☠️28☠️

අපි හෙමින් හෙමින් ඇවිදගෙන ආවෙ බැන්ගලෝ එකට.මම දැක්කෙ අම්ම පපුවට අතකුත් තියාගෙන බැන්ගලෝ එක දිහා බලාගෙන ඉන්න විදිය.අපි ගේට් එකෙන් ඇතුළට ආවම සිරිපාල අන්කල් වත්තෙ රෝස පාත්තියට වතුර දානවා.අපි ආවම අන්කල් කටපුරා හිනා වෙලා අපි ලගට ආවෙ.

" මහත්තයාල ඇතුළට යනකෝ.මම වතුර ටික දාලා ඉවරයක් කරලාම එන්නම්."

සිරිපාල අන්කල් කියුවා.

" පුතේ අපි කුස්සියට යමු නේද..."

අම්මා හිනා වෙලා ඇහුවේ.අයියත් හිනා වෙලා ඔලුව වැනුවා.මෙයාලගෙ කතාව ගොඩාක් දුක්බර එකක් වගේ...මමත් එයාලගෙ පස්සෙන් කුස්සියට ගියා.අයියා පැන්ට්‍රිය උඩ වාඩි වුනාම අම්මා ජනේලය ලගටම රෝද පුටුව ගත්තේ.අම්මාගේ ඇස් වල කදුලු.එයා කුස්සිය පුරාවටම ඇස් යැව්වෙ අවුරුදු ගානක මතක ආපහු අවදි කරන්න වගේ.

" සදලි වාඩි වෙනවා ඔය පුටුව අරගෙන."

එයා කියුවා.මම පුටුව එයා ලගට අරගෙන පැන්ට්‍රියේ නැගලා ඉන්න එයාගෙ කලව උඩට ඔලුව බර කලේ.

" පිස්සි...."

එයා සනීපෙට ඔලුව අතගාලා හිනාවෙලා එහෙම කියුවෙ.

" ඒ අතීතය මතක් කරන්නවත් මම ආස නෑ පුතේ.ඒත් තව මේවා හංගගෙන ඉදලා කිසිම තේරුමක් නෑ."

අම්මා කියුවේ ඇස් වලට උනපු කදුලු පිටි අල්ලෙන් පිහදලා.

"මට මතකයි මම මේ වලව්වට මුලින්ම ආපු දවස....එදා මම ආවෙ මේ වලව්වට වැඩකාරියක් විදියට."

අම්මා කියුවාම මට ගොඩක් පුදුම හිතුනා...

" වැඩකාරියක්...!?"

මම පුදුමෙන් ඇහුවෙ.අම්මා ඔලුව වනපු එක කලේ.

" එදා එහෙම ගමනක් නොආවනම් කියලා හිතුණු වාර අනන්තයි.ඒත් පුතා ගැන මතක් වුනාම වලව්වට ආව එක හොදයි කියලා හිතෙනවා.මගේ ජීවිතේ ලස්සන වුනේ මගේ පුතා මගේ අත් දෙකට ආවට පස්සෙ.ඒ තරම් ජීවිතයක් මට නෑ...."

අම්මා එහෙම කියලා ආපහු අඩන්න ගත්තා.මටත් කදුලු වල පාලනයක් නැති වුනා.

" අනේ ඔම්මා ප්ලීස් අඩන්න එපා.මට දැනගන්න ඕනි නෑ..."

මම කියුවා.

" නෑ දුව මේවා හෙලිවෙන්න ඕනෙ."

අම්මා කියුවෙ.

" ඔම්ම...." මම හිමීට ඇහුවෙ.

" ම්ම්...."

" ඔම්මා මට වෛර කරනවාද."

මම ඇහුවා.

" ඇයි ඒ..."

" මට සමාවෙන්න ඔම්මා...ඔම්මගෙ පණ ටිකට මම නොසෑහෙන්න වද දුන්නා.රස්තියාදු කෙරෙව්වා....හිත රිදෙන කතා හැමතිස්සෙම කියලා පුලුවන් තරම් හිත පෑරුවා."

මම කියුවේ අඩ අඩ.

" අනේ දූ...."

අම්මා කතා කලේ මගේ ලගට ඇවිත් මගේ ඔලුව අතගාලා.

" සමාවෙන්න ඔම්මා...."

මම කියුවේ ඒ අත්දෙක අල්ලලා.

" සදලි රිලැක්ස්....අඩන්න එපා..."

එයා කියුවෙ මගේ ඔලුවට අත තියලා.

" අනේ මගෙ අයියේ සමාවෙන්න.ඔයා දෙන ඕනිම පනිශ්මන්ට් එකක් විදින්නම්.මට සමාවෙන්න අයියේ..."

මම ඔලුව උස් කරලා එයා දිහා බලලා කියුවේ.

" ශ්...සදලි..තමුසෙට පිස්සුද ඕයි...මොනවාද මේ කියන්නෙ.ඒ හැමදේම වුනේ මමත් වැරැද්දක් කරපු නිසානෙ.මම හැමදේම තමුසෙට හංගපු නිසානෙ.මට සමාවෙන්න පැටියෝ."

එයා මගේ කම්මුල් අතගාලා කියුවෙ.
මම ආදරෙන් එයාගෙ කකුලකට ආයෙම ඔලුව බර කරගත්තෙ.

" හොදට අහගන්න මම මොකක්ද වුනේ කියලා හරියටම කියන්නම්...මගෙ පුතා වෙනස් වුනා නෙවෙයි එයාව වෙනස් කලා.අහිංසක විදියට හිටපු කාටවත් කරදරයක් නොකරපු මගේ පුතා මේ කාලකණ්නි ටිකක් වෙනස් කලා."

අම්මා කියුවා.

" මම ගොඩාක් දුප්පත් පවුලක පුතේ.මම දැන් ඉන්න ගාල්ලෙ ගෙදර ඉස්සර අපේ මහගෙදර තිබුනේ.චූටි මැටි වලින් හදපු ටකරන් ගහපු ගේ පොඩ්ඩක්.පුතාගෙ දියුණුව නිසා තමයි අද එතන මාළිගාවක් තියෙන්නෙ.ඉස්සර මම ඒ දුප්පත් පැලේ හිටියෙ අම්මයි තාත්තයි එක්ක.තාත්තා ලෙඩයි.අංශබාගෙ හැදිලා එක තැන ඉන්න වුනේ.ඉතින් මගෙ අම්මා...ඒකියන්නෙ ඔයාලගෙ ආච්චි ගෙවල් වල කුලී වැඩ කරලා එදා වේල පිරිමහලා දුන්නා.මටයි තාත්තටයි හොද බත් දීලා අම්මා වැඩිහරියක් කෑවෙ දංකුඩ.අම්මට බල කලාම මගේ එකෙන් ගන්න කියලා මේවා තමයි රසම ඒත් පොඩි අයට දිරවන්නෙ නෑ කියලා බොරු කියුවා...."

අම්මා කියුවේ ඇස් වලින් ගලන කදුලු පිහදගෙන.

"කාලයක් ගියා ඔය විදියට.මම ලොකු මහත්  වුනා.අම්මාට මාව වැඩි වැඩියෙන් ගමේ කොල්ලොන්ගෙන් පරිස්සම් කරන්න වුනා.තාත්තට එන්න එන්න අමාරු වුනා.අපි කබලෙන් ලිපට වැටුනා...තාත්තට ඕනි කරන බෙහෙත් ගන්න සල්ලි තිබ්බෙ නෑ..අම්මගෙ පැත්තෙ අයවත් තාත්තගෙ පැත්තෙ අයවත් ඒ කාලෙ අපි ගැන පොඩ්ඩක්වත් බැලුවෙ නෑ.චූටි මාමා කියලා අපේ පුතා කතා කරන්නෙ මගෙ නැන්දගෙ පුතාට.එයාලනම් චුට්ටක් විතර අපි ගැන හොයලා බැලුවා.ඒත් එයාලටත් ආර්ථික ප්‍රශ්න හරියට තිබුණා...ඔය කාලේ තමා මේ තේ වතු බලාකියා ගන්න ඔය කිම් පවුල නුවරට ආවේ.. මුලදි ඉදල තියෙන්නෙ කොලඹ බංගලාවක..ඔය පුතාගේ සීයා ඒ කියන්නෙ බෝගම් ගේ තාත්ත මුලින්ම වැඩ කරල තියෙන්නෙ කොලඹ කච්චේරියේ... එතන සිංහල මිනිස්සු එක්ක ඇතිවෙච්ච ආරවුලක් නිසා තමයි කිම් මහත්තයට නුවරට මාරුවීමක් ලැබිල තියෙන්නේ...මේ බංගලාව හදල තියෙන්නේ තේ වතු බලාගන්න එන සුදු මහත්තුරුන්ට නවාතැන් ගන්න... ලංකාවට නිදහස ලැබුනට පස්සේ ගොඩක් තේ වතු සිංහල ධනවත් මිනිස්සු අයිති කරගත්තා... එහෙම තිබුනු තේ යායක් එක්ක මේ බංගලාව කිම් මහත්තයා සල්ලි වලට අරගෙන තියෙන්නේ...
එහෙම තමයි කිම්  පවුල මේ බංගලාවට ආවේ...

