☠️27☠️
" මොනවා...අයියේ...ඔයාගේ ඇත්ත surname එක එහෙනම් කිම් ද...ඇයි මට බොරු කලේ.හා..."
මම ඇස් වල කදුලුත් පුරවගෙන කතා කලේ එයාගෙ ලගින් වාඩි වෙන ගමන්.
" අපි මෙතනින් යමු නේද..."
ජිමින් කියුවා.ටිකකින් ජිමිනුයි ජන්කුකයි එළියට ගියා.
" ඔයා ඇත්තටම ටේහේයුන්ගෙ අයියද.මොකක්ද මේ පැටලිල්ල.එතකොට මේ ඔම්මා..."
මම ඇහුවා.
" මමයි ටේහියුන්යි එකම අප්පගෙ හැබැයි ඔම්මලා දෙන්නෙක්ගෙ..."
එයා කියුවේ අම්මා දිහා බලලා හිනා වෙලා.
මේක අදහාගන්නවත් පුලුවන්ද.
" ඇයි මට...."
මම කියනකොටම.
" තමුසෙගෙ තාත්තා තාම දන්නෙනෑ මම කිම් ෆැමිලි එකේ කෙනෙක් කියලාවත් එයාගේ හොදම යාලුවා කිම් බෝගම්ට තවත් පුතෙක් හිටියා කියලාවත්..."
එයා කියුවා.
" එතකොට බැන්ගලෝ එක...."
මම ඇහුවේ පුදුමෙන්.
" උබ හිතනවාද අනුන්ගේ දේවල් උදුරගන්න කැත පුරුද්දක් මට තියෙනවා කියලා.අප්ප තමුසෙලෑ තාත්තා මරන්න වෙඩි තිබ්බ වෙලේ බාප්පලා ඉස්සරහා හොස්පිටල් එකේදි ලියලා තියෙනවා අන්තිම කැමැත්ත.ඒකේ ලියුවෙ මගේ නම පැටියෝ...කිම් සොක් ජින්...එයාට වැඩි වෙලා තිබුනේ නෑ.ඒක නිසා එයා අන්තිමට ඔප්පුව ලියන කොට කලබලේට පේපර්ස් වල කියලා තියෙන්නෙ S.J. Kim කියලා.අරූගෙ නම Kim Taehung...අප්පච්චි ඒක බාප්පගේ අතට දුන්නලු.ඒත් උන් හිටියේ ටේහීයුන් ගේ පැත්තට.උන් පේපර්ස් හැංගුවා.මටයි ඔම්මටයි ඉන්න දුන්නෙ නෑ ටේහියුගෙ අම්මණ්ඩි."
ජින් එහෙම කියුවාම මගේ හිත වේගයෙන්ම ගැහෙන්න ගත්තා.
" අ...අනේ ඒ කියන්නේ ඒ දේපළ ඔයාටද එන්න ඕනි..."
මම ඇහුවා.එයා ඔවු කියන්න ඔලුව වැනුවා.
" තමුසෙ ලාස්ට් විල් එක කියෙව්වෙ නෑ නේද."
එයා ඇහුවා.
" නෑ..."
" බලන්නකෝ ගෙදර ගියාම.ඒකේ තියෙන්නෙ මගේ නම."
එයා කියුවා.
" මට සමාවෙන්න අයියේ...නොදැන ඔයාට හිතින් සාප කරන්න ඇති ගොඩාක්.අනේ මට සමාවෙන්න."
මම කියුවා.
" කතාවෙ ඉතුරු ටික ගෙදර ගිහින් කියන්නම් මැණික.ඔම්මා ටික දවසක් නුවර එළියේ ඉදලා ගාල්ලෙ යාවි.තමුසෙලාගේ තාත්තා තමුන් ගැන ඇහැගහගෙන ඇත්තෙ.ඒක නිසා ඔම්මව එහෙ වැඩි කල් තියාගන්න බෑ."
එයා කියුවාම මම ඔලුව වනපු එක කලේ.
" සදලී....ඉස්සෙල්ල කියපු එක ආයෙත් කියන්න බලන්න..."
එයා ඇහුවේ ආදරෙන්.
" ආදරෙයි ගොඩක්..."
මම කියුවෙ ලැජ්ජාවෙන් බිම බලාගෙන.
" මම කියුවෙ ඔම්මා...මෙයාව මම හැක් කරලා ආවෙ.මෙයාට මම නැතුව ඉන්න බෑ..."
ජින් කියුවා.අම්මාගේ ඇස් වල කදුලු.
" අඩන්න එපා ඔම්මා.පුතා දැන් මගේනෙ.මම පරිස්සමට බලාගන්නම්..."
මම කියුවෙ අම්මගෙ ඔලුව අතගාලා.
" මමනම් ගොඩක් වාසනාවන්තයි.ඔයා මගෙ ලේලි නෙවෙයි මගේම දුව..."
අම්මා කියුවේ.
" එනවා ඔයාලා දෙන්න ඔතන ඉදන් මට කින්ඩිය දාන්නෙ නැතුව."
ජින් කෑගැහුවා.
" සර්....ආ යූ ඕකේ..."
ජිමිනා ඇහුවේ හිනාව ආයාසයෙන් නවත්තගෙන.
" ඇයි මට අවුලක් නෑ..."
ජින් කියුවෙ.
" නෑ ඉතින් අද ඉදන් සර්ට රෑට රෑට...."
ජිමින් කියනකොටම....
" කටවහපිය...තොපිලගෙ කටවල්නම් වක්කඩ වගේ..."
එයා කියුවෙ ලැජ්ජාවෙන් වගේ කියලා තේරුනා.මොනවා කරන්නද මටත් ලැජ්ජයි.
" හම්මෝ ඉතින් ඒකෙත් හැටි නේද ජන්කුකා..."
ජිමන් කියුවේ දෙකට තුනට නැවිලා හිනාවෙන ගමන් ජන්කුක්ගෙ පිටටත් ගහලා.
" සර්ට හිතාගන්න බෑ වගේද තාම..."
ජන්කුක් ආයෙමත් ඇහුවෙ හිනාවෙලාම උනපු කදුලු ටිකත් පිහදගෙන.
" ඔවු බන්...මට ඇහුන ඒව උඹලටත් ඇහුනා නේද..."
ජින් ඇහුවා.
" නෑ අපිට ඇහුනේ නෑ සර්..."
ජන්කුක් හිනාව නවත්තගෙන කියුවේ.
" ටේහියූන්ගේ අවතාරෙ සදලි වගේ ඇවිල්ලද නෑනෙ"
එයා කල්පනා කරනවා.
" නෑ නෑ අපිටත් ඇහුනා.ඇද පොල්ල ගලවලා දෙන්නද හීනයක් වගේනම්."
ජිමීන් ආයෙම පාරක් ඇහුවා.
