☠️31☠️
මම ලොකු හුස්මක් හෙලුවා විතරයි.මට මතක් වුනෙ බණ කතාවක්...ඇත්තටම අපි දෙයකට තදින් ලෝභ කම් කරලා වෛර බැදාලා ඒක හිතේ තියාගෙන මැරුනාම ප්‍රේත ආත්ම වෙලා එක්කො නැත්තම් තිරිසන් ආත්ම වෙලා ඉපදෙන්න පුලුවන්.හැමතිස්සෙම වෛර කරන කෙනාටත් මෛත්‍රී කරන තරමට එකට එක නොකරන තරමට හැමතිස්සෙම ලෝබය කියන දෙයින් ඈත් වෙන තරමට අපි සුගති ගාමී වෙනවා වැඩියි.සමහර මිනිස්සු ඉන්නවා තව කෙනෙක් ඇවිල්ලා කෑගැහුවට බැන්නට ගැහුවට මුකුත් නොකරන්නෙ ඒ මනුස්සයට ඇති බය හින්දා නෙවෙයි.පවට තියෙන බය නිසයි.මොකද අපිට තුවාල කරන කෙනෙක්ට අපිත් පෙරළා වෛර බැන්දොත් තුවාල කලොත් වෙන කාගෙන් නැතත් සොභාදහම ඒ දේම අපේ පැත්තට ආපහු කරකවනවා. ටේහියුන් කියන්නෙත් jin කියන්නෙත් මේ කාරණාවට යටත් වුන දෙන්නෙක්.
ටේහියුන් ලෝභ කමේ තණ්හාවෙ උපරිමයට ගියා.එයා ඒකෙන් ජින්ට කරදර කලා.ඒකෙන් ටේහියුන්ගෙ තරාදියෙ පව් පැත්ත බරින් වැඩි වෙලා පහත් වුනා...අනෙක් කෙනා ජින්.එයා ඉවසුවෙ නෑ...
පව කියන දේට බය වුනේ නෑ...ඉවසන්නෙ නැතුව වෛර බැදගෙන ප්‍රාණඝාතයන් කලා.සොභාදහමට අනුව මේ දේවල් එයාගෙ පැත්තට කැරකෙනවා...ඒකමයි මට ගොඩක්ම අපේ ජීවිත ගැන අවිනිශ්චිත බවක් හැගෙන්නෙ........මොකද මම පින පව කියන දේ තදින්ම විශ්වාස කරනවා.
" මොනාද කල්පනා කරන්නෙ සඳලි.."
එයා ඇහුවාම මම ගැස්සිලා ගියේ....
" හූ...මුකුත් නෑ...."
මම කියුවා.
" ඕකේ...."
එයා එහෙම කියලා ලොකු හුස්මක් පහළට දැම්මා.
" ජින්"
" මොකෝ පිස්සි...."
' ආපහු මැර වැඩ කරන්න එපා කවදාවත් හොදද....අපි ඉවසමු..."
මම කියුවා...එයාගෙ සද්දයක් නෑ....
" මම කියන දේ අහගෙනද ඉන්නේ..."
මම ඇහුවා...හූ ඒත් නෑ.එයා මාව කෙයා නොකර ඩ්‍රයිව් කරනවා.එයා ඉස්සර කියපු කතාවක් මතක් වුනා.රිපීට් කරන්න එපා මම අහගෙන ඉන්නේ...තුන් පාරක් එකම දේ රිපීට් කරද්දි එයාට කේන්ති යනවා.මම තොලත් හපන් එයාගෙ මූනෙන් මගෙ මූණ අහකට ගත්තේ...
මෙයා පොරොන්දු නොවුනේ මෙයාගෙ මැර අදහස් ක්‍රියාත්මක වෙන එක නැවතිලා නෑ ......
හදන්න බෑ මෙයාව.... මම ශටර් එකට ඔලුව ගහගෙන කල්පනා කලේ. එතක් ඉදන් ගෙදරට යනකන්ම අපි දෙන්නා අතරේ කිසිම කතාවක් වුනේ නෑ....අපි ගෙදරට එනකොට ගොඩක් රෑ වෙලා....මම බැහැලා ගේට් එකත් ලොක් කරගෙන එයා එක්කම ඇතුළට ආවා.
