☠️14☠️

එයා මගේ ගෙල උරහිසට හාදු තවරන්න වුනේ හිමීට...

" ජින් ලීව් මී..."

මම දැගලුවා.එයා අතාරින පාටක් නෑ...

" අනේ ටේ...."

මම කියුවා නෙවෙයි කියවුනා.එකපාරටම මාව මුදාහැරලා මගේ කොණ්ඩෙන් රිදෙන්න ජින් අල්ලගත්තා.

" හහ්...ඒ කාලකණ්නියාව මතක් වුනාද..ආහ් කියපන්...උඹට මගේ මොනාද අඩු...ආහ්...කියපන්..."

එයා එහෙම කියලා මාහේ කොණ්ඩේ තවත් තද කළා.

" අතාරිනවා මිනිහෝ මට රිදෙනවා...තමුසේ දැන් ඉන්නේ ඕවා කතා කරන්න පුලුවන් මානසික මට්ටම නෙවෙයි..."

මම කියුවේ මගේ අත අල්ලගෙන ඉන්න එයාගේ අත තද කරලා අල්ලගන්න ගමන්.

" උඹ..."

ජින් කියුවේ නෑ.වචන ගිලගත්තා.මාව අතෑරියම මම ගිහින් ටවල් එකත් අරගෙන ඇවිල්ලා ටබ් එකට ටිකක් එහාට වෙන්න කර්ටන් දාලා තිබුණු ශවර් එකට ගිහින් ඇගහෝදගත්තා.මොකද ජින් බීපු මල ජරාවේ ගද මගේ ඇගෙත් එක්ක. ජින් තාමත් ටබ් එකට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා.මම හිමීට එතනින් ආවේ ඕනි මගුලක් කරගනීනෙ කියල හිතන ගමන්.

මම ඇදුමක් දාගෙන ඇදේ හාන්සි වෙලා පැයභාගයක් ගියත් ජින් එළියට ආවේ නෑ.
මට ඇස් පියාගෙනම එනකොටමයි මගේ එහා පැත්තෙන් උණුසුමක් දැනුනේ....ජින්..මගේ ලගටම ඇවිත්.

" මාව දාලා ආවා නේහ්..." එයා කියුවා.වෙරි බැහැලද කොහෙද.නටපු නාඩගම වීඩියෝ කරන්න තිබ්බේ.

" ජින් වදින්නම් ඔය මලජරාව ආයෙත් බීලා එන්නේ නෑ මගේ ගෙදරට..." මම කේන්තියෙන් කියුවේ.

" ඕකේ....තමුසේ කියනවානම් ඕනි දෙයක්...." එයා එහෙම කියලා මගේ පපුව උඩින් ඔලුව තියාගෙන මගේ අතක් එයාගේ ඔලුව උඩින් තියාගත්තා.

" ඔලුව අතගාන්නකෝ රිදෙනවා..." එයා කියුවා.

" එහාට යනවා...." මම තල්ලු කරන්න හැදුවත් හෙලවුනේවත් නෑ..

" මම කියන දේ කරනවා කියුවා නේද..." මම ඇහුවා.

" ඔවු ඒත් මේක බෑ..." එයා කියුවා.

" ඔලුව රිදෙනවා...ඔලුව අතගානවකෝ..." එයා කියුවා.කරච්චලේ ඉවසන්නම බැරි තැන මම එයාගේ ඔලුව අතගාන්න පටන් ගත්තා.

" සදලි...තමුසෙට  සතුටෙන් ඉන්න පවුල් ජීවිතයක වුවමානවක් නැද්ද..." ජින් ඇහුවේ දෑස් පියාගෙන.

" එපා මැරයෙක්ගෙන් මොනවාත් එපා මට...." මම කියුවා.

" දෙයක් කියන්නද...." ජින් ඇහුවා.

" නෑ.එපා දැන් නිදාගන්න..." මම කියුවා.

" තමුසේ කවදාවත් ඔප්පු ගැන හොයන්න එපා.උඹ ඔප්පු හංගලා තිබුණොත් මම බලාගන්නම් උඹේ පවුලේ උන් ගැන."