" කොහොමත් ගෙදර ගියාම දැන් ඇද පොලු ගැලවෙයි..."
ජන්කුක් කියුවා.මේ දෙන්නට මෙතන අම්මා ඉන්නවා කියලවත් ගානක් නැති හැටි.මට නම් හොදටම ලැජ්ජයි.
" හපෝ යනවා තමුසෙලා දෙන්න...රෙද්ද..."
එයා කෑගැහුවා.
" ඔවු ඔවු ඇත්ත තිත්තයි..."
ජිමින් එහෙම කියලා බකස් ගාලා හිනාවුනේ.
" මේ ජිමිනා තමුසෙ එදා බීලා ගිහිල්ලා දිනුෂි ගෙන් ගුටි කෑවා නේද මදි නොකියන්න.හෙන ගේමක් දීලා බේරගත්තෙ."
ජින් එහෙම කියුවාමනම් ජිමින්ගේ කට ඇද වෙලා ගියා.
ඔව්... ජිමිනුයි දිනුෂියි යාලු වෙලා නැතත් යාලුවො වගේ ඉන්න තීරණය කරලා... ඒත් ජිමින් ගෙ හිතේ නම් දිනූෂි ගැන තියෙන බලාපොරොත්තුව එහෙමමයි... හැබැයි කෙල්ල මූව හදල ගනී කියල විශ්වාසයක් තියෙනව...
" එතකොට ජන්කුක්...තෞසෙ....."
ජින් කියනකොටම....
" මේ ඒක නෙවෙයි සර්ගේ ඩිස්චාජ් පේපර්ස් හරිගස්සන්න ඕනි නේද.යමු යමු ඩොකා ලගට...අපේ සර් මහන්සි වුනාට කමක් නැද්ද කියලත් අහමු."
ජන්කුකයි ජිමිනයි කරට අත් දාගෙන ලිස්සලා ගියා එතනින්.
" ආවා මෙතන මාව බයිට් කරන්න."
එයා අර දෙන්නා යන දිහා බලන් කියුවේ.මටනම් දැන් ඒ මූණ බලන්නත් ලැජ්ජයි.
" තමුසෙ හරියට කෑවෙ බියුවෙ නෑ කියලා අන්කල් මට කියුවා.මම නිසාද ඒ..මම හිතුවෙ අසනීප දවස් කියලා."
එයා කියුවා.
" ඔයා නැති නිසා තමයි.වෙනදාට මම අයියට කවනවනෙ..."
මම.කියුවෙ බිම බලාගෙන.
" කෝ එන්න..."
එයා කියන්නෙ ලගට එන්න කියලා.
මම ගිහින් එයාට තුරුල් වුනේ එයාගෙ නමින් හදවත ගැහෙද්දි.වෙනදා නොදැනෙන තරමේ උණුසුමක් අද ඒ පපුවෙන් දැනෙන්නෙ.
" අයි ලව් යූ සදලි..."
" අයි ලව් යූ අයියේ.වේදනාවක් දුන්නානම් සමාවෙන්න.පරිස්සමට බලාගන්නම් ඔයාව."
මම් කියුවේ එයාගෙ පපුවෙන් මෑත් වෙලා.ඒ උකුස්ස වගේ සරාගී ඇස් මගේ ඇස් වලට යා වෙලා.මම ලැජ්ජාවට බිම බලාගත්තා.
පැයකට විතර පස්සෙ එයාව ඩිස්චාජ් කලාම අපි නුවර එළියට ආවා.එයා මහන්සියෙන් සැටියට බර වෙද්දි මම අම්මව ගේ ඇතුළට එක්කගෙන ඇවිත් රෝද පුටුවෙන් නැගිට්ටවලා එයා ලගම සෝෆා එකට බර කලේ.
" ජින් මහත්තයා..." සිරිපාල අන්කල් ලගට ආවා.
" මෙයාට හැමදේම කියුවා අංකල් ."
ජින් කිව්වා
" දෙයියනේ..නන්දනී......" සිරිපාල අන්ක්ල දුවගෙන ගියේ අම්මා ලගට.
" කොහොමද සිරිපාල අයියේ....අදුරන්නත් බැරි තරමට වෙනස් වෙලා.කෝ අපේ ගුණවතී අක්ක."
අම්මා ඇහුවේ සිරිපාල අන්කල්ගෙ අතක් අල්ලගෙන.
" මීට අවුරුදු දහයකට කලින් උන්දැ පපුවෙ අමාරුවක් හැදිලා නැති වුනානෙ."
සිරිපාල අන්කල් ඒක කියුවෙ දුක හිතෙන විදියට.
" දෙවියනේ...අපෙ ගුණවතී අක්කා නැති වුනාද..."
අම්මා ඇහුවේ ඇස් කදුලින් පුරවගෙන.
" අන්කල් මෙතනින් වාඩි වෙන්න....අම්මත් එක්ක කතා කරන්නකො..."
ජින් එහෙම කියලා සිරිපාල අන්කල්ව බලෙන්ම එතනින් වාඩි කලා.මගේ ලගට මනමාල හිනාවක් දාගෙන ආපු එයා ජිමින් කතා කලාම නැවතුනා.මම ටක්ගාලා කුස්සියට ගියේ කට්ටියට තේ හදන්න.
" සර් මෑන් ඉන්න තැන හොයාගත්තා.අම්පාරෙ තැනකලු ඉන්නෙ..."
ජිමින් කියුවා.
" අරන් වරෙන්." ජින් කියුවා.
" සර් අපි යන්නද එහෙනම්..."
ජිමින් ඇහුවා.
" හිටහන් හිටහන්.ගිහින් වාඩි වෙයන්.තේකක් බීලම පලයන්."
ජින් කියුවා.
" අපි ගාඩන් බෙන්ච් එකට යන්නම්.සනීපයි එතන."
ජිමින් කියුවා.
" සනී.............පා........"
කින්ඩි හිනාවකුත් එක්ක ජන්කුක් කියනකොටම...
" පලෑන්න මගෙන් මුකුත් නාහ."
ජින් බැනලා කෙලින්ම ආවෙ කුස්සියට.
කුස්සියට ආපු එයා වතුර වීදුරුවක් බීලා දගකාර හිනාවක් දාගෙන මගෙ ලගට ආවෙ.
මම තේ හදද්දි එයා පිටිපස්සෙන් ඇවිත් මගේ බද වටේ දෑත් යවලා මාව තුරුල් කරගත්තෙ මගේ උරහිසට මූණ තියාගෙන.
" අහුවුනානේ මගේ මැජික් වලට කෙල්ල..."
එයා කියුවා.
" පව් කියලා හිතුනා ඉතින්..."
මම කියුවා.
" මම කියුවෙ දවසක තමුසෙගෙ කටින්ම අහගන්නවා කියලා."
එයා කියුවේ මගේ කම්මුලක් ඉඹලා.
