☠️23☠️
Jin හිමීට සදලේගේ ඇදුම් එකින් එක පීරලා බැලුවේ සැක සහිත යමක් හොයාගන්න තියෙයිද කියලා.තොලත් හපාගෙන අල්මාරිය ඇද්ද jin දැක්කේ සදලිගේ පර්ස් එක...
" මේකට තමයි ඔබාගත්තේ...අනිවාරෙන් අල්මාරියේ හොර ලාච්චුවල යතුර වෙන්න ඕනි..."
Jin එහෙම කියලා පර්ස් එක ඇරලා එළියට ගත්තේ යතුරු දෙකක් තියෙන පොඩි කැරැල්ලක්...
පර්ස් එක හිමීට ඇදුම් උඩින් තියපු jin එක යතුරකින් අල්මාරියේ යට ලොකර් එක අරින්න ගත්තේ.ඒ යතුරෙන් අරින්න බැරි වුන තැන අනෙක් යතුර දාලා කොහොමහරි ලොකර් එක ඇරගත්ත ජින් හිමින් සීරුවට එකින් එක පීරන්න ගත්ත.මුල්ම ෆයිල් එක තිබුනේ සදලිගේ උප්පැන්න සහතික අනම් මනම් ටික..ෆොටෝ ඇල්බම්...ගුරු පත්වීම සම්භන්ද ලිපි තියෙන ෆයිල් එක..සහතික දාපු ෆයිල් එක..ජින් ලොකර් එක වහන්න හදන කොටම දැක්කේ ඇල්බ්ම් එකකට යට වෙලා අඩියටම වුන නිල් පාට ෆයිල් එකක කොටසක්... ජින් ඇල්බම් එක අයින් කරලා හිමින් සීරුවට ෆයිල් එක අතට ගත්තේ...
ෆයිල් එක පෙරළලා බලපු ජින්ට සීතලේ පවා දාඩිය දාන්න ගත්තේ හදවතේ බුර බුරා කෝපය දලුදා වැඩෙද්දී...වෙව්ලන ඇගිලි තුඩු වලින් ඊලග කොලේ පෙරලද්දි ජින්ගෙ දෑස් තවත් රතු වුනා....
ඔවු මිස්ටර් කිම් ගේ අවසන් කැමැත්ත...කොලේ තැනින් තැන රුධිර සටහන්...මරණාසන්න මොහොතෙදි තමයි මේක ලියන්න ඇත්තේ...ජින්ට හිතුනා...රාජිත Mr. Kim ව මරන්න මෙච්චර උනන්දු වෙයි කියලා ජින් දැනගෙන හිටියනම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා...ජින් රාජිතට එකතු වුනේ Mr. Kim ව විනාශ කරන අරමුණින් නෙවෙයි....ඒ taehung ඉවරයක් කිරීමේ බලාපොරොත්තුවෙන්මයි.
ඒත් රාජිත දන්නේ නෑ ඔහු තමගේ ඉත්තෙක් බව.....
දෑස් දල්වාගෙන බලාගෙන හිටියේ ඔප්පුව සහ අන්තිම කැමැත්ත දිහා...වියරුවෙන් තොලත් හපන් තද කරලා ෆයිල් එක අල්ලගත්ත ජින් ගිනිගන්න දෑස් වලින් බැලුවේ නිදාගෙන ඉන්න සදලි දිහා...
" නැගිටහන්කෝ....එතකොට බලමු...බැ&@*&#"
ජින් කේන්තියෙන්ම තමන්ට කියාගත්තා...
ජින් අල්මාරිය හදලා පර්ස් එක ඇදුම් යටින් නෙවෙයි ඇදුම් උඩින් තිබ්බේ සදලි සැකයක් ඇති කරවන්න...සදලි කලබල වෙලා මුලු අල්මාරියම පීරයි කියලා ජින්ගේ හිතේ විශ්වාසයක් තිබුනා....
" උබ කලබලෙන් ඉන්න වෙලාවට මම එන්ටර් වෙන්නම්කෝ..."
ජින් එහෙම කියලා ෆයිල් එක ඔහුගේ ෆයිල් එකක් ඇතුලට දමා අල්මාරිය වැහුවා.සදලිගේ එහා පසින් ඇදට ගොඩවුන ජින් සදලිට පිටුපාලා නිදාගත්තේ හිතේ දැවෙන කෝපයට...වෙනදා මෙන් ඇයව තුරුල් කරගැනීමටත් නොසිතුනේ ඒ නිසයි...
" ජිමිනා හෙට උදේම ජන්කුකා එක්ක පැරඩයිස් හොටෙල් එකට එන්න...උබලා දෙන්නා එක්ක ලොකු දෙයක් කතා කරන්න තියෙනවා...."
ජිමින්ට මැසේජ් එකක් දාපු ජින් දෑස් පියාගත්තේ කෝපය ආයාසයෙන් මැඩගෙන...
.................
මම උදේම නැගිට්ටා..මොකද අද මම ස්කූල් යන්න ඕනි.නැගිටලා ඇදේ මම ඉන්න පැත්ත හැදුවා.අරයනම් හොදාට නිදි...පුදුමයි වෙනදාට මම නැගිටින කොට එයාගේ අත් කකුල් ඔක්කොම මගේ ඇග උඩ.නැත්තම් මෙයා බිම වැටිලා....අද මෙහෙම ඉන්නවා පුදුමයි...මූණත් කොට්ටේ තියාගෙන නෙවෙයි ඔබාගෙන පොඩි කලිසම් කොටයකුත් ගහගෙන....එයාගෙ කකුල් හරි ලස්සනයි.දිලිසෙන ගෝල්ඩ් කලර් එකක් එයාට තිබුනේ.මම එයාගේ කකුල් වලට බෙඩ්ශීට් එකත් දාලා අවුල් උන කොණ්ඩේ හදාගෙන එලියෙන් තිබ්බ සාරිය අයන් කරන්න ගත්තේ....
