Chapter 02
❤️LET'S BE HAPPY IN THE PRESENT ❤️
Minhee's POV
ලෝකේ බිලියන ගානක් මිනිස්සු අතරේ සෝල් කියන්නෙත් මිනිස්සු මිලියන ගණනක් ඉන්න නගරයක්. ඒත් ඒ සෝල් නගරේ අපේ අතටත් වඩා පොඩියි නේද කියලා ජීවිතේ පළවෙනි වතාවට මට අද හිතෙනවා . නැත්නම් ඊයේ රෑ han river bridge එකේදී අහම්බයෙන් හම්බවුන කෙනාව ම මට ආපහු මුණගැහෙන්න පුලුවන් ද මේ විදිහට . මුණගැහෙන්න විතරක් නෙවෙයි අන්තිමට මට එයා ළඟින් වාඩි වෙන්න උනා වගේ ම සොන්සේන්ග්නිම් මට මඟහැරිලා තිබුන පාඩම් වැඩවලට උදව් කරන්න කිව්වෙත් එයාට.. ටේහියුන්ග් .... හේතුවක් තිබුනත් නැති උනත් අපි ආපහු හම්බවුණා වගේ ම අද ඉදන් අපි දෙන්නාට යාලුවෝ වෙන්න වෙනවා .... මම හිතන්නේ , පේන හැටියට නම් එයා ටිකක් ආඩම්බරකාරයෙක් වගේ
ඒත් ඊයේ රෑ එයා හූඩි එකත් දාගෙන හිටිය නිසා වගේ ම කරුවල නිසා මම එයාගේ මූණ පැහැදිලි ව දැක්කේ නෑ . ඒත් දැන් ස්කූල් යුනිෆෝම් එකෙන් එයාව දකිද්දී ටිකක් වෙනස් වගේ . හිතුවට වැඩිය කඩවසම් පෙනුමක් මෙයාට තියෙයි වගේ .. මො... මොකක් මොනාද මම දැන් මේ හිතන්නේ ???? මට නම් පිස්සු වගේ . හිතේ තිබුන ඔක්කොම දේවල් අමතක කරලා මම පන්තියේ හැමෝටම හිනා වෙලා සොන්සේන්ග්නිම් කිව්ව තැනින් වාඩි උනා , ඒත් ටේහියුන්ග් නම් හිතාමතාම මාව මඟහැරියා වගේ .
දවල් විවේක කාලය වෙනකල් මම සම්පූර්ණයෙන්ම පාඩම්වලට අවධානය දුන්නා , මොකද මට සමහර දේවල් මඟෑරිලා නිසා ටිකක් වැඩිපුර අවධානය දෙන්න උනා යම් දේවල් තේරුම් ගන්න . සොන්සේන්ග්නිම් පාඩම ඉවර කරලා පන්තියෙන් ගිය ගමන් පංතියේ ළමයි නැගිට්ටේ කැන්ටින් එකට යන්න .
ඒත් එක්කම වගේ මම හැරුනේ ටේහියුන්ග් දිහාට . මම මෙතනට ආපු එකට එයා කැමති නැද්ද ??? ඒත් අද ඉදන් අපි අසල්වැසියෝ ...එයාගේ හිතේ මගේ ගැන තියෙන්නේ අකමැත්තක් ද???? ඒත් ඊයේ වැස්ස වෙලාවේ එයා මට හූඩි එක දුන්න විදිහත් එක්ක මගේ හිතේ එයා ගැන තිබුනේ උණුසුම් හැඟීමක් වගේ ම එයා හොඳ යාලුවෙක් වෙයි කියන හැඟීම . ඒත් දැන් එයා ඉන්න විදියට නම් එයාට මුලින්ම මාත් එක්ක කතා කරන්න උවමනාවක් නෑ වගේ . ඒත් ඉතින් දැන් කොහොම හරි එයත් එක්ක කතා කරලා අඳුරගන්න ඕන , අනිත් එක මට එයාගෙන් පාඩම් වැඩ අහගන්නත් වෙනවා කොහොමත් .
"අන්න්‍යොන්ග් .... " මම පොඩි පැකිලීමක් තිබුනත් අන්තිමට ටේහියුන්ග්ට කතා කලා , හැබැයි ඒ එයාගෙන් ඕනම විදිහේ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් . ඒත් එයා මගේ දිහා බැලුවේ ටිකක් පුදුම වෙලා වගේ .
"අන්න්‍යොන්ග්" එයා සම්පූර්ණයෙන්ම මගේ පැත්තට හැරිලා කිව්වේ එයාගේ පෙනුමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ගොඩක් ගැඹුරු හඬකින් . ටේහියුන්ග්ට ඇත්තටම තිබුනේ ටිකක් ළාබාල පෙනුමක් වගේ , ඒත් එයාගේ ඝනකම් ඇහිබැම යටින් මගේ දිහාට යොමු වෙලා තිබුනේ ඕනම කෙනෙක් තිගැස්සෙන විදිහේ තියුණු ඇස් දෙකක්, ඒත් ඇත්තම කිව්වොත් හැඟීම් විරහිත පෙනුමක් ඒ ඇස්වලට කාවැදිලා තියෙනවා වගේ මට නම් දැනුනේ.
" ඔයා ටේහියුන්ග් නේද ??? නෝම ගුමාවොයො ඊයේ රෑ මට උදව් කළාට.. ඇත්තටම මම හිතුවෙ නෑ අපි ආපහු මුණගැහේවි කියලා . ඇත්තටම ස්තූතියි ඊයේ මට කරපු උදව්වට, ඒත් මට ආපහු සැරයක් ඔයාගෙන් උදව් ඉල්ලන්න වෙනවා තේහ්‍යුන්ග් ශී...." මම ඉස්සෙල්ලාම එයාට ස්තූති කළේ ඊයේ රෑ එයා මට ලොකු උදව්වක් කළත් මට එයාට ඒකට ස්තූති කරන්න බැරි උන නිසා . ඒ වගේ ම පෙනුන විදිහට එයා වැඩිය කාත් එක්කවත් කතාබහ කරන කෙනෙක් නෙවෙයි වගේ .. ඉතින් මට ම එයා එක්ක කතා කරන්න වෙනවා ..
"මමත් හිතුවෙ නෑ අපි ආපහු මුනගැහෙයි කියලා නම් "
එයා ටික වෙලාවක නිහඬතාවයකට පස්සේ කිව්වේ . ඒත් එයා මට උදව් කරන්න පුලුවන් කිව්වේ නැහැනෙ . මේ විදියට මෙයා මාව යාලුවෙක් කරගන්න කැමති වෙයිද???
