☠️19☠️

" ඔවු අන්කල් මම බැන්දා..."

මම කියුවේ බිම බලාගෙන. වෙනකෙනෙක්ව බැදලා මේවට නෝනාට ඇති අයිතිය මොකක්ද කියලා සිරිපාල අන්කල් මගෙන් අහාවි කියලා බලාපොරොත්තුවක් තිබුණා.ඒත් තත්පර කිහිපයක් ගෙවිලා ගියා.ඒ වගේ දෙයක් අන්කල් මගෙන් ඇහුවේ නෑ.එයා බලන් හිටියේ ජින් දිහා.

" ආහ්....අපි දැන් ගියොත් හොදයි නේද...."

ජින් ඒක කියුවේ ගොරෝසු කටහඩකින්. එයා සිරිපාල අන්කල්ට පේන විදියට මගේ කරට අතදාලා මාව ලංකරගත්තා.

" අන්කල් අපි යනවා...."

මම එහෙම කියුවාමයි අන්කල් පියවි සිහියට ආවේ.එයා ගැස්සිලා වගේ ජින්ගේ මූණෙන් ඇස් අරගෙන බොරු හිනාවක් මවාගෙන මට හා කියලා කියුවේ. ජින්..මාර මනුස්සයෙක්.වැඩිය මෙයාව කවුරුත් දන්නේ නෑ කියලා කියුවේ.ශික් මටත් එක්ක ලැජ්ජයි....

කොහොමහරි අපි දෙන්නා එතනින් එළියට ආවා.

ඔවුන් තමා පසු කර යන විටදී ජින්ගේ වියරු වූ දෑස් තමාට යොමු කලේ තර්ජනයක් කරන මුවාවෙන් බව හොදටම දැනගෙන හිටියා.

" දෙ...දෙයියනේ...කොහොමද මේක වුනේ....මේක ඇත්තක්ද...."

එසේ තමාටම කියාගත්ත සිරිපාල ගේට් එක ලගට දුවගෙන ගිහිනුත් පාරේ ඈතින් යන ජෝඩුව දිහා බලන් හිටියේ...

" කොහොමද මේ වගේ දෙයක් වුනේ..."

සිරිපාල තමන්ටම කියාගත්තා.සිරිපාලගේ හිත අමුතුම බියකින් වෙලාගත්තා.

...................

" මම හෙට ස්කූල් යනවා...."

මම ඇගිලි පොඩි කර කර බිම බලාගෙන ජින්ට ඒක කියුවේ.

" අර ටවුන් එකේ තියෙන කොලේජ් එක නේද..."

එයා ඇහුවේ හොදින් මගේ දිහා බලාගෙන ටීවී එකේ රිමෝට් එක කරකව කරකව කකුලකුත් උඩ දාගෙන.මෙයා ගෙදරම නිසා හැමදේම අහන්න වෙනවා.
මෙයාට හොද ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්න නිසා බිස්නස් හැඩල් කරන්නේ ගෙදර ඉදන්.එහෙට යන්නම ඕනි නෑ...අවුලක් නෑ...තනියම ගෙදර ඉන්න බය එකේ...ඒත් වෙලාවකට මහ වදයක්.

" ඔව්..."

මම ඔලුව වැනුවා.

" මොකෝ බන් බය වෙලා.හස්බන්ට හැමතිස්සෙම බය වෙලා ඉන්න ඕනි නෑ..."

එයා කියුවේ මගේ අතින් ඇදලා සෞෆා එකෙන් වාඩි කරවලා.

" සදලි....."

" ම්ම්....."

" අයි ලව් යූ...."

එයා කියුවේ ගොඩක්ම නිවුණු ස්වරයෙන්.

" කවදාවත් ආදරේ හම්බෙන්නේ නෑ අයියේ ඔයාට..."

මම කියුවේ බිම බලාගෙන.

" බලමුකෝ මැඩම්...මම මේ කටු අත්තව ට්‍රැක් එකට ගන්නේ නැද්ද කියලා..."

එයා කියුවේ මගේ කම්මුලක් මිරිකලා.

" ජීවිතේ තියෙනකන් නෑ..."

මම කියුවා.එයා හිනාවුනා විතරයි.

" ඕකේ ඕකේ...හෙට මම චූටි ටීචව ඉස්කෝලේ ගිහින් ඇරලවන්නම්..."