මම පහළට ගිහින් එයාගේ මග් එකට කිරි එක දාලා කිටියටත් දීලා උඩට ආවා.මම යනකොට ඇස් පොඩි කර කර ඇදේ වාඩි වෙලා ඉන්නවා....
" මෙන්න කිරි එක..."
මම එයාට කිටි එක දික් කරන කොටම එයා කිරි එකට ගැහුවේ කෝප්පේ ටයිල් පොළවට විසික් වෙලා සද්දෙට කුඩු වෙද්දි.ඒකෙන් විසිවුන රස්නේ කිරි මගේ ඇගපුරාම....
මම පුදුමෙන් වගේ එයාගේ දිහා බලන් හිටියේ...උදේම මොන යකා වැහිලාද...ශුවර් එකට බිස්නස් වැඩක් නිසා කේන්තියෙන් ඇත්තේ.එයා මූණත් රතු කරගෙනම ගිහින් බාත්‍රෝම් එකට ගිහින් සද්දෙට දොර වහගත්තා....මම වීදුරු කටු ටිකත් එකතු කරගෙන පහළට ගිහින් ඩස්බින් දාලා මොබ් එකත් අරගෙන ඇවිත් කාමරේ මොබ් කරලා සින්ක් එකෙන් අත්සෝදගෙන උයන්න පටන් ගත්තා....ටක්ගාලා බිත්තර ඔම්ලට් දාලා පරිප්පු උයලා ලීක්ස් තෙල් දාපු මම මේසෙට කෑම ටික යැව්වා.ඒ කරලා උඩට ගියේ මම ලෑස්ති වෙන්න.මම කාමරේ ඇතුළට එනකොටමයි ජින් ෆෝන් එකත් කනේ ගහගෙන කලුපාට ලොකු ෆයිල් එකකුත් අරගෙන කාමරෙන් එළියට ආවේ.මොන යකා වැහිලද මන්දා...මම එහෙම හිත හිත අල්මාරිය ලගට ගියේ පර්ස් එක එළියෙන් තියන්න....මම අල්මාරියේ මගේ පැත්ත ඇරියා...මට මතක විදියට මම පර්ස් එක උඩට ගත්තේ නෑ...ඇදුම් යටටම කරලා තමයි තිබුණේ.මට ආවේ සැකයක්...පර්ස් එක ඇරලා බැලුවා.යතුරනම් එහෙමම තියෙනවා.ඒත් කෝකටත් ලොකර් එකත් ඇරලා බලන්න කියලා හිත කියුවා.එකපාරක් දොර දිහා බලලා එයා ලග නෑ කියලා තහවුරු කරගත්ත මම ලොකර් එක අරින්න ගත්තෙ...
ජින් පහළට ගිහින් ඇමතුම නිමා කර නිල් පාට ඔප්පුව සහිත ෆයිල් එකත් අරගෙන උඩට ඇවිත් කාමරේ දොරට පිටින් මුවා වෙලා බැලුවේ කලබලෙන් ලොකර් එක අදින සදලි දිහා...
" දෙ...දෙයියනේ...එ..ඒක මෙතන තිබුණනේ....ඒක මම හරියට බැලුවෙවත් නෑ...කොහෙද ඒක...."
මගේ ඇස් වල කදුලුත් එක්ක....
" මැඩම් මේකද හොයන්නේ....."
ජින් කියුවේ දොරට හේත්තුවෙලා ෆයිල් එක පෙන්නන ගමන්.
මගේ පපුවේ ගැස්ම එන්න එන්න වැඩි වෙනවා වගේ දැනුනේ...
" ඔ..ඔයා කොහොමද...."
මම බැලුවේ ඒ දෑස් දිහා...එහෙනම් මෙයාගේ වෙනසට හේතුව මේකයි....දැන්නම් මට දැනෙන්නේ ජීවිතේ ගැන අවිනිශ්චිත බවක්.ජින්ට කේන්ති ගියාම පාලනයක් නෑ....
" උඹ මේ මටද කොකා පෙන්නන්න හැදුවේ...."
ජින් එහෙම කියාගෙන කාමරේ ඇතුළට ඇවිත් දොර ලොක් කරලා මගේ දිහාවට හැරුනා...ඒ ඇස් රතට හැරිලා එයා වේගෙන් හුස්ම ගන්නවා....මගේ කදුලු පාලනයකින් තොරව කම්මුල් තෙත් කරන්න ගත්තා....ෆයිල් එක මේසය උඩට විසික් කරපු එයා අඩියට දෙකට මගේ ලගට ආවේ....
" තෝ....තෝ ලගද මේක මෙච්චර කල් තිබ්බේ...ආහ් ගෑණියේ...තෝත් එකයි තොගෙ මහ එකත් එකයි...මම මේ මගුල හැමතැනම හොයන කොට උබ හිතින් මට හිනාවෙවී ඉන්න ඇති....කියනවා...කොහොමද මේක තමුසෙගෙ අතට ආවෙ...."
ජින් එහෙම කියුවේ මගේ කොණ්ඩේ අස්සෙන් ඇගිලි යවලා මට රිදෙන තරමට අල්ලගෙන.
" ආවු අයියේ අතාරින්න...ප්ලීස්..."
මම ඉකිගැහෙද්දි කියුවේ එයාගේ අතත් අල්ලගෙන...
" අතාරින්න....තෝ මොනාද මං ගැන හිතාගෙන ඉන්නේ ආහ්....මම හිතුවට වඩා උඹ හෙන කපටියි...මෙහෙම ගිහිල්ල උඹ කොලේ වහලා මගෙන් පැනලා යන්නත් උඹට බැරිකමක් නෑ..."
එහෙම කියපු jin මගේ මූණ හරහා සැර අතුල් පාරක් එල්ල කලේ මාව බිම ඇදගෙන වැටෙන්නම.මගේ තොලත් පුපුරලා ලේ එනවා...
" සමාවෙන්න....ඒත් මේවා ටේහියුන් ගේ...."
