☠️25☠️
අධිසංවේදී අය කතාව කියවීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලා සිටිමි‼️‼️‼️
" අහකට පලයන් පව්කාරයා..."
සාමි කෝපයෙන්ම සුනඛයා දෙස බලාගෙනම නැගිට්ටා....
එක්වරම ඉදිරි ගාත් දෙක උස්සා හිටගත් කලු පැහැති විශාල සුනඛයා දුටු සාමිට දැනුනේ තමා මේ ලෝකෙන් යෑමට නිසි කාලය එලැබී ඇති බවක්...තමාට අඩි පහක් පමණ ඉදිරියෙන් ගාත් උස්සාගෙන දත් විලිස්සගෙන සිටි විශාල කලු පැහැ සුනඛයා දුටු ඔහු බියෙන් තැති ගන්නට විය....
සුනඛයා ඔහුව දවන කෝපයකින් ඔහුගේ ගෙලට කඩා පැන්නේ....අවට නිහැඩිතාවයට කෝවිලේ සාමිගේ මරලතෝනිය එකතු කරමිනි....තත්පර කිහිපයක් පැවතුනු ඒ විලාපය නතර වූයේ නිදිවර්ජිතව වගා භූමිවල මුරයට සිටි ගැමියන් කිහිපදෙනෙකුගේ හදවත් බියෙන් දවාලමිනි....
කෝවිලේ දොරෙන් ගලා ආ රත් පැහැ රුධිර ධාරාව සමග ඉන් පිටතට පැමිණියේ කැහැටු වූ කලු පැහැති කුඩා සුනඛයෙකි....
..................
එයා වාහනය පුලුවන් වේගයෙන් අරගෙන ගියා....කදු එක්ක තියෙන බෑවුම් වලත් කිසිම බයක් නැතුව වේගයෙන් වාහනය අරගෙන ගියා....මෙයා මේ යන විදියටනම් මට ගාල්ලට යනකන් ශුවර් නෑ...ඒතරමට බය වෙලා....මම දැක්කේ එයා ඩ්‍රයිව් කරන ගමන් වැලමිටෙන් කදුලු පිහදන විදිය...
මෙයාට අඩන්නත් පුලුවන්ද...මට කල්පනා වුනා.
" අඩන්න එපා අයියේ...අම්මාට මුකුත් වෙන එකක් නෑ..එයා ඉක්මනට සනීප වෙයි..."
මම එයාගේ පිට අතගාලා කියුවේ....එයා කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ....
පැය කිහිපයකට පස්සෙ අපි ආවෙ කරාපිටිය හොස්පිටල් එකට....එයා වාහනේ පාකින් එකට දාලා වේගයෙන් දුවගෙන ගියා....මමත් ඒ පස්සෙන්ම දුවගෙන ගියා....
ඒත් එක්කම ජින් හැප්පුනේ ෆෝන් එකක් කනේ ගහගෙන ආපු ටිකක් මැදිවියේ වගේ මනුස්සයෙක් ලග...මම එයාව මීට කලින් දැකලා තියෙනවා....ඔවු එදා අපේ ගෙදර ලෑස්ති කරපු ජින් ගෙයි මගෙයි වෙඩින් එකට මෙයා ඇවිත් තිබුනා....
" පුතා...මම මේ ඔයාට කෝල් එකක් ගන්න එළියට ආවෙ....ඔම්මව නෝමල් වෝඩ් මාරු කලා...කලබල වෙන්න එපා.."
ඒ කෙනා එහෙම කියලා මම දිහාත් බලලා ලාවට හිනා වෙලා ඉස්සර වුනේ...
" එනවා..."
ජින් මගේ අතින් ඇදලා ලගට ගන්න ගමන් කතා කලේ....
අපි ආවෙ වාට්ටුවකට...එතන එහා කෙලවර වෙන්නම තිබුණු ඇදක් ලග ගිහින් අපි නතර වුනා...
" පුතේ...."
ඒ අම්මා අඩාගෙනමයි ජින් ගේ අත අල්ලගත්තේ....
හරි පුදුමයි... ජින් කොරියන් කෙනෙක් නම් අම්ම කොහොමද සිංහල උනේ...
" ඔම්මා...දැන් හරිනේ..මම ආවනේ බය වෙන්න එපා ඉතින්..."
එයා කියුවේ අම්මාගේ අතක් ඒ දෝතට මැදි කරගෙන පුංචි ලමයෙක් වගේ කදුලුත් ඇස් වලින් එක පෙළට වැටෙද්දි....මට හරිම පුදුමයි මේ නපුරාගේ මේ හැසිරීම....
" ඔම්මාට මොකද වුනේ ඔම්මා..."
ජින් ඇහුවාම චූටි මාමා තමයි උත්තර දුන්නේ...
" ඔම්මා හීනෙකට බය වෙලා පුතේ...දත් විලිස්සගත්ත ලොකු කලු බල්ලෙක් ඔම්මව මරන්න ඔම්මාගේ ඇගට පැන්නලු...ඒ වගේම දැක්කලු උඹ වාහනේ වද්දගෙන ලේ පෙරා ගෙන ඉන්නවා...ඔම්මා පුතා කියලා හයියෙන් කෑගහපු පාර මමයි නැන්දයි නැගිටලා ගියා.ඔම්මා පපුවත් අල්ලගෙන හයියෙන් කෙදිරිගානවා...ඩෝන්ට් වොරී පුතා...ඩොක්ටර් කියුවා දැන් බය වෙන්න දෙයක් නෑ කියලා...මේ බය වුනු පාර ක්ශණිකව ආපු ශොක් එකක්ලු..."
චූටි මාමා කියාගෙන ගියා....
" උඹ ආපු එක ලොකු දෙයක් පුතේ...මම පිච්චි පිච්චි හිටියේ..දැන් උඹ සති දෙකකින් වගේ මාව බලන්න ආවෙම නෑනෙ..කෝල් කලා විතරනේ.."
අම්මා කියුවා...
" සොරි ඔම්මා...ඔම්මාව දැන්මම ඒ පැත්තට ගෙනියන එක භයානකයි...ඔම්මා දන්නවානේ ඒක.."
ජින් කිව්වා....
" දුව...."
ඔම්මා එහෙම කියලා ජින් ව අතහැරලා හිනාවෙලා මාව අල්ලන්න අත දික් කලා...ඒ නිසාම මම අහිංසක විදියට අම්මා එක්ක හිනාවෙලා එයාගේ ලගට ගියේ...
" දුව...මගේ කෙල්ල..."
අම්මා මට ඇද පත්තෙන් වාඩි වෙන්න කියලා සන් කලා...
