☠️30☠️

" අපි ඉක්මනටම මොනවා හරි කරමු...ම්ම්...එන්න.."

එයා මාව එයා ලගට ඇදලා අරගෙන ටේබල් ලෑම්ප් එක ඩිම් කරලා නෙට් පහත් කලේ....

" අද හරි සීතලයි අනේ..."

මම කියුවෙ අත්දෙක එකට පිරිමැදලා.එයා මගේ එහා පැත්තෙන් හාන්සි වුනා....

" ජින්..මේ කකුල් වල සීරුන ඒවට බෙහෙත් දන්න ඕනෙ නැද්ද..."

මම ඇහුවා.

" නෑ..."

එයා කියුවෙ කෙදිරිගාලා වගේ...

" ජින්...."

මම කතා කලේ එයාගෙ පැත්තට හැරිලා එයාගෙ කම්මුලක් පිරිමදින ගමන්...

" ම්ම්...."

එයා කෙදිරිගාලා වගේ තව ටිකක් මාව තුරුල් කරගෙන ඇහුවෙ....

" හැමදාම මාත් එක්ක ඉන්නවා නේද...මොන දේවල් වුනත්..."

මම ඇහුවා....

" මොනාද සදලී මේ කියන්නෙ...හැමදාම තමුසෙ ලග තමයි ඉන්නෙ..."

එයා කියුවෙ මගෙ ඇස් වලට එබිලා...

" තුරුල් කරගන්නකො.සීතලයි..."

මම කිව්වා...එයා මාව තව තවත් තුරුල් කරගත්තා....ඒ නිරුවත් පපුවෙ මූණ ඔබාගත්තේ එතන දැනුනු ආරක්ශාවට...උණුසුමට....

" මට ඔයා ගැන බයක් දැනෙනවා..."

මම කියුවෙ ඔලුව උස්සලා එයාගෙ දිහා බලලා...

" ඇයි බය...ම්ම්..මම දාලා යයි කියලාද...."

එයා මගේ තොල් අතගාලා කියුවෙ...

" නෑ..එදා සාමි කියපු දේවල් මතකද...ටේහියුන්ව ප්‍රමාද කරන්න විතරලු අපිට පුලුවන්.එයා කොහොමත් එයාගෙ අවශ්‍යතාවය පිරිමහගෙන මිසක් යන්නෙ නෑලු...මට ඒකයි අයියා ගැන බය.අනික...අනික....ඔයා හරි හිතුවක්කාරයි..පරිස්සම් වෙන්නෙත් නෑ කියන දේ නාහෙට අහන්නෙත් නෑ..."

මම කියුවෙ එයාගෙ දිහා බලාගෙනමයි.

" සදලි....බය නොවී ඉන්න හැමදේම හරියාවි..."

එයා මගේ මූණ එයාගේ පපුවේ තුරුල් කරගන්න ගමන් කියුවෙ...

" හ්ම්..."

මම එයාට කෙටි උත්තරයක් දුන්නා...

මට අපේ අනාගතේ ගැන දැනෙන්නෙ ලොකු බයක්...තොවිල් අනම් මනම් Jin කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ...ආගමට අනුව දෙයක් කලොත් ඇරෙන්න බොරු විකාර කරලා කපුවො පොහොසත් කරවන්න වුවමනා නැහැ...ඒත් මේ ආත්මය මගහැරලා ජීවත් වෙන්න වෙන ක්‍රමයක් තියේවිද...අපිට සතුටින් ජීවත් වෙන්න බැරි වෙයිද...එදා සාමි කියුවෙ අපි මොන දේ කලත් එයාගෙ උවමනාව ඉශ්ට කරගෙන මිසක් එයා යන්නෙ නෑ කියලා...පින් දෙන්න පුලුවන් මට්ටමක නෙවෙයි එයා ඉන්නෙ....ඒ තරම් වෛරයකින් ඉන්නෙ....මට ප්‍රාර්ථනා කරන්න විතරයි තියෙන්නෙ...මට මොනවා වුනත් කමක් නෑ...මගේ මේ පණට ඔම්මට මගේ දෙමවුපියන්ට කරදරයක් වෙන්න බෑ.එච්චරයි....මම හිතාගත්තා...ආරක්ශාව ඉවරයි කියලා දැනුනාම තවත් බයයි....අද අනිවාරෙන් ඒ ආත්මය ගෙදරට ඇතුළු වේවි...

මට එයාගෙ තුරුලෙ නින්ද යාගෙන ආව විතරයි...බැල්කනි එකේ කවුරුහරි ඇවිදිනවා වගේ සද්දයක් ඇහුනේ....

" මේ එයාවත්ද..."

නොහිතුනාම නෙවෙයි මට...

" දෙවියනේ..ඔම්මා පහළ කාමරේ තනියම නේද..."

මම කල්පනා කරනකොටම....

" දුවේ....පොඩ්ඩක් එළියට එන්නකෝ..."

ඔම්මා හිමීට කතා කරන සද්දෙ ඇහුනේ මට..ජින් නිදාගෙන ඉන්න විදියට එයාව ඇහැරවන්න ලෝබ හිතුනා....ඒයාගෙ අත ටිකක් උස්සලා අතට යටින් කොට්ටය තියපු මම එයාට ඇහැරෙන්නෙ නැති වෙන්න හිමීට ඇදෙන් බැහැලා ආවෙ...
හිමීට දොර ලගට ගියපු මම දොර ඇරියා...ඒත් කෝ ඔම්මා....

" ඔම්මා....."

මම දොරෙන් ඔලුව දාලා කතා කලා...ටිකකින් මම දොරෙන් මෑත් වෙලා පඩි බැහැලා බැලුවෙ ම්හූ කවුරුත් නෑ....ආපහු කාමරේට යන්න හදපු මම එක තැන ගල් ගැහුනෙ දෙයක් මතක් වෙලා.

