☠️15☠️

මම ඇල්බම් එකත් බෙන්ච් එක උඩින් තියලා කිටියවත් එතනින්ම තියලා ඇවිද්දේ ගේ පැත්තට. ප්‍රධාන දොරෙන් ඇතුළු වෙන්න කලින් ඔලුවත් දාලා බැලුවා.

" කවුද..."

මම නිකමට කතා කළා.හිමීට ගේ ඇතුළට ආපු මම වටපිට හොදට බැලුවා.ඒත් එක්කමයි කුස්සිය පැත්තෙන් වීදුරු බිදෙන සද්දයක් ඇහුනේ.කිටියත් එලියෙනේ මේ මොකෙක්ද කියලා හිතන ගමන් මම පිම්මේ එතනට දුවන් ගියා.

" දෙවියනේ...."

මට කියවුනා.දවල්ට හදපු කෑම සේරම බිම හැමතැනම. වීදුරු රැක් එක බිමට දාලා.මේවා දැක්කමනම් හිතෙනවා ජින්  හිටියනම් හොදයි කියලා.ඒතරම් බයවෙලා මම.කුස්සියේ දොර පැත්තටත් ගිහිල්ලා බැලුවා.මහ අමුතු ගදක් මට ආවේ.හරියට...හරියට....ඔවු..සතෙක් කුණු වුනාම එන ගද වගේ...මගේ හිත වේගයෙන් ගැහෙනවා.මේ මහදවාලේ ගෙදරට හොරු පනිනවාද.ඇරත් මෙහෙම කෑම බිම දානවද ඇවිල්ලා.ප්‍රශ්න ගොඩයි....

" දුවේ අමනුස්ස බලවේගයක් තියෙනවා..."

මට මතක් වුනේ සිරිපාල අන්කල් කියපු කතාව.මගේ දත කට පවා පූට්ටු වෙලා වගේ හැගීමක් දැනුනේ.දැන්නම් ජින්  ගැන තරහා පැත්තකට දාලා එයාට කෝල් කරලා කියන්නත් හිතයි.ඒතරමට බයේ උච්චතම අවස්ථාවට පත්වෙලා.

" රිලෑක්ස් රිලෑක්ස්...මේ පොඩි කොල්ලෙක්ගෙ වැඩක් වෙන්න ඇති..."

මම කියාගත්තා.ඒත් හැමතිස්සෙම මෙහෙම වෙන්න දෙන්න පුලුවන්ද.මේකට මොකක්ම හරි කරන්න වෙනවා.
සමහරවිට ජින්  ගැන දන්න හොරෙක් වෙන්න ඇති.ඒකනේ එයා නැති වෙලාවක පනින්න හැදුවේ...අනේ..මන්දා ඒත් මට පිස්සු වගේ...දැන් දවල්ට කිරි එකක්වත් බීලා ඉන්නවා.ආයි කෑම හදන්නනම් මට බෑ...මම එහෙම හිතලා අස් කරන්න පටන් ගත්තා.ඔක්කොම අස් කරලා ඩස්බින් දාන්න ගේ පිටිපස්සට යනකොට හරි සැරට ආයෙත් අර ගද දැනුනා.හුලන් අතට ඒ ගද එන පැත්ත වෙනස් වෙනවා.මට මොනපැත්තෙන්ද මේ අමුතු ගද එන්නේ කියලා හොයන්න ඕනි උනා.එහෙම ගිහින් මම හැරුනේ එහාට වෙන්න පේන ටේහියුන් ගේ බැන්ගලෝ එක පැත්තට.

" ටේහියුන්.....හොල්මන්...."

මගේ මනස මට පිස්සු අදහසක් ඔලුවට දාන්න හැදුවේ.ඒත් මම ආයාසයෙන් ඒ සිතිවිල්ල මගහැරියා.

එක්කෝනැත්තම් මේ අවට තේ යායවල් නිසා ඔය අස්සක සතෙක් මැරිලා ඇති.එක්කො මිනියක් මරලා දාලා හංගලා ඇති.කලින් වතාවකුත් එහෙම වෙලා තිබුනා.හුලං වලට අහුවෙලා ගද හැමතැනම පැතිරෙනවා ඇති.ඒත් බත් ටික කොහොමද.......නෑ නෑ..මේ හැමදේම ජින්ට කියන්න වෙනවා.මොකක් නමුත් දෙයක් මේ හරියේ සිද්ධ වෙනවා.

අද තනියම නිදාගන්න වෙන්නේ කියලා හිතුනාම තවත් බයයි. ජින්  හිටියනම් කියලා හිතුනා.රණ්ඩු කර කර හරි තනියට කවුරුම හරි හිටියා.මම ආයෙත් කුස්සියට ඇවිල්ලා අත හෝදගත්ත.වතුර රත් කරලා කිරි එකක් හදාගත්ත මම ටීවී එක සද්දෙට දාගෙන කිරි එක තොලගෑවේ.එතකොට පාලුවක් නෑනේ මට.