එයාගෙ කතාවක් නෑ.ශර්ට් එකේ බොත්තම් ගලව ගලව කාමරේට පඩි පෙළ නැග්ගේ.මම අම්මා හිටපු කාමරේට ගියා...ඔම්මා කාමරේ සම්පූර්ණයෙන්ම අස් කරලා.. දැනෙන සීතල වචනෙන් විස්තර කරන්න බෑ....මම ටක් ගාලා කුස්සියට ගිහින් කෙටල් එක ගැහුවෙ කෝපි එකක් හදන්න.
" කිටී....."
මම පාත් වෙලා මගේ කකුල් වල ඇතිල්ලි ඇතිල්ලි හිටපු කිටීව වඩාගත්තා.
"බඩගිනිද ම්ම්..."
මම කිටීගෙ රෝස පාට නහයට උම්මා එකක් දීලා කියුවෙ...
"කිටී... ඔයා හරි බරයිනෙ අනේ...ඇවිදින්නෙත් නෑ...කනවා නිදාගන්නවා එච්චරයි....හරියට ගාෆීල්ඩ් වගේ කම්මැලි පූසෙක් ඔයා."
මම එහෙම කියලා කිටීව බිමින් තිබ්බේ.එයාගෙ කප් එකට වෙනම සුදු කිරි හදලා නිවලා දුන්නා.මම අපිට කිරි කෝපි හදාගෙන මග් දෙකත් අරගෙන උඩට ගියා.මම උඩට යන කොටම.......
"අරූව ඉවරයක් වෙන්න ඕනි ජිමිනා....ඉක්මනටම...මම ඉක්මනට උඹලට කියන්නම්...ම්...උගේ කරදරෙත් ඉවරයක් කරලා දාමු..."
එයා කියුවා...මම ඇහුන නෑහුන ගානට මග් දෙකත් අරගෙන කාමරේට ගියාම එයා මගේ දිහා නොබලා බාත් රෑම් එකට ගිහින් හයියෙන් දොර වහගත්තා.
මම සාරිය ගලවලා ටවල් එක ඇදගෙන කොණ්ඩෙ ගැටගහගත්ත.මහන්සිය කියලා නිම කරන්න බෑ.නිකන් ආපු මට මෙහෙම මහන්සිනම් ඩ්‍රයිව් කරපු මනුස්සයාට කොහොම මහන්සි ඇතිද.මම කණ්ණාඩිය ඉස්සරහාට වෙලා ඒ බංකුවෙ වාඩි වෙලා මගේ දිහා බලාගෙන හිටියේ.
එයා බාත්‍රෝම් එකේ දොර ඇරගෙන එළියට ආවම ම නැගිටලා ගිහින් එයාගෙ කොෆී එක අතට දුන්නා.
"Jin...මේක බොන්න..."
මම එයාගෙ අතට කොෆී එක දුන්නේ බිම බලාගෙන.
" ඉක්මනට වොශ් දාගෙන එන්න ගිහින්."
එයා කියුවම මම බාත්‍රෝම් එකට ආවෙ.විනාඩි පහක් වගේ පොඩි කාලෙකින් ටක්ගලා වොශ් එකක් දාගෙන ලා කහපාට ශර්ට් එහෙකට නිල් පාට කොට ශෝටක් ඇදගෙන කොණ්ඩෙත් ගොතාගෙන ඇවිත් කෝපි එක බොන්න ගත්තෙ.සීතලත් නිසා ගානට නිවිලා කෝපි එක.එයානම් ඇදේ හාන්සි වෙලා ෆෝන් එක ඔබනවා.මම එයාගෙ කෝප්පෙත් අරගෙන පහළට ඇවිත් හේදුවා.කිටියා සෝෆා එක උඩ නිදි නිසා කාමරේට එක්කන් ගියේ නෑ...
මම පඩි පෙළ නැගලා අපේ කාමරේට හැරෙන්න හැදුවා විතරයි උඩ තට්ටුවෙ අපේ කාමරේට එහා පැත්තෙන් තියෙන වැඩිය පාවිච්චි නොකරන කාමරයේ අමුතු සද්දයක් ආවෙ.මම හිමීට ගිහින් දොර ඇරලා ලයිට් එක දාලා බැලුවත් කිසිම අවුලක් නෑ.මම ආපහු ඒකෙ දොර වහලා අපේ කාමරේට ආවා.ලයිට් එකත් ඕෆ් කරලා නෙට් පහතට දාලා ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරපු මම ඇදට ගොඩ වුනා.
