Chapter 03
❤️FRIEND IS SORRY❤️
Taehyung's POV
'ඔයාට දැනට නොදැනෙනවා උනත් දවසක ඔයාගේ දෙමව්පියන්ගේ ආදරේ ඔයාට ලැබෙයි. දැනට අපි ඉන්න වර්තමාන මොහොත සතුටින් ඉන්න' මින්හී අන්තිමට කියපු වචන ටික මගේ හිත ගැඹුරට ම කාවැදුනා. එයා කිව්වේ ජීවිතේ තියෙන ප්‍රශ්න අමතක කරලා වර්තමානේ අපි දැන් ජීවත් වෙන මොහොත සතුටින් ගෙවන්න කියලා , ඒත් එතකොට වර්තමානය සතුටින් ඉන්න නම් අපිට අතීතේ අමතක කරන්න වෙනවද??
ඒත් ඒ අතීතයේ අපේ ජීවිතේ ගොඩක් වෙනස් උනා නම් ,අපිට වටින දේවල් අපෙන් ගිලිහුනා නම් ඒ අතීතේ එච්චර ලේසියෙන් අමතක කරන්නේ කොහොමද ?? එතකොට ඔම්මා , අප්පා . එයාලා දෙන්නම මට ආදරේ කරනවා ඇති ඒත් ඒ ආදරේ කවදාවත් මගේ හදවතට ළංවෙන්නේ නැති වෙයි . එයාලා අවුරුදු අටකට කලින් මාව ආපහු සෝල් වලට එක්කගෙන ආවේ නැත්නම් , එයාලා ඒ වැරැද්ද කළේ නැත්නම් එහෙනම් මේ හැමදේම මීට වඩා වෙනස් වේවි , මම එයාලාට ආදරේ කරාවි , ඒත් එක්කම හැල්මොනි මාත් එක්කම ඉඳීවි......
තාමත් නිදිමතක් නොදැනුන නිසා මම ඇදේ අනිත් පැත්තට පෙරලුනා . ගෙදර වැඩ කරන අය ඉන්නවා උනත් ගෙදරම තිබුනේ නිශ්ශබ්දතාවක් . ගෙදර එද්දී ඔම්මා අප්පා දෙන්නම හිටියේ නෑ , ඒ නිසා වෙනදා වගේ අප්පා එක්ක රණ්ඩු වෙන්න ඕන උනෙත් නෑ .
"ටේහ්‍යුන්ග් ..." එකපාරටම දොරට එහාපැත්තෙන් ඇහුන අප්පාගේ සද්දෙත් එක්කම රූම් එකේ දොර ඇරුනා . ෂිට්.... කවදාවත් නැතුව අද මට රූම් එකේ දොර ලොක් කරන්න අමතක වෙලා , ඒත් කාමරේ අඳුරු නිසා අප්පාට මම ඇහැරලා ඉන්නේ කියලා හොයාගන්න බෑ . ඒත් කොරිඩෝවේ ලයිට් එලිය නිසා දොර ළඟ හිටගෙන ඉන්න අප්පා අඳුරු රුව මට හොඳට පෙනුනා. රූෆ්ටොප් එකේදී මින්හී කිව්ව වචන , අද ඇත්තටම හිතට ටිකක් සැහැල්ලුවක් දැනුන නිසා සහ මට අප්පා එක්ක ආපහු රණ්ඩු වෙලා කේන්තිගන්න උවමනාවක් නැති නිසාම මම සද්දයක් නැතුව ඉන්න තීරණය කළා.
"Tae hoon ඔයා දැන් මොකද්ද කරන්න හදන්නේ ??? දැන් වෙලාව රෑ 10ටත් කිට්ටුයි , පුතා දැන් නිදි ඇති . " ඔම්මා එකපාරටම ඇවිත් තාමත් දොර ළඟ හිටිය අප්පාගේ අතකින් අල්ලාගත්තා .
"යුන්හීයා මේ ළමයා කවදා වෙනකල් මෙහෙම ඉන්නද?? අඩුම තරමින් එයාට දෙමව්පියෝ ඉන්නවා කියලා එයාට ගානක්වත් තියෙයි ද?? අද මම එයාට කිව්වේ ස්කූල් ඩිරෙක්ටර් ගේ ඔෆිස් එකට එන්න කියලා විතරයි . ඒත් ...."
"ඊට කලින් ඔයා මම කියන දේ අහන්න . උදේ ටේහ්‍යුන්ග් ඔයාට කතා කළේ අප්පා කියලා ද?? නෑ නේද ?? එතකොට මට .. අඩුම තරමින් එයාගේ රූම් එකටවත් යන්න දෙන්නේ නෑ ... පොඩි කාලේ හිටිය අහිංසක ළමයා කොච්චර වෙනස් වෙලාද?? එයාට ඔම්මා නැති අඩුව තාමත් දැනෙනවා ... මම ඔම්මාට පොරොන්දු උනත් ටේව එක්කරගෙන ආවට පස්සේ මගේ කාලය සම්පූර්ණයෙන්ම එයා වෙනුවෙන් කැප කරනවා කියලා , ඒකත් මගේ බොරු පොරොන්දුවක් උනා . ඉතින් ටේ අපෙන් ඈත්වෙන එක සාධාරණයි නේද ?? " ඔම්මා ඒ වචන කිව්වේ දුකකින් වගේ , මම එයාලාගෙන් වෙන්වුණු එක එයාටත් දැනෙනවද???
"එතකොට ඔයා කියන්නේ එයාට හැමදාම මේ විදිහට ඉන්න දෙන්න කියලද?? තව මාස දෙකකින් එයාට අවුරුදු 18ක් වෙනවා , එයා එතකොට පවුලේ වගකීම් බාරගන්න ඕන , කම්පැනි එකේ වගකීම් ..."
