☠️17☠️
" ජින් ....."
මම අඩ නින්දෙන් වගේ ආයෙත් කතා කළේ යමක් මතක් වෙලා.එයා නින්දෙන්ම මාව තවත් තුරුල් කරගත්තා.
" ඔයා අහගෙනද ඉන්නේ..."
මම ආයෙම ඇහුවා.
" හ්ම්ම්..කියන්න..."
" ඊයෙත් ඇර ගද ආව ජින්...මට හරි බයයි."
" මොන...."
" අර අනේ ඔයාත් කියුවේ ගේ පැත්තෙන් නිතරම අමුතු කුණු ගදක් එනවා කියලා...."
" ආහ් ඔවු ඉතින්...."
" ඒක සැරින් සැරේට එනවා..."
" හ්ම්ම්...."
" පොඩ්ඩක් බලනවාද හෙට උදේට ගේ අවට.අර එහා පැත්තට වෙන්න තියෙන කැලෑවත් බලනවාද.මනුස්සයෙක්ව මරලා දාලද දන්නේ නෑ...."
" හා.....මම මැරුවා කියලද හිතන්නේ..."
එයා නින්දෙන් අහන්නේ.
" නෑ මනුස්සයෝ මොකක් හරි වෙනවා මෙතන..."
මම කියුවා.
" හ්ම්...හ්ම්...උදේට බලමු..."
එයා එහෙම කියලා බෙඩ්ශීට් එකත් පොරවගෙන අනික් පැත්ත හැරුනා.
ටික වෙලාවක් යන්න ඇති...ජින්නම් මැරිලා වගෙ නිදි.අත් කකුල් සතර දිශාවල.මමත් එයාට පිටුපාලා ඇස් පියාගන්න හැදුවා විතරයි.මගේ මේසය ලග පුටුවට කවුරුහරි ගොඩ වෙනවා දැනුනේ මට.කිටී දගලනවා ඇති.මම එහෙම හිතලා ඒ දිහා නොබලා ඇස් දෙක පියාගත්තා.විනාඩියක් දෙකක් යන්න ඇති.හයියෙන් හුස්ම ගන්නවා කවුරුහරි පරිසරයේ තිබුන නිහඩතාවය එක්ක මට ඇහෙනවා.ඒ ජින්ගේ පැත්තෙන් නෙවෙයි.මගේ මේසය ලගින්.මම හිමීට ඇස් ඇරලා බැලුවා.නින්ද නිසා ඇස් අදුරට හුරු කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.ලාවට ගේ ඇතුළට බේරෙන හද එළියට මට චුට්ට චුට්ට එතන පේන්න ගත්තා.
ඒ පුටුවේ කවුරුහරි වාඩි වෙලා ඉන්නවා.ඒක හොදට තේරෙනවා.කලුපාට ටිකක් උස මනුස්සයෙක් වගේ...ඉන්න ඉරියව්වෙන් එයා මගේ පැත්ත හැරිලා වාඩි වෙලා ඉන්නේ කියලා හොදටම තේරුනා මට.
"ජින්......"
මම හයියෙන් කෑගැහුවා.මම ජින්ගේ පැත්තට හැරුනේ එයාට ඇහැරවන්න.
" ජින්...."
මගේ කෑගැහිල්ලට එයාත් ඇදේ වාඩි වුනේ ඇස් දෙක පොඩි කරගෙන.
" අනේ මට තිබ්බේ මෙහෙට එන්නේ නැතුව තමුසෙව නොබැද ඉන්බ බන්...මේක මළ කරදරයක් වුනානේ..."
එයා කියුවේ මගේ දිහා බලලා.
" ජින් අතන කවුරුහරි ඉන්නවා ජින්....අනේ පොඩ්ඩක් බලන්න..."
මම කියුවේ ජින්ගේ අතින් ඇදලා...මම නිකමට ආයෙම එතන බැලුවා...ම්හූ...සාමන්‍ය විදියටම තියෙනවා...බැරිම තැන ජින් නැගිටලා ගියා එතනට...ලයිට් එකත් දාලා පුටුවත් එහෙන් මෙහෙන් හොලවලා බැලුවා...