දොර පහුරු ගාන සද්දෙටයි මාව උඩ ගිහින් ඇහැරුනේ........දෙවියනේ..හොදටම දවල් වෙලා...මම බැලුවෙ එහා පැත්ත.එයාත් මුණින් අතට හැරිලා හොදටම නිදි.පව් මහන්සි ඇති.මම එයාගෙ ඔලුවට කිස් එකකුත් දීලා නැගිටලා ගිහින් දොර ඇරියේ.මම හිතුවා හරි....කිටියට වෙලාවට එයාගෙ උදෑසන කිරි එක ඕනෙ...මාව ඇහැරවන්න තමයි දොර පහුරු ගාලා තියෙන්නෙ.
" ඉන්න...ඉක්මනට හදලා දෙන්නම්..."
මම එහෙම කියලා කිටියව වඩාගෙන ඇවිත් ජින්ගෙ පිට උඩින් තිබ්බා.කිටියත් සනීපෙට ගුලි වුනා.අහැරුනොත් ඉවරයි.මම හිනාවෙවීම බාත්‍රෝම් එකට ගිහින් මූන කට හෝදගෙන අත් කපපු කොට ගවුමකුත් ඇදගෙන කාමරේට ආවෙ.
"ශ්.... යනවා...මේ ජරා පූසා..."
ජින් එහෙම කියලා හැරෙනකොටම කිටියා කාමරෙන් දුවලත් ඉවරයි.
" මමයි තිබ්බේ...."
මම හිනාවෙවීම එයා ලගින් ගිහින් වාඩි වුනා.
" හිතුවා මම...ඌ මගේ ලගට එහෙම එන්නෙ නෑ ලේසියෙන්..."
එයා කියුවෙ ඇස් පොඩි කර කර.
" තව නිදාගන්නවනම් නිදාගන්න..ඔයාගෙ කිරි එක බෝතලේට දාලා තියන්නම්."
මම කිව්වා
" බෑ පැටියෝ...මම අද වටවලට යන්න ඕනෙ.ඒ හොටෙල් ප්‍රොජෙක්ට් එකෙ අන්තිම දවස්නෙ.ඒ ටික කරලා ඉවර වුනාම අපි නිදහස්."
එයා කියුවෙ ඇදේ වාඩි වෙලා.
" ශුවර් එකට වටවලද යන්නෙ.."
මම ඇහුවෙ සැකෙන්.මොකද මෙයා ඊයෙ රෑ කියුවනෙ කාවද ඉවරයක් කරන්න ඕනි කියලා.
" නෑ...අනියම් බිරිදව බලන්න..."
එයා කියුවෙ ඇස් හීන් කරලා මගේ මූණටම එබිලා.
" ආහ්....ඕකිව මම තියන්නෙ නෑ හරී..."
මම කියුවෙ බොරු කේන්තියක් අරගෙන.
" ඉරිසියාව මෙයාගෙ.."
එයා එහෙම කියලා මාව තුරුල් කරගෙන මගේ හිස්මුදුන සිපගෙන හිටියා ටික වෙලාවක්. ටිකකින් මාව මුදාහැරපු එයා බාත්‍රෝම් එකට ගියාම මම පහළට ආවා.සුදු කිරි හදලා කිටියට දීපු මම එයා පහළට ආවාම එයාගෙ අතට කිරි මග් එක දුන්නා...
රිප් නිල් පාට ඩෙනිමකට එයාගෙ අත්බාහු කැපිලා පේන විදියට අලුපාට අත්දිග ටී ශර්ට් එකක් ඇදගෙන කොණ්ඩෙ පස්සට පීරලා කැන්වස් දෙකක් දාලා...දැක්කාම ලෝබයි.
"ලස්සනයි මහත්තයා...එලියට යවන්නත් බය හිතෙනවා..."
මම එයාගෙ පපුවට තුරුල් වෙලා කියුව
" සිරාවට...මගෙ පිස්සු කෙල්ල...."
එයා එහෙම කියලා මගේ නළලට හාදුවක් දීලා හිස් මග් එකත් අතට දීලා දොර ලගට ගියේ මම ඉක්මනට එනවා කියලා.එයා ගියාම මම ගේට්ටුව අඩවල් කරලා ඇවිත් කෑම උයන්න පටන් ගත්තා.
මම කෑම උයලා ඉවර වුනා විතරයි.එයාගෙන් කෝල් එකක්.
"කියන්න ඔප්පාහ්....."
