Chapter 04

❤ I MAY  LEAVE YOU ANYTIME ❤️

Min Hee's POV
ටේගේ අත අල්ලාගෙන නැගිටින්න හැදුවත් එකපාරටම දැනුන වේදනාවත් එක්ක මාව හිටිය විදිහටම ගල් ගැහුනා වගේ , මාව ආපහු බිම ඉන්දවෙද්දී වේදනාව නිසාම කෑගැස්සුනා .  පපුවේ වම්පැත්තෙන් එකපාරටම ඇතිවුණ දරාගන්න බැරි තරම් වේදනාව ටිකෙන් ටික මුළු ශරීරයම වෙළාගන්නවා වගේ හැඟීමක් මට දැනුනේ .පුරුද්දට වගේ මම පපුව අල්ලාගත්තා , මම හුස්ම ගන්න වේගෙත්  එක්කම හෘද ස්පන්ධනයත් ගොඩක්  වැඩි වෙලා කියලා මගේ අතට දැනුනා .

"මි....මින්හියා....." ටේහ්‍යුන්ග් බය වෙලා ඉක්මනට මාව අල්ලාගත්තා .

"මින්හියා නෝ ක්වෙන්චනා ???? ඔදි අප්පායෝ ????" ටේ ඇහුවේ මගේ පිටිපස්සෙන් අත දාලා මාව එයාට හේත්තු කරගෙන . මම අසිහියෙන් වගේ සාක්කුවට අත දැම්මත් බෙහෙත් එක තිබුනේ නෑ .

"අපි sickroom එකට යමු .....ඔයාගේ මූණත් හරි නෑ " ටේහ්‍යුන්ග් ආපහු සැරයක් කිව්වා . ඒත් sickroom එකට ගියා කියලා වැඩක් වෙන්නේ නෑ , එයාලා ළඟ තියෙන සාමාන්‍ය බෙහෙත්වලින් වැඩක් වෙන්නේ නෑ .

"ම...මගේ... බෑග් ...එකේ... බෙ....බෙහෙත්..එක ....ඇති...ඒක... ගේ.... ගේන්න " හුස්ම ගන්න වේගේ ගොඩක් වැඩි නිසා වචන කැඩි කැඩි උනත් මම ටේහ්‍යුන්ග්ට බෙහෙත් එක ගේන්න කිව්වා .

"ඒ...ඒත්... ඔයා මෙතන තනියෙන් එතකොට ... අපි පන්තියට ගිහින් බෙහෙත් එක බොමු." ටේහ්‍යුන්ග් මාව එයත් එක්කම නැගිට්ටවන්න හැදුවේ .

"අනියා.... කවුරුවත් මාව මේ විදිහට දකිනවට  මම කැමති නෑ ... ටේහ්‍යුන්ග් ඔයා ගිහින් මගේ බෑග් එක අරගෙන එන්න ." මම මේ විදිහට ඉන්නවා කිසිම කෙනෙක් දකිනවට මම කැමති නෑ . අන්තිමට ටේහ්‍යුන්ග් ට මම කියපු දේ තේරුණු නිසා එයා ඉක්මනට පහළට දුවගෙන ගියා .

Taehyung's POV
මින්හී එකපාරටම එයාගේ පපුව අල්ලාගෙන ආපහු බිමට වැටෙද්දී මාව හොඳටම බය උනා . එයා වේගයෙන් හුස්ම ගත්තේ අමාරුවෙන් වගේ . මොකද්ද උනේ කියලා  කිව්වේ නැති උනත් එයාගේ බෙහෙත් එක බෑග් එකේ තියෙනවා මින්හී කිව්වත් මින්හීව මෙතන තනියෙන් දාලා පහළට යන්න මම කැමති උනේ නෑ . ඒත් එයාගේ ඉල්ලීම නිසාම අන්තිමට මම එයා රූෆ්ටොප් එකේ බිම වාඩිවෙලා ඉද්දී ඉක්මනට පහළට දුවගෙන ගියා . මින්හීගේ බෑග් එකේ ඇතුලේ පොකට් එකක තිබුන පොඩි බෙහෙත් කුප්පිය හොයාගන්න මට ලොකු වෙලාවක් ගියා කියලා දැනුනේ හිතේ තිබුන හදිස්සිය, කලබලය නිසා . බෙහෙත් වගේ ම වතුර බෝතලයක් අරගෙන මම ආපහු රූෆ්ටොප් එකට දුවගෙන ගියා . මම යනකොටත් මින්හී හිටපු විදිහට ම බිම ඉදගෙන ඉන්නවා . එයා බෙහෙත් පෙති දෙකක් අතට අරගෙන අමාරුවෙන් උනත් එකසැරෙන් ම ඒ දෙක බිව්වේ හරි ම හුරුපුරුදු විදිහට .