මීට කලින් මම මේ ගෙදර ඕනිතරම් තනියම ඉදලා තියෙනවා.ඒත් මේ වැඩේ හාත්පසින්ම වෙනස්.

විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය ගෙවිලා ගියා.ඒ හැමවෙලාවකම මගේ හිත උපරිමේට ගැස්සිලා තිබුනේ.මේ වෙන දේවල් එක්ක තනියම ඉන්න මට බයයි.කිටීට කන්න බොන්න දුන්නා මිසක් මට නෙවේ කිසිම කෑමක් බීමක් උගුරෙන් පහළට ගියේ.

දෙවියනේ මම දැන් මොකද කරන්නේ.මේ මනුස්සයෙක්නම් රෑටත් ඒවිද.සිරිපාල අන්කල්ව ගෙන්නගත්තනම්..ඒත් මිනිස්සු මොනවා හිතාවිද.පොඩ්ඩ ඇත්තන් පදයක් හදන්න බලන උන් ඉන්නේ.අයියෝ ශිට් දැන් මම මොකද කරන්නේ....කලුවරත් වැටීගෙන එනවා.තව රෑ වෙන්නේ නැතුව ගිහිල්ලා වොශ් දාගත්තානම් හරි.

මම එහෙම හිතලා ටික වෙලාවක් යාලුවෝ එක්ක චැට් කර කර ඉදලා ආවේ බාත්රූම් එකට.කලුවරේ අතගාලා ලයිට් එක දාපු මම බැල්කනි එකෙත් ඇවිදලා බැලුවේ වැඩි ආරක්ශාවට.ඊටපස්සේ කාමරේ ඇතුලට ඇවිත් ජනේලය තදට වහලා කර්ටන් එක පහළට බාත්‍රූම් එක දොර ඇරිය විතරයි...අර අමුතු විදියට එළියෙන් ආපු කුණු ගද හරිම සැරට මෑත් වුන බාත්‍රූම් එකේ දොර අස්සෙන් කාමරේ ඇතුළට එනවා.ඉවසන්න බැරි තරමක්.බය වැඩි කමට මටම ඇහෙනවා වගේ මගේ හාට් බීට් එක.

" අනේ කවුරුහරි මනුස්සයෙක්ව මරලා මම එළියේ ඉන්න වෙලාවක මේකටවත් ගෙනාවාද...ජින් මැරයා නිසා එයාගේ පිටින් යන්න කවුරුහරි මොනවා හරි කලාද...අනේ දැන් මොකද කරන්නේ..."

මම එහෙම හිතන කොටමයි බාත්රූම් එක ඇතුළෙන් වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුනේ...මම හයියෙන්ම කෑගැහුවා.දොර තදින් වහලා අල්ලගෙන නැවිලා ලගම තිබුණු කණ්නාඩි මේසෙ ලාච්චුවෙන් බාත්රූම් එකේ යතුර අරගෙන එළියෙන් ලොක් කළා.කවුරුහරි මනුස්සයෙක්නම් එළියට එන්න ඕනි මෙතනින්.එහෙම වුනොත් මේ දොර කඩන්න ඕනි.එතකොට මට සද්දේ ඇහෙනවානේ.මම දොර ලොක් කරලා කිටීවත් උස්සගෙන පිම්මේ දුවගෙන ආවේ සාලෙට.කුස්සියේ,එළියේ වැරැන්ඩා එකේ මුලු ගාඩන් එකේමයි ලයිට් දාපු මම හති දාගෙන සෝෆා එකට බර වුනේ එතනින්ම කිටීවත් තියලා.

" පොලීසියට කෝල් කරන්න බෑ. ජින්  මෙහෙ ඉන්නේ නිසා ප්‍රශ්න වෙන්න පුලුවන් මොනවාහරි..ඇරත් මෙතන හොරෙක් ඉන්නවාමද කියලා හරියට දන්නේ නෑ.."

මට හිතුනා.

මම කදුළු පිටින්ම දෙපාරක් නොහිතම ජින්ට කෝල් එකක් ගත්තේ.

" මොකෝ තමුසෙට මාව මතක් වුනාද..."

ජින් හරිම කේන්තියෙන් එහෙම ඇහුවේ.

" අනේ ජින්  ඉක්මනට එන්න..අනේ ප්ලීස්..."

මම අඩ අඩ කියුවේ.එයාට පුදුම ඇති.

" මොකා සදලි...තමුසේ මොනාද මේ කියන්නේ...."

එයා ඇහුවේ තරමක උවමනාවෙන්.