මම ටිකක් එයාව අවුස්සන්නත් එක්ක සරාගී විදියට ඇහුවෙ
" මේ බබා මම එන්න පරක්කු වෙයි ටිකක්.තමුසෙ පරිස්සමට ඉන්නවා."
" මොකක්ද ජිින්...එතකොට දැන්මම එන්නෙ නැද්ද."
පැයක් දෙකක් වගේ යාවි.."
එයා එහෙම කියලා කෝල් එක කට් කලා.එයා ආවම කනවා කියලා හිතපු මම නවල් එකකුත් අරගෙන කිටියත් එක්ක ගාඩන් බෙන්ච් එකට ආවා.
පැයභාගයක් ඕනිනම් යන්න ඇති.ඉස්සරහා වාහනයක් හෝන් කරන සද්දෙට මම පොතත් බෙන්ච් එක උඩින් තියලා නැගිටලා ගියා.
ගේට් එක ඇරිය මට උන් හිටි තැන් පවා අමතක වුනා.ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අපෙ තාත්තා. තාත්තා වාහනේ තාප්පෙ අයිනෙ නැවැත්තලා බැහැලා ආවෙ ලොකු බෑග් එකකුත් අරගෙන.
" ශා.....දුවගෙ වත්ත හරි ලස්සනයිනෙ."
තාත්තා වටපිට බලන ගමන් කියුවේ.මම ගෙයක් ගත්තා කියුවාමත් කෙයා නොකරපු තාත්තා අද ඇයි මෙහෙට ආවෙ.
" තාත්තා තනියමද ආවෙ...ගාඩ් එක නැතුව..." මම ඇහුවා.
" ඔවු ඉතින් පෞද්ගලික දෙයක් කතා කරන්න ආවම ගාඩ් එක අරගෙන ඇවිත් හරියන්නෙ නෑනෙ..."
තාත්තා කියුවෙ මගේ අතට බෑග් එක දෙන ගමන්.
මම බෙන්ච් එක උඩ තිබ්බ නවල් එකත් අනෙක් අතට අරගෙන තාත්තා එක්කම ගේ ඇතුලට ආවා.
" මේ මොනවාද තාත්තා...."
මම ඇහුවෙ බෑග් එක මේසෙ උඩින් තියලා.
" දුවගෙ සාරි වගයක්.අම්මා කියුවා ඔය ටික දීලා දාන්න කියලා.."
තාත්තා සැටියේ වාඩි වෙලා මුලු ගේ දිහාම බලනවා.
"අම්මා එන්න බෑ කියුවද."
මම ඇහුවෙ කැඩුනු මනසින්.
" ම්ම්...."
තාත්තා කෙටි උත්තරයක් දුන්නා.
" මෙහෙටමද ආවෙ.."
" ම්ම්....බංගලාව ගැන කතා කරගන්න ආවෙ.බිස්නස් එන්න එන්න වැටෙනවා අපෙ.ලොකු ආයෝජනයක් කරන්න සල්ලි හොයාගන්න පුලුවන් බංගලාව විකුණුවාම...."
තාත්තා කියුවා.දෙවියනේ...තාත්තා දන්නෙ නෑනෙ බංගලාවෙ හරි අයිතිකාරයා කවුද කියලා.මම දුවලා ගිහින් සාරි ටික අල්මාරියට දාලා පහළට ආවා.
"තාත්තා බත් බෙදන්නද.."
මම ඇහුවා.
" එපා...සීතල නිසා තේකක් බොන්න තිබ්බනම් හොදයි....."
තාත්තා කියුවා.මම කෙටල් එක ගහලා වතුර රත් වෙන්න තියලා තාත්තා ලගට ඇවිත් වාඩි වුනා.
" කෝ ජින්..... තාත්තා ඇහුවෙ කකුලක් උඩ කකුලක් දාගෙන.
" එයා වටවල ගිහින්.එන්න තව පැය එකාමාරක් දෙකක් යාවි."
මම කියුවා.
"මිනිහා මොකෝ කියන්නේ...කතාවක්වත් නෑ මේ ඩීල් ගැන."
තාත්තා කියුවා.මේ එන පොට නම් හොද නෑ...ජින් ආවොත් මෙතන රණ්ඩුවක් වුනත් වෙන්න බැරි නෑ.
" විශේෂයක් නෑ..."
මම එහෙම කියලා බිම බලාගත්තෙ කියන්න මොනවාද කියලවත් හිතෙන්නෙ නැති වෙද්දි.