එයා කියුවේ මගේ දිහා බලාගෙනමයි.බෑ කියන්නත් බෑ..කේන්ති යාවි.ශේප් එකේ තියාගත්තේ නැත්තම් මට යන්න දෙන එකකුත් නෑ.

" හ්ම්ම්..."

මම කියුවා.

" සදලි..."

" ඇයි...."

මම ලොකු හුස්මක් දාලා ටීවී එක දිහා බලන් ඇහුවේ.

" බලනව මගේ දිහා..."

ඒකනම් සැරකරලා ඇහුවේ.මම කෙලින්ම බැලුවේ එයාගේ දිහා.

" මාත් ආසයි දුවෙක්ට හරි පුතෙක්ට හරි....ස්පෙශලි තමුසෙ වගේ කටකාර හැඩකාර කෙල්ල පැටියෙක්ට...සලනි අපි ට්‍රයි කරමු..."

එයා ඇහුවේ රහසින් වගේ...

" තමුසෙට පිස්සුද...."

මම ගොඩක් තරහින් සද්දෙට කෑගැහුවා.ඇස් වල කදුළුත් පුරවන්.
එයා මගේ කට දෙපැත්ත තදින් අල්ලගත්තා.

" සදලී....තමුසෙගෙන් මට ඕනි දේවල් ගන්න එක මහ ලොකු ගේමක් නෙවෙයි.මට තමුසෙ  එක්ක එකට ඉන්න ඕනි නම් මෙලහකට මම ඒක කරලා...ඒත් අහන්න පැටියෝ...මට තමුසෙට රිද්දන්න ඕනි නෑ...තමුසෙගේ කැමැත්තෙන්ම හැමදේම දෙනකන් මම බලන් ඉන්නවා...."

එයා ඒක කියුවේ නිවුණු ස්වරයෙන්.

" දවසක ඔය කටින්ම මට ආදරෙයි කියලා කියාවි සදලි..."

එයා කියුවේ මගේ කට අතහැරලා.

" කිව්වානේ කවදාවත් නෑ..."

මම කියුවේ කදුලු පිහදාල.එයා මගෙන් මූණ අහකට අරගෙන කේන්තියෙන් හිසකෙස් ඇදගත්තා...ක්ශණිකව මාව සෝෆා එකට වාරු කරවලා මගේ තොල් එයාගේ දෙතොල් වලින් අල්ලගත්තේ  අකුණු හත අටක් පුපුරණවා වගේ හැගීමක් දැනෙද්දි.එයා කේන්තියෙන් ඉන්නේ කියලා තේරෙනවා...ඒ තරමට රිද්දනවා මට.මගේ හිසකෙස් අතර ඇගිලි තුඩු තදට රදවපු එයා මගේ දෙතොල් වලට හාදු තැවරුවේ පිස්සුවෙන් වගේ.ටිකකින් එයා මාව මුදාහැරියා.එයාගේ ඇස් රතුවෙලා හොදටම.මම ආයාසයෙන් අඩන එකත් නතරකරන් නැගිටලා සෝෆා එකේ වාඩි වුනේ.එයාගේ රලු සිපගැනීම් නිසා මගේ යටි තොල පැලිලා ලේ එනවා.

" සොරි වස්තුව..."

එයා එහෙම කියලා මට ලං වෙලා එයාගේ අතින් මගේ තොලේ ලේ පිහදැම්මේ හිමීට.

" මට පාඩුවේ ඉන්න දෙන්න අයියේ..."

මම අත්දෙක එකතු කරලා වැදලා කියුවේ.එයා මගේ අත්දෙක අල්ලගත්තා.

" ශ්....සදලි අඩන්න එපා පැටියෝ...අහන්නකෝ...මම තමුසෙට කියාගන්න බැරි තරමක් ආදරෙයි.ආත්මයක් ආත්මයක් ගානේ මම තමුසෙගෙ පස්සෙන් එනවා සදලි...කවදාවත් ටේහියුන්ටවත් වෙන කිසිම කෙනෙක්ටවත් අයිති වෙන්න දෙන්නේ නෑ...හැමදාම තමුසේ මගේ සලනි...මගේ...."

එයා එහෙම කියලා ආයෙත් බර වුනේ මගේ තොල් වලට.රිද්දුවේ නෑ...හරි පරිස්සමට හාදු තැවරුවා.ටේහියුන්  මගේ මනසේ ක්ශණිකව ඇදුනා. ජින් වෙනුවට අද මෙතන ඔයා හිටියනම්...මට හිතුනා.

