☠️18☠️
" තමුසෙ කියුවා නේද මේ ජරා ගද බාත් රූම් එකෙනුත් ආවා කියලා.."
එයා ඇහුවේ උලුවස්සට අතකුත් තියාගෙන.මම ස්වීටර් එක ගලවලා සෝෆාඑක අයිනෙන් තියන ගමන් කතා කළා.
" ඔවු ජින්...නෑ..මම කියුවේ අයියේ...ඒකෙනුත් තදින්ම ආවා."
මම කියුවේ එයා දිහා නොබලා.
" වතුරට මොනවාහරි එකතුවෙලාද..."
එයා එහෙම කියුවාම මට වමනෙට වගේ ආවා.
" එහෙනම් බොන කොට දැනෙනවානේ."
මම කියුවා.
" පිස්සුද .... එකපාරට බොන්න ගත්තාම ගද සුවද දැනෙන්නේ නෑ අපිට...වතුර බොනකොට හුස්ම ගන්න බෑනේ බන්.."
එයා කියුවා.ඒකත් ඇත්ත ඉතින්.
" කෝකටත් වතුර උණු කරලා තියාගන්නවා.මේ පැත්තෙම වතුරවලට ඔය වැඩේ වෙලාද දන්නෙත් නෑ...කෝකටත් ජිමිනා ආවම වහලෙට නැගලා ටැන්කිය පොඩ්ඩක් බලන්නම්."
එයා කියුවා.
( මයෙ අහිංසකයා ඉන්නේ වහලවල් දිගේ බඩගාන්න නෙවේ ජිනෝ 😡)
" හ්ම්ම්...."
මම කියුවේ එච්චරයි.
" ජිමිනා එයි දවල් දෙක වෙද්දි.පුලුවන්නම් ඌටත් එක්ක මොනාහරි හදලා තියන්න..."
එයා ඒකනම් කියුවේ සැරෙන් නෙවෙයි.
" හරි මම හදන්නම්..."
ජිමින් කියන්නෙත් මට පේන්න බැරි මනුස්සයෙක් තමයි..හතුරෙක්ව වුනත් බඩගින්නේ තියන පුරුද්දක් මට නෑ.ඉස්සෙල්ලා කාලා ඉන්න...ඊටපස්සේ ඕනි ගේමක්.මොකද කුසගිනි නිවන ආහාර කියන්නේ ගෞරව කළ යුතු දෙයක්.බුද්ධ දර්ශනයේ පවා තියෙනවා ආහාර ගන්න ඕනි ආහාරවලට ගෞරව කරන්න ඕනි කොහොමද කියලා කතෝලික අයත් එහෙමයි...කන්න කලින් මේ කෑම දුන්නට දෙවියන් වහන්සේට එයාලා ස්තූති කරනවා....තව හමුදාවේ අය කෑම කන වෙලාවට කවුරු ආවත් නැගිටින්නේ නෑ.ඒ ගෞරවය...
ඉතින් මගේ හතුරෙක්ට කන්න දෙන්න දෙපාරක් හිතන්න ඕනි නෑ.
දොළහට විතර කෑම හදන්න ගන්න ඕනි.නැත්නම් ඉක්මනට කෑම සීතල වෙනවා.
.............
" මේ වැඩේ කාගේ වැඩක් වෙන්න පුලුවන්ද...මේ එන අමුතු ගද පැත්තකින් තියන්නකෝ.ඒත් මේ ගේ ඇතුලේ වෙන විකාර වැඩ..."
ජින් කියුවේ එක අතකින් කොන්ඩෙ අතගානම් ගමන් බිම බලාගෙන.
" ගෙදර වටින කියන බඩු නැති වෙලත් නෑ...මේ අයියේ දෙයක් කියන්නද...."
මම ගෑටුවා.
" හ්ම්... කියනවා..."
එයා කියුවේ ටිකක් සැරෙන් වගේ.
" මට අමුතු අමුතු දේවල් පේනවා.අයි මීන් සමහර වෙලවට කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා වගේ."
මම කියුවේ ජින් දිහා එක එල්ලේ බලාගෙන.
" තමුසෙට පිස්සුද ඕයි.මනස්ගාත...පොඩ්ඩක් ඉවසලා ඉන්නවාකෝ...ඉක්මනට හොයගමු.ඔහොම බයවුනොත්නම්..."
ජින් එහෙම කියලා අහක බලාගත්තේ නෝන්ඩි හිනාවකුත් දාලා.
ඇත්ත ටේහියුන්ගේ මරණේ නිසා මගේ ඔලුවේ වයර් මාරු වෙලා ඇති.