" මූණ කට හෝදන් එන්න."
මම කියුවා.
" හෝදන්නකෝ..."
එයා කියුව.
" ඇත්තටම මොකක්ද වුනේ.ඇක්සිඩන්ට් වුනේ කොහොමද..."
මම ඒක ඇහුවා විතරයි එයා මගෙන් ඈත් වුනේ ලොකු හුස්මක් හෙලලා.
" නින්ද ගියා.."
එයා කියුවා.
" නින්ද ගියා...?! " මම ඇහුවා.
" හ්ම්ම්....."
එයා එහෙම කියලා හිමීට ලිස්සලා ගියා එතනින්.ඇයි මේ.....නින්ද ගියා...වෙන්න බෑ.මෙතන මොකක් නමුත් වෙලා තියෙනවා.
මම කිටියටත් කිරි ටික එයාගෙ කප් එකට දාලා බිස්කට් එක්ක අරගෙන ගියේ තේ ටික.අම්මටයි සිරිපාල අන්කල්ටයි තේ දීලා අර තුන්දෙනාට බෙන්ච් එක ලගට ගිහින් දුන්නා.
සීරියස් කතාවක හිටපු තුන් දෙනා මම එනකොටම කතාව වෙන පැත්තකට හරවගත්තා.මෙයා තවත් මැර වැඩක් කරන්නවත්ද යන්නෙ.නොහිතුනාම නෙවෙයි මට.තේ බීලා ඉවර වෙලා ජිමිනුයි ජන්කුකයි ගියා.
රෑට කෑම කඩෙන් ගෙන්නලා සිරිපාල අන්කල්ටත් පාර්සලයක් දුන්නෙ එයා තව කලුවර වෙන්න කලින් ගෙදර යන්න ඕනි කියලා කියපු නිසා.කෑම කාලා ඉවර වෙලා අම්මට සිරිපාල අන්කල් හිටපු පහළ කාමරේ ලෑස්ති කරලා දුන්නේ එයාට පඩි නගින්න අමාරු නිසා.අම්මට ඇග පත හෝදගන්න උදව් වෙලා ඇදුමක් අන්දවලා බෙහෙත් ටික බොන්න දීල ඇදේ හාන්සි කෙරෙව්වෙ.අම්මට නින්ද යනකන් ටිකක් වෙලා හිටපු මායි ජිනුයි උඩට ආවා.
කාමරේට ඇවිත් දොර වහපු මාව ඇදලා ගත්තෙ එයාගෙ ලගට.මම හිමීට එයාගෙ ශර්ට් එකේ බොත්තම් ගැලෙව්ව.
" අයියේ ඔයාගේ අත් සීරිලා හරියට..."
මම කියුවා.
" දුකයිද තමුසෙට..." එයා ඇහුවා.
" හ්ම්ම්..." මම එහෙම කියලා එයාගෙ මූණ දෝතට ගත්තෙ.
" දෙන්නෙක් ආදරේ කරද්දි මෙච්චර ලස්සනද.කලින් තිබුනෙ ඒක පාර්ශ්වික ආදරයක්නෙ.මේකයි ඒකයි ගොඩක් වෙනස්."
මම කියුවෙ ආදරෙන් එයාගෙ දිහා බලාගෙන.
" ඒකනේ මම කියුවේ.තමුසෙ පසුතැවෙයි කියලා මෝඩි."
එයා කියුවේ මගේ මූණට ඒ මූණ බර කරලා.මොහොතක් නොයිද එයා මගේ තොල් වලට බර වුනේ මගේ දෑස් පියවෙලා යද්දි.පළවෙනි වතාවකට එයාගෙ හාදුවකට හිත ලෝබ වුනා.
" මාව දාලා යන්න එපා.හැමදාම ඉන්න මගේ ලගටම වෙලා." මම කියුවා.
" අයි ප්‍රොමිස් යූ..." එයා ඒක කියුවෙ රහසින්.
මම ඇදුම් උනා දාලා ටවල් එක පටලගෙන ගිහින් එයාගෙ බැන්ඩේජ් කරපු තැන් නොතෙමෙන්න මූණ අත පය සෝදගන්න උදව් කලා.
" හා අනික් ඒව මන් කරගන්නම්.එහාට වෙලා ඉන්නවා. වයිෆ් උනත් හැමතිස්සෙම පෙන්නන්න බෑ."
එයා කියුවා.මම ලැජ්ජාවෙන් රතුවෙලා බාත්‍රෝම් එකෙන් එළියට ආවෙ.
කිටී දොර ලගින් දොර පහුරු ගානවා.එයාටත් කාමරේට එන්න ඕනි කියලා ඔය කියන්නෙ.මම දොර ඇරලා එයාව වඩාගෙන ආපහු දොර වැහුවෙ.
" ඔයා පුටුව උඩින් ඉන්න.ඇදේ ඉන්නවා දැක්කොත් අරයා බනීවි..."
මම කිටියට කියුවෙ එයාව පුටුව උඩින් තියන ගමන් රහසින් වගේ.
" තමුසෙ හෝදගන්නවා.මම ඉන්න ඕනි නෑනෙ දැන්."
එයා කියුවෙ අදේ වාඩි වෙන ගමන්.
" රෑ වෙනකන් හිටියේ නෑ මේ දවස්වල.හවස හෝදගත්තා.මෙතනින් ඉන්න."
මම කියුවෙ කණ්නාඩි මේසයේ ස්ටූල් එක පෙන්නලා.එයා එතනට ආවට පස්සෙ මම හොට් වෝටර් වලින් ඇග හෝදගෙන දම්පාට ස්කිනි එකකට කලු පාට කොට ශෝටක් ඇදගෙන කොණ්ඩෙ තනි කරලට ගොතා ගත්තා.
" ඔය හිටියා වගේ දවස් ටිකක් ඉවසන්නකෝ නෝන.මගේ මේ ඇග වටේ තියෙන තුවාල ටික හොද වුනාම අල්ලගන්නම්කෝ..."
එයා කියුවා.මම හිනාවක් දාලා ලයිට් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක ඩිම් කරලා එයාගෙ එහා පැත්තට ආවෙ නෙට් එකත් පහළට කරන ගමන්.
" මොකෝ බන් මේ කොට්ටවල මගෙ සෙන්ට් එකේ සුවද මෙච්චර එන්නෙ..."
ජින් කියුවා.
" ඔයා ඉන්නවා වගේ ලග දැනෙන්න ඕනි නිසා පර්ෆියුම් එක ස්ප්‍රේ කලා."
මම අනික් පැත්තට හැරෙන ගමන් කියුවේ.
" සදලී...සිරාවට..."
එයා ඇහුවෙ ලාවට හිනා වෙලා.
මම හිතුවෙ එයා මාව පිටිපස්සෙන් තුරුල් කරගනී කියලා.ඒත් එයා අනික් පැත්ත්ට හැරුනේ මගෙ හිත කෑලි වලට කඩලා.
