☠️20☠️

" කවුද ඔතන...."

මගේ වචන පිටවෙන්නේ නෑ..උගුර ඇතුලේ යමක් හිරවෙලා වගේ. තවමත් ඒ කෙනා හීනියට අඩනවා.

" ක්...ක...කවුද....."

මම ආයාසයෙන් වචන එකතු කලා.ටිකක් වෙලා ඉකිබිදපු ඒ කෙනා නැවත හිමින් හිමින් අඩිය තිබ්බේ මගේ පැත්තට....

" එන්න එපා....එ....එන්න එ...එපා...."

මම කෑගැහුවා.ඒත් හඩ පිටවුනේ නෑ.
ඒත් එක්කමයි අර කලින් ආපු ගද ලග ලගම එන්න ගත්තේ. ජිනුත් කට කපලා නිදි.ලෝකේ පෙරලුනත් එයා දන්නේ නෑ.

ඒ හෙවනැල්ල මනුස්සයෙක්ගේ....ඒකාන්තයි ඒක.අත් කකුල් හෙලවෙන විදිය පැහැදිලිව පේනවා.
ඒ හෙවනැල්ල ටිකෙන් ටික මගේකකුල් ලගට ආවා.මට පේනවා ටික ටික නෙට් එක ඉස්සෙන වග....මම ගැහෙන හදවතින් ඒ දිහා බලන් හිටියා...මගේ කකුල් දෙක ලගම බිම ඒ හෙවනැල්ල නැවතිලා.දැන් දැන් අනතුරක් වෙයි කියලා හිතපු මම කෑගහන්න හැදුවා.වචන පිටකරන්න බෑ.බැරිම තැන ජින්ගේ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා උපරිම වෙර දාලා.

" මොකෝ සදලි..."

එයා ඇස් පොඩි කර කර ඇදේ වාඩි වුනේ.

" අ...අ...අතන...."

මම ඉකියක් එක්ක එයාට කතාකලේ අපේ ඉස්සරහාට අත දික් කරලා.

" සදලි මොකෝ මේ තමුසේ කලබල වෙලා...."

ජින් එහෙම කියලා ටක්ගාලා ටේබල් ලෑම්ප් එක දැම්මා.

" දෙයියනේ සදලි මොකෝ මේ...."

එයා කියුවේ මගේ මූණ දෝතට අරගෙන.මම තාමත් ඉස්සරහා බලන් ඉන්නේ.මගේ සර්වාංගයටම දාඩිය දාලා වෙව්ලනවා මාව.

" මොකක්ද ඒ එන ලේ ගද.අර කලින් ආපු ගද නේද මේ ගේ ඇතුලෙන් එන්නේ..."

ජින් නහයත් අකුලගෙන එහෙම කියුවෙ.එයා නැගිටලා යන්න හැදුවේ.

" එපා දාලා යන්න එපා...මගේ ලග ඉන්න...."

මම වෙව්ලන දෙතොල් වලින් කියුවෙ.

" ඔහොම ඉන්නවා....දැන් තමුසේ ඇයි කලබල වෙලා...."

එයා ඇහුවා.

" කවුරුම හරි හිටියා ඇද ලග....කවුරුමහරි....අනේ මට බයයි...."

මම මූණත් අත්වලින් වහගෙන අඩන්න ගත්තේ.

" සදලි...අඩන්නේ නැතුව මොකක්ද වුනේ කියනවා මගුල...මාව කේන්ති නොගස්ස...."

ජින් කෑගැහුවා.

" අ...අයියේ....අතන කවුරුහරි හිටියා....මාව විශ්වාසක කරන්න...ඒ කෙනා ඇඩුවා....හිමීට ඇඩුවා....අනේ...."

මම අඩාගෙන එයාගේ උරහිස් වලින් හොලවලා කියුවේ.

" ඔහොම ඉන්නවා..."

ජින් එහෙම කියලා බලෙන්ම මගෙන් මිදිලා ඇදෙන් බැහැලා ලයිට් දැම්මා.ඇද යට පවා හොදට බලලා බැල්නකි එකට  ගිහිල්ලා බැලුවා.මුලු කාමරයම බාත්ර්රරූම් එකම බැලුවා.මම ඇදේ වාඩි වෙලා එහෙට මෙහෙට යන ජින්  දිහා බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරිව.

" සදලි....තමුසෙට පිස්සුද ඕයි...හීනෙන් බය වෙලාද කොහෙද..."

එයා එහෙම කියලා මේසය උඩ තිබ්බ වතුර බෝතලෙන් වීදුරුවට වතුර එකක් දාගෙන මගේ ලගට ගෙනත් දුන්නා.එක හුස්මට වතුර එක බීපු මම කෝප්පේ මේසය උඩින් ගිහින් තියලා ආයෙත් එයාගේ ලගට ආවා.

" ඔයා කියුවා හරි කවුරුම හරි අපි එක්ක සෙල්ලමක් කරනවා...."

මම කියුවේ අඩන ගමන්...

" සදලී..අපි උදේට මොකද වුනේ කියලා බලමු...දැන් නිදාගමු..."