"බැංගලෝ එකේ ඔප්පු මිනිහා හොයනවාද......"
තාත්තා ඇහුවා.කෙටල් එකේ විසිල් සද්දෙ නිසා මම නැගිට්ටෙ.
"ජින් ආවම එයාගෙන්ම අහන්නකො."
මම එහෙම කියලා කුස්සියට ආවෙ කෑම මේසෙ උඩ තියලා තිබුන ෆෝන් එකත් අරගෙන.
මම ජින්ට මැසේජ් එකක් දැම්මා.අපේ තාත්තා ඇවිත් ඉන්නවා කියලා.එතකොට එයා ඊලගට කරන්නෙ මොනවාද කියලා හිතාගනීවිනෙ.
මම තේ හදාගෙන කේක් එක්ක ට්‍රේ එකට තියාගෙන ආවෙ.
" ජින් හොදයිද...දුවට හොදට සලකනවද..."
තාත්තා ඇහුවා.
" අපි ආදරේ කරනවා තාත්තා...එයා මගේ තාත්තගෙන්වත් මට නොලැබුනු පරිස්සමක් රැකවරණයක් දෙනවා..."
මම කියුවා.
" ඕ.........එහෙමද...."
තාත්තා එහෙම කියලා කේක් කෑල්ලක් අරගෙන කන්න ගත්තේ.
"මේ ගෙදර දූ ඔක්කොම පඩිසල්ලි වලින්ද හැදුවෙ...හොදයි ගේ එච්චර ලොකු නැති වුනාට."
තාත්තා කියුවෙ වටපිට බල බල.
"තාත්තා....බැංගලෝ එක ඔයාට ඕනිමද.... මම ඇහුවා..."
" ඇයි එහෙම අහන්නෙ..."
තාත්තා තේක අතට ගන්න ගමන් කතා කලේ.
" ඒවා අනුන්ගෙ දේවල් තාත්තා.තාත්තට ඒවගෙන් වැඩක් නෑ.අනික තාත්තලාගෙන් පස්සෙ ඔය බිස්නස් කොහාටද යන්නෙ...ඇයි මෙච්චර තණ්හා වෙන්නෙ..."
මම ඇහුවා.
" ඉතින් අපෙන් පස්සෙ ඔයාටනෙ දුව..."
තාත්තා කියුවා.දේවි ම්ං කියලා.කෙලින්ම අම්මගෙයි තාත්තගෙයි හොර ගෑණු හොර මිනිස්සුන්ට තමයි මේව.මම ඒ බවක් නොකිය කතා කලා.
"හරි තාත්තා.මට ඒව එපා.තවදුරටත් ඔයාලාගෙ ප්‍රොපර්ටීස් මට අවශ්‍ය නෑ.අනුන්ගේ දේවල් ගන්න එපා ඒ නිසා..."
මම කියුවා...තාත්තා තේක බීලා කෝප්පෙ තියලා මගේ මූණටම එබිලා කතා කලේ....
" මෝඩ වෙන්න එපා සඳු...ජීවිත් වෙන්න ඕනි කරන්නෙ සල්ලියි තත්වයයි.ඒක තමයි මේ සමාජෙ හැටි.තමුන් මිනිහාගෙ පාලනය අතට ගත්ත ගෑණු කෙනෙක්නම් එයාගෙ දේපළත් ඔයාගෙ නමට ලියාගන්න ඕනි...."
තාත්තා තවත් මොනවාද කියන්න හදනකොටම....
" ඇති තාත්තා....පිරිමි කෙනෙක් නේද...මහත්තයාගෙ පාලනය අතට ගන්නලු...මොනවාද මේ කියන කතා...මගේ ජීවිතේ වටිනම දේ එයා...මට ස්වාමි භක්තිය කියලා දෙයක් තියෙනවා තාත්තා..මගේ හස්බන්ඩ්ගේ දේපළ වලට ඇහිලිගහන්න මට උවමනාවක් නෑ.මම රස්සාවක් කරනවා.ස්වාධීනව ආර්ථිකය හයියයි මගේ....අනික එහෙම ගන්න ඕනි නම් මම ඉස්සෙල්ලම ගන්නෙ මගේ ලේ උරුමයට තියෙන දේපළ..."
මම සැරෙන් කියුවේ.තාත්තා මහා සද්දෙට හිනා වුනේ මගෙ හිත බයෙන් වෙව්ලද්දි.