" කොහෙද අපේ කොල්ලා පෙන්නුවේ පොටෝ එකක් විතරනේ...සීදේවි කෙල්ල..."
අම්මා මගේ මූණ අතොරක් නැතුව අතගාලා කියුවේ....
" මට පුතා හැමදේම කියුවා දුව....අපේ පුතා එක්ක අකමැත්තෙන් නේද ඉන්නේ..."
අම්මා ඇහුවා.ඒ වචන හරිම කරුණාවන්තයි.ඕනිම කෙනෙක් නිවාසනසන්න පුලුවන් කටහඩක් ඒක...මම බිම බලන් ඔලුව වැනුවා විතරයි....බිම දණගහගෙන හිටපු ජිනුත් එහා පැත්තෙන් ගිහින් අම්මගේ ඇදේ වාඩි වුනේ....
" මම මූට කියුවා...බලෙන් ගෑණු ගන්න එපා කියලා...ඇග විතරක් උබ ලග තිබිලා මදි....හිතත් උබ ලගට එන්න ඕනි කියලා තේරුම් කරලාම කියුවා...කොහෙද මේ කොල්ලා කියුවා වෙන කිසිම කෙල්ලෙක් එපා මට මෙයාවමයි ඕනි නැත්තම් මම තනිවෙනවා කියලා....එහෙම උනොත් අම්මේ මම කවදාහරි මහලු නිවාසෙක කාත් කවුරුත් නැතුව තනි වෙයි කියලා මාව බය කලා..ඒ සැරේ මම කියුවා ඕනි දෙයක් කරගන්න කියලා...පුතා වෙනුවෙන් මම සමාවගන්නවා දුවගෙන්..."
අම්මා කියුවේ ඇස් වල කදුලුත් පුරවගෙන අත් දෙකත් එකතු කරලා.මම පැනපු ගමන් ඒ අත්දෙක අල්ලගත්තේ.
" ඇයි අම්මේ ඔහොම කියන්නේ...ඔය වගේ කතා කියන්න එපා..මමයි අයියයි ඉන්නේ ගොඩක් සතුටින්.එයා තරම් මගේ තාත්තා අම්මවත් මට ආරක්ශාවක් දෙන්නෙ නෑ...පසුතැවෙන්න එපා..මම දැන් එයා එක්ක ඉන්නේ ඇත්තටම කැමැත්තෙන්..."
මම කියුවා.
" ඔයා ගොඩාක් වාසනාවන්තයි අයියේ...ඔයාගේ අම්මා ඔයාගේ ගැන හරියට හොයලා බලනවා...ඒත් මගේ අම්මා...මම උන්නද මලාවත්ද හොයන්න එයාට වෙලා නෑ..."
මම කියුවේ හීනි ඉකියක් මගේ මුවින් පිටවෙද්දි.
" අනේ දුවේ...ඔයා මගෙත් දුව තමයි.මගේ පුතාගේ ලේ වල කොටසක් වෙලා ඉවරයි ඔයාත්.ඉතින් මගේ දුව තමයි.."
අම්මා කියුවේ මගේ මූණ දෝතට අරගෙන.මමනේ දන්නේ අපි දෙන්නා එකතු වෙලා ඒ විදියේ ලේ ගනුදෙනුවක් ඇති වුනේ නෑ කියලා.අඩාගෙනම මම ඒ පපුවට බර වුනේ ඒ වචනවලින් දැනුනු අසීමිත සැනසීමකට.මට දැනුනා ජින් මගේ ඔලුවත් අතගාපු වග.
" මගේ පුතාව පරිස්සමෙන් බලාගන්න...මට මගේම දේකට ඉන්නේ උඹලා දෙන්නා විතරයි.දෙයියනේ කියලා එතකොට මට නිදහසේ ඇස් පියාගන්න පුලුවන්."
අම්මා කියුවා.
" ඔහොම කතා කියන්න එපා ඔම්මා...මට පුලුවන් උපරිමයෙන් අඩුවක් නැතුව බිරිදක්ගේ වගකීම් ටික කරනවා."
මම කියුවා.
" සදලි අඩුවක් කරන්නෙ නෑ අම්මා...අම්මා වගේම තමයි වෙලාවට කෑම ටික හදලා රෙදි වොශින් මැශින් දාලා සෝදලා දීලා ගෙවල් ලස්සනට තියාගෙන මාවත් බලාගෙන ඉන්නවා.අම්මා හිත කරදර කරගන්න එපා..මේ ගමනත් එයා එන්නම ඕනි කියලා බලකරපු නිසයි එයාවත් එක්කන් ආවෙ..."
ජින් කියුවේ අඩපු නිසා බරවුනු කටහඩකින්.
" මගේ පුතාව බලාගන්න...එච්චරමයි දුවේ ඉල්ලන්නේ..."
අම්මා කියනවා.
" පොරොන්දු වෙනවා අම්මා...එයා මාව බලාගන්නවා වගේ පරිස්සමට මම එයාවත් බලාගන්නම්..."
මම කියුවේ අම්මගේ තුරුලෙන් මෑත් වෙලා.මේ විදියට අපේ අම්මාවත් මාව තුරුල් කරගෙන ඉන්නේ නැතුව ඇති.
" මගේ පුතා හැමදේම එයාගේ කටින්ම දවසක කියයි....රත්තරං දූ ඉවසගෙන ඉන්න..."
අම්මා කියුවෙව් කදුලු පිහදාගන්න ගමන්.
ඩොකටර් කෙනෙක් ඇවිත් තව පැය දෙකකින් අම්මව ගෙදර එක්කන් යන්න පුලුවන් කියුවාම මම වගේම එයාත් සැනසුම් සුසුම් හෙලුවා.ජිනුයි චූටි මාමායි ටික වෙලාවක් ඩොකටර් එක්ක කතා කරලයි අපේ ලගට ආවෙ.
මම කල්පනා කලා ටික වෙලාවක්.මගේම පවුලේ අය මට නොදීපු ආදරේ ජින් ගෙනුයි එයාගෙ අම්මගෙනුයි ලැබෙනවා.මට පුලුවන් වෙයිද එයාලගේ ආදරේට සාදාරනයක් කරන්න.
පැය දෙකකට විතර පස්සේ අපි අම්මා එක්ක ගාල්ලෙ එයාලගෙ ගෙදර එන්න පිටත් වුනා.
ලොකූ කලු පාට ගේට් එකක් ඇරිලා අපි ආවෙ හොටෙල් එකක් වගේ ලොකු ගෙදරකට... ජින් ගේ කොළඹ තියෙන ගේ වගේ ගොඩාක් ලොකු ගෙයක් මේක...