"ඒ හැමදේම ඇත්ත.... ඒත් අපි එයාට තව ටිකක් කල් දෙමු ... මම කියන අහලාවත් දැන් පුතාට කෑගහන්නේ නැතුව යමු පුතාට නිදාගන්න දීලා . අජුම්මා කෑම මේසේ ලෑස්ති කරනවා . මම ඉක්මනට එන්නම් ." ඔම්මා කිව්ව නිසා ම අප්පා ඔම්මා එක්කම රූම් එකෙන් එලියට ගියා . ඒත් ටික වෙලාවකින් ආපහු රූම් එකට ආව ඔම්මා බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබුන ලෑම්ප් එක ඔන් කළා . බ්ලැන්කට් එකත් බාගෙට පොරවගෙන ලොකු කොට්ටයක් බදාගෙන හිටිය මම ඇස් තවත් තද කරලා පියාගත්තා . මෙච්චර වෙලා මම නිදාගෙන ඉන්නේ කියලා හිතාගෙන හිටිය නිසා විතරක් නෙවෙයි ටිකකට කලින් ඔම්මා කියපු වචන නිසාම එයාට මූණදෙන්න හිතේ මැලිකමක් වගේ දැනුනේ . ඔම්මා හෙමින් සැරේ උදේ අප්පා ගහපු වම් පැත්තේ කම්මුලේ සීතලට දැනෙන ක්‍රීම් එකක් හරි මොනාහරි ගාලා අතගාන්න ගත්තා . ඒත් ඒකෙන් වේදනාව අඩු වෙන්නේ මගේ කම්මුලේ ද නැත්නම් හිතේ ද කියලා මට හිතාගන්න බෑ .
"මියානේ අදල්, ඔම්මාට ඇත්තටම සමාවෙන්න , උදේ අප්පා ඔයාට ගහපු වෙලාවේ ඔයාව බේරගත්තේ නැති එකට වගේ ම ඔයාගේ හැල්මොනිට පොරොන්දු උන විදිහට ඔයා එක්ක ඉන්න බැරි උන එකට . හැමදාම අපිට වහලා තියෙන දොර අද ලොක් කරලා නැති නිසා මට මේ වචන ටික ඔයාට කියාගන්න පුලුවන් උනා . කවදාහරි ඇත්ත දැනගත්ත දවසට ඔයාගේ ඔම්මාටයි අප්පාටයි ඔයා සමාව දෙයි. " ඒ හැඟීම්බර වචන අවසානයේ ඔම්මා මගේ නළලට හාදුවක් දෙනවා මට දැනුනා .
"ඔයා ඇහැරලා ඉන්නකොට කවදාවත් මේ දොරෙන් ඇතුලට ඔම්මාට එන්න දෙන්නේ නැති තරම් නපුරු උනත් දැන් මගේ ඉස්සරහා ඉන්නේ පොඩි කාලේ හිටියා වගේ ම අහිංසක මගේ ටේහ්‍යුන්ග් . ඔයා ආපහු ඒ පරණ ටේහ්‍යුන්ග් වෙනකල් ඔම්මා බලාගෙන ඉන්නවා ." එහෙම කියනවත් එක්කම ටේබල් ලෑම්ප් එක ඕෆ් කරපු ඔම්මා එලියට ගිහින් හෙමින් සැරේ දොර වහනවා මට ඇහුනා .
ඔම්මා හැමදාම ගෙදර ඇවිත් මේ විදිහට මගේ රූම් එකට එන්න එනවා ඇති ද??? ඒත් මෙච්චර කල් මම හැමදාම දොර ලොක් කරපු නිසා ඔම්මාට එන්න බැරි උනා . ඒත් අද... එතකොට ඔම්මා ඒ කියපු වචන .... මීට කලින් කවදාවත් අහලා නැති නිසා ම අමතක කරන්න බැරි තරමට ඒ වචන මගේ හිතට වැදිලා ඉවරයි , ඒත් ඒවා අමතක කරන්න මට උවමනාවක් තියෙයි ද?? නෑ නේද ?? ඔම්මා කියපු වචනයක් පාසා මට අද කවදාවත් නැති විදිහට ඔම්මාගේ හිතේ මගේ ගැන තියෙන ආදරේ කියන දේ දැනුනා . මෙච්චර කල් එයාලා වෙනුවෙන් ඉඩක් නොතිබුණු මගේ හිතේ ඔම්මා වෙනුවෙන් අද ඉඩක් වෙන්වෙන්න ඕන කියලා මට හිතුනා . ඒත් කවදාවත් නොලැබුනු ඒ ආදරේ බාරගන්න , විදින්න මම සූදානම් ද?? අතීතය මතක් වෙන මොහොතක් පාසා මට ඒ විදිහට ඔම්මාට ළංවෙන්න පුලුවන් වෙයිද ?? වර්තමානය සතුටින් ඉන්න ඕන උනත් ඒ වෙනුවෙන් අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරන්න මට බෑ . හිතේ තිබුන දාහක් සිතුවිලි අතර උනත් හිතට දැනුන අමුතුම සැනසිලිදායක හැඟීමත් එක්කම මගේ දෑස් හෙමින් සැරේ පියවුණා.
.
.
.
සති අන්තේ ගෙදර හිටිය දවස් දෙකේම ඔම්මා කියපු වචන මගේ හිතේ දෝංකාර දුන්නා වගේ . සඳුදා ආපහු ඉස්කෝලෙට යන අතරෙත් මටත් නොදැනීම මගේ මූණේ හිනාවක් ඇදුනේ ඒ ගැන මතක් වෙලා . ඒත් සුපුරුදු විදිහට මගේ පුටුවෙන් වාඩි වෙලා මින්හී දිහාට හැරෙනවත් එක්කම මගේ හිනාව නැති උනා . එදා ගෙදර ගිහින් උන දේවල් එයා එක්ක කියන්න ඕන කියලා මම හිතාගෙන ආවත් දැන් මගේ අවධානයට යොමු උනේ එයාගේ අතේ තිබුන හීරුමක්, තුවාලේ අලුත් කියලා තේරුණේ දැනටමත් ඒකෙන් ලේ බිංදු මතුවෙමින් තිබුන නිසා .
"යාහ් මින්හී අතට මොකද්ද උනේ ???" මම කලබලයෙන් වගේ එහෙම ඇහුවත් මින්හීට නම් ඒක ගානක් නෑ වගේ .
"ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ ටේ, කොරිඩෝ එකේදී ළමයෙක්ගේ ඇඟේ හැප්පිලා මම වැටුනා . අත චුට්ටක් සීරුණා."
ආහ් අත තුවාල වෙලා තියෙද්දිත් ඇයි මේ පිස්සි මෙහෙම ලස්සනට හිනාවෙන්නේ ?? ලස්සනට?? මේ හිනාව ගැන හිතන්න වෙලාවක් නෙවෙයි .
"අත තුවාල කරගෙන ඔහොම හිනාවෙවී හිටියම හරි ද??? එන්න sickroom එකට ගිහින් ඕකට බෙහෙත් දාගෙන එමු ." මම පුටුවෙන් නැගිටලා මින්හීගේ අතින් අල්ලාගත්තා .