" මෙන්න උඹට වැන්දා.පොඩ්ඩක් එළිවෙනකන්වත් නිදාගන්න දෙනවකො..."
එයා අත්දෙකත් එකතු කරලා මට එහෙම කියුවේ.ලයිට් එක ඕෆ් කරලා මගේ ලගට ආපු එයා...
" හිත කලබල වුනාම මනස්ගාත මැවෙනවා...දැන් නිදාගන්න..."
එයා එහෙම කියුවේ මාව තුරුල් කරගෙන.මාත් එයාට පිටුපාන්න ගියේ නෑ.එහෙමම හිටියා.ආයෙත් මේසය පැත්තට හැරෙන්න මට බය හිතුනා....මම එහෙමම ඇස් පියාගත්තා.
_________________________
නැගිටලා වෙලාව බලද්දි උදේ නමයයි.නිකමට එහා පැත්තට හැරිලා බැලුවා ජින් නෑ.ඇදෙන් බැහැලා බැල්කනි එක පැත්තට යන්න හැදුවේ.ඔන්න එතකොට ප්‍රසන්න ඉන්නවා ඇද පාමුල බෙඩ්ශීට් එකත් පටලගෙන බිමට වැටිලා ඒත් නිදි.
" ජින්...ඇදට යනවා..."
මම එයාගේ කකුලට තට්ටුවක් දාලා කියුවේ. ජින් නිදි එකේ බාත් රූම් එකේ දොර ඇරලා දාලා ගිහින් මම මූණ කට හෝදගෙන ආවේ.හෙට ඉදන් මම වැඩට යනවා කියලා ජින්ට කියන්න ඕනි.ඕහ් ශිට්...සාරි ටික..කමක් නෑ...පස්සේ ගන්නවා.එහෙම හිතපු මම කුස්සියට ගිහින් කිටියගේ කිරි එකත් හදලා දීලා මගේ කිරි එක මග් එකට දාලා ජීන්ගේ කිරි එක උණුවතුර බෝතලේට දැම්මා.තේකත් අරගෙන සාලෙට ගිහින් ටීවී එක දාපු මම නිව්ස් බලන්න පටන් ගත්තා.
උදෑසන පත්තර වැඩසටහනක ගියේ අපේ තාත්තගේ ප්‍රොජෙක්ට් එකක් ගැන.ග්‍රෑන්ඩ් ශොපින් මෝල් වල ජාත්‍යන්තර අගය කිරීමක් ගැන.හහ්....ටේහියුන් ගේ දේවල් ඔය..තාත්තා සම්පූර්ණයෙන්ම භුක්ති වින්දට...මට දැනුනේ පුදුම කේන්තියක්.
මම ටීවී එකට එකසිය ගානට ඔරව ඔරව ඉන්න කොටයි ජින් පහළට ආවේ.
" ජින් තේක ප්ලාස්ක්..."
මම කියනකොටම මගේ ලගට ඇවිත් රිමෝට් එක උදුරපු එයා....
" ගිහින් දාගෙන එනවා..."
එයා කියුවා.
" හම්මෝ මේකගේ ගෑස්...පිස්සෙක්."
මම හිමීට කියුවේ.
" මොනාද තමුසෙ කුටු කුටු ගාන්නේ..."
එයා ඇහුවේ මගේ දිහා නොබලා.
" මුකුත් නෑ.."
මම එහෙම කියලා එයාගේ මග් එකට කිරි දාගෙන ඇවිත් එයාට දුන්නා.
" ජින්...."
මම හිටගෙන එයාගේ දිහා බලන් ඇහුවා.එයා තේක තොලගාන ගමන් චැනල් මාරු කරනවා.
" පොඩ්ඩක් ගේ වටේ බලන්නකෝ..."
මම කියුවා.ම්හූ....කිසිම උත්තරයක් නෑ.
" ජ්..."
මම ටිකක් සැරෙන් අහන්න හැදුවේ.එයා මගේ දිහා පිච්චෙන බැල්මක් දැම්මා.