ජින් මාව මුදාහැරියා.

" මම දන්නවා තමුසෙට මාව පෙන්නන්න බැරි වුනාට වෙන පිරිමියෙක්ගේ ලගට තමුසෙ  කවදාවත් යන්නේ නෑ කියලා..."

එයා කියුවා.පිස්සු මෙයාට මෙහෙම හැගීම් බර වෙලා ඉන්නවා දැක්කමයි.

" මම මැරිලා යන්න ඕනි.මේ දුක් තවත් විදවන්න බෑ මට.ආදරේ කරන අය නැති වෙද්දි දැනෙන දුක ඔයා දන්නවාද..."

මම ඇහුවේ ඒ ඇස් දිහා බලලා.

" හොදට දන්නවා....තමුසෙටත් වඩා..."

එයා කියුවේ මගේ ඇස් දිහා බලාගෙනමයි.

" දන්නවාද සදලී..."

එයා මගේ අතක් එයාගේ අත්වලට මැදි කරගත්තා.

" ටේහියුන් තමුසෙට ආදරේ කරන්න ගත්තේ මීට මාස දෙක තුනකට කලින් වගේ වෙන්න ඕනි.එයා තමුසෙව ගනන් නොගත්ත හැටි මම හොදට දැක්කා බිස්නස් මීටින් වලදි...බිස්නස් පාටි වලදි...උඹ දන්නවාද මම තමුසෙට ආදරේ කරන්න අරගෙන අවුරුදු දෙකක් වෙනවා.මුලින්ම ආදරේ හිතුනු දවසේ තමුසෙගෙ තාත්තගෙන් මම ඉල්ලුව තමුසෙව.මගේ දේපළ නිසාත් මගෙන් ගන්න පුලුවන් වාසි ගැනත් සලකලා තමුසෙගේ තාත්තා ඒ යෝජනාවට කැමති වුනා.ටේහියුන්ට බදින්න කෙනෙකුත් හිටියා සදලි....උගේ අම්මා කතා කරලා තිබ්බේ මීට මාසෙකට කලින් වගේ...කොල්ලෙක්නම් තමන්ගේ ආදරේ වෙනුවෙන් කොණ්දට හයියක් අරගෙන මම තමුසෙට ආදරෙයි කියලා කියන්න ඕනි.ඒත් ඌට බැරිවුනා.මට අර කෙල්ලව බදින්න බෑ කියලා කියන්න තිබුණා.ඒත් ඌ එහෙම කලේ නෑ...ගෙදර අයට ඕනි විදියට හිටියා.ඒකේ වැරැද්දක් නෑ...ඒත් තේරුම් ගන්න සදලි ඌ ලග තිබුනේ නමට ආදරේ විතරයි...කැපකිරීමක් කරන්න තරමේ ආදරයක් තිබුනේ නෑ..."

එයා කියුවා.මම බලන් හිටියේ මගේ අත අතගගා ඒ දිහා බලාගෙන කියවන ජින් දිහා.බොරුවක් වෙන්න බෑ කියන දේ..එයා ඉන්නේ ගොඩක් හැගීම් බර වෙලා.

" හැමදාම රෑට ඇස් පියාගත්තේ තමුසෙව මතක් කරගෙන.ඒ කාලෙම තමුසෙව අරගන්න තිබුණා...ඒත් දුක් දෙන්න ඕනි වුනේ නෑ.ඉවසුවා...බැරිම තැන තමයි මෙහෙම කලේ..."

එයා කියුවේ මගේ ඇස් දිහා බලාගෙන.මගේ ඇස් වල කදුලු පිරිලා.

" අතහරින්නේ නෑ සදලී මගේ ජීවිතේ තියෙනකන්...මගේ පණ අතඇරල දාලා හරි තමුසෙව බලාගන්නවා..."

එයා එහෙම කියාගෙන බර වුනේ මගේ පපුවට.

" අඩුම මට ඔයාගේ ගැන විස්තරවත් කියන්න බැරිද අයියේ..."

මම ඇහුවේ එයාට කේන්ති නොයන විදියට හඩ අඩු කරලා.

" පස්සේ කියන්නම් ..."