එයා කියුවේ මගේ අතින් අදින ගමන්.බය උපරිමේටම.ආයෙත් ඇස් පියාගන්න බයයි මට.
මම පපුවත් අල්ලගෙන බිම වාරු නැතුව වාඩිවුනේ අඩාගෙනමයි.

" සදලි...බැලුවා කොහෙවත් නෑ මැණික....තමුසෙගෙ හිත ගැස්සිලා ඔය...කෝ නැගිටින්න...බය වෙන්න එපා.මම ඉන්නවානේ...."

ජින් එහෙම කියලා මාව නැගිට්ටවලා ගත්තා.
පරඩැලක් වගේ මම.ඇගට කිසිම පණක් නෑ.අත පය තවම වෙව්ලනවා.

" කෝ මැණික එන්න...."

එයා එහෙම කියලා මාව ඇදෙන් වාඩි කරවලා ලයිට් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එකේ එළිය ටිකක් වැඩි කරලා මගේ ලගට ආවා.මම ඇදේ හාන්සි වුනාම මගේ එහා පැත්තෙන් කොට්ට තිබ්බ එයා මෙහා පැත්තෙන් ඉදගෙන මාව තුරුල් කරගත්තා.

" තමුසේ බය නොවී නිදාගන්න දැන්..."

එයා කියනවා.

" ඇඩුවා එයා...මොනාහරි කියන්න හැදුවා....ඒ කෙනා ඇඩුවා...මට ඇහුනා..."

මම කියෙව්වේ පිස්සුවෙන් වගේ.

" ස්ස්....රිලැක්ස් සදලි...රිලැක්ස්...මේ හැමදේම හිතේ ඇදෙන මනස්ගාත."

එයා එහෙම කියලා මගේ නළලට හාදුවක් දුන්නා.මොකක්දෝ හේතුවකට මට දැනුනේ ඒ හාදුවට මගේ හිත ප්‍රාණවත් වුනා වගේ.බය මොහොතකට පහ වුනා වගේ.

" මේ සෙල්ලම කරන්නේ කවුද..."

මම ඇහුවේ මගේ බඩට උඩින් අතකුත් තියාගෙන එක අතක් ඔලුවට තියන් ඔලුව උස්සගෙන මගේ දිහා බලන් ඉන්න ජින්ගෙ ඇස් දිහා එක එල්ලේ බලලා.

" උදේට බලමු.... දැන් නිදාගන්න..."

එයා කියුවෙ නිවුණු ස්වරයෙන්.එයා මාව එයාගෙ පපුවට ඇදලා අරගෙන තුරුල් කරගෙන මගේ ඔලුව උඩින් කම්මුලක් තියාගත්තේ මගෙ බය නැති කරන්න වගේ....ගොඩක් වෙලා ඇහැරගෙන ඉදලා පාන්දර වුනාමයි මට නින්ද ගියේ.

..............

සදලිට කලින් අවදි වූ ජින් බැන බැනම කිටියටත් කිරි එක හදලා දීලා තමාගෙත් සදලිගෙත් කිරි කෝප්ප දෙක අරගෙන සදලිගේ කාමරේට ආවා..ජින් කප් දෙක බෙඩ් ටේබල් එකෙන් තියලා...නෙට් එක ඇකිලුවා.කෙල්ල නිදාගෙන ඉන්න විදිය දැක්කම ජින්ට තනියම හිනා.

" ඊයේ විකාර නටලා පස්සට ඉර එළිය වැටෙනකන් නිදි...."

ජින් තනියම කියෙව්වා.

"  ඒ චූටි ටීච....ඉස්කෝලේ යන්නේ නැද්ද...නැගිටිනවා...."

ජින් කතා කලේ සදලිගේ කකුලකට තට්ටු කරලා.
සදලි කොට්ටයක් තුරුල් කරගෙනමයි අනික් පැත්තට හැරුනේ.

" තව ටිකයි...."

සදලි නිදිමතේම කියනවා.
හැරුන විදියට සදලි ඇදන් හිටිය ෂෝට් එකේ බටන් එක ගැලවිලා....ජින් තොලත් හපන් හිනාවක් දාලා සදලිට කතා කලේ....

" කෙල්ල ඔන්න මොනවාද එලියේ.....ශී...දැන් ඔය මේ අහක ඉන්න මාව අවුස්සගන්න හදන්නේ...සදලි කෝ...ඔය...කලිසම බාගයක් ගැලවිලා...නැගිටින්න..."

ජින් හිනාවෙවී කියනවා මට නින්දෙන් ඇහෙනවා...නිකමට පහළ බැලුවේ.

" දෙයියනේ...."

ඉද්ද ගැහුවා වගේ ඇදේ වාඩි වෙලා බටන් එක දාගත්තේ.එයා නම් කන්න වගේ බලන් ඉන්නවා.

" පිස්සි මගේ....මෙන්න මේ කිරි එක බොනවා.මරු ටීචල නැගිටින වෙලාව..."

ජින් එයාගේ කිරි කෝප්පෙ අරගෙන බැල්කනි එකට යන ගමන් කියුවේ.