ටිකකින් එයා මොනාද මේල් වගයක් හරිගස්සවන්න තියෙනවා කියලා කාමරේට ගිහින් ලැප් එක අරගෙන ඇවිත් සාලේ දාලා තිබුන කෑම මේසය උඩ තියාගෙන වැඩ කරන්න ගත්තා.මමත් ගියේ උයන්න.
වෙලාව ගියා දන්නෙම නෑ.හවස තුනට විතර ඇති.. ජිමින් අපේ ගෙදරට ආවේ කැමරා වගේකුත් අරගෙන.
" සදලි තේකක් හදන්නකෝ..."
ජින් කියුවා.අනේ ඉතින් මුන්ට කඹුරන්න උනානේ.මම ඉතින් දෙන්නටම තේ හදාගන්න අරගෙන ගියා.
ටී දෙක සාලේ ටේබල් එක උඩින් තියලා මමත් එතන එහා පැත්තෙන් තිබුන පුටුවෙන් වාඩි වුනා.ජින් කැමරා වල පැකින් අයින් කරලා ටික වෙලාවක් හරව හරව බැලුවා.වයර්ලස් කැමරා වගයක් පිටරටින් ගෙන්නන්න ඇත්තේ.ටිකකින් කැමරා ලැප් එකට කනෙක්ට් කරලා ටෙස්ට් කරපු එයා ජින් එක්ක තේ බියුවා.
" සදලි ....දැන් තමුසේ මේ සිද්දි වෙනවා කියලා අනුමාන කරන තැන් මොනවාද.."
" සාලේ ඉදන් කුස්සියට යන දොර ලගයි...ආයි ගෙදර ප්‍රධාන දොර ලගයි...බැල්කනි එකටයි දාමු."
මම කියුවා.
" හ්ම් එන්නකෝ යන්න.... බාත්රූම් එකට දාන්න බෑ..කැමරා දාන එක හරි නෑනේ." එයා එහෙම කියලා නැගිට්ට ජිමින් එක්කම.
ජිමින් පුටුවකට නැගලා සාලේ ඉදන් කුස්සියට යන තැන දොර ලග එක කැමරාවක් සෙට් කළා.ඊටපස්සේ එළිය පැත්තෙන් කුස්සියේ දොර උලුවස්ස උඩ එකක්...එළිය පැත්තෙන් ප්‍රධාන දොරේ උලුවස්සේ එකක්....ගේ පිටිපස්සේ බිත්තියට එකක් තාප්පේ පේන විදියට සහ අන්තිම එක කාමරේ බැල්කනි එක පේන විදියට බැල්කනි එකේ තිබුණ වම් පැත්තේ බිත්තියක උඩින් සෙට් කළා.කාටවත් කැමරාවක් කියලා හොයාගන්න බැරි තරමට ගොඩාක් චූටි කැමරා මේවා.හොරෙක්නම් ලේසියෙන් දකින එකක් නැති වෙයි.
" ම්ම්...දැන් වැඩේ හරි... ජිමිනා උබ යන්න කළින් තව පොඩි වැඩක් කරමුකෝ...." ජින් ඇහුවා.
" මොකක්ද සර්...."
" වතුර ටැන්කිය පොඩ්ඩක් බලන්න ඕනි බන් උඩට නැගලා.වතුරට මොනවා හරි එකතු වෙලාද දන්නෙත් නෑ."
ජින් කියුවා.ටිකකින් දෙන්නම එළියට ගියා.මාත් ගියා ඉතින් එයාලා එක්කම. ජිමින් ඉණිමග අල්ලන්න උදව් කලා. ජින් වහලෙට නැගලා ටැන්කියේ වෑල් එක ඇරලා ඔක්කොම වතුර ටික හැලුවා.ආර්........මේ යකා....දිය ඇල්ලක් වගේ වතුර ගොඩ කෙලින්ම ඒ පැත්තේ තිබුණ ඇන්තූරියම් ගස් ටික යට කරලා දැම්මා.
" මේ ජින් කලොත් කරන්නේ විනාසයක් තමයි."
මගේ හිත කේන්තියෙන් පුපුරනවා.
" අනේ මිස් සොරි වෙන්න ඕනි මල් පැළ ටිකට.ඒත් ඉතින් ටැන්කිය සුද්ද කරන්නත් එපැයි...."
ජිමින් ආයාසයෙන් හිනාව නවත්තගෙන ඒක කියුවේ.
" හස්බන්ඩ්ට කියලාම පැළ කරගන්න..."
