඒ වෙනුවට මට මාව තේරුම් ගන්න පුලුවන් යාලුවෙක් ලැබිලා තියෙනවා ...
.
.
.
Few days later
මින්හීගේ surgery එකට ඕන මුදල..... ඒක එයාලා වගේ සාමාන්‍ය කෙනෙක්ට හොයාගන්න අමාරු මුදලක්... ඒත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ... ඒත් අප්පාගේ මැදිහත්වීමකින් තොරව මේ ගාන මගේ අකවුන්ට් එකෙන් ගන්නේ කොහොමද???

ජීමින් කිව්වා වගේ ම මම මින්හීට කැමතියි .... ඒත් දැන්මම එයාට confess කරන්න ගිහින් මට එයාව නැති වෙයි කියලත් හිතෙනවා . ඒ බය නිසාම මම තව අඩියක් ඉස්සරහට තියන්න පැකිලෙනවා, එයා යාලුවෙක් විදිහට හරි මාත් එක්ක ඉන්නවා නම් ඒක මට වටිනවා කියලා මම හිත හදාගන්නවා. ඒත් මේ හැම ප්‍රශ්නෙකට ම උත්තර ඕන ඉක්මනට .

"සර්, පාර්ක් සොන්සෙන්නිම් දැන් ආවේ .  සර් සොන්සේන්ග්නිම්ගේ කාමරේට යනවද නැත්නම් සොන්සෙන්නිම්ට office එකට එන්න කියන්නද??? " එකපාරටම කාමරේ ඇතුලේ ඇහුන හඬකින් මම පියවි ලෝකෙට ආවා. ජීමිනා කිව්ව දේ ඇත්ත කියලා තේරුන නිසාම මම අන්තිමට අද, ඒ කියන්නේ  සෙනසුරාදා ආපහු සැරයක් පාර්ක් සොන්සෙන්නිම්ව හමුවෙලා මේ ගැන අහන්න තීරණය කළා. හොස්පිටල් එකට ඇවිත් මම ජින් හ්‍යුන්ග්ගේ office එකට වෙලා හිටියේ පාර්ක් සොන්සෙන්නිම් එයාගේ shift  එකට එනකල් .
නර්ස් කෙනෙක් ඇවිත් එහෙම කිව්වට පස්සේ මෙච්චර වෙලා ෆයිල් එකක් බල බල හිටිය හ්‍යුන්ග් මගේ දිහා බැලුවා .

"ටේ පාර්ක් සොන්සෙන්නිම් ට එන්න කියන්න
ද මගේ ඔෆිස් එකට. " ජින් හ්‍යුන්ග් එයාගේ ටේබල් එකේ තිබුන ෆෝන් එකේ receiver එක අතට ගන්න ගමන් ඇහුවේ . පවුලේ වැඩිහිටි කට්ටියට කැමති නැති උනත් සම්චුන්ගේ පුතාලා දෙන්නා උන ජින් හ්‍යුන්ග් , නම්ජූන් හ්‍යුන්ග් දෙන්නා එක්ක මම එකතුයි. හැමවෙලාවෙම එකට එකතු වෙලා කතාබහ කරන්න තරම් වෙලාවක් නැති උනත් ඇත්තම සහෝදරියෝ අතර තියන බැඳීමක් අපි තුන්දෙනා අතර තිබුනා .අපි තුන්දෙනාගෙන් බාලම කෙනා මම උනත් කිසිම වෙලාවක හ්‍යුන්ග්ලාගෙන් උදව් ඉල්ලන්නේ නැති නිසා ජින් හ්‍යුන්ග්ට මේ ගැන කිව්ව ගමන් හ්‍යුන්ග් මට උදව් කරන්න කැමති උනා .

"අනියා හ්‍යුන්ග් ... මම සොන්සේන්ග්නිම් ගේ රූම් එකට ගිහින් එයාව meet වෙන්නම්. මම යනවා හ්‍යුන්ග් .  " මම ජින් හ්‍යුන්ග්ගේ office එකෙන් එලියට ඇවිත් පාර්ක් සොන්සේන්ග්නිම්ගේ රූම් එක තියෙන පැත්තට ගියා.
.
.
.
පාර්ක් සොන්සෙන්නිම් මාත් එක්ක කතා කර කර රූම් එකෙන් එලියට ආවා. කොරිඩෝව මැද්දෙත් ටිකක් වෙලා කතාකර කර ඉදලා මම සොන්සෙන්නිම්ට ආපහු සැරයක් ස්තූති කරලා හොස්පිටල් එකෙන් එලියට ආවා.... ඒත් ඒ එක්කම මට මැසේජ් එකක් ආවා.ෆෝන් එකේ මින්හීගේ නම වැටිලා තියෙනවා දකිද්දී දැනුන සතුට වගේම කුතුහලය යටපත් කරගෙන මම මැසේජ් එක ඕපන් කළා.