එයා එහෙම කියලා මගේ පපුවට තවත් හරිබරි ගැහිලා ගුළි වුනේ හරියට අම්මෙක්ගෙන් උණුසුම හොයන දරුවෙක් වගේ...දුක නොහිතුනාම නෙවෙයි.

.........

රෑට කෑම කාලා කිටියටත් කන්න දීලා මම කුස්සිය අස්කරන්න ගත්තේ ජින් වොශ් දාගන්න උඩට යද්දි.ටිකකින් මම කුස්සියත් අස් කරලා කිටියවත් අරගෙන කාමරයට ගියා.මම යනකොට ජින් වොශ් දාගෙන ඇවිත්ද කොහෙද.ටවල් එකත් ඔලුවේ දාගෙන බරටම ෆෝන් එකේ.මමත් ටවල් එක අරගෙන බාත්‍රූම් එකේ දොර ඇරලා දාලා කර්ටන් දාගෙන හොට් වෝටර් වලින් ඇගසෝදගත්තා.කොට ශෝටකට කලුපාට ස්කිනි එකක් ඇදගෙන් සීතලේ වෙව්ල වෙව්ල ආවේ කාමරේට.අද වෙනදාට වඩා සීතල වැඩී.ටවල් එකත් රැක් එකට විසික් කරලා ගියේ කණ්නාඩිය ඉස්සරහට.කණ්නාඩියෙන් පේනවා මට ජින් හොරාට මගේ දිහා බලනවා..

" සලනි....තමුසෙගේ අප්පොච්ච කතා කළේ නැද්ද..."

එයා එහෙම ඇහුවාම මම කණ්නාඩියට පිටුපාලා එයාගේ දිහා හැරුනේ.ඒත් එක්කමයි එයා මගේ දිහා ඇස් උස් කරලා බැලුවේ.....නිකන් මාව පේන්නේ යකෙක් වගේද...මොනාද මෙයාට වෙලා තියෙන්නේ...

" ස...සදලි..."

එයා එහෙම කියාගෙන ඇදෙන් නැගිට්ටා.
ජින්ට පෙනුනේ කණ්නාඩියෙන් අමුතුම දෙයක්.සලනි හැරෙනකොට හරිනම් කණ්නාඩියේ ප්‍රතිබිම්බයත් හැරෙන්න ඕනි.ඒත් ප්‍රතිබිම්භය තම දිශාව වෙනස් කරගත්තේ නෑ...ජින්ගේ හිත කළබල වෙලා තිබුනේ ඒක දැකලා.

" සදලි....දැක්කද..."

ජින් එහෙම කියලා අත දික් කලේ කණ්නාඩියට.

" මොකක්ද..."

මාත් පිටිපස්සට හැරිලා බැලුවා.ම්හූ...මුකුත් නෑ.එක්කෝ මට පේන විකාර මේ යකාට පේන්න අරගෙනද.
ටිකකින් තද කරලා ඇස් දෙක පොඩි කරගත්ත ජින් ආයෙත් කණ්නාඩිය දිහා බැලුවද කොහෙද...
එයා ලොකු හුස්මක් දැම්මා.

" මටත් තමුසෙත් එක්ක ඉදලා විකාර පේන්න අරගෙන..."

ජින්ට දැන්නම් ප්‍රතිබිම්භය සාමන්‍ය විදියට පෙනෙන්න ගත්තා.

" එනවා නිදාගමු..."

එයා කියුවා.මම ඇදට ආවම එයා ලයිට් එක ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක ඩිම් කරලා මගේ ලගට ඇවිත් හේත්තු වුනේ.මේ දවස් වල පොද වැස්සක් යනවා.ඒනිසා මදුරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.මම ජීන්ට ඒ ගැන කියලා ඇද වටේ ආච් එකේ තිබුණ නෙට් රෙදි ටික පහළට කලේ.ඒත් ඇත්තම හේතුව මට පුටුව මේසය රැක් එක පේන එක වළක්වන්නයි එහෙම කලේ.මම ජින්ට පිටුපාලා කොට්ටෙකුත් තුරුල් කරගෙන ඇස් දෙක පියාගන්න හැදුවේ.ඒත් එයා මගේ ලගටම ඇවිත්........ මගේ කන ලාවට හැපුවා.මුලු ඇගම හිරිවැටිලා ගියා මගේ.

" මට පාඩුවේ ඉන්න දෙන්න..."

" මෙච්චර හැන්ඩි කොල්ලෙක් ලග ඉදලත් මේකි...."