හොම ඔහොම ගිහිල්ලා ගමේ අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන් බංගලාවක වැඩට ගන්න තරුණ ගෑණු ළමයෙක් හොයලා තිබුණා.මුලින්ම ඇයි තරුණ ළමයෙක්ම වෙන්න ඕනි කියලා අමුත්තක් දැනුනට තිබුණු ආර්ථික ප්‍රශ්න එක්ක මම අම්මලාව කොහොමහරි කැමති කරගෙන මේ කිම් බංගලාවෙ වැඩට ආවෙ....ඒ කාලෙ මම හරි ලස්සනයි.කොණ්ඩෙ මෙහෙ...."

අම්මා කියුවෙ කෙණ්ඩ පෙන්නලා.

" ඉතින් මම මෙහෙ වැඩට ආවා........."

....................

___මීට අවුරුදු තිස්තුනකට පෙර___

" තේදෝ මහත්තයා මම කීයටවත් කැමති නෑ මේ වගේ තීරණයටක... මේක කොරියාව නෙවේ... ලංකාව... ඒ වගේ අපරාදයක් මේ බංගලාව ඇතුලෙ වෙන්න දෙන්න බෑ."

බංගලාවෙ ලොකු නෝනා   තම ස්වාමියා සමග තර්ක කරන පළවෙනි වතාව මේ.

" කට වහපන් ...මේ බංගලාවෙ මට එහා යන්න මොකෙක්වත් නෑ බොලව්...එන්න කියපන් ඒ කෙල්ලට හෙට ඉදන් වැඩට.දෙයියනේ කියලා ඒ කෙල්ලට සල්ලි ලැබෙනවානම් මොකෝ..."

ලොකු මහත්තය කෝපයෙන් කෑගැසුවා.

" ඇයි තේදෝ මහත්තයා මෙහෙම කරන්නෙ."

ලොකු නෝනා හඩා වැලපෙන්න ගත්තෙ.

" මේ අහන්න ජියන්.අපේ කොලුවත්   ලස්සන ඉලන්දාරියා.ඕකුන් නොමග යන වයස මේ... හරි වයසට ආවම අපි කොල්ලව කොරියාවට යවමු... කවදාහරි අපේ පරම්පරාවට ගැලපෙන  කෙල්ලෙක්ව බදින්න ලැබෙනකන් ඕකට ඔය කෙල්ලව තියාගන්න දෙමු. කොල්ල බදින්න ඕන කොරියන් කෙල්ලෙක්... මෙහෙ ගෑනු දන්නෙ කුස්සියෙ දැලි කුණු ගාගෙන බත් තම්බන්න විතරයි... අනික  ඔය දුප්පත් කෙල්ලොන්ට මූ කැමති වෙයිද.අදාළ වැඩේ කරගන්න ඉඩ දෙමු...අපේ විදියට හිතන්න ඕනෙ ජියන්.ලංකාවෙ විදියට හිතලා හැමදාම ගොඩයා වේන්නද   ඕනේ....අනික ගොඩක් ලොකු පවුල් වල මේ වගෙව් දේවල් සාමන්‍ය දේවල්."

ලොකු මහත්තයා  කියුවෙ හාන්සි පුටුවෙ දිග ඇදෙන ගමන්.

" මමත් ගෑණියෙක්.තව කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස වෙනකන් මට බලන් ඉන්න බෑ."

ලොකු නෝනා කියුවෙ ඉවසිය නොහැකි කෝපයෙන්.

" ජියන්...මේ මම අන්තිම වතාවට කියන්නෙ....ඒ කෙල්ලට කිසිම දේකින් අඩුවක් කරන්නෙ නෑ.ඒකිට තියෙන්නෙ පවුලට ගැලපෙන කෙල්ලෙක් අපේ කොලුවට හම්බෙනකන් අපේ කොලුවව සතුටු කරන්න.ඕනෙ තරම් ලොකු පවුල් වල මේවා රහස් නෙවෙයි ජියන්...ඒකෙන් ඒ කෙල්ලටත් සල්ලි ලැබෙනවා.අපේ කොලුවා ඉගෙනගන්න දේවල් හරියට කරගනී මේ හිතුවක්කාර වයසට වටේ නොයා."
තේදෝ මහත්තයා හඩ අඩු කර තම බිරිදට කලේ තර්ජනයකි.

" ඔය පව් ගෙවන්න වෙනවා  තේදෝ මහත්තයා..."

ලොකු නෝනා ගස්සාගෙන  ගියේ කුස්සියට.

" මට වතුර වීදුරුවක් දියන් ගුණවතී..."

ලොකු නෝනා කියුවෙ.

" ආ මෙන්න ලොකු නෝනා..."

ගුණවතී වතුර වීදුරුව ලොකු නෝනා අතට දුන්නෙ.

" කෝ සිරිපාල."

ලොකු නෝනා ඇහුවෙ වතුර බී වීදුරුව පැන්ට්‍රියෙන් තබා පැන්ට්‍රියට හේත්තු වී අත් බැදගනිමිනි.

" අර අලුත් කෙලීව එක්කන් එන්න කියලා ලොකු මහත්තයා  කියුවා..."

ගුණවතී කියුවෙ ඔලුව කස කස...

" වැහි නැති හෙණ වදින අපරාධ ගුණවතී මේවා...මගේ ඇස් දෙකෙන් මේවා බලන් ඉන්න වුනානෙ..."

ලොකු නෝනා කියුවෙ කදුලු  පිහදලා.

" ශ්...මහත්තයාට ඇහුනොත් ලොකු නෝනෙට ගහාවි..."

ගුණවතී කියුවේ බියෙන් වටපිට බලමිනි. ජියන් නෝනා වෙනස්ය...
දුප්පත් පොහොසත් බේදයක් එයාට තිබුණෙ නෑ.වංශවත්ද නැත්ද කියලා එයාට ප්‍රශ්න තිබුනේ නෑ.පොළවෙ පය ගහලා ජීවත් වුන උපතිනුත් ලොකු වංශකාරියක්.හැම තරාතිරකම මනුස්සයන් එක්ක ගෙදර දොරේ මෙහෙකරුවන් සමග පවා මනුස්සකමින් ජීවත් වුන කෙනෙක්.
නමුත් තේදෝ මහත්තයා ඊට හාත් පසින්ම වෙනස්ය.ඔහු ගරු කලේ බටහිර සංස්කෘතීන්වලට.හැදුනෙ වැඩුනෙ සුද්දෝ වගේ.ධනයෙන් බලයෙන් වංශයෙන් ඔලුව උදුම්මාගෙන හිටපු අයෙක්.ඔහුගේ දර්ශනයට අනුව පොහොසත් වංශවත් අය දුප්පත් මිනිසුන්ගේ ඇගේ ස්පර්ශවීමත් තම තරාතිරමට නිගාවක්.

" ගුණවතී...අර කෙල්ල ආවම ඒකිව එක්කගෙන එනවා.තව එකක් මේවා අර අපේ කොල්ලා  ආශ්‍රය කොරන රාජිත  කොලුවා දැන නොගත්තට කමක් නෑ"

ලොකු හාමු සැර දමා ගියේ ලොකු නෝනාත්  ගුණවතීත් තිගස්සවමින්.

" ලොකු නෝනා ...."

" සිරිපාල මේ කෙල්ලද."