"චොගි තේහ්‍යුන්ග් ශී, අපිට යාලුවෝ වෙන්න පුලුවන් නේද ???? ඔයාගෙ අකමැත්තක් නැත්නම් " මම අන්තිමට ඇහුවේ ටිකක් ලැජ්ජාවෙන් වගේ
"හරි එහෙනම් අපි යාලුවෝ වෙමු. let's be good friends ..." එයා ප්‍රතිචාර විදිහට මාත් එක්ක handshake කළේ චූටි හිනාවකුත් එක්ක . ඒක ඇත්තටම හිතුව තරම් නරක නෑ .. එහෙම හිත හිත ඉන්න අතරෙම ටේහියුන්ග් පන්තියෙන් එලියට ගියා .
"වෝහ් අපි දැන් ඇත්තටම දැක්කේ ටේහ්‍යුන්ග් ම ද???"
"මටත් හිතාගන්න බෑ . " ටේහ්‍යුන්ග් පන්තියෙන් එලියට ගිය ගමන් ළමයි අතර ලොකු කසුකුසුවක් ඇති උනා. කුතුහලයක් ඇති උනත් තාම කවුරුවත් අඳුරන්නේ නැති නිසා, එයාලාගේ ප්‍රතිචාරය මොන වගේ වේවිද කියලා හිතාගන්න බැරි නිසා මම එහෙම්ම ම හිටියා . මාව හඳුන්වලා දෙන වෙලාවේ උනත් ගොඩක් අයගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ වගේ මට දැනුනේ .
" වෝහ් ටේහියුන්ග් ඇත්තටම සොන්සෙන්නිම් කිව්ව දේට කැමති උනා??? ජීමින් ස්කෝලෙන් අස් උනාට පස්සේ වෙන කිසිම කෙනෙක්ව එයා ආශ්‍රය කළේ නෑ , යාලුවෝ කරගත්තේ නෑ. අඩුම තරමින් පන්තියේ ළමයි ඉන්නවා කියලාවත් ගානක් නෑ වගේනේ එයා ඉන්නේ ." පන්තියේ ළමයෙක් දෙන්නෙක් ඒ අතරින් පතර කියනවා මට ඇහුනා .
"ආහ්.. ඇත්තටම ඉරිසියයි දැන්නම් චෝනාක්සෙන් (transferred student ) ගැන " කවුරුහරි කෙනෙක් රහසින් කොඳුරනවා වගේ ඇහුන නිසා මගේ ඇස් උඩ ගියා.
'මගේ ගැන ඉසිරියයි එයාලාට ???'
ඇත්තටම ටේහ්‍යුන්ග් මේ කියන විදියට අනිත් අය එක්ක වැඩි ආශ්‍රයක් නැති කෙනෙක් ද?? ඒත් ඊයේ රෑ නම් එයාව ටිකක් අභිරහස් කෙනෙක් විදියට පෙනුනට , එයා දැන් මාත් එක්ක හොඳට කතා කළානේ. එයා අනිත් අය එක්ක එහෙම කතා කරන්නේ නැද්ද ?? ඒත් එහෙම ඉන්න පුලුවන් ද??
.
.
.
ඊලඟ දවසේ මම උදෙන්ම ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා , ඊයේ අලුතෙන් පටන් ගත්ත මගේ පාසල් ජීවිතේ මම හිතන්නේ මට ටික කාලෙකට උනත් සතුටින් ඉන්න හේතුවක් වෙයි . මම ගිය කලින් ස්කෝලේ වෙනුවට Seoul highschool එකේ යුනිෆෝම් එකේ තද නිල්පාට ස්කර්ට් එක, ළා නිල්පාට බ්ලව්ස් එක වගේ ම කහ පාට ඉරිවැටුනු තදනිල් පාට ටයි එක. මම කාමරේ මුල්ලක තිබුන පොඩි කණ්ණාඩියෙන් බලාගෙන කොණ්ඩේ පීරගත්තා.
"ඔම්මා නා කල්ක්කේ ( mom i'm going )" මම කාමරෙන් එලියට ආවේ බෑග් එකත් එල්ලගෙන. ඔම්මා කුස්සියේ ඉදලා ආවේ මගේ lunch box එකත් අරගෙන .
"මේක ගන්න . මින්හියා ඔයා බෙහෙත් පෙති ටික ගත්තා නේද ??? හදිස්සියේ හරි හුස්ම ගන්න අමාරු උනොත් නැත්නම් පපුව රිදෙන්න ගත්තොත් ඉක්මනට බෙහෙත් පෙත්තක් බොන්න . අමාරු උනොත් සොන්සෙන්නිම් කෙනෙක්ට කියලා මට දැනුම් දෙන්න . " ඔම්මා මට lunch box එක දීලා මගේ ටයි එක හදන ගමන් කිව්වේ . ඔම්මාගේ මූණෙන් පෙනුන හැඟීම් තේරුම් ගන්න මට තේරුම් ගන්න අමාරු උනේ නෑ .
"ඔම්මා බයවෙන්න එපා , මම පරෙස්සම් වෙන්නම්" මම ඔම්මාව බදාගත්තා .
"නා අරෝ නේ තල් (i know my daughter ) ඒ වගේ ම මම දන්නවා මගේ දුව ගොඩක් ශක්තිමත් කියලත් . මින්හියා ඔම්මා අද එන්න පරක්කු වෙයි . ස්කෝලේ ඇරිලා ඇවිත් පරෙස්සමින් ඉන්න " ඔම්මා මගේ නළලට හැමදාම වගේ චූටි හාදුවක් දුන්නා .
"සරන්හේ ඔම්මා " මම ගෙදරින් එලියට බැස්සේ ඔම්මාව තවත් සැරයක් බදාගත්තාට පස්සේ . ස්කෝලෙට පයින් යන අතරේ මම කල්පනා කලේ මගේ ජීවිතේ ගැන . ඔම්මා convenient store එකේ පූර්ණ කාලීන සේවිකාවක් විදියට වැඩ කරන එකෙන් ලැබෙන පොඩි මුදලින් ලොකු කොටසක් ගෙදර කුලියට, කෑම බීම වගේ ම මගේ බෙහෙත් වලට වියදම් වෙනවා . දැන් ස්කෝලෙට ගෙවන්න සල්ලි . Seoul highschool එක අනිත් ස්කෝල වලට වඩා ගනන් වැඩි උනත් ඔම්මා මාව ඒකට ඇතුල් කලා . අපි කුලියට ගත්ත ගෙදර වගෙ ම හොස්පිටල් එකටත් ස්කෝලේ ඉදන් ටික දුරක් තිබුනේ. ඒත් දැන් මට ඔපරේෂන් එකක් කරනවා නම් ඒකට සල්ලි ..... අප්පාගේ පවුලෙන් ආපහු කවදාවත් අපිට උදව් කරන්නේ නෑ ... ඔව් එයාලා එහෙම කරන්න හේතුවක් නැහැනෙ මොකද මම ....
"ආව්..." බිම බලාගෙන ආව නිසා එකපාරටම මගේ ඔලුව මොකකහරි වැදිලා මම පිටිපස්සට වැටෙන්න ගියා . ඒත් එකපාරටම කවුරුහරි මාව අල්ලාගත්ත නිසා මම ඔලුව උස්සලා බැලුවා .