" පොඩ්ඩක් හිතනවා...මෙයාගෙ දේපලත් අරගෙන අපේ දේපලත් තියාගෙන අනාගතේ දවසක ඔයාට අපේ බිස්නස් එකෙන් ලෝකෙම දන්න බිස්නස් වොමන් කෙනෙක් වෙන්න පුලුවන්.මෝඩ වෙන්න එපා සඳු..අන්න එදාට තේරෙයි මේ ආදරේ කියන ලබ්බෙන් මෙලෝ වැඩක් නෑ කියලා..."
තාත්තා මගේ කට දෙපැත්ත තද කරලා අල්ලගෙන කියුවෙ.
" තාත්තා ඔයා මට කවදාවත් ඔයාගෙ දේපළ දෙන්නෙ නෑ...එච්චර ආදරයක් නෑ තාත්තගේ හිතේ මට..ජින්ගේ ඒවත් අරගෙන එයාව පාරට ඇදලා දාලා තමුන්ගෙ නම ලෝකෙටම පෙන්නන්නයි ඕනි කරලා තියෙන්නෙ...."
මම කියුවා.ඒත් එක්කමයි වාහනයක් නැවත්තුවේ..ජින්....! මම දුවලා ගිහින් ගේට් එක ඇරලා එයා වාහනේ ඇතුලට දැම්මාම ගේට් එක වැහුවා.එයා වාහනෙන් බැහැලා මගෙ දිහා නොබලා කෙලින්ම ඇතුලට ගියා.ඉන්නෙ නම් කේන්ති ගිහින් වගේ.අනේ දෙවියනේ මෙතන රණ්ඩුවක්නම් යවන්න එපා....මම හිතාගත්තා.
" ආහ්...ජින්....." තාත්තා නැගිටලා අමුතුම හිනාවක් දාලා කියුවෙ.
" කොහොමද මිස්ටර් රාජිත..."
ජින් තාත්තාගෙ ඉස්සරහින් එයාට මුහුණලා වාඩි වෙලා කියුවෙ.තාත්තත් වාඩි වුනාම ජින් ඇස් වලින් මට ලගට එන්න කියලා කියුව.මමත් එයාගෙ ලගටම ගිහින් වාඩි වුනාම එයා මගේ කරවටේ අතයවලා මාව එයාට ලං කරගත්තා.
" එහෙනම් අපි කෙලින්ම මාතෘකාවට එමු.. ජින්... අපි කරනවා කියපු බැංගලෝ එකේ වැඩේ...ඇයි ඒක ගැන කතාවක්වත් නැත්තෙ..."
තාත්තා ඇහුවෙ කකුලක් පිට කකුලක් දාගෙන.
ඒ වැඩේ ක්ලෝස් මිස්ටර් රාජිත...දැන් ඒ ප්‍රොපර්ටීස් මගේ... "
ජින් ගානක් නෑ වගේ කියලා දැම්මා.
" මොනවා...තමුන් කොහොමද එහෙමද කරන්නෙ... තමුසෙ මොනවාද මේ කියවන විකාර..... "
තාත්තා නැගිටලා ආවේගයෙන්ම කෑගැහුවා.
කාම් ඩවුන් මිස්ටර් රාජිත...ප්ලීස් සිට්...මම තාම කියලා ඉවර නෑ.."
ජින් කියුවෙ හිනාවෙලා.මේ හිනාව තමයි මෙයාගෙ භයානකම.ඒ හිනාවෙ තියෙන්නෙ සැගවුනු තර්ජනයක්.
" කියනවා මම අහගෙන ඉන්නේ..."
තාත්තා තරහා පාලනය කරගෙන ඇහුවා.
" මිස්ටර් රාජිත සරලව මම කියුවොත් මම මිස්ටර් කිම්ගේ ලොකු පුතා...මගේ නම කිම් සොක් ජින් ...මේවා තව හංගලා වැඩක් නෑ...."
ජින් කියුවා. මම බැලුවෙ එයාගෙ මූණ දිහා...
"මො...මොනවා...තමුන් මොනවාද මේ කියන විකාර කතා..."
තාත්තා ඇහුවෙ පුදුමයෙන්.