ලොකු නෝනා  අඩියක් ඉස්සරහට තියලා ඇහුවෙ.ඇය දුටුවේ සිරිපාලට පිටුපසින් දිගැති කොණ්ඩය ගොතා ඉස්සරහට දමාගෙන මල් වැටුනු කොළ පැහැති චීත්ත රෙද්දක්ද සුදු පැහැති බෝරිච්චි අත් ඇති හැට්ටයක්ද ඇදගෙන ඉටි බෑග් එකක් අතැතිව දෑස් බිමට බර කරගෙන සිටින රන්වන් පැහැ ශරීරයක් ඇති දෙව්ලියක් වන් මුවැත්තියකි.

" ගුණවතී ඔයාම බලන්න..."

ලොකු නෝනා  එසේ කියා සාරි පොටින් මුව වසාගෙන කුස්සියෙන් එළියට ගියේ තවත් තමා එතැන රැදුනොත් තමා අදික ලෙස දුකට පත් වෙන බව දන්නා නිසා.

" කෙල්ලෙ එන්න යමු....ලොකු මහත්තය කතා කරනවා.කට වහගෙනම ඉන්න එපා.ලොකු මහත්තය කැමති නෑ රස්තියාදු කරනවාට.එයා කියන එකකට කැමති වෙලා ජීවිතය බේරගන්න තමයි තියෙන්නෙ."

ගුණවතී අක්කා කියුවාම මම බය වෙලා ඔලුව ඉස්සුවේ.ගුණවතී ලොකු හුස්මක් හෙලුවා විතරයි.

" යමු...ඔය බෑග් එක ඔය මේසෙ උඩින් තියලා එන්න මා එක්ක."

ගුණවතී කියුවෙ කුස්සියෙන් සාලයට යන ගමන්.

තරප්පු පෙළ නැගගෙන මම ගුණවතී අක්කගෙ පස්සෙන් ගියේ බංගලාව වටේ බල බල.ගිහිල්ලා නැවතුනෙ ලොකු මහත්තයාගෙ කාමරේ.
ගුණවතී අක්කා ලොකු මහත්තයගෙ  කාමරය ඇතුළට මාව එක්කන් ගියා.ඇදේ වාඩි වෙලා හිටපු ලොකු මහත්තයා  මගේ හිසේ ඉදන් පාදාන්තය දක්වා අමුතු බැල්මක් හෙලුවෙ මගේ දිහා සතෙක් බලනවා වගේ.මම බයෙන් බයේ බිම බලාගත්තෙ.කිසිම අණක් ගුණක් නැතිව ලොකු මහත්තයා  මට මගේ රාජකාරිය පැහැදිලි කරලා දුන්නා.ඔවු මම ගුණවතී අක්කාට සිරිපාල අයියට බංගලාවෙ වැඩ වලට උදව් වෙන ගමන් ලොකු මහත්තයගෙ පුතාගෙ සැනසිලිකාරිය වෙලා ඉන්න.ඒක අහපු හැටියෙම මම බිම වාඩි වෙලා මහ හඩින් අඩපු එක කලේ.මට ගෙදර යන්න දෙන්න කියලා වැද වැද ඉල්ලුවා.ඒත් දැන් මම මෙතන වෙන්නෙ මොකක්ද කියලා දැනගත්ත නිසා ලොකු මහත්තයා  මාව ගෙදර යවන්නත් බෑ කියුවා.අන්තිමට මගේ අම්මා තාත්තාගෙ ජීවිතේ ගැන කියලා මාව බය කලා.කියන දේකට කැමති නොවුනොත් මගේ ඉරණම මරණය.පවුලෙ අය එක්කම.මම කැමති වුනොත් මට මාසෙකට ජීවත්වෙන්න ප්‍රමාණවත් ගානක් අම්මට තාත්තට බෙහෙත් ගන්න සල්ලි අරන් දෙනවා කියලා කියුවා.ගොඩාක් වෙලා අඩලා අඩලා මහත්තයගෙන් ජීවිතය යැදලා යැදාලා මාව හෙම්බත් වුනා.
අන්තිමට අම්මයි තාත්තයි ගැන හිතලා එයලට ලස්සන ජීවිතයක් දෙන්න ඕනි කියලා හිතලා එයාලා කියන දේකට මම කැමති වුනා.ලොකු මහත්තය මට ගොඩක් උපදෙස් දුන්නා.
ලොකු මහත්තගෙ පුතා සෙල්ලක්කාරයිලු..ඒක දන්නෙ එයාගෙ වටේ හිටිය කිහිප දෙනයි.මට තිබුනේ ඒ වැඩ නවත්තන්න.රෑට රෑට මහත්තයගෙ  පුතා එහෙනම් නැත්තම් කිම් බෝගම්  කියන පෝසත් කොල්ල ගෑණු හම්බෙන්න යන එකෙන් බේරන්න.
මහත්තයා මට කියුවෙ එයා කැමති විදියට ඉන්න.ලස්සනට ඇදලා පැලදලා ප්‍රිය මනාප විදියට ඉන්න කියලා.ඇදුමක් ගන්න ඕනි දෙයක් තියෙනවානම් අම්මාට තාත්තට වියදම් බේත් හේත් ඕනිනම් කියන්න කියුවා.ඒක සැනසිලි දායක වචනයක් වුනා.මම දාහක් පිරිමි එක්ක නෙවෙයිනෙ එක්කෙනෙක් එක්ක විතරනෙ නිදාගන්නෙ කියලා හිත හදාගත්තා. බෝගම්  හොදට ඉගෙනගෙන හැබැයි.මොන සෙල්ලම් දැම්මත්.විභාගෙ ඉවර වෙලා එයාගෙම කඩයක් පටන් අරන් තිබුණේ...නුවර එළියෙ ටවුමේ පොඩියට ...පස්සෙ ඒක ටිකක් දියුනු කරලා කොළඹට ගෙනිච්චා .එයා බිස්නස් වලට මහත්තයාගෙන් සල්ලි ඉල්ලන්න අකමැති වුනා.එයාගෙම උත්සාහයෙන් ගොඩඑන්නයි එයාට වුවමනා වුනේ.

එදා රෑ බෝගම්  කොළඹ ඉදන් ගෙදර ආවා.එයත් එයාගේ තාත්තා වගේම බටහිර ගතිගුණ පුරුදු කරපු කෙනෙක්.ලොකු මහත්තය තර්ජනය කලා බෝගම්ට.කොළඹ ඉන්න කෙල්ලො එක්ක නටලා අහුවෙන්න එපා.ඕනි දේකට නන්දනී ඉන්නවා කියලා. බෝගම් මගේ දිහා බැලුවා නිකන් සතෙක් දිහා බලනවා වගෙ...ඒකට ලොකු නෝනා  ගොඩක් දුකින් මගේ දිහා බලන් හිටියෙ.

" නන්දනියෝ...උඹට අපි ඉන්නවානේ.නැද්ද සිරිපාල."

ගුණවතී අක්කා කුස්සියේදි කියුවා.

" අනේ අම්මපා නෝනෙ මේ අපරාධනම්..."

සිරිපාල අයියා කුස්සිය පිටිපස්සෙ පඩියේ වාඩි වෙලා කියුවේ.

" මොනවා කරන්නද.....ආහ් නංගී මේක පොඩි මහත්තයාට දෙන්න."

ගුණවතී අක්කා මගේ අතට තේ එක දුන්නා.මම අමාරුවෙන් හිනාවෙලා තේකත් අරගෙන ගිහින් පඩි පෙළ නැගලා මහත්තයගෙ දොරට තට්ටු කලේ.
ටිකකින් හාමු දොර ඇරියා.හාමු හරිම ලස්සනයි.

" එනවා ඇතුළට..."

බෝගම් මට සවුත්තු හිනාවක් දාලා කියුවෙ.. මහත්තයා  හිනාවෙනකොට කම්මුලේ දෙපැත්තම වල ගැහෙනවා.... හම සුදුම සුදු පාටයි...හරිම ලස්සනයි.
මම බයෙන් බයේ පොඩි මහත්තයගෙ  කාමරයට ගියාම එයා කාමරේ දොර වැහුවා.
මේ වගේ කාමරයක් මං වගේ දුප්පත් එකියකට හීනයක්.එයා මට එතන තිබ්බ කණ්නාඩි මේසෙ ස්ටූල් එකෙන් වාඩි වෙන්න කියලා සන් කලා.තේකත් අරගෙන ඇදේ වාඩි වුනේ එයා මගේ දිහා බලාගෙන.