ජිමීන් ආයෙත් කියනවා ඉතින්.හිතුනොත් ඇන්තූරියම් පැල කරනවා ජින් ගෙ ඔලුව උඩ.මම ලාවට හිනා වුනා විතරයි.
ටිකකින් උඩ මොන මොනවාද කරපු ජින් බැහැලා ආවා.
" වතුර වලනම් ප්‍රශ්නයක් නෑ...ඒ කියන්නේ අවුල තියෙන්නේ වතුර වල නෙවෙයි."
ජින් කියුවා.
" ටැන්කියේ තියෙන වතුර ටික ඔක්කොම හැලුවනේ...දැන් අද වතුර නැතුව....."
මම කියනකොටම.
" මේ මැඩම්...වතුර ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ.පැයකින් ටැන්කිය පිරෙයි...නටන්නේ නැතුව ඉන්නවා..."
එයා එහෙම කියුවේ ටිකක් කේන්තියෙන්.
" සර්....අද පරිස්සමෙන්.මිස්ට කේන්ති ගිහින්...."
ජිමින් එහෙම කියලා ජින්ට ඇස් වලින් පෙන්නුවේ ඇන්තූරියම් ටික.
" අහ්...ඒකට කමක් නෑ...මෙයාට ආයෙත් ඕවා හිටවගන්න පුලුවන්නේ..."
ජින් හිනාවෙලා ටිකක් හොදින් කියුවේ එකනම්.
" එහෙනම් සර් මම යනවා...අර වැඩ ටික ඉවරයක් කරගන්න ඕනි....අපි යන්නම් මිස් ...සර්ව මරන්න එහෙම එපා හොදේ අද..."
ජිමින් එහෙම කියුවාම ජින් හිනාවෙලා එයාට හා මචං කියලා කියුවේ. ජින්ටනම් හරි ආස ඇති මම ආදරේට එයා එක්ක බොරුවට රණ්ඩු කරයි කියලා.අනේ වැඩේමයි....සීරියස් රණ්ඩු ගියොත් ඇරෙන්න.මාත් ජිමින්ට ව්‍යාජ හිනාවකින් සංග්‍රහ කළා.
එයා ගියාට පස්සේ මම ජින්ටත් ගස්සලා ගේ ඇතුළට ආවේ.මම ආස කරන හැමදේම ජින් විනාශ කරනවා.ආසාවෙන් හදපු ඇන්තූරියම් පැල ටික.
මම ඇවිත් හදලා නිවෙන්න තියපු කිරි ටික කිටියගෙ කප් එකට දාලා බිමින් තියලා එනකොටම ජින් මාව ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරලා මගේ එහා පැත්තෙන් අතක් තියාගත්තා.
" ජින්....මොනවාද මේ කරන විකාර වැඩ..."
මම ඇහුවේ කේන්තියෙන්.
" ශ්....මැණික මම කියල තියෙනවා නේද මට ජින් කියන්න එපා කියලා."
ජින් කියුවේ කෝපයෙන් දෑස් රතු කරගෙන.
" ආ...මේ...ආම් සොරි අයියා...."
මම ටක්ගාලා බිම බලාගෙන එහෙම කියුවේ.
" දැන් බයවෙන්න එපා.අපි ඉක්මනට අපිත් එක්ක මේ සෙල්ලම් කරන කෙනා කවුද කියලා හොයාගමු."
එයා කියුවේ මගේ නහයට තට්ටුවක් දාලා.එයා මගේ දෙතොල් වලට එයාගේ දෙතොල් ලං කරනකොටම.....
" ඔයාගේ වයස කීයද අයියේ...."
මම ඇහුවා.එයා විදුලි වේගයෙන් මගෙන් ඈත් වුනේ.ඒ මගෙන් මූණ හංගගන්න කියල හොදට දැනුනා.
" තමුසෙටත් ඕනි නැති කෙහෙල්මලක් නෑ..."
එයා කියුවේ අහක බලාගෙනමයි.
" මගේ හස්බන්ඩ්ගේ පෞද්ගලික දේවල් මම දැනගන්න ඕනි නේද...අඩුම ඔයාගේ උපන්දිනේ සම්පූර්ණ නම ඒ කිසිම දෙයක් මම දන්නේ නෑ...අනික ඔයාට වයස හතලිහක් වෙන්නත් බෑ...මොකද එච්චර වයස පේන්නේ නෑ..."
මම එහෙම කියනකොටම එයා මගේ ඇදුමේ දෙපැත්තෙන් අල්ලලා මාව බිත්තියට හේත්තු කලේ දැවෙන කෝපයෙන්.