" සදලි එහෙනම් තමුසෙව පිළිගන්නවා මගේ ගාල්ලෙ ගෙදරට..."
ජින් වාහනේ ගැරෙජ් එකට දාන ගමන් කියුවේ.අම්මට හරියට ඇවිදින්න බෑ.එයාට රෝද පුටුව ඕනෙ.මම වාහනෙන් බැහැලා රෝද පුටුව දිගහැරියාම අයියා අම්මව වාරු කරවලා ගේ ඇතුළට එක්කන් ගියේ.ගේ හිතාගන්නවත් බැරි තරමේ සුපිරි ගෙයක්.මාලිගාවක් වගේ.එහෙම එකේ ජින් බැන්ගලෝ එක ගැන මෙච්චර වදවෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ.එයා අම්මව පහළ කාමරේට එක්කන් ගියා.මාත් ඒ පස්සෙන්ම ගියා.අම්මට මූණ කට හෝදගන්න උදව් කරලා එයා එක්කම අම්මව ඇදට වාරු කරලා කොට්ටේ හරි ගැස්සුවා.
ජින්ගේ මේ ගෙදර අම්මා ඉන්නේ තවත් සේවිකාවකුයි උද්‍යාන පාලකයෙකුයි එක්ක හරියට සිරිපාල අන්කල් වගේ.එහා පැත්තෙ ගෙදර තමයි චූටි මාමලා ඉන්නේ.
" ලොකු නෝනා...මේ කෑම එක කාලා හිටියනම්..."
මැදිවියේ කාන්තාවක් කෑම පිගානක් එක්ක වතුර වීදුරුවක් ගෙනත් තිබ්බා බෙඩ් ටේබල් එකෙන්.
" මේ චූටි මහත්තයාගේ නෝනද..."
ඒ ගෑණු කෙනා අතේ තිබුණු වතුර ටික සායකට උඩින් ඇදන් හිටපු චීත්ත රෙද්දෙන් පිහදලා මගේ ඔලුවත් අතගාලයි කාමරෙන් එළියට ගියේ.
" ඉන්න ඔම්මා මම කවන්නම්..."
ජින් එහෙම කියලා කිචන් එකට යන්න හැදුවේ අතහෝදන්න.
" ඉන්න අයියේ මට පුලුවන්..."
මම එහෙම කියලා එයාට කලින් බාත්රූම් එකට ගිහින් අත පය සෝදගෙන ඇවිත් ඇදේ පත්තෙන් වාඩි වෙලා බත් පිගාන අතට ගත්තා.
" චුට්ටක් කවන්න පුතේ මේ පාන්දර කෑම කන්න බෑ..."
අම්මා කියුවා.
" එහෙම බෑනෙ ඔම්මා බෙහෙත් බොන්න එපැයි..."
මම කියුවේ බත් කටක් අනලා අම්මට කවන ගමන්. ජිනුත් අතපය සෝදගෙන ඇවිත් ඇද පත්තෙන් වාඩි වුනේ මගේ දිහා බලාගෙනමයි.
" ඔය දෙන්නත් කන්නකෝ ළමයිනේ..."
අම්මා කියුවේ ජින් දිහත් බලලා.
" ඕනි නෑ ඔම්මා...උදේටම කමු..."
මම කියුවෙ තව බත් කටක් ලං කරන ගමන්.අම්මා ඉන්නේ අවුලෙන් වගේ.
" ඔම්මා දන්නවාද...අයියට හැමදාම කවන්න ඕනි...එයා අතින් කන්නෙම නෑ..."
මම කියුවේ හිනාවෙලා අම්මගේ අවධානය වෙන පැත්තකට හරවන්න
" එහෙම තමයි මේකගේ වැඩ...අතින් කන්නෙම නෑ තමයි."
අම්මා කියුවා.
අම්මාට කවලා ඉවර වෙලා බෙහෙතුත් බොන්න දීලා අම්මට නින්ද යනකන් මායි ජිනුයි ලග හිටියා...බෙහෙත් වල සැරට අම්මට ඉක්මනට නින්ද ගියා.මමත් සාලෙට ඇවිල්ල බැලුවා.එයා පේන්න නෑ.ටිකකින් දැක්කේ එයා වත්තෙ එහා කෙලවර තිබුනු උණ ගහක් යට බෙන්ච් එකකට වෙලා බර කල්පනාවක කියලා.
මමත් හිමීට ගිහින් එයාගෙ ලගින් වාඩි වුනා.
" ඇයි මට ඔම්මා ගැනවත් කලින් කියුවෙ නැත්තෙ..."
මම ඇහුවාම එයා මගේ පැත්තට හැරුනා.
" සොරි සදලි..."
එයා කියුවේ එච්චරයි...
" අම්ම කොහොමද ලංකාවෙ කෙනෙක් උනේ..."
" සදලි...තමුසෙගෙ තාත්තට මේ දේවල් දැනගන්න තියන්න එපා හරිද."
එයා කියුවාම මම ඔලුව වනපු එක කලේ.
" මේ ...තමුසෙ ඔම්මා එක්ක මාව පරිස්සමට බලාගන්නවා කියුවේ ඇත්තටමද..."
එයා ඇහුවේ මගේ පිටට විහිලුවට වගේ ටිකක් සැර පාරක් ගහලා.
" ඔවු ඉතින්...."
මම කටත් උල් කරගෙන බිම බලාගෙන කියුවේ.
" මොකා...ඔවු... සීරියස්ලී...."
එයා ප්‍රශ්නයක් අහන්න වගේ මගෙන් ඇහුවේ.
" ඔයාට හැමදේම විහිලු..."
මම අතුත් බැදගෙන අහක බලාගෙන කියුවේ.එයා මාව එයාට පිටුපාලා ඉන්න විදියට හරවගෙන එයාගෙ පපුවට මගේ පිට හේත්තු කරගත්තා.
" තමුසෙ මට ආදරේකට නෙවෙයිනේ කියුවේ ඉතින්...ඔම්මගේ හිත රිද්දන්න බැරි නිසානේ...නේද..."
එයා කියුවා.
" මොනවා වුනත් බිරිදක් අතින් වෙන්න ඕනි දේවල් ඉශ්ට කරන්නම්..."
මම කියුවා.
" තමුසෙට මාව නැති වුන දවසක තේරේවි..."
එයා කියුවේ කැලඹුනු කටහඩින්.මගේ හිත ගැස්සුනා කියලා කියුවොත් මම හරි...ජිනුත් මට නැති වුනොත් කාත් කවුරුත් නැතුව මම තනි වෙනවා.