" ඔම්මා..කොහොමද පඩි නැග්ගේ...එයාට තනියම ඇවිදින්න ගොඩාක් අමාරුනෙ..."

මම කල්පනා කලා...දැනටමත් හීන් දාඩිය දාලා මට...
ඕනි දෙයක් වුනාවෙ කියලා බයෙන් බයේ හිමීට පඩි පෙළ බැහැලා පහළට ආවෙ... ඔම්මා හිටපු කාමරේ දොර හිමීට ඇරලා බැලුවා...මට සැනසුම් සුසුමක් හෙලුනෙ ඉඹේටමයි...ඔම්මා කාමරේ හොදටම නිදි.එතකොට කවුද....
මම කල්පනා කරනකොටම මගේ පිටිපස්සෙන් සීතල හුළගක් වැදුනේ...
මම හිමි හිමින් අගුල අතහැරලා පිටිපස්සට හැරිලා බැලුවා...

" දෙවියනේ....."

මම කෑගැස්සවෙයි කියලා බයට අත්දෙකෙන් කට තද කරලා වහගත්තෙ ඇස් වලින් පිට පිට කදුලු වැටෙද්දි...හැඩිදැඩි ශරීරයක් තියෙන ලොකු හෙවනැල්ලක් සෝෆා එක ලග...මම බයෙන් බයේ පස්සට ගිහින් හේත්තු වුනේ අම්මාගෙ කාමරේ දොරට...ඒ හෙවනැල්ල මගේ ලගට ආවෙ හරියට මනුස්සයෙක් බරට අඩි තියලා එනවා වගේ...මම ඇස් වල කදුලුත් පුරවගෙනම අපහසුවෙන් වචන ගැලපුවා...

" අ....අනෙ..අපට..ඉ..ඉන්න දෙන්න..."

මම අත්දෙක එකතු කරලා වැදලා කියුවේ...මම දොර දිගේ රූටලා ඇවිත් බිම ඉන්දගත්තේ ඇස් කදුලින් බොද වෙද්දි...
ඒ ජායාව මගේ කන ලගට පහත් වෙලා යමක් මිමිණුවා...නමුත් මට ඒ මොකක්ද කියුවෙ කියන තේරුනේ නැතත් මට දැනුනෙ මගේ ශරීරයේ පාලනය මගේ මනසින් ගිලිහෙනවා වගේ...මම විදුලි වේගයෙන් නැගිට්ටා...කරන්න ඕනෙ මොනවාද නැද්ද කියන එක මට තේරුනේ නෑ.හැගීම් විරහිත උදාසීන මනසින් මම ගියේ කුස්සියට...නමුත් මට එතනට යන්න වුවමනා උනේ නෑ..ඒත් මාව ඉබේටම ඒ දෙසට යැව්නා...

සදලි කම්පනයෙන් මෙන් ඇවිදන් ගියේ මුලුතැන් ගෙට...එහිවූ රාක්කයකින් තමා එළවලු කැපීමට භාවිතා කරන පිහිය ගෙන එය තම පිටුපස සගවාගත් සදලී හෙමින් හෙමින් පය තිබ්බේ පඩි පෙලට...පඩි පෙළ නැගගෙන තම නිදන කාමරයට පිවිසි ඇය කිට්ටු කලේ ජින්ට....සැනෙන් ඇගේ අත වැදී මේසය උඩ තිබුණ කුඩා වීදුරු මල් පෝච්චියක් හඩක් නගමින් බිම වැටී ගියේ ජින්ව අවදි කරමින්...

ජීන් දෑස් පොඩි කරගනිමින් එහා පැත්ත බැලුවෙ...

" සදලි....මොනාද ඕයි නිදගන්නෙ නැතුව කරන්නෙ..."

ජින් කතා කලා...

" තමුසෙට මොනාද වෙලා තියෙන්නෙ...සදලි තමුසෙට මං කියන දේ ඇහෙනවාද.."

ජින් ඇදේ වාඩි වුනේ සදලි ගෙ දෑස් දිහා බලාගෙන....
ක්ශණිකව ස්දලි ඇය සගවාගත් පිහිය ඔසවා ජින්ට අනින්න සැරසෙත්ම ජින් ඇදෙන් බිමට පැන පිහිපාර තම පපුවට වැදීම නවතාගත්තත් එයින් වුනේ ඔහුගේ අත කැපී තුවාල වුන එක.

" ස්ස්...සදලි...."

ජින් අතත් අල්ලගෙන නැගිටලා තරමක කේන්තියෙන් කතා කලේ...
එක්වරම ඔහුගේ අතේ ගලන රුධිරය දැක සදලි පියවි සිහියට ආවා...

මම බැලුවේ මගේ අතේ තියෙන පිහිය දිහා.ඒකේ ලේ...දෙවියනේ...එතකොට මම....අනේ....මට දැනුනෙ පුදුම වේදනාවක්...මගේ අතින් එයාට තුවාල වුනා නේද...මම කදුලු පිරුනු ඇස් වලින් බලාගෙන හිටියෙ ලේ තැවරුනු පිහිය දිහා.

" මැණික ඉට්ස් ඕකේ..."

එයා එයාගෙ අතේ තුවාලෙ ගැනවත් වගක් නොකර මගේ අතොන් පිහිය අරගෙන මේසය උඩට විසික් කරලා මාව ඇදලා ගත්තේ ඒ පපුවට...

" අයියේ....සමාවෙන්න...ම...මම.කොහොමද ඔයාට...."

මම කියනකොටම....

" ඒ ඔයා නෙවෙයි සදලි...මම දන්නවා මගේ කෙල්ල මට එහෙම කරන්නෙ නෑ කියලා....එයා හදන්නෙ ඔයාව පාවිච්චි කරන්න....උඹට රිද්දන කොට උඹව පාවිච්චි කරනකොට මට රිදෙන බව ඌ දන්නවා..."