"ටේ...ටේහියුන්ග් ..."
Taehyung's POV
අද ඉදන් හවස වැඩිපුර පැයක් විතර ඉදලා මින්හීට අතපසු උන පාඩම් ටික කියලා දෙන්න වෙනවා , මම ඊලඟ දවසේ ස්කෝලෙට යන අතර කල්පනා කලේ ඒ ගැන . ගෙදර යන්න පරක්කු වෙන එක, එක අතකට ඒක මට සහනයක් , කිසිම සතුටක් නැති ඒ ගෙදරින් තවත් පැයකට හරි ඈත්වෙලා ඉන්න ලැබෙන එක ම ඇති මට.
"තුරනිම් (young master ) අපි ස්කෝලෙට ආවා." කාර් එක ස්කෝලේ ගේට් එක ඉස්සරහින් නතර කරනකල් මම දන්නේ නෑ . බෑග් එකත් අරගෙන මම ඉක්මනට බැස්සා , ඒත් ඇතුලට යන්න හදද්දිම මම එකපාරටම දැක්කේ මින්හීව , දැකපු ගමන් එයාව අඳුරගත්ත එක ගැන මට පුදුම හිතුනා, ඒ විතරක් ද චෝනාක්සෙන් කියනවා වෙනුවට , මට එයාගේ නමත් හොඳට මතකයි.
එයා ඔලුවත් පාත් කරගෙන ඉස්සරහට ඇවිදගෙන ආවේ වටේට වෙන කිසිම දෙයක් ගැන ගානක්වත් නැතුව . මම නතරවෙලා බලාගෙන හිටියේ මින්හී ළඟට එනකල් , ඒත් බිම බලාගෙන ආව නිසා එයා ඇවිත් මගේ ඇගේ හැප්පුනා .
"ආව්..."
මින්හී මගේ ඇගේ වැදිලා එකපාරටම පිටිපස්සට වැටෙන්න යද්දී මම එයාගේ උරහිස් දෙකෙන් අල්ලාගත්තා. එයා එකපාරටම ඔලුව උස්සලා බැලුවේ ශොක් වෙලා වගේ , ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලපු විදිහට මට නිකම් ම හිනාගියා.
"ටේ...ටේහියුන්ග් ..."
"අන්න්‍යොන්ග් චින්ගු " වෙන දවස්වල මම හිනාවෙන්නේ ම නැති තරම් උනත් දැන් මින්හීගේ මූණේ හැටි දකිද්දී මට හිනාව නවත්වාගන්න බෑ වගේ .ඒත් එකපාරටම මින්හීගේ මූණ වෙනස් උනා , එයාගේ කම්මුල් යන්තමින් රතුපාට වෙද්දී එයා බැලුවේ එයාගේ උරහිස් දිහා ... ම...මම තාම එයාව අල්ලගෙන නේද ඉන්නේ ??? තව අපි දෙන්නා ඉන්නෙත් හොඳටම ළංවෙලා වගේ . අපි දෙන්නම මූණට මූණ බලාගත්තා, දෙන්නම එකපාරටම පස්සට පැන්නේ කරන්ට් එක වැදුනා වගේ .
"ටේහ්‍යුන්ග් ඔයාට පුලුවන් ද අද හවසට මට maths වලට උදව් කරන්න ??" මින්හී එකපාරටම ඇහුවේ අහිංසක විදිහට .
"ම්... මට පුලුවන් හවසට ටිකක් වෙලා නතරවෙන්න ." කවදාවත් නැති විදිහට මගේ හිත අද නොසන්සුන් , මගේ ඇඟේ ඇවිත් හැප්පුනේ මින්හී උනත් මටත් කතාකරගන්න වචන එන්නේ නෑ .
"ගුමාවොයෝ, චොම්මල් චොම්මල් ගුමාවොයො . මම පන්තියට යනවා .." මින්හී ඔලුව නමලා කිව්ව ගමන් ඇතුලට දුවගෙන ගියේ මම වචනයක්වත් කියන්න කලින් . දැන් එතකොට මෙයා මාව මඟාරින්න වගේ ඉක්මනට දුවලා ගියේ පන්තියේ මගේ එහා පැත්තේ ඉන්න වෙනවා කියලා අමතක කරලද??
.
.
.
"දැන් මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම කරන්න පුලුවන් නේද ?? " මම ඇහුවේ හවස මින්හීට පාඩම කියලා දීලා ඉවර වෙලා . අත් ඔරලෝසුවේ වෙලාව හවස 5 කියලා පෙනුනත් ස්කෝලේ ඉවර වෙලා පැයක් ගතවෙලා කියලා මට නම් දැනුනේ නෑ . මින්හීට අතරමැද පාඩම් ටිකක් මිස් වෙලා තිබුනත් එයාට ඉක්මනට ඒ පාඩම් තේරුම් ගන්න පුලුවන් නිසා එයාට පාඩම් කියලා දෙන එක ඇත්තටම කැමැත්තෙන් කරන්න පුලුවන් වැඩක් , ගෙදර ගිහින් ආපහු මගේ කාමරේට රිංගාගන්නවාට වඩා මේ වෙලාව මට සතුටක් ලබාදුන්නා .
"ම්... ඔව් ටේහියුන්ග් . මම හිතන්නේ දැන් මට මේ කොටස සම්පූර්ණයෙන්ම තේරුනා ." මින්හී මේසය උඩ තිබුන පොත් වගේ ම පේපර් ටිකත් එකතු කරගන්න ගමන් . එයා බෑග් එකට පොත් ටික දාගත්තට පස්සේ අපි දෙන්නම පන්තියෙන් එලියට ආවා.
" මියානේයෝ ඔයාට වැඩිපුර වෙලාවක් නතරවෙන්න සිද්ද උනාට, ඒ වගේ ම ගුමාවොයො , මට සති දෙකක් විතර ස්කෝලේ මිස් උනා , ඒ නිසා ගොඩක් පාඩම් මඟහැරුණා."
"අනී... කලින් ගෙදර යනවට වඩා මේ විදිහට කාලය ගත කරන්න ලැබුන එක මට වාසියක් .. මම හිතන්නේ . " මම ඒ කිව්වේ නම් අවංකව ම, මොකද මින්හී එක්ක මේ හිටිය වෙලාවට මගේ හිත සන්සුන් වෙලා තිබුනේ .
"ඒත් ඇයි ඔයාට සති දෙකක් ස්කෝලේ මිස් උනේ ???" මම ඇහුවේ ටිකකට කලින් මින්හී කිව්ව වචන ගැන කුතුහලයෙන් . මම එහෙම අහද්දී මින්හීගේ මූණේ තිබුන හිනාව මොහොතකින් වියැකිලා ගියා .. එයා මගේ දිහා බැලුවේ .. මට හිතාගන්න බෑ .. දුක .. වේදනාව ..බය වගේ හැඟීම් රාශියක් පිරුණු මුහුණකින් ... මම වැරදි දෙයක් ද ඇහුවේ ??