විනාඩියක් දෙකක් යන්න ඇති.එයා ආපහු එයාගෙ පපුව මගේ පිටට හේත්තු වෙන විදියට තියාගත්තෙ මගේ ඔලුව එයාගෙ අත් බාහුවකට යට කරගන්න ගමන්.
" රිදේවි ඔයාට ඒ අත තුවාලයි නේද..." මම ඇහුවා.
" නෑ....තමුසෙ ආසයි නේද මගේ තුරුලෙ ඉන්න..." එයා කියුවා.
" හ්ම්ම්..."
" තමුසෙ වල්..." එයා කියුවෙ රහසින්.
" එහෙම තමයි ගෑණු ළමයි.ආදරේ කරන කෙනා ලගදි.ඔයාලගෙන් නැතුව අපි වටේ ගිහින් පිරිමහගන්නද...."මම කියුවෙ හුරතලේට.
" අම්මෝ තමුසෙ...ලග ඉන්නත් බයයි....මොනා වුනත් තමුසෙ තමුසෙගෙ අම්මයි තාත්තයි වගේ නෙවෙයි.හැම බිරිදක්ම හස්බන්ඩ්ට කීකරු වෙන්න ඕනි.වචනෙන් නෙවෙයි හදවතින්" එයා කියුවා.
" ඔයා මගේ...." මට කියවුනා.
" මගේ හැමදේම තමුසෙගෙ තමයි ඉතින්...."
එයා එහෙම කියලා හිනා වුනාම මම එයාගෙ කකුලට පාරක් ගැහුවේ.
" ඉක්මනට ගේමු හොදේ..."
එයා කියුවෙ මගෙ කුස අතගාලා.වෙනදා වගේ ඒ අත මම අයින් කලේ නෑ.අද කලේ ඒ අතට උඩින් මගේ අත තියාගත්ත එක.
" මාත් බලාගෙන ඉන්නවා."
මම කියුවා.එයා මගේ කම්මුලක් සිපගෙන තව තවත් මාව ඒ තුරුලට ගත්තෙ.
එයාට නින්ද ගිහිල්ලා.ඒත් මට නින්දක් නෑ.හිත පිරිලා වගෙ දැනෙන්නෙ.ජීවිතේ මම තනි නෑ කියලා පළවෙනි වතාවට දැනුනේ.
ඇත්තටම අපිට ආදරේ දෙන්නෙ අපි හීනෙකින්වත් නොහිතන අය.ගොඩක් ගෑණු ළමයි ඒ වගේ අයව මගහැරගන්නවා තමන්ට මෙලෝ වටිනාකමක් නොදෙන අයව ජීවිතේට ලං කරගෙන.මම පසුතැවෙනවා ටේහියුන් ඔයාට මම ආදරේ කරපු එකට.මම නින්දට වැටුනේ ගොඩාක් වෙලා කල්පනා කර කර ඉදලා.
.................
වත්ත තුළට පිවිසීමට නොහැකිව ගේට්ටුවෙන් එපිට පාරේ ඔබ මොබ ඇවිදින කලු විශාල සුනඛයෙකි.ඔහු ඉවසීමෙන් බලාසිටින්නේ නිවෙස වටා ඇති ආරක්ශාව නැති වී යන දවස වෙනුවෙනි.....
..........
එලාම් එකේ සද්දෙට මම නැගිටලා ඇදේ වාඩි වෙලාම හිරි යැව්වෙ.එයානම් සැපට නිදි මුණින් අතට හේත්තු වෙලා.මම එයාගෙ බෙඩ්ශීට් එක අයින් කරලා ඒ පිට අතගෑවා.එහෙමම කම්මුලකට හාදුවක් තැවරුවේ හිත ආදරෙන් පිරිලා යද්දි.මම ඇදෙන් නැගිටලා එන්න හදන කොටම එයා මාව ඇදලා ගත්තෙ එයාගෙ තුරුලට.මම එයාගෙ ඇග උඩ.ඒ ඇගේ උණුසුම මගේ ලේ නහර පවා විදගෙන යනවා වගේ මට දැනුනෙ.මම ඒ උකුස්සෙක් වගේ තියෙන දෑස් දිහා බලා ඉන්න බැරි තැන තොලත් හපන් අහක බලාගත්තා.
" මොකෝ...ම්...."
එයා ඇහුවෙ මගේ මූණට වැටුනු කෙහෙ රැල්ලක් අයින් කරලා.
" අතාරින්නකෝ...පරක්කු වෙනවා."
මම කියුවා.
" බෑ..."
එයා රහසින් වගේ කියලා ඒ ශක්තිමත් දෑත් මගේ බදවටා තව තවත් තද කරලා මාව එයාට තුරුල් කරගත්තා.
" අනේ අතාරින්නකෝ..."
මම් කියුව.
" හොරෙන් කිස් කලා නේහ්..."
එයා එහෙම කියලා අනෙක් පැත්තට මාව ඇදේ පෙරළගත්තෙ.
නළලෙන් පටන් ගත්ත හාදුව මූණ අතොරක් නැතුව සිපගත්ත එයා ගෙලට හාදු තවරන්න වුනේ මගේ දෑස් පියවෙද්දි.මට බයයි මගේ නියපොතු වලට එයාගෙ තුවාල වෙලා තියෙන පිට සීරේවි කියලා.ටික ටික එයාගේ හාදුවල පහස රලු වුනා.ගෙලට යම් වේදනාවක් දැනුනත් මම හිටියා.
" හ්ම්....දැන් යනවා..."
එයා කියුවා.මම එයාට ඔරවගෙන ඇදේ වාඩි වුනේ.
" මොකෝ ඔරවන්නෙ.ඇස් දෙක ගලවලා දෙනවා බල බල ඉන්න."
එයා කියුවා.
මම සරාගී දෑස් වලින් එයාගෙ මූණටම එබිලා කතා කලේ.
" හැමතිස්සෙම කියනවා අවුස්සන්න එපා කියලා..." මම කියුවා.
" මම හැමතිස්සෙම තමුසෙට කියනවා....ඇවිලෙන්න මම නිවන්නම් කියලා..කෝ අහනවාද..."
එයා කියුවේ දගකාර හිනාවක් දාලා.
" තුවාල ටික සනීප කරගන්නකො මහත්තයා...මම බලාගන්නම් එතකොට."
මම කියුවෙ ඇහැක් ගහලා හිනා වෙලා.මගේ හිතත් මේ නපුරට බැදුනු හැටි.
" අම්මෝ...ඕයි...මට හපන් වෙයිද දන්නෙ නෑ...බලහත්කාරකම් කරන්නද හදන්නෙ."
එයා ඇහුවේ මගේ කම්මුලේ අතක් ගෙනියලා.
