☠️ 16 ☠️

මට ජින් ගෙන් ඇතට වෙන්න හිත දුන්නේ නෑ.හතුරා වුනත් මේ වෙලාවේ මගේ බය ඊටවඩා උපරිමේට ගිහින්. ජින් මාව මෑත් කරලා මගේ මූණ දෝතට ගත්තා. උකුස්සෙක්  වගේ ඒ ඇස් දෙක රතු වෙලා.

" කෝ කෙල්ල...අඩන්නේ නැතුව කියනවා..."

ජින්  ඇහුවේ මගේ මූණට එබිලා.

" බාත්‍රූම් එකේ..."

මම ගේ ඇතුලට අත දික් කරලා කියුවේ. ජින්  මාවත් තනියම දාලා බාත්‍රූම් එකට දියුවා පඩිත් නැගගෙන.මමත් එයාගේ පස්සෙන් දුවලා ගියා.

ජින්  කාමරේට ඇතුල් වෙලා බාත්‍රූම් එකේ දොරට පයින් ගහලා අරින්න හැදුවේ.ඒත් මම නැවැත්තුවා.එයාගේ අතට යතුර දුන්නේ රහසින් හිමීට අරින්න කියලා කියන ගමන්. ජින්  යතුර දාලා අගුල ඇරියා.කෙලින්ම ඇතුලට ගිය ජින්  ආයෙත් දොර ලගට ඇවිත් මට ඇස් වලින් කතා කළා.

මම බැලුවේ එයා පෙන්නපු දිහා.බාත්‍රූම් එකේ තිබුණ වීදුරු මල් වාස් එකයි පැත්තේ ලයිට් එකකුයි බිම දාලා.බිම හිටියේ....මැරුච්ච මීයෙක්. ඌ වැටිලා ඉන්න තැන ලේ එකයි.

" තමුසේ මේ බය වෙලා කෑගැහුවේ ඇර ජරා පූසා මේක ඇතුලේ දගලලාද කොහෙද..."

ජින්  කේන්තියෙන් මගේ අත්බාහුවක් අල්ලගෙන කියුවේ.

" නෑ ජින්  නෑ...කිටී හිටියේ පුටුව උඩ. මම දිව්වේ එතනින් එයාවත් අරගෙන..."

මම කියුවා.

" ඉට්ස් ඕකේ...රිලැක්ස්..."

ජින්  එහෙම කියලා මගේ පිටට තට්ටු කළා.තවමත් මම බයවෙලා.
ජින්  ටිශූ ටිකක් කඩලා අරගෙන මැරුනු මීයගේ වලිගයෙන් උස්සලා බැලුවා.

" ඊ...ජින්...ඕකව බිමින් තියන්න...."

මම කියුවා.

" හිටහන් ගෑණියේ මේක මම කන්න නෙවෙයි හදන්නේ..."

එයා කියුවා.එයා මී කුණ එහෙට මෙහෙට හරවලා බැලුවා.

" ජින් ඔයා හිතන්නේ මේ විනාසේ කලේ මේ පොඩි මීයා කියලද.අර බත් මුට්ටිය පිගන් රාක්කේ එතකොට...."

" ම්ම්හ්...නෑ සදලි ...මෙතන අමුතු දෙයක් වෙනවා.කවුරුහරි අපිත් එක්ක සෙල්ලමක් කරනවා..."

ජින්  කියුවේ තරහින්..

" සෙල්ලමක් කියුවේ......"

" දන්නේ නෑ..ටිකක් බලමු..මේ බලන්න..."

එයා එහෙම කියලා මැරුනු මීයව මගේ පැත්තට ලං කළා.

" මේ සතාගේ බඩ ලග කැපිලා..බෙල්ල හපලා නෙවෙයි පොඩි කරලා අබරලා..." ජින්  කියුවා.

" ඒකනේ ජින්  පූසෙක් දඩයම් කරද්දි ඔහොම නෙවෙයි.එයා කෙලින්ම දත් ගහන්නේ බෙල්ලට.ඒ දත්පාර සැරට තියෙන්න ඕනි..."

මම කියුවාම ජින්  ඔලුව වැනුවා.එයා බාත්‍රූම් එකෙන් එළියට ඇවිත් කිටීට මලකුණ ලං කරන්න හදන්කොටම.....

" අනේ එපා ජින්  ඔය ජරාව ඒ සතාට කන්න දෙන්න එපා..."

මම ජින් ගේ අතේ එල්ලුනා.එයා මගේ දිහා පිච්චෙන බැල්මක් දැම්මා.

" යකෝ මේ සතාට මේක පුරුදු කරනවා.එතකොට ගෙදර තව මේ ජරා සත්තු ඉන්නවන්ම් මෙයා ඉවරයක් කරාවි..." 