ජින් කියුවෙ කැලබුනු කටහඩින්...

" සමාවෙන්න ...."

මම අඩ අඩම එයාගෙන් මෑත් වෙලා එයාගෙ කැපුණු අත මගේ පපුවට තියාගත්තෙ.

" ශ්....රිලැක්ස් සදලී..අඩන්න එපා."

එයා කියුවෙ මගේ කම්මුල අතගාලා.මම එයාව ඇදෙන් වාඩිකරවලා ලයිට් එක දාලා ගිහින් ෆස්ට් ඒඩ් බොක්ස් එකෙන් අවශ්‍ය බෙහෙත් ටිජ එළියට ගත්තෙ.
එයාගෙ ලගින් දණගහලා ඒ අතට බෙහත් දාන්න ගත්තා....එයාට කේන්ති ඇති ගොඩක්...ජින්ගෙ හැටි මම හොදට දන්නවා....එයා කේන්තිය පාලනය කරගෙන ඉන්නවා ඇත්තෙ අමාරුවෙන්....ජීවිතුන් අතර ඉන්න කිසි කෙනෙක් එයාට මේ වගේ දේවල් මීට කලින් නොකරලා ඇති....

" මට කේන්ති ගිහින් නෑ සදලි...."

එයා මගේ හිත කියෙව්වා වගේ කියුවෙ...

" ඔන්න දැන් හරි..."

මම බැන්ඩේජ් එක මැණික් කටුවට තියලා ගැටගහලා කියුවෙ...

" අපි කවදාද මේවගෙන් ගැලවෙන්නෙ..."

මම ඇහුවෙ ඇස් වල කදුකුත් පුරවගෙන...

" කෝ නැගිටින්න..."

එයා පහත් වෙලා මාව නැගිට්ටවලා ගත්තෙ එයාගෙ ඔඩොක්කුවට...

" ඔයාට මේ විදියෙ දෙයක් කරලා ජීවතුන් අතර ඉන්න එකම කෙනා මම වෙන්න ඇති...."

මම කියුවෙ එයාගෙ උරහිසට හේත්තු වෙලා...

" මැණික...තමුසෙව මට වටින තරම මමනෙ දන්නෙ....මේ පොඩි දෙයක් නිසා මම තමුසෙව මරාවි කියලා හිතුවද...කොහොමද මම ගැන එහෙම හිතුවෙවත්....ආහ්...මැණික...ටේහියුන්ට ඕනි කරන්නෙ අපි විදවනවා බලන්න...මානසිකව පවා අපිව ඇදලා දාන්නයි එයාට ඕන.අඩන්න එපා...කෝ...."

එයා කියුවේ අනික් අතින් මගේ කදුලු පිහදලා.

" ආදරෙයි හොදද...."

මම කියුවෙ දෝතින්ම ඒ මූණ අල්ලගෙන නළලට හාදුවක් දීලා...

" දන්නවා...දැන් නිදාගන්න...."

එයා කියුවේ ආදරෙන්...මගෙ හිතට දැනෙන දුක මෙච්චරක් කියලා කියන්න බෑ...එයාගෙ අතේ මැණික් කටුව ලගින් ගොඩක් කැපුනා.එයා මම නිසා කේන්ති නොගන්න ඇති....ටේහියුන් මාව ඉස්සරහටත් අයියව මරන්න පාවිච්චි කරයිද....මගේ අතින් මැරුවොත් එයාගෙ ඇගට නෙවෙයි හදවතට දරාගන්න බැරි වේවි...මම කල්පනා කලේ එයාගෙ එහා පැත්තෙන් හාන්සි වෙලා.එයා මුනින් අතට දිග ඇදිලා කල්පනා කරනවා.මම එයාගෙ මූණ දිහාම බලාගෙනම එයාගෙ තුරුලට ගිහින් ඒ පපුවට ඔලුවට තියාගත්තා.එයා අනෙක් අතින් මගේ හිසකෙස් අතරේ සනීපෙට ඇගිලි තුඩු ගෙනියද්දි මගේ දෑස් පියවෙලා ගියේ...

ජින්ටත් නින්ද ගියේ ගොඩ වෙලාවකට පස්සෙ....කාමරයට ඇතුලු වූ අදිසි කෙනෙකු ජින්දිහා බලාගෙන හිටියේ වියරු වූ දෑස් වලින්... ජින් දාඩිය දාන්න පටන් ගත්තෙත් ඔහු නින්දෙන් දගලන්න ගත්තෙත් ඒ තැනැත්තා ඔහුගේ මනසට යමක් පැවසූ නිසා....

" උඹ.....උඹ මැරෙන්නෙ එකපාරට නෙවෙයි....උඹ ටික ටික විදවලා මැරෙන්න ඕනෙ.උඹේ වටේ ඉන්න උන් දුක් විදිනවා උඹේ ඇස් වලින්ම බලන්න ඕනෙ...උඹව වට්ටන්න පුලුවන් එකම ක්‍රමය උඹේ හදවතේ දුර්වල තැන.උඹේ පවුල...උඹව වට්ටන්න පුලුවන් කායිකව නෙවෙයි....මානසිකව...බලන් ඉන්නවා...මම පළිගන්නවා...උඹට හැමදේම නැතිකරනවා..."

ඒ කෙනා ජින්ට එහෙම කියලා සැනෙන් අතුරුදහන් වුනේ...ජින් කලබලෙන් දෑස් විවර කර නැගිට්ටෙ පපුවත් අල්ලගෙන.

" හහ්...උඹ දුර්වලයෙක් ටේහියුන්...පිරිමියෙක්නම් කෙලින්ම මාව මරපන්.උඹට මගේ වටේ ඉන්න උන් අදාල නෑ...පො"*@&#@;"

ජින් කේන්තියෙන් පපුවත් අල්ලගෙන කල්පනා කලේ.ඔහු බැලුවෙ නිදාගෙන ඉන්න සදලි දිහා.