" නිදාගන්න සැප මෙට්ටේ..."

එයා එහෙම කියලා පැනලා ඔලුව තියාගත්තේ මගේ පපුව උඩට.එක අතක් මගේ බඩට තියන් එක කකුලක් මගේ ඇගට උඩින් දාගෙන එයා කතා කළා.

" ඔලුව රිදෙනවා.... අතගාන්නකෝ..."

එයා කියුවේ හුස්මක් දාලා.මෙයාට මාව දැක්කම ඔලුවේ කැක්කුම එනවා වැඩී.

" අතගාන්නකෝ ඔලුව....සදලි..."

එයා දෙවෙනිපාරටත් කියුවාමයි මම හිමීට එයාගේ ඔලුව අතගාන්න ගත්තේ.

ජින් එහෙමම අතදිග හැරලා ටේබල් ලෑම්ප් එක ඕෆ් කළා....ටික වෙලාවක් යන්න ඇති.ජිනටනම් මගේ පපුව උඩම නින්ද ගිහින් වගේ...මම නිකමට මගේ ඉස්සරහින් තියෙන නෙට් රෙද්ද දිහා බැලුවේ.හද එළිය ගේ ඇතුළට ලාවට බේරෙනවා.ඒකෙන් මට පෙනුනේ රෙද්ද එහා පැත්තෙන් යමක් එහෙට මෙහෙට යනවා වගේ.....මම උවමනාවෙන්ම ඒ දිහා බලන් හිටියා.පපුවේ ගැස්ම එන්න එන්න වැඩි වෙනවා.ඔවු....කවුරුහරි ඇද වටේ කැරකෙනවා.
එක්කෝ කිටියා ඇදට පනින්න ඉඩක් හොයනවාද දන්නේ නෑ...හද එළියට එයාගේ හෙවනැල්ල ලොකු වෙලා පේනවාවත්ද...මම උපරිම සන්සුන් වෙන්න උත්සාහ කළා.

" කවුද....."

මම ඇහුවා...

" කිටී......"

ආයෙත් සද්දෙට කතා කළා.

එකතැනක ඒ රූපය නැවතුනා.හරියටම මගේ ඉස්සරහා.ජින්ගේ පිට තද කරලා අල්ලගත්ත මම ඇස් පිය නොහෙලාම ඒ දිහා බලන් හිටියේ.
උසම උස මනුස්සයෙක් ඉන්නවා වගේ හෙවනැල්ලක්...කටේ කෙළ පවා හිදිලා ගියා වගේ දැනුනෙ...ඒ හෙවනැල්ල වටෙන් හිමි හිමීට ඇවිත් මගේ දැකුණු පැත්තෙන් නතර වුනා.නෙට් රෙද්දෙන් වෙන් වුනත් මගේ මූණත් ඒ හෙවනැල්ලත් අතර පරතරය අඩියක්වත් නෑ.මට සීතලේ දාඩිය දාන්න පටන් ගත්තා.වචන පිටවෙන්නේ නැති තරමට උගුර හිරවෙල.තත්පර කිහිපයක් තද කරලා දෑස් පියාගත්තා.ආයිත් ඇස් ඇරිය මම දැක්කේ ඒ හෙවනැල්ල ටිකක් ඈතින්.
ඒත් එක්කම ඇහුනේ.......

හීනි ඉකි බිදුමක්....!

_____________________________


මේ ජායාව ජින් දකීවිද...ඒ හැඩුම ජින්ට ඇහේවිද...බලමුකෝ මොකද වෙන්නේ කියලා....
මේ වගේ දෙයක් ඇත්තටම වුනොත් කොහොමද නේද...නිකන් ඉමැජින් කරලා බලන්නකෝ...ඔයාලා නිදාගෙන ඉන්න කොට මෙහෙම දෙයක් වුනොත්.....😣😁🙊

ඔයාලා රහස් පරීක්ෂකයො වෙලා නේද මේ ජින් ගේ ටේහියුන්ගේ රහස නිසා....විවිධාකාර මත ඉදිරිපත්කරනවා...බලමුකෝ කාගෙ ගෙස් එකද හරියන්නේ කියලා....😍

අදහස් කියාගෙන යමු😍♥️🖋️

වෝට් කරන්න... කමෙන්ට් කරන්න...

Bạn đang đọc truyện trên: AzTruyen.Top