" ඔවු මගේනේ..." මම කියුවෙ එයාව ඇදලා අරගෙන මගේ පපුවට තුරුල් කරගෙන.
" තමුසෙ පරිස්සම් වෙන්න සදලි.අපි වටේ වෙන දේවල් වල ඉවරයක් කවද්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වෙයි."
එයා කියුවෙ හුස්මක් දාලා.
" අයියත් පරිස්සමින්.මට කිසිම දෙයක් හංගන්න එපා ආපහු තේරුනාද."
මම නැගිටලා එහෙම කියලා එයාගෙ නළලට හාදුවක් තියලා ටවල් එකත් අරගෙන බාත්රූම් එකට ගියා.සාමන්යෙන් උයන්න කලින් මූණ කට හෝදගෙන උයලා ඉවර වෙලා හොදට ඇගහෝදගන්න එක මගේ පුරුද්දක්.
මම ටක්ගාලා මූණ කට හෝදගෙන පහළට ගියා.
" ඔම්මා....."
මට පුදුමයි.අම්ම රෝද පුටුවෙන් නැගිටලා පැන්ට්‍රියට වාරු වෙලා වතුර රත් වෙන්න තියනවා.
" පුතාලා නැගිට්ටද."
අම්මා ඇහුවේ හිනාවෙලා.
" අනේ ඔම්මා ඔම්මා මේවා කරන්න ඕනි නෑ..මට පුලුවන්නෙ.කෝ වාඩි වෙන්න."
මම එහෙම කියලා අම්මව බලෙන්ම වාඩි කෙරෙව්වා.
" කම්මැලි හිතුනා පුතේ.ගෙදර ඉන්නැද්දිත් දයාට උදව් වෙන එකනෙ මම."
අම්මා කියුවේ.
" ඔම්මා ඉන්නකෝ....ඔම්මා කිරි තේ හදන්නද කෝපි හදන්නද..."
මම ඇහුවා.
" තේකක් බොමු පුතේ.."
.අම්මා කියුවේ.
අම්මා බැලුවෙ තමාට පිටුපාලා කොප්ප හෝදන සදලිගෙ ගෙල දිහා.ඇයගේ ගෙලෙහි දුටු රත් පැහැ පැල්ලම දුටු ඇය හිනා වුනේ ඉමහත් සතුටකින්.
" දැන්නම් මගෙ කොල්ලා සතුටින් ඉදීවි."
ඇයට හිතුනා.
" අනේ හරි ලස්සනයි මෙයා..."
අම්මා කියුවා.මම පිටිපස්ස හැරිලා බැලින්නම් කිටියා අම්මගෙ ඔඩොක්කුවට නැගගෙන.
" හුරතල් නේද ඔම්මා..."
මම.කියුවේ කිටියගෙ ඔලුවට තට්ටුවක් දාලා.
" මාත් ආසයි සත්තුන්ට.කොහෙද අපෙ කොලුවා...."
අම්මා කියනකොටම.
" ඔවු ඔම්මා...කිටීටත් හරියට කරදර කරනවා එයා."
මම කියුවා.
" දෙයියනේ කියලා මගෙ ඇස් පිය වෙන්න කලින් මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි මේ අත් දෙකට ඉක්මනින් ගෙනත් දෙන්න ඕනි හරිද..."
අම්මා එහෙම කියුවේ මගේ අතින් තේක අරගන්න ගමන්.මාවනම් ලැජ්ජාවට රතු වුනා.
එයාගෙන් පැටියෙක්....හිතන කොට පවා මගේ ඇග සීතල වෙලා ගියා වගේ දැනුනෙ.
" අනිවාරෙන් ඔම්මා.ඉක්මනට ගේන්නම්." මම කියුවා.
අයියා සාලෙට ආවම මම අම්මවත් එක්කගෙන සාලෙට ඇවිත් එයාව සැටියට වාරු කලේ.මම අයියගෙ අතට තේක දුන්නෙ එයා කෝල් එකක ඉන්නැද්දි.
මම එයා දිහා ටික වෙලාවක් බලන් හිටියා.එයාගෙ හිනාව මට කලින් දවස්වල මතක් කලේ ටේහියුන්ව.ඒ මූණු වල ලොකු සමානකමක් තිබුනා.අඩුම ඒ ගැනවත් මට විපරමින් ඉන්න බැරුව ගියානෙ.ටේහියුන් ට තිබුනෙ තනිකරම කොරියන් පෙනුමක්... ඒත් ජින් ගේ ගෝල්ඩන් කලර් එකක් තියෙන්නේ... මම කලින් හිතුවෙ මෙයා ගොඩ කලක් ලංකාවෙ හිටපු නිසා ක්ලයිමෙට් එකේ අවුලක් නිසා ඩාක් වෙලා වෙන්නැති කියලා... උකුස්සෙක් වගේ ඇස්....ඇත්තමයි එයා ගොඩක් ලස්සනයි.හරිම කඩවසම්.
" මොනාද කල්පනා කරන්නෙ."
එයා මගෙ ඇස් ඉස්සරහින් ක්ලිප් හඩක් තියලා ඇහුවේ.
" මුකුත් නෑ..."
මම ලැජ්ජාවෙන් කියලා මූණ පැත්තකට හරවගත්තෙ.තේ බීපු මම කුස්සිය අස් කරන්න ගියාම අම්මත් බලෙන්ම ඇවිත් මට උදව් කලා.
" ඕකේ ජිමින් .වැඩ ටික කරන් පලයන්.සල්ලි මදි වුනොත් කියහන් හොදේ...."
ජින් කියුවා.
" සර්.....ඒකනෙමේ..."
" ඕ කියහන්..."
" ඊයෙ හොදට නින්ද ගියාද...."
ජිමින් එහෙම කියලා හයියෙන් හිනා වුනා.
" තියපන් ඔය ෆෝන් එක...."
ජින් එහෙම කියලා කේන්තියෙන්ම කෝල් එක කට් කලා.
මම කෑම ටික මේසෙට යවල කිටියටත් කෑම දීල අම්මටයි එයාටයි කැව්වෙ මමත් කන ගමන්.
මගේ අම්මා වගේ නෙවෙයි එයාගෙ අම්මා.දරුවො තමයි එයාගෙ පලවෙනිම දේ.නැතුව අපේ අම්මා වගේ ක්ලබ් නෙවෙයි.කවදා අම්මයි තාත්තයි ඒ සෙල්ලක්කාර ජීවිතේට සමුදෙයිද මන්දා.
කෑම කාල ඉවරවෙලා මම ලෑස්ති වුනේ ස්කූල් යන්න.කණ්නාඩිය ඉස්සරහා ඉදගෙන සාරියෙන් නිරාවරණය වුන ගෙල උර ප්‍රදේශයට ෆවුන්ඩේශන් ගෑවෙ අරයාගේ ආදරේට ලැබුණු මාක් ටික හංගගන්න.එය මගේ පිටිපස්සට ඇවිත් බදාගත්තා...