" සදලි...ඇත්තමයි තමුසෙට මම මේ දෙන ලාස්ට් වෝනින් එක.තමුසෙ අහුවෙන්න එපා මට ඔප්පු හංගලා.මට ඒවා ගොඩාක් වටිනවා..." ජින් කියුවා.

" ඒවා අයිති කිම් ෆැමිලි එකට.තමුසේ වගේ කොහෙවත් යන හිපාටුවෙක්ට නෙවෙයි..."

මම කියලා දැම්මා.

" මොකක්ද තමුසෙ කියුවේ...."

ජින් වේගයෙන්ම හැරුනේ මගේ දිහාවට.එයාගේ ඇස් රතු වෙලා.

" හහ්...කිම් ෆැමිලි...." 

එහෙම කියලා මගේ මූණටම එඹිලා හයියෙන් හිනාවුනා.

චටාස්......

ජින්  ගහපු පාරට මගේ තොලත් පැලිලා ලේ එනවා.එයා මාව ඇද විට්ටමට හේත්තු කරලා කොණ්ඩේ අල්ලගත්තා තද කරලා.

" මහලොකු නම්බුව....උඹ මොනාද දන්නේ උන් ගැන...."

එයා එහෙම කියුවේ තවත් කොණ්ඩෙන් ඇදලා.ඉවසන්න බෑ මේ වේදනාව.

" ජින් ලීව් මී...මගේ ඔලුව රිදෙනවා..."

මම ඉවසන්නම බැරි තැන අත්දෙක එකතු කරලා වැන්දා.

" අයිසෙ....මේක දැනගනින්...ආයි මේ ගේ ඇතුලේ ටෙහියුන්ගේ නමවත් ඇහිලා තිබ්බොත් උඹට  වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි.දැන් නිදාගන්නවා..."

ජින් එහෙම කියලා මාව හයියෙන්ම තල්ලු කරලා දැම්මා කොට්ටෙට.

" මට ගොඩාක් රිදෙනවා."

මම ඔලුවත් අතගාලා මටම කියාගත්තා.යන්තම් සනීප වුනා විතරයි මේ යකාට පේන්නෙම මගේ කොණ්ඩේ.කොයි වෙලේ හරි මේ කොණ්ඩේ යනවා.

" මොනාද උඹ කුටු කුටු ගාන්නේ....කටවරද්දගත්තේ ඇයි.නැත්තම් ගුටි නොකා රොමෑන්ටික් ෆීලින් එකේ ඉන්නවානේ..."

එයා කියුවේ ඇදේ අනික් පැත්ත හැරිලා.

" අනේ මගේ කට..."

මම කියුවේ එයාට පිටුපාලා නිදාගෙන.

" ඇහෙනවා තමුසෙ කියෝන දේවල්.කට තලාගන්න එපා..."

එයා කියුවා.
මට නිදගියේ කියටද මතක නෑ....

ඒත් කවුරුහරි මගේ ඔලුව අතගානවා.ඔවු හොදටම තේරෙනවා මේ ජින් කියලා.මම නිදි වගේම හිටියා.

" තමුසෙ මාව කේන්තිගස්සන්න එපා. මම තමුසෙට දරාගන්න බැරි තරමක් රිද්දාවි..."

හම්මෝ නපුරාට දුක හිතිලා.මෙයානම් එක එක වෙලාවට පාට වෙනස් කරන කටුස්සෙක් වගේ.එයා හිමින් සීරුවට මගේ කෙස් අතරේ එයාගේ ඇගිලි ගෙනිච්චා.....

මම උදේ නැගිටලා බලද්දි ජින් හොදටම නිදි.මගේ බඩ උඩින් අතකුත් දාගෙන.අපිට නින්ද යනකන් ඉදලා කිටියත් පැනගෙන ඇද උඩට. ජින් දැක්කොත් ඉවරයි කියලා හිතපු මම මගේ බඩ උඩින් වැටිලා තිබ්බ ජින්ගේ අතත් අයින් කරලා කිටීව වඩාගෙන පුටුව උඩින් තිබ්බා.මම ගිහින් මූණ කට හෝහ්දගෙන ටීශර්ට් එකකුයි ශෝටකුයි දාගෙන කොණ්ඩෙත් උඩට ගැටගහගෙන ගියේ කුස්සියට.