" තමුසෙ කොහෙද." එ

යා මගේ දිහා බලාගෙන තේක තොල ගාන ගමන් ඇහුවෙ.මම අතින් චීත්ත රෙද්දත් පොඩි කරගෙන බයෙන් ගැහි ගැහි උත්තර දුන්නෙ.

" ම...මම...ගා...ගාල්ලෙ මහත්තයා."

" තමුසෙ ලස්සනයිනෙ..."

එයා කියුවෙ මගේ දිහා කෑදර බැල්මක් දාලා.
මට අඩන එක ඇරෙන්න කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.

" මේ මේ ඔය මූසල ඈඩියාව නවත්තගනින්.උඹෙන් හරියට මරව මරව වැඩ ගන්නවා වගේනෙ.සැපට කාලා බීලා ඇදලා ජීවත් වෙන්න පුලුවන්නෙ."

පොඩි මහත්තය කියුවෙ තේක බීලා කෝප්පෙ කණ්නාඩි මේසය උඩින් තියලා.එයා මගේ ලගටම ආවා.ඒ ඇවිත් පිස්සුවෙන් වගේ මගේ මූණ ඉඹින්න ගත්තෙ.මම ඇඩුවා...ජීවිතය යැද්දා....ඒත් වැඩක් නෑ...පොඩි මහත්තය එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.එයාත් එක්ක ලේසි වෙන්නෙ නෑ.

" කටවහගනින් බැ*@&@%"

එයා එහෙම කියලා මාව කෙස් වැටියෙන් අල්ලලා ඇදට තල්ලු කලේ.ගොඩක් කෙල්ලන්ට තමන්ගෙ අනුරාගී රත්‍රිය දෙව් ලොවක් වෙද්දි මට ඒ අත්දැකීම අපායක් වුනා.කොල්ලෙක්ගේ හුස්මක් කියලා දෙයක්වත් මට ඒ වෙද්දි වැදිලා තිබුනේ නෑ.බදින වයස ලං වෙලා තිබුනත් මට ඒ ජීවිතය ගැන දැනුමක් තිබුනෙත් නෑ

අන්තිමේදි එයා කායිකව මාව එයාගෙ කරගත්තා.මම අකමැත්තෙන් හිටපු නිසා මට දැනුනෙ ඉවසන්න බැරි වේදනාවක්.අම්මාගෙ තාත්තගෙ අහිංසක මූණු මට මතක් වුනා...පරක්කුයි මම ගැහැණියක් වෙලා ඉවරයි.මගේ ඇගම තලලා දාලා වගේ.මම අමාරුවට කෙදිරි ගෑවා...එයා නැගිටලා තුවාය පටලගෙන ගිහින් වතුර බීලා මටත් වීදුරුවක් ලගට ගෙනත් දුන්නෙ මගේ ලගින්ම වාඩි වෙලා.මට ඇදෙන් නැගිටගන්න බෑ...ඒතරමට යටි බඩ රිදෙනවා.එයා උදව් කලා මට ඇදේ හාන්සි වෙන්න.වතුර එකත් හුස්මට බීපු මම අමාරුවෙන් මුදා හැරුණු කොණ්ඩෙත් ගුලියකට දාගත්තා.

" මුල් දවස්වල ඔහොම තමයි පස්සෙ පුරුදුවෙයි."

පොඩි මහත්තයා කියුවා.

" හ්ම්...ඔය ඇදුම් ටික ඇදගෙන යනවා කාමරෙන් එළියට....ආහ්...ඔය බෙඩ්ශීට් එක අරන් ගිහින් පුච්චනවා."

එයා කියුවා.මම අමාරුවෙන් නැගිටලා ඇදුමත් ඇදගෙන බෙඩ්ශීට් එක දිහා බැලුවේ.ලේ පැල්ලමක්....! මම ඒක බදාගෙන ඇඩුවා.වෙන කෙල්ලෙක්නම් තමන්ගෙ ස්වාමියාට ආඩම්බරෙන් මේක පෙන්වයි...ඒත් මම....?! මට දැනුනෙ වේදනාවක්.

" යනවා දැන්...."

එයා කියුවාම මම බෙඩ්ශීට් එකත් තුරුල් කරගෙන අඩ අඩ පහළට ආවෙ.

මම අන්තිම පඩිය බහිනකොටම ලොකු නෝනා මගේ ඉස්සරහට ආවෙ අඩ අඩ...එයා මගේ අතේ තිබුණු බෙඩ්ශීට් එක අරගෙන දිගහැරලා බලලා සද්දෙට අඩන්න ගත්තෙ.

" සමාවෙන්න දුවේ...."

ලොකු නෝනා  එහෙම කියලා මගේ ඔලුව අතගාලා මාව තුරුල් කරගත්ත.පළවෙනි වතාවට මට ලොකු හයියක් දැනුනා....

........

ලොකු නෝනා  කියුවා මාව කවදාවත් තනි කරන්නෙ නෑ බය වෙන්න එපා කියලා.ඒ වචන මගේ පපුවට එකතු කලේ අමුතුම හයියක්.ඕනි දේකට ලොකු නොනයි සිරිපාල අයියයි ගුණවතී අක්කයි ඉන්නවානේ කියලා මම හිතට ධෛර්‍යය ගත්තා.

" දැන් යන්න...ගුණවතීට ගිහින් උදව් වෙන්නකෝ....උඹ මට මගේ ලේලි...මගේ දුව...උඹ බය වෙන්න එපා...මේක මගේම අතින් පුච්චන්නම්...අඩම්බරයි දූ ගැන."

නෝනා එහෙම කියලා සාරියෙන් කදුලු පිහදගෙන බෙඩ්ශීට් එකත් අරගෙන වලව්වෙ පිටිපස්සට ගියේ.මම යනකොට ගුණවතී අක්කත් කදුලු පුරවගෙන.මගේ කෑගැහිල්ල ඒ දෙන්නට ඇහෙන්න ඇති.

" මෙන්න නන්දනියෝ කෝපි එකක් බොන්න."

ගුණවතී අක්කා මාව බංකුවට වාරු කරලා මගේ අතට කෝපි එක දුන්නෙ.

" අක්කා....සිරිපාල අයියගෙයි අක්කගෙයි කසාද රෑ දවසෙ අක්කා ඉන්න ඇත්තෙ ගොඩක් සතුටින් නේද...ඒත් මම...ඒ වගේ සුන්දර දෙයක් මට හීනයක්ම වුනා."

මම එහෙම කියලා මූණ දෑතින්ම වහගෙන අඩන්න ගත්තෙ.

" අපිට පරුවත එක්ක හැප්පෙන්න බෑ නංගි."

ගුණවතී අක්කා කියුවෙ මගේ ඔලුව අතගාලා.

" ඒකනේ...තාත්තගෙ පුතාගෙ නීති ලොකු නෝනටවත් වෙනස් කොරන්ට බැරි එකේ..."

සිරිපාල අයියා කියුවෙ ගොඩක් දුකින්.

" මම මගේ අම්මාට තාත්තට මොනාද අක්කෙ කියන්නේ..."

මම ඇඩුවා තව තවත්.එයාලාටත් මම අහන ප්‍රශ්න වලට උත්තර නෑ.

" ගුණවතී...අද උඹ සිරිපාල එක්ක මාකට් ගිහින් අවශ්‍ය දේවල් අරන් එන්න.මේ දැරිවිටත් චීත්ත රෙද්දක් දෙකක් හැට්ටයක් මහන්න රෙදි එහෙම ගෙනත් දෙන්න.මම ඉඩ තියෙන වෙලාවක මහලා දෙන්නම්....සිරිපාල ලොකු හාමුගෙන් වාහනේ යතුර ඉල්ලගන්න."

ලොකු නෝන  එහෙම කියලා ගියා. 