" මැණික....මගේ ලගම ඉන්න හැමදාම...මාව දාලා යන්න එපා...මම පුලුවන් තරම් තමුසෙව ඔම්මව මගේ ජීවිතේ පස්සට දාලා බලාගන්නවා..."

ජින් කියුවෙ සදලිගේ මූනට බර වෙලා.ඇයට ඇහැරෙන්නෙ නැති විදියට සදලි ගෙ තොල් වලට සිහින් හාදුවක් තවරපු ජින් සදලිව තුරුල් කරගෙනම නින්දට වැටුනා...ජින් කායික වේදනාවන්ට බිය වූ අයෙකු නොවේ...නමුත් ඔහු මානසිකව දුක් විදින්න බය වුනා.සදලිව නැතුව ජීවිතේ ගෙවන්න වෙයිදෝ යන හැගීම බිය යන වචනෙ තේරුමවත් නොදන්න ඔහුව බියේ උපරිමයට ගෙනාවා.

.
.
.
.
.
.
.
.

"සදලි නැගිටිනවා...."

ජින් සදලිගෙ කකුලට තට්ටුවක් දාලා කියුවෙ කිරි එක බෙඩ් ටේබල් එකෙන් තියලා.

" ම්ම්හ්....."

සදලි හිරියවලා බෙඩ්ශීට් එකත් පොඩි කරගෙන ඇදේ එහෙට මෙහෙට ඇබරුනේ.

" තමුසෙ මාව අවුස්සන්න ඔය හදන්නෙ..."

එයා කියනවා මට ලාවට ඇහුනා...
මම ඇදේ වාඩි වෙලා ඇස් පොඩි කර කර ඉදල එයාගෙ දිහා බැලුවෙ...

" කිටියට කිරි එක දුන්නද.."

මම ඇහුවා.

" ඔව් ඔව් දුන්නා..නැගිටලා එනවා.."

එයා කියුවා.

" ඔයාද තේ හැදුවෙ...."

මම ඇහුවා.

" හ්ම්ම්.....කෙල්ලට ඊයෙ රෑ නින්ද නැති නිසා මම තමුසෙයි ඔම්මයි නැගිටින්න කලින් කෑම හැදුවා...රසයිද දන්නෙ නෑ.."

එයා කියුවා.

" මාව නැගිට්ටවන්න තිබ්බනෙ ඔයාට..."

මම කට උල් කරගෙන එයා දිහා බැලුවෙ.
එයා අත් බැදගෙන බිත්තියට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා....හරිම හොට්...

" එන්නකෝ....චුට්ටක් හුරතල් කරන්නකො...."

මම එයාට අත්දෙක දික් කරලා කියුවෙ...

" තමුසෙ.....නරක් වෙලා..."

එයා කියුවෙ තොලත් හපන් මගේ ලගට ඇවිත්.එයා ඇදෙන් වාඩි වුනාම මම එයාගෙ ඔඩොක්කුවට පැන ගත්තා...

" අතේ තුවාලෙ ගැනවත් හිතන්නෙ නැතුව කෑම හැදුවද..අනික් දවසෙ එහෙම කරන්න එපා..මම ඉන්නවානෙ..."

මම කියුවෙ හිතම පිරෙන ආදරේකිනේ මූණ දෝතට අරගෙන....

" ඕක මොකක්ද අනේ..."

එයා කියුවෙ මගේ බෙල්ලට හාදුවක් දීලා...

" කොහොමද කෑම හැදුවෙ..."

මම ඇහුවා.

" යූ ටියුබ් එකෙන් බලාගෙන..."

එයා කියුවා.

" ඔයාගෙ ලගින් හෙලවෙන්න හිතෙන්නෙ නෑ දැන්නම්..."

මම කියුවෙ ඒ බෙල්ල තද කරලා බදාගෙන.

" මම තමුසෙට කියුවනෙ Job ඕනි නෑ මම ඉන්නවා කියලා...දැන් ඉතින් වගකීමක් භාරගත්තනම් කරන්න තමයි තියෙන්නෙ..."

එයා හිනාවෙවී කියුවෙ...

" ඊලගපාර මගේ අතින් ඔයාට අනතුරක් වෙන්න ගියොත් දෙපාරක් හිතන්න එපා.එක්කො ගහන්න නැත්තම්....."

මම කියනකොටම එයා මගෙ තොල් වලට ඇගිල්ල තිබ්බෙ.

" මොනාද තමුසෙ මේ කියන්නෙ..."

එයා ඇහුවෙ ඇස් හීන් කරලා.

" ඔයාට මගේ අතින් මොනවාහරි වෙලා තිබ්බොත් ඒ වේදනාව දරාගන්න බැරුව පිස්සු හැදේවි මට..."

මම කියුවා.

" පිස්සි.....බය වෙන්න එපා මුකුත් වෙන්නෙ නෑ..."

එයා කියුවෙ මගේ ඔලුව පපුවට තුරුල් කරගෙන.

" හරිම රස්නෙයි මෙතන..."

මම කියුවෙ ඒ පපුවට හාදුවක් තවරලා.

" යමු මැණික...මම එකයි හතලිස්පහට එන්නම්.ගාල්ලෙ යන්න ඔම්මව එක්ක ගෙනම.එහෙමම යමු ඕකෙ...."

එයා කියුවා.
මම ඒ තොල් වලට බර වුනා...ලාවට එයාගෙ තොල් සිපගෙන නැගිට්ටෙ.

" වොශ් එකක් දාගෙන එන්න බබා කෑම කවන්න...."

එයා එහෙම කියුවෙ ෆෝන් එක අතට අරගෙන...මම තේක බීලා ටවල් එකතරගෙන බාත්රූම් එකට ගියා.
..