" තෑන්ක්ස්..." එයා කියුවා.
" මොකටද..."
" මගෙ ඔම්මාව බලාගන්නවාට."
එයා කියුවා.මම හැරුනේ එයාගෙ පැත්තට.
" මගේ අම්මත් ඔයාගෙ ඔම්මා වගේ හොද කෙනෙක් වුනානම්."
මට කියවුනා.
" ලැබීම තමයි මැණික.දුක් වෙන්න එපා.එයා ඔයාගෙත් ඔම්මනේ ම්ම්.."
එයා කියුවේ එයාගෙ නළල මගේ නළලට හේත්තු කරලා.
" යමු...ම්ම්...ගයාන් ලා කතා නොකලොත් මම දවල්ට කෙල්ලව ගන්න එන්නම්.ම්ම්....මම ආවෙ නැත්තම් බස් එනකන් බලන් ඉන්න එපා.වීල් එකක එන්න."
එයා කියුවා.මම ඔලුව වැනුවා විතරයි.
" තමුසෙ රස්සාවක් කලා කියලා මගෙන් මුකුත් නොඉල්ල ඉන්න එපා. ඕනි කරන ඇදුම් හැමදේටම මගේ කාඩ් යූස් කරන්න.තමුසෙගෙ සල්ලි පොතේ දාගන්නවා.රස්සාව කරන්න දෙන්නෙ තමුසෙගෙ ආසාවටයි අනික ඔච්චර දැනුමක් අහක යවන්න බැරි නිසයි.නැතුව මට තමුසෙව ජීවත්කරවන්න බැරි කමකට නෙවෙයි.තේරුනාද..."
එයා කියුවෙ මගෙ නහයට තට්ටුවක් දාලා.
මම බිම බලාගෙන ඔලුව වැනුවා විතරයි.
" යමුද දැන්.පරක්කු වෙයි."
එයා කියුවා.
" තව ටිකක්..."
මම එහෙම කියලා එයාගෙ බඩ වටේ දෑත් යවලා ඒ පපුවට තුරුල් වුනේ.දවසම වුනත් මෙහෙම ඉන්න තියෙනවානම්.මගෙ හිතුවක්කාර හිත පැතුවා.
" මේකි යකෝ....හිර කරගෙන හිටියා නේද මෙච්චර කල්..."
එයා කියුවේ මගේ හිස එයාගෙ පපුවට තවත් තද කරලා.
" ආදරෙයි...." මම කියුවා.
" මාත් ආදරෙයි.කෝ දැන් යමු..."
එයා එහෙම කියුවාම මම ඒ තුරුලෙන් මෑත් වුනේ.
" සිරිපාල අන්කල්ට කෝල් කරලා බලන්න චුට්ටක් පවුනෙ."
මම කියුවා.
" හරි මම බලන්නම්."
එයා එහෙම කියලා ඉස්සර වුනා.
අපි අම්මටත් කියලා ස්කූල් එක ලගට ආවෙ.එයා මෙහෙමම වටවල යනවා කියලා කිව්වා ප්‍රොජෙක්ට් එකේ වැඩකට.එයා ගියාම මම ස්කූල් එක ඇතුලට ආවා.
වෙනදට වඩා උද්යෝගයෙන් මම ළමයින්ට අද ඉගැන්නුවා.හිතම පිරිලා.මතක් වෙන්නෙම ඒ මූණ.ඇත්තටම මම පසුතැවෙනවා.ටේහියන් වගේ කෙනෙක්ට ආදරේ කරලා මේ ආදරේ මුලින් මග හැර ගත්තට.ස්ටාෆ් එකේ ඉදගෙන ළමයින්ගෙ පොත් බලන ගමන් මට කල්පනා වුනා.
කතාවක් තියෙනවානේ ජීවිතයට වසන්තය එන්නෙ පරක්කුවෙලා කියලා.
ඒත් එක්කමයි ෆෝන් එක රින් වුනේ.
" කියන්න අයියෙ..."
" බබා මම අන්කල්ට එන්න කියුවා.මම පරක්කු වෙයි එන්න හොදේ.හදිසි වැඩ වගයක් තියෙනවා."
එයා කියුවා.
" ගොඩක් රෑ වෙනවාද...අනේ පරිස්සමින් හොදේ."
මම කියුවෙ හිත පිරිලා ආදරේ උතුරද්දි.
" ගොඩක් රෑ වෙන්නෙ නෑ මැණික.බය වෙන්න එපා.මම හවස හතර විතර වෙද්දි ගෙදර එනවා ම්ම්...බය වෙන්න එපා.තමුසෙ කැබ් එකක පරිස්සමට ගෙදර යනවා හොදේ."
එයා කියුවා.
" හරි අයියේ.පුලුවන් ඉක්මනට ගෙදර එන්න."
මම කියුවා.බයක් නැතුව නෙවෙයි එයා එන්න හවස් වෙනවා කියලා කියුවාම.
" තමුසෙ බය වෙන්න එපා..ම්ම්...ලව් යූ..."
එයා එහෙම කියලා සද්දෙට ෆෝන් එකෙන් කිස් එකක් එව්වෙ.මම හිනාවෙලා ෆෝන් එක කට් කලේ.
" එක්ස්යූස්මී සදලි මිස්."
මම ගැස්සිලා ගියේ අංශ ප්‍රධානීගේ කටහඩට.
" ආහ්....කියන්න මැඩම්..."
" මේකයි සදලි.ඔයා තරුණ මිස් කෙනෙක්නේ.ඒ නිසා ඔයාට පන්තියක් භාර දෙන්න තීරණය කලා."
මැඩම් කියුවා.
" ආහ්....මොකක්ද පන්තිය මැඩම්."
මම ඇහුවෙ උද්යෝගයෙන්.
" ලෙවන් බී එක."
මැඩම් කියුවා.මගේ ඉහමොළ රත්වුනා කියුවොත් මම හරි.ඒ පන්තියෙ ඉන්නේ ළමයි නෙවෙයි නරි පැටව් ටිකක්.කෙල්ලොනම් හොදයි.ඒත් කොල්ලො ටිකනම් යක්කු ටිකක්.මට කල්පනා වුනේ.මම හා කියන්න ඔලුව වැනුවා විතරයි.
කොහොමහරි ස්කූල් එක ඇරෙන වෙලාව වෙනකන් වෙලාව ගිහින් කියලා නොදැනුනු තරම්.මම අන්තිම පීරියඩ් එකේ ගියේ මගේ පන්තියට.කොල්ලො ටික ඩෙස්ක් උඩ නැගගෙන.
" දැන් මොනවාද තියෙන්නෙ.බහිනවා ඔතනින්..."