" සලනි...ටේහියුන් ගැන අමතක කරනවා...පේනවානේ ඌ අපිට මැරිලත් කරන දේවල්.පස්සෙ කියන්නම් ඌ ජීවත් වෙලා ඉදිද්දි කරපු දේවල්.මහ චීත්ත රෙද්දක් ඌ.."
එයා කියුවා.වෙනදා වගෙ ටේහියුන්ට බනිද්දි මගේ හිත රිදුනේ නෑ.එදා සාමි කියපු දේවල් එක්ක ටේ හියුන් වගේ කෙනෙක් ඕනි නෑ කියලා මට හිතුනා...ජින්ට පුලුවන් මාව මැර බලයෙන් තියාගෙන වෙන ගෑණු ආශ්‍රය කරගෙන ඉන්න.ඒත් මෙයා මගේ මත්තෙම නැහෙනවා...මට ඒ ගැන ඇති වුනේ ලොකු දුකක්.
" ප්‍රපෝසල් ආවෙ නැද්ද..."
මම ඇහුවා.
" මොකද නැත්තේ ඕයි කීයක්නම් ආවද...ඒත් තමුසෙ හිතේ ඉද්දි කොහොමද වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ..."
එයා කියුවා.
" මටත් ඒක තමයි දැන් වෙලා තියෙන්නෙ..."
මම කියුවා.
" නෑ සදලි...ටේ හියන් තමුසෙට ආදරේ කලේ නෑ.අඩුම ආදරේ තේරුමවත් දන්නෙ නෑ.ඔය දන්නෙ නැද්ද බන් රැල්ලට ආදරේ ගගා වැලලීගෙන යන ලව් ස්ටෝරි තියෙන්නෙ.අන්න ඒ වගේ එකක් තමා උගේ හිතේ තිබුනේ..පිටට සුදනා ඌ...ක්ලබ් වල නටපු නැටිලි මමනේ දන්නේ..."
එයා කියුවා.
" ඔයත් ක්ලබ් වල ගියාද..."
මම ඇහුවා.
" යාලුවො එක්ක කාලා බීල ෆන් එකක් ගන්න.."
එයා කියුවා.
" හ්ම්ම්..."
මම එච්චරයි කියුවේ.
එයා එහෙමම ඉදගෙන මගෙ කොණ්ඩේ ඉස්සරහට දාලා පිටට හාදු තවරන්න වුනා.මම මගේ කරවටේ වැටිලා තිබුනු ඒ ශක්තිමත් අත් බාහුවක් තද කරලා අල්ලගත්තා.
" ආදරෙයි සදලි..."
එයා කියුවා.මම එයාගේ පැත්තට හැරිලා ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා.එහෙමම ඒ පපුවට බර වුනේ එයාගේ දෑත් මගේ බද වටේ එතෙද්දි.
" මොකෝ...ම්ම්....ආදරේ හිතුනද...නැත්තම් සීතලද.."
එයා ඇහුවේ මගේ ඔලුව උඩින් කම්මුලක් තියාගෙන.
" ටිකක් සීතලයි වගේ...."
මම කියුවත් මට දැනුනේ ඒ කඩවසම් පපුවේ උණුසුම හිත ඉල්ලනවා කියලා.තව තවත් දෑස් පියාගෙන ඒ පපුවට මම ගුලි වුනේ හා පැටියෙක් වගේ.මට දැනුනේ ඒ පපුවේ ගැස්ම උණුසුම සුවද මගේ හිත නිවනවා වගේ හැගීමක්.ගොඩල් දේවල් අහන්න හිත කියුවත් ජින්ට ඉක්මනට කේන්ති යන නිසා අහන්නෙ නැතුව ඉන්න තීරණය කලා.
ඇත්තමට මේ වෙන දේවල් එක්ක මෙයාවත් මට නැති වේවිද...නොහිතුනාම නෙවෙයි මට.
මට එයාගේ තුරුලෙම නින්ද යන්න ඇති.
.........
මම නැගිටිද්දි හිටියේ ලොකු කාමරයක.මගේ ගෙදර වගේ දහගුණයක සැප තියෙන කාමරයක්.මේවා දාලා ජින් කොහොම මා එක්ක මෙහෙට වෙලා ඉන්නවාද මන්දා.මම නැගිටිනකොට මගේ ඇගේ තිබුනේ කලින් රෑ ඇදගෙන හිටිය ස්කිනියයි ශෝටයි.මම ඇස් පොඩි කර කර ඇදේ වාඩි වුනේ.වෙලාව උදේ නමයත් වෙලා.
" තමුසෙට මගේ පපුවෙම නින්ද ගියානේ...ඉතින් අහැරවන්න ලෝබ හිතුනා.වඩාගෙනම ගෙනැල්ලා ඇදෙන් තිබ්බා..."
එයා කියුවේ කිරි වීදුරුවක් ගෙනැල්ලා මගේ එහා පැත්තේ ටේබල් ලෑම්ප් එක ලගින් තියන ගමන්.
" මූණ හෝදගෙන කිරි එක බොනවා...අද හවසට තමුසෙව ගෙදරට ගිහින් දානවා.මම අනිත් අතට එනවා.තමුසෙ වැඩ පාඩු කරගන්න එපා.මම ආයෙත් එන්නෙ මෙහෙ සතියක් ඉදලා.තමුසෙට බය වෙන්න දෙයක් නෑ.සිරිපාල අන්කලුත් ඉන්නවානේ.අනික ආරක්ශාවක් කරලානේ තියෙන්නෙ..."
ජින් කියුවාම මම ඔලුව වැනුවා විතරයි.
ජින් වැඩිහරියක් ඕනි වුනේ කෙල්ලගේ ඉවසීම පරීක්ෂා කරන්න.තමා නැතුව තමාගේ උණුසුම නැතුව ඇයය සතියක් සිටීමට නොහැකිවනු ඇතැයි ජින්ගේ හිත කියුවා.
" බලමුකෝ කෙල්ලේ...."
ජින් හිතුවා විතරයි.
අපි අම්මට මූණ අත පය සෝදගන්න උදව් වෙලා කෑමත් කවලා බෙහෙත් පොවලා ටික වෙලාවක් කතා කර කර ඉදලයි උඩට ආවෙ...ජින්ගේ ගේ තට්ටු තුනක්.ඒකෙ කබඩ් එකකින් අස්සටම දාලා තිබ්බ ගිටාර් එකකුත් අතට ගත්ත එයා මාත් එක්කම උඩ බැල්කනි එකට ආවා.ඒකත් හරි ලස්සනට බෙන්ච් එකක් දාලා මල් වවලා හදලා තියෙනවා.එයා වාඩි වුනාම මමත් අවට ලස්සන බල බල ටිකක් එහාට වෙන්න වාඩි වුනා.පුදුමයි මට...ගන් අල්ලලා පුරුදු කෙනාට ගිටාර් එක පුරුදුද....