"ටේ තව පැය දෙකකින් han river bridge එක උඩදී  හම්බවෙමු , අපි ඉස්සෙල්ලාම හම්බවුන තැනදි ම හරියටම පැය දෙකකින් "
තව පැය දෙකකින් කියන්නේ හවස හයට... ඒත් ඇයි ඒ වෙලාවට මින්හී මාව හම්බවෙන්න ඕන කියන්නේ . එයා හේතුවක් කියලත් නෑ .
.
.
.
හවස හය වෙන්න කලින් මම han river bridge එක උඩට ගියා . එතකොට මින්හී කිව්ව තැන.. එතන නම් කොහොමටවත් අමතක වෙන්නේ නෑ . ටික වෙලාවකින් මින්හීත් ඇවිත් මට එහාපැත්තෙන් පාලමට හේත්තු උනා. අපි දෙන්නා අතරම තිබුනේ නිහඬතාවයක්.

"ටේහ්‍යුන්ග්. " මින්හී තාමත් ගඟ දිහා බලාගෙන ම මට කතා කළා, මම මින්හී දිහාට හැරුනා , මින්හීත් හෙමින් සැරේ මගේ මූණ දිහා බැලුවා . ඒත් එයාගේ ඇස්වල තිබුන හැඟීම් මට හිතාගන්න බෑ .

"ඔයා මගේ ගැන මොනවද දන්නේ ????" මින්හී බිඳුණු හඬ ඇහිලා මාව එකපාරටම ශොක් උනා.

"මින්හියා...." මම හෙමින් සැරේ මින්හීගේ අත අත අල්ලාගන්න හැදුවේ ... ඒත් එයා අඩියක් පස්සට ගත්තා .

"පාර්ක් සොන්සෙන්නිම් ගෙන් ඔයා මගේ ගැන මොනවද ඇහුවේ ටේහ්‍යුන්ග් ????" මින්හී එකපාරටම ටිකක් උස් හඬකින් මගෙන් ඇහුවේ මගේ ඇස් දිහාම බලාගෙන . මම එකපාරටම හිටිය තැනම ගල්ගැහුනා.. මම පාර්ක් සොන්සෙන්නිම් ව හම්බවුණා කියලා මින්හී කොහොමද දන්නේ . මම මොකුත්ම හිතාගන්නවත්, කියාගන්න වචනයක් හොයාගන්නත් බැරුව දිගටම මින්හී දිහා බලාගෙන හිටියා .

Min hee's POV
හොස්පිටල් එකට ගිහින් , ඊට පස්සේ පාර්ක් එකටත් ගිහින් , අන්තිමට අපි දෙන්නා හවස් වෙනකල් ලයිබ්‍රරි එකට ගියා . මට තාමත් සෝල් පුරුදු නැති උනත් ටේ මාව ලයිබ්‍රරි එකට ඇදගෙන ගියා . අන්තිමට එයා හවස මාව ගෙදරට ඇරලවන්න මාත් එක්කම ආවා. ටේගෙන් සමුඅරගෙන ගේ ඇතුලට ආවට පස්සේ මම ඇදට පැන්නේ ලොකු සතුටකින් . වෙනදා ස්කූල් එකේදි එකට ඉන්නවට වඩා වෙනස් හැඟීමක් අද දැනුනේ . හොස්පිටල් එකේදී සොන්සෙන්නිම් කිව්ව වචනවලට බය වෙනවා වෙනුවට අද දවස ගතකරපු විදිහ ගැන හිතද්දී ඉබේටම මූණට හිනාවක් ආවා....දවස ගානේ මගේ හිතේ ටේහ්‍යුන්ග් ගැන තියෙන හැඟීම් දවසින් දවස වැඩි වෙනවා .... ඒත් මම තාම එයාට ඒ ගැන කියලත් නෑ .... මම වගේ ම එයත් මට කැමති නම් ..... ඒත් මට එච්චර ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ නේද .......මම පිස්සෙක් වගේ ටිකක් වෙලා තනියෙන් හිනාවෙවී හිටියා. වොෂ් එකක් දැම්මට පස්සේ මම කුස්සියට ගියේ ඔම්මා එන්න කලින් ramen පැකට් දෙකක් හදන්න .ඒත් වතුර රත්වෙන්න තියලා ටික වෙලාවකින් ඔම්මා ගෙදර ඇවිත් කියලා මට දැනුනෙත් නෑ .