" අනේ අයියේ ප්ලීස්...ඉක්මනට එන්න.මෙහෙ මොනවහරි වෙනවා.අනේ ප්ලීස් ඉක්මනට එන්නකෝ...."

මම කියුවේ හොදටම අඩන ගමන්.

" ශ්...සදලි රිලැක්ස්...මොකද වුනේ කියන්න.තමුසෙට කරදරයක් නෑනේ..."

එයා ඇහුවා.

" අනේ නෑ අනේ...ඒත් ඉක්මනට එන්න.අනේ ජින්  ප්ලීස්...මෙහෙ දවලුත්......"

මම එයාට කෙටියෙන් ඔක්කොම පැහැදිලි කළා.

" ඕහ් ශිට්....ඔහොම බයවෙලා හරියන්නේ නෑ.පොඩ්ඩක් ස්ට්‍රෝන්ග් වෙනවා...හරි හරි මම ඉක්මනට එන්නම්..."

එයා කියලා කෝල් එක කට් කළා.කෙල්ලගේ මොකක්හරි බොරු උගුලක්වත්ද කියලා ජින්ට නොහිතුනාම නෙවෙයි.ඒත් ඒ අඩපු විදිය ජින්ට මේ බොරුවක් නොවන බව පැහැදිලි කළා.

" කුකා...." ජින් කතා කලේ ඔෆිස් පුටුවෙන් නැගිටින ගමන්.

" ඇයි සර්..."

" උඹ ජිමිනත් එක්ක මෙතන වැඩ බලපන්...මම නුවර එළි යනවා.මොකක්හරි කලබලයක් එහෙ..."

ජින්  එහෙම කියලා වාහනේ යතුර අරගෙන එළියට ආවා. ජන්කුක්ගේ මුවේ ඇදුනෙත් ප්‍රශ්නාර්ථයක්.

වාහනේට නැගලා වේගයෙන්ම ඩ්‍රයිව් කරපු ජින් එන්කො එක කනේ ගහගෙන ගත්තේ කෙල්ලට කෝල් එකක්.

" ජින්...." සදලි  හඩමින් කතා කළා.

" බය නොවී ඉන්නවා මම එනගමන් ඉන්නේ...."

ජින්  කතාකලේ වාහනේ වේගයෙන් ඩ්‍රයිවින් කරන ගමන්.සදලි ගෙ අතපය පවා වෙව්ලනවා.

සදලි ට නින්ද අහලක අත් ආවේ නෑ.ටික වෙලාවක් නැගිටලා සාලේ ඒ මේ අත ඇවිදිනවා.එකවෙලාවක වාඩි වෙලා අමාරුවෙන් නිදාගන්නේ නැතුව ඉන්නවා.පාන්දර දෙකට ඇති වෙලාව.ගේට්ටුව ලගින් ජින්ගෙ  වාහනේ හෝන් කරන කොටයි සලනිට සැනසුම් සුසුමක් හෙලුනේ. ජින්  වාහනේ වේගයෙන්ම වත්ත ඇතුළට දාද්දි කෙල්ල ගේට්ටුවත් වහලා වාහනේ ලගට දුවගෙන ආවේ එක පිම්මට. ජින්  බැහැලා ආව විතරයි...

" අනේ ජින්....."

කෙල්ල අඩාගෙනම ජින්ට තුරුල් වුනේ පොඩි එකෙක් වගේ......

________________________________

හායි ලමයි,

කතාව කියවන ඔයාලට සමහරවිට හිතිල ඇති,

• ටේහියුන් ඇත්තටම මැරිලද...?😕

• සදලි කියන්නේ මානසික රෝගියෙක්ද...?😵‍💫😵‍💫😵‍💫

• ජින් සහ ටේ අතර තියෙන පැටලිල්ල මොකක්ද...?🤔

• ජින් ගේ පෞද්ගලික ජීවිතේ ඇයි සදලි  දන්නේ නැත්තේ...?😌

• ටේහියුන් කියන්නේ ඇත්තටම කවුද...?👽

• ටේහියුන් ජීවතුන් අතර ඉදගෙන ඇත්තටම ජින්  එක්ක එකට ගනුදෙනු කරනවාද...?😱

• රාජිත යි   ජිනුයි අතර මොකක්හරි නොදන්න දෙයක් තියෙනවාද...❓️❓️❓️

• ඇයි කිටී කෙනෙක්ව දැම්මෙ....ඒකත් තනි සුදු...?🐱

ඔයාල ප්‍රශ්න අහන්නෙ නැති නිසා මම ම ඔයාලට හිතෙන්න පුලුවන් කියල හිතුන ප්‍රශ්න ටික දැම්ම... 🥲

මේ සේරටම උත්තර හෙමීට ලැබෙයි... කතාව එක්ක දිගටම ඉන්න..🙂

Bạn đang đọc truyện trên: AzTruyen.Top