"අ... අපි ගේට් එක ළඟට ම ඇවිත් ... චොම්මල් ගුමාවොයො ටේහියුන්ග් ... හෙට හම්බවෙමු." මින්හී හිතාමතාම මගේ ප්‍රශ්නේ මඟහැරියා , මුහුණට මවාගත්ත හිනාවක් එක්ක මට උත්තර දුන්න එයා ඉක්මනට මට සමුදීලා හැරිලා යන්න ගියා .
සමහරවිට එයාට ඒ ගැන කතාකරන්න ඕන නැතුව ඇති. මම එහෙම හිතන ගමන් ම කාර් එකට ඇතුලු උනා.
Minhee's pov
මම අලුත් ස්කෝලෙට ඇවිත් සති දෙකක් විතර ගත උනා. ටේහ්‍යුන්ග් පන්තියේ මගේ එහා පැත්තේ හිටිය නිසා වගේ ම අපි දෙන්නා හවස මගේ වැඩිපුර පාඩම් වැඩවලට වැඩිපුර වෙලාවක් නතර වෙලා ඉන්න නිසාත් අපි ඉක්මනට යාලුවෝ උනා වගේ . ඒත් මුල් ම දවසේ අනිත් අය කිව්ව විදියට ම එයා පන්තියේ වෙන කිසිම කෙනෙක් එක්ක වැඩිපුර කතා කළේ නෑ. ඒත් ඒක එයාව පන්තියේ කොන් කරලා වගේ නෙවෙයි , මට පෙනුනේ අනිත් අය එයා එක්ක කතාබහ කරන්න උත්සාහ කළත්, එයා ඒ කිසිම කෙනෙක් එක්ක කතා කරන්න උනන්දු උනේ නෑ . ඒත් මට ඕන වෙලාවක එයා එක්ක කතා කරන්න පුලුවන් උනා. හැබැයි ඒකටත් එක්ක එයා වගේ ම මමත් පන්තියේ ළමයි එක්ක වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ , මම එයාලා එක්ක කතාබහ කරන්න වෙලාවකට උත්සාහ කළා උනත් මට හිතුනෙ නම් සමාජ තත්ත්ව ගැන හිතලා එයාලා මාව නිකම්ම නොසලකා හැරියා වගේ , ඒත් තනිකම කියන්නේ මට අලුත් දෙයක් නොවෙන නිසා ඒක මගේ හිතට දැනුනේ ම නැති තරම්
අදත් උදෙන්ම ඇවිත් මම පන්තියේ වාඩි වෙලා ඉන්නකොට ටේහ්‍යුන්ග් ආවත් එයාව දැකපු ගමන් මම පුදුම උනා . වෙනදා මම දැකපු ගමන් එයා යන්තමින් හිනාවෙනවා උනත් අද ඒ මූණ අදුරු වෙලා , කේන්තියෙන් වගේ .good morning කියන්නෙත් නැතුව පටන් ගත්ත දවසේ පළවෙනි පීරියඩ් දෙක ගතවෙලා ගියේ අපි අතර කිසිම කතාබහක් නැතුව . ඒත් තුන්වෙනි පීරියඩ් එකට සොන්සේන්ග්නිම් ඇවිත් පාඩම පටන් අරගෙන ටික වෙලාවකින් homeroom සොන්සේන්ග්නිම් ආපහු පන්තියට ආවා.
ටේහ්‍යුන්ග් ට school director ගෙ ඔෆිස් එකට යන්න කිව්වත් එයා සොන්සේන්ග්නිම් ට යන්න බෑ කියලා කිව්වේ කේන්තියෙන් වගේ . සොන්සෙන්නිම් පන්තියෙන් ගිහින් විනාඩි පහකින් විතර ටේහියුන්ග් එකපාරටම පුටුවෙන් නැඟිටලා පන්තියෙන් එලියට ගියේ පන්තියේ තවත් සොන්සේන්ග්නිම් කෙනෙක් ඉන්නවා කියලා ගානක්වත් නැතුව . ඒත් එයාගේ මූණේ තිබුන පෙනුම හැටියට නම් එයා director ඔෆිස් එකට නම් යන්නේ නෑ . ඒත් එයා හොඳින් ද?? මගේ හිත ටේහියුන්ග් ගැන වදවෙන්න ගත්තා ,ඒත් එක්කම මට මතක් උනේ ඊයේ හවස වැඩිපුර නතරවෙලා හිටිය වෙලාවේ අපි අතර උන කතාබහ
........Flashback ........
"ටේහ්‍යුන්ග්"
"ම්.... වේ???" Text book එකේ ප්‍රශ්නයක් විසඳන පිළිවෙළ සලකුණු කරකර හිටිය නිසා ම ටේහ්‍යුන්ග් මගේ දිහා බලන්නේ නැතුව ම ඇහුවා .
"මට මේ විදිහට උදව් කරන එක, මම ඔයාගේ යාලුවෙක් උන එක ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් නැද්ද ??" මම කෙලින්ම එයාගේ දිහා බලාගෙන ඇහුවා , එකපාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුව ටේහ්‍යුන්ග් ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියේ මොකුත් නොකියා . අතේ තිබුන පැන්සල පැත්තකින් තියලා එයා මගේ දිහා බැලුවේ බැරෑරුම් බැල්මකින් .
ඇත්තටම Seoul highschool එකේ ගොඩක් ම හිටියේ ලොකු පවුල්වල සල්ලිකාර ලමයි , ඉතින් එයාලා යාලුවෝ විදිහට ආශ්‍රය කළෙත් එයාලාගේ සමාජ මට්ටමට ගැලපෙන කට්ටිය .. එතකොට මම .. බුසාන්වල ඉඳලා අලුතෙන් මාරුවෙලා ආපු දුප්පත් පවුලක ගෑනු ලමයෙක් , පවුලේ ඉන්නේ අම්මා විතරයි ඒ වගේ ම අම්මා වැඩ කරන්නෙත් convenient store එකක... ඉතින් එයාලා කාගෙවත් ඇස්වලට මාව පේන්නේ නෑ වගේ ම එයාලා යාලුවෙක් විදිහට මාව ආශ්‍රය කරන්න සූදානම් නෑ .. එතකොට ටේහ්‍යුන්ග් .. එයාට පන්තියේ කිසිම යාලුවෙක් හිටියේ නෑ .. ඒත් හැමදාම එයාව එක්කගෙන යන්න ඩ්‍රයිවර් එක්කම කාර් එක එනවා වගේ ම ගුරුවරු උනත් එයාට සැලකුවේ සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් විදිහට , වැදගත් විදිහට ... ඒ කියන්නේ එයත් ලොකු පවුල් පසුබිමක් තියෙන කෙනෙක් .. ඒත් එයා මාව ආශ්‍රය කරනවා එයාගේ කාලය වැය කරගෙන මට උදව් කරනවා .. ඇත්තටම එයා මට උදව් කරන්නේ කැමැත්තෙන් ද??? මගේ හිතේ දවස් කීපයක් තිස්සේ තිබුන ප්‍රශ්නේ මම ඇහුවේ කුතුහලයෙන් .
