ඔහුගේ දවස..♡



chapter_ 3 _

__________________________♡⚘

2 years ago...

දවසම වැඩ කරලා මහන්සි වෙලා අදත් වෙනදා වගේම මන් අපාර්ට්මන්ට් එකට යන්න බස් එක එනකන් බස් හෝල්ඩ් එකට වෙලා ඉඳගෙන ඉස්සරහින් පේන ලොකු digital තිරේ දිහා බලාගෙන හිටියේ...
හහ්..දැන් මට මේක පුරුද්දකට ගිහින්..මෙතනට වෙලා බස් එක එනකන් එයා දිහා එකදිගට බලන් ඉන්න එක...
මේ තැන දැන් මන් ආසම තැනක් වෙලා ..
වෙලාව යනව තේරෙන්නෙනෑ එයා දිහා බලන් ඉන්නකොට ඇත්තටම මටවත් තාම හිතා ගන්න බෑ මාව අතඇරලා දාපු එයා වෙනුවෙන් මන් තාමත් මේ විදියට මගබලන් ඉන්න එක ගැන...ඇස් වල කඳුලු පුරුවන් හිනා වෙවී එයා දිහා බලන් ඉන්න මන් ආසයි...දවසම හොස්පිටල් එකේ වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්න මට මේ තැනදි දැනෙන සැනසීම වචනෙන් කියන්න බැරි තරම්....
එයාගෙ හිනාව දකින දකින වාරයක් පාසා මාත් ඒ දිහා බලන් හිනා වෙන්නේ මේ විදියට හරි එයාව මට දකින්න පුලුවන් වෙන එක ගැන සතුටින්...♡

අදත් මන් පුරුදු විදියටම එයා දිහා බලන් එයත් එක්කම හිනා වෙනවා...

ඒත් එකපාරටම මගෙ ඇස් වල කඳුලු පිරුනේ එකපාරටම දාපු නිව්ස් එක නිසා
ඒ එයාගෙ ජීවිතේ අලුත් ආරම්බයකට එයා යනවා...

ලෝකප්‍රකට kth company එකේ owner..
mr.kim taehyung ගේ හා හන් යූරාගේ විවාහය...

_________________________________♡

එයා....කසාද බඳින්න යන්නේ...
මට දැනුනේ මගෙ හුස්ම එක මොහොතකට නතර උනා වගේ...ඒත් මන් මොනවා කරන්නද එයා වෙනුවෙන් හදවතින්ම සතුටු වෙනවා ඇරෙන්න.. පුන්චි ඉකියක් මගෙ කටින් පිටවෙනකොට මන් තාමත් ඒ තිරේ දිහා බොඳවුන ඇස් වලින් බලන් බලන් හිටියේ මගෙ හදවතට දරාගන්න බැරි දුකක් දැනෙනකොට...

ඒත් එක්කම මහ හයියෙන් වහින්න ගත්තේ මගෙ කදුලු අනිත් අයගෙන් හන්ගන්න වගේ...
මන් වැස්සෙම තෙමි තෙමි එක දිගට පාරෙ දිගේ ඇවිදන් ගියේ මේ දැනෙන වේදනාව වැස්සටවත් හේදිලා යයි කියන සිතුවිල්ල මත...
නවතින්නෙම නැතුව ඇස් වලින් කඳුලු බින්දු වැටෙනකොට වැහි බින්දුවලට මිශ්‍ර වෙලා කඳුලු හේදිලා යනකොට මන් පාර දිගේ මලමිනියක් වගේ ඇවිදන් ගියපු එක කරේ...
අපාර්ට්මන්ට් එකට ඇවිත් ඇතුලට ගිහින් දොර වහලා මන් හිටපු තැනම බිම ඉඳගෙන කෑ ගහලා ඇති වෙනකන්ම ඇඬුවත් මගෙ දුක නම් පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ...

කාලය ඉක්මනින් ගෙවිලා ගියා මටවත් තේරුනේ නැති තරම්...
අද එයාගෙ ජීවිතේ ලස්සනම දවස..එයා යූරව එයාගෙම කර ගන්න දවස අද..

නිවාඩුවක් දාලා මන් අදත් අපි දෙන්නගෙ මතක පිරුනු පාර්ක් එකට ගිහින් සකුරා ගස් යට බෙන්ච් එකෙන් ඉඳගෙන ලොකු හුස්මක් ගත්තේ...මේ හැමදේම අමතක කරලා විනාඩියක් හරි හිත නිදහස් කර ගන්න උනත් ඇස් පියාගන්න තප්පරයටත් මගෙ ඇස් වල මැවෙන්නේ ඒ රූපෙම විතරයි...පියවුනු ඇස් අගින් කඳුලු බින්දු ගලාගෙන යනකොට එයාගෙ මතක අතර මන් අදත් තනි උනා...

♡⚘✍
_____________________________________🌸

_shenu_🥀

see you in next chapter...✍

Bạn đang đọc truyện trên: AzTruyen.Top