A/N

ඇත්තටම පහළ තියෙන්නේ  මම 2021 නොවැම්බර් වල දාපු author note එකක්, ඒක delete කරන්නේ නැතුව තියන්න හිතුවා මම . NTS එකේ වැඩ වලට හිරවෙලා, තව පෞද්ගලික ජීවිතේ දේවල් මේ හැමදේම එක්ක ඇත්තටම ඒ මම ගොඩක් අමාරුවෙන් ගත කරපු කාලයක් . අපි හැමෝටම දරාගැනීමේ සීමාවල් තියෙනවා , ඒ වගේ ම දැනෙන  පීඩනය අඩු කරගන්න අපි එක එක දේවල් කරනවා . ඉතින් දරාගන්න පුලුවන් සීමාව පැන්නට පස්සේ ඔලුව නිරවුල්ව තියාගන්න වෙලාවකට මම කරන්නේ ඒ දේ අතාරින එක, මොකද මට ඔලුව ඒ බරෙන් නිදහස් කරගන්නකල් මානසික ව නිදහසක් ලැබෙන්නේ නෑ . ඉතින් සමහර දේවල් තිබුනා මම ඒ දේට සම්පූර්ණ අවධානය දෙන්න ඕන උනත් මම හිටියේ "I don't care" mind එකකින්. ඒකෙන් මගේ ඔලුවට දැනුන බර ගොඩක් අඩු උනා.  දැන් training ඉවර වෙලා final year exam ලිව්වට පස්සේ හිතට දැනෙන නිදහසත් එක්ක ඇත්තටම දැනෙනවා හිතාගන්නවත් බැරි බරක්, වගකීම් අපි ඒ අවුරුදු තුනට දරලා තියෙනවා කියලා . ඉතින් ඇත්තටම කියන්න ඕන උනේ ජීවිතේ සමහර දේවල් දරාගන්න අමාරුයි කියලා හිතෙන වෙලාවට ඒ දේ අතාරින්නත් පුරුදු වෙන්න , ඒත් කිසිම වෙලාවක ඔයාගෙ ජීවිතේ අතාරින්න එපා . මොකද එක දෙයක් නිසා ඔයාගෙ ජීවිතේ ම අතාරිනවා කියන්නේ ඔයා ඔයාටම කරගන්න අසාධාරණයක්. සමහරවිට ඒ අතාරින්න සිද්ධ උන දේ ඔයාට ආපහු ලැබෙන්නත් පුලුවන් , නොලැබෙන්නත් පුලුවන් . ඔයාට ඒ දේ ලබාගන්න පුලුවන් නම් ආපහු උත්සාහ කරන්න , නැත්නම් වෙන දෙයක් ලබාගන්න උත්සාහ කරන්න , ඒත් ජීවිතේ නම් අතාරින්න එපා . ඔයා උත්සාහ කරන තාත්කල් ජීවිතයෙන් ඔයා පරාද වෙලා නෑ . ❤️❤️❤️❤️

Edited and republished on 17/04/2023

💮💮💮💮💮💮

ඕතර් නෝට් හෑල්ලක් ලියන්න වෙන නිසා වෙන ම ම ලියන්න ගත්තා. දන්නවා ඔයාලාට කතාව කියවන්න ගොඩක් කල් බලාගෙන ඉන්න උනා කියලා , හැමදාම වගේ ඉතින් සමාවෙන්න කියනවා ඇරෙන්න මට කියන්න දෙයක් නෑ . අද කොටස ඔයාලට කොහොම දැනෙයි ද කියලා මට හිතාගන්න බෑ . මොකද මම මෙච්චර කල් කතාව ලියපු රටාවට ම ද කතාව ලිව්වේ කියලා මට හිතාගන්න බෑ  . කතාව ලියන එක මම ජීවිතේ වැඩියෙන් ම ආදරේ කරන දෙයක් උනත් වැඩ වැඩි උනාම ඒකටවත් හිත එකඟ කරගන්න බෑ යාලුවනේ. සිය සැරයක් ෆෝන් එක අතට ගන්න ඇති කතාව ලියන්න , ඒත් ලියාගන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ . අදවත් කතාව දෙන්න පුලුවන් වෙයි කියලා මම හිතුවෙ නෑ , ඒත් හෙට නිවාඩුනේ කියලා හිතට දැනෙන සැනසීම නිසා ටිකක් හරි ලියාගන්න උනා.
ඕනම දෙයක් දරාගෙන ඉවසීමෙන් වැඩ කරන්න උනත් අන්තිමට මොහොතක් එනවා හැමදෙයක් ම අතාරින්න හිතෙන, හරිම සරල විදිහට ජීවිතේ ගෙවන්න පුලුවන් නම් එතනින් එහාට කිසිම දෙයක් එපා කියලා හිතෙන . ඉගෙනගන්න එක, රස්සාවක් ඒ හැමදේකට ම වඩා අර මොකුත්ම නැති සරල ජීවිතේකට තියෙන නිදහසට ආදරේ කරන දවසක් එනවා ජීවිතේ .
සමහරවිට මම මේක පස්සේ ඩිලීට් කරලා දායි. ඒත් මමත් ඉන්නේ ඒ වගේ හැමදෙයක් ම අතාරින්න හිතන තැනක. ඒත් මට එහෙම අතාරින්න බෑ , ඒක මම දන්නවා . ඒත් හිත හයිය කරන් සතියේ දවස් හතම එකදිගට වැඩ කියන දේ දරාගෙන මෙහෙම ආතතියක් වෙනුවට ආපහු සැහැල්ලුවෙන් හිනා වෙන්න මට තවත් කාලයක් ඕන වෙයි.
හිතනවා එහෙම පුලුවන් උන දවසට මම ආපහු කලින් වගේ සැහැල්ලුවෙන් කතාව ලියන්න පටන් ගනියි කියලා . ඒ වෙනකල් good bye .ඇත්තටම සමාවෙන්න .

Once I dreamed of a life where I'm living my life the way i want,enjoying mylife to the fullest . I promised myself to reach there one day . But at the end promises are mean to be broken , dreams are meant to be scattered like pieces of broken glass . Now i'm at that place . Hope somehow I could grab myself together before I totally sink in the thick black darkness . Gonna give sometime to me away from everything just to heal from this depressed statue

Bạn đang đọc truyện trên: AzTruyen.Top