"යාහ් මේකට බෙහෙත් දාන්න ඕන නෑ , ඒක එච්චර ...."
"අනී ඔයා දැන් මාත් එක්ක ගිහින් ඔය තුවාලෙට බෙහෙත් දාගන්නවා." මින්හී කියලා ඉවර වෙන්නත් කලින් ටිකක් සැරෙන් වගේ එහෙම කියපු මම එයාගේ තුවාල උනේ නැති අතින් අල්ලාගෙන එයාව sickroom එකට ඇදගෙන ගියා .
තුවාලේ සේලයින් වලින් සෝදද්දී මින්හී මගේ අත තදකරලා අල්ලාගත්තේ පොඩි ළමයෙක් වගේ මූණත් ඇඹුල් කරගෙන,වචනයෙන් කිව්වේ නැති උනාට මින්හී බෙහෙත් දානවට බයයි කියලා මට තේරුණා . බෙහෙත් දාලා ඉවර උන ගමන් මින්හී මගේ අතින් අල්ලාගෙන ඉක්මනට පන්‍තියට ඇදගෙන ආවේ හරියට තව හිටියොත් මම නර්ස්ට තවත් එයාට බෙහෙත් දාන්න කියයි වගේ .
ජීමින් ඇමෙරිකා ගියාට පස්සේ කිසිම කෙනෙක්ව ආශ්‍රය කළේ නැති මම මින්හීට දවසකින් දෙකකින් මෙච්චර ඉක්මනට සමීප උනේ කොහොමද කියලා මට ම වෙලාවකට හිතාගන්න බෑ . සමහරවිට ඒ ගොඩක් අය යටි පරමාර්ථ එක්ක ව්‍යාජ යාලුකමක් මවාපාන්න උත්සාහ කළත් මට මින්හී ගැන මැවුනේ අව්‍යාජත්වයක් , අහිංසක කෙනෙක් කියන හැඟීම නිසා වෙන්නැති . එයා එක්ක හැසිරෙද්දී මට හරිම පහසු බවක් වගේ ම එයාව මට විශ්වාස කරන්න පුලුවන් කියන හැඟීම මට දැනුනා .
මට මේ හැමදේම ගැන හිතුනේ එයා ආපහු පන්තියට ආවට පස්සෙත් කට උල්කරගෙන බොරුවට මූණ ඇද කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා දකිද්දී .
ලන්ච් බ්‍රේක් එකට cafeteria එකේ ඉද්දිත් මට මතක් උනේ sickroom එකේදී එයාගේ මූණ තිබුන විදිහ .
"යාහ් ඇත්තටම කියන්න .. බෙහෙත් දාන්න ඕන උනේ නැද්ද නැත්නම් බය නිසා ගියේ නැද්ද ??" මම හිනාවකුත් එක්ක එහෙම අහද්දී මින්හී මගේ දිහා බැලුවේ රවලා වගේ . ඒත් ඒ රවන මූණ මට නම් තවත් හුරතල් විදිහට පේන්නේ .
"කිම් ටේහ්‍යුන්ග් මට පාඩුවේ කන්න දෙනවද??? නැත්නම් මගේ ගුටි කනවද??? "
"වෝහ් කේන්තිය නිසාම ඔයාගේ නහය රතුවෙලා ... ඒත් මින්හී ඇත්තටම ඔහොම රවද්දී ඔයා හරි ම කියුට් .." මට එකපාරටම කියවුනා , මින්හී මගේ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ . ඒත් එයා ඉක්මනට ආපහු පියවි සිහියට ආවා.
"යාහ් ටේහ්‍යුන්ග් ඔයාට මම අද.....ආව්...." මින්හී මේසේ මෙහා පැත්තේ හිටිය මට ගහන්න හිතාගෙන පුටුවෙන් නැගිට්ටා උනත් ඒත් එක්කම එයාට එහා පැත්තෙන් හිටිය කවුරුහරි එයාගේ ඇඟේ වැදුන නිසා එයා ආපහු පුටුවට වැටුනා . අපි දෙන්නම ඔලුව හරවලා බැලුවේ මින්හීගේ ඇඟේ වැදුනේ කවුද කියලා .
"ඇත්තටම සොරි .. මම නිසා හුබේ (junior ) ආපහු සැරයක් වැටුනා . " මේ ඉන්නේ හ්‍යුන් ජූ නේද???
"අනියා සන්බේනිම් (no senior ) , ක්ගො සන්ග්වන් ඔප්සොයෝ, (that doesn't matter )" මින්හී පුටුවෙන් නැගිටින ගමන් කිව්වේ .
"එහෙනම් මගේ සමාව ඉල්ලීම බාරගැනීම විදිහට මේක බාරගන්න " හ්‍යුන් ජූ මින්හීට එහා පැත්තෙන් වාඩිවෙලා අතට ගත්තේ රෝස මලක්... ඒක දැකපු ගමන් මගේ හිත එකපාරටම කලබල උනා වගේ, ඊටත් වඩා හිතට එකපාරටම ආවේ කේන්තියක් . මින්හී හ්‍යුන් ජූ දිහා බැලුවේ පුදුමයෙන් ඇස් මහත් කරගෙන .
Minhee's POV
අඩුම තරමින් මම දන්නවා කියලා ඔම්මාවත් නොදන්න රහසක් මම ටේහ්‍යුන්ග්ට කිව්වා , ඒත් ඒකෙන් මට අපහසුවක් දැනෙනවා වෙනුවට හිතට දැනුනේ හරිම සැනසිලිදායී හැඟීමක් . මගේ ගැන හොදටම දන්න කෙනෙක් ඉන්නවා වගේ ම ඒ කෙනා මගේ පසුබිම ගැන සලකලා මාව මනින්නේ නෑ නේද කියන හැඟීම මට දැනුනා , ඒ වගේ ම එයා කිසිම විදිහකින් ඒක තවත් කෙනෙක්ට කියලා මගේ විශ්වාසය බිඳින්නේ නෑ කියලා මම විශ්වාස කළා .