මේ අතරේ ජින්ට කෝල් එකක් ආවෙ....

"කියහන් කුකා...."

ජින් ඇහුවෙ කකුලක් උඩට අරගෙන ඒ මත වැලමිට තබාගෙන.

" සර්...අරයකා අම්පාරෙනෙ හිටියෙ
...ආපහු එහෙන් වෙන කොහෙටහරි පැනලා.ඌ ටේහියුන්න්ගෙ දුරින් නෑ කෙනෙක් වෙනවා.ඌ අද අපේ කම්පැනියෙ නම්බරේ හොයන් ඒකට කතා කලේ.රිසිප්ශන් එකේ හිටපු නතාලියා මට ෆෝන් එක ගෙනත් දුන්නා..ලොකු සර්ට කවුද කෙනෙක් කතා කරන්න ඕනි කියලා කියනවා කියලා.අන්තිමට මම ගත්තා...කතා කලේ ඌ.ඌ කියනවා උඹලට ටේහියුන්ගෙ වත්කම ගන්න බෑලු...ඔප්පු අවසන් කැමැත්ත තියෙන්නෙ එයා ලගලු...නටන්නෙ නැතුව අපිට වැඩක් බලාගෙන ඉන්නලු..මම කියුවා හා හරි මම බොස්ට කියන්නම් කියලා.."

එහෙම කියලා ජන්කුක් සද්දෙට හිනා වුනා...ජිනුත් හිනාවුනේ වියරුවෙන් වගේ..

" හම්මේ බන් මිනිහා මාර ආතල්නෙ දෙන්නෙ...ඌ දන්නෙ නෑනෙ බන් අපි ඔප්පු හොයාගත්තා කියලා."

ජින්ට හොදටම හිනා.

" බොස් අපි මොකද කරන්නෙ..."

ජන්කුක් ඇහුවා...

" මේ මේ කලබල වෙන්න එපා...මම අද ගාල්ලෙ යනව...ඌට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙමු...පව් නෙ...ඌ දිහා බලාගෙන අපිට හොද ආතල් එකක් ගන්න පුලුවන්.." ජින් කියුවා...

" ඕකේ බොස්..."

ජන්කුක් එහෙම කියලයි ෆෝන් එක කට් කලේ...

ජින් පෝන් එක ඇද උඩට විසික් කරලා බිම බලාගෙන කෝපය මුසු වූ මදහසක් පෑවා. .

" අම්මෝ...හොට් වෝටර් වලින් වොශ් දැම්මාට හෛ සීතලයි අනේ..."

මම එහෙම කියාගෙන ටවල් එකත් ඇදගෙන බාත්‍රූම් එකෙන් එළියට එද්දි එයා ඇස් රතු කරගෙන බිම බලාගෙන ඉන්නවා...

මට බයටම කෙල ගිලුනා...එයා කේන්තියෙන් ඉන්න වෙලාවට එයාගෙ පළාතකටවත් යන්න මම කැමති නෑ...

" මොකෝ තමුසෙ ලිස්සලා යන්නෙ...ම්ම්..."

එයා එහෙම කියලා මගේ ලගට ආවෙ ඇස් හීන් කරගෙන...මම ගිහින් බිත්තියට හේත්තු වුනේ පපුවෙ ගැස්ම වැඩි වෙද්දි...මගෙන් වැරැද්දක් උනාද...ඇයි මෙයා කේන්ති අරගෙන.එයා මගේ එහා පැත්තෙන් බිත්තියට අතක් තියාගත්තා...මම ඔලුව උස්සලා ඒ මූණ දිහා බැලුවෙ...

" තමුසෙ ඔහොම හරි ලස්සනයි..."

එයා කියුවෙ දගකාර විදියට හිනාවෙලා.එයා මට වඩා ගොඩක් උසයි.එයා පාත් වෙලා මගේ හිස් මුදුන සිපගත්තේ මට සැනසුම් සුසුමක් හෙලෙද්දි.......

.
.
.
.
.
.

.

මම ලෑස්ති වෙලා පහළට එද්දි ඔම්ම බත් බෙදාගෙන බලාගෙන ඉන්නවා.අද ඔම්ම ගාල්ල යනවානෙ...පාලුවක් දැනේවි ඉතින්...මමයි එයයි ඔම්මට කියලා බත් කවාගත්තා...කෑමනම් රසට හදලා තිබුනා එයා...මම එයා එක්කම වාහනේට නැගලා ස්කූල් එකට ආවා...
මම වාහනෙන් බහින්න කලින්....

" මෙ....ඇරුනාම මම ඇවිත් වාහනේට නගිනකන් වාහනෙන් එළියට බහිනවා නෙවෙයි."

මම එයාට තරවටු කරලා කියුවෙ...එයා මගේ දිහා බැලුවෙ කේන්ති ගිහින් වගේ...

" ඇයි මේ...විහිලුවක් කලේ..."

මම එයාගේ කම්මුල් දෝතට අරගෙන කියුවා...ඒ පාරනම් එයා හිනාවුනේ මගේ අත්දෙක අල්ලගෙන...

" තමුසෙ බය වුනාද...ම්ම්...දන්නවා විහිලුවක් කියලා.ඒත් එළියට බහින්නෙ නෑ...ම්ම්...ගිහින් එන්න බබා...මම එනවා දවල්ට තමුසෙව ගන්න...එහෙමම ගාල්ලෙ යමු.."

එයා කිව්වා...මම එයාගෙ නළලට කිස් එකක් දීලයි බැස්සෙ...