ඔහොම කාලයක් ගත වුනා.මාස තුනක්.මම බංගලාවෙ ටෙලිපෝන් එකෙන් චූටි මල්ලිලෑ ගෙදරට කතා කලා.අම්මා හැමදාම සෙනසුරාදා එහෙට ගිහින් මා එක්ක කතා කලා.පුලුවන් වෙලාවක ලියුම් යැව්වා...ඒ කාලෙ අතරතුර පොඩි මහත්තය කොළඹ ගිහින් මෙහෙ එන හැම වතාවකම රෑට රෑට මට එයාගෙ ආසාවන් පිරිමහන්න වුනා.ඒ විතරක් නෙවෙයි එයාට පුරුදු වෙලා මම හිතින් එයාට ආදරේ කරන්න ගත්තා.වෙනදා වගේ එයා එක්ක එකට ඉන්න අකමැති වුනේ නෑ...එයා ගෙදර එනකන් මම ඇගිළි ගැන්නා.ගුණවතී අක්කටත් සිරිපාල අයියාටත් ලොකු නෝනටත් මගේ වෙනස තේරෙන්න ඇති.ඒත් එයාලා මුකුත් කියුවෙ නෑ.
හැබැයි එයා එක්ක ඉන්න හැම රෑකම මම කාටත් හොරෙන් රහසින් අඩන එක කලේ.මොකද මම දැන් එයා එක්ක ඉන්නෙ කැමැත්තෙන් නිසා මටත් ඒ පහස ඕනෙ.නමුත් හැගීම් පිරිමහගන්නෙ එයා විතරයි.මගේ හැගීම් ගැන එයා වගක් කරන්නෙ නෑ....ඉතින් මම ගොඩක් වෙලාවට ඒ උණුසුම තව තව පැතුවා.රහසෙන් ඇඩුවා.ඒ වගේම මම එයාට පුදුම තරමෙට ආදරේ කලා.හිතාගන්න බැරි තරම් මහගොඩක් ආදරේ කලා.

එදා රෑ හොදටම වැස්ස....වෙනදා වගේම මහත්තයාට තේ එක අරගෙන කාමරේට ගිහින් දොර වහපු මම එයාගෙ අතට තේක දීලා එයාගෙ ලගින්ම ඇදේ වාඩි වුනා.මම බලන් හිටියේ තේක තොල ගාන එයා දිහා....

" මහත්තයා නෝනා කෙනෙක් ගේන්නෙ නැද්ද..."

මම මහත්තයාගෙන් ඇහුවා.

" අප්ප ඒ ගැන කතා කරනවා.උඹට මොකටද ඒවා.කවදාහරි මම බදින්නේ අපේ රටේ කෙල්ලෙක්...නැතුව උඹලා වගෙ චීත්ත අදින කලු ගොඩයො නෙවෙයි."

මහත්තයා හිතක් පපුවක් නැති විදියට කියලා දැම්මා.මහත්තයාට ආදරේ තරමක් මමනෙ දන්නෙ....මම නිසා මහත්තයාගෙ සෙල්ලක්කාර ජීවිතේ ටිකක් අඩුවුනා.මොකද එයා කෙලින්ම කොළඹ ඉදන් එන්නෙ මා එක්ක ඉන්න බලාපොරොත්තුවෙන්...එදා රෑ හරිම සීතලයි...මේ හිත පැතුවා එයාගේ උණුසුම.වෙනදා වගේම රලු පහසවල් එක්ක මම එයාගෙ වුනා....හැබැයි එදා පොඩි මහත්තයාට පාලනයක් නැතුව ගියා.මොකද වෙනදා වගේ මම අකමැති නොවී අඩන්නෙ නැතුව දැන් මහත්තයාට ඉඩ දෙන නිසා.
අනුරාගී හෝරාවක් ගෙවුනා...මහත්තයා ඇදේ එහා පැත්තට වෙලා මහන්සි පිට කරද්දි මම හිමින් හිමින් ගියේ එයාට, එයාගෙ පපුවට තුරුල් වෙන්න.ඒත් එයා....

" පලයන් බැ'@&#& යන්න.හිගන්නො හිටහන් හිගන්නො විදියට...."

එයා කේන්තියෙන් කෑගැහුවා.ඒ වචන පිහිතුඩු වගේ මගේ පපුව පසාරු කලේ.මම අඩ අඩම නැගිට්ටා.

" යනවා ඕයි යන්න.හැමදාම අඩනවා...දැක්කත් එපා වෙනවා."

පොඩි මහත්තයා මට සැර කලා.
මම පහළට ආවා.ගොඩක් රෑ වෙලා නිසා සිරිපාල අයියයි ගුණවතී අක්කයි ගෙදර ගිහින්.මම කුස්සියට ඇවිත් ඇගේ අමාරුව යන්න කෝපි එකක් හදාගෙන බියුවා.මහත්තයා දවසක යන්න යාවි වෙන නෝනා කෙනෙක් එක්ක.එතකොට මම ආයෙත් අපේ ගෙදර තනිවේවි.ගෙදරට නාකි වේවි...මම කල්පනා කලා.මම එහෙමම මේසය උඩට ඔලුව බර කලේ කදුලු පිහදගෙන.

................

"නන්දනියෝ.....නන්දනියෝ නැගිටහන්..."

ගුණවතී අක්කා කතා කරනකොටයි මම ඇහැරුනේ.මට මේසයට ඔලුව තියාගෙන ඉදලා නින්ද ගිහින්.

" ඔය මූණ කට හෝදන් වරෙන්.අද පොඩි හාමු බලපු මනමාලි ගෙදර අය එක්ක එනවා මේවා බලා කියාගන්න කියල.දෙයියනේ කියලා නන්දනියට මේ අපායෙන් ගැලවෙන්න පුලුවන් ඉක්මනටම"

ගුණවතී අක්කා කියුවා.මම එයාව බදාගෙන අඩපු තරමක්.

" ඒ නෝන සුදු නෝනෙක් ද.."

මම ඉකි ගැහුනා

" කොරියාවෙන් ලු ඇවිත් ඉන්නේ... පවුලම ඇවිල්ල කියන්නේ... ඉරවල් අල්ලන්න ගියොත් අපිව පිච්චෙන එක වෙන්නෙ නංගී..නාඩා ඉදින්.ලැබීම කියලා හිතාගනින්.පවක් ගෙවෙනවා ඇති උඹේ..."

ගුණවතී අක්කා මගේ හිත හැදුවා.එදා දවසෙ මම වැඩ කලේ මලමිනියක් ගානට.ඊයෙ රෑවත් පොඩි මහත්තයාට මට මේ වගක් කියුවෙ නෑ.ඔවු මම කව්ද එයාගෙ වැදගත් දේවල් මා එක්ක එහෙම කතා කරයිද.

ලොකුනෝනත් මගේ හිත හදලා ගියේ.....නෝනා  අලුත් ඇදුමක් එහෙම ඇදලා කරලා  මහත්තයත් එහෙමයි...පිළිවෙලට ඇදුම් ඇදගෙන මහත්තයල දෙන්නම...පොඩි මහත්තය නම් අද ගොඩක් සතුටින් වගේ ඉන්නෙ.මම කැවිලි ජාති පිගන් වල ඇසිරුවෙ මල මිනියක් ගානට.දැන් මෙතනින් එහා මට ජීවිතයක් නෑ.හෙට උදේ වෙද්දි නන්දනී කියලා කෙනෙක් මේ ලෝකෙට නැති වෙයි.මම ඒතරමට දැඩි තීරණයක් ගත්තා.අලුත් නෝනාව එක්කන් ආවට පස්සෙ පොඩි මහත්තයයයි ලොකු මහත්තයයි මාව කුණු මාලු කෑල්ලක් වගේ බංගලාවෙන් එළියට ඇදලා දාවි.එහෙමත් නැත්තම් එයාලා දෙන්නා ජීවිතේ විදින දිහා බලාගෙන ජීවිත කාලෙම මට බංගලාවෙ වැඩ කරන්න වේවි.ඊට වඩා හොදයි මේ නන්දනී මේ ආදරේ එක්කම පොළවට පස් වෙනවා.මම හිතුවා.

" අර පොඩි මහත්තය ගෙ  මහත්තයා...බෝගම්  කොලුවාට තාම කියලා නෑලු නේද...ඕකාට ලොකු මහත්තයට වැඩිය කැමති නෑ."

සිරිපාල අයියා මටයි ගුණවතීටයි විතරක් ඇහෙන්න රහසින් වගේ කියුවේ.

" ඔය තුන් දෙනත් හොද ඇදුමක් දාගත්තනම්."