මම කල්පනාවක ඉන්න කොට ජින් ගිටාර් එක තාලෙට වාදනය කරන්න පටන් ගත්තා සිංදුවක් කියන ගමන්.මම කටත් ඇරගෙන එයාගේ දිහා බලාගෙන හිටියේ....
.............
දෙවියනේ ඒ කටහඩ...හිත පිස්සු වට්ටන කටහඩක්...හරිම තාත්විකව එයා ඒක කියුවා....හදවතටම වැදුනා ඒ කටහඩ හැගීම් වචන....මාව ගොලු වෙලා වගේ.......එයා ගිටාර් එක පැත්තකින් තියලා මගේ දිහා බලලා ලස්සනට හිනා වුනා....
" මොකෝ ම්ම්....."
" ඔය කට වහ ගන්නවා මැස්සො යයි..." එයා කියලා හිනාවෙනවා.
" ඔයාට කලා රසයත් තියෙනවා එහෙනම්."
මම කියුවා.
" පුදුම ලස්සනක් තියෙන්නෙ...ආයෙත් පාරක් කියන්න පුලුවන්ද.."
මම් කියුවා.මටත් පුදුමයි මම මේ පිට කරන වචන ගැන.
" මොකෝ තමුසෙට ටේහියුගේ අවතාරේ වැහුනද...ම්ම්..."
එයා එහෙම කියලා හිනා වෙලා මගේ ෆෝන් එකේ විඩියෝ ඔන් කරලා එයාව පේන විදියට බෙන්ච් එක උඩින් තියලා ඒ කොටස ආයෙමත් කියන්න ගත්තේ.මම ඇස් පියාගෙන ඒක රසවින්දා...අන්තිම ටික කියද්දි මම දෑස් විවර කරලා බැලුවේ එයාගේ දිහා.
එයා එහෙම කියුවේ මගේ ඇස් දිහාම බලාගෙන ලස්සනට හිනාවෙලා ඇස් වලින් මාව පෙන්නලා.. ජින් ඔයා නිසා හදවත මොහොතකට නතර වෙන්න ඇති.මේ වගේ දෙයක් මම ඔයාගෙන් බලාපොරොත්තු වුනේම නෑ.තුවක්කු සල්ලි අල්ලලා පුරුදු මැරයෙක්ට මේ වගේ කලා රසයක්...! කොච්චර පුදුමයක්ද...මට දැනුනේ එයාගේ හිතේ කියන්න ගොඩාක් දේවල් හිර කරගෙන ඉන්නවා වගේ.එයා වීඩියෝ එක ඕෆ් කරලා මගේ අතට දුන්නේ මගේ ඇස් දිහා බලාගෙනමයි.
#මැණික_තමුසෙට_කවදාහරි_මාව_නැතිවුනොත්_සදහටම_නැතිවුනොත්_මතකයක්_විදියට_මේක_පරිස්සමට_තියාගන්නව_.
එයා කියුවා.සත්තයි මගෙ ඇස් කදුළින් බොද වෙන්න ඇති.
මම ටික වෙලාවක් කදුලු පිරුනු ඇස් වලින් ෆෝන් එක දිහා බලාගෙන හිටියා.ඇයි මගේ හිත මෙච්චර රිදෙන්නෙ...ලොකූ අනතුරක සේයාවක් ඇයි මට දැනෙන්නෙ...ජින් කවදාහරින මට නැති වෙයි කියලා ඇයි මගේ හිත කියන්නේ...
" ඕයි..මොනාද කල්පනා කරන්නෙ..."
එයා කියුවේ ගිටාර් එක පැත්තකින් තියලා.
" මුකුත් නෑ.."
මම කදුලුත් පිහදගෙන නැගිටලා බැල්කනි එකේ කෙලවරට ගියේ.අවට හරි ලස්සනට පේනවා.ඒ වගේමයි උඩ තට්ටුවට එන හුලං පාරත් ඇගට පුදුම සනීපයි.
" සදලි...තමුසෙ පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න ඕනි හරිද.ඩ්‍රයිවර් කෙනෙක් එවන්නද..."
එයා ඇහුවේ මගේ ලගට ඇවිත්...
" හම්මෝ...ඔයාත් නැතුව මිනිස්සු මට මොනවා කියාවිද අයියේ...දන්නවානේ මිනිස්සුන්ගේ කටවල්.ඕනි නෑ...මට බස් එකේ යන්න පුලුවන්.ලොකු දුරක් නෙවෙයිනේ."
මම කියුවා.
" මම තමුසෙ ලගට එනකන් පිච්චි පිච්චි ඉදීවි සතියක් යනකන්....තමුසෙගෙ වැඩ පාඩු කරන්නත් බෑනෙ..."
එයා එහෙම කියල අහස දිහා බලාගෙන ඉන්නවා.
" බය වෙන්න එපා මම පරිස්සමට ඉන්නම්."
මම කියුවා.දයා නැන්දා ඇවිල්ලා කෑම කන්න කතා කරපු නිසා අපි ගේ ඇතුඇට ආව.මම පඩිපෙළ බැහැලා පහළට යන්න හැදුවත් එයා ඇදලා ගත්තේ මාව එතන තිබුණු තව කාමරයක් ඇතුලට.එයාගේ ඇස් දෙක කන්පෙති ලාවට රතුවෙලා.හයියෙන් හුස්ම ගන්නවා.එයා මාව බිත්තියකට හේත්තු කලා.
" සතියක් යනකන් තමුසෙගෙ තුරුලේ ඉන්න වෙන්නෙ නෑනෙ..."
එයා එහෙම කියලා මගේ තොල් වලට බර වුනා.විනාඩියක්....දෙකක්...නෑ විනාඩි පහක් විතර එයා මගේ තොල් සිපගෙන හිටියා.මාව මුදා හැරපු එයා මගේ දිහාම බලාගෙන හිටියේ මත් වෙච්ච දෑසින්.මම තොලත් හපන් අහක බලාගත්තා විතරයි.
" බලමු තමුසෙ කොහොමද මගේ හෙවනැල්ලක්වත් නැතුව සතියක් ඉන්නේ කියලා..."
ජින් කල්පනා කලේ ලැජ්ජාවෙන් රතුවී සිටින සදලි දිහා බලාගෙන.