මම එහෙම කියාගෙනමයි ගුරු පුටුවෙ වාඩි වෙලා රෙකෝඩ් බුක් එක දිගහැරියේ.
" වයිස් ප්රින්සිපල්ටනම් පින්...."
එක කටකාර කොල්ලෙක් උඩ බලාගෙන වැදගෙන කියුවෙ.
" ඒ මොකෝ...."
මම ඔරවලා වගේ ඇහුවේ.
" ඇයි ඉතින් වයසක මිස්ලට වඩා තරුණ මිස්ලා ජොලිනෙ.ඉක්මනට කේන්ති යන්නෙත් නෑනෙ..."
ඒ කොල්ලා කියුවාම ඔක්කොම කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි හිනාවුනා.
" මේ මේ මාත් එක්කනම් නටන්න ලෑස්ති වෙන්න එපා.මට කේන්ති යනවා හරී."
මම කියුවා.
" මිස්....." තව කොල්ලෙක් කතා කලා.
" ම්ම්...."
" කලින් මැත්ස් ටීච නම් විභාගෙට කලින් පේපරේට එන ඒව කලින්ම කියුවා.මිසුත් එහෙම කියනවාද."
ඒ කොල්ලා ඇහුවා.මුන් ටික......මම පෑන සද්දෙට මේසය උඩින් තියලා රෙකෝඩ් බුක් එක වහලා ඒ උඩින් අත් දෙක තියන් පටලගෙන කෙලින්ම බැලුවෙ ඒ කොල්ලා දිහා.
" මම එහෙම කරන්නෙ නැහැ.හිතුනොත් අමාරු කරනවා කට්ටියට ඇඩෙන්න."
මම කියුවා.
" අම්මෝ මිස් හරි නපුරුනේ..."
තව කොල්ලෙක් කියුවා.
" නපුරු තමයි...."
මම කියුවෙ ඔරවගෙන.
ස්කූල් එක ඇරිලා මම ගෙදර ආවෙ වීල් එකේ.මම යනකොට සිරිපාල අන්කල් ඇවිත් හිටියා.
" අන්කල් එන්න ගේ ඇතුළට..." මම කතා කලා.
" කමක් නෑ දරුවෝ.මෙතන සනීපයි." අන්කල් කියුවා.
මම ඇතුළට ගියාම ආවෙ පුදුම සුවදක්.නිකමට කුස්සියට ගිහින් ඔලුව දාලා බැලුවෙ.
" ඔම්මා.....මම ඔම්මට කියුවනෙ මහන්සි වෙන්න එපා කියලා.ඔම්මා ඉව්වද.."
මම ඇහුවා.
" ඔවු දුවේ.මහන්සි පිට ඔයාට උයන එක කරදරයිනෙ.ඉතින් මම ඉව්වා."
අම්මා කියුවේ අපහසුවෙන් ඇවිදගෙන ඇවිත් රෝද පුටුවෙ වාඩි වෙලා.
" බෝතලේට තේ දාලා තියෙන්නෙ.අන්කලුත් දූ ආවම බොන්නම් කියුවා."
අම්මා කියුවා.මම අපේ කප් තුනට තේ දාගෙන අන්කල්ටත් ගිහින් දීලා අම්මාව වාරු කරගෙන එක්කන් ගියේ ගාඩන් බෙන්ච් එකට.
" ඔම්මා මම ටක්ගාලා වොශ් එකක් දාගෙන එන්නම්."
මම කියුවා.මම තේකත් බීලා කිටියටත් ෆ්‍රිජ් එකෙන් කිරි බෝතලේ අරගෙන එයාගෙ කප් එකට දාලා දීලා දියුවෙ බාත්‍රෝම් එකට ගිහින් හොදට නාගෙන දිග කලිසමකට ශර්ට් එකක් දාගෙන ටවල් එකත් කොණ්ඩෙ වටේ ඔතාගෙන පහළට ආවෙ.
" හවසට පුතා ආවම යමුද බන්ගලාව පැත්තෙ."
මම බෙන්ච් එකෙන් වාඩි වෙනකොටමයි අම්ම කියුවෙ.
" හරි ඔම්මා යමු..."මම කියුවා.
" ඒක මතක ගබඩාවක්...නේද සිරිපාල අයියෙ."
අම්මා එහෙම කියුවාම සිරිපාල අන්කල් හිනා වෙලා ඔවු කියලා කියුවා.
" ඕම්මා.....ඒ කියන්නේ ඔයාවයි අයියවයි සමාජෙන් හංගලා තිබුනද."
මම ඇහුවා.
" ඔවු පුතේ.ගෑණු හරියට රැවටෙනවා.බහුතරයක් පිරිමි අය කරන්නෙ රවටන එක.හැබැයි ගුණවතී අක්කනම් ගොඩක් පින් කරලා තියෙනවා සිරිපාල අයියා වගේ කෙනෙක් ලබන්න.ඒ කාලේ මගේම දෙන්නෙක් වගේ මට උදව් කලේ..."
අම්මා කියුවෙ ඇස් වල කදුලු පුරවගෙන.අම්මා හරිම සංවේදී...හරියට මම වගේ.
" ඒ කාලේ නන්දනී නංගියි අපෙ ජින් පුතයි විදපු දුක මෙච්චරයි කියලා කියන්න බෑ නෝනා."
සිරිපාල අන්කල් කියුවා.
" දුවට ඔක්කොම කියන්නම් පුතා ආවට පස්සෙ."
අම්මා කියුවා.
" මට සමාවෙන්න ඕම්මා.මම මේ දේවල් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.හැමදේම මතුපිටින් බලලා අයියට වෛර කලා.ඒත් එයා මට පණවගේ ආදරේ කලා."
මම කියුවා.
" අපි පුතාට කෙල්ලො බැලුවා දුවේ.ඒත් එයා කැමති වුනේම නෑ.බලපු හැම කෙල්ලෙක්ම වගේ අයියට කැමති වුනා.ඒත් එයා නෙවෙයි ඒ කෙල්ලො දිහා ඇහැක් ඇරලා බැලුවෙ.පස්සෙ තමයි කියුවෙ ඔම්මා මම කෙනෙක්ට ආදරේ කරනවා කියලා.පුතාගේ පලවෙනි ආදරේ ඔයා...ඒ වගේම අන්තිම ආදරෙත් අනිවාරෙන් ඔයාම තමයි."
අම්මා කියුවෙ මගෙ අතට උඩින් ඒ අතක් තියාගෙන.
අපි ගොඩක් වෙලා කතා කලා.ඒ අතරේ කිටියා මගේ ඔඩොක්කුවට නැගගෙන සැපට නිදි.අම්මා කියුවෙ අයියා ගැන.එයා මහන්සි වෙලා තරුණ කාලෙම ලොකු බිස්නස්මන් කෙනෙක් වුන විදිය.ඒ වගේමයි අයියගෙ මැර ජීවිතය ගැන අම්මා හිතලා කාලයක් මීටත් වඩා අසනීප වුනාලු...