අපි කෙනෙක්ට සමීප වෙන්න කෙනෙක්ව විශ්වාස කරන්න අපි එයාලාව කොච්චර කල් දන්නවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ කෙටි කාලයක් ඇතුලට උනත් අපිට ඒ කෙනාව කොයිතරම් දුරට තේරුම් ගන්න පුලුවන් ද කියන දේ. එදා පවුලේ අය ගැන කියද්දි එයාගේ වචන වල තැවරිලා තිබුන වේදනාව මට එකපාරටම හිතාගන්න බැරි උනා , සමාජෙට පේන විදිහට ලොකු පවුලක සෙල්ලක්කාරයෙක් වගේ පේන කෙනෙක් උනත් එයාගේ ජීවිතෙත් සම්පූර්ණයෙන්ම ප්‍රශ්න වලින් පිරිලා . අනෙක් මිනිස්සුන්ට නොපෙනෙනවා උනත් හැමෝගෙම ජීවිත ප්‍රශ්නවලින් පිරිලා , කෙනෙක්ගේ බාහිර හැසිරීමෙන් කෙනෙක්ව මනිනවට වඩා ඒ කෙනා ප්‍රශ්නවලින් බේරෙන්න අරගල කරන පැතිකඩ දැක්කොත් අපිට ඒ කෙනාව තේරුම් ගන්න පුලුවන් .
පන්තියේ අනිත් ළමයි එක්ක මට ලොකු ආශ්‍රයක් තිබුනේ නෑ , ඒත් දැනුන විදියට නම් එයාලා ටේහ්‍යුන්ග්ගේ මේ පැතිකඩ දැකලා ම නෑ . එයා මෙච්චර හොඳට කතා බහ කරන්නේ , හැමදේම කියන්නේ මාත් එක්ක විතරයි . මම හිතන්නේ මමයි ටේහ්‍යුන්ග්නුයි මේ තරම් හොද යාලුවෝ උනෙත් ඒ හැමදේම නිසයි.
සඳුදා ස්කෝලේ යනකොට හිතේ තිබුනේ ලොකු සතුටක්, මගේ ජීවිතේ තිබුන ප්‍රශ්න හැමදේම විසඳිලා වගේ හැඟීමක් දැනුනේ . ඒත් ඒ සතුට එකපාරටම නැති වෙලා ගියේ එකපාරටම . ගේට්ටුවෙන් ඇතුලට ගිහින් කොරිඩෝවේ පන්තිය දිහාවට යද්දී එකපාරටම කවුරුහරි ඇඟේ වැදුන නිසා මාව පැත්තකට විසිවෙලා ගියා. බිමට වැටුන ගමන් අතට වේදනාවක් දැනුනත් ඊට කලින් මම බැලුවේ මගේ ඇඟේ වැදුනේ කවුද කියලා . මම හිතන්නේ මේ නම් සුන්බේනිම් කෙනෙක් . මම එයාගේ ඇඟේ වැදෙනවට වඩා මට හිතුනේ සුන්බේනිම් හිතලම මගේ ඇඟේ වැදුනේ , ඒත් එයා සමාව ගන්නෙවත් නැතුව මගේ දිහා බලාගෙන හිටියේ කටකොණකින් හිනාවෙවී .
අතේ වේදනාව වගේ ම ළමයි බලාගෙන ඉන්නකොට දැනුන ලැජ්ජාව නිසා පුලුවන් ඉක්මනට නැගිටපු මම පංතියට දුවගෙන ගියා . අත හීරිලා ලේ එනවා උනත් මම sickroom එකට යන්න හිතුවෙ නෑ . හොස්පිටල් එකේ හැමදාම කරන ටෙස්ට් නිසාම මම ඩොක්ටර් කියන වචනෙටත් බයයි .
මම ඇවිත් ටික වෙලාවකින් ටේහ්‍යුන්ග් ආවා, එයා අද වෙනදට වඩා සතුටින් වගේ මූණ එලිය වෙලා තියෙන විදිහට නම් . ඒත් මගේ අත දකිනවත් එක්කම එයාගේ මූණේ තිබුන හිනාව මැකිලා ගියා . අන්තිමට කොච්චර බෑ කිව්වත් එයා මාව sickroom එකට එක්කරගෙන ගියා . තුවාලේ සේලයින් වලින් සෝදද්දී එකපාරටම මම එයාගේ අත හයියෙන් අල්ලාගත්තේ ඔම්මා එක්ක හොස්පිටල් එකට ගිහින් පුරුද්දට වගේ . ඒත් මගේ බය දැනගත්ත නිසා දවල් cafeteria එකේදිත් ටේ මට විහිලු කළා.
මම එයාට ගහන්න එකපාරටම පුටුවෙන් නැගිට්ටත් කාගේහරි ඇඟේ වැදිලා ආපහු පුටුවට වැටුනා . ඒ සැරේ නම් මම ඔලුව උස්සලා බැලුවේ ටිකක් කේන්තියෙන් . අද දවසෙ හැමෝම ඇයි මගේ ඇඟේ ම හැප්පෙන්නේ කියලා හිතාගෙන ඔලුව උස්සලා බැලුවත් උදේ මගේ හැප්පුන සුන්බේ එතන ඉන්නවා දැකලා මට තවත් කේන්ති ගියා .
"ඇත්තටම සොරි .. මම නිසා හුබේ (junior ) ආපහු සැරයක් වැටුනා . " සුන්බේනිම් වදවෙනවා වගේ පේන්න එහෙම කිව්වත් ඒ වචන ඇහෙද්දී මට ඇහුනේ හරිම අප්‍රසන්න ගතියක් .
"අනියා සන්බේනිම් (no senior ) , ක්ගො සන්ග්වන් ඔප්සොයෝ, (that doesn't matter )" ඒත් අමාරුවෙන් උනත් කේන්තිය යටපත් කරගෙන මම එහෙම කිව්වේ ඉක්මනට එතන හිටිය සුන්බේලා ආපහු වෙන තැනකට යයි කියලා හිතාගෙන , ඒත් මම හිතුවෙ නැති විදිහට සුන්බේනිම් මට එහාපැත්තෙන් වාඩි උනා .
"එහෙනම් මගේ සමාව ඉල්ලීම බාරගැනීම විදිහට මේක බාරගන්න " එකපාරටම සුන්බේ මගේ දිහාට රෝසමලක් දික්කලා. මම දැන් මොකද කරන්නේ . රෝසමලත් එක්කම ඒ අත පැත්තකට ගසලා දාන්න ඕන උනත් සුන්බේනිම් කෙනෙක් නිසා එහෙම කරලා විහින් අමාරුවේ වැටෙන්නත් බෑ . මම හෙමින් සැරේ ටේහ්‍යුන්ග් දිහා බැලුවා . මෙච්චර වෙලා ගොඩක් තියුණු විදිහට සුන්බේ දිහා බලාගෙන හිටිය ටේගේ මූණ මම බලාගෙන ඉද්දිම වෙනස් උනා , එයා එකපාරටම නැගිට්ටේ සද්දේ ඇහෙන විදිහට පුටුව පස්සට කරලා . මූණ කේන්තියෙන් අඳුරු වෙලා .