"අපි rooftop එකට යමු " එයා එහෙම කියලා එයාගේ බෑග් එකත් අරගෙන පුටුවෙන් නැගිට්ටා . මගේ ප්‍රශ්නේ නිසා එයාට කේන්ති ගියාද?? ඒත් එයාගේ මූණේ තිබුනේ සන්සුන් පෙනුමක් .. මම මොකුත් නොකියා ඉක්මනට පොත් ටික අහුරගෙන ටේහ්‍යුන්ග් පස්සෙන් ගියා. බෑග් දෙක පැත්තකින් තියලා අපි දෙන්නම rooftop එකේ බිම වාඩි උනා. මම මොකුත් නොකියා නිශ්ශබ්ද ව බලාගෙන හිටියේ ටේහ්‍යුන්ග් මගේ ප්‍රශ්නෙට උත්තර දෙනකල්.
"මින්හී මට ඔයාව යාලුවෙක් විදිහට සලකන්නේ නැති වෙන්න හේතුවක් කියන්න ඉස්සෙල්ලාම " ටේහ්‍යුන්ග් මගේ දිහාට හැරිලා ඇහුවේ . මම එයා දිහා බැලුවේ ටිකක් පුදුමයෙන් වගේ .. ඒක ලේසියෙන් ම උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයිද ??
"ටේහ්‍යුන්ග් ඔයා හැර අපේ පන්තියේ අනිත් ළමයින්ට එහෙම හිතන්න උවමනාවටත් වඩා හේතු තියෙනවා " මම අවංකව ම කිව්වේ වචනයක් ගානේ හේතු කියන්න මට දැන් ආසාවක් නැති නිසා .
"අපේ ස්කෝලේ ළමයි අතර තියෙන සම්ප්‍රදාය අනූව කෙනෙක් යාලුවෙක් විදිහට ආශ්‍රය කරන්නේ තමන්ගේ සමාජ තත්ත්වයට ගැලපෙන අය විතරක් නිසා ද??? එතකොට මින්හී ඔයා, ඔයා ධනවත් පංතියේ කෙනෙක් නොවෙන නිසා ද??? ඔයාගේ අම්මා convenient store එකක වැඩ කරන නිසා ද???" ටේහියුන්ග් ඒ වචන කිව්වේ සමච්චලයට වගේ ... ඒත් ඒ ස්කෝලේ සම්ප්‍රදාය ගැනද නැත්නම් මගේ පවුලේ තත්ත්වය ගැනද?? මම මොකුත් නොකියා ටේහියුන්ග් දිහා ම බලාගෙන හිටියා .
"ඒත් මමත් අනිත් ළමයි විදිහට හිතන්න ඕන කියලා නියමයක් නැහැ නේද ??? මේ අහන්න .. මේ ස්කෝලේ ඉන්න ගොඩක් ලමයි සල්ලිකාර පවුල්වලින් එන අය වෙන්න පුලුවන් .. එතකොට මම, මම ලොකු පවුලක කෙනෙක් කියන්න හදනවා නෙවෙයි මම, ඒත් ඕන්නම් ඔයාට කියන්න පුලුවන් මම එයාලාටත් වඩා ඉහළ මට්ටමක කියලා ...ඒත් මට ඒ කිසිම දෙයක් අදාළ නෑ ... දන්නවද ඇයි කියලා .. යාලුකම කියන දේ රැඳිලා තියෙන්නේ සල්ලිමත නෙවෙයි .. මෙච්චර කාලයකට මගේ හ්‍යුන්ග්ලා දෙන්නා හැරුණ ම මට හිටියේ එකම යාලුවෙක් විතරයි , දැන් ඔයාව ආශ්‍රය කරපු ටික දවසට මම තේරුම් ගත්තා මට ඔයාව යාලුවෙක් විදිහට සලකන්න පුලුවන් කියලා .. බොරුවට මට සමීප වෙලා බොරු යාලුකමකින් වාසිගන්න උත්සාහ කරන අනිත් අයට වඩා ඔයා වෙනස් . ඒ වගේ ම හවස වැඩිපුර වෙලාවක් නතරවෙලා මම ඔයාට උදව් කරන්නේ ඒකට මම කැමතියි වගේ ම ඒ වෙලාවට මගේ හිත සන්සුන් .. ඒ වගේ ම ඔයාට යාලුවෙක් විදිහට මාව තේරුම් ගන්න පුලුවන් .. ඉතින් ඔයාව ඇත්තටම මගේ යාලුවෙක් විදිහට සලකන්න ඒ හේතු ප්‍රමාණවත් ..." ටේහ්‍යුන්ග් අන්තිමට මගේ දිහා බැලුවේ උණුසුම් හිනාවක් එක්ක
"ගුමාවොයෝ චින්ගුයා ඒ වචන වලට" මගේ හදවතට ම දැනුන ඒ වචනවලින් මට දැනුනේ උණුසුම් , සතුටුදායක හැඟීමක් . මම ඉතින් එයාට ස්තූති කලේ ඇත්තටම ඒ වචන මට සතුටක්, ශක්තියක් විදිහට දැනුන නිසා
.....End of flashback .....
එයාට දැන් ඉන්න එකම යාලුවා මම නම් මේ වෙලාවේ හැටියට මම එයා ගැන හොයලා බලන්න ඕන , ඒක මගේ යුතුකමක් .
"චෙසුහම්නිදා සොන්සේන්ග්නිම් " මම එහෙම කියලා පන්තියෙන් එලියට ආවේ ටේහියුන්ග් ව හොයන්න හිතාගෙන . ඒත් ටේහියුන්ග් ව අනිත් තැන්වල හොයන්න යන්න කලින් මම rooftop එකට ගියේ කලින් දවසෙත් අපි rooftop එකට ගිය නිසා ඒ වගේ ම හිතපු විදිහට ම එයා එතන හිටියා . Rooftop එකේ side railing එකට අත් දෙකත් තියාගෙන එයා පහළ පිට්ටනිය දිහා බලාගෙන හිටියේ . මම සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න දොර ඇරගෙන ඇතුලට ගියා .
"මම සැරයක් කිව්වා නේද ...." ටේහ්‍යුන්ග් එකපාරටම කෑගහගෙන ම පිටිපස්සට හැරුනත් එතන හිටියේ මම කියලා දැකපු ගමන් එයා කියන්න හදපු දේ නතර කළා. හිත සන්සුන් කරගන්න වගේ ගැඹුරු හුස්මක් ගත්ත එයා ආපහු මගේ දිහා බැලුවා .