මම එනකං අපේ පන්තියේ යක්ශ පැටව් ටික බලාගෙන ඉන්නවා ඇති මග...මතක් වෙනකොටත් අර කොල්ලො සෙට් එක දෙන්න හිතයි මට...අද පුලුවන්නම් හෙට නිවාඩුවක් ඉල්ලගන්නවා....අද රෑට එන්න පරක්කු වුනත් අවුලක් නෑනෙ...යන ගමන් අයියට කියනවා පන්සලකට ගිහින් යමු කියලා...ඔම්මව යැව්වට මොකද බයයි..ඒත් අපේ ගෙදරට වඩා ගාල්ලෙ ගෙදර ආරක්ශාවයි...

කොහොමහරි මම අපේ ක්ලාස් එකට ගිහින් පරන පුරුදු විදියටම වැඩ කරන්න පටන් ගත්තා...මදි නොකියන්න තියෙන කේන්තියටත් එක්ක වැඩිපුර ගණං හැදෙව්වා ඇට්ටර ළමයි ටිකට...නිවාඩුවත් ඉල්ලගන්න පුලුවන් වුනා...ඒ නිසා හෙටට එක්ක වැඩිපුර හෝම් වර්ක් දුන්නේ සදුදා එද්දි අනිවාරෙන් කරගෙන එන්න ඕනි කියලා තරවටු කරන ගමන්...ඒත් හෙට මම එන්නෙ නෑ කියලා කියුවෙ නෑ...එහෙම වුනොත් අදම ප්ලෑන් කරාවි හෙට තියෙන හිස් පීරියඩ් එකේ මොනවාද කරන්නෙ කියලත්.....

......................

ඉස්කූල් එක ඇරිලා අනෙක් මිස්ලා එක්ක චැට් එකක් දාගෙනම මම ගේට් එක ලගට ආවෙ...ටිකක් එහාට වෙන්න එයා වාහනේ නවත්තගෙන ඉන්නවා...මම ගිහින් වාහනේ පිටිපස්සට නැග්ගේ ඔම්ම එක්ක කතා කර කර යන්න පුලුවන් නිසා...

" මාව ඩ්‍රයිවර් කලා නේහ්..."

එයා හිනාවෙවී වාහනේ ඉස්සරහට ගත්තෙ ඒක කියාගෙන...

" ඔන්න දූගේ පූස් බබාට කෑම දීලා ආවෙ...මේ එක්කෙනෙක් පයින් ගහන්න හැදුවෙ නෑ එයාට...."

ඔම්ම කියුවෙ ආයාසයෙන් හිනාව නවත්තගෙන...

" පුදුමයක් නෑ ඔම්ම...මෙයාට ඒ සතාව පේන්න බෑ..."

මම ඔරවලා කියුවෙ...එයා වාහනේ ඉස්සරහා තියෙන කණ්නාඩිය අපේ පැත්තට ඈන්ගල් කරලා හොරාට මගේ දිහා බලනවා...ලැජ්ජාවෙ බෑ ඉතින්...මම තොලත් හපාගෙන අහක බලාගත්තා...
ස්කූල් ටයිම් නිසා පුදුම ට්‍රැෆික් එකක්...ටව්න් එකෙන් එළියට දාගන්නත් විනාඩි හතලිස්පහක් විතර ගියා...
එයා හිමීට ලස්සන ඉන්ග්ලිශ් සෝන්ග් එකක් ප්ලේ වෙන්න දැම්මෙ....

"ජින්...." මම කතා කලා...

" ම්ම්...."

" යන ගමන් පන්සලක් හම්බුනොත් නවත්තන්න..."

මම කියුවාම අයියා හා කියන්න ඔලුව වැනුවා...දන්නවා...මේ මොහොතෙ පවා ටේහියන් අපි එක්ක ඉන්නවා කියලා...ඒ අමුත්ත ගුප්ත බව මට දැනුනා...

සදලිට පමණක් නොව ජින්ට පවා ටේහියුන් තමන් අසලම සිටින බවක් හැගුනේ වරින් වර වාහනය පිටුපසට ඇදෙනවාත් වාහනය මත අදික බරක් පැටවෙනවාත් වැනි දෙයක් දැනෙද්දි...

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කලා කියලා හැමදාටම මේව නවත්තන්න බෑ....ඇරත් පිං ලබාගන්න පුලුවන් තත්වෙක ඒ ආත්මය නෑ.....ප්‍රමාද කරනවා කියලා කවදා වෙනකන් මෙහෙම ප්‍රමාද කරන්නද....ඉඩ තියෙන වෙලාවක පන්සල් ගිහිල්ලා පිනක් දහමක් කලා කියමු...ඒකෙන් එයාට පිං ලැබෙන්නෙ නෑ...මොකද එයාගෙ වෛරයත් එක්ක බැලුවම පිං ලබාගන්න පුලුවන් තත්වෙක එයා නෑ.එයාගෙ කර්මවිපාක ඉවර වුන දවසට එයා කර්මානුරූපව වෙනත් තැනක ඉපදේවි...ඇරත් අපි එයාගෙන් ගැලවෙන්න දේවල් කරන්න කරන්න එයා තව වෛර බදින එක කරන්නෙ...එතකොට මේ කරදරවල කවදාවත් ඉවරයක් වීමක්නම් නෑ...මටයි ජින්ටයි තියෙන්නෙ එකිනෙකාව පරිස්සම් කරගන්න එක විතරයි දැන් එහෙම බැලුවාම...මම ලොකූ කල්පනාවක ගිලිලා හිටියම එයා වාහනේ නැවැත්තුවෙ පන්සලක් අයිනෙන්...

එයා බැහැලා ඔම්මව රෝද පුටුවට වාරු කරගත්තෙ...මගේ අතට එයාගෙ පර්ස් එක දීලා කියුවෙ අවශ්‍ය දේවල් අරගෙන වැඩිය රැදෙන්නෙ නැතුව ඉක්මනට එන්න කියලා...මම ලග කඩේකින් නෙලුම් මල් මිටක් අරගෙන හදුන්කූරු පොල් තෙල් ඔක්කොම අරගෙන ඔම්මයි ජිනුයි එක්කම පන්සලට ආවෙ...