"අපි පහළට යමු මින්හියා ඔයාට මෙහෙම ඉන්න බැහැනේ ." මම මින්හීව පහළට එක්කරගෙන යන්න හිතාගෙන කිව්වත් එයා මගේ දිහා බැලුවේ ආයාචනාත්මක විදිහට . එයාගේ ඇස්වල කඳුළු පිරිලා තිබුනේ එයාට දැනුන වේදනාව  නිසා ද නැත්නම් හිතේ වේදනාව නිසාද කියලා මට හිතාගන්න බෑ . මම එයා දිහා බලාගෙන හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව .

"චේබල් ටේහ්‍යුන්ගා .. මට තව ටිකක් මෙහෙම ඉන්න දෙන්න , මට එතකොට අඩු වෙයි " එයා අමාරුවෙන් උනත් මූණට හිනාවක් මතුකරගන්න උත්සාහ කරන ගමන් කිව්වා . මම එහෙම්මම එයාව තුරුල් කරගෙන හෙමින් සැරේ පිට අතගාන්න ගත්තා .

මින්හී බෙහෙත් බිව්වේ පුරුද්දට වගේ , එතකොට එයා අසනීප උනාට sickroom එකට යන්න කැමති උනෙත් නෑ . එතකොට එයා බිව්ව බෙහෙත් මොනවාද ? ඒ එයා මොකක් හරි අසනීපයක් නිසා හැමදාම ගන්න බෙහෙත් ජාතියක් ද?? ඒත් ඇයි එහෙනම් එයාට අද අමාරු උනේ . මට මින්හීගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තිබුනත් දැන් ඒ ගැන අහන්න පුලුවන් තත්ත්වයක් නෑ කියලා මට තේරුනා . ටික වෙලාවකින් මින්හීගේ මූණේ තිබුන වේදනාවෙන් පෙළුණු පෙනුම අඩු උනා , ඒ වගේ ම එයාගේ හුස්ම ගන්න වේගේ වගේ ම හෘද ස්පන්ධනයත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා මට දැනුනා . ටික වෙලාවකින් මින්හී ඔලුව උස්සලා මගේ දිහා බැලුවා , ඒත් එයාගේ ඇස්වල තිබුන හැඟීම් මට තේරුම්ගන්න බැරි උනා .

"මින්හියා...."

"ටේ... ඔයාට මගෙන් අහන්න ප්‍රශ්න ,  දැනගන්න දේවල් ගොඩක් තියෙයි කියලා මම දන්නවා , ඒත් දැන් නෙවෙයි ... ම්..." මින්හී මගෙන් ඇහුවේ හරිම අහිංසක විදිහට , ඒ වගේ ම ඒ වචනවල දැවටිලා තිබුන අසරණකම දැනුන නිසාම මම මොකුත් නොකියා ඔලුව වැනුවා . ටික වෙලාවක් හිටියට පස්සේ අපි දෙන්නම පහළට ආවා. ආපහු කිසිම ප්‍රශ්නයක් ඇති උනේ නැති උනත් , මින්හී එයාට ප්‍රශ්නයක් නෑ කියලා පෙන්නන්න හැදුවත් එයා අද වෙනදට වඩා දුර්වලයි , ඒක මට හොඳටම දැනුනා . සාමාන්‍ය විදිහට දවස ගෙවුණත් අපි දෙන්නා අතර වෙනදා නොතිබුණු දුරස්බවක් හිතට දැනුනා , ඒත් මින්හී මේ විදිහට හැසිරෙන එක සාධාරණයි කියලා මගේ යටි හිත මට ආපහු ආපහු මතක කරලා දුන්නා .
.
.
ගෙදර ගිහින් පැයගානක් ගත උනත් හිත තාමත් තිබුනේ මින්හී ළඟ, එයා ඇස්වල කඳුළු පුරවගෙන අමාරුවෙන් හුස්ම ගන්න හැටි මගේ ඇස් ඉස්සරහා ආයේ ආයෙත් මැවිලා පේනවා වගේ . එයාට මොකද්ද උනේ ඇයි එයා කාගෙන්වත් උදව් ගන්නවත්, sickroom එකට යන්නවත් කැමති නොවුනේ ???

"අ... අදල් " එකපාරටම ඇහුන ඔම්මාගේ කැඩුණු කටහඬ නිසා මම ඔලුව උස්සලා බැලුවා . ඔම්මා දොර ගාවට වෙලා හිටගෙන හිටියේ ටිකක් බයෙන් වගේ , වෙනදා මම මේ වෙලාවට නිදි නිසා ඔම්මා අදත් හිතන්න ඇත්තේ මම නිදාගෙන ඇති කියලා . මම ඔම්මා දිහා බලාගෙන හිටියේ හිස් බැල්මකින් .