"මියන්නෙයෝ මින්හී " එයා එහෙම කියලා ආපහු හැරුනා .... මමත් මොකුත් නොකියා ගිහින් ටේහ්‍යුන්ග්ගේ පැතතකින් වැටට හේත්තු වෙලා නිහඬවම බලාගෙන හිටියා .. මම හිතුනේ ඒකෙන් එයාට සහනයක් ලැබෙයි කියලා . නිහඬතාවයේ ගිලිලම විනාඩි දහයක් විතර ගත උනා .
"අප්පා කෙනෙක්ගේ ආදරේ දැනෙන්නේ මේ විදියට ද???" ටේහියුන්ග් එකපාරටම ඇහුවේ මගෙන් නෙවෙයි එයා එයාගෙන් ම අහගන්නවා වගේ . ඒත් එයාගේ අත යොමුවෙලා තිබුනේ එයාගේ කම්මුලට... එයාගේ කම්මුල රතුවෙලා ... කවුරුහරි ගහලා වගේ ... ඒත් කවුද ...බැරිවෙලාවත් ඒ එයාගේ අප්පාද...ඒත් ඇත්තටම එයාගේ පවුල ලොකු ධනවත් පවුලක් නම් ඇයි කවුරුත් එයාට මෙහෙම අත උස්සන්නේ??
"ම්වෝ...???" එයාට ඩිරෙක්ටර් සර්ගෙ ඔෆිස් එකට එන්න කියපු නිසා නෙවෙයි ද එයාට කේන්ති ගියේ ??? එතකොට එයාගේ අප්පා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ???
"මට ඩිරෙක්ටර් ඔෆිස් එකට එන්න කිව්වේ ඇයි දන්නවාද??" එයා එහෙම ඇහුවේ මගේ උත්තරයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි , මම දිගටම මගේ අවධානය ටේහ්‍යුන්ග් ට යොමු කළා .
"අද ස්කූල් ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ මීටින් එකක්.. එතකොට අප්පා එයත් ඒකේ සාමාජිකයෙක් ... Kim cooperation එකට අපේ ස්කෝලේ shares තියෙනවා . අප්පා දැන් මට එන්න කිව්වේ සොන්සේන්ග්නිම් ලාගෙන් මගේ අධ්‍යාපන මට්ටම ගැන අහන්න . ඒත් ඒ තමන්ගේ පුතාගේ ගැන අහන්න නෙවෙයි ..මොකද එයාට මම එයාගේ එකම උරුමක්කාරයා , නැත්නම් Kim cooperation එකේ අනාගත CEO වෙන්න පුලුවන් කෙනෙක් ... ඒත් එහෙම අප්පා කෙනෙක් මට වැඩක් නෑ .. ඉතින් ඒ ගැන අප්පාගේ මූණටම කිව්වම ලැබුන ප්‍රතිචාරය තමයි මේ. ඒත් එයාලා කරන දේවල් වලින් එයාලාට කිසිම දෙයක් වෙනස් කරන්න බෑ . මොකද .ඒ කිසිම තනතුරක් නැතුව මට ටේහ්‍යුන්ග් විදිහට , තමන්ගේ දෙමව්පියන්ගෙන් ඕන ආදරේ හොයපු මට ආදරේ කරපු මගේ හැල්මොනි මගෙන් උදුරගත්තට පස්සේ මට තවදුරටත් අප්පා කෙනෙක්වත් ඔම්මා කෙනෙක්වත් ඕන නෑ " ටේහියුන්ග් අන්තිම වචන ටික කිව්වේ කේන්තිය වගේ ම වෛරය පිරුන හඬකින් .. ඒත් ඒ වචන ඇතුලේ මට දැනුනේ දරාගන්න බැරි වේදනාවක් වගේ ම අප්පාගේ ඔම්මාගේ ආදරේ හොයන පොඩි ළමයෙක්ගේ අසරණකමක් .
මම හෙමින් සැරේ ටේහියුන්ග්ගේ උරහිසින් අත තිබ්බා , එයා මගේ දිහා බැලුවේ කිසිම හැඟීමක් නැති විදිහේ බැල්මකින් එයාගේ වේදනාව හංඟාගන්න උත්සාහ කරන ගමන් . ටික වෙලාවක් මම නිහඬව ම හිටියේ වචන ගලපාගන්න
"ඒත් ඔයා වෛර කරනවා උනත් , ඔයා කැමති නැති උනත් .. වෛර කරන්න හරි ඔයාට අප්පා ඉන්නවා ටේහ්‍යුන්ග් ... ඒත් කිසිම දේකට තමන් ළඟින් අප්පා කෙනෙක් නැති කෙනෙක්ගේ හැඟීම් ... ඔයා කවදාවත් එහෙම කෙනෙක්ට දැනෙන වේදනාව ගැන හිතල තියෙයි ද???" මම ඇහුවේ හැඟීම්බර හඬකින්
ටේහියුන්ග්ගේ මූණේ හැඟීම් මගේ ඒ වචන එක්කම මෘදු උනා.
"ඒත් දැන් ඔයාගෙ අප්පා ඔයා එක්ක නැති උනත් ඔයාගේ අප්පා ඔයා එක්ක ඉන්නකොට එයා ඔයාට ඇත්තටම ආදරේ කරන්න ඇති මින්හියා." ටේහියුන්ග් එහෙම කිව්වේ හරි ම මෘදු විදිහට . අපි දෙන්නා කතාබහ කරපු වෙලාවක අපි සෝල් වලට එන්න මාස දෙකකට කලින් අප්පා heart attack එකකින් නැති උනා කියලා මම ටේහ්‍යුන්ග්ට කියලා තිබුනේ .
" අප්පා මට ඇත්තටම ආදරේ කළා... මමත් අප්පාට ආදරේ කළා වගේ ම එයා මගේ ගැන හොයලා බලන විදිහ ගැන මම සතුටු උනා... ඒත්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ කිසිම දෙයකින් එයා මගේ ඇත්තම අප්පා නෙවෙයි නේද කියන එක වෙනස් කරන්න බෑ නේද ....?" දිගු නිහඬතාවයකට පස්සේ මම අතරමඟ නතර කරපු වාක්‍යය සම්පූර්ණ කළා.
සරල වචනවලින් පටන්ගත්ත අපි දෙන්නාගේ කතාබහ අවසානේ මම මෙච්චර කාලයක් මගේ හදවත පතුලෙම හංඟාගෙන හිටිය රහසක් වචනවලට හැරෙව්වා.