අඩ අඩ ආයි කියන කොටම අනික් පැත්තටත් ඒ වගේම පාරක් වැදුනා....මම බිම ඉදගෙනම ඉකි ගහන්න පටන් ගත්තේ....
එයා මගේ ලගින්ම දණහිස් වලට බරවෙලා වාඩි වෙලා තද කරලා මගේ කට දෙපැතත අල්ලගත්තා.
" උබ මේවා ලග තියාගෙන මාව ගස් යවන්න ප්ලෑනක් ගහන්නද හැදුවේ...ඉක්මනට මගෙන් නිදහස් වෙන්නද තෝ හිතන් හිටියේ...ඒවා ලේසි වෙන්නෙ නෑ...උබට මගේ ලගින් හෙලවෙන්නවත් ඉඩ තියන්නෙ නෑ...."
ජින් කාමරේ දෙදරන්න වියරුවෙන් කෑගැහුවා....
" මේවාට කිසි අයිතියක් නෑ ඔයාට...ඔයාට මං ගැනවත් අයිතියක් නෑ..."
මම හිතට හයිය අරගෙන කියලා දැම්මා..
" අයිතිය...හහ්.....අනේ සදලි දන්න මගුලක් කියවනවා...උඹ දන්නවා හොදටම මගේ ගැන..මම ගැන දැන දැනම උඹ මේ වගේ අවධානමක් ගත්තේ කොහොමද.....අයිතිය ගැන නේද ඇහුවේ...නමට හරි මම උබේ හස්බන්ඩ් යකෝ...."
එයා එහෙම කියලා උරහිස් වලින් මාව නැගිට්ටවලා ගත්තා...මට පණ නෑ වගේ දැනුනේ...
" මට පාඩුවේ ඉන්න දෙන්න...."
මම කිව්වා..
" මේ හැමදේම අයිතිය මට...ඒක හොදට දැනගනින්....මේ ඔප්පුත් දැන් මගේ...උඹත් මගේ.....උඹ ගැන අයිතිය...ඒක මම ගන්නම්...හිටහන්කෝ...."
ජින් එහෙම කියලා මාව බලෙන්ම ඇදට තල්ලු කලා...වෙන්න යන දේ මට හොදටම පැහැදිලියි. ජින්ගේ ඉවසීමත් රතු කට්ට පැනලා තියෙන්නේ කියලා තේරෙනවා...
" එපා අයියේ වැදලා කියන්නම්...මේ දේනම් කරන්න එපා...අනේ ප්ලීස්....මට ජීවත් වෙලත් වැඩක් නෑ...."
මම අත්දෙක එකතු කරගෙන කියුවේ.නැගිටගන්නවත් මට පණක් නෑ...
" ඇයි උඹ එහෙම කියන්නේ...උඹ හැදුවෙ ටේහියුන් ගේ දේපළත් අරගෙන...නෑ..නෑ..එක්කෝ තාත්තට මේ ටික දීලා...මගෙන් ගැලවිලා වෙන එකක් කරගන්නද....ඒකද උඹේ අයිතියත් මට හම්බුනේ නැත්තේ....හා....ටේහියුන් මැරිලාත් හස්බන්ඩ් වුන මට උඹේ අයිතිය නොදෙන්නේ...උබේ හිතේ තව එකෙක් ඉන්නවාද.....ඒවා හීන කෙල්ලේ...."
ජින් එහෙම කියුවෙව් තර්ජනාත්මකව හඩ අඩු කරලා....
එයා.... එයා ඇදන් හිටිය ශර්ට් එකේ බටන් එක ගැලෙව්වේ මගේ හිත කෑලිවලට කැඩෙද්දි....ඒත් එයා එතනින් එහාට ඒ දේ කලේ නෑ...ටික වෙලාවක් කේන්තියෙන් කොණ්ඩේ පස්සට ඇදගත්ත එයා ක්ශණිව මගේ ලගින් වාඩි වෙලා මගේ තොල් අල්ලගත්තා ඒ තොල් වලින්.. මගේ ඇස්වල කදුලු වැල් තවත් අලුත් වෙද්දි.....
" හැමදේකම අයිතිය මගේ සදලී....මගේ..." එයා එහෙම කියලා මාව ඇදේ පෙරළගෙන මගේ ගතට බරවුනේ පිස්සුවෙන් වගේ....
" උඹට මගෙන් ඈතට වෙන්න දෙන්නෙත් නෑ...බැන්ගලෝ එකේ අයිතිය මට එන එක නවත්තන්නත් බෑ..."
එයා කියුවේ තර්ජනයකින්.
" සමාවෙන්න අයියේ...ආයි මෙහෙම වැරැද්දක් මගේ අතින් වෙන්නෙ නෑ...අනේ ප්ලීස් ලීව් මී....මට ඕනි වුනේ වැරදි අයගේ අතට ඔප්පු යන එක නවත්තන්න....අනේ ප්ලීස්...මට එක චාන්ස් එකක් දෙන්න මම ඔයාගේ විශ්වාසය ආයෙත් කඩ කරන්නේ නෑ...ප්ලීස්....."
මම එහෙම කියුවේ අඩ අඩ එයාගේ කම්මුල් දෝතට අරගෙන...
තමා කලබල වෙලා සදලිගෙ අයිතිය බලෙන් ගන්න ගියොත් ඇයට එය විශාල වේදනාවක් වෙයි කියලා ජින්ට පසක් වුනා.ඔහු දුටුවේ ඇගේ තොල පැලී රුධිරය වැගිරෙන විදිය.අවුල් වුන හිසකෙස් වලින් රතු වුන දෑස් වලින් තමන්ගෙන් ජීවිතය යදින තම ආදරියව....ජින්ගේ හිත ඇගේ වේදනාබර වදන් ඉදිරියේ දමනය වුනේ නෑ කියුවොත් බොරු.....
" හොදටම විශ්වාසද හැමදාම මගේ විශ්වාසය රකිනවා කියලා..."