"මි..මියානේ අදල් ...හොදට නිදාගන්න .. Good night  " ඔම්මා එහෙම කියලා එකපාරටම දොර වහගෙන එලියට ගියේ මම මොකුත් කියන්න කලින් , ඒත් ඔම්මාගේ මූණේ පුදුම උන පෙනුමක් තිබුනේ, මම අද ඔම්මාට කෑගැහුවේ නැත්තේ පළවෙනි වතාවට කියලා ඔම්මා හිතන්න ඇත්තේ, ඒත් දැන් දවස් දෙක තුනක් ම ඔම්මා මගේ රූම් එකට ආව කියලා දන්න නිසා මට අද ඒ ගැන ඒතරම් වෙනසක් දැනුනේ නෑ .

රෑ 11ට කිට්ටු වෙලා තිබුනත් කිසිම නිදිමතක් දැනුනේ ... මේ වෙලාවට උදව් වෙන්න පුලුවන් කෙනෙක් .... අන්තිමට මම ෆෝන් එක අතට අරගෙන contact ලිස්ට් එකේ උඩට පහළට ගියා , ඒත් එක්කම ඇස් ගැටුන නමක් නිසා එකපාරටම ලොකු සතුටක් දැනුනේ , දෙපාරක් නොහිතා කෝල් එකක් ගත්තා .

"ජින් හ්‍යුන්ග් ..."
.
.
.
Next day morning
මම ස්කෝලෙට ඇවිත් කාර් එකෙන් බහිද්දිම වගේ අද මින්හී ආවා, වෙනදා එයාව දකිද්දී මූණට නැඟෙන හිනාව අද ආයාසකින් උනත් මතුකරගත්තා. ඒත් හිත ඇතුලේ තිබුනේ ලොකු කැළඹීමක් . මම මොකුත් නොකියා හෙමින් සැරේ මින්හීගේ අතින් අල්ලාගත්තා , එයා මගේ දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන

"පංතියට යනකල් මෙහෙම යමු , එතකොට කවුරුවත් ඔයාට මොකුත් කියන්නේ නෑ , සුන්බේ කෙනෙක් උනත් " මම එහෙම කියද්දි නම් මින්හීටත් හිනාගියා. මේ ඉන්නේ කලින් හිටිය  මින්හී නේද ?? එයා හරිම සැහැල්ලුවෙන් හිනාවෙනවා .. ඒත් ඊයේ උන දේවල් නොසලකා හරින්න පුලුවන් දේවල් නෙවෙයි .
captopril, digoxin... මින්හී බිව්ව බෙහෙත් .. ඒ ගැන අහපු වෙලාවේ ජින් හ්‍යුන්ග් කියපු වචන තාමත් හිතේ හොල්මන් කරනවා .

"ටේහ්‍යුන්ගා ඔයා අහපු බෙහෙත් දෙක, හ්‍යුන්ග් ඒ ගැන හොයලා බැලුවා ... ඒ දෙකම දෙන්නේ heart disease තියෙන patient ලාට, හාට් එකේ disease වලදි වගේ ම heart surgery වලින් පස්සෙ උනත් කෙනෙක්ට මේ බෙහෙත් prescribe කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් . කොහොම උනත් තරුණ කෙනෙක් මේ බෙහෙත් ගන්නවා කියන්නේ මේ බෙහෙත් ගන්න කෙනාට තියෙන රෝග තත්ත්වය බරපතළ වෙන්නත් පුලුවන් ... . මොකද වයසට යද්දී ඇතිවෙන හෘද රෝගවලදී මේ බෙහෙත් නිර්දේශ කරනවා තමයි , ඒත් තරුණ අයට ඒ වගේ සාමාන්‍යයෙන් ඇතිවෙන හෘද රෝග ඒ වයසට ඇති වෙනවා හරි අඩුයි."

"යාහ් දැන්වත් මගේ අත අතාරින්න ... අපි පන්තියට ආවා" එකපාරටම ඇහුන මින්හීගේ කටහඬ නිසා මම ගැස්සුනා . මොකුත් නොවුණු ගානට මෙයා හිනාවෙද්දී මම මගෙන් ම උත්තර නැති ප්‍රශ්න වලට උත්තර අහනවා .

වෙනදා වගේ ම හුරුපුරුදු විහිලු තහලු අතරේ දවස ගෙවිලා ගියා. හිත  විසඳගන්න ඕන   ප්‍රශ්න වලින් පිරිලා තිබුනත් හරිම සැහැල්ලුවෙන් සතුටින් හිනාවෙන මින්හීගෙන් ඒ ගැන අහලා එයාගේ සතුට නැති කරන්න මට ඕන උනේ නෑ . ඒත් දෙතුන් සැරයක් ම මම කල්පනා කර කර ඉද්දී එයා මට කතා කළා, එයාට මගේ වෙනස දැනුන ද??? හවස ගෙදර යන්න මම පොත් ටික දාලා බෑග් එක අතට ගත්තා.