" හැමදේටම සීමාවක් තියාගන්නවා සදලි..මම තමුසෙට ආදරේ කලාට මට තාම තමුසෙව විශ්වාස කරන්න බෑ...."
එයා කියුවා.
මගේ ඇස් වල කදුලු ...
" හස්බන් ගැන දන්නේ නැති ගෑණු කෙනෙක් මේ ලෝකේ ඉන්නවාද..."
මම කියුවේ ඉකිය නවත්තගෙන අහක බලාගෙන.
" මගේ නම පාක් සියෝක් ජින්....දැන් හරිද.මගේ වයස අවුරුදු හතලිහක් වෙනවා සදලි .මෙහෙම තරුණ විදියට ඉන්න්නේ ජිම් ගිහින් ඇග මේන්ටේන් කරන නිසා... ඇන්ඩ්.. ආම් වර්ල්ඩ් වයිල්ඩ් හැන්ඩ්සම්.. යූනෝ? "
එයා කියුවේ මට ඇහැක් ගහලා
" තමුසේ ඔය ටැප් එක වහලා ස්වීටරයක් දාගෙන එනවා යන්න මාත් එක්ක බැන්ගලෝ එක පැත්තට යන්න..."
එයා කියුවේ මාව අතහැරලා.
" එහෙ මොකටද යන්නේ....ඒවා ටේහියුන්..."
මම කියනකොටම.
චටාස්........
මගේ කම්මුලට ලොකු පාරක් වැදුනා.
" මම තමුසෙට කියුවා නේද ඔය නම මට ඇහෙන්නවත් කියන්න එපා කියලා....උඹ ආදරේ කරන ඉතුරු ටික දෙනා ජීවත් වෙනවා දකින්න ඕනිනම් මම කියන විදියට ඉන්නවා..."
එයා හරි සද්දෙට කෑගහල එහෙම කියුවේ.
එයා කාමරේට ගිහින් උඩට ශර්ට් එකක් දාගෙන ෆෝන් එකත් අරගෙන මගේ ලගට ඇවිත් මගේ ස්වේටර් එක අතට දුන්නා.
" ඕක දාගන්න සදලි ...."
එයා කියුවේ ගොඩක් නිවුණු විදියට.මම ඒක දාගත්තේ මලමිනියක් ගානට.එයා ඉස්සරහට ගියාම මමත් එයා පස්සේ වැටුනා.සෙරෙප්පුත් දාගෙන අපි ගේට් එකෙන් එළියට ආවා.
සැදෑ කලුවර පරිසරය වෙලාගන්න වෙලාව.මීදුම ගලාගෙන එනවා සීතලේ බෑ...අර යකානම් යනවා එකසිය ගානට ෆෝන් එකත් ඔබ ඔබ.
ටිකකින් එයා නැවතිලා මගේ ලගට ඇවිත් මගේ කරවටේ අතදැම්මා.මගේ ගානටම හිමීට ඇවිදගෙන ගියා...
" සීතලයි නේද තමුසෙට."
එයා ඇහුවා.සීතට වඩා වේදනාව.ටේහියුන් මරලා ඒ මදිවට එයාගේ දේපළවලට ඇගිලි ගහනවා.පුදුම මනුස්සයෙක් ජින් කියන්නේ...මටනම් හරි අප්පිරියයි මෙයාගේ මේ වැඩ.
ටිකකින් අපි ආවේ බැන්ගලෝ එකට.ගේට් එක ලොක් කරලා සිරිපාල අන්කල් වෙන්න ඇති.ජින් සාක්කුවට අතදාලා ගත්තේ යතුරු කැරැල්ලක්.ඉබ්බා ගලවපු එයා මටත් ඇතුළට එන්න කියුවා.කලින් වතාවේ වුන දේ මතක නැතුවට නෙවෙයි.ඒත් ජින් ඉන්න නිසා බයක් නැතුවම ඇතුලට ගියා.
" යතුරු කොහෙන්ද..."
මම ඇහුවේ හිමීට.
" අරූව මරපු මට මේ යතුරු උගෙන් ගන්න එක මොකක්ද සදලි..."
ජින් කියුවා.බැන්ගලෝ එක මහා පාලුවක ගිලිලා.වෙනදට හැන්දෑවට වුනත් මේ ග්‍රැනයිට් බැන්ගලෝ එක හරිම ලස්සනයි.ප්රතාපවත්.ඒත් අද...මම බොහොම අමාරුවෙන් කදුලු නවත්තගෙන හිටියේ. ජින් ප්‍රධාන දොර ඇරලා ඇතුළට ආවා.