ජින් ඇහුවේ නිවුනු ස්වරයෙන්...
" පොරොන්දු වෙනවා....."
මම වේගයෙන් ඔලුව වනලා කියුවේ.
" උබේ අම්මාගේ තාත්තගේ නමින් පොරොන්දු වෙනවාද...මම මුල ඉදන් කියුවා උබ සෙල්ලම් කලොත් මා එක්ක රිදෙන්නෙ එයාලට කියලා...."
එයා කියුවා.
" ඔවු පොරොන්දු වෙනවා.....එයාලට කරදරයක් කරන්න එපා...."
මම කියුවා.ඇත්තටම මම ජින්ට බයයි...ඒ එයාට තිබුණේ ක්ශණික කේන්තිය නිසා.මම ගොඩක් සංවේදී කෙනෙක්...ඒ වගේ දේවල් මට දරාගන්න අමාරුයි...
" හොදයි....තව එක පාරයි ඉවසන්නේ...ආයි මගේ ඉවසීම පැන්නුවොත් උබේ ඇස් ඉස්සරහා උබේ පවුලේ උන් ඉවරයි...උබත් ඉවරයි....උඹ ඉවරයි කියන්නේ මමත් ඉවරයි....මාත් මොහොතක් ජීවත් වෙන්නේ නෑ...ඒ ගන් එකෙන්ම වෙඩි තියාගන්නවා..."
එයා කියුවා.ඒ ඇස් වලත් කදුලු පිරිලා...
ජින් මගේ තොල් මට රිදෙන්නෙ නැති වෙන්න අල්ලගෙන හිටියා තත්පර කිහිපයක්....
" ආම්...සොරි මැණික....ආයි මාව කේන්තිගස්සන්න එපා ප්ලීස්..."
එයා එහෙම කියලා මගේ පැලුන තොල එයාගේ ඇගිළිවලින් මෘදුවට පිහදැම්මා.
මගේ ගතින් ඉවත් වුන එයා නැගිටලා මාවත් ඇදලා ගත්තේ ඒ තුරුලට...
" ඉවසලා ඉන්න....එදාට හැමදේම මම උඹට කියන්නම්...."
ජින් කියුවේ වේදනාවෙන්...
මම කවදාවත් නැති විදියට එයාව බදාගත්තේ....ඒ පපුවට කම්මුලක් තෙරපගෙන පුලුවන් තරමක් ඉකි ගගහා ඇඩුවා....
" දැන් යන්න ගිහින් ලෑස්තිවෙන්න....අද ස්කූල් නොගියොත් මගේ චූටි ටීචට ලොකු ටීචලා බනී..."
එයා එහෙම කියුවේ අමාරුවෙන් හිනාවෙලා කියලා තේරුනා මට.එයා මාව එයාගේ තුරුලෙන් මෑත් කලා.
" කෝ යන්න ගිහින් වොශ් එකක් දාගෙන එන්න..."
එයා කියුවේ මගේ මූණ දෝතට අරගෙන මහපටඇගිලි වලින් මගේ කම්මුල් පිහදාලා.මම මලමිනියක් ගානට බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා.
පපුවේ දකුණු පැත්තේ රතට ජින්ගේ ඇගිළි පාර හිටලා.ඊටත් එහා වතුර වැටෙනකොට තොල පුපුරු දානවා.ඉස්කෝලේ නොගිහිනුත් බෑ...බැලූ බැල්මට ගුටි කාපු වගනම් හොදට පේනවා...මම බාත්රූම් එකෙන් එළියට එද්දි එයා සුදු පාට ඇගට ෆිට් වුන අත්දිග ටී ශර්ට් එකකුත් ඇදගෙන කලු පාට ඩෙනිමක් ඇදලා කලු කැන්වස් දාලා කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ පීරනවා.
මම ටවල් එකට උඩින් ඇදගන්න ඕනි ඒව ඇදගෙන ටවල් එකත් අයින් කරලා සාරි ජැකට් එකයි ස්කර්ට් එකයි පිටින් සාරිය අදින්න ගත්තේ.මෙයා මගේ හැමදේම වගේ දැකලනේ තියෙන්නේ අයිතිය නොගත්තට....ඉතින් මොකෝ...මමත් සාරිය අදින්න ගත්තා පැත්තකට වෙලා.
" යෙලෝ සාරි වලට වඩා තමුසෙට ගැලපෙන්නේ බ්ලැක්, රෝස් වගේ ඒවා...හවසට ගිහිල්ලා ගමු..."
එයා එහෙම කියලා මගේ දිහා නොබලම කාමරෙන් එළියට ගියේ.මමත් සාරිය පටලගෙන ඇස් වල තිබුණ බර ගතිය වැහෙන්න කවදාවත් නැතුව මේකප් තට්ටුවකුත් උලාගෙන හෑන්ඩ් බෑග් එකත් අරගෙන පහළට ආවේ...
කොහොමහරි අපි දෙන්නා කෑවා.කෑවා කියුවට වෙනදා වගේම අරයට කවන්න වුනා.වැරදිලාවත් මම ඒ ඇස් දිහානම් බැලුවේ නෑ....පිගන් සෝදලා වතුරත් බීලා මම සාලෙට ආවා.එයා වතුර බීලා මේසය උඩින් වීදුරුව තියන ගමන් නැගිට්ටේ යතුරත් අතට අරගෙන...
" කිටී පරිස්සමින් ඉන්න හොදේ...."
මම සැටියේ හිරි යව යව ඉන්න කිටියගේ ඔලුව අතාගාලා කියුවේ.
" විකාර...."
මට ඇහුනා ජින් ලාවට කියනවා...එයා වාහනේ එලියට දැම්මාම මම ගේට් එක ලොක් කරලා වාහනේට නැගලා යතුර එයාගේ අතට දුන්නෙ.එයා ඒක ලොකර් එකේ දාලා වාහනේ ඉස්සරහට ගත්තා......
" කෝවිලට යන්න ඕනෙද තමුසෙට ස්කූල් ඇරුනාම..."