ලොකු නෝන එහෙම කියුවෙ මගේ දිහා අනුකම්පාවෙන් බලලා.මම මට තිබුණ හොදම චීත්ත රෙද්ද එක්ක අත් දිගට දාපු හැට්ටයක් ඇදගෙන දිග කොණ්ඩෙ ගොතාගත්තා.
පැයක් විතර ගෙවුනු තැන කට්ටියම ආව.මම කුස්සියේ දොර ලග හැංගිලා ඇස් වල කදුලුත් පුරවගෙන බලාගෙන හිටියේ එයාලා දිහා.ඒ කෙල්ලනම් ලස්සනයි... දෙවියනේ සුරංගනාවියක් වගේ... මම ජීවිතේට දැකල නෑ එච්චර ලස්සන කෙල්ලෙක්... හම කිරි සුදු පාටයි...අපි වගේ නෙවෙයි කොණ්ඩෙත් පිට ලගට කොටයි...දණහිසට ටිකක් උඩට වෙන්න වගේ අත් දිග ගවුමකුත් ඇදගෙන පුදුම මායම්කාරියක්.පොඩි මහත්තය අද වෙනදාට වඩා පිළිවෙලයි.හරිහරියට කට්ටිය කතාව.පොඩි මහත්තයත් එයාගෙ ලගටම වෙලා එයාගෙ අතකුත් අල්ලගෙන හිනාවෙවී කතාව.

" නන්දනියෝ මේන් මේ ටික ගොහින් තියපන් එතනින්.මම මේ කිලුටු හපුට්ට පිටින්නෙ තාම."

ගුණවතී අක්කා කියුවා.
මම කදුලුත් පිහදෙන ට්‍රේ එකත් අරගෙන සාලෙට ගිහින් එයාලගෙ ඉස්සරහින් පොඩි ලී මේසය උඩින් තේ ටික තිබ්බේ.ලොකු නෝනනම් අලුත් නෝනට එච්චර මනාපයක් නෑ වගේ.මම අලුත් නෝනා දිහා බලලා හිනාවුනා.හප්පේ....ගස්සලා අහක බලාගත්තෙ නැතෑ...මම එහාට යනකන් ඉදලා එයා කතා කරපුවා මට යන්තමට ඇහුනා.

" බෝගම්...ඩාලින්...ගෙදාරට දාගෙන ඉන්න වැඩකාරියොනම් මරු.හිගන්නො වගේ ඉදගෙන බයක් සැකක් නැතුව අපි වගේ අය ඉස්සරහා ඔලුව උස්සලා බලපු හැටි.හිතාගෙන ඉන්නෙ කවුරු කියලාද දන්නෙ නෑ.බලන්නකෝ පද්ද පද්ද ගිය හැටි විතරක්....ඔය ගෑණිව මෙහෙන් එළවලා දාන්න."

එයා කියුවා.
ගුණවතී අක්කා කියුවා හරි...ඉරවල් අල්ලන්න ගියාම අපි පිච්චෙනවා.හොදම දේ ඒ දේවල් වලින් පුලුවන් තරමක් ඈත් වෙන එක.
එන අලුත් නෝනානම් ලොකු නෝනවත් බය කරගෙන බංගලාවෙ සම්පූර්ණ පාලනය අතට ගනී වගේ.ඇරත් කොරියාවේ ඉපදිලා එංගලන්තෙ ඉගෙනගෙන ජපානේ කොම්පැනියක වැඩ කරා  කියුව නිතරම සුද්දො යාලුවො ආශ්‍රය කරපු ඒ ගෑණි අනිවාරෙන් මේ කසාදෙට කැමති වෙලා තියෙන්නෙ  පොඩි මහත්තයාට ඇති ආදරේකටනම් නෙවෙයි මේ කෝටි ගානක් වටින බංගලාව නිසා වෙන්න ඕනි. ඒත් පොඩි මහත්තය නෝනට ආදරේ වගේ.

එයාලා බංගලාවෙ හැමතැනකම ඇවිදලා බැලුවා.බංගලාව පිටිපස්සෙ තියෙන බංගලාවටම අයිති තේ යායයි වගාකරපු ඉඩමකුයි ඒ දෙකෙත් හොදට ඇවිදලා කරලා බැලුවා.ඉඩම් තණ්හාවෙන් දගලන මිනිස්සුද කොහෙද.එයාලා යද්දි එකයි වෙලාව.පොඩි මහත්තය යි ලොකු මහත්තයයි හදිසි වැඩකට කොහෙද යනවා කියුවම...ලොකු නෝනත් එහෙමම ඇදුමක් මහන්න  මිම්ම දෙන්න ගියේ එන කොට බස් එකෙ එනවා කියලා.
ගෙදාර හිටියේ ගුණවතී අක්කයි සිරිපාල අයියයි විතරයි.
සිරිපාල අයියා කුස්සියේ පඩිය උඩ ඉදගෙන පත්තරයක් බලනවා.ගුණවතී අක්කා රේඩියෝ එක දාගෙන ඒ ලගින් වාඩි වෙලා කැරට් වගයක් සුද්ද කරනවා.මට මතක් වුනේ කුස්සිය ලගම තියෙන ගබඩා කාමරේ.හිමීට ගබඩා කාමරේට ගිහින් කෘමිනාශක බෝතලයක් අතට ගත්ත මම මගේ අම්මගෙයි තාත්තගෙයි අහිංසක මූණු මතක් කරගත්තා.හැම දේම නැති කරගත්ත ගෑණු කෙනෙක්...අනාගතයක් නැති ගෑණු කෙනෙක් විදියට මට එයාලගෙ ලගට යන්න බෑ...එයාලා මාව පරිස්සම් කලේ මූණ ඇහේ තියාගෙන.මට තවත් මේ දුක් කන්ද ඉවසන්න බෑ...සද්දයක් ඇති නොවෙන්න බෝතලේ මූඩිය කඩලා කටට ලං කලා විතරයි....

" හත්ත්දෙයියනේ නංගී...."

ගුණවතී අක්කා කෑගහගෙන පැනගෙන මගේ අතින් බෝතලේ උදුරගන්න හැදුවෙ.

" අනේ අක්කා...මට යන්න දෙන්න අක්කා...."

මම අඩ අඩ එයාගෙන් බෝතලය බේරගන්න දැගලුවා.

" සිරිපාල....මෙහෙ එන්න....අනේ සිරිපාල." ගුණවතී අක්කා කෑගැහුවාම සිරිපාල අයියත් මගේ ලගට දුවන් ඇවිත් බෝතලේ උදුරන්න හැදුවෙ.එකපාරටම මට දැනුනෙ...බඩ කලත්තගෙන එනවා වගේ...සීතලෙත් එක පාරට දාඩිය දාන්න වගේ ගත්තෙ....එකපාරටම වස බෝතලේ බිමට අතෑරියේ එක අතක් බඩට තියාගෙන අනෙක් අතින් කටත් වහගෙන එලියට දුවලා.මම වත්තෙ එහාට වෙන්න ගිහිල්ලා වමනේ කලා.පුදුම අමාරුවක් ඇගට දැනෙන්නෙ.සීතලෙත් මට දාඩිය දාලා.මාරුවෙන් මාරුවට සිරිපාල අයියයි ගුණවතී අක්කයි මගේ පිට අතගානවා.මම අමාරුවෙන් නැගිට්ටේ.

" නංගී...උඹ කරගන්න ගිය විනාසෙ තරම...දෙවියො අපි දිහා බැලුවෙ නෑ...උඹ දිහා බැලුවා..."

ගුණවතී අක්කා කියුවේ.මට කිසිම දෙයක් තේරුනේ නෑ.

" අක්කා...මම වස පොඩ්ඩක්වත් බියුවෙ නෑනෙ...මොකක්ද මට මේ වෙන්නෙ.හරිම අමාරුනෙ..."

මම කියුවේ මලමිනියක් ගානට.

" තේරෙන්නෙ නැද්ද යෝදියෙ උබට දරුවෙක් ලැබෙන්න යන්නෙ."

ගුණවතී අක්කා කියුවෙ හරිම සතුටෙන්.
සිරිපාල අයියටත් සතුටුයි.එයා මගේ ඔලුව අතගෑවෙ හිනාවෙලා.

" මොනවා...අක්කා ඔය ඇත්තමද...මට දරුවෙක් ලැබෙන්නද යන්නෙ...."

මම ඇහුවෙ පුදුමාකාර සතුටකින්.මම මගේ බඩ අතගෑවෙ හරිම ආසාවෙන්.

" තව ඩිංගෙන් ඔය නොදරුවත් අරන්නෙ උඹ යන්නෙ හැදුවෙ.වාසනාවන්ත පැටියෙක්.අම්මාව මරණෙන් ගලවගත්තා..."