"ටේහ්‍යොන්ගා අපි රූෆ්ටොප් එකට යමු ටික වෙලාවකට .. " මින්හී එහෙම කියලා මගේ අතින් අල්ලාගෙන මාත් එක්කම රූෆ්ටොප් එකට ආවා. රූෆ්ටොප් එකේ වැටට හේත්තු වෙලා මින්හී මගේ දිහා බැලුවේ හරිම බිඳුණු පෙනුමකින් . ඊයේ තරම් නොවුනත් අදත් එයා ටිකක් වේදනාවෙන් ඉන්නේ කියලා මට හිතුනා . එයාගේ ඇස්වල කඳුළු පිරුණේ බලාගෙන ඉන්නකොටමයි .

"මේ ලෝකේ සමහරු ජීවිතේ වටිනාකම නොදැන ජීවිතේ නැති කරගන්න හදනවා , ඒත් සමහරු තමන්ගේ ජීවිතේ නැතිවෙනවා කියලා දැනගෙන හිටියත් මොකුත්ම කරන්න බැරුව අසරණ වෙලා බලාගෙන ඉන්න වෙනවා , මේ මම වගේ ටේහ්‍යුන්ග් . එයාලාට ජීවිතේ නොවටින තරමටම අපි ජීවත් වෙන්න ආස කරනවා ." මින්හීගේ කටහඩේ උනත් තිබුනේ හරිම බලාපොරොත්තු විරහිත බවක් .. ඒත් එයා මේ මොකද්ද කිව්වේ ??? සමහරුන්ට තමන්ගේ ජීවිතේ නැතිවෙන්න යද්දිත් මොකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්න වෙනවා ... ඒ කියන්නේ මොකද්ද ??? ඒත් ඒ වචන එක්කම ජින් හ්‍යුන්ග්ගේ වචන ඇහෙද්දී මගේ හදවත ගැහෙන වේගේ වැඩි උනා වගේ .

"මි..මින්හියා ..." මම මින්හී දිහා බැලුවේ හිතේ පොඩි බයකුත් එක්ක

"මින්හී කියන්නේ ඕනම වෙලාවක ඔයාගේ ජීවිතෙන් සදහටම සමු අරගෙන යන්න පුලුවන් කෙනෙක් ... හරිම විහිලුවක් නේද ???"  එයා විහිලුවක් කරලා වගේ හිනා වෙන්න හැදුවත් ඒ හිනාව ඇතුලේ හැංගිලා තිබුන දුක , වේදනාව මට දැනුනා .

"මි...මින්හියා ..." මට එකපාරටම මාව ගොලු උනා වගේ දැනුනේ .

"ජීවිතේ කියන්නේ හරිම විහිලුවක් නේද ???" එයා සමච්චලේට වගේ හිනා උනා . හැමදේම හිතේ හංගාගෙන එයා හිනාවෙන්න හදන එක වගේ ම මේ ප්‍රෙහෙලිකා අහගෙන ඉන්න එකත් මට තවදුරටත් දරාගන්න පුලුවන් කමක් නෑ කියලා මට දැනුනා . මින්හීගේ උරහිස් දෙකෙන් අල්ලලා මම එයාව වේගයෙන් මගේ පැත්තට හරවාගත්තා , ඒත් එක්කම මම කෙලින්ම බැලුවේ එයාගේ ඇස් දිහා ... ඒත් ඒ ඇස් දිහා බලාගෙන වචනයක් වත් කියාගන්න තරම් ධෛර්යක් මගේ හිතේ තිබුනේ නෑ .දුකෙන්.. වේදනාවෙන් පිරුණ ඒ අහිංසක ඇස් දිහා මම දිගටම බලාගෙන හිටියේ මින්හීගේ උරහිස් අතහරින්නේ නැතුව .

"අවුරුද්දකට කලින් මගේ කලින් ස්කූල් එකේදී මම sports කලා , ටික දවසක් යද්දී මට වෙනදට වඩා මහන්සි ගතිය දැනෙන්න ගත්තා, මම ඒ ගැන  එච්චර හිතුවෙ නෑ  දවසක් pt පීරියඩ් එකේදී මම faint උනා, මට සිහිය එන්න පරක්කු උන නිසා මාව හොස්පිටල් යැව්වා. පැයකින් දෙකකින් මට සිහිය ආවත් මගේ හෘද ස්පන්ධනය වෙනස් නිසා ECG අරන් ඒක ටිකක් වෙනස් නිසා තව test ටිකක් කරන්න කිව්වා . ඉතින් ඔම්මා , අප්පා දෙන්නා බුසාන්වල හොස්පිටල් එකෙන් මගේ ටෙ...ටෙස්ට් ටික ඔක්කොම  කලා. ඊලඟ දවසෙ මම ඔම්මා එක්ක හොස්පිටල් ගියේ මට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා අහන්න බලාගෙන ... ඒත් ..  ඒත් .... ටෙස්ට් රිසල්ට් එකේ තිබුනේ අපි හීනෙකින්වත් හිතපු නැති විදිහේ දෙයක් ....." කඳුළු පිරුන ඇස්වලින් මින්හී මගේ දිහා බැලුවේ .