" මේකයි වුනේ...දිගට කියන්න බෑ මගෙ කට රිදෙනවා...මිස්ටර් කිම් බදින්න අවුරුදු පහකට කලින් ගෙදරට ගෑණු කෙනෙක් ගත්තා වැඩට.ඒ කෙනා මිස්ට කිම්ගේ අතින් ප්‍රෙග්නට් වුනා.ඒ ළමයා තමයි මම.මිස්ටර් රාජිතට අප්ප ගොඩක් දේවල් කියුවෙ නෑ..එයාලා අපිව සමාජෙන් හැංගුවා.අර අප්පගෙ ගෑණි අපිට වද දුන්නා.ඔයා මගේ අප්පච්චිව මරපු වෙලේ අප්ප ඔප්පු ලියුවෙ මගේ නමට.නමුත් ඒව මිසිස් කිම් ගන්න දුන්නෙ නෑ.හැංගුවා."
ජින් කියුවා.
"මො...මොනවා.....මෙ..මෙ...ඇත්තද..."
තාත්තා ඇහුවේ වචන පැටලෙද්දි.
" ඔවු මිස්ටර් රාජිත ...මේ බලන්න මගේ අයිඩී එක.."
ජින් තාත්තගෙ අතට අයිඩී එක දුන්නා.ඒක බලපු තාත්තගෙ අත් තවත් වෙව්ලන්න ගත්තේ ජින් කටකොණෙන් හිනාවෙද්දි...
" මේවා කොහොමද වුනේ....ඌ මට කිසිම දෙයක් කියුවෙ නෑ....නෑ නෑ මම උඹට ටේහියුන්ව මරන්න උදව් කලා...මේවායින් භාගයක් මට එන්න ඕනි..."
තාත්තා අයිඩී එක ටීපෝ එක උඩට දමලා ගහලා කියුවෙ.
" රාජිත...."
ජින් සද්දෙට එහෙම කියලා නැගිට්ටෙ.මම බයටම එයාගෙ අතේ එල්ලුනා.
" හහ්....රාජිත තමුන් දැනගන්නවා ටේහියුන්ව මරන්න තමුන්ටත් උවමනා වුනා...."
" මම මෙච්චරයි කියන්නෙ...මට මේ බැංගලෝ එකේ අයිතිය භාගයක් ඕනෙ.නැත්තම් මම උඹ කරපු අපරාද ටික පොලීසියට කියනවා..."
රාජිත කෑගැහුවා.
" හහ්...මට මුකුත් කරන්න බෑ කාටවත්.කෝටිපති ව්‍යාපරික කිම්ව මරලා එයාගෙ දේපළ භුක්ති විදින්නෙ කවුද කියලා මීඩියා වල යනවාට කැමතිද...රාජිත තමුන් හෙනම මෝඩයි..ඔයාගෙ හැටි දැනගෙන ඔයාගෙ ලග හිටියෙ.තමුන් හිතුවද මගේ අප්ප මරපු මිනීමරුවා එක්ක මම එකතු වෙලා වැඩ කලේ බොක්කෙන්ම කියලා.නෑ...මේ ඔයාගේ දෝණිව ගන්න....."
ජින් එහෙම කියලා මගේ නිකටින් අල්ලලා හෙලෙව්වා
" කටවහපන් මනුස්සයෝ..."
තාත්තා කෑගැහුවා.
"රාජිත මම ඔයා ඉස්සරහා රගපෑමක් කලේ පාක් ජින් විදියට.මගෙත් එක්ක එකට හිටියට බොක්ක වෙනස් කියලා මම දන්නවා.ඔයාගෙ යටිකූට්ටු වැඩ වලින් බේරෙන්න ප්ලෑන් ගහලාම තමයි මම ඔයා එක්ක වැඩ කලේ.මාව බ්ලැක් මේල් කරන්න බෑ... ඊට වඩා ඔයාව බ්ලැක් මේල් කරන පොයින්ට් මගේ ලග ඕනි තරම් තියෙනවා.."
ජින් කියුවා.
" දුව...ඉක්මනට මේ මනුස්සයාගෙන් ඩිවෝස් වෙන්න ඕනි..."
තාත්තා කියුවාම මට ගොඩක් බය හිතුනා.බැන්දාට පස්සෙ ජීවිතෙ ගැන තීරන ගන්නෙ එයා නෙවෙයි මම.
" මොකක්ද තමුන් කියුවෙ..."
ජින් එහෙම කියලා තාත්තගෙ කොළර් එකෙන් අල්ලගෙන බිත්තියට තද කලේ...