ජින් එහෙම කියලා ගාඩන් එකට ගිහින් කැලෑව අයිනට වෙන්න තාප්පේ ලගින් තියලා කිටීයට මී කුණ දුන්නේ.

" එනවා තමුසේ...."

කිටී මී කුණ දිහා බලල මගෙ දිහා බැලුවා...

" කිටී ඕක කන්නෙ නෑ..."

මං සැරෙන් වගේ කියද්දි මට අවනත වුනා වගේ කිටියා ගේ ඇතුලට ආව...

ජින්  එහෙම කියලා අතෙන්  මාව ඇදගෙන ගියා ගේ ඇතුලට.

" වොශ් දාගත්තෙ නෑ නේද තමුසේ...මම අයිනෙන් ඉන්නවා.තමුසේ දාගන්නවා..."

එයා කියුවේ මාත් එක්ක ගේ ඇතුලට යන ගමන්.

" හ්ම්ම්..."

මම එහෙම කියලා එයා එක්කම කාමරේට ආවා.ඇගහෝදගන්නේ නැතුව මට නින්ද යන්නේ නෑ.උයලා ළූණු කපපු ගද ඇගපුරාම.

මම බාත්‍රූම් එකේ දොර ඇරලා ඇතුළට යද්දි ජින්  දොර ලගින් කණ්නාඩි මේසේ ස්ටූල් එක තියාගත්තේ කාටදෝ කෝල් කරන ගමන්.මම බාත්‍රූම් එකට ගිහින් බිම තිබ්බ ලේ ටික හෝදලා දාලා කර්ටන් එක දාලා ශවර් එක දැම්මේ.මට ඇහෙනවා ජින් කාත් එක්කද කතා කරනවා.

" ඔවු කියපන් ජිමිනා....නෑ.නෑ කෙල්ල ගොඩක් බයවෙලා බන්.. මොකක්හරි තියෙනවා...ඔවු ඒක තමයි මාත් බැලුවේ මොකක්හරි කරන්න ඕනි.මනුස්සෙක් ආපු බවට සාක්ශියක්වත් නෑ...මීයෙක් හිටියා බන්...ඔවු ගෙදර පූසෙකුත් ඉන්නවා ඒත් පූසෝ අල්ලනවා වගේ නෙවෙයි..හිල් වෙලා නෑ බෙල්ල.අබරලා දාලා නිකන්...ඔවු ඔවු..ඒක තමයි හෙට මම බලන්නම්...ඕනි වුනොත් කෝල් එකක් දෙනවා... කුකා  එක්ක වැඩ ටික කරන් පලයන්...ඕකේ..මම තිබ්බා..."

එයා එහෙම කියලා ෆෝන් එක කට් කලාද කොහෙද.මම ඇගත් පිහදගෙන ෂෝට් එකට   ටී ශර්ට් එකක් දාගෙන කර්ටන් එකත් අකුලලා එළියට ආවා.

" තෑන්ක්ස්...."

මම එහෙම කියුවාම එයා මගේ දිහා නොබලා මුකුත් නොකියා ටවල් එකත් අරගෙන බාත්‍රූම් එකට ගිහින් දොර වහගත්තා.

මම කුස්සියටවත් ගියේ නෑ.එයා එනකන් ඇද උඩට වෙලා එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ෆෝන් එකත් ඔබ ඔබ හිටියා.ටිකකින් එයා බාත්‍රූම් එකෙන් ඒලියට ආවේ ෂෝට් ඇදගෙන ටවල් එකෙන් ඔලුව පිහද පිහද.
එයා ඇවිත් මගේ ලගින් වාඩි වුනා.

" හෙට එළියට කැමෙරා දාමු.පොඩි පෙලට් වගේ කැමෙරා තියෙනවා.ඒවා සෙට් කරමු..."

එයා කියුවා.ඒකනම් හොදයි.

" විශ්වාසයි ජින්  එළියෙන් කවුරුත් ආවේ නෑ..."

මම කියුවේ බිම බලාගෙන.

" යකෝ එහෙනම් ගේ ඇතුලට එන්නේ කොහොමද.හොල්මනක් වෙන්න ඕනි..."

එයා එහෙම කියුවාම මම එයා දිහා ගැස්සිලා බැලුවේ.

" එහෙම වුනොත්..."

මම ඇහුවා.මෙන්න මෙයා ටවල් එකත් රැක් එකට විසික් කරලා හයියෙන් හිනාවෙනවා.

" අනේ අනේ සදලි..තමුසේ ඕවා විශ්වාස කරනවාද....හා කමක් නෑ... තමුසෙගෙ  සැකේ යන්න කුස්සිය ඇතුලට එකක් දාමු...කාමරේ ඇතුළේ අහුනොවෙන්න බැල්කනි එකට එකක් දාගමු..."