"මගේ හදවතේ සිදුරක් තියෙයි කියලා ටෙස්ට් එකෙන් හොයාගෙන තිබුනා , ඊ... ඊට පස්සේ තව ටෙස්ට් දෙකක් විතර කරන්න කිව්වා cardiology unit එකෙන් ... අන්තිමට මාව චෙක් කරලා  සොන්සෙන්නිම් කිව්වා මගේ තත්ත්වය ටිකක් බරපතලයි කියලා . සමහරුන්ගේ මේ වගේ ඇතිවෙලා තියෙන සිදුරු සාමාන්‍යයෙන් අවුරුදු 16ක් විතර වෙද්දී ඒවා ඉබේටම වැහිලා යනවා උනත් මම ඒ තරම් වාසනාවන්ත වෙලා නෑ .. සිදුර වහන්න නම් ස...සර්ජරි එකක් කරන්නම වෙනවා කිව්වා ..." මින්හී එහෙම කියලා නිහඬවම මගේ දිහා බලාගෙන හිටියා ,ඒත් එයාගේ මූණෙන් පෙනුන හැඟීම් එක්ක එයා ලොකු කල්පනාවක නිමග්න උනා කියලා මට තේරුනා  .

Minhee's POV
ටේහ්‍යුන්ග් බෙහෙත් පෙති ගෙනැත් දුන්නට පස්සේ ටිකක් වෙලා යද්දී මගේ පපුව රිදෙන එක අඩු වෙලා ගියා, ඒත් එක්කම හාර්ට් බීට් එකේ වේගයත් එකත් සාමාන්‍ය තත්ත්වයට ආපු  නිසාම හුස්ම ගන්න අපහසු ගතිය අඩු වෙලා  සාමාන්‍ය තත්ත්වයට පත් උනා. ඒත් අද වෙනදාට වඩා අමාරු උන නිසාම ඇඟ තවමත් දුර්වල බවක් මට දැනුනේ . ටේට මගෙන් අහන්න ගොඩක් දේවල් ඇති , ඒත් දැන් ඒ ගැන කිසිම දෙයක් කතාකරන්න තරම් මානසිකත්වයක් මට තිබුනේ නෑ ... වැඩි කතාබහක් නැතුව දවස ගෙවිලා ගියා ... ගෙදර ගිහින් මම කල්පනා කලේ මගේ එකම යාලුවට මෙහෙම කරන එක හරි ද කියලා ...
.
.
.
අන්තිම checkup එකේදී සොන්සේන්ග්නිම් කිව්වේ මාසයක් ඇතුලට surgery එක ගැන තීරණයක් ගන්න කියලා , ඒ කිව්ව විදිහට ම දැන් මාසයක් වෙන්න කිට්ටු වෙද්දී මාව දුර්වල වෙනවා වගේ ම එකපාරටම දැනෙන වේදනාවත් වැඩි වෙනවා , මේ තත්ත්වය බෙහෙත් වලින් හැමදාම පාලනය කරන්න බෑ , සමහරවිට දවසක් ඒවි මම බෙහෙත් බිව්වත් ඒකෙන් ප්‍රතිඵලයක් නොලැබෙන දවසක් , මට මේ හැමදේම දාලා යන්න වෙන දවසක් .... එහෙම උනොත් මේ හැමදේම දාලා යන්න මට පුලුවන් ද??? ඔම්මා ... එයාගේ මුළු ජීවිතේම මම , මං වෙනුවෙන් ම ඔම්මා ගොඩක් දුක් විඳිනවා . Surgery එකට ඕන සල්ලි හොයාගන්න ඕන නිසා ඔම්මා ගොඩක් වෙලාවට convenient store එකේ දවසම වැඩ කරනවා , මහන්සි වෙනවා . මාව අහිමි උනොත් ඔම්මාට ඒක දරාගන්න පුලුවන් වෙයිද??? කවුරුත් නැති ව එයාට තනිවෙන්න වෙයි ද????