" අනේ ජින්....රණ්ඩු වෙන්න එපා ප්ලීස්...."
මම එහෙම කියලා එයාගේ අතේ එල්ලුනාම එයා මාව සෝෆා එකට තල්ලු කරලා දැම්මා.
" රාජිත දුවව ගන්න බෑ මගෙන් මිනිහෝ එහෙම ලේසියෙන්.දුවෙක් උන්නද නැත්ද කියලා බලපු නැති තාත්තාට දරු දුක පහළ වෙලා.තමුන් ළමයා ගැන හොයලා බැලුවෙ නෑ කියලා තමුන් වටේ ඉන්න ඕනිම කෙනෙක් දන්නවා.නීතියත් මගේ පැත්තට අනිවාරෙන් ඉදීවි.ගොන් ආතල් නොදී යනවා යන්න......මේකත් මතක තියාගන්නවා තමුන් ලග ඉන්න මහ ලොකු එක මැරයෙක්වත් තමුන් කියන දේ අහන එකක් නෑ...මාව වට්ටන්න හිතන්නවත් එපා...එහෙම උනොත් ටෙහාන් ලගටම යවනවා..."
ජින් එහෙම කියලයි තාත්තව අතෑරියෙ.
" හොදයි බලාගමු..... තාත්තා එතන තිබුන වීදුරු කෝප්පෙත් පොළවෙ ගහලයි ගියේ..."
එයා ගියාට පස්සෙ ජින් ගේට් එක ලොක් කලේ තවත් මොනවාද කියලා බැනලා. එයා මගේ ලගට ඇවිත් කතා කලා.
" උඹ දැනගෙනද හිටියෙ අද තාත්තා එනවා කියලා...."
එයා ඇහුවේ මගේ කට දෙපැත්ත තදට අල්ලගෙන. මම නෑ කියන්න ඔලුව වැනුවා.
" හොදයි...."
එයා කේන්තියෙන් එහෙම කියලා මගේ මූන අතෑරියෙ මූණ පැත්තටකට හැරවෙන විදියට.එයා එහෙමම අපේ කාමරේට ගියා.මම කදුලුත් පිහදගෙන කුස්සියට ගිහින් එයාගෙ කෑම එක බෙදාගෙන ආවෙ උඩට.එයා ශර්ට් එක ගලවගෙන බැල්කනි එකට වෙලා කල්පනාව.මම කෑම එක මේසය උඩින් තියලා එයාගෙ පිටිපස්සෙන් ගිහින් ඒ නිරුවත් පිටට හේත්තු වුනා.
" කෑම කමු..."
මම ඇඩෙයි කියලා බයට හරි පරිස්සමෙන් කතා කලේ. එයා මාව අයින් කරලා දැම්මා....
" සඳලි...තමුසෙගෙ තාත්තා මෙච්චර කාලෙකට මෙහෙට ආවෙ නෑ.තමුසෙ මම කවුද කියලා දැනගෙන මහලොකු දවසක් නෑ...රාජිතයා ගෙදර ආවා.. මට කියනවාද මේකට හේතුව..."
එයා මාව කාමරේටම එක්කගෙන ඇවිත් බැල්කනියෙ ජනේලය වහන ගමන් ඇහුවෙ.
" ජි..ජින්....."
එයා ඇස් රතු කරගෙන මගේ ලගට ආවෙ....
" මේක තාත්තගෙයි දුවගෙයි ප්ලෑන් එකක්ද...ආහ්..."
එයා තරහින් කෑගැහුවා.
☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
Hi lamay🙂
අවුරුද්දකට විතර පස්සේ update දෙනකොට දැනෙන සතුට වචන වලට පෙරලමු බලන්න..🥹🫢
Bad words use කරන්නෙපා... මං පව් නේ්..🥹
සමහරූ inbox ආව, whatsapp එකෙන් බැන්න... කමල්ලෑ... අවුරුද්දක් විතර... මං මේක අල්ලලවත් නෑ... මුල ඉඳලා කියවල හිතල ලියන්න සතියක් විතර ගියා මිතුර...
Sorry ළමයි... exams, projects, viva, prsentation නිසා busy වෙලා හිටියේ... ඉක්මනින් ආය update කරන්නම්...
මතක තියන් හිටියට thank u ළමයි... 🥹❤
Vote කරන්න... comment කරන්න... ❤🥹
අලාවියෝ...❤💋💕😘
Bạn đang đọc truyện trên: AzTruyen.Top