හරිම සැනසිලිදායක වැඩිය සෙනග නැති නිස්කලංක පරිසරයක තිබුණු පන්සලක්.අපි පහන් පත්තු කරලා හදුන්කූරු පත්තු කරලා ඉවරවෙලා මල් පූජා කලා...එතනම තිබුන වාඩි වෙන්නම හදපු සිමෙන්ති බංකුවක වාඩි වුනේ ඔම්මව රෝද පුටුවෙ එතනම තියාගෙන....ඔම්ම සද්දෙට ගාථා කියද්දි අපි දෙන්නා වැදගෙන හිටියා.ගාථා කියලා ඉවර වෙලා මම ඔම්මගෙ අතට පැන් කලය දුන්නෙ...ජින් රෝද පුටුවෙ ඔම්මව බෝධීන් වහන්සේ වටේ ඇවිද්දවද්දි මමත් පැන් කලය අරගෙන ජින්ගෙ ඇගට ගෑවෙන්න වගේ ඇවිදගෙන ගියේ හිතින් ගාථ කියන ගමන්....

ජින් බැලුවෙ සදලි දිහා...සාරියත් ඇදගෙන බිම බලාගෙන සන්සුන් ගමනින් ඇය පැන් කලය අරගෙන තමා අසලටම වෙලා ගමන් කරනවා....
ඒ දර්ශනය ජින්ට දැනුනේ තමාගෙ හිත නිවනවා වගේ....ඇය දගකාර අදහස් තියෙන කෙනෙකු වුවත් අධ්‍යාත්මිකත්වෙටත් බර බව ඔහුට වැටහුනා....

" මේ ලෝකෙ ඉන්න හැම අවංක කොල්ලෙක්ටම තමුසෙ වගේ ගති තියෙන කෙල්ලො හම්බෙන්න ඕනි... තමුසෙ මගෙ ඉස්සරහා දග චුට්ටක් වල් කෙල්ලෙක්.මට කිසිම අඩු පාඩුවක් නොකරන වයිෆ් කෙනෙක්...මගේ ඔම්මට සලකන එයාගෙම දුවෙක්...මට ආදරේ නොකරන දවස්වලත් මාව දාලා වෙන කොහෙවත් ගියෙ නෑනෙ....ආගම දහම ගැනත් හිතනවා....හස්බන් කෙනෙක් විදියට මට මොනවාද ඉතින් අඩු...හැමදේම අඩුවක් නැතුව දෙද්දි..."

ජින් සදලියි ඔම්මයි එක්කම ගමන් කරන ගමන් සදලි දිහා බලාගෙන කල්පනා කලේ.

ඔම්ම බෝධීන් වහන්සේව පැන් වලින් නෑවුවේ...මමත් ජින්ගේ අතගස්සවලා බෝධීන් වහන්සේට පැන් වක් කලා.
මම බැලුවෙ එයාගෙ දිහා.

" මොනවාද බලන්නෙ..."

මම ඇහුවා...

" තමුසෙ දිහා බලාගෙන භාවනා කලා..."

එයා කියුවෙ හිනාවෙලා...මම එයාට දත් තිස් දෙකම පෙන්නලා හිනාවුනා..බෝධීන් වහන්සේට වැදලා ඔම්මාගෙ අතින් පඩුරු දම්මවලා ඉවරවෙලා අපි තුන් දෙනාම ගිහින් වාහනයට නැග්ගෙ...

" ඔම්මා...ගෙදර ගිහින් පරිස්සමට ඉන්න හොදද...මායි ජිනුයි පුලුවන් වෙලාවක ඇවිත් බලලා යන්නම්...වැඩ කරන්න එපා දයා නැන්දා ඉන්නවානෙ...මහන්සි වෙන්න එපා හරිද..."

මම කියුවෙ ඔම්මගේ උරහිසට ඔලුව බර කරගෙන...
ඔම්ම හිනාවෙලා එයාගෙ අතින් මගේ උරහිසට තට්ටු කලේ...

" මට ඉක්මනට සුභ ආරංචියක් අරගෙන එන්න ඕනෙ හොදේ දෙන්නම..."

ඔම්මා කියුවම එයා ඉස්සරහා කණ්නාඩියෙන් මගෙ දිහා බැලුවෙ...ලැජ්ජාවට මාව රතු වෙලා ගියා...

" හරි ඔම්ම "

මම ඇස් දෙක පියාගෙන කියුවෙ...
එයා එන්කො ගහගෙන බිස්නස් කෝල් එකක ඉදිද්දි මම ඔම්මා එක්ක චැට් එකක් දාගෙන ගියා...අපි ගාල්ලෙ ගෙදරට ආවා...

" අනේ ලොකු නෝන..."

දයා නැන්දා ඉස්සරහට දුවගෙන ආවෙ කට පුරා හිනා වෙලා...
අපි ඔම්ම එක්කම ගේ ඇතුළට ආවා....දයා නැන්දා අපිට කෑම හදලා තිබුනා...වෙනදා වගේම තමයි අපි ආපහු එන නිසා ඔම්ම තමයි අපිට කැව්වෙ....

" ඔම්ම වෙලාවට කෑම කාලා බෙහෙත් ටික බොන්න හොදද...."

මම කියුවේ ඔම්ම ගෙ ලගින් දණගහලා...

ඔම්මා මගේ ඔලුව දෝතින්ම අල්ලලා නළලට හාදුවක් දුන්නා...

" දුවව බලාගන්න හොදද...."

ඔම්මා ජින් දිහා බලාගෙන ජින්ගෙ අත අල්ලගෙන කියුවෙ...

" ආහ් හා දැන් ඔම්මට මට වඩා මෙයා ලොකුයිද..."

ජින් තරවටු කරන්න වගේ ඇහුවේ.

" පේනවා නේද ඔම්මා ඉරිසියාව..."