"මින්හියා.... අද ගොඩක් සතුටින් වගේ ..." ඔම්මා එකපාරටම ඇවිත් මේසේ උඩින් පොඩි බෑග් දෙකක් තියන ගමන් කියද්දි මම තිගැස්සුනා .

"ඔම්මා... මම බය උනා... " මම කිව්වේ වේගයෙන් ගැහෙන පපුවත් අල්ලාගෙන ...ඔම්මා මොකුත් කියන්නේ නැතුව හෙමින් සැරේ මගේ ඔලුව අතගාන්න ගත්තා. මම කටත් උල්කරගෙන ඔම්මාට හේත්තු උනා. හැමදාම ඔම්මා වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සේ මේ විදිහට හුරතල් වෙන එක මට පුරුද්දට ගිහින් . ඉස්සර අප්පා ඉන්නකොට දෙන්නා එක්කම මාව බොරුවට අවුස්සනවා , අන්තිමට තුන්දෙනා එක්කම හිනාවෙනවා .

"ඔයාගේ ඔය හිනාව හැමදාම ඔය වගේ තියෙයි නම් ඔම්මාට කොච්චර සතුටුයි ද..." ඔම්මා එහෙම කියලා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා ....

"ඔම්මා... මම ඔම්මාව දාලා යන්නේ නෑ ... කවදාවත් ..." මමත් ඔම්මාව බදාගන්න ගමන් කිව්වේ ඔම්මාගේ වචන නිසා මගේ ඇස්වලටත් කඳුළු පිරුණු නිසා ...

"මම කොහොම හරි මගේ දුවව බේරගන්නවා . හැමදාම ඔම්මා ළඟින් ම තියාගන්නවා... " ඔම්මා අමාරුවෙන් උනත් හිනාවෙන්න උත්සාහ කරන ගමන්  කිව්වා.

"ඔම්මා මම අද හොස්පිටල් එකට ගියා..." මම හෙමින් සැරේ කිව්වා ... ඒත් ඔම්මා එකපාරටම බය වෙලා මගේ දිහා බැලුවා .

"මින්හියා.... උරි තල්.... මොකද්ද උනේ???" ඔම්මා මගෙන් ඇහුවේ මගේ උරහිස් දෙකෙන්ම අල්ලගෙන මගේ දිහා හොඳට බලන ගමන්

"අනියා මොකුත් උනේ නෑ ... අහන්නකෝ ඔම්මා .... ඔම්මට මම කිව්වේ ටේහ්‍යුන්ග් .. මගේ චින්ගු ..... " මම දවස් දෙකකට කලින් ස්කෝලෙදි මට අමාරු උනා කියන්නේ නැතුව ඉතුරු විස්තරේ ඔම්මට කිව්වා ..
.
.
.
සිකුරාදා මම ගෙදර එද්දී ඔම්මා කලින් ම ගෙදර ඇවිත් තිබුනේ සනීප නැති නිසා , ඒත් ඒක ගනන් ගන්නේ නැතුව අද උදේ ඔම්මා ආපහු convenient store එකට යන්න හැදුවේ ... ඒත් මම කොහොම හරි ඔම්මාව ගෙදර නවත්තාගත්තා , දවල් වෙද්දිත් ඔම්මාගේ උණ අඩු උනේ නැති නිසා මම ගොඩක් වෙලා කියලා කියලා අන්තිමට බෙහෙත් ගන්න යන්න ඔම්මාව කැමති කරගත්තා.  හොස්පිටල් එකට ගිහින් ඔම්මා ඩොක්ටර්ගේ රූම් එක ඇතුලට ගියා , එකතැනකට වෙලා ඉන්න කම්මැලි නිසා මම හොස්පිටල් එකේ ඇතුලට ගියා , ටික වෙලාවකින් වටපිට බලද්දී මම ඇවිත් තිබුනේ cardiology unit එක තියෙන floor එකට. ඒත් එක්කම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා , ඔම්මාගෙන් කෝල් එක.