" මැඩම් මට ඇහුනා.රිපීට් කරන්න අවශ්‍ය නෑ..."
එයා කියුවා.
මම මූණ බිමට බරකරගත්තා.
" සොරි වැඩ පාඩු කරලා ගෙන්නගත්තාට...."
මම කියුවා.
" ඒක අවුලක් නෑ ඕයි..."
එයා කියුවා.කිරි එක එක හුස්මට බීපු එයා
කාටදෝ කෝල් එකක් ගත්තා.
" හෙලෝ...අහ් මේ ජිමිනා උඹ අද රිපෝට් ටික අරගෙන එනවා නේද...එනකොට කොළඹ ගෙදර මගේ කාමරේ සෙප්පුවේ ඇති අපි යූස් කරන පෙලට් වගේ කැමෙරා ටික.ඒකෙන් පහක් ඇරන් වරෙන්...ඔවු බන්...මේ ගේම් කාරයාව අල්ලගන්න ඕනි..."
ජින් එහෙම කියලා කෝල් එක කට් කළා.
" ස්වේටර් එකක් දාගෙන එනවා යන්න.අවට විපරම් කරලා බලන්න..."
ජින් එහෙම කියුවා.
" ජින් තව දෙයක්..."
මම කියුවේ බිම බලාගෙන.
" කියන්..."
එයා තරම කේන්තියෙන් කකුලක් පිට දාගෙන මගෙන් ඇහුවේ.
" මට මෙහෙ ස්කූල් එකක ජොබ් එකක් හම්බුනා...ඉතින් මට...."
මම කියනකොටම.
" නෑ යන්නේ නෑ...."
ජින් කියුවා.මම එක එල්ලේ එයාගේ මූණ දිහා බැලුවේ ඇයි අහන්න වගේ.
" ජින් ඒක මම කැමැත්තෙන් කරන්නේ..."
මම අඩන්න ඔන්න මෙන්න ඉන්න පොඩි ළමයෙක් වගේ කියුවේ.
" මට තියෙන්නේ ඒක විතරයි ජින්..."
මම ආයෙම කියුවා.
" මට පුළුවන් තමුසෙව ජීවත් කරවන්න..."
එයා කියුවා.
" ජින්..මේක රස්සාවකට එහා ගිය සේවාවක්.ප්ලීස්.අනික මගේ කැමැත්ත ඒක.හිත හයිය ගෑණු ළමයි හැමදේම හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ..."
මම කියුවා.
" හරි හරි ඔය ටැප් එක වහගන්නවා.යන්න දෙන්නම් හැබැයි මට ජින් කෑල්ලෙන් කතා කරන්න බෑ...එක්කො ඔප්පා...නැත්තම් අයියා..."
ජින් කියුවා.මේකා යකෝ...මට හිතුනා විතරයි කියන්න ගියේ නෑ...
" ඕකේ ජින්....න්... ඒත් මේ.. ඔ..පප්පා.. පප්පා..?.."
" ඔප්පා.. ඔ..ප්..පා... මොකක්ද?"
ජින් සැරෙන් ඇහුවා...
" ඔ.. ප්.. පා... මේ.. ඔප්පා කිව්වේ? "
" අයියට... "
හපොයි... ඊටවඩා හොදයි පප්පා කිව්ව නං.. ජින් පප්පා.. හිතුව විතරයි උනාට මට බකස් ගාල හිනා ගියා...
ජින් පප්පා... සොරි අයි මීන් ජින් ඔප්පා රවාගෙන මං දිහාට හැරුණා...
" මොකෝ හිකි හිකි ගාන්නේ..."
" ආහ්.. මේ නෑ.. මුකුත් නෑ.. ඒක අමුතුයි වගේ... මං අයිය කියන්නං.."
" හ්ම්..."
" ජින්.."
" නෑ නෑ අයි මීන් අයියා..."
මම ටක්ගාලා වැරැද්ද හදාගත්තා.එයා සද්දෙට හිනාවෙනවා.
" එනවා යන්න ස්වේටර් එකත් දාගෙන..."