Taehyung's POV
අලුත් යාලුවෙක් ඇතිකරගන්න මම ගත්ත තීරණේ ඇත්තටම හරි කියලා මට හිතෙනවා . පන්තියේ අනිත් ළමයින්ට මින්හී කියන්නේ දුප්පත් පවුලක වැඩකට නැති ගෑනු ලමයෙක් උනාට මට ඇත්තටම එයා ගැන දැනුනේ වෙනස් විදිහට . පාඩම් අතරේ පොඩි පොඩි කතාබස් වලින් අපි අපේ විස්තර දැනගත්තා ... මම හිතන්නේ යාලුවෙක් විදිහට මට එයාව තේරුම් ගන්න පුලුවන් වගේ ම එයාට මාව තේරුම් ගන්නත් පුලුවන් . ජීමින් ඇමෙරිකා ගියාට පස්සේ පළවෙනි වතාවට මට මගේ දුක සතුට බෙදාගන්න පුලුවන් තවත් යාලුවෙක් මට ලැබුනා . සිතුවිලි අතරෙම උඩින් පල්ලෙන් කොණ්ඩේ හද හදා මම පහළට බැස්සේ අදත් ස්කෝලේ යන්න . ඒත් පඩිපෙළ මුල ඔම්මා හිටියේ වෙනදා වගේ ම මම එනකල් බලාගෙන .
"අදල්.... අප්පාට ඔයා එක්ක කතා කරන්න ඕනලු." ඔම්මා එහෙම කියද්දි මම බැලුවේ කෑම මේසයට වාඩිවෙලා පත්තරයක් බල බල හිටිය අප්පා දිහා .. එයාගේ බිස්නස් වැඩ අස්සේ මාත් එක්ක කතා කරන්න වෙලාවක් තියෙයි ද?? වාව්.... ඒක නම් අලුත් , ඒ විතරක් ද ඒක නම් ඇත්තටම පුදුමයක්..
"ටේහ්‍යුන්ග් අද ඔයාලාගේ ස්කෝලේ බෝර්ඩ් මීටින් එක තියෙයි , ඒක ඉවර වෙලා මම පණිවිඩයක් එවන්නම්, ඩිරෙක්ටර්ගෙ ඔෆිස් එකට එන්න ... මට ..."
"මට ඔයාගේ සොන්සෙන්නිම් හම්බවෙන්න ඕන ... ඔයාගේ ලකුණු මට්ටම, වැඩ කරන විදිහ ගැන අහලා බලන්න ඕන " අප්පා කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික සම්පූර්ණ කළා ...
"ටේහ්‍යුන්ග්.." අප්පා පත්තරේ නමලා මේසේ උඩට දමලා ගසලා පුටුවෙන් නැගිට්ටේ කේන්තියෙන් . අප්පා මගේ ඉස්සරහට ඇවිත් මගේ මූණ දිහා බැලුවේ කේන්තියෙන් ... ඒත් ඒ බැල්ම මට අලුත් නෙවෙයි ..
"දැන්වත් මේක නතර කරන්න , මට යන්න පරක්කු වෙනවා ." මම කිව්වේ විඩාබර හඬකින්, මොකද අප්පා එක්ක පටන් ගන්න කතාවක් නතර වෙන්නේ ඒ තරම් හොඳ විදියට නෙවෙයි කියලා මම අත්දැකීමෙන් ම දන්නවා .
"KIM TAEHYUNG ඔහොම නවතිනවා, මම මේ කියන්න යන දේ හොඳට අහගන්නවා"
"අප්පා ... අනී.. මම කියන්න ඕන තෙප්‍යෝනිම් කියලද Mr. kim Tae hoon ssi. ඔයාට මම ඔයාගේ එකම උරුමක්කාරයා මිසක් කවදාවත් ඔයාගේ පුතා නෙවෙයි, ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට පස්සේ CEO වෙන්න ඉන්න කෙනා ගැන හොයලා බලන්න ඕනනේ . ඉතින් Mr.Kim ඔයාට මට තව මොනාහරි මොනාහරි කියන්න තියෙයි ද????" මම ඇහුවේ සරදම් හිනාවක් එක්ක
"ටේහ්‍යුන්ගා..... " ඔම්මා හයියෙන් මගේ නම කියලා කෑගැහුවත් ඒ එක්කම මගේ වම් පැත්තේ කම්මුල රත්වෙනවා දැනුනා. ඔම්මා ඉක්මනට මගේ ළඟට දුවගෙන ඇවිත් මගේ කම්මුල අතගාන්න හැදුවත් මම ඔම්මාගේ අත ගසලා දැම්මා . වේගෙන් වැදුන අතුල්පාර නිසා පුපුරුගහන කම්මුල අතින් අල්ලාගෙන මම බැලුවේ අප්පා දිහා , අප්පා මගේ දිහා බලාගෙන හිටියත් එයාගේ ඇස්වල කේන්තිය වෙනුවට දුකක්.... නෑ ඒක වෙන්න බෑ මෙච්චර පොඩි වචන දෙක තුනක් නිසා මගේ කම්මුලට ගහපු අප්පාට ඒ ගැන දුක්වෙන්න කිසිම හේතුවක් නෑ . හැඟීම් විරහිත පෙනුමක් මූණට මවාගන්න හැදුවත් කම්මුලේ වේදනාවට මූණම ඇඹරෙනවා වගේ . ඒත් මම අත අයින් කරලා කෙලින්ම අප්පා දිහා බැලුවා .
"තෙප්‍යෝනිම් කම්සම්නිදා ඔයාගේ උපදෙස් වචන වලින් වෙනුවට ක්‍රියාවෙන් ම කරලා පෙන්නුවට. " මම අප්පාට ඔලුව නමලා ඉක්මනින් එලියට ආවේ තවත් කතාකරන්න දෙයක් ඉතුරු වෙලා නැති නිසා . ඔම්මා මගේ නම කියලා කතාකරනවා ඇහුනත් මම ඒ ඔක්කොම නොසලකා හැරලා ඉක්මනට යන්න හිතාගෙන වාහනේට නැග්ගා.
ඉස්කෝලෙට ආවට පස්සෙත් අද මට කිසිම ප්‍රාණවත් ගතියක් දැනුනේ නෑ උදෙන්ම ගෙදරදි අප්පා එක්ක රණ්ඩු උන නිසා දවසම විනාස උනා වගේ. මගේ වෙනස දැනුන නිසාම මින්හී මගේ දිහා බලාගෙන හිටියත් මට එයා එක්ක මේ ගැන කතාකරන්න තරම් හිතක් තිබුනෙත් නෑ . කම්මැලි විදිහට පීරියඩ් දෙකක් ඉවර වෙලා තුන්වෙනි එකේදී අපේ පංතිභාර සොන්සෙන්නිම් ආපහු පන්තියට ඇවිත් කෙලින්ම බැලුවේ මගේ දිහා .
"ටේහ්‍යුන්ග් හක්සෙන්ග් " සොන්සේන්ග්නිම් මට කතා කළා .
"නේ සොන්සේන්ග්නිම් " මම කිව්වේ කිසිම ගානක් නැතුව වගේ , බොහෝ දුරට මේ විදිහට සොන්සෙන්නිම් මාව හොයාගෙන ආව හේතුව මට හිතාගන්න පුලුවන් .
