අතීතයේ මතක...
.........🌸❤️
semi pov..
සකුරා ගස් යට බෙන්ච් එකේ ඉඳන් හිටපු
මට දැනුනේ සැහැල්ලුවක්...
ඒත් ඒ සැහ්ල්ලුව ඇතුලෙත් තුබුනේ තනිකම නේද..
මන් මගෙන්ම ඇහුවා...
ඒකට උත්තරේ...ඔව් සැහැල්ලුව අතරිනුත් මට දැනෙන්නේ තනිකම ඔයා ලඟ නැති පාලුව ටේ....
අපි දෙන්නගෙ මතක පිරුන මේ සකුර මල් යට අද මන් ඒ මතක එක්කම තනිවෙලා...
ඇස් අග රැඳුන කඳුලු මූන දිගේ ගලාගෙන යනකොට මන් කලේ සකුරා මල් වැටෙන දිහා බලාගෙන හිටපු එක...
මතක අතර අතරමන් වෙලා හිටපු මන් මේ ලෝකෙට ආවෙ හුලඟත් එක්ක ඇවිත් වැටුන වතුර බින්දු එකින් එක මගෙ මූන සිප ගන්නකොට....
කඳුලුත් පිහදන් මන් බෙන්ච් එකෙන් නැගිට්ටේ මගෙ අපාර්ට්මන්ට් එකට යන්න බලන්..සකුරා මල් වැටුන පාර දිගේ මන් හිමින් සීරුවෙ අඩි තිබ්බේ මට මෙතනින් යන්න කිසිම අදහසක් නැති නිසා...
හිතා ගන්නවත් බැරි තරම් වේගෙකින් කාලෙ ගෙවිලා ගිහින්...
ඔයා මාව අතඇරලා ගිහින් අදට අවුරුදු හතරකුත් වෙලා...
කොච්චර අමතක කරන්න හැදුවත් අදටත් මන් ඔයාගෙ මතක ඉස්සරහා අසරන වෙනව ටේ ......
අමතක නොවන මතක එක්ක මන් මේ පාරෙ තනියම ඇවිදිනවා...
එකම එක පාරක් ආයෙ දකින්න තිබ්බනම්...
ඒත් මන් කවුද ඔයාගෙ...
අයිතියක් නැති බැඳීමකට අයිතිවාසිකම් කියන්නේ මන් කොහොමද...
මනෝ ලෝකෙන් එලියට ඇවිත් ටැක්සි එකක් අල්ල ගෙන ඉක්මනටම මන් අපාර්ට්මන්ට් එකට ගියා...
මොකද උදේම ආයෙ හොස්පිට්ල් එකට යන්න ඕන නිසා...
මන් සෙමී...
jeon semi...අවුරුදු 25 ක් උන කාත් කවුරුත් නැති අනාත කෙල්ලෙක්...
මන් ඩොක්ටර් කෙනෙක්...
_________________________________________
_shenu_🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top