"මින්හී ඔයා එන්න, මම පන්තියට යනවා .." මම මොකුත් කියන්න කලින් ටේහ්‍යුන්ග් එලියට ගිහිල්ලත් ඉවරයි . ආහ් එයාගෙන් උදව්වක් ගන්න හිතාගෙන ටේ දිහා බැලුවත් ටේගේ මූණ දැකලා නම් මට බය හිතුනා වගේ . දැන් මම මොකද කරන්නේ .. මම හිතට ධෛර්යය අරගෙන සුන්බේ දිහාට හැරුනා .
"චෙසුහම්නිදා සුන්බේනිම් , චොම්මල් චෙසුහම්නිදා (sorry sunbae , really sorry )" මම එහෙම කියලා cafeteria එකෙන් ඉක්මනට එලියට දුවගෙන ආවා, හැමෝම වගේ තාමත් හිටියේ cafeteria එකේ නිසා මම හෙමින් සැරේ අපේ පන්ති කාමරයට ආවා. ඒත් මම පන්ති කාමරයට එද්දී ටේහ්‍යුන්ග් හිටියේ නෑ . මම හිතුවෙ එයත් පන්ති කාමරයට එන්න ඇති කියලා . ඒත් එයා කොහෙද ගියේ?? ළමයි එක්කෙනා දෙන්නා ආපහු පන්තියට එද්දිත් ටේහ්‍යුන්ග් ආවේ නැති නිසා ටික වෙලාවකින් මම එයාගේ ෆෝන් එකට කෝල් ගත්තත් එයා ආන්ස්වර් කලෙත් නෑ . ටේ කොහෙද ගියේ???
.
.
.
කවදාවත් නැති විදිහට ටේ පන්තිය ඉවර වෙනකල් ආපහු ආවේ නෑ , එයාගේ බෑග් එක පන්තියේ තිබුනෙත් නෑ . මෙයා කොහෙද ගියේ ??? එතකොට අද හවස එයාගෙන් පාඩම් අහගන්න වෙන්නෙත් නෑ . මෙයා කලින් ගෙදර ගියාවත් ද??? මම ගෙදර යන්න කලින් රූෆ්ටොප් එකට ගියාට එයා එතන හිටියෙත් නෑ .. එදා ගෙදර ගියාට පස්සෙත් මම කල්පනා කලෙත් ඒක.
.
.
.
ඊයේ කල්පනා කලා වැඩි නිසාමද මන්දා රෑ හරියට නින්ද ගියේ නෑ කියලා මට උදේ ඇහැරිද්දී තේරුනා. ඒ නිසා ම අද ඇඟට ටිකක් වෙනසක් දැනෙනවා , උදේ යන්තමට පපුව රිදෙන්න ගත්තත් මම බෑග් එකේ බෙහෙත් ටැබ්ලට් කාඩ් එක තියෙන නිසාම ඒ ගැන අමතක කරලා ඉක්මනට ස්කෝලෙට ආවා.උදේ ඔම්මාට මගේ වෙනස දැනිලා මගෙන් ඇඟට අමාරුද කියලා ඇහුවත් මම බොරුවක් කිව්වේ ඔම්මා කලබල වෙන්නේ නැති වෙන්න . කිසිම ප්‍රශ්නයක් නැතුව හෙමින් සැරේ මම ඉස්කෝලෙට ආවත් , කොරිඩෝ එකේ සුන්බේලා කට්ටිය ඉන්නවා දැකලා මගේ මූණ අඳුරු උනා . දැක්කේ නෑ වගේ මූණ පාත් කරගෙන ආවත් මම එතනින් එද්දිම ඊයේ මට කතාකරපු සුන්බේනිම් මට කතා කළා .
"හුබේ..... මෙතන තව කවුරුහරි ඉන්නවා කියලා පේන්නේ නැද්ද ???" ආහ් .... මේකනම් ඇත්තටම මහ වදයක් ... මම කාටවත් කරදරයක් නැතුව පැත්තකට වෙලා ඉද්දී ඇයි මෙයාලා මාව විහිලුවට ගන්නේ .
"චෙසුහම්නිදා සුන්බේනිම් " මම සමාව අරගෙන ඔලුව උස්සලා බලද්දිම ඇස් කොණෙන් වගේ අපේ දිහාට එන සුපුරුදු රුවක් දැක්කා . මම බලාගෙන හිටියත් ටේ මාව පහුකරගෙන ගියේ මාව දැක්කේ නෑ වගේ , එයාගේ මූණේ තිබුනෙත් හරිම දැඩි පෙනුමක් .
"ටේ...ටේහ්‍යුන්ග් ...." මම ටේහ්‍යුන්ග්ට කතා කරලා එයා පස්සෙන් යන්න හැදුවත් කවුරුහරි මගේ අත තදින් අල්ලාගත්තා .
"අතාරිනවා මගේ අත." එකපාරටම මට කේන්තියෙන් කෑගැස්සුනා .
"හුබේ..... මීට වඩා හොඳට සුන්බේනිම් කෙනෙක්ට කතා කරන්න දන්නේ නැද්ද ?? " මගේ මැණික්කටුව ළඟින් එතිලා තිබුන අතේ ග්‍රහණය තවත් තද උනා . මගේ ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා . මම දැන් මොකද කරන්නේ ???
"එයාගේ අත අතාරින්න හ්‍යුන් ජූ සුන්බේනිම් " එකපාරටම මගේ එහාපැත්තෙන් ඇහුන ගැඹුරු ඒත් දැඩි කටහඬ කවදාවත් නැති තරම් ලොකු සතුටක් හිතට ගෙනාවා. මම ඉක්මනට හැරිලා බැලුවා . ටේහ්‍යුන්ග් මගේ අත අල්ලාගෙන හිටිය සුන්බේනිම් දිහා බැලුවේ කෙනෙක්ව දවලා අළු කරන්න පුලුවන් තරම් කේන්තියකින් වගේ .
"තන්ග්ශින් නුගුයා???( who are you)" සුන්බේනිම් එහෙම ඇහුවේ සමච්චලේට වගේ . ඒත් එහෙම කියලා තත්ත්පර ගානකින් මගේ අතේ වැලමිට ළඟින් දැනුන ග්‍රහණයක් එක්කම සුන්බේනිම් පිටිපස්සට තල්ලුවෙලා ගියේ මගේ අතත් අතෑරිලා.