එයා ඇහුවාම මම හිමීට ඔවු කියලා කියුවේ....
..............
එයා වාහනේ ස්කූල් එක ලගින් හරවගෙන මේන් ගේට් එකට ටිකක් එහාට වෙන්න කරලා නැවැත්තුවා....මම බහින කොටම...
" හොදට වැඩ ටික කරගන්න මැනික....තමුසෙව ගන්න එකයි හතලිස්පහට එන්නම්..ම්ම්..මම අද යනවා අරදෙන්නව මීට් වෙන්න බිස්නස් වැඩකට..."
එයා කියුවේ මගේ කොණ්ඩේ කෑල්ලක් අරගෙන කනේ රදවලා...එයා මට ගහපු එකට පසුතැවෙනවා වගේ දැනුනේ...මම එයාට යන්නම් කියලා ගියා ස්කූල් එක ඇතුළට....
ඔෆිස් එකට ගිහින් මැඩම් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදලා ස්ටාෆ් එකට ආවේ....අදුරන මිස්ලා දෙතුන් දෙනකුත් හිටිය නිසා මට තනි නෑ...
" හෙලෝ ගායිස් දිස් ඊස් යුවර් නිව් මැත්ස් ටීච ෆ්‍රොම් කලම්බු බ්‍රාන්ච්..සේයි හැලොව්.....ඇන්ඩ් අයි හෝප් යූ ඕල් විල් සපෝට් ටු ද ටීච...ඕකේ මිසිස් සදලි ලෙට්ස් කන්ටිනියු යුවර් වර්ක්..."
අංශභාර ගුරුතුමිය එකොලහා වසරේ ලමයින්ට මාව අදුන්වලා දුන්නා...මිස් ගියාට පස්සේ ළමයි මාව ගුඩ්මෝනින් කියලා පිළිගත්තා...කොල්ලො ටිකනම් හෙන ඇට්ටරයි වගේ....
" ගුඩ් මෝනින් දූලා පුතාලා...ඕකේ ටේක් යුවර් මැත්ස් බුක් ඇන්ඩ් ටුඩේ වී ආ ගොයින් ටු ඩූ ට්රයිගොනමෙට්රි..."
මම එහෙම කියලා වැඩි කතා නැතුව පාඩම කරන්න පටන් ගත්තා...
.................
" මචං එන්න කියුවේ මේකයි මිස්ටර් කිම් ගේ බැන්ගලෝ එකේ ඔප්පුව හොයාගත්තා....නිකන් නෙවෙයි බන් ලාස්ට් විල් එකත් ගෙඩිය පිටින්..."
ජීන් එහෙම කියලා හිනාවුනේ ඉවවහා යන සතුටකින්....
" බොසා...කොහෙන්ද බොසා මේක හම්බුනේ...."
ජිමින් ඇහුවේ ෆයිල් එක පෙරළලා....
" උබට කියන්න අපේ ගෑණි ලග තිබුනේ..."
ජින් එහෙම කියලා තොලත් හපන් අහක බලාගත්තා...ජින්ගේ මූණ කලු වලා වලට වැහිලා ගියා වගේ...ජන්කුක් ජිමින් දෙන්න මූණට මූණ බලාගත්තේ පුදුමෙන්...
" සර්...මෙ...මේ...මැඩම්...හො...හොදින්...."
ජන්කුක් ඇහුවේ ටිකක් බයෙන්....
" දෙක තුනක් දුන්නා එච්චරයි...ඒකිව මට වටිනවා...නැති කරගන්නේ නෑ..."
ජින් කියුවා...
ජිමින් ෆයිල් එක පෙරලුවා...
" කිම් බෝගම්..."
ඔප්පුව බලපු ජිමින්ගේ මුවේ ඇදුනේ පුදුමයක්...ලාස්ට් විල් එකත් කියවපු ඔවුන් දෙදෙනා තම ස්වාමියාගේ මූණ දිහා බැලුවා...ජින් හිනාවෙලා හිස සලපු එක කලේ....
" ගිහිල්ලා හොයාගන්න.....අපිට කොකා පෙන්නන්න හදන අනෙක් එකාව..."
ජින් කියුවා...
" දවස් දෙකක් දෙන්න බොසා...අනිවාරෙන් ඌ බොස්ගේ කකුල් දෙක ලග ඉදීවි..."
ජන්කුක් ස්ථිර දෑස් වලින් කියුවා...
" කිම් ටේ හියුන් .... කිම් බෝගම්...හහ්.....හැබැයි ලාස්ට් විල් එකේ වෙනස්...."
තම ස්වාමියා වූ ජින් ඔලුවත් බිමට ඔබාගෙන බොරු කල්පනාවක ගිලිලා ඉන්න විදිය දැක්කාම ජිමින්ටත් ජන්කුක්ටත් හිනා ගියේ ඉබේටමයි...
ඒත් එක්කමයි ජින් සද්දෙට හිනා වුනේ....
" මිස්ටර් රාජිත පිස්සු හැදුනු බල්ලා වගේ මේක හොයනවා ඇති...."
ජින් කියුවා...
වරුවක් පමණ ජිමින් හා ජන්කුක් සමග කතා කරමින් සිටි ජින් හොටෙල් ලොබියෙන් එලියට ආවේ සදලිව ගන්න යන්න...වාහනයට නැගලා ස්ටාර්ට් කරපු ජින් වේගෙන්ම වාහනය හරවා ගත්තා.
.........
මේ ඇට්ටර කොල්ලොන්වනම් මට්ටු කරන්න ලේසි වෙන්නෙ නෑ...මාව විහිලුවටමයි ගන්න හදන්නෙ...එකෙක්ට දෙන්නෙක්ට කේන්ති ගිය පාර සැර කලත් එක්ක....ඉස්කෝලෙ ඇරුනාම මම අනෙක් මිස්ලට කියලා එළියට ආවා....ජින් ගේ වාහනේ නවත්තලා ටිකක් එහාට වෙන්න....මම වාහනේට නැග්ගා..එයා කෝල් එකක හිටියේ....