එතකොට .... චින්ගු කියන වෙස්මූණ පිටිපස්සේ හැංඟිලා ඉන්න මගේ ඒකපාර්ශ්වික ආදරේ ... ඔව් අපි දෙන්නාගේ අතර තියෙන සම්බන්ධය ටේහ්‍යුන්ග්ට වගේ ම  පිටට පේන්නේ යාලුකමක් විදිහට වෙන්න පුලුවන් ඒත් මගේ හිත.... , එයා කියන්නේ වෙන දෙයක් ... මුලින්ම ටේහ්‍යුන්ග් මට යාලුවෙක් විතරයි ... ඒත් දවසින් දවස කාලය ගතවෙද්දි අපි දෙන්නා පැයගනන් එකට ඉද්දී අපි දෙන්නා තවත් ළං උනා . හැමදාම එයාව දකිද්දී , එයා එක්ක ඉන්නකොට , කතා කරනකොට හදවත වේගයෙන් ගැහෙනවා වගේ , එතකොට හිතට දැනෙන සතුට ... වචනවලින් විස්තර කරන්න බෑ . ඒත් ඒ සතුට , වෙනස මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න පුලුවන් උනේ හ්‍යුන් ජූ සුන්බේනිම් නිසා ටේහ්‍යුන්ග් මාත් එක්ක කතා නොකර ඉද්දී , එතකොට මට දැනුනේ ලොකු දුකක්.. මට තේරුම් ගන්න පුලුවන් උනා ඒකෙන් මට ඒ තරම් රිදුනේ මම එයාට කැමති නිසා කියලා .... ඒත් ඒ මගේ ඒකපාර්ශ්වික ආදරය... ටේහ්‍යුන්ග් කියන්නේ මට වඩා ගොඩක් හොඳ, ලස්සන එයාට ගැළපෙන කෙනෙක්ව හොයාගන්න පුලුවන් කෙනෙක් ... සමහරවිට මම එයාගේ ජීවිතේ ඉන්නේ තව ටික කාලයක් වෙන්න පුලුවන් ... ඒත් ඒ ටික දවසට මම එයාට මේ විදියට ආදරේ කළාට කමක් නෑ නේද ?? ඒත් එයාගෙන් සමුගන්න කලින් මම එයාට ඇත්ත කියන්න ඕන ... මගේ ඇත්ත තත්ත්වය ගැන වගේ ම අවස්තාවක් ලැබුනොත් මගේ ඇත්තම හැඟීම් ගැනත්...මම බලාපොරොත්තු තියාගන්නවා වැඩියි ද ඒ ගැන ...
.
.
.
Next day morning
අද ස්කූල් ගේට් එක ළඟදි ම ටේහ්‍යුන්ග් ව හම්බවුණා , ඊයේ රෑ එයාට හැමදේම කියන්න ඕන කියලා හිතුවත් දැන් එයාව දකිද්දී හිතේ තිබුන ධෛර්යය නැති වෙලා යනවා වගේ .. ඒත් මම ඇතුලට යන්න කලින් ටේ මගේ අතින් අල්ලාගත්තා ... එකපාරටම මට කරන්ට් එක වැදුනා වගේ මාව ගැස්සුනා .. මම එයා දිහා බැලුවේ පුදුමයෙන් ...

"පංතියට යනකල් මෙහෙම යමු , එතකොට කවුරුවත් ඔයාට මොකුත් කියන්නේ නෑ , සුන්බේ කෙනෙක් උනත් " එයා එහෙම කිව්වේ විහිලුවට වගේ උනත් ඒ වචනවලින් මට දැනුනේ ආරක්ෂිත හැඟීමක් .පන්තියට යන අතරේ වටේට හිටිය ගොඩක් අයගේ ඇස් තිබුනේ අපි දිහාවට උනත් මගේ සම්පූර්ණ අවධානය ම තිබුනේ මගේ අතින් අල්ලාගෙන හිටිය ටේහ්‍යුන්ග්ට විතරයි .. මම වෙනදා වගේ ම ටේ එක්ක කතා කරන්න හිනාවෙලා ඉන්න හැදුවත් අද එයා ගොඩක් කල්පනා කරනවා .. එයාට මොකුත් ප්‍රශ්නයක් ද?? ඒත් ඒ හැමසැරේකම එයා අන්තිමට මගේ දිහා බලනවා .... හරියට එයාගේ හිතේ තියෙන ප්‍රශ්නවලට මගෙන් උත්තර අහනවා වගේ .... ඔව් .... එයාට ඊයේ උන දේවල් ගැන ප්‍රශ්න ගොඩක් ඇති ... now or never ... මම අද කොහොම හරි එයාට මගේ අසනීපේ ගැන කියනවා ... අන්තිමට ගෙදර යන්න හදද්දී මම තීරණය කළා.
.
.
.
.
.
.
.
මම මගේ අසනීපේ ගැන කිව්වට පස්සෙත් ටේ දිගටම මගේ දිහා බලාගෙන හිටියා ,එයාගේ ඇස්වල තියෙන හැඟීම හරියට ම මොකද්ද කියලා මට හිතාගන්න බෑ .. මට සර්ජරි එකක් කරන්න වෙනවා කිව්වට පස්සේ උන හැමදෙයක් ම මට ආපහු ආපහු මතක් උනා ... මම ඉන්නේ ආපහු බුසාන්වල අප්පලාගේ ගෙදර වගේ මට දැනුනේ.....

' මින් ජූන් මැරුනේ මේ කෙල්ල නිසා ... තමන්ගේ දරුවෙක් වත් නොවුණු අනාත කෙල්ලෙක් නිසා අපේ මින්ජූන්ට අපිව දාලා යන්න උනා ... දැන් හදන්නේ අපිවත් විනාස කරන්නද????' අප්පාගේ ඔම්මාගේ වගේ ම අප්පාගේ වචන මට ආපහු ආපහු ඇහෙන්න ගත්තා.... මම අත් දෙකින් ම කන් දෙක වසාගත්තා උනත් ඒ වචන දිගටම මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා ....