ගුණවතී අක්කා කියුවා.

" දැන් උඹ පරිස්සම් වෙයන් නංගියේ...මේක මුළින්ම කියන්න ඕනි ලොකු නෝනට.පොඩි මහත්තයයි ලොකු මහත්තයයි මොනවා කියයිද කවුද දන්නෙ."

සිරිපාල අයියා කියුවා.

මට පලවෙනි වතාවට මේ වුනදේවල් හොදයි කියලා හිතුනා.පොඩි මහත්තයගෙන් මට දරුවෙක් ලැබෙන්න යන්නෙ...දැනෙන සතුට මෙහෙමයි කියලා මට වචනයෙන් විස්තර කරන්න බෑ.තව පොඩ්ඩෙන් අම්මා පැටියවත් අරගෙන යනවා නේද...මම මගේ බඩ අතගගා ඒ දිහා බලාගෙන කල්පනා කලා.ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දැන් තියෙනවා.මම පරිස්සම් වෙන්න ඕනෙ.දරුවා වෙනුවෙන්....මම හීන මැව්වා.

" යමු ගේ ඇතුළට...උඹට කන්න රස රස ජාති හදාලා දෙන්නම්කෝ."

ගුණවතී අක්කා මාව බංගලාවට එක්කන් ඇවිත් මගේ මූණ කට සේදුවෙ.

" ගුණවතියො මේ කෙල්ල වහ බොන්න ගියා කියලා ලොකු මැණිකෙට කියන්න එපා හොදද."

සිරිපාල අයියා කියුවා.ගුණවතී අක්කා හිනාවෙලා ඔලුව වැනුවා.

" උඹ බය වෙන්න එපා...ඕනි දේකට අපි ඉන්නවා නන්දනියෝ."

ගුණවතී අක්කා කියුවා.ඒ වචන මට පුදුමාකාර සැනසීමක් එකතු කලේ.මට වැඩිය බර වැඩ කරන්න එපා කියලා කියුවා.

මට මතක් වුනේ ගෙදර.එයාලා දන්නෙ මම මෙහෙ වැඩ කරනවා කියලා බිතරයි.ඒත් කුස මේරුවාම මම ගෙදර ගිහින් හැමදේම ඒ දෙන්නාට කියනවා.මම හිතාගත්තා.
පොඩි මහත්තය මට ආදරය නොකලාට මට ආදරේ කරන්න වස්තුවක් දීලා.ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් දීලා.ගොඩක් ස්තූතියි පොඩි හාමු.

.........

කාලය වේගයෙන් ඉගිලිලා ගියා.ලොකු මහත්තයයි පොඩි මහත්තයා එකතුවෙලා දරුවා නැති කරමු කියලා කෑගැහුවා.ලොකු නෝනට පින්සිද්ධ වෙන්න අන්තිමේදි මට දරුවා වදන්න අවසර ලැබුනා.පොඩි මහත්තයගෙ කේන්තිය තව තවත් වැඩි වුනා.වෙනදා වගේ පොඩි මහත්තයගෙ ආසාවන් පිමැස්සෙ නෑ මම.පොඩි මහත්තයා මාව ඇහුවෙත් නෑ.

මාව බංගලාවෙම රහසක් විදියට රදවගන්න සමාජෙන් හංගන්න එයාලා කතා වුනා.කවුරුහරි මාව දැකලා මිනවා හරි ඇහුවොත් දුර පළාතක මිනිහා දාලා ගිය ගෑණියෙක්ව මෙහෙට වැඩට ගෙනාවා කියලා කියුවා.

බඩට මාස හතක් වෙද්දි ලොකු නෝනත් එක්ක අපේ ගාල්ලෙ ගෙදර ගියේ.මාව දැක්කාම අම්මා පපුවට ගහගෙන බිම හැපි හැපි අඩන්න ගත්තෙ.ලොකු නෝන හැමදේම පැහැදිලි කරලා අත්දෙක එකතු කරලා වැදලා සමාව ගත්තත් මේවා හංගපු එකට තාත්තගෙ මනාපයක් තිබුනේ නෑ.එයාගෙ කටින් කියවුනෙ එක දෙයයි.

" අපේ දුව මැරුණා...මේ එයා නෙවෙයි.ලොකු නෝන මේ කෙල්ලව අරන් යන්න.ආයි නේනවනම් තමයි හොද..."

තාත්තා ලෙඩ ඇදේ ඉදගෙනම කියුවෙ එච්චරයි.

" අනේ මහත්තයා...අපේ කෙල්ලනේ..අපි තියාගමු...අනේ නෝනා අපි මේවා රහසක් විදියට තියාගන්නම්..."

අම්මා ලොකු නෝනටයි තාත්තටයි වැද වැද කියුවෙ.මම දෙමව්පියන්ට දුන්න ගින්දරක්...එයාලා එපා කියද්දි තරුණ ගෑණු ළමයෙක් හොයනවා කියලා කියුවාම ඒකෙ මොකක් හරි අමුත්තක් තියෙනවා කියද්දි නොදන්න ගෙදරක වැඩට යවන්න බෑ කියද්දි ආර්ථික ප්‍රශ්න නිසා එයාලට මුරණ්ඩු වෙලා ආපු ගමන....අද හැමෝම විදවනවා මම නිසා.

තාත්තගේ අදහස් වෙනස් වුනේ නෑ..කොහොමත් ලොකු නෝනා මාව බංගලාවෙම තියාගන්න තමයි තීරණය කලේ.ගාල්ලෙ එක්කන් ආවෙ මේවා හැමදාම රහසක් විදියට තියාගන්න බැරි නිසා.මම අම්මාටයි තාත්තටයි වැන්දා.අම්මා අඩ අඩ ඔලුව අතගෑවත් තාත්තා මූණවත් බැලුවෙ නෑ.ඔහොම හිටියට එයාගෙ හිතට අමාරු ඇති.මම ආපහු පාරක් ගේ දිහා බලලා අඩ අඩම වාහනේට නැග්ගා ලොකු මැණිකෙ එක්කම.නුවර එළියට එනකන්ම කලේ නෝනගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් අඩපු එක.

" නාඩා ඉදින් කෙල්ලෙ...දරුවට හොද නෑනේද."

ලොකු නෝන මගෙ බඩට අත තියලා කියුවේ.
සිරිපාල අයියයි ගුණවතී අක්කයි වැඩ ඉවර කරලා රෑට එයාලගෙ ගෙදර යනවා.මම හැමදාම නිදාගත්තෙ බංගලාවටම අල්ලපු, එළියෙන් දොරක් තියෙන සුද්ද කරපු ගබඩා කාමරේ එක පැත්තක.ලොකු නෝනට පින්සිද්ද වෙන්න පොඩි ඇදකුයි කොට්ට මෙට්ටයි ලැබුනා.ගාල්ලෙ ගිහින් ආපහු ආවා විතරයි මම ඇද බදාගෙන ඇඩුවා ගොඩක් වෙලා.

කාලය යන ඉක්මනක්....මට දරුවා ලැබෙන්න තව සතියක් වගේ තිබුනේ.මේ මාස නවය පුරාවටම මාව ඉස්පිරිතාලෙ එක්කන් ගියානම් බෙහෙතක් අරන් දුන්නානම් ඒ ලොකු නෝනයි සිරිපාල අයියයි ගුණවතී අක්කයි විතරයි.
කොහොමහරි අලුත් නෝනා බැදාලා මෙහෙට ආවා.ඒ නෝනටත් වැඩිකල් නොයාම මේ රහස එළි වුනා.පුලුවන් තරමක් වෙනස් කම් කලා.දැනගත්ත දවසෙ පොඩි මහත්තයාටයි ලොකු නෝටයි ලොකු මහත්තයයි නොසෑහෙන්න බැන්නා.සාලෙ තිබුන මල් වාස් ටීවී එක පොලේ ගහලා කුඩු කලා.මගේ තොලක් පැලිලා ලේ එන්නම කම්මුලට පාරවල් කිහිපයක් ගැහුවා.බංගලාවෙ තනිකරම තිබුනේ එයාගෙ පාලනේ.ලොකු නෝනට අලුත් නෝනා එහෙම නැත්තම් සූහි නෝනාව පෙන්නන්න බෑ...සූහි නෝනාටත් එහෙමයි.ලොකු නෝනව පේන්න බෑ...සතියකට සැරයක් ඒ දෙන්නා රණ්ඩු වෙනවාමයි.