ටේහ්‍යුන්ග් කටකොණකින් හිනාවෙලා සුන්බේනිම්ලා කට්ටියම දිහා බැලුවා , ඒත් ඒ හිනාව කෙනෙක්ව බය කරන්න පුලුවන් විදිහේ හිනාවක්.
සුන්බේලා කට්ටියම අඩියක් දෙකක් ඉස්සරහට ආවත් ටේ ගානක් නැතුව හිනාවෙවී එයාලා දිහා බැලුවා .
"නා???? නේගා නුගුන්ජි මොල්ලා??? ( me?? Don't you know who I am??? )" ටේහ්‍යුන්ගා ඇහුවේ නිකන් සමච්චලේට වගේ
"නුගුයා?? (Who??) ඒ පාර සුන්බේනිම් කෙනෙක් ඇහුවේ ගොඩක් කේන්තියෙන්
"නේ ඉරම්න් (me??? My name ) කිම් ටේහ්‍යුන්ග් ..." ටේහ්‍යුන්ග් එයාගේ නම කිව්ව විදිහට ඇඟේ හිරිගඩු පිපෙනවා , ඒත් මේ කට්ටිය ඊටත් වඩා බය උනා වගේ . මොකුත් නොකියා හැමෝම ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා .
"අපි යමු මින්හියා . " ටේ එහෙම කියලා මාවත් අතින් ඇදගෙන පන්තියට ගියා . ඒත් බෑග් එක මේසේ උඩට විසි කරපු එයා පන්තියෙන් එලියට ගියේ මගේ දිහා බලන්නෙවත් නැතුව . මමත් ඒ ඉක්මනට ම බෑග් එක පුටුව උඩට දාලා ටේහ්‍යුන්ග් පස්සෙන් ම rooftop එකට ගියා . රූෆ්ටොප් එකට ගිය ගමන් ටේහ්‍යුන්ග් අයිනේ තිබුන වැටට අත මිට මොලවලා ගහගෙන ගහගෙන ගියා . ඒ ලොකු ආවේගයකින් වගේ .
"ටේ...ටේහ්‍යුන්ග් ...." නොදැනී ම උනත් මට වචන පැටලුනා . මගේ දිහා හැරිලා බැලුවත් තවමත් එයා ඉන්නේ කේන්තියෙන් .
"වේ????? ( why???) " එයා එකපාරටම එහෙම ඇහුවේ කේන්තියෙන් .
ආහ් මෝඩයා!!! . ඊයේ cafeteria එකේදී මාව දාලා ආවා, ඊට පස්සේ පන්තියට ආවෙත් නෑ , එයාට මොකද්ද උනේ, ඇයි ආවේ නැත්තේ කිසිම දෙයක් මට කිව්වෙත් නෑ ... අදත් මාව දැක්කේ නෑ වගේ එන්න හැදුවා, ඒත් දැන් කොහොම හරි මට උදව් කළාට පස්සේ ආපහු මට ම කේන්තියෙන් කෑගහනවා , හිතට ආපු කේන්තිය නිසා මමත් ඔරවගෙන ටේ දිහා බලාගෙන හිටියා වචනයක් වත් නොකියා .....
ඒත් .. ඇයි එයා කේන්තියෙන් .. මට උදව් කරන්න උන එක එයාට වදයක් ද??? මම එයාට ඕනවට වඩා කරදරයක් උනාද??? මාව එයාට බරක් උනා ද???? එකපාරටම කේන්තිය වෙනුවට මගේ ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා. මෙච්චර කාලෙටම අනිත් අය මගේ ගැන හිතන්නේ මොකද්ද කියලා මම ගනන් ගත්තේ නෑ, ඒත් ටේහ්‍යුන්ග්ට මම වදයක් කියලා හිතෙද්දී මට ලොකු දුකක් දැනුනා . එකපාරටම පපුව හිරවෙනවා වගේ දැනෙනවත් එක්කම හිටගෙන හිටිය තැනම බිම ඉදගත්තු මම එහෙම්මම ඉකිගගහා අඩන්න ගත්තා .
Taehyung's POV
හ්‍යුන් ජූ දිහා පුදුමයෙන් වගේ බලපු මින්හී මගේ දිහාට හැරුනා , එයා ඇයි මගේ දිහා බලන්නේ???? එයා කැමති දෙයක් කරන්න මගේ අහන්න ඕන නැහැනෙ . ඒත් හ්‍යුන් ජූ මින්හී දිහා බලාගෙන ඉන්න විදිහ දකිද්දී ඇයි මට කේන්තියක් දැනෙන්නේ ?? මින්හී මේ ප්‍රසන්ට් එක ගන්නවා බලාගෙන හිටියොත් මට ඇත්තටම මගේ කේන්තිය පාලනය කරගන්න බැරි වෙයි. මම එකපාරටම පුටුවෙන් නැඟිට්ටා.
"මින්හී ඔයා එන්න, මම පන්තියට යනවා .." මින්හීට එන්න කියලා පන්තියට ආවත් මගේ හිතේ තිබුනේ හරිම නොසන්සුන් බවක් , බෑග් එකත් අතට අරගත්තු පාර මම නතර උනේ පුස්තකාලයේ . පුස්තකාලයේ මුල්ලක තිබුන මේසෙකට ගිහින් පොතක් පෙරලගෙන ඇස් පොතේ පිටු අතර සැරිසරද්දී හිත ඊටත් වඩා ඉක්මනට සිතුවිලි සමුදායක අතරමං උනා .
මින්හී මගේ යාලුවා නේද ?? ඒත් එයා ළඟින් ඉන්නකොට , අහිංසක විදිහට හිනාවෙනකොට ඇයි මගේ හදවත ගැහෙන වේගය වැඩි වෙනවා වගේ දැනෙන්නේ ?? මීට කලින් කිසිම කෙනෙක් වෙනුවෙන් නොදැනුන තරම් හුරුපුරුදු බවක් ඇයි මට එයා එක්ක දැනෙන්නේ ??? එතකොට අද එයාගේ අත තුවාල වෙලා කියලා දැකපු වෙලාවේ ඇයි මම එච්චර කලබල උනේ ... cafeteria එකේදී හ්‍යුන් ජූ මින්හී ළඟින් වාඩිවෙද්දී මට දැනුනේ දරාගන්න බැරි තරම් ආවේගශීලී ගතියක් ... මි...මින්හී ප්‍රසන්ට් එක බාරගන්න ඇති ද??