" ඔයා පොරොන්දු වුනා..."
මම ඇස් පියාගෙන කියුවේ.
" ඇවිලෙන්න...මම නිවන්නම්..."
එයා මගේ කන් වලට දෙතොල් තවරලා රහසින් වගේ කියුවේ.සත්තයි හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා ඒ වචන වලට.
" ප්ලීස්...ලීව් මී..."
මම් කියුවේ බයෙන්.එයා හිනාවෙලාම අත ගත්තේ ස්කිනියේ පටියට...හිමීට ටිකක් ඒක පහඇට කරපු එයා මගේ උරහිස පපුව උඩ හරිය ලාවට සිපගත්තා....මගේ මුලු ඇගේම හිරිගඩු පිපිලා වගේ මට දැනුනේ.එයා ස්කිනිය හදලා මගේ ගෙලට හාදුවක් තවරලා කතා කලේ.
" යමු කෙල්ල.කෑම කාලා ලෑස්ති වෙමු..." එයා කියුවේ ඉස්සර වෙලා පඩි පෙළ බහින ගමන්.
" සතියක්...!මෙයා නැතුව.....අර්ර්ර්ර්ර්....සලනි තමුසෙට මොකද මේ වුනේ...එපා මේ නපුරා ගැන හිතන්නවත්...ආව මෙතන මට මායම් දාන්න.අහුවෙයි මම..."
මගේ මොලය හදවත එක්ක තර්ක කරන්න ගත්තා.
එයා එක්ක කෑම කාලා අම්මටත් බෙහෙත් දීලා අම්ම එක්කත් කතා කර කර ඉදලා ලෑස්ති වෙලා පහලට ඇවිත් අම්මට වැන්දා.එයා එක්කම වාහනේට නැගලා අපි ආපිට එන්න පිටත් වුනේ නුවර එළියට.මට දුකක් දැනෙන්නෙ ඇයි..මගේ ඇස් වල කදුලු.කොච්චර උත්සාහ කලත් නවත්තගන්න බෑ...මොකක්ද jin ඔයා මට කරන මේ මායාව.මම ඩ්‍රයිවින් කරන එයා දිහා බලාගෙනමයි කල්පනා කලේ.
" මොකෝ කදුලු...ම්ම්....ඇයි කෙල්ලට මම නැතුව ඉන්න බැරිද...එහෙමත් නැත්තම් බයයිද...."
එයා ඉස්සරහා බලාගෙන ඩ්‍රයිවින් කරන ගමන් කතා කලේ.මම මුකුත් නොකිය ඔලුව වැනුවා විතරයි.වෙනදාට එයාගෙ ඇදයක් හොයන මේ හිත දැන් එයාගේ ලස්සන විදින්න හුරු වෙලාද මන්දා....ජින් ලස්සනයි කඩවසම්...ඒත් මැර ලුක් එකකුත් තියෙනවා ඉතින්.මම කල්පනා කලා.
" ඉවසන් ඉන්නවා..සතියකින් ආවම තුරුල් කරගෙන ඉන්නම් ගොඩක් වෙලා..."
එයා එහෙම කියලා හයියෙන් හිනාවුනා.
" අනේ මම එහෙම දෙයක් කියුවේ නෑනෙ..."
මම කියුවෙ ටිකක් සැරින්.
" මොකෝ..මේ සැර...කන පලාගන්න එපා මට කියලා..."
එයා කියුවාම මම් තොලත් හපන් ශටර් එකට ඔලුව තියාගත්තා.
අපි මගින් රෙස්ටොරන්ට් එකකින් කෑම කෑව.ගෙදර එනකන්ම මම් කලේ නිදාගත්ත එක.අරයානම් එන්කො එක කනේ ගහගෙන ඩ්‍රයිවින් කරන ගමන් බිස්නස් ඩිස්කස් එකක්.ආ....මට නම් විකාර වගේ...සැප නින්දක හිටපු මම ගැස්සිලා ඇහැරුනේ එයා වාහනේ නැවැත්තුවාම.
" සදලි...ගෙදර ආවා බහිනවා..."
එයා කියුවා.හම්මෝ නිකන් ආපු මට පුදුම තෙහෙට්ටුවක්.ඩ්‍රයිවින් කරපු එයාට කොහොම ඇතිද...ඒත් එයාටනම් ගානක් නෑ වගේ.එයා ගේට් එක ඇරලා වාහනේ ඇතුළට දැම්මාම මම බැහැලා ආවෙ බීපු මනුස්සයෙක් වගේ වැනි වැනි..ඒතරම් සැප නිදක හිටියේ මම.එයා ගේට්ටුව වහලා මගේ ලගට ආවා.දොර ඇරියා විතරයි කිටියා දුවගෙන මගේ ලගට ආවෙ.
" අනේ මගේ බෝල ගෙඩිය...මම නැතුව පාලුවෙන්ද හිටියේ...යමූ...සස කුක්කු එකක් හදලා බොමු..."
මම කියුවා.
" ආහ් හා එනවා යන්න මූණ කට හෝදන් එන්න.ආව මෙතන කොහෙවත් යන පූසන්ට කුක්කු පොවන්න..."
එයා කියුවේ හිනාව ආයාසයෙන් නවත්තගෙන.මම එයාට ඔරවගෙන එයා පස්සෙම පඩි නැගගෙන ආවා.එයා ඩෙනිමේ කකුල් නවලා ශර්ට් එකෙත් අත් උඩට කරගෙන මූණ කට සෝදගත්තා.
" ඇයි ඔයා චේන්ජ් කරන්නෙ නැද්ද..."
මම ඇහුවා.
" ම්හූ...මෙහෙමම ආපහු යනවා මම..."
එයා කියුවේ මූණ හෝදලා බාත්රූම් එකේ කණ්නාඩියෙන් ඇස් වටේ බලන ගමන්.
" මහන්සි නැද්ද..."
මම ඇහුවා.
" මොනවා කරන්නද මම ඉක්මනට එනවා කියලා අම්මට පොරොන්දු වුනා..එයාට සනීප වුනා විතරනේ..." එයා කියුවා.
" මට ඇග හෝදගන්න ඕනි..."
මම කියුවා.
" ඉතින් හෝදගන්නවා..."
එයා කියුවා.
" මෙතනින් ඉන්න ඉතින්..."
මම කියුවා.
" ම්හූ...දොර ලගින් ඉන්නම්...කොහොමත් මේ සතිය තමුසෙට තනියම නාන්න වෙන්නෙ.රෑවෙන්නෙ නැතුව ඔක්කොම දවල්ට කරගන්නවා හරිද."
එයා කියුවා.
" මම දොර ලගින් ඉන්නම්...මාව තෙමෙයි..තමුසෙ නාන කොට වතුර හැම තැනමනෙ..."
එයා එහෙම කියලා හිනාවෙලා කාමරේට ගියේ.
මට ඇහෙනවා එයා සිරිපාල අන්කල් එක්ක කතා කරනවා.
" හරි සිරිපාල අන්කල් ඉක්මනට එන්න.අන්කල් ආවට පස්සෙ මම ඒ පැත්තට ගිහින් බලන්නම්..."
ජින් කලබලේට කියුවේ.
" සදලි පැල නොවී ඉක්මනට එනවාකෝ..."
එයා කෑගැහුවා.මම ටවල් එකත් පටලගෙන අනෙක් ටවල් එක ඔලුව වටේ ඔතාගෙන ආවෙ.
" ඉක්මනට ඇදුමක් දාගන්නවා."
එයා කියුවා.දාගන්නවා තමයි මෙතන නිර්වස්ත්‍රෙන් ඉන්නද මම...හිතුව විතරයි කියුවෙ නෑ.
මම එයා එක්කම පහළට ආවම සිරිපාල අන්කල් ඇවිත් හිටියා.
"අන්කල්ට අර තියෙන කාමරේ ඉන්න පුලුවන්."
ජින් කියුවේ සාලයට එක්කම පහළ අල්ලලා තියෙන අනෙක් කාමරේ පෙන්නලා.
" සදලි තමුසෙට කියන්න දෙයක් තියෙනවා.එදා අපි ගිය කෝවිලේ සාමිව මරලා දාලා.මට හිතාගන්න බෑ ඇයි ඒ කියලා."
ජින් කියුවා.ඒ ඩින්ගට මගේ ඇගේ හිරිගඩු පිපෙන්න ඇති.
" ඒ මොකද ඒ..මොකක්ද වෙලා තියෙන්නෙ..."
මම ඇහුවා.
" උදේ ගම්මුයි පොලීසියයි ගිහින් තියෙනවා.පරීක්ශණ වලින් කියලා තියෙන්නෙ ලොකු බල්ලෙක්..බෙල්ලටම පැනලා තුවාල කරලා කියලා.බෙල්ලෙ දත් පාර හොදට හිටලලු..."
සිරිපාල අන්කල් කියුවා.
" මම යනවා එහෙනම්...ඒ පැත්තත් බලාගෙනම යන්නම් කෝකටත්..."
එයා එහෙම කියලා වාහනේ යතුර අතට ගත්තා.
" ඔහොම ඉන්න...කිරි එකක් බීල යන්න..." මම කියුවා.
" නෑ සදලි...."
එයා කියනකොටම මම ඔරවලා එයාගේ දිහා බැලුවේ.
" හා හදනවාකෝ එහෙනම්..."
එයා කියුවා.
එයා අන්කල් එක්ක ගාඩන් එකට යද්දි මම කුස්සියට ආවෙ.
ඉක්මනා කිරි තේයි කිටියට සුදු කිරියි හදලා කිටියගෙ කප් එකට දාපු මම ට්‍රේ එකක බිස්කට් වගයකුත් තියාගෙන ගාඩන් බෙන්ච් එක ලගට ගිහින් ට්රේඑක මේසය උඩින් තියලා මමත් ජින් ලගින් වාඩි වුනා.
" ඒකනේ අන්කල්...මටත් හිතාගන්න බෑ...බල්ලෙක් ඇල්ලුවාම මැරෙන්න තරම් දෙයක් වෙනවද..."
ජින් නලළත් රැලි කරගෙන ඇහුවේ.
" සමහර විට මේකත් පොඩි මහත්තයාගෙ ආත්මයම කරන දෙයක් වුනා වෙන්න බැරිද..."
සිරිපාල අන්කල් කියුවේ හෙමින්.
" බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.."
ජින් කියුවෙ කිරි එක හෙමින් තොලගාන ගමන්.
" පරිස්සමින් ඉන්නවා...අන්කල් මෙයාට අර පූසව වැඩිය අල්ලන්න දෙන්න එපා.කොයි වෙලේ හරි ලෙඩක් හදාගන්නවා ඕකගේ මවිල් ගොඩ නිසා.."
එයා කියුවේ පුංචි තරවටුවක් කරලා.
" ජින් මහත්තයා නිසාම හොදයි.පොඩි මහත්තයාටලුනේ නෝනා ආදරේ කලේ.ටික දවසයි කෙල්ලෙ.ඕකා ඇදුම් මාරු කරනවා වගේ කෙල්ලො මාරු කලේ."
සිරිපාල අන්කල් කියුවා.
" මො...මොකා..."
මම පුදුමෙන් බැලුවේ.
" එයාට තිබුනේ ගොඩක් ප්‍රොෆෙශනල් ලුක් එකක්නෙ සදලි.ඒකයි තමුසෙ ගොඩක්ම ඌ තැන්පත් ඇති.හිත හොද ඇති කියලා හිතන් ඉන්න ඇත්තේ."
ජින් කියුවා.
" පොඩි මහත්තයා හරි සැරයි නෝනා...ජින් මහත්තයා වගේ නෙවෙයි...ජින් මහත්තයා සැර වුනාට නපුරු නෑ.දුශ්ඨ නෑ...මේ දක්වා මොකක් හරි වැරැද්දක් කලානම් ඒ හේතුවක් ඇතුව. ජින් මහත්තාඅ නෝනට ගැලපෙනවා.ඒත් පොඩි මහත්තයා එහෙම නෙවෙයි.අපිව බල්ලො ගානට දාලා ගෙදර දොරේ වැඩ කරවගන්නේ.මාන්නෙන් ඉදිමිලා.හැබැයි ටයි කෝට් දාලා බැහැලා යනවා එළියට සත්පුරුශයා වගේ.මහගෑණිගෙම පුහු මාන්නෙ කොලුවටත් අඩුවක් නැතුව පිහිටලා තිබබා.ගොඩාක් අය හිතන් හිටියේ ටේහියන් කියන්නෙ හොද මනුස්සයෙක් කියලා..."
සිරිපාල අන්කල් කියවගෙන ගියා.
" තමුසෙට ආදරේ කරන්නත් ඇති.මොකද ඌට කෙල්ලො තුන්දෙනෙක් හිටියා.බදින්න කතා කරපු එකී එක්කයි තමුසෙ එක්කයි.හැබැයි ටික දවසයි ඒ ආදරේ.මම උඹට ආදරේ කරන බව දැනගත්ත දවසෙ ඉදන් ඌ තමුසෙට ලං වෙන්න උත්සහ කලා.ඒ තරමට ඌ මාව රිදෙව්වා...ඌ රගපෑවා...ක්ලබ් ගියේ නෑ නෙවෙයි...ඌ නාන්න ක්ලබ් ගියා...තනිකර සුදන චරිතයක් රගපෑව... තමුසෙ රැවටුනා."
ජින් කියුවා.
" පොඩි මහත්තයා මුලින්ම අල්ලගෙන හිටපු කෙල්ල හරිම දුප්පත්.අහිංසකයි.ඒ කෙල්ලටත් ඇත්තටම ආදරේ කලා කාලයක්.ඒත් ටික දවසයි අගේ දැනෙන්නෙ.ඊටපස්සෙ කෙල්ලව ගෑණියෙක් කරලා අතහැරලා දැම්මා...ඊටපස්සෙ තමයි නෝනා ගැන හිතුවේ.මේ බන්ගලාවෙ ඉදන් හොරෙන් නෝනගේ පොටෝ ගැහුවා.ඒ පොටෝ කවරෙක දාලා මොන මොනවාද ලියලා නෝනට යවනවා වගේ ජින් මහත්තයාට යවන්න තමයි ලෑස්ති කරන් තියන් හිටියේ...ජින් මහත්තයාට රිද්දන්න.යවන්න හම්බුනේ නෑ ජින් මහත්තයා ඊට කලින් ඉස්සර වුනානෙ.මම මෙහෙදිනෙ ඔය කියන ජින් මහත්තයා කවුද කියලා හරියටම දැනගත්තෙ."
සිරිපාල අන්කල් කියුවා.
" එදා තනියම බැන්ගලෝ එකට ගිය වෙලාවෙ මම ඔය ෆොටෝ ටික දැක්කා..."
මම කියුවේ ඉකි ගැහෙද්දි.
" අඩන්න එපා ..."
ජින් එහෙම කියලා මාව ඇදලා ගත්තේ ඒ පපුවට.
" හැමදාම යාලුවො එක්ක කතා වුනේ මහත්තයා ගැන...ජින් කියන නම ගෙදරට හොදට හුරුයි.පොඩි මහත්තයා ඒ තරම් කේන්තියෙන් ඉදලා තියෙන්නෙ."
සිරිපාල අන්කල් කියුවා.
" අන්කල් ඒ දවස් වල මෙයාව දැකලා තිබ්බෙ නැද්ද."
මම ඇහුවා.
" නෑ පුතේ...දැන් නෙ දන්නෙ මහත්තයා කවුද කියලා හරියටම."
සිරිපාල අන්කල් සලනිට බොරුවක් කියුවා.
" අවුරුදු දෙකක් තිස්සෙ...පිස්සුද ඇත්තටම මම වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටියේ."
මම කියුවේ ඇස් වලට කදුලු උනද්දි.
" එහෙම තමයි පැටියෝ...මම ඉවසීමෙන් බලන් හිටියා තමුසෙගෙ කටින් වචනයක් ගන්න.කොහෙද ඉතින්..."
එයා කියුවාම මම බිම බලාගත්ත එක කලෙ.
" හරි එහෙනම් මම යන්න ඕනි..."
එයා කියලා නැගිට්ට.
" පරිස්සමින් ගිහින් එන්න.හයියෙන් වාහනේ ගෙනියන්න එපා..."
මම කියුවේ බිම බලාගෙන.
" හරි මැනික...පරිස්සමින් ඉන්න හොදේ...මොනා හරි උවමනාවක් හදිසියක් වුනොත් මට කෝල් කරන්න.නැත්තම් ජිමින්ට.ඌ මේ දවස්වල වටවල හොටෙල් එකක ප්‍රොජෙක්ට් එකක ඉන්නෙ."
එයා කියුවේ මගේ නළල ඉඹලා.එයා වාහනයට නැගලා වේගයෙන් ගිය දිහා මමයි සිරිපාල අන්කලුයි බලන් හිටියා.මට තේරෙන්නෙ නෑ...මගේ හිත හරියට රිදෙන්න ගත්තා එයා ගියාම.මොකක් හරි කරදරක් වෙයිදෝ කියන සිතිවිල්ල යටි හිත කියන්න ගත්තා.
..........
ජින් කෝවිලටත් ගොස් එහි මිනිසුන් සමග කතා බස් කොට ගාල්ල බලා ගමන් ඇරඹුවා.පැයක් පමණ එක දිගට ඩ්‍රයිව් කරපු ජින් වෙලාව බැලුවා.එකොළහා මාරයි වෙලාව.ජින් ගියේ පුදුම වේගයකින් අතුරුපාරවල් වලින් දමමින්.
දැඩි වර්ශාවත් සමගින් ජින්ට දැනුනේ වාහනය පිටුපසින් කවරෙකු හෝ අදිනවා වගේ හැගීමක්.
සැනෙන් වාහනේ එන්ජින් එක ක්‍රියාවිරහිත වුනේ ජිනවත් පුදුම කරවලා...ජින් කිහිපවිටක් ස්ටාට් කර බැලුවත් වාහනේ නෙවෙයි ස්ටාට් වුනේ.මෙච්චර අලුත් හොදින් නඩත්තු කරන වාහනයක් මෙලෙස ලෙඩ දීම ගැන ජින්ට ආවෙ ඉවසන්න බැරි කෝපයක්...ජින් කේන්තියෙන්ම වාහනෙන් බැස වැස්සෙම ගිහින් ඇරියේ වාහනේ ඉදිරිපස බොනට්ටුව....
ඉදිරිපස බිනට්ටුව විවර කල හැටියෙම අඛණ්ඩ දුමාරයක් එන්න ගත්තෙ...
" ශිට් වතුර දාන්න අමතක වුනානෙ..."
ජින් කියුවේ කෝපයෙන්.
" ලගපාතක පේන්න ගෙදරක්වත් නෑ...."
.....
හම්මෝ... අත රිදෙනව ලමයි...
ඔයාල ගෙ feedback එක අනුව තමා මම ඊලග chapter එකට අත තියන්නේ...
ජින්ට මොනව වෙයිද?
මට හිතුන වෝට් ගෝල් එකකුයි කමෙන්ට් ගෝල් එකකුයි දාන්න...
සෝ...
වෝට් ගෝල් = 35
කමෙන්ට් ගෝල් = 50
ගෝල්ස් complete උනාම කවුරුහරි මට WhatsApp message එකක් දාන්න 🥲
බාල්දි ඕතරී..😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top