"අ...අන්ද්වේ ..... ක්ගෙ...නා අනියා...(no it's not me)" මම කෑගහන්න හැදුවත් ඒ වචන මගේ කටින් පිට උනේ කැඩි කැඩි පිටවුණ ඉකිබිඳුම් අතරේ.... එකපාරටම එයාලා දෙන්නා අතරේ  මම තනිවෙලා, මාව බේරගන්න කවුරුත් නෑ  කියන හැඟීම එක්ක මට තවදුරටත් කෙලින් ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ ... ඔලුව නිකන් කැරකෙනවා වගේ දැනිලා මාව යන්තමට පැත්තට ඇල උනා ... ඒත් එක්කම මගේ උරහිස් වල දැනුන ග්‍රහණය මොහොතකට නැතිඋනා , මොහොතකින් මාව කාගේහරි  උණුසුම් දෑත් අතරට තුරුල් කරගත්තා .

"තා ක්වෙන්චනා (everything if fine ) මින්හියා" ඒ කටහඬ ටේ... ටේහ්‍යුන්ග් ... ඒ එයා නේද ??? එයා හෙමින් සැරේ මගේ පිටට තට්ටු කරන ගමන් මට හැමදේම හරියයිකිව්වා . මම හෙමින් සැරේ මගේ අත් දෙකින්ම එයාව බදාගෙන එයාගේ තුරුලට තවත් ගුලි උනා... ඒ දැනුන උණුසුම , ආරක්ෂාකාරී හැඟීම වගේ ම රිද්මයකට ගැහෙන  එයාගේ හදවත ඒ හැමදේම මාව සන්සුන් කළා. ටික වෙලාවකින් මාව සම්පූර්ණයෙන්ම සන්සුන් උනා... ඒත් ඒ උණුසුම තවත් විඳින්න ඕන නිසාම මම තවත් ටේහ්‍යුන්ග්ට තුරුල් වෙලා ම හිටියා.

".. ම්ම්... මින්හියා ... හැමදාටම මෙහෙම ඉන්නද අදහස?????" ටේහ්‍යුන්ග් එහෙම අහපු නිසා මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා ... එයාගේ මූණේ තිබුනේ ටිකක් දඟකාර හිනාවක් ... ඒ .. ඒත් ඇයි ඒ??? එයාගේ බැල්ම යොමු උනේ මගේ අත්දෙක දිහාවට ... මගේ අත්.... මම .. තාමත් එයාව බදාගෙන නේද ඉන්නේ ???තව මම ඉන්නේ එයාට තුරුල් වෙලා ....

මාව එකපාරටම රත් වෙනවා වගේ දැනෙන්නේ . ආහ් මෝඩි... මම එකපාරටම පස්සට වෙන්න හැදුවේ.ඒත් ..... ටේහ්‍යුන්ග් මගේ උරහිස්වලින් මාව අල්ලාගත්තා . එයා හෙමින් සැරේ මගේ මූණට එබෙද්දී එකපාරටම දැනුන ලැජ්ජාව නිසාම මම බිම බලාගත්තා .

"අරස්සෝ... අරස්සෝ... මම විහිලුවක් කළේ.. දැන් ඉතින් තක්කාලි ගෙඩියක් වගේ  රතු වෙන්න එපා. හැමදාටම එහෙම ඉන්න තිබුනා නම් හොඳයි ඒත් ....."

මොකක් මෙයාට පිස්සුද?? මම කවද්ද තක්කාලි ගෙඩියක් වගේ රතු උනේ ??

"යාහ් ටේහ්‍යුන්ග් ... මම කවද්ද ???..." මම එහෙම අහගෙන මූණ ඉස්සුවත් එකපාරටම කියන්න ආව වචන හිර උනා වගේ .. අපි දෙන්නාගේ මූණු අතර තිබුනේ අඟලක විතර පරතරයක් විතරයි ... එයාගේ ඇස්වල වෙනදාටත් වඩා තියුණු පෙනුමක් තිබුනේ ...ටේගේ හුස්ම මගේ මූණට වදිද්දී එකපාරටම මගේ මූණ තවත් රත් වෙනවා වගේ මට දැනුනා ..

"ඔයා දැනටමත් තක්කාලි ගෙඩියක් වගේ වෙලා චින්ගුයා " එයා එකපාරටම එහෙම කිව්වේ ආපහු කට කොණකට නැඟුනු සෙල්ලක්කාර හිනාවකුත් එක්ක .

මම ටිකවෙලාවක් ටේ දිහාම බලාගෙන හිටියේ එයා කිව්ව වචන හරියට තේරුම් ගන්න වගේ ... එයා දිගටම මගේ දිහා බලාගෙන හිනාවෙවී හිටියා ...

"යාහ් ටේහ්‍යුන්ග් ...." මම එකපාරටම එයාගේ නළලට ඇගිල්ලෙන් ඇන්නා .. මේ කොල්ලා කොහොම හරි මාව අවුස්සනවානේ .