"Mr.Kim ඇවිත් ඉන්නවා director ගෙ ඔෆිස් එකේ, ඔයා දැන් director sirගෙ ඔෆිස් එකට යන්න " සොන්සේන්ග්නිම් ඒක කිව්වේ අණ කිරීමකට වඩා ඉල්ලීමක් වගේ ... ඒ එයාලා අප්පාට භය නිසා ... ඒත් ඒක මට අදාළ නැහැනෙ .
"චෙසුහම්නිදා සොන්සේන්ග්නිම් .. ඒත් මම ඩිරෙක්ටර් සර්ගෙ ඔෆිස් එකට යන්නේ නෑ .." මම කේන්තිය උපරිම පාලනය කරගෙන උනත් දැඩි විදිහට ඒ වචන ටික කිව්වේ ආපහු සොන්සෙන්නිම් මට යන්න කියන්නේ නැතුවෙන්න. ඒත් සොන්සෙන්නිම් ගියාට පස්සෙත් මගේ හිතේ නොසන්සුන්කම වගේ ම කේන්තිය අඩු උනෙත් නෑ .. ඒ නිසා ම මම පන්තියෙන් එලියට ඇවිත් rooftop එකට ගියා . ටික වෙලාවකින් අඩි සද්දයක් ඇහෙද්දී මම හිතුවෙ ආපහු කවුරුහරි මාව හොයාගෙන ඇවිත් කියලා නිසා කෑගහගෙන ආපහු හැරුණත් ඒ ඇවිත් හිටියේ මින්හී ... මම හිතුවා වගේ ම එයා හොඳ යාලුවෙක් නැත්නම් මේ වෙලාවේ එයා මාව හොයාගෙන එන්නේ නෑ .
අන්තිමට හිතුවෙවත් නැති විදිහට මම එයාට මගේ කතාව කිව්වේ මගේ හිතේ තිබුන දුක කේන්තිය හැමදේම එක්ක ... ඒත් එයාට ඒ හැමදේම කියලා ඉවර වෙද්දී මගේ හිතම සැහැල්ලු උනා වගේ .
ඒත් ......
" අප්පා මට ඇත්තටම ආදරේ කළා... මමත් අප්පාට ආදරේ කළා වගේ ම එයා මගේ ගැන හොයලා බලන විදිහ ගැන මම සතුටු උනා... ඒත්
.
.
.
.
.
.
.
.
ඒ කිසිම දෙයකින් එයා මගේ ඇත්තම අප්පා නෙවෙයි නේද කියන එක වෙනස් කරන්න බෑ නේද ....?" මින්හී අන්තිමට කිව්ව වචන ටික නිසා මම සම්පූර්ණයෙන්ම නිරුත්තර උනා. එයා කියපු විස්තර එක්ක මම හිතාගෙන හිටියේ මාස දෙකකට කලින් එයාගේ අප්පා නැතිඋනා කියලා .. ඒත් ඇත්තටම එයා එයාගේ අප්පා කවුද කියලා දන්නෙත් නෑ . මම මින්හී දිහා බලාගෙන හිටියේ කියාගන්න දෙයක් හිතාගන්න බැරුව
"පේනවට වැඩිය මගේ ජීවිතේ සංකීර්ණයි නේද ????" එයා හිනාවෙලා මගේ දිහා බැලුවා . දැන් එයා කියපු දේ නිසා මම තාමත් ශොක් වෙලා වගේ ඒත් මින්හී හිනාවෙනවා.
"යාහ් ... ඔයා ඔච්චර ලේසියෙන් හිනාවෙන්නේ කොහොමද මාව මෙහෙම ශොක් කරලා ???" මම ඇහුවේ පුදුමයෙන් .
"යාහ්.. ටේහ්‍යුන්ගා ඔයාගේ , මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම ජීවිතවල අඳුරු පැතිකඩක්, නොපෙනෙන පැතිකඩක් තියෙයි ඉතින් ඔයා ඒක තේරුම් ගනියි කියලා හිතලා තමයි මම ඔයාට මගේ රහස කිව්වේ .. ඉතින් මම කියන්නේ මෙච්චරයි හැමෝගෙම ජීවිතවල දුක, සතුට, ප්‍රශ්න , විසඳුම් ඒ හැමදේම එක්ක ගලාගෙන යන්නේ , ඒක අනිත් අයට නොපෙනුනා උනත්. ඔයාට දැනට නොදැනෙනවා උනත් දවසක ඔයාගේ දෙමව්පියන්ගේ ආදරේ ඔයාට ලැබෙයි. දැනට අපි ඉන්න වර්තමාන මොහොත සතුටින් ඉන්න . මොකද අපේ ජීවිතේ විඳින්න අපිට කොච්චර කාලයක් තව තියෙයි ද කියලා අපි දන්නේ නැහැනෙ නේද ???" මින්හියා අන්තිම වචන ටික කිව්වේ හැඟුම්බර විදිහට උනත් ඉක්මනට එයා ඒ හැඟීම් හිනාවකින් වහගත්තා. මමත් මොකුත් නොකියා ඔලුව වැනුවේ මින්හී කිව්ව වචන ඇත්ත කියලා මටත් තේරුණු නිසා
"ගුමාවොයෝ මින්හියා ... දැන් ඉන්න මොහොත සතුටින් ඉන්න කියලානේ ඔයා කිව්වේ ??? එහෙනම් මේ පීරියඩ් එකේ ඉතුරු ටිකත් කට් කරමු නේද ??" හිතට දැනුන සැහැල්ලුවත් එක්ක මම ඇහුවේ දඟකාර හිනාවකුත් එක්ක මින්හී දිහා බලලා .
"මිස් උන ටික මට කියලා දෙනවා නම් , කිසිම ප්‍රශ්නයක් නෑ .. ඕන තරම් කට් කරමු.." මින්හී හිනාවෙලා කිව්වා .
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
A/N : ඔන්න ලමයිනේ කතාවේ දෙවෙනි කොටස. අපේ ටේහියුන්ග් ට වගේ ම මින්හීටත් ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙයි නේද ?? ඒත් එයාලා දැන් ඒ හැමදේම අමතක කරලා හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා.
ඇත්තටම මේ සතිය ස්ටඩි වැඩවලට සම්පූර්ණයෙන්ම වෙන්කලා උනත් ff ලියන එකෙන් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඉතින් ඒ නිසා ම වැඩ පැත්තකට දාලා කතාව ලිව්වා . ඔයාලාගේ අදහස් කියාගෙන යන්න කියවන හැමෝටම ස්තූතියි . සරන්ග්හේ චින්ගුදල් 😘😘😘😘😘😘😘
P.S.
කතාව පටන් අරන් අවුරුදු දෙකකින් විතර තමයි එඩිට් කරන්න පටන් ගත්තේ, කතාව ලස්සන වෙන විදියට සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් තියෙයි දැන් publish කරන කතාවේ
2023.02.10 - Pied Piper
Bạn đang đọc truyện trên: AzTruyen.Top