කතා කර කර ඉන්න කොටයි වාහනේ හෝන් කරනවා ඇහුනේ.සිරිපාල අන්කල් දුවගෙන ගිහිල්ලා ගේට්ටුව ඇරලා එයා වාහනේ ඇතුළට දානකන් ඉදලා ගේට්ටුව වැහුවා.මමත් ටක්ගාලා කිටියව බිමින් තිබ්බේ බනීවි කියලා හිතලා.
" මහත්තයා එහෙනම් මම යනවා.බන්ගලාව වටෙත් පොඩ්ඩක් සුද්ද කොරලා දාන්න ඕනෙ.අම්මා එක්ක එන්නකො..."
සිරිපාල අන්කල් කියුවා.
" ආහ් අන්කල් චුට්ටක් ඉන්න."
අයියා එහෙම කියලා සල්ලි වගයක් සිරිපාල අන්කල් එපා කියද්දිම අතේ මිට මෙලෙව්වෙ.
" අන්කල් කාලා යන්න."
මම කියුවා.
" අනේ බෑ නෝනා...මම දැන් යන්න ඕනෙ."
අන්කල් කියුවා.
" ඔහොම ඉන්න අන්කල්..."
මම එහෙම කියලා අම්මයි අයියයි එක්කම ගේ ඇතුළට ඇවිත් අන්කල්ට බත් පාර්සල් එකක් බැදලා දුන්නා.අන්කල් ගියේ ඒ පැත්තෙ එන්න කියන ගමන්.
" අයියා වොශ් එකක් දාගෙන එන්න."
මම කියුවේ කෑම ටික මේසෙට යවන ගමන්.
" බලනවා සදලි...කලිසමේ හැටි...පූස් මවිල් එකයි.මොන රෙද්දක්ද මන්දා.ඔය ජරා සතාව ගිහින් දානවා මම.මාරු කරගන්නවා ඔය ඇදුම.අහක ඉන්න අපිටත් ලෙඩ හදනවා."
එයා කියුවෙ ටිකක් කේන්තියෙන්.මම කාමරේට යද්දි එයා එක්කම ගියා.එයා ටවල් එක අරගෙන බාත්රූම් එකට ගියාම මම ඇදුම මාරු කරගත්තා.ඇදට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියේ එයා ආවට පස්සෙ පොඩ්ඩක් එයා ලග හුරතල් වෙන්න.
එයා බාත්රූම් එකෙන් එළියට ආවෙ ඉණට ටවල් එකත් ඇදගෙන.පුදුම කඩවසම් පෙනුමක් තියෙන්නෙ එයාට.ඇස් හීන් කරගෙන තොලත් හපාගෙන මගේ ලගට ආවෙ.
" බැන්ඩේජ් ගලවගත්තද..."
මම ඇහුවෙ කේන්තියෙන්.
" ඔවු බන්.මේවා තියාගෙන නාන්නෙ නැතුව ඉන්නවාට වඩා හොදයි මැරිලා යනවා."
එයා කියුවා.
මම නැගිටලා ගිහින් එයාගෙ බෙල්ල වටේ දෑත් යැව්වෙ.
" ඔයා හරි ලස්සනයි."
මම කියුවේ එයාගෙ නහය මගේ නහයෙ ස්පර්ශ කරවලා.එයා මාව තුරුල් කරගෙන ගෙලට හාදුවක් තැවරුවා.
" ඔම්මා ගාල්ලෙ ගියාට පස්සෙ උඹව අල්ලගන්නම්.එකපාරට බෑනෙ.තමුසෙ කෑගැහුවොත් ඔම්මට මම මූණ දීලත් ඉවරයි."
එයා කියද්දි මම ලැජ්ජාවෙන් බිම බලාගත්ත එක කලේ.
මගේ මූණ දොතට ගත්ත එයා මගේ දෙතොල් සිපගෙන හිටියා තත්පර කිහිපයක්.
" ලැජ්ජද බයද...ආ..."
එයා ඇහුවෙ රහසින් වගේ.
" දෙකම...."
මම බිම බලන් උත්තර දුන්නෙ.
" කෝ කෙල්ල.කෑම කාලා ඉවර වෙලා බැන්ගලෝ එක පැත්තෙ රවුමක් දාලා එමු." එයා කියුවා.එයාගෙ කම්මුලක් සිපගෙන මම පහළට ආවෙ එයාට ඇදුම් ඇදගන්න.
ටිකකින් එයාත් පහළට ආවාම මම කිටියටත් කෑම දීලා අපේ කෑම බෙදන්න ගත්තෙ.අද නම් අම්මා තමයි අපි දෙන්නාටම කැව්වේ.මම හරිම වාසනාවන්තයි.මේ වගේ හබියෙකුයි නැන්දම්මෙකුයි ලබන්න තරම්.....
අම්මාගේ කෑම වල රසනම් කියලා නිම කරන්න බෑ...පුදුමයි මේ මැට්ටා ඇදයක් නොකිය මගේ කෑම කනවා.මගේ කෑම වගේ නෙවෙයි අම්මගෙ කෑම.ඒ කෑම වලින් අමුතු සුවදක් වගේම රසයක් එන්නෙ.කලබලයෙන් හදන කෑම වලට වඩා ආදරෙන් හදන කෑම ගොඩාක් රසයි කියනවාලුනෙ.....මම ආසාවෙන් කෑවෙ.
අපි කෑම කාලා ඉවර වෙලා අම්මාටත් ජර්සි එකක් දාලා අපිත් ජර්සි දාගෙන එළියට බැස්සෙ.අම්මාගේ රෝද පුටුව තල්ලු කරගෙන ගියේ අයියා.ගොඩ කාලෙකට පස්සෙ වෙන්න ඇති මෙහෙම නිදහසේ ඇවිදින්නෙ....
මම බැලුවේ බැහැගෙන යන ඉර දිහා.හරිම ලස්සනයි.ඈතින් පේන කදු වැටි තේ යායවල් ග්‍රැනයිට් බැන්ගලෝ එක පුදුම ලස්සනයි මේ වෙලාවට.ආදරේ කරන අය එක්ක මේ විදියට නිදහසේ කතා කර කර ලස්සන පරිසරයක ඇවිදින කොට දැනෙන්නෙ පුදුමාකාර සැනසීමක්......
............
හායි ලමයි...
වෝට් ගෝල්, කමෙන්ට් ගෝල් ඉක්මනට complete වෙලා තියෙන නිසා ඉක්මනට අප්ඩේට් කලා...
මේ සතුට සැනසීම තව කොච්චර කල් තියේ ද බලමු😈
Vote Goal = 45
Comment Goal = 80
Complete උනාම කවුරුහරි මට massage එකක් දාන්න...
බාල්දි ඕතරී😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top