මම බයෙන් බයේ බාත් රූම් එකට ගිහින් මූණ කට හෝදගෙන කිරි එකත් අරගෙන බැල්කනි එකට ආවා.බැලුවෙව් ටේහියුන්ගේ බැන්ගලෝ එක දිහා.හීල්ලුනා මට....

" යන්නේ නැද්ද අද ඉස්කෝලේ..."

එයා ඇහුවෙ තේක තොලගාන ගමන් ඈතින් පේන බැන්ගලෝ එක දිහා බලාගෙන.

" නෑ..අද එන්න වෙන්නෙ නෑ හදිසියක් කියලා මේල් එකක් දානවා..."

මම කියුවා.

ඒත් එක්කමයි ජින්ට කෝල් එකක් ආවේ.එයා කාමරේට ගිහින් මොන මොනවාද කතාකලා.

" ඕකේ ජිමින්....අනිවා අපි රෙඩී...ඒත් ෆන්ශන් එකටත්‍ යන්න ඕනි.."

ජින් කියනවා ඇහුනා.

" සදලි.."

එයා මට කතා කරගෙනමයි බැල්කනි එකට ආවේ.

" ම්ම්....."

" මතකද ලංකාවේ ලොකු බිස්නස් කාරයොන්ගේ ෆන්ශන් එකක් තියෙනවා හැම අවුරුද්දෙම ප්‍රොජෙක්ට් ටයිම් වල.මේ පාර එක තියෙන්නෙ ලබන සතියේ...තමුසෙටත් යන්න වෙනවා.එදාට ලංකාවෙ හැම තැනකින්ම බිස්නස්මන්ලා එනවා එයාලගෙ පාට්නර්ලා එක්ක..."

එයා කිව්වා.මම ඔලුව වැනුවා විතරයි.

" හරිනම් ටෙහියුන් මැරෙන්න ඕනි ෆන්ශන් එක තියෙන දවසට කලින් දවසෙ...."

ජින් එහෙම කියලා වියරු හිනාවක් දැම්මා.මම ඉතින් කේන්තිය ඉවසන් හිටියා.

" එනවා යන්න...සිසීටීවී චෙක් කරලා බලමු..."

එයා කියුවා.මම මේල් එය යැව්වා ටක්ගාලා.ටිකකින් එයා එක්කම ගිහින් ඇදෙන් වාඩි වුනේ කවුද ඇත්තටම ගේ ඇතුඅට ආවෙ කියලා බලන්න.

එයා ඇදේ වාඩි වෙලා මටත් පේන විදියට ලැප් එක ඔන් කලා.ටිකකින් කැමෙරා රෙකෝඩ් ඔන් කලා.

ම්හූ...කිසි වෙනසක් නෑ...ඒත් එක තැනක..ඔවු හරියටම කුස්සිය සාලෙට සම්භන්දවෙන දොර ලග දාපු කැමරාවෙ අමුතු දෙයක් සටහන් වෙලා තිබුනා.

එතන දොර රෙද්ද කිසිම හේතුවක් නැතුව හෙලවුනා.කවුරුහරි කුස්සියේ ඉදන් සාලෙට ආවා වගේ දෙයක්....ඒත් කවුරුත් නෑ එතන...

" මොකක්ද ඒ අමුත්ත....ම්ම්...ටිකක් ඉන්නකෝ...."

ජින් එහෙම කියලා තවත් ස්කෑන් කරලා සූම් කලා.ඒ පාරනම් වීඩියෝ එක පොඩ්ඩක් ස්ලෝ වුනා. අමුතු දුමක් එතනින් එහාට යනවා කියලා පෙනුනා...

" මීදුමද...හුලග නිසා.....නෑ නෑ වෙන්න බෑ...තව බලමුකෝ....."

ජින් එහෙම කියලා තව පාරක් ස්කෑන් කලා.කලින්ටත් වඩා විඩියෝ එක ස්ලෝ වුනා.ජින්ගෙත් මගෙත් උද්‍යෝගීමත් දෑස් තිබුනේ ස්ක්‍රීන් එකට.දොර රෙද්ද ටික ටික මෑත් වෙනවා.....තත්පර කිහිපයකට පස්සෙ දැක්ක දේ.....අත පය පැහැදිලිව වෙන් වුනු මනුස්සයෙක්ග්ගගෙ රුවක් ඒක...සුදු දුමාරයක් වගේ....ඒ කෙනා කුස්සියේ ඉදන් සාලෙට ඇතුළු වුනා...එතනින් එහාට දේවල් පේන්නෙ නෑ.....ජිනුත් මමත් මූණට මූණ බලාගත්තෙ මේ වුන දේ විශ්වාස කරන්නත් බැරිව......

..........

හායි ලමායි...

කොහොමද...

Mid exam ලග නිසා අප්ඩේට් දෙන එක මදකට නවත්තල තිබ්බේ...

Exam ඉවර උන ගමන් තව එකක් දෙන්නම්කෝ...

Bye...

බාල්දි ඕතරී..😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top