මේ හැමදේම හිතන්න හිතන්න මාව තවත් අවුල් වෙනවා වගේ . ඒත් මට එකදෙයක් හොඳටම විශ්වාසයි ... මින්හී තවත් කොල්ලෙක් එක්ක කතා කරනවටවත් මම කැමති නෑ . එතකොට මම එයා මට යාලුවෙක් විතරයි ද??? නැත්නම් මම බැරිවෙලාවත් එයාට කැමතියි ද???දවසම පුස්තකාලයේ ඉදලා ගෙදර ගියාට පස්සේ හැමදේම අමතක කරන්න හිතාගෙන රූම් එකත් ලොක් කරගෙන අන්තිමට නින්ද යනකල් ම එකදිගට ගේම් ප්ලේ කරන්න පටන් ගත්තා .
.
.
.
කලින් දවසේ පන්ති කට් කරලා දවසම පිස්සු නැටුව නිසාම අද ස්කෝලෙට ආවේ ටිකක් නුහුරු ගතියකුත් එක්ක ... ඒත් එක්කම මගේ හිතේ මින්හී ගැන තියෙන්නේ මොනවගේ හැඟීමක් ද??? මම ඒ ගැන හරියට තේරුම් බේරුම් කරගන්න ඕන . ඒත් මට ටිකක් ඉස්සරහින් කොරිඩෝවේ මින්හී ඉන්නවා දැකලා එකපාරටම මට මොකද්ද උනා වගේ , ඒත් ඒ එක්කම මම දැක්කේ එතන බිත්තියට හේත්තු වෙලා ඉන්න හ්‍යුන් ජූ වගේ ම එයාගේ යාලුවෝ කට්ටිය . මින්හී හ්‍යුන් ජූ එක්ක කතා කරනවා දකිද්දී එකපාරටම දැනුන කේන්තිය නිසා මම එයාලාව දැකපු නැති ගානට එතනින් ආවා, මින්හී මට කතා කළත් මම හැරිලා බැලුවේ නෑ .... ඒත් මම අඩියක් දෙකක් ඉස්සරහට යද්දී ඇහුන මින්හීගේ වචන නිසා මම එකපාරටම නතර උනා .
"අතාරිනවා මගේ අත." එයා එහෙම කිව්වේ කේන්තියෙන් , නැත්නම් එයා වගේ කෙනෙක් කවදාවත් ලොකු පන්තියක කෙනෙක්ට එහෙම කියන්නේ නෑ . මම ආපහු හැරිලා බලද්දී දැක්කේ හ්‍යුන් ජූ මින්හීගේ අත අල්ලාගෙන ඉන්නවා ...
"හුබේ..... මීට වඩා හොඳට සුන්බේනිම් කෙනෙක්ට කතා කරන්න දන්නේ නැද්ද ?? " හ්‍යුන් ජූ මින්හීගේ අත තවත් තද කරලා අල්ලාගන්නවා දකිද්දී මගේ ඉවසීමේ සීමාව පැන්නා .
"එයාගේ අත අතාරින්න හ්‍යුන් ජූ සුන්බේනිම් " මින්හීගේ එහාපැත්තෙන් හිටගන්න ගමන් මම කිව්වා , මගේ කටහඬ ඇහෙනවත් එක්කම මින්හී මගේ දිහා හැරිලා බැලුවේ ලොකු සතුටකින්.
"තන්ග්ශින් නුගුයා???( who are you)" හ්‍යුන් ජූ මගෙන් ඇහුවේ සමච්චලයට වගේ , ඒත් ඒකට ලැබෙන උත්තරේ නිසා එයාගේ හිනාව නැතිවෙයි . මම එක අතකින් මින්හීගේ වැලමිට ළඟින් අල්ලාගෙන අනිත් අතින් හ්‍යුන් ජූව පිටිපස්සට තල්ලු කරලා දැම්මා , ඒ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුණු නිසා හ්‍යුන් පිටිපස්සට විසිවෙලා ගියේ මින්හීගේ අතත් අතෑරිලා . කට්ටියගේ මූණු දැකලා මගේ මූණට හිනාවක් මතු උනා , හැබැයි ඒ සමච්චලයට . හ්‍යුන්ග් ජූගේ මූණ කේන්තියෙන් රතු වෙලා, මගේ ඉස්සරහට ඇවිත් මූණට මූණ හිටගත්තේ ගහන්න වගේ .
"නා???? (Me??) නේගා නුගුන්ජි මොල්ලා ???( don't you know who I am???) මම ඇහුවේ සමච්චලේට වගේ .
"නුගුයා තන්ග්ශින්?? ( who are you ??) සුන්බේ කෙනෙක් ඇහුවේ කේන්තියෙන්.
"නේ ඉරම්න් (me??? My name ) කිම් ටේහ්‍යුන්ග් ..." මීට කලින් කවදාවත් නොකරපු විදිහට අද මම අප්පාගේ නමින් ප්‍රයෝජන ගත්තා, ස්කූල් එකේ කට්ටිය සමහරු මාව නොදන්නවා උනත් කිම් කෝපරේෂන් එක නිසාම මගේ නම දන්නවා . මගේ නම ඇහුන ගමන් කට්ටිය මගේ දිහා බැලුවේ පුදුමයෙන් වගේ . අප්පා ගැන දන්න නිසාම ස්කෝලේ කිසිම කෙනෙක් මාත් එක්ක ප්‍රශ්න දාගන්නේ නෑ . හ්‍යුන් ජූ එයාගේ යාලුවෝ ටිකයි කට්ටියම මගේ දිහා බලාගෙන හිටියේ කරකියාගන්න දෙයක් නැතුව වගේ .
"අපි යමු මින්හියා . " මම මින්හීවත් එක්කරගෙන පන්තියට ආවා. හ්‍යුන් ජූ එයාගේ අත අල්ලාගෙන හිටිය තැන ටිකක් රතුවෙලා තියෙනවා දකිද්දී ආපහු මගේ කේන්තිය වැඩිවෙන නිසාම මම බෑග් එක මේසෙ උඩට දාලා රූෆ්ටොප් එකට ගියා . කේන්තිය නිසාම මම රූෆ්ටොප් එකේ වැටට අත මිට මොලවලා ගැහුවේ පිස්සෙක් වගේ .
ආහ්..... ඒ මෝඩයට පාරක් ගහන්න බැරි උනානේ මට ..... ඒත් මින්හී ඌ එක්ක කතා කරකර හිටියේ කැමැත්තෙන් නම් ... එහෙම ගහන්න ....