ගොඩාක් වෙලාවට සූහි නෝනා මගේ කෑම එක බලනවා.තේ හැදුවත් කිරි තේ අපිට බොන්න බෑ.මාලු ජාති ගෙනාවත් එයාලා කාල ඉතුරු වුනාම තමයි අපි කනවානම් කන්නෙ. සූහිනෝනා ඒ තරමට ලෝබයි.ලොකු නෝනා  මට හොරෙන් එයාගෙ මාලු කෑල්ල මස් කෑල්ල බිත්තර  මම එපා කියද්දිම බලෙන් ගෙනල්ලා දෙනවා.
සිරිපාල අයියා ගුණවතී අක්කත් එහෙමයි. සූහි නෝනට නොදැනෙන්න මාලු කෑල්ලක් සමහර වෙලාවට මගේ බත් පිගානට දාලා නොපෙනෙන්න බත් වලින් වහනවා.ඒ තරම් මම වෙනුවෙන් ලොකු නෝනයි සිරිපාල අයියයි ගුණවතී අක්කයි මට කැප වුනා.

රැයවල් හරිම දිගයි.බබෙක් හම්බවෙන්න ඉන්න බිරිදකට එයාගෙ ස්වාමියාගෙ ආදරේ අවශ්‍යම කාලයක් මේ.මම රෑට ගොඩක් වෙලාවට දැනෙන අපහසුවට අඩනවා.ඊටත් හිතට දුකයි.සමහර වෙලාවට බංගලාවෙ පොඩි මහත්තය කමරේ පැත්තෙන් අනුරාගී හඩවල් ඇහෙනවා.ඇස් වලට කදුලු උනනවා.ඒ දෙන්නා ජීවිතේ විදිද්දි මම ගබඩා කාමරේ ඉදගෙන නිදි නැතුව ජීවිතය විදවනවා.
රෑට අමාරුද මැණික...කොණ්ද අතගාන්නද...කකුල් අතගාන්නද..වතුර ටිකක් බොනවාද...බත් ටිකක් කවන්නද කියලා අහන්න මහත්තයෙක් මගේ ලග නෑ.තනියම වේදනාවන් විදදරාගන්නවා.

බබා ලැබෙන්න මට අමාරු වුනා.ටිකක් දුර ලොකු මහත්තයලව නොදන්න පැත්තක ඉස්පිරිතාලෙකට මාව එක්කන් ගියා.මගේ වේදනාව එක්ක හිටියෙ ලොකු නෝනයි ගුණවතී අක්කයි සිරිපාල අන්කලුයි විතරයි.පැය ගානක් අමාරුවෙන් දගලලා දගලලා මගේ අත්දෙකට උඩට ආවෙ ලස්සන හදක් වගේ මූණක් තියෙන පොඩි මහත්තය වගේම සුදු නෑ ඊටත් වඩා සුදු ලස්සන පුංචි පුතු පැටියෙක්.ලොකු කාලයක් බඩගින්නෙ ඉදලා වගේ පැටියා කිරි බොනකොට මගේ ඇස් කදුලින් බොද වුනා.මට අම්මාව මතක් වුනා.එයාලා මාඑක්ක කතාවක්වත් නෑ.මම හම්බුනාම එයාලටත් මෙහෙම දැනෙන්න ඇති.ලොකු නෝනගෙ ඇස් වලත් කදුලු.

ලොකු නෝන රණ්ඩු කරලා රණ්ඩු කරලා ලොකු මහත්තයාගෙන් ගුටිත් කාලා උප්පැන්නෙට පොඩි මහත්තයගෙ නම දීලා නෝනම බබාට ගැලපෙන නමක් දැම්මෙ.

ඔව් නෝනට ඕන උනේ මේ එයාලගෙම දරෝවෙක් කියල ඒ දරුවට සම තැනක් දෙන්න... ඒ නිසා සිංහල නම් දාන්න නොදී " කිම් සොක් ජින්" කියල කිව්වේ...ඒ තමයි මගෙ පැටියගෙ නම.එයාගෙ ආච්චි අම්මා එයාට දාපු නම.අපි බංගලාවට ආවා. නෝන බබාට නිල් පාටින් රෙදි එහෙම අරන් නෝනගෙ අතින්ම නැපි මැහුවෙ.ගබඩා කාමරේ අස් කරලා දුන්නා පුලුවන් වෙලාවක එයාලා.ලොකු මහත්තය අඩුම දරුවගෙ අප්පච්චි පොඩි මහත්තය නෙවෙයි දරුවගෙ මූණක්වත් බැලුවෙ.

සූහි නෝනා ඇවිත් කේන්තියෙන් පුපුර පුපුර දරුවා දිහා බැලුවෙ.

" හිගන පැටියෙක්..." මූණත් අකුලගෙන සූහි නෝනා එහෙම කියුවා.

සූහි නෝන ගෙදරට නිතරම ඇන්දෙ ගවුම්.එංගලන්තෙන් ගෙනාපු ගඩොල් භාගයක් වගේ ලොකු ෆෝන් එක ගොඩක් වෙලාවට එයාගෙ අතේ තිබුණා.ඒ තරමට පුදුම සෝභන කාරියක්.ගේ ඇතුළට පවා සෙරෙප්පු දාන වැලිඇටයක් පෑගෙන්න බැරි සුද්දොන්ටවත් නැති අමුතුම හැසිරීමක් තිබුන කොරියන්කාරියක්...කලු පාට ගොඩේ කැතයි.සුදු තමයි ලස්සනම කිය කිය ගුණවතී අක්කව හෑල්ලුවට පත් කරපු කෙනෙක්.පාටින් සල්ලිවලින් උගත්කමින් තමයි එයා මිනිස්සු මැන්නේ.හැමදේටම ඇගිලි ගහන කැත පුරුද්දක් එයාට තිබුනා.

නෝන  මම දරුවට කිරි දෙන නිසා කිරි පිටි ජාතියක් ගෙනැල්ලා තිබුනේ මට හදලා දෙන්න.ඕකත් සූහි නෝනාගෙ රබර් ඇහෙන් බේරගන්න බැරුව ගියා.ලොකු නෝන ගෙදර නැති වෙලාවක එයා කුස්සියට ආවා.

" ඈහ් දෙයියනේ....මේ කොහෙවත් යන ගොඩේ හිගන්නියන්ට මෙච්චර  ගනන් දීලා කිරි පිටි ගන්න.මොක්කුද මුන්.මෙහෙම සලකන්න තරම්."

සූහි නෝනා එහෙම කියලා පිටි ටික ඔක්කොම බිම හලලා ටින් එක සද්දෙට පොලේ ගැහුවෙ.

" මේකිගෙ ඇග තව හැදිලා.එන්නෙ එහෙම නෑ පොඩි මහත්තය ඉන්න පලාතකවත්."

එයා කියුවෙ කිරි වලින් බර වෙලා තියෙන මගේ පපුව දිහා ඉරිසියාවෙන් බලලා.

" අර යස්ස කොල්ලා අඩන කොට නින්දක් නෑ රෑට.පුලුවන්නම් රෑට ගුණවතීගෙ ගෙදරවත් එක්කන් යනවා."

සූහි නෝනා කියුවා.

" එයා කොහෙවත් යන්නෙ නෑ...බංගලාවෙ උරුමක්කාරයා ඒ..."

ලොකු නෝනා එහෙම කියාගෙනමයි කුස්සිය ඇතුළට ආවෙ.

" හහ්....උරුමක්කාරයා...බලමුකෝ...මූට උරුම මොනාද කියලා..."

සූහි නෝනා ලොකු නෝනට එහෙම කියලා ගස්සලා එළියට ගියේ.

..............

ඔන්න ලමයි promise උනා වගේම අප්ඩේට් කලා...

මේක නිකන් හෙන අමුතුයි වගේ නේ... කරන්න දෙයක් නෑ... ජින් ගේ අම්මාට මොකද උනේ කියල අපි දැනගන්නෙපැයි
....

ගොඩක් අය goals complete උනාම මට මැසේජ් දාල තිබ්බ... thank u soo much...

Comment Goal = 100

Vote goal = 50

කතාව මොන අතකට යන්න ඕනද කියල හිතාගන්න බෑ... අදහසක් දීගෙන යන්න.

බාල්දි ඕතරී...😈



Bạn đang đọc truyện trên: AzTruyen.Top