කිටීටත් කිරි එකක් හදලාදීලා අපි දෙන්නටත් කිරි හදලා කාමරේට අරගෙන ගියා. ජින් අත් හතර අතේ දාලා නිදි.මම බෙඩ් ටේබල් එක උඩින් තේක තියලා කතා කළා.

" ජින් ..නැගිටිනවා හලෝ...මේ තේක බොනවා.."

මම එහෙම කියලා එයාගේ පිටට තට්ටුවක් දැම්මාම ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ටේ.

ඒත් එක්කමයි එයාට කෝල් එකක් ආවේ.

" කුකා...ගුඩ් මෝනින්..."

ජින් කියුවා.

" සර්...ඉයෙ ගෙදර ආවනේ පරිස්සමට..."

" ඔව් ඔව් බන් ආවා"

ජින් එහෙම කියුවේ හිනාවෙලා බෙල්ලත් අතගාගන්න ගමන්.

" සර්..හදිසී බිස්නස් මීටින් එකක් මට හැඩල් කරන්න බෑ.සර්ට එන්න පුලුවන්නම් හොදයි."

ජන්කුක් කියුවා.

" ඕකේ ඕකේ මම මෙහෙන් එන්න පිටත් වෙන්නම්.ඩෝන්ට් වොරි."

ජින් එහෙම කියලා මගේ දිහා නොබලම ෆෝන් එක ඇද උඩට විසික් කරලා බාත්රූම් එකට ගියා.

මමත් බැල්කනි එකට වෙලා තේක තොලගාන ගමන් මීදුමටනෑතින් ලස්සනට පේන ටේහියුන්ගේ බැන්ග්ලෝ එක දිහා බැලුවා.නුවර එළිය පරිසරය උදේට පුදුම තරම් සනීපයි.මම ඈතින් පේන කදු දිහා බලාගෙන තේක බොන ගමන් හිටියේ.

" සදලි..."

ජින් ටවල් එකත් ඇදගෙන තේකත් අතේ තියන් ඇදේ වාඩි වෙලා කතා කළා.

" අයිසේ කතා කළාම එනවා.බුලත් දෙන්න බෑ.." ජින් තරහින් කියුවේ.

" ඇයි..."

මම එයාගේ ලගට ආවේ අහක බලාගෙනමයි.

" මෙන්න මේක හොදට අහගන්නවා මැඩම්.මම කොළඹ යනවා.එන්නේ හෙට හවස.පරිස්සමග ඉන්නවා.ඒ වගේම මොනාහරි කුප්ප වැඩක් අයි මීන් මගේ වැඩ වලට ඩිස්ටබ් වෙන විදියේ දෙයක් කරලා අහුවෙන්න එපා.තමුන් මගේ වයිෆ් කියන දේ මට අමතක වේවි."

එයා එහෙම කියලා තේක බීලා කෝප්පෙ බෙඩ් ටේබල් එක උඩින් තිබ්බේ සද්ද කරලා.

මම එයාටත් ඔරවලා කෝප්පෙත් අරගෙන පහළට ආවා.ටක්ගාලා කෑම උයලා අරගත්තේ එයාට තියෙන ආදරේකට නෙවෙයි.මගේ යුතුකම නිසා.

මම කෑම මේසයට කෑම ලෑස්ති කරද්දි එයා ෆෝන් එකත් කනේ ගහගෙනම පහළට ආවා.

රිප් ඩෙනිමකට මෙරුන් පාට අත් වැලමිට ලගට වෙනකන් වීනෙල් ශර්ට් එකක් ඇදලා එයාත් ටේහියුන්  වගේම කඩවසම් කියලා මට හිතුනා.ඒත් එයා ඔය කියනතරම් වයසද....රිලැක්ස් එකේ ඉන්න වෙලාවක අහලා බලන්න ඕනි.මටත් හිතෙන දේවල්.

එයා කෑම කාලා කරලා වාහනේ යතුරත් අතට අරගෙන දොර ගාවට ගියා විතරයි.ආපස්සට මගේ ලගට ආවේ විදුලි වේගයෙන්.
ඒ ඇවිත් මගේ කට රිදෙන්න තරමට දැපැත්තෙන් අල්ලගත්තