☠️24☠️
" රිලැක්ස් සදලි...අපි කැමරා රෙකෝඩ් බලලා ඉමු..."
එයා මාව අතහැරලා ලැප් එක අරගෙන ඇවිත් මාත් එක්කම සාලේ සෝෆා එකෙන් වාඩි වුනේ.
එයා ලැප් එක ඔන් කරලා කැමරා රෙකෝඩ් ඕපන් කලා...වෙලාව තුනයි කාල සටහන් වෙලා තිබුනේ...ටික වෙලාවක් ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියා..ටික වෙලාවකින් දැක්කේ සාලෙ බඩු පාවෙවී බිත්ති වල හැප්පෙන විදිය...හරියට කවුරුහරි විසික් කරනවා වගේ...මමයි ජිනුයි මූණට මූණ බලාගත්තා...
" මම බාත්රූම් එකේ වැටිලා හිටියා නේද...එදා මාව කවුරුහරි බාත්ටබ් එකේ එබුවා...හුස්ම හිරවෙන තරමට...සාමි කියුවා හරි මේ දේවල් වෙන්නෙ වතුර වැඩිපුර තියෙන තැන් ලගදි..."
මම එහෙම කියුවාම එයා කල්පනා කරන්න පටන් ගත්තා....
" ඔයා මෙහෙට එන්න කලින් මම තනියම එකපාරක් බැන්ගලෝ එක ඇතුළට ගියා.එදා මම බාත්‍රෝම් එකේ ටැප් එක වහලා ආවේ...පුදුම වැඩේ කියන්නේ සිරිපාල අන්කලුත් කියුවා ඔය වැඩේ දවස්ගානක් වුනා කියලා...දැන් නම් හොදටම පැහැදිලි මේ අමනුස්සයෙක්ගේ වැඩක් තමයි...මේ හැමදේම...ටේහියුන් මැරෙන්න කලින් මේ ගෙදර මම කොච්චර තනියෙන් හිටියද..ඒත් ඒ එක දවසකවත් මේ විදියේ දේවල් වුනේ නෑ..."
මම කිව්වා...
" සිරිපාල අන්කල්ගේ ෆෝන් නම්බර් එකක් තියෙනවාද...බැන්ගලෝ එකේ කවුරුත් නැති එකේ එළියේ ටැප් වලට විතරක් වතුර ලයින් එක දීලා ගේ ඇතුළට යන ලයින් බ්ලොක් කරමු...ටේහියුන් ද ටේහියුන් ගෙ හොල්මනද මට අදාල නෑ..උඹව නැති කරනවා ටෙහාන් මොන විදියට හිටියත්..."
ජින් අත මිටමොලවගෙන කේන්තියෙන් කියුවේ...
" තියෙනවා...."
මම එහෙම කියලා ෆෝන් එක අරගෙන එයාට නම්බර් එක දුන්නා...
" තමුසෙ ඔහොම ඉන්නවා..."
එයා නම්බර් එක එයාගේ ෆෝන් එකට දාල ඩයල් කරලා කනේ තියාගන්න ගමන් එළියට ගියේ....
" හෙලෝ....."
එහා පැත්තෙන් කතා කලේ සිරිපාල....
" සිරිපාල අන්කල් කොහොමද ඉතින්...එද සදලි මැඩම් එක්ක ආවේ.එයාගේ මහත්තයා...."
ජින් කියුවේ කට කොනකින් හිනාවෙලා...
" අනේ...මෙ...ජින් පුතා...."
සිරිපාල ගොතගැහුවා...
" අන්කල් නම් දැන් සෑහෙන්න වෙනස් වෙලා...කොහෙද අන්කල්ව එදා දැක්කමනේ..අවුරුදු විස්සකට පස්සෙ..නේද අන්කල්..."
ජින් කතා කලේ නිවුනු ස්වරයෙන්...
" හිතුවේ නෑ පුතේ මෙහෙම දෙයක් වෙයි කියලා...හීනයක් වගේ එදා පුතාව දැක්ක දවසේ...හිතුවේ මරලා දාන්න ඇති කියලා..."
සිරිපාල කියුවේ කැලඹුනු කටහඩකින්...
" ගොඩාක් දුක් වින්දා අන්කල්...හිතාගන්න බැරි තරමක් දුක් වින්දා...ඒ උහුලපු දුක් තමයි මාව මෙච්චර නපුරු කෙනෙක් කලේ...ටේහියුන්ගේ මරනෙට මමත් සම්භන්දයි අන්කල්...."
ජින් කියුවා....
" පුතා...කො...කොහොමද....මෙහෙම කෙනෙක් වුනේ...."
සිරිපාල ආයෙමත් ඇහුවා...
" මිනිස්සු තමයි අන්කල් අපිව වෙනස් කරන්නේ...."
ජින් කිව්වා....
" දන්නවාද අන්කල් මට නම කියලා කතා කරන්න එපා සදලි ඉන්න තැන...එයා තාම දන්නේ නෑ මං කවුද කියලා."
ජින් කියුවේ හැගීම් බරව...
" පුතා ඇයි මට කතා කලේ හදිසියක්වත්ද...."
සිරිපාල ඇහුවා....
" මේකයි අන්කල්...අපි කෝවිලට....."
ජින් මේ දක්වා වුන හැමදේම පැහැදිලි කලා.
" ඉතින් අන්කල් මේකයි වෙන්න ඕනි...බැන්ගලෝ එකේ ඇතුළට වතුර යන ලයින් එක කපලා දාමු..."
ජින් කිව්වා...
" හරි පුතා මම හෙට උදේට ඒ වැඩේ කරන්නම්..."
සිරිපාල අන්කල් කියුවා....
" හරි අන්කල් මම එහෙනම් තියන්නම්.." ජින් කට් කරන්න හදනකොටම....
" පුතා....."
" ඇයි අන්කල්...."
" ඇයි උඹ ජීවත් වෙනවා කියලා නොකියුවේ....ඒ දවස්වල මායි ගුණවතීයි දෙන්න පිච්චි පිච්චි හිටියේ දරුවෝ...අන්තිමට හිත හදාගත්තා...අද ගුණවතී හිටියනම් කදුලු වපුරාවි සත්තයි...."
සිරිපාල එහෙම කියුවාම ජින්ගේ හදවත කෑලි වලට කැඩිලා ගියා...
" මො..මොකක්ද...ගු..ගුණවතී ඇන්ටි නැතිවුනාද....ආ...අන්කල්..."
ජින් ඇහුවේ වේදනාවෙන්...
" ඔව් පුතේ දැන් අවුරුදු දහයක් වෙනවා උන්දැ නැති වෙලා...පපුවේ අමාරුවක් හැදුනනේ..."
සිරිපාල අන්කල් කියුවේ වේදනාවෙන්...
" අනේ..අන්කල්...අන්කල් තනියමද ඉන්නේ...දරුවොත් නෑනෙ අන්කල්ට...පුලුවන් වෙලාවට මෙහෙ ඇවිත් යන්න අන්කල්...."
ජින් කියුවේ අවංකවම...
" හොදයි පුතා ඉඩ තීන වෙලාවක මම එන්නම්..."
සිරිපාල කියුවා...
" එදා ටිකක් සැරෙන් හිටියට සමාවෙන්න අන්කල්.
.මම හිතුවේ මගේ ගැන අන්කල්ගේ කටින් එළියට පනීවි කියලා....අන්කල් ඒ කාලේ කරපු උදව් අමතක නෑ අන්කල්...ගොඩක් පින් ඇත්තටම...."
ජින් කියුවා....ටික වෙලාවක් සිරිපාල අන්කල් එක්ක කතා කරලයි ජින් ගේ ඇතුලට ආවෙ...
ජින්ගේ ඇස් යට රතුවෙලා හරියට නිකන් අඩන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් වගේ...
" සදලි..හවසට වොශ් දාගන්නකන් දැන් මූණ අත පය විතරක් සෝදගන්න..."
ජින් එයාගේ ශර්ට් එක ගලවන ගමන් කතා කලේ.
.මමත් එයාගේ පස්සෙන්ම උඩට ගිහින් එයා බාත්රූම් එකට යනක්න් ඉදලා ටක්ගාල සාරිය ගලවලා ටවල් එකක් පටලගත්තා....එයා එළියට ආවෙ විනාඩි පහකට විතර පස්සේ....කණ්නාඩිය ලගට වෙලා මූණ පිහදපු එයාගේ ඇස් යට තවත් රතු වෙලා...මෙච්චර දුකින් ඉන්න මොකක්ද හේතුව....මොනවාද සිරිපාල අන්කල් එක්ක කතා කලේ.
දැඩි නිහඩතාවව ලොකු කුණාටුවක පෙරනිමිත්තක්...මෙයා මෙහෙම සද්ද නැතුව ඉන්නකොට මට තවත් බය හිතෙනවා...එයාගේ හිතේ මොන මොනවා වැඩ කරනවාද කියලා කවුද දන්නේ...මම බාත්රූම් එකේ දොර ලග ඉදගෙන ඔලුව දැම්මේ බයෙන් බයේ...
" කවුරුත් නෑ..මම මෙතන ඉන්නම් විනාඩියට දෙකට මූණ කට හෝදගෙන එන්න..."
එයා කියුවේ හිනාවෙලා...මෙයාට අසනීපයක්වත්ද...කටහඩත් පුදුමෙට බරයි...මම එයාගේ පැත්තට හැරුනාම එයා ටවල් එක රැක් එකට විසික් කරලා මගේ ඉණ වටේ අතක් යවලා මාව එයාට ලං කරගත්තේ.
" අ...අ...අසනීපයක්ද..."
මම ඇහුවා.
" හ්ම්...."
" එහෙනම් බෙහෙත් ගමු..."
" බෙහෙත් වලින් හිතේ දුකක් හොද කරන්න බෑ මැඩම්..."
එයා එහෙම කියලා මගේ මූණ ඒ දෝතට ගත්තා...
" තමුසෙට ආදරෙයි ගොඩක්...."
එයා එහෙම කියලා මගේ පැලුනු තොල උඩ ඇගිලි වලින් හිමීට පිරිමැද්දා.
" රිදුනාද...."
එයා ඇහුවේ ටවල් එකේ ගැටය ටිකක් බුරුල් කරලා පපුවේ වම්පැත්ත බලන ගමන්.එයාගේ මූණ අවුල් වුනා කියුවොත් හරි...එයා අල්ලපු පාර එතන නිල් වෙලා දැන්...මම තොලත් හපන් අහක බලගත්තා.
එයා හිමීට ඇගිලි තුඩු ගෙනියද්දි මගේ දෑස් පියවුනේ ඉබෙටමයි.
" ආයි මෙහෙම දේවල් කරනේ නෑ සදලි...ආම් සොරි...තමුසෙට රිදෙන්න රිදෙන්න මටත් රිදෙන එක වෙන්නෙ..."
එයා එහෙම කියලා මගේ පපුව ලගින් උඩට කරලා ටවල් එක ගැටගහලා මගේ නිකටින් අල්ලලා මූණ ඉස්සුවා.
" තමුසෙ මගේ...එච්චරයි...පුලුවන් ඉක්මනට මට තමුසෙගෙ ආදරේ ඕනෙ...නැත්තම් උඹට දවසක මාවත් නැති වෙයි.ටේහයුන් වගේම...."
එයා එහෙම කියලා මගේ තොල් ලාවට සිපගෙන මගෙන් ඈත් වුනා...
මොන හේතුවකට මන්දා එයා අන්තිම ටික කියද්දි මගේ හිත ගැස්සුනා...මොනවා වුනත් දැන් මට ඉතුරුවෙලා ඉන්නේ ජින් විතරයි...මගේ ආරක්ශාවට ඉන්නේ එයා විතරයි...එයා මට නැතිවෙයිද....ඉතින් එහෙම වුනත් මොකද....ඒත් හිත ඒ සිතිවිල්ලට කැමති නෑ වගේ..ඇයි මම කලින් වගේ ජින් ලගට එනකොට එයාව ප්‍රතික්ශේප නොකරන්නේ...ඒ එයා තර්ජනය කරන නිසා බයටද...එහෙමත් නැත්තම් මගේ හිතේ....හහ්...නෑ නෑ..ඒව හදේ....මම කල්පනා කලා..
" හලෝ යනවා...ගිහිල්ලා මූණ හෝදගන්නවා...ටක්ගාල එනවා මට වැඩ තියෙනවා.මේ වෙලාවේ මෙතනම ලැගගෙන ඉන්න බෑ..."
එයා කියුවා.මම ටක්ගාලා බාත්රූම් එකට ගිහින් දොර අඩවල් කරලා ශරීර කෘත්‍යන් ටිකත් කරගෙන බයෙන් බයේ ඇවිත් දොර ඇරලා ටක්ගාලා මූණ අත පය සෝදගත්තේ.වෙනදා කණ්නාඩිය වටේ කැරකි කැරකි ඉන්න මම කණ්නාඩිය දිහා නොබලම කාමරේට දුවගෙන ආවෙ....
මම ඉක්මනට මූණ හෝදගෙන ආවා.ඒත් එක්කමයි ජින්ට කෝල් එකක් ආවේ.එයා ඇස් වලින් කතා කලේ ෆෝන් එක පෙන්නලා ලගට එන්න කියලා....මම ටවල් එකත් පටලගෙන කොණ්ඩෙත් ඉස්සරහට දාගෙන එයාගේ පැත්තෙන් ගිහින් වාඩි වුනේ.එයා මට ෆෝන් එකේ ස්ක්‍රීන් එක පෙන්නුවා.
" තාත්තා..."
මට කියවුනා.
" ඔවු කියන්න මිස්ටර් රාජිත.."
ජින් කකුලක් උඩ දාගෙන කතා කලේ...එයා ස්පීකර් දැම්මේ මටත් අහගන්න පුලුවන් විදියට....
" පුතා...මොකෝ අපේ වැඩ ටික...කතාවක්වත් නෑ ඒ ගැන..."
තාත්තා නිවුනු ස්වරයෙන් කතා කලේ....
" මේ දවස්වල බිස්නස් වැඩ වැඩී අන්කල්...මම මේ කලබල වැඩ ඉවර වුනාම ඔප්පු හොයන්න පටන් ගන්නවා..."
ජින් කියුවා...
එයා පැත්තෙන් ඇහුනේ තාත්තා ලොකු හුස්මක් හෙලපු සද්දයක්....
" මේ ගැන සද්දයක් නැතුව හිටිය නිසා මම බැලුවේ මෑන් වැඩේ පස්සට ගහලවත්ද කියලා..."
තාත්තා කියුවේ අව්‍යාජ හිනාවක් නගලා....
" පිස්සුද මිස්ටර් රාජිත...දැන් මම මැරි කරලානේ ඉන්නේ...ඉතින් නෝනායි බිස්නස් එකයි දෙකම බැලන්ස් කරන්න වෙලා..."
ජින් ඇහැක් ගහලා හිනාව අමාරුවෙන් යටපත් කරගෙන කියුවේ...
" මොකෝ අපේ දෝණි ඇන්දා කියන්නේ...දැන් වෙනසක් එහෙම නැද්ද ළමයිනේ..."
තාත්තා ඇහුවාම මම නැගිටලා එතනින් යන්න හැදුවේ.ඒත් ජින් මාව ඇදලා අරගෙන ඔඩොක්කුවේ වාඩි කරව ගත්තා...
" අපි බලමු නේද ඉස්සරහට මොකද වෙන්නේ කියලා.දුවට දෙන්නද..."
ජින් ඇහුවා...
" හා දෙන්නකෝ...."
තාත්තා එච්චර කැමැත්තකින් නෙවෙයි ඇහුවේ...
" හෙලෝ තාත්තා..."
මම හිමීට කතා කලේ...ජින් ඉණ වටෙ අත යවලා තවත් මාව එයාගේ පපුවට ලං කරගත්තා.
" කොහොමද ළමයෝ...අවුලක් නෑනේ...සල්ලි මොනවාහරි ඕනි වුනොත් කියන්න..."
තාත්තා කිව්වා....සල්ලි සල්ලි...එච්චරමයි මේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ...
" සල්ලි වලින්නම් අඩුවක් නෑ තාත්තා...ජින් අඩුවක් නැතුව හැමදේම කරනවා...අද මම මෙහෙ ස්කූල් එකක වැඩටත් ගියා...අවුලක් නෑ..."
මම කිව්වා...
" හ්ම්...හොදට වැඩ ටික කරගන්නකො එහෙනම්....මට දුවව හම්බෙන්නත් ඕනි ටිකක්..."
තාත්තා කියුවා...දන්නවා ඇයි කියලා...
තාත්තගේ ඊලග ඉලක්කය ජින්ගේ දේපල බව...
" මට පාඩුවේ ඉන්න දෙන්න.මම ඔයාලාගේ කිසිම වැඩකට කැමති නැහැ..."
මම කියුවා...
" එහෙමද..හොදයි ඉතින්..."
තාත්තා එහෙම කියුවේ හැංගිච්ච තර්ජනයකින් කියලා හොදටම තේරුනා.
" කෝ අම්මා..."
මම ඇහුවා.
" එයා නෑ දුව...ලෑස්ති වෙලා ගියා යාලුවෝ මීට් වෙන්න..."
තාත්තා කියුවේ හිත හොදින් නෙවෙයි.ටික වෙලාවක් තාත්තා එක්ක කතා කර කර ඉදලයි ෆෝන් එක තිබ්බේ.මගේ ඇස් කදුලු වලින් පිරිලා.
" තමුසෙ තනි නෑ බන්...මම ඉන්නවා හැමදාටම හෙවනැල්ල වගේ...."
එයා කියුවේ මගේ හිස්මුදුන සිපගෙන.මොකක්දෝ ආරක්ශාවක් දැනුනා ඒ වචන ටිකේ...අඩාගෙනම ජින්ගේ පපුවට බර වුනේ දුකක් වගේම හීනියට සතුටකුත් හිතේ මෝදු වෙද්දි....කවුරු අත හැරියත් ජින් මාව අතනොහරින බව සහතිකයි.මම කදුලු පිහදගෙන ආයි එයාගේ පපුවෙන් මෑත් වුනේ.ඒත් එයාගේ ඔඩොක්කුවෙන් නැගිට්ටේ නෑ.එයා මගේ දිහාම දගකාර විදියට බලාගෙන ඉන්නවා.
" හැමදේටම කල් අරින්න එපා...මට කියන්න ඔයා කවුද කියලා හරියටම..."
මම කියුවේ ඒ උකුස්සා වගේ තියෙන සරාගී දෑස් දිහා බලාගෙන.
" පස්සේ...."
එයා කියුවා.
" ඔයාට මාව විශ්වාස නෑනේද..."
මම ඇහුවා.
" තමුසෙගේ තාත්තා ගැන සැකයි මට.තමුසෙට එයාගේ වචන වලට පිටින් යන්න බැරි අවස්තාවක් ආවොත්...අනික තමුසෙ බලන්නෙත් මාව අයින් කරන්නමනේ..."
එයා කියුවා.
" ආයි එහෙම වෙන්නේ නෑ...ඔයාගේ වැඩවලට හරස් වෙන්නෙ නෑ...අයි රියලයිස්ඩ් දැට්...මට ඉන්නේ ඔයා විතරයි..."
මම ඒක කියුවෙව් මූණත් බිමට ඔබාගෙන නියපොතු අතගාන ගමන්.
" ගුඩ්....ඒත් පස්සේ කියන්නම්...."
එයා එහෙම කියලා හිනාවුනා...දෙන්න හිතයි...
" දෙයක් අහන්නද සදලි...."
එයා ඇහුවේ ටිකක්.සීරියස් වගේ.
" මගෙන් දරුවෙක් ලැබෙන්න ආවොත් ඔයා ඒ දරුවාගෙනුත් පළි ගන්නවාද.."
එයා ඇහුවා.මගේ හිත එකසිය ගානට ගැහෙන්න ගත්තෙ...
ඒත් බැරි වෙලාවත් මෙයා එහෙම දෙයක් මට කලොත්.....
" මම මගේ අම්මා වගේ වෙන්නේ නෑ...මගේ ළමයෙක්නම් මම හොද අම්මා කෙනෙක් වෙනවා."
මම කියුවේ බිම බලාගෙන.
" ගුඩ්.......එහෙනම් දැන්මම බලමු..."
එයා කියුවේ මාව එහෙමම ඇදට පෙරලලා.
" ප්ලීස් ලීව් මී...."
මම වෙර යොදල නැගිටලා රැක් එක ලගට ගියේ එයාට ඔරවගෙන.
" ඔහොම බය වුනොත් ඇති...."
එයා එහෙම කියලා හොදටම හිනාවෙනවා.
මම ඇදුමක් දාගෙන එයා එක්කම පහළට ආවා.එයා ලැප් එකට මූණ ඔබාගනිද්දි මම කුස්සියට ගියේ රෑට කෑම හදන්න.කොකෝ මිල්ක් ටිකකුත් බොන්න ඕනි කියලා හිතුන මම වතුර රත් කරලා අරගෙන චොකලට් කිරි එක හදලා ගත්තේ.කිටියා මේවට කැමති නැති නිසා එයාට වෙනම සුදු කිරි එකක් හදලා දීල ජින්ගේ කිරි එක අරං ගිහින් එයාගේ ලගින් තිබ්බා.
හාල් හෝදලා රයිස් කුකර් එකට දාලා පිටිපස්සේ දොර ලගට ගිහින් කිරි එක හිමීට තොල ගාන්න පටන් ගත්තා.වහින්න වගේ...සීතල හුලග...අදුරු පරිසරය...කලාවක්..මම මේ ෆීලින් එකට හරිම ආසයි.උණුම උණු කොකෝවා එකක් බොන ගමන් සීතල හුලග විදගෙන වහින අහස දිහා බලාගෙන ඉන්න...පුදුම මනසික සුවයක් ඒක.
" ශිට් මේ ජරා සතා...පල අහකට...."
ජින් කෑගහනවා විතරයි ඇහුනේ...මම හැරෙනකොටම...සාලෙ දාලා තිබ්බ දොර රෙද්දත් මෑත් කරගෙන කිටියා ටයිල් පොළව දිගේ ලිස්සලා ආවේ කුස්සියට...
" එයාට පාඩුවෙ ඉන්න දෙන්නකෝ...ඔයා එයාට හරියට කරදර කරනවා..."
මම කියුවේ දොර රෙද්ද මෑත් කරලා.
" තමුසෙනම් කියයි...කී බෝඩ් එක උඩ ඇවිදින්න ගිහිල්ල ඕනි කරන ෆයිල් වගයක් තව පොඩ්ඩෙන් ඩිලිට් වෙනවා."
ජින් කිව්වා.
මම කෝප්පත් හොදලා ඉවරවෙලා සැමන් කඩලා අරගෙන වතුර ටිකයි කෑලි ටිකකුයි දාලා කිටියට බත් එකක් අනලා තියලා ඉතුරු සැමන් ටික තෙල් දාලා පරිප්පු හොදි හදලා ලුණු අතගාලා කොච්චි මිරිස් බැද්දේ අර හොල්මනට සැර ඕනි නිසා.වෙනදා තරම් නැතත් හීනියට අර ලේ ගද එහෙන් මෙහෙන් දැනෙන්න ගත්තත් මම හිත හයිය කරගෙන කෑම ටික හදාලා මේසෙට යැව්වේ.
" හෙලෝ කාලෙකින්....උබ දැන් කොහෙද ඉන්නේ...."
ජින් ෆෝන් එකත් කනේ ගහගෙන කතාව.
" ආව්ශ් උබ රයිටර් කෙනෙක් නේද...."
ජින් කියුවා.
" මචං ජිමිනා කියුවා උඹ ඉන්නේ නුවර එළියේ කියලා...බැන්දලු නේද...අපි හෙට එනවා අලුතින් පබ්ලිශ් කරපු නවල් වගේකුත් අරගෙන අපේ ටීච කෙනෙක් ඉන්නවා එයාට දෙන්න...ඒ ගමන් එන්නම්....හෙට සෙනසුරාදනේ..."
මට ඇහෙනවා එහා පැත්තෙ කෙනා කියවනවා.
" වරෙන් වරෙන් කට්ටියම.ටවුන් එකට ඇවිල්ලා කෝල් කරහන්...මේ එනකොට උඹේ නවල් ටිකක් අරං වරෙන්.මොකද අපේ වයිපරෙත් නවල් පිස්සියෙක්..."
ජින් කියුවා.ටික වෙලාවක් කතා කරපු එයා ෆෝන් එක කට් කලා.මම ඉතුරු කෑම බන්දේසි ගන්න කුස්සියට ගියා.
මට කැදවීම් තිබුනේ බ්‍රහස්පතින්දයි සිකුරාදයි.ස්කූල් එකේපරිසරය අදුනගෙන හරියටම වැඩ ස්ටාර්ට් කරන්නේ සදුදට.එසෙම්බ්ලි එකේදො මාව ස්කූල් එකටම අදුන්වලා දීලා මගේ පත්වීම නිල වශයෙන් භාරගන්නවා.ඊටකලින් ලස්සන සාරියක් ගන්න වෙයි.කේක් මොනාහරිත් එක්කම...
කිටියගේ බත් එකත් දීලා මමත්පිගන් දෙකක් බෙදාගෙන සෝෆා එකට ගියේ.එයා ටීවී එක දැම්මේ ඒත් එක්කමයි.
මම එයාට කවන ගමන් මාත් කෑවා.එක පිගානක් ඉවර වුනාම අනෙක් පිගානත් ඒ විදියටම කලා.කාලා ඉවර වෙලා මමත් ටීවී එක ටිකක් බලලා ගියේ වොශ් දාගන්න.
" මැඩම් තනියම නාගන්න පුලුවන්ද...."
එයා අහනවා...මෙයානම් දැන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න බලන්නේ.
" මොනවා කරන්නද නාන්නේ නෑ ටක්ගාලා ඇගහෝදනවා..සැමන් ගදේ බෑ මගේ ලග..."
මම කියුවා.
" එනවා යන්න එහෙනම්...."
එයා මාත් එක්කම බාත්රූම් එකට ආවා.
මමනම් ටවල් එක හෙලවුවේවත් නෑ...එයාත් පොඩි ශෝටක් ඇදගෙන ඇතුලට ආවේ.දොර ලොක් කරලා කර්ටන් දාපු මම කණ්නාඩිය දිහාවත් බැලුවේ නෑ...එයා මාත් එක්කම ශවර් එකට යටට ඇවිත් හොට් වෝටර් වලට දැම්මේ.වතුර රස්නෙට අපේ ඇගට වැටෙද්දි එයා මාව තුරුල් කරගත්තේ...
ටික ටික මගේ ටවල් එකට අත ගෙනාපු එයා ඒක බිමට දැම්මෙ මට හිතන්නවත් ඉඩ නොතිය.මමත් විරුද්ධ වුනේ නෑ...ඒ ඇයිද කියන්න මටවත් තේරෙන්නෙ නෑ...එයා මගේ උරහිස් සිපගත්තේ මගේ මුවින් කෙදිරියක් පිටවෙද්දි.එයාගේ පපුව පුරා මගේ ඇගිළි තුඩු ඇදිලාගියේ නිරායාසයෙන්මයි...මොහොතක් නොයිද එයා මගේ තොල් අල්ලගත්තේ මගේ දෑත් නියපොතු රටා එයාගේ පිට මත ගෙත්තම් කරද්දි....ටික වෙලාවකින් මම පියවි සිහිය ආවා වගේ එයාව තල්ලු කලේ.
" මට ඇගහෝදන්න ඕනෙ...අතනට වෙලා ඉන්න"
මම කියුවා...ජින් ඕකේ කියලා එහාට ගියාම මම කර්ටන් පාත් කරලා ඇගහෝදන්න ගත්තේ.කට තද කරලා අතින් වහගෙන රහසේ ඇඩුවා.දෙයියනේ මමත් මනුස්සයෙක්...මම එයාට ආදරේ නැති බව දැන දැන එයා ඇයි හිතා මතාම මාව අවුලවන්නේ...මගේ ඉකිය එයාට ඇහෙන්න ඇති.
" සොරි සදලි...ආයි අවුලවන්නේ නෑ...ඒත් ඔයාමනේ අකමැති.මම නෙවෙයිනේ...පස්සේ අඩනවා...."
එයා කියුවේ නෝක්කාඩුවට.
මම මුකුත් නොකිය හැගීම් මැඩගෙන ඇගහෝදගත්තා.
ජින් හිටියේ කණ්නාඩියට පිටුපාලා.එකපාරටම ඈතින් වගේ ඔහුගේ සවනට ඇසුනේ හීනි ඉකියක්....
" සදලි...ඇහුනද ඒක...."
" මොකක්ද...."
මම ඇතුළෙ ඉදන්ම හිමීට ඇහුවා.
" ඔය ශවර් එක ටිකකට ඕෆ් කරනවා.."
ජින් කියුවා.මම ශවර් එක ඕෆ් කරලා දාලා කර්ටන් එකෙන් ඔලුව දැම්මේ.
ජින් මොහොකට හරි ඇහුම් කන් දෙන ගමන් ඉන්නේ කටත් උල් කරගෙන රවාගෙන පැත්තක් බලාගෙන ඔලුව පිටිපස්ස අතගාන ගමන්.
" මට ඇහුනා සදලි...කවුරුහරි අඩනවා වගේ සද්දයක්...ටිකක් ඈතින්...මීට කලින් මෙහෙම වෙලා නෑනෙ..."
එයා කියුවා.
" ම්හූ...මට ඇහුනෙ නෑනෙ..."
" ඒත් මට ඇහෙනවා....ෂ් ෂ්....තාම ඇහෙනවා..."
ජින් කියුවේ දෑත් වලින් කන් වසාගන්න ගමන්.
" ඒත්...."
මම කියනකොටම....එයා අතින් සන් කලා එන්න ඕනි නෑ කියලා.
" ඔහොම ඉන්නවා..දැන් හරි වගේ...මගේ හිතත් මම හිතන්නේ පිස්සු නටනවා දැන්..."
එයා ලොකු හුස්මක් දාලා කියුවෙ.මම ආයෙත් ශවර් එක යටට ගියා.
ජින් කල්පනා කලේ ඒ ඇසුණු කුඩා ළමයෙකු හඩන ශබ්ධය...ඒ හඩ ඇසුනු විට ජින්ගේ හදවත අමුතුම තාලයකට රිදෙන්න ගත්තෙ....ඔහුට කුඩා කල සිදුවීම් කිහිපයක් මතක් වුන නිසා...
" උඹ කරන වැඩෙන් අතීතය හෑරි හෑරි ඇවිස්සිලා උඹලමයි වැරදිකාරයෝ වෙන්නේ....උඹ අමනුස්සයෙක් වුනත් මනුස්සයෙක් වුනත් මම උබව තියන්නේ නෑ මිනිහෝ....දීපු ගින්දරට විදවාවි උඹ..."
ජින් දෑත් මිටමොලවගෙන කල්පනා කරන්නට වුනා.
මම ටක්ගාලා නාගෙන ටවල් එකත් පටලගෙන බාත්රූම් එකේ එහාට වෙලා හිටියා එයාට නාගන්න...
" තමුසෙ යනවා කාමරේට...එහෙ මොකෙක්වත් නෑනෙ.මට නිදහසේ නාගන්න ඕනි...ලැජ්ජයි මට ඇදුම ගලවන්නත්...."
ජින් ඇහැක් ගහලා එහෙම කියලා හයියෙන් හිනාවුනා.
" අනේ මේ...ඔයාට ලැජ්ජ නහරෙකුත් තියෙනවාද ඇත්තටම...මට බෑ කාමරේට යන්න බයයි."
මම අතුත් බැදගෙන අහක බලාගෙන කේන්තියෙන් කියුවේ.
" පිරිමි ළමයි ගෑණු ළමයිගෙන් පරිස්සම් වෙන්න ඕනි.මොකද ඉඩ ලද හැටියෙම උඹල බලන්නේ අපට අතවර කරන්න...බයේ බෑ මටනම්...එහෙම වුනොත් සමාජෙට මූණ දීලත් ඉවරයි..."
ජින් කියුවා.ඒකටනම් මටත් හිනා ගියා....
" තමුසෙගෙ හිනාව ලස්සනයි..."
එයා කියුවා.
" ඉක්මනට නාගෙන එන්න...මේක ඇතුළ සීතලයි..."
මම කියුවේ බෙල්ල අතගාන ගමන්.
පැයභාගයක් විතර අරගෙන එයා නාලා කරලා මාත් එක්කම කාමරේට ආවා.
" අදනම් පුදුම සීතලක්...."
මම කියුවේ අතුත් බැදගෙන බැල්කනි එක පැත්තට යන ගමන්.
" ඒ මැඩම් ඔය ටවල් එක පිටින් ඔතනට ගිහිල්ල මුලු වතුකරේටම ෆ්‍රී ශෝ පෙන්නන්න්ද හදන්නෙ....මෙහෙ එනවා කකුල් දෙක කඩලා දාන්න කලින්..."
එයා සැර කරපු පාර මම බැල්කනි එකේ ජනේලය වහලා ආපහු කාමරේට ආවෙ.ඇත්තටම අමතක වුනා මම ඉන්නේ තවම ටවල් එක පිටින් කියලා.
එයා ටක්ගාලා ඇදුමක් දාගෙන ඇදට ගිහින් ෆෝන් එක අතට ගත්තම මමත් ශෝටකට හීනි පටි තියෙන කලු ස්කිනි එකක් ඇදලා කොණ්ඩෙත් ගොතාගෙන ඇදේ එහා පැත්තට ගොඩ වෙලා ගොරෝසු බ්ලැන්කට් එකක් පොරවගත්තා.
ලයිට් ඕෆ් කරපු එයා ටේබල් ලැම්ප් එකත් ඕෆ් කරලා මගේ ලගින්ම එහා පැත්තෙන් හේත්තු වුනේ මගේ පිට එයාගේ පපුවේ ස්පර්ශ වෙන විදියට.
එහෙමම එයා අපි දෙන්නටම බ්ලැන්කට් එක පෙරෙව්වා.
" සදලි....."
" ම්ම්....."
" ආදරෙයි තමුසෙට ..."
" නිදාගන්න...."
මම කියුවේ ඇස් දෙක පියාගෙන.
" නිදි කරවන්නකෝ...."
එයා රහසින් වගේ කියුවේ....
" ඔයා පොරොන්දු වුනා අයියේ අවුලවන්නෙ නෑ කියලා..."
මම් කියුවේ හිමීට.
" ඔයාට මාව එපා වෙන්නෙ නැද්ද...මෙච්චර වෙනස්කම් කරද්දි ඔයා කොහොමද...."
මම අහනකොටම...
" ශ්....මම තමුසෙට ආදරෙයි...ආදරේ කියන වචනේ තේරුම දන්නෙ නැද්ද....සිරාවට..මම තමුසෙට ආදරෙයි.ඒකමයි මෙච්චර උඹ මත්තෙම නැහෙන්නෙ...."
එයා කියුවා.
" අයියේ...."
" ඇයි ..." එයා කතා කලේ පුදුම ආදරයකින්.මම හිමීට උඩුබැලි අතට හැරුනා.එයා මගේ නලල උඩින් අතක් තියාගෙන මගේ දිහාම බලාගෙන ඉන්නවා.
" මට කියන්න ඔයාගේ ඇත්ත වයසවත්..." මම කියුවා.
" ඇත්ත වයස..."
එයා ඇහුවේ හිනාවෙලා.
" හ්ම්...ඕනි මෝඩයෙක්ට තේරෙනෙවා ඔයාට හතලිහවත් පැනලා නෑ කියලා..." මම කියුවා.
" තිහයි...."
එයා කියුවා.දෙයියනේ...මෙයා එතකොට මට වඩා අවුරුදු හයයි වැඩිමල්.
" මම හිතුවා ඔයාට ඇත්තෙ අඩු වයසක් කියලා..."
මම කියුවා.
" කොල්ලා ලස්සනයිනේ නේද...කෙල්ලට හිත ගිහින් වගේ..."
එයා කියුවේ මගේ තොල් අතගාන ගමන්.
" අනේ වැඩේමයි.දැන් නිදාගන්න."
මම කියලා ආයෙත් අනෙක් පැත්තට හැරුනා.
ආයාසයෙන් දෑස් පියාගත්ත මට නින්ද ගියේ කීයටද කියලා මතක නෑ.
.......................
" අයියේ...කෝ ඇදට යන්න...."
මම නැගිටලා බලද්දි එයා බිම වැටිලා එක කකුලක් ඇදේ.අනෙක බිම.මෙයාට තීයෙන දාංගලේ තරමට ගොඩක් වෙලාවට නැගිටිද්දි බිම ඉන්නේ.
" ඉන්න දියන්කෝ...."
එයා එහෙම කියලා ආයෙත් ගුලි වුනා.මගේ කකුල්වල ඇතිල්ලි හිටපු කිටියා පුරු සද්දෙත් දාගෙන ගිහින් ජින් ගේ නහය හැපුවේ.
" චී හෑයියා...."
ජින් නහයත් අල්ලගෙන නැගිටලා දියුවේ බාත්‍රෝම් එකට...ඒ තරමට එයාට කිටීව පේන්න බෑ.
මමත් එයා එනකන් ඉදලා මූණ කට හෝදගෙන කුස්සියට ගියා.වතුර එක රත් වෙනකන් මම ගාඩන් එකේ ඇවිද්දා.
මම තේ හදලා ජින්ට කතා කලාම එයා කොහෙහරි යන්න ලෑස්ති වෙලා පහලට ආවෙ. ඩෙනිමකට අත් දිග වීනෙක් තද රතුපාට ශර්ට් එකක් ඇදලා වී එයිට් එකේ යතුරත් අරගෙන පහලට ආව...
" ම්ම්...ටී එක..."
මම එයාට කිරි එක ලගට ගිහින් දුන්නම එයා දගකාර විදියට මගේ දිහා බලලා ඒක ගත්තේ.
" මම මේ ලගකට යනවා...පැයභාගෙන් එනවා හරී...බය නොවී ඉන්න..."
එයා එහෙම කියුවේ මගේ නළලට හාදුවක් දීලා.
" හ්ම්...."
මම එච්චරමයි කියුවේ.
" ඔය කටින් මට ආදරේ කියන්නේ කවද්ද නපුරි..."
ජින් කල්පනා කලේ තේක තොලගාන ගමන් සලනි දිහා බලාගෙනමයි.තේක බීලා කෝප්පෙ සදලිගේ අතට දුන්නු ජින් සදලිගේ කම්මුලක් සිපගෙන වාහනේට නැග්ගේ...
" ගේට්ටුව වහන්න එපා..මම ඉක්මනට එනවා.."
එයා එහෙම කියලා හෝන් එකක් ගහගෙනම ඈතට ගියා.
මම උයන්න කලමනා ලෑස්ති කර කර හිටියේ...එක පාරටම වත්ත ඇතුළට එයාගේ වාහනේ එක්ක තවත් කාර් එකක් ඇතුළට දැම්මා...ඕහ් අර එනවා කියපු කට්ටිය වෙන්න ඇති.මම ටක්ගාල උඩට දුවල ස්කිනියට උඩින් ශර්ට් එකක් දාගෙන පහළට ආවෙ.වාහනෙන් බැහැලා ආවෙ ජින්ගෙම වයසෙ වගේ කෙනෙක් චූටි බබෙකුයි පොඩි දුවෙකුයි එයාගේ වයිෆුයි එක්ක.
" සදලි මේ අර මම කියපු කට්ටිය...මිස්ට අනුරාධ මේ මගේ වයිෆ් සදලි...සදලි එතකොට මේ මගේ බෙස්ට් ෆ්රෙඩෙක් මිස්ටර් අනුරාධයි එයාගෙ වයිෆ් විහාරයි..."
ජින් කියුවාම මම එයාලා එක්ක හිනාවුනා.ළමයි දෙන්නාව දැක්කාම හෙනම ආසයි...
" වාඩිවෙන්න එන්න අයියා....අක්කා එන්න..."
මම එයාලට සාලේ ටීවි එක ලග තියෙන සෝෆා එක නෙවෙයි ඊට මෙහා පැත්තෙන් තියෙන සෝෆා එකෙන් වාඩි වෙන්න කතා කලේ.
" කොහොමද දෝණි ඉතින්.දැන් ලොකු කෙල්ලෙක්නේ...දැන් කීය වසරෙද ආහ්..."
ජින් ඇහුවේ අනුරාධගෙ පිටට මුවාවී ලැජ්ජාවෙන් ඇබරෙන කෙල්ල දිහා බලාගෙන.
" දැන් තුන වසරේ නේද දූ..."
විහාරා අක්කා කියුවා.
" අක්කා කෑම කාලම යමු...මහන්සිත් ඇතිනේ කොළඹ ඉදන් ඇවිත්..."
මම එහෙම කියලා කුස්සියට යනකොටම අක්කා මගේ අතින් අල්ලගත්තේ...
" අනේ පැටියෝ කෑම හදන්න මහන්සි වෙන්න එපා.අපි මේ හදිසියේ මේ පැත්තට ඇවිත් යන්න හිතුවේ.පොරොන්දු වෙනවා වෙන දවසක අනිවාරෙන් එනවා නංගිගේ අතින් බත් කටක් කාලා යන්න..."
අක්කා බබාව නලවන ගමන් කියුවේ.
" අනේ එහෙනම් කෝෆි එකක් හරි තේ එකක්වත් බොමු..."
මම ඇහුවා.
" ආහ් එහෙනම් කොෆි එකක් බොමුකෝ..."
අක්කා කියුවා.මම හිනාවෙලා කුස්සියට ගිහින් විනාඩි පහකින් විතර කොෆී වීදුරු හතරකුත් හදාගෙන කප් කේක් ට්‍රෙ එකක තියාගෙන ආවෙ.
" මෙන්න නංගිට කියපු පොත් ටික..."
අක්කා පොත් බන්ඩල් එකක් මේසය උඩින් තියන ගමන් කියුවේ.
" චූටි දෝණි එන්න පුතා කෝෆි බොමු..."
මම දෝණිට කතා කලා.කෙල්ලනම් හුරතල් මල්ලක් වගේ.ඒත් ලැජ්ජාවට තාත්තටම තුරුල් වෙලා ඉන්නවා.
" කෝ දෙන්න අක්කා බබාව මම් ගන්නම්..."
ජින් එහෙම කියලා බබාව අරගෙන ආයෙත් සෝෆා එකට බර වුනා.
" අයියේ ඔයාගේ කොෆී එක කප් එකට දාලා තියෙන්නෙ...ගේන්නද..."
මම ඇහුවා.
" එපා බබා පස්සෙ බොමු..."
ජින් කියුවෙ බබාගෙ දිහා බලන ගමන්.
" බබෙක් කොතනද ජින් එතන..."
අනුරාධ අයියා සද්දෙට කියලා හිනාවුනා.
" උබ හෙන වැඩ්ඩා ඈහ්..."
ජින් කියුවා.මම දැක්කා අක්කගේ මූණ ලාවට රතු වෙනවා.ලැජ්ජ හිතෙන්න ඇති.
" චූටි පැටියො...ඔයාට මහන්සිද...ලොකු දුරක් පැටියව එක්කන් ඇවිල්ලා නේද..."
ජින් බබාව හුරතල් කර කර කියවනවා.ඒ දර්ශනේ මාව මොහොතකට නිවුවා කියුවොත් මම හරී...ඒක අවංක හැගීමක්...සහතිකයි මොනවාවුනත් ජින් තාත්තෙක් වුන දවසට හැමදේම හොයලා බලලා කරයි....ඒත්....මට දැනුනේ ලොකු දුකක්.
" පුදුමයි මු තාම ළමයෙක් ගැන හිතලවත් නෑ වගේ..."
අනුරාධ අයියා හිනාවෙලා ජින්ගේ පිටට ගහන ගමන් කියුවේ.
" අර පූසා කාගෙද...."
දෝණි ඒක ඇහුවේ ජින්ගෙන්.
" සදලි ඇන්ටිගෙ දූ...ඇන්ටි මටත් වඩා ඕකට ආදරෙයි."
ජින් කියුවේ මගේ දිහාත් බලන ගමන්.
" අල්ලන්නද...."
දෝණි මගේ දිහා බලන් අහනවා.මම හිනා වෙලා ඔලුව වනද්දි ජින් කතාකලා.
" හූරයි පැටියෝ බලාගෙන..."
ජින් බබාව අනෙක් පැත්තට වඩාගෙන නැගිටින ගමන් කියුවේ.
" අම්මි මේ බලන්නකෝ...මෙයා අලි ශෝයි....ලුකු පන්ඩෙක් වගේ..."
දෝණි හරි අමාරුවෙන් ටීවී එක ලග සැටියට වෙලා කම්මැලි කමේ දිග ඇදි ඇදි හිටපු කිටියව උස්සගත්තේ...මටයි ජින්ටයි දෙන්නටම හිනා.
දෝණිට වඩා අපේ කිටියා ලොකුද මන්දා...බරත් ඇති...කිටියා මහතයිනේ.
" ඔයාගේ වලිගේ හරි ලත්තනයි..."
දෝණි එහෙම කියලා කිටියව තුරුල් කරගෙන ඔලුව අතගානවා.කිටියත් දීගෙන ඉන්නවා.
" ආතල් ඇති උබටත්..."
ජින් කිටීගේ ඔලුවට තට්ටු කරලා කියුවේ.කට්ටියම කෝෆි බීල ඉවර වෙලා ගියේ ගාඩන් බෙන්ච් එකට...බබානම් ජින්ගේ අතේමයි.හරියට කෝලම් කරනවා.
ජින් වෙලාවකට එයාව හරහට තියාගෙන එයාට විස්ල් කරනවා.එක වෙලාවකට බබාගෙ ඔලුවට කම්මුල තියාගෙන ඉන්නවා.දෝණිනම් තණකොල ගොල්ලේ කිටියා එක්ක සෙල්ලම.මම එයාත් එක්ක ටික වෙලාවක් ඉදලා ජින් ලගට ආවෙ.
" මගේ අතටත් ටිකක් දෙන්නකෝ..."
මම කියුවාම ජින් බබාව මගේ අතට ප්‍රවේසමට දුන්නේ.
" චූටි මැණික....කොහෙද බලන්නෙ...ඔයාටත් ඕනෙද එයාව..."
මම පැටියාව පපුවට තුරුල් කරගෙන ඇහුවේ.එයාගේ ඇස් තියෙන්නෙම කිටියා ලගට.
" සදලි...ඔහොමම ඉන්නව...හිනාවෙනවා චුට්ටක්..."
ජින් එහෙම කියලා එයාගේ ෆෝන් එක අරගෙන මගෙයි බබාවයි දෝණිවයි තියලා ෆොටෝ එකක් ගැහුවා.ඊටපස්සෙ කට්ටිය එක්කම ෆොටෝ ගහලා එයාලා යන්න ලෑස්ති වුනා.අනුරාධ අයියා පොත වලට සල්ලි එපා කියද්දිම ජින් බලෙන් එයාලගේ අතට සල්ලි දුන්නේ.
දෝණි මාව හග් කරගෙන ඉදාලා කිටියව ආයෙත් පාරක් අතගාලයි ගිහින් වාහනේට නැග්ගෙ...එයාලා ගියාට පස්සේ දැනුනේ පුදුම පාලුවක්.
" යමු ඇතුළට..."
ජින් මගේ කරවටේ අත යවලා මාත් එක්කම ගේ ඇතුළට ආවෙ.
මම ඉක්මනට උයලා ජින්ටත් කවලා කිටියටත් කෑම දීල නවල් ටිකත් අරගෙන ගාඩන් බෙන්ච් එකට ගියා.
" පිස්සු කෝලම මගේ..."
ජින් ත් මට මුහුණලා බෙන්ච් එකේ වාඩි වෙලා ලැප් එකට මූණ ඔබාගත්තා.
එදා දවසම සාමන්‍ය විදියට ගත කලා.නෑවෙත් ඉතින් කලින් දවසෙ වගේමයි..වෙනසක් නෑ...කෝවිලේ සාමි දාපු ආරක්ශාව නිසා දැන් නම් අපේ බය ටිකකට නැති වෙලා.මමත් ජින් ලගින්ම ඇදේ හාන්සි වුනාම එයා වෙනදා වගේම මාව තුරුල් කරගත්තා.මට දැනුනේ එයාගේ වචන එයාගේ ආරක්ශාවට මගේ හිත එන්න එන්න නැවෙනවා වගේ.පපුවත් අල්ලගෙන මම කල්පනා කලේ මගේ හිත ජින්ගේ ආදරේ බලාපොරොත්තු වෙනවාවත්දෝ කියලා හිතන ගමන්.රෑ දොළහට වගේ වෙලාව ඇති.මට ඇහැරුනේ ජින්ගේ ෆෝන් එක වයිබ්‍රෙට් වෙන සද්දෙට.මම නිකමට බෙඩ් ටේබල් එකට අත දාලා ෆෝන් එක අරගෙන බැලුවේ මේ මහ රෑ කවුද කියලා හිතන ගමන්.
" චූටි මාමා"
කියලයි ඒකෙ සේව් වෙලා තිබුනේ.මම අමාරුවෙන් කුද්දවලා එයාගේ අතට ෆෝන් එක දුන්නේ.එයා ෆෝන් එක කනේ ගහගෙන හෙලෝ කියුවා විතරයි....
" මොනවා...චූටි මාමා මොනාද මේ කියන්නේ...."
" හරි හරි මාමා මම පුලුවන් තරම් ඉකමනට එනවා....අනේ ප්ලීස් එයාව බලාගන්න....කොළඹ එක්කන් එන්න වෙලා නෑනෙ.ඔහොමම කරාපිටියට හරවන්න....හරි මාමා මම ඉක්මනට එන්නම්..."
එයා කාමරේ පිස්සුවෙන් වගේ ඇවිද ඇවිද කෝල් එක කට් කරලා ටක්ගාලා ඩෙනිමකට ශර්ට් එකක් දාලා පර්ස් එකයි යතුරයි ෆෝන් එකයි අතට ගත්ත.
" අයියේ මොකෝ මේ..."
මම ඇහුවා.
" මැණික මේ අහන්න තමුසෙට පරිස්සමින් ඉන්න පුලුවන්ද...මම ගාල්ලෙ යනවා...මගෙ ඔම්මට සනීප නෑලු...මාව අහනවලු...මම යන්න ඕනි...සිරිපාල අන්කල්ව ගෙන්නගන්න...."
එයා ඇස් වල කදුලුත් පුරවගෙන කියුවේ.
" දෙවියනේ...ඔ...ඔයාගෙ...අ...අම්මා....නෑ...නෑ...මාත් එනවා යමු..."
මම කියුවා.
" ඔයත් එනවාද...මම නිසා කරදර වෙන්න එපා සදලි..."
එයා කියුවා.
" යමු පරක්කු නොවී...මමත් එනවා."
ඇදුමක් අතට ගත්තේ මම වාහනේ ඇතුළෙදි ඇදගන්න පුලුවන් නිසා.
" තැන්ක් යූ..."
එයා කියුවා.
" යමු...."
මම එහෙම කියුවාම එයා ඉස්සර වුනා.පිටිපස්සෙ ජනේලයක් අඩවල් කරලා ගියේ කිටියට එලියට යන්න ලේසි වෙන්න.දවල්ට කියනවා තාප්පෙ අයිනෙන් කතා කරලා කිටියට කන්න මොනවා හරි දෙන්න කියලා සිරිපාල අන්කල්ට.ගේට් එකත් ලොක් කරලා වාහනේට නැග්ගාම එයා වාහනේ අරගෙන ගියේ පුදුම වේගයකින්.ඒ අතරේ මම ටක්ගාලා ගවුම දාගෙන අවුල් වුන කොණ්ඩේ අතින් හදාගත්තා.
......................
රාත්‍රී දොළහයි දහය කණිසම ඔරලෝසුවේ සටහන්ව පැවතුනි...කෝවිල අසලින්ම ඇසූ සුනඛයකුගේ ලොමුදැහැගැන්වෙන උඩු බිරුමක් අවට පරිසරය සිසාරා පැතිරෙන්නට විය.මදක් භාවනාවකට සමවැදී සේ කෝවිල තුල සිටි සාමි දෑස් විවර කලේ...
කෝවිලට පිවිසෙන කොරිඩෝවෙන් සාමිට ඇසුනේ බරැති විශාල සුනඛයකුගේ අඩි ශබ්දයක් හා සෙවනැල්ලකි...
" උඹට ඕනි වුනේ උන් දෙන්නාව ආරක්ශාවෙන් එළියට ගන්න නේද....අර අහිංසක ගෑණිව ලෙඩ කලේ ඒකට නේද..."
සාමි මහ හඩින් කෑගසන්නට වුනා...
කෝවිලේ දොර මෑත් වී කලු පාට සෙවනැල්ලක් වන් සුනඛ ජායාවක් හෙමි හෙමින් ඔහු ඉදිරියට ඇදී එන්නට විය.ගිනි බෝල මෙන් දෑස් සහිතව දත් විලිස්සගෙන සුනඛයා ඔහු වෙතට කිට්ටු කරන්නට විය.....
.
.
.
.
.
.
.
.
.
.
.
වචන 2723 ක්... හම්මෝ... මට මහන්සී...
කොහොම ද ලමයි...
මොකක්ද ඒ උනේ...?
එයාල ආරක්ෂාවෙන් එලියට ආවම මොනව වෙයි ද?
කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න...
Bạn đang đọc truyện trên: AzTruyen.Top