මම එයාගේ මූණ දිහා බැලුවා.ඒ හැගීම් කියවගන්න බැහැ.තරහද...පසුතැවීමක්ද කියලා හොයාගන්න බෑ...ටිකකින් එයා ලොකු හුස්මක් දාලා මාත් එක්ක මුලු බැන්ගලෝ එක පුරාම ඇවිද්දා.
" කලින් ඇවිත් ඔප්පු හොයපු නිසා දැන් හොයන්න දෙයක් නැතුව ඇති....සිරි නරඹන්නද මෙයා ආවෙ මෙහෙට..."
මට හිතුනා.එයාගේ ඇස් අසාමාන්‍ය විදියට රතු වෙලා.එයා මාත් එක්ක අන්තිමට ආවේ කුස්සියට...කුස්සියේ කෙලවරේ ජනේලය ලගට ගියපු එයා ඒක ඇරලා බැලුවා.මමත් එයාගේ ලගට ගියේ හිටි හැටියෙම එයාගේ මූණේ ඉරියව් වල ඇති වුන මොකක්දෝ වෙනසකට....ඇත්තටම මට මුකුත් තේරුම් ගන්න බෑ.ඒ ජනේලයෙන් පේන්නේ හරිම ලස්සන දර්ශනයක්.ඈතින් ලස්සන තේ යායක් එක්ක කදු පන්තියක්.බැන්ගලෝ එකේ පිටිපස්සේ ගාඩන් එකත් හිතාගන්න බැරි තරමට ලොකුයි.එයා හතරවටේ ඇස් ගෙනිච්චා.ඒ ඇස් නොසන්සුන්....මට දැනුනේ අමුත්තක්....
" අයියේ..."
මම ගිහින් එයාගේ පිටට අතක් තිබ්බේ.ගැස්සිලා වගේ එකපාරටම එයා ජනේලය වැහුවා.එයාගේ ඇස් පුදුම තරමට රතුවෙලා.සිරිපාල අන්කල්ට පින් සිද්ද වෙන්න හැමදේම පිරිසිදුවට තියෙනවා.ඒ අන්කල්ගේ ස්වාමි භක්තිය එතනින්ම පේනවා. ටේ හියුන් ඇත්තටම හොද කෙනෙක්.එයාට ගොඩාක් මිනිස්සු ආදරෙයි.මට හිතුනා.
ජින් එතනින් වීදුරුවක් අරගෙන හෝදලා සින්ක් එක ඇරලා වතුර පුරවගෙන වතුර බියුවා.
" ම්ම්...ඕනෙද..."
එයා කෝප්පේ දික් කලේ මම බලන් ඉදපු නිසාද කොහෙද.මම එපා කියන්න ඔලුව වැනුවම එයා වීදුරුව තිබුන තැනින්ම තියලා සාලෙට ආවා.අපි ගෙදරින් එළියට බහින්න මම ඉස්සරවෙලා දොර ඇරියා.මාව ගැස්සිලා ගියා...
" සිරිපාල අන්කල්...."
මම හිනාවෙලා ඇහුවේ.ඒත් අන්කල් බලාගෙන හිටියේ මගේ දිහා නෙවෙයි.මගේ පිටිපස්සෙන් ඉන්න ජින් දිහා.සිරිපාල අන්කල් හිටියේ ගොඩාක් බයවෙලා.
සලනිට නොපෙනෙන්න ජින් සිරිපාල අන්ක්ලට තර්ජනාත්මක සිනහවකින් සංග්‍රහ කළා.ඒ පමණක් නෙවෙයි නිශ්ශබ්ද වන ලෙසට අතින් සන් කලා.සිරිපාල බලා සිටියේ ජින් දිහා.ඒ ඇස්...සිරිපාලව බයකරන්න පුලුවන් උපරිමේටම බය කළා.
" දෙ...දෙ...දෙයියනේ...මේ....."
සිරිපාල එහෙම කියනකොටම....
" අන්කල් මේ මගේ හස්බන්ඩ්...."
මම කියුවා.මේ ජින් මැර බලය දාලා හැම මනුස්සයාවම බයකරගෙන.
" මොකා...නෝනා කියුවේ......"
__________________
අද chapters දෙකක්ම දුන්න ලමයි..
මං හොදයි නේ...
ජින් සිරිපාල අංකල් ට රවන්නෙ ඇයි... මොනව වෙන්න ඇතිද සිරිපාලංකල් දන්නව ඇත්තේ...
වෝට් කරල, කමෙන්ට් කරල යන්නලා...
Bạn đang đọc truyện trên: AzTruyen.Top