"ඔම්මා...."

"මින්හියා ඔම්මා බෙහෙත් අරගෙන ඉවරයි . නෝ ඔදියා (where are you ??) ??? "

"ඔම්මා ඔතනම ඉන්න මම cardiology unit එකේ ඉන්නේ මම ඉක්මනට එන්නම් " . මම කෝල් එක කට් කරලා ආපහු යන්න හැරුනා, ඒ එක්කම වගේ පාර්ක් සොන්සෙන්නිම්ගේ රූම් එකේ දොර ඇරුනා ... ඒත් එලියට ආවේ මම හීනෙකින්වත් හිතපු නැති කෙනෙක් ... ටේ..... ටේහ්‍යුන්ග් ... එයා ඇයි පාර්ක් සොන්සෙන්නිම්ව හම්බවෙන්නේ????
කොරිඩෝවේ කට්ටිය හිටිය නිසා ටේහ්‍යුන්ග් මාව දැක්කේ නෑ ... එයා සොන්සෙන්නිම් එක්ක තවත් ටික වෙලාවක් කතා කරලා  අන්තිමට සොන්සෙන්නිම්ට ආචාර කරලා යන්න ගියා , මම පේන්නේ නැති වෙන්න මුවා වෙලා හිටිය නිසා ටේ එතනින් යද්දිත් මාව දැක්කේ නෑ .. ඒත් එයාගේ මූණේ තිබුනේ බැරෑරුම් පෙනුමක් ... බැරිවෙලාවත් ටේ සොන්සෙන්නිම්ගෙන් මගේ ගැන දැනගන්න ඇති ද??? මට දැනුනේ එකපාරටම මගේ කකුල් දෙකත් පණ නැතුව ගියා වගේ ... එතකොට එයා එදත් සොන්සෙන්නිම්ව හම්බවෙන්න ඇති ද??? ඒත් එයා දන්නවා මම ඒකට කැමති නෑ කියලා .. එයා දැන් යාලුවෙක් විදිහට මගේ දිහා බලනවා වෙනුවට මට අනුකම්පා කරනවද??? ඒත් එයා මගේ ගැන ඇත්තටම දන්නවා නම් .....මම වෙව්ලන අත්වලින් ෆෝන් එක අරගෙන ටේහ්‍යුන්ග්ට මැසේජ් එකක් දැම්මා හවස එයාව හම්බවෙන්න ඕන කියලා .

"මින්හියා... මොකද උනේ ඇයි ඔයාගේ මූණ සුදුමැලි වෙලා වගේ . ???" එකපාරටම මගේ උරහිසට අතක් තියනවා දැනෙනවත් එක්කම මට ඇහුනේ ඔම්මාගේ කටහඬ. මම ෆෝන් එක ඇතුලට දාලා ඔම්මා දිහාට හැරුනේ මූණේ වෙනසක් පේන්නේ නැති වෙන්න උත්සාහ කරන ගමන් .

"අනියා ඔම්මා ... මොකුත් උනේ නෑ ... අපි යමු ..." මම කල්පනා කර කර ම ඔම්මා එක්ක ගෙදර ආවා.

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න ලමයි කතාවේ හයවෙනි කොටස .. ටේහ්‍යුන්ග් මින්හීගේ ලෙඩේ ගැන හැමදේම දන්නවා කියලා දැනගත්තම මින්හීගේ ප්‍රතිචාරය කොහොම වෙයි ද?? තව ටේහ්‍යුන්ග් , ජීමින් ඒ දෙන්නාගේ යාලුකම ගැන මගේ කතාවෙදිත් ඉස්මතු කරලා පෙන්නන්න මට ඕන උනා . ඔන්න දැන් තුන්දෙනෙක් කතාවට ආවා. අනිත් කට්ටිය නම් කතාවට එන්න ටිකක් පරක්කු වෙයි .. කියවන හැමෝටම ගුමාවොයො 😘😘😘😘😘😘😘😘😘😘😘😘 සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ ආර්මි 💜️💜️💜️💜️💜️

Edited and republished on 07/03/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top