මම එහෙම කියාගෙන නැගිටලා ජින්ගෙ පපුවට තුරුල් වුනා...

" ඔය විදියටම හැමදාම සතුටින් ඉන්න හිනාවෙලා තේරුනාද...ඔයාල දෙන්නගෙ හිනාව තමයි මගේ එකම සතුට..."

ඔම්මා කියුවෙ කණ්නාඩිය ගලවලා කදුලක් පිහදගන්න ගමන්...
ඔම්මා එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු අපි දෙන්නා උඩ තට්ටුවෙ කාමරේට ආවෙ මූණ පොඩ්ඩක් හෝදගන්න...මම මූණ හෝදගෙන ඇවිත් අයියගෙ ටවල් එකෙන් පිහදගත්තා...ටිකකින් එයාත් මූණ හෝදගෙන ආවෙ...මම බැල්කනි එකට යන්න හැදුවෙ...ඒත් එයා ඇදලා අරගෙන මාව පෙරළගත්තෙ ඇදේ...

"ජින්....මො...මොකද ..."

මම ඇදේ පෙරලිලාම ඔලුව උස් කරලා එයා දිහා බැලුව.එයා ශර්ට් එකේ බොත්තම් එකින් එක ගැලෙව්වේ මගේ දිහා තොලත් හපන් බලාගෙන.

" අනේ ජින්.."

මම එයාගෙ හිසකෙස් පුරා දෑස් ගෙනියනගමන් එහෙම කියුවෙ...එයා ඔලුව උස් කරලා මාව ඇදලා අරගෙන තුරුල් කරගත්තෙ ඒ නිරුවත් පපුවට...

" ජින්....."

" ම්ම්ම්....."

" මට හරි බයයි අපේ අනාගතේ ගැන...අපේ ජීවිත කතාව ලස්සන වේවිද...."

මම ඇහුවෙ ඒ තුරුලෙන් මෑත් වෙලා බිම බලාගෙන...
එයා ලොකු හුස්මක් හෙලුවා විතරයි...

" අපේ කතාව හොද අවසානයකින් ඉවර වේවිද...නැත්තම් ඒ අවසානය දු...."

මම කියනකොටම එයා මගේ තොල් වලට ඇගිල්ලක් තිබ්බේ...

" අපේ දෛවය කොහේ හරි ලියවෙලා ඇති...."

එයා කියුවෙ මගේ තොල් වලින් අත අයින් කරගෙන....

" දෛවය ලස්සනට ලියවිලා ඇතිද..."

මම ඇහුවෙ ඇස් වල කදුලුත් පුරවගෙන...එයා ලොකු හුස්මක් දාලා මගේ දිහා බැලුවා...

" අපේ දෛවය....අපේ ජීවිත කතාව ලියන කෙනා තමයි අපේ කතාවට අවසානයකුත් දෙන්නෙ....."

එයා කියුවා.

" එයා අපිට සාධාරණයක් කරාවිද....අපේ ජීවිත කතාවට හැපි එන්ඩින් එකක් දේවිද...."

මම ඇහුවා.

" දන්නෑ ...අපේ කතාව ලියන කෙනා අපිට හැපි එන්ඩ් එකක් දේවි....අපි එහෙම හිතමු ම්ම්....."

එයා කියුවෙ මගේ මූණ දෝතට අරගෙන.

" එයා බෑඩ් එන්ඩින් එකක් තියාවිද...."

මම ආපහු ඇහුවා.

" අපේ කතාවෙ පටන් ගැන්ම දුක්බරයි....ඉතින් එයා හැපි එන්ඩින් එකක් දෙන්න බලාවි.ඒත් අපේ ජීවිතේ අපි තෝරගන්න දේවල් අනුව කතාව බෑඩ් එන්ඩින් එකක් වෙන්න ගියොත් එයා අපිට අනුකම්පා කරලා අපේ ජීවිතකතාවට බැලන්ස් කරපු අවසානයක් දේවි."

එයා කියුවා.

" ඒ කියුවෙ...."

මම ඇහුවෙ කොපුල් දිගේ කදුලු රූටලා වැටෙද්දි.

" දුකකුත් නොවන සතුටකුත් නොවන උදාසීන අවසානයක් දේවි එහෙම වුනොත්...."

එයා කියුවෙ හැගීම්බරව.

" දෛවය එච්චර නපුරු වෙන එකක් නැති වෙයි.අපේ ජීවිත කතාව අපේ ළමයි ලොකු වෙන විදහ බලනකන් ලියවිලා ලස්සන අවසානයක් දෙයි කියලා අපි හිතමු..."

මම කදුලු පිහදලා එයාගෙ පපුවට බර වුනේ.

අපි ටික වෙලාවක් බැල්කනි එක ලග ඉදලා ආපහු පහලට ඇවිත් රෑටත් කෑම කාලා ඔම්මව එක්ක කතා කරලා ඔම්මට වැදලා ආපහු එන්න පිටත් වුනා.

" රෑට මේන් රෝඩ් වල පුදුම ට්‍රැෆික් එකක්...ඔයාට මහන්සි නැද්ද ඩ්‍රයිව් කරලා."

මම ඇහුවා

" ම්හූ....ශෝට් කට් තියෙනවා....ඒ වුනත්...."

එයා කියලා වචන ගිලගත්තා.

" ඒ වුනත් ඇයි.."
මම ඇහුවා.

" තමුසෙව අරගෙන පාලු තැන්වලින් යන්න බයයි බන්...එයා අපේ පස්සෙන්මයි ඇත්තෙ සදලි..."

එයා ශටර් එකට වැලමිට තියන් ස්පෙයා වීල් එක අල්ලගෙන අනෙක් අතින් තොල පොඩි කරන ගමන් කියුවෙ.

....................

Bạn đang đọc truyện trên: AzTruyen.Top