"මෝඩයා" මම තවසැරයක් එයාගේ නළලට ඇන්නේ බොරු කේන්තියක් මවාගෙන ... ඒත් එයා හිනාවෙවී ඉන්නවා දකිද්දී මටත් ඉබේටම හිනාගියා .

"ඔයාව හිනැස්සුවට පස්සේ නම් මට මෝඩයා කිව්වත් කමක් නෑ " එයා එකපාරටම එහෙම කිව්වේ බලාපොරොත්තු විරහිත විදිහට .. ඇත්තටම ඊයෙත් බොරුවට රණ්ඩු වෙලා දෙන්නා එක්කම හිනා උනා... අද දැන් ටිකකට කලින් ඇඬුව මම දැන් හිනාවෙනවා . ඇත්තටම එයා නිසා මම තාවකාලිකව උනත් ඇත්තටම හිනාවෙනවා , සතුටු වෙනවා .

"ගු..ගුමාවොයෝ ටේහ්‍යුන්ගා .. "

"අනී, මාව විශ්වාස කරලා මේ හැමදේම මට කිව්වට ගුමාවෝ, ඒත් ඒ නිසා ඔයාට අඬන්න උනා , මියානේ .. මම තව මොකුත් අහන්නෙ නෑ ... ඒත් ඔයා දැන් සෝල්වලදී treatment වලට යන හොස්පිටල් එක මොකද්ද ??? ඩොක්ටර් කවුද ??මට ඒක දැනගන්න පුලුවන් ද??? " එයා ඇයි ඒ ගැන අහන්නෙ ?? ඒත් ඉතින් මම යන හොස්පිටල් එක ටේහ්‍යුන්ග් දනගත්තට කමක් නැහැනෙ .

"අපිට බුසාන්වල හොස්පිටල් එකෙන් සෝල්වලට එන්න කිව්වේ මෙහේ හොස්පිටල් වල පහසුකම් වැඩියි කියලා , එයාලා නිර්දේශ කළේ Kim's Hospital එක . පාර්ක් හ්‍යුන් සොන්සෙන්නිම් "

"ඔයා ඊයේ ඔයාට අමාරු උනාට ආපහු හොස්පිටල් ගියේ නෑ නේද ???" ටේහ්‍යුන්ග් ඒකනම් ඇහුවේ ටිකක් බැරෑරුම් විදිහට  මෙයා මට බනින්න වත් ද???

"මට ඊලඟ appointment එක තියෙන්නේ තව සති දෙකකින් .. ඉතින් ඊට කලින් හදිස්සියේ appointment එකක් ගන්න බෑ .. " Kim's hospital එකේ appointment එකක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා , ඉතින් ඊලඟ දවසට කලින් දවසක් වෙන් කරගන්න එක අපිට හිතන්නවත් පුලුවන් දෙයක් නෙවෙයි ... සොන්සෙන්නිම් හම්බවෙන්න යන්න කලින් ඔම්මයි මමයි සර්ජරි එක ගැන තීරණය කරන්න ඕන , අපි තාම ඒ ගැන කල්පනා කළෙත් නෑ ... ඔම්මා කොහොම හරි සල්ලි එකතු කරගන්න මහන්සි උනත් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි ...

"Kim's hospital ඩොක්ටර් පාර්ක් හ්‍යුන්ග්. Ok... අපි දැන් පල්ලෙහාට යමු නේද ???" දැනුනේ නැති උනත් අපි දෙන්නා පැයක් විතර මෙතනට වෙලා ඉදලා කියලා තේරුණේ  ටේහ්‍යුන්ග් එහෙම කියද්දි .
.
.
.
Next day morning
ඊයේ ටේහ්‍යුන්ග් ට මගේ අසනීපේ ගැන හැමදේම කියාගන්න පුලුවන් එක හිතට ලොකු නිදහසක්.. සමහරවිට ඉක්මනට ම මගේ ඇත්ත හැඟීම් එයාට කියාගන්න මට පුලුවන් වෙයි ...... ඊයේ මම එයාව බදාගෙන හිටිය නිසා එයා මොකුත් හිතන්න නැතුව ඇති නේද ??? මම කල්පනා කර කර ගේට්ටුවෙන් ඇතුලට යන්න හැදුවත් එකපාරටම කවුරුහරි මගේ අතින් අල්ලාගත්තා .

"අද ස්කෝලේ නෙවෙයි , වෙන ගමනක් යන්න තියෙයි "

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : අද නම් කතාව boring වගේ ද මන්දා . ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න බලන්නම් . ඒ වගේ ම සොරි නාර්නියා එකේ අන්තිම කොටස දෙන්න පරක්කු වෙනවාටත් 😁😁 ඉක්මනට ඒකත් දෙන්නම් 😉😉😉 සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 බොරහේ  💜️💜️💜️💜️💜️💜️💜️


P

/S : Edited and republished 02/03/2023

Bạn đang đọc truyện trên: AzTruyen.Top