එයා කියුවාම මම හා කියන්න ඔලුව වැනුවා විතරයි.

" දැන් නිදාගමු..."

ජින් එහෙම කියලා ලයිට් එක ඕෆ් කරන්න හැදුවේ.

" තේකක් හදන්නද..."

මම ඇහුවේ අහක බලාගෙන.මම නිසාම වැඩත් පාඩු කරගෙන නුවර එළියටම ආපහු ආවනේ මොනා වුනත්.

" දැන් ඕනි නෑ..මටත් හරි නිදිමතයි..."

එයා එහෙම කියලා ලයිට් එක ඕෆ් කරලා මගේ ලගට ආවා.
එයා මාව ඇදලා ගත්තේ එයාගේ ලගට.

" වේලාසන වැඩත් පාඩු කරවලා ගෙන්නගත්තනම් සලකනව ඉතින්..."

එයා කියුවා...

" නිකන් ඉන්න...."

මම එහෙම කියලා එහා පැත්තට හැරෙන්න හැදුවත් එයා හැරෙන්න දුන්නේ නෑ.මගේ පිට දිගේ එයාගේ අත ගෙනියලා මාව තද කරලා ඒ උණුහුමට තුරුල් කරගත්තා.ඒ නිරුවත් පපුවේ උණුසුම අවට දැඩි සීතල පරද්දලා මගේ ඇග විනිවිද යනවා වගේ මට දැනුනේ...එයා එහෙමම මාව තුරුල් කරගෙන නිදාගත්තා.....

.................

මේ අතරේ යමෙකු ගොදුරක් සොය සොය ගේ අවට වියරුවෙන් සැරිසරන බව කිසිවෙකු නොදැක්කත් එම ජායාව අදුරේ පැහැදිළිව දැක්කේ නෙතූගේ සුරතල් බිළාලයා පමණයි.🙀

සදලි මීට සුලු මොහොතකට පෙර බාත්‍රූම් එකේ ටයිල් එක මත තිබූ මුසික ලේ සෝදා දැමූ ජලය බාත්‍රූම් එකේ බට හරහා ගොස් එළියේ වතුර බහින තැනින් පිට වෙනවාත් සමගම ඒ ජලය යමෙකු පානය කල බවක් කිසිවෙකුත් නොදුටු තරම්.....😱

.................

වැඩි දැනුමට.....

සාමන්‍ය මිනිස් ඇසකට අදුරේ රූප පැහැදිලිව දකින්න හැකියාවක් නෑ.නමුත් ඇතැම් සතුන් විශේෂයෙන් පූසන් සහ බල්ලන්ගේ ඇස් මිනිස් ඇස් වලට වඩා අදුරට ඉතාමත් සංවේදී.පහසුවෙන් අදුරේදී යමක් හදුනා ගැනීමට සහ ගොදුරු කරගැනීමට එමගින් ඔවුනට හැකියාව ලැබෙනවා.

ශ්‍රව්‍ය පරාසයත් ඒ වගේමයි.මිනිසෙක්ට ඇහෙන උපරිම ශබ්ද ප්‍රමාණය 20hz - 20 khz අතර පරාසයක් ගන්නවා.ඒත් පූසෙක්ට බල්ලෙක්ට මීට වඩා සියුම් සංඛ්‍යාත ඉතා පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන්.මිනිසාට නොඇසෙන 20khz - 60 khz යන පරාසයන් මේ සතුන්ට බොහොම හොදින් ශ්‍රවණය කරන්න පුලුවන්.උදාහරණයක් විදියට වව්ලන් රාත්‍රියේදී බාධක මගහැරීමට භාවිතා කරන අතිධ්වනි තරංගවල ඇතැම් උපරිමයන් 30 khz වගේ මිනිසාට අහන්න බැරි වුනත් පූසන් සහ බල්ලන්ට වඩාත් හොදින් ග්‍රහණය කරන්න පුලුවන්.ඒකට කෝන් එකක් වගේ හැඩගැහිලා තියෙන බාහිර කන් පෙත්ත ගොඩාක් උපකාරී වෙනවා එයාලට.

පූසන්ගේ බල්ලන්ගේ ඇස් අදුරේදී දිලිසෙනවා නේද..ඒ වගේම එයාලගේ කන් නිතරම එහෙට මෙහෙට චලනය කරනවා නේද..ඒ ගොඩක් වෙලවට මෙන්න මේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංවේදීතාවය නිසා සිදුවන දෙයක්.....වැඩි විස්තර අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.....

_________________

වෝට් කරල.. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...

මොකද මේකෙ කුතුහලය තියෙනව නේ... ඔයාලට ප්‍රශ්න නැද්ද? 🤔

බාල්දි ඕතරී...😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top