"ටේ...ටේහ්‍යුන්ග් ." එකපාරටම මගේ පිටිපස්සෙන් මින්හීගේ වෙව්ලන කටහඬ ඇහුනා . වෙනදා එයාගේ කටහඬ ඇහෙද්දී මාව සන්සුන් වෙනවා උනත් අද මගේ කේන්තිය මාව පාලනය කරන්න අරගෙන .
"වේ????" මම කේන්තියෙන් ම එහෙම අහද්දී මින්හී එකපාරටම බයෙන් ඇකිලිලා ගියා වගේ . ඒත් එයා දිගටම මගේ දිහා බලාගෙන හිටියා . ටික වෙලාවකට පස්සේ මින්හී කේන්තියෙන් ඔරවගෙන මගේ දිහා බැලුවේ , ඒත් ඒ එක්කම එයාගේ ඇස්වල කඳුළු පිරුනා. බලාගෙන ඉන්නකොට ම මින්හීගේ කම්මුල් දිගේ කඳුළු පෙරන්න ගත්තා. වෙන්නේ මොකද්ද කියලා හිතාගන්නත් කලින් එකපාරටම බිම ඉදගත්ත මින්හී හයියෙන් අඩන්න පටන් ගත්තා .
"මි....මින්හියා ..." එයා අඩනවා දකිද්දී මගේ කේන්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා .. මම ඉක්මනට මින්හී ළඟට දුවගෙන ගිහින් එයා ඉස්සරහින් දණගහගෙන වාඩි උනා. මම මින්හීගේ උරහිස් වලින් අල්ලාගෙන එයාව මගේ පැත්තට හරවගත්තත් එයා තවත් අඩනවා .
"මි...මින්හී .... වේ උරෝ???? උල්ජිමා (why are you crying . Don't cry) " මම එහෙම කියද්දි මින්හී එකපාරටම මගේ දිහා බැලුව විදිහට මාව ගැස්සුනා වගේ .
"නපුරා..... මෝඩයා.... ඊයේ cafeteria එකේදී මොකක් හරි බොරුවක් කියලා මාව සුන්බේගෙන් බේරගන්න කියලා කියන්න ඔයාගේ දිහා බැලුවම කේන්තියෙන් මාව දාලා ගියා , ආපහු පන්තියට ආවෙත් නෑ , උන දෙයක් දන්නෙත් නෑ .. දන්නවද උදෙත් ඒ සුන්බේ හිතලමයි මාව වැට්ටුවේ. ඒත් සුන්බේ කෙනෙක් නිසා මම මොකුත් නොකියා හිටියේ .දැන් මට උදව් කළාට ඔයා තාමත් මාත් එක්ක තරහින් .. මට ඕන්නම් මම අඬනවා . උරි චින්ගු අනේ (we're not friends )"
මෙච්චර වෙලා අඩපු කෙනා එකපාරටම මට කෑගහගෙන කෑගහගෙන ගිහින් මගේ නළලටත් ඇන්නා ඇඟිල්ලකින්. එයා කියවගෙන ගිය විදිහට හිනායන්න ආවත් මම අමාරුවෙන් හිනාව නවත්තාගෙන හිටියා . ඒත් කෑගහලා ඉවර වෙලා ආපහු අඩන්න පටන් ගත්තානේ....
ආහ්.. මම නිකන් බොරුවට කලබල වෙලා ඊයේ හැමදේම ගැන වැරදියට හිතලා තියෙන්නේ . අද උදෙත්. ඒත් පොඩ්ඩක් ඉන්න ..... මොකද්ද මින්හියා කිව්වේ එයාව හිතලමයි වැට්ටුවේ කියලා . ඒත් ඒ ගැන හිතන්න කලින් දැන් මින්හී අඬන එක නතර කරගන්න වෙනවා.
දැන් ඉතින් මගේ මෝඩවැඩ නිසා අඩන මේ අඬන බබාව ඉස්සෙල්ලාම නළවාගන්න වෙනවා.මගේ හැඟීම් මින්හී එක්ක බෙදාගන්න තව කල් තියෙයි, ඊට කලින් මින්හීගේ හිත හදලා ඉන්න වෙනවා . මම අත් දෙකින්ම මින්හීගේ කම්මුල් දෙක අල්ලගෙන එයාගේ මූණ මගේ පැත්තට හරවාගත්තා .
"අරස්සෝ.. අරස්සෝ ..චින්ගුගා මියානේ..(ok...ok. friend is sorry ) ම්... මම හිතුවෙ ඔයා ඊයේ හ්‍යුන් ජූගේ ප්‍රසන්ට් එක ගත්තා කියලා . එතකොට උදේ හ්‍යුන් ජූ ඔයාගේ අත අල්ලාගෙන ඉන්නවා දැකලා මට කේන්ති ගියා මින්හියා .... ඔයා දන්නවානේ ඔයාගේ චින්ගුට වෙලාවකට හරි ම නරක විදිහට කේන්ති යනවා කියලා ...ඒ ඔයාගේ චින්ගුට වෙලාවකට පිස්සු නිසානේ. දැන් ඉතින් ඔයා අඬන එක නවත්තන්නකෝ, චේපල් මින්හියා .." අන්තිමට මින්හී අඩන එක නතර කරලා යන්තමට වගේ හිනාවුණා . මම එයාගේ මූණේ තිබුන කඳුළු බිංදු පිහදැම්මා . අපි දෙන්නම ටිකක් වෙලා මූණට මූණ බලාගෙන හිටියා , එකපාරටම දෙන්නටම හිනාගියේ අපි දෙන්නාගේ ම ටිකකට කලින් පොඩි ළමයි වගේ හැසිරුණු විදිහ මතක් වෙලා .
"අපි ආපහු පන්තියට යමු." මම නැගිටලා මින්හීට අත දුන්නේ එයාට නැඟිටින්න ලේසි වෙන්න .
"ආ....ආ...හ්...." හිනාවෙලා නැගිටින්න හැදුවත් එකපාරටම මින්හීගේ මූණ අඳුරු උනේ ලොකු වේදනාවකින් වගේ ... අනිත් අතින් පපුව අල්ලාගත්ත එයා ආපහු බිම ඉන්දවුණා .
"මි.... මින්හියා..........."
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න ලමයිනේ කතාවේ තුන්වෙනි කොටස. ඔයාලාට අදහස් කියාගෙන යන්න
. සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘 💜️💜️💜️💜️💜️💜️
P/S : Rechecked and edited 26/02/2023
Bạn đang đọc truyện trên: AzTruyen.Top