එයා එහෙම කියලා නැගිට්ට.මමත් ස්වීටරෙත් දාගෙන එයා එක්ක ආවේ එළියට.
එයා මාත් එක්කම ගේට් එකෙන් එළියට ඇවිත් ගේ පිටිපස්සේ කැලෑව එක්ක වැටිලා තියෙන තේ යායේ ඇවිද්දා.
" අපෙ අප්පා...කොරියන් මාතියා..."
දෙමළ අන්කල් කෙනෙක් ජින් එක්ක කටපුරා හිනාවෙලා මෙතනට ආවේ.බලන් ගියාම හැමෝම වගේ මෙයාව දන්නවානේ.
" සිවා...කොහොමද ඉතින්..."
" වරදක් නෑ මාතියා...මොකා මේ පෑත්තේ...."
ඒ මනුස්සයා ඇහුවා.
" ආහ් මේකයි...මේ පැත්තෙන් එනවා හරි අමුතු කුණු ගදක්.ගේ ඇතුලේ ඉන්නම බෑ...පොඩ්ඩක් මේ පැත්තේ සතෙක්වත් මැරිලාද කියලා බලන්න හිතුන..කියන්න සිවා.ඔයාලට ආවේ නැද්ද ඒ ගද..."
ජින් ඇහුවා.
" හම්මා..මාතියා...මාතියාට කියන්න...පුදුම ගද තමා...බැලුවා බැලුවා අතරවටේ..ම්හූ..මුකුත් නෑ මාතියා.අපිටත් ප්‍රස්නේ තමා සමහර වෙලවට එන ගද..."
" එහෙමද....හොදට බැලුවද මේ තේ ගස් අස්සේ එහෙම..."
ජින් එහෙම ඇහුවේ ලොකු හුස්මක් දාලා.
" මොකට කියන්න මාතියා හොදට බැලුවා.
කිසි දෙයක් නෑ...ආ මාතියා තව දෙයක්...අර පොඩි මහත්තයා....කවුද මේ...."
" හහ්...ටේහියුන්ද...."
" ආහ් ඔවු ඔවු මාතියා...ඒ බන්ගලාව පැත්තෙන් දවසක් දෙකක් ඔය ජරා ගද මටත් ආව මාතියා...."
එයා එහෙම කියුවාම මගේ සර්වාංගයම වෙව්ලලා ගියා.
" හා....ඒ පැත්තෙනුත් එනවාද එතකොට...හරි අපි පොඩ්ඩක් බලමුකෝ..."
ජින් කියුවා.මම රෝසපාට ස්වීටර් එකත් පොරවගෙන සීතලට සුදුමැලි වෙලා අතුත් වකුටු කරන්.
" ආහ්...මේ නෝනා නේද...නෝනා ශීතලට සුදුමැලි වෙලා මාතියා.එක්කෝ බබෙක් හම්බෙන්න තමා පේනවා..."
මේ මනුස්සයා කියුවේ නැතෑ ඉතින්.තවත් සීතල වැඩි වුනා.මගෙයි ජීන්යි ඇස් එකට පැටලිලා.ඒ වචන වලට ජින්ගේ හිතේ තිබුනේනම් සතුටක්.ඒක ඇස් වලින් පේනවා.
" මොන බබ්බුද සිවා.මේ සීතලට මෙයා මෙහෙම ඉන්නේ...අපි යන්නම්..තැන්කියු ආහ්...."
" ෂරී මාතියා...."
එයා කියුවා.
මම ජින් එක්ක ගෙදරට ආවා.එයාට වගේම මටත් මේ අමුතු ගදනම් ලොකු ප්‍රශ්නයක්.
" සදලි..."
" ම්ම්ම්..."
__________________
හායි ලමායි...
කොහොම ද ඉතින්...
කුණු ගඳ මොකක් වෙන්න ඇතිද..
කමෙන්ට් එකක් දාගෙන යන්න..
වෝට් කරන්න...
බාල්දි ඕතරී..
Bạn đang đọc truyện trên: AzTruyen.Top