" හරි ඕකේ ඕකේ ඒ විදියට කරපන්...මේල් ටික යවන්න.අයිටම් ඕඩර් කරන්න මේ පාර ජැපෑන් වලින් ඉලෙක්ට්‍රික් බඩු ගෙන්නමු...ඕකේ ෆැශන් අයිටම් ඔක්කොම ඉන්ඩියා ශ්‍රි ලන්කා...යා...යා....ඕකේ..."
ජින් කෝල් එක කට් කරලා වාහනේ පාරට දැම්මේ...ටිකකින් අපි ආවේ කෝවිලකට...
" මමත් එන්න ඕනෙද....මේ වගේ වැඩවලට මම කැමති නෑ..."
ජින් කියුවේ හුස්මකුත් දාලා...
" යමු...."
මම උදාසීන හැගීම්වලින් එහෙම කියලයි වාහනෙන් බැස්සේ....
අපි දෙන්නම සපත්තුත් ගලවලා හිමීට කෝවිල ඇතුළට ගියා.අපි යනකොට සාමි භාවනා කරනවා....එකපාරටම ඇස් ඇරලා බලපු එයා ජින් දිහා අමුතු විදියට බලාගෙන හිටියේ...
" කවුද මේ...."
සාමි ඉරියව්ව වෙනස් නොකරම ඇහුවා.
" ම..මගෙ...හස්බන් තමයි...."
මම ගොතගගහා කියුවේ...මම බැලුවේ ජින් දිහා එයා කටත් උල් කරගෙන එක ඇහිබැමක් පාත් කරගෙන පුදුමෙන් වගේ සාමි දිහා බලන් ඉන්නවා.
" දෙන්නම වාඩි වුනානම්...."
සාමි අණ කලා.මමත් එයාත් සාමි ඉස්සරහා බිමින් වාඩි වුනා.
" හැමදාම මට අමුතු දේවල් පේනවා.නානකොට උයනකොට..කවුරුහරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා...අපේ ගෙදර පූසෙක් ඉන්නවා...එයා හේතුවක් නැතුව හරිම අසාමාන්‍ය විදියට කෑගහනවා....දවසක් දෙකක් කණ්නාඩියේ මගේ රූපේ මම කරන කිසිම දෙයක් නොකර බලාගෙන හිටියා...."
මම එහෙම කියුවාම මට දැනුනා ජින් ගැස්සෙනව...මට ගෑවි නොගෑවි වගේ හිටිය එයා බය වෙලා වගේ මගේ දිහා බැලුවේ....
" මො...මොනව...තමුසෙටත් ඒක ඒ විදියට පෙනුනාද...."
එයා එහෙම කියලා තොලත් හපන් අහක බලාගත්තා..
" මම ඔයාට කියුවානේ අයියේ...ඔයා හිතන් හිටියේ මට පිස්සු කියලනේ...."
මම නොක්කාඩුවට වගේ කියුවේ.
" ලේ පළියක්....!"
සාමි කියුවම මම වගේම ජිනුත් ගැස්සුනා...
" මොන විකාරද මේ කියවන්නේ...."
ජින් ටිකක් සැරෙන් ඇහුවේ...
"පුතා...මේ දේට වගකියන්න ඕනි ඔයාගේ ක්‍රියාවක්....මේක ලේ පළියක්..."
සාමි කියුවාම ආයෙත් jin කලේ බිම බලාගත්ත එක...
" ඒ...ඒකියුවේ මොකක්ද සාමි..."
මම ඇහුවා.
" ගෙට ආරක්ශාවක් දාගන්න....අමනුස්ස ආත්මයක් ඔයාලා එක්කම ජීවත් වෙනවා....."
සාමි කියුවා.
" මොකා...."
මම එහෙම කියලා හයියෙන් ජින්ගෙ අත අල්ලගත්තා.
" ඔහොම ඉන්න පුතා...."
සාමි එහෙම කියලා ජින්ගේ අතේ බැදලා තිබුණ කහ පාට ලී කැටයම් අල්ලපු නූලක් ඇදලා ගලවලා දැම්මා...
" අද ඉදන් බලන්නකෝ...වෙනසක් දැනේවි...."
සාමි කටකොණකින් හිනාවෙලා කියුවේ...
" සාමි දැ...දැන් අපි මොකද කරන්නේ...."
මම ඇහුවේ බයටම දාඩියත් දාගෙන.
" කරන්න කිසිම දෙයක් නෑ...එයාගේ වැඩේ කරගෙන එයා යනවා...."
සාමි එහෙම කියලා නැගිටිනකොටම....
" අනේ...ඇයි එහෙම කියන්නේ..විකල්පයක් නැද්ද...."
මම ඇහුවේ බිම වාඩිවෙලා අඩන ගමන්.
" ආරක්ශාවක් දාන එකෙන් ටිකක් සමනය කරන්න පුලුවන්...ඒත්කොච්චර කාලයක් කියලා එහෙම කරන්නද...හිතාගන්නවත් බැරි තරමේ බලගතු ආත්මයක්...ලොකු වෛරයක් හිතේ තියාගෙන ආපු කෙනෙක්...."
සාමි කියුවා...
" අනේ සාමි මොනවාහරි කරන්නකෝ.."
මම ඇහුවා.
" කහ වතුර ටිකක් දෙන්නම්...හතර කොනේ ඉහින්න....මෙයා නෝනට ගොඩාක් ලංවුන කෙනෙක්...නෝනව පරිස්සම් කරන්න මහත්තයා..."
සාමි කියලා ටිකක් එහාට වෙන්න තිබුණ කලයක් ලගට ගියේ...
" ටේහියුන්....!"
ජින් හිමීට එහෙම කියලා මගේ දිහා බැලුවේ...මම ඔවු කියන්න ඔලුව වැනුවා.ජින්ගේ මූණ රතට හැරෙන්න වෙලා ගියේ නෑ...එයාට ටේහියුන් නයාට අදු කොළය වගේ...
" ආහ් මේක ගන්න...රෑ දොළහට කලින් මේක හතර කොණේ ඉහින්න.කැඩිච්ච කණ්නාඩි අනම් මනම් ගේ වටේ තියන්න එපා...දැන් මේ ආරක්ශාව දාපු නිසා නෝනව තනි කරන්නත් එපා...පාලු මංකඩවලින් නෝනට තනියම එන්න දෙන්න එපා...මහත්තයත් දොළහේ කණිසමට එළියට නොබහිනවානම් තමා හොද...මහරෑට තනියම වාහනේ පාලු පාරවල් වල ගෙනියන්න එපා....විශේශයෙන් වතුර තියෙන තැන්වල තනිවෙන්න හිතන්නවත් එපා.එයා මැරුන වෙලේ හොදටම වහින්න ඇති...අකුණු ගගහා සැරට වහින්න ඇති..එයාගේ බලය වැඩියි වතුර ලගදි....ඔය දෙන්නගෙන් කෙනෙක් තනිවෙන වෙලාවක් එයා බලන්නේ.....මිනිස්සු ගැවසෙන ගෝශාකාරී තැන් වල එයාගේ බලපෑම අඩුයි....#ඔය_දෙන්නගෙන්_කෙනෙක්_තනි_වෙන්නේ_කොතනද_එයා_එතන_අනිවාරෙන්_ඉන්නවා."
සාමි කියුවා...මගේ කටේ කෙළ පවා හිදිලා ගිහිල්ලා....
" අපිට මේ දේ නවත්තන්න බැරිද සාමි..."
මම ඇහුවා.
" මම කියුවානේ..මට කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා.පොඩ්ඩ ගැස්සුනොත් ඔය දෙන්නා විතරක් නෙවෙයි...මමත් ඉවරයි...අනික මම කියුවානේ...එයා යන්නේ එයාගේ උවමනාව ඉශ්ඨ කරගෙන.අපිට පුලුවන් එයාව ප්‍රමාද කරන්න විතරයි..."
සාමි කියුවා.අපි සාමිට වැදලා කහ වතුර දාපු මුට්ටියත් අරගෙන ඇවිත් වාහනේට නැග්ගා....
" මම ඔයාට කියුවා...කොහෙද මට පිස්සුනේ....සීසීටීවී මතකද..."
මම වාහනේ යන ගමනුත් අඩ අඩ ගියේ...එයා වචනයක් කියුවේ නෑ...එයාත් අවුල් වෙලා ඇත්තේ...
" දැන්වත් තේරෙනෙවාද ටේහියුන් ගෙ නමට ආදරේ ගැන...මට ඕක වුනානම් උබට ආරක්ශාවක් වෙනවා ඇරෙන්න උඹව මරන්න පුලුවන් කමක් මට නෑ...ඒත් උඹව මට අයිති වුනා කියලා ආදරේනම් උඹෙන් ඒ පළිය ගන්න ඕනිද....මරු ප්‍රේමවන්තයා...දැන්වත් ඌ වගේ අවස්තාවාදියෙක් ගැන නොහිත ඉන්නවා...."
ජින් ඩ්‍රයිවින් කරන ගමන් කියුවේ.
" ඇත්ත...මට ආදරේනම්...ඇත්තටම ආදරේනම් එයා කොහොමද මගේ කෙස්ගහකටවත් කරදර කරන්නේ...මාව මරන්න පුලුවන් වෙන්නේ...ඇත්ත මම එයාට කරපු කිසිම වරදක් නෑ...ඔවු...මම ඔයාව අමතක කරනවා ටේහියුන්..සදහටම....මම ඔයාගේ තැන හිටියනම් ඔයාව වෙන කෙනෙක්ට අයිති වුනත් මම ඔයාව ආරක්ශා කරනවා...ඒත් ඔයා එහෙම කලේ නෑ....කිසිම ආත්මයක මට ඔයා වගේ කෙනෙක් එපා....හැමෝම නමටආදරේ...අම්මා...තාත්තා...ටේහියුන්....ඇයි මටම මෙහෙම....කාටවත් වරදක් නොකරපු මම හැමතිස්සෙම දඩුවම් විදින්න ඕනි..."
මම ශටර් එකට ඔලුවත් තියාගෙන කල්පනා කලේ ඇස් වලින් කදුළු රූටල වැටෙද්දි...
" බය වෙන්න එපා සදලි..ඕනි දෙයක් වුනාවේ...මම තමුසෙට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ...ම්ම්..."
එයා එහෙම කියලා මගේ ඔලුව අතගෑවෙ ඉස්සරහා බලාගෙනමයි.මම එයා දිහා බැලුවා.
ජින්ට තිබුණා සල්ලිවලින් ඕනි තරමක් ගෑණු ලංකරගන්න....මට වඩා ලස්සන උගත් සල්ලිකාර කෙල්ලො එක්ක රවුම් ගහන්න....ඒත් හැමතිස්සෙම මාත් එක්කමයි ඉන්නේ....එදා මම කෝල් කලාමත් ටක්ගාල කොළඹ ඉදන් මෙහෙට ආවා.ඇයි ඔයාගේ හිතේ මෙච්චර මගේගැන...ඔයාගේ ආදරේට මට සාධාරණයක් කරන්න බැරි වේවි...ඇරත් ඔයා ඇයි ඔයාගේ පෞද්ගලිකත්වය මගෙන් හංගන්නේ....ඔයා කවුද...කෝ දෙමවුපියෝ...මගේ හිත මොරගෑවා.
" ඇයි මට ආදරේ කරන්නේ.....ඔයාගේ හතුරට ආදරේ කරන බව දැන දැන ඇයි මට ආදරේ කරන්නේ..."
මම ඇහුවා.
" ඒකට තමයි බන් ආදරේ කියන්නේ...ආදරේ ඇත්ත තේරුම ඕක තමයි..."
එයාකියුවේ හිනාවෙලා.මම එයා දිහා ගෙදරට යනකන්ම බලාගෙන කල්පනා කරපු එක කලේ...
" මගේ ජීවිතේ තියෙනකන් තමුසෙව පරිස්සම් කරනවා...මැරුනත් තමුසෙට කරදරයක් නොකර තමුසෙට හයියක් වෙනවා...තමුසෙ කොච්චර මට වෛර කලත්....ආදරේ කියන්නේ ඒකට...ආදරේ කියන්නේ පොරොන්දුවක් සදලි...ජීවිතාන්තය දක්වාම තමන්ට ආදරේ කරන කෙනාව සතුටින් තියනවා කියන එකට පොරොන්දුවක්...නැතුව තමුසෙගෙ පරණ පෙම්වතාට වගේ රැල්ලට යන අකුරු හතරක් නෙවෙයි ආදරේ කියන්නෙ....බහිනවා දැන්...බකමූණෙක් වගේ මගේ දිහා බලන් ඉන්නේ..."
ජින් මගේ ඔලුවට තට්ටුවක් දාලා වාහනෙන් බැස්සේ...
" ඇයි ටේහියුන් මෙච්චර තරහක්...එතකොට ජින් ගෙ හිතේ මෙච්චර ආදරයක්....සමාවෙන්න මට අමාරු වෙයි ඔයාගේ ආදරේට සාධාරණයක් කරන්න ජින්..ප්ලීස් සමාවෙන්න මට..."
මගේ හිත කිව්වා....මම වාහනෙන් බැහැලා ගේට් එකත් වහගෙන ඇතුළට යන්න හදනකොටම....
" රෑ වෙන්න කලින් මේක ඉහළා ඉමු..."
මම කියුවේ එයාට කලය පෙන්නලා.
" ඕකේ..."
එයා ඒක අතට අරගෙන මාත් එක්කම ගිහින් තාප්ප වටේ මායිම් වල ඉස්සේ...
" මේ අහනවා මැඩම්...මේක ඉස්සා කියලා මට තමුසෙව තනි කරන්න බෑ...ඇරත් මම මේවා ලොකුවට විශ්වාස කරන්නේ නෑ...ඒත් අද චූටි අමුත්තක් දැනුනා...තමුසෙ බාත්රූම් යනකොට කියනවා...රෑට දෙන්නම එකට වොශ් දාගමු...."
එයා කියුවේ දගකාර හිනාවකුත් දාලා.
" මට ප්‍රොජෙක්ට් ෆන්ශන් එක වෙනකන් මෙහෙම ෆ්‍රී එකේ ඉන්න පුලුවන්.ඊට පස්සේ තමයි ඉතින්...කොහොමහරි බලමු තමුසෙව මගේ ලගම තියාගන්න...දැන් ඔන්ලයින්නේ හැමදේම හැඩල් කරන්නේ...."
ජින් කියුවේ දොර අරින ගමන්.දොර ඇරලා බලපු අපි දෙන්නගේ ඇස් නළලේ...ජින් හංගලා තිබුන ශොට් ගන් එක ඇදාලා එළියට ගත්තා....
ගෙදරට මිනිස්සු දහයක් පහලොවක් පැනලා වගේ...සාලේ බඩු සී සී කඩ විසිකරලා.ටීවී එක බිමට දාලා...වීදුරු මල්වාස් බිම වැටිලා කුඩු වෙලා...
" පරිස්සමින්...තමුසෙ ඔහොම ඉන්නවා...මම බලලා එන්නම් උඩ කවුරුහරි ඉන්නවාද කියලා..."
එයා කියුවා.
"පරිස්සමින්...."
මම කියුවා...පුදුමයි මටත් මම එයාට ඒ වගේ දෙයක් කියුවා කියුවාමත්....එයා හිනාවක් දාලයි උඩට ගියේ.
" මොකක්ද ඒ සද්දේ...." මට ඇහුනේ පිඹින සද්දයක්.ටිකක් වටපිට බැලුවාමයි තේරුනේ කිටියා සෝෆා බිම එහාට වෙන්න හැංගිලා මුලු ඇගම පුම්බගෙන බයේ පිටිපස්සට යනවා.
" කිටී...මොකෝ පැටියෝ..."
මම එහෙම කියලා එයාව අල්ලන්න හදද්දිත් එයා මට පිඹපු එක කලේ....
මම කිටීව සංසුන් කලා ඔලුව හිමීට අතගාලා.මගේ අත මිට මොළවලා එයාගේ නහයට ලං කලේ ඉව දැනෙන්න දෙන්න ඕනි නිසා...ඔන්න එතකොටනම් පුරු සද්දෙත් දාගෙන ඇගේ ඇතිල්ලෙන්න ගත්තේ...මම එයාව වඩාගත්තා...
" ඇයි කිටී මෙහෙම බයවුනේ....එතකොට මේ මනුස්සයෙක්ගේ වැඩක් නෙවෙයි...දෙවියනේ ජින් ..."
මම එහෙම කියලා කිටියව සෝෆා එකෙන් තියලා උඩට දුවගෙන ගියේ...මනුස්සයෙක්ට බය වුනාම සතෙක්ගේ බය මෙච්චර වෙලා තියෙන්නෙ නෑ...එක්කෝ බල්ලෙක් නැත්තම් අමනුස්සයෙක්.....මම හිත හිත උඩට යනකොටම.....
ජින් පහළට ආවේ...එයාගේ ඇගේ හැපිලා වැටෙන්න ගිය මාව එයා අල්ලගත්තා....
" කවුරුත් නෑ සදලි..."
එයා කියුවා.
" මේක මනුස්සයෙක්ගේ වැඩක් නෙවෙයි...මතකනේ සාමි කියුවා.එයාට දැනෙන්න ඇති අපි කෝවිලට ගියා කියලා..."
මම කියුවා....
.......
Bạn đang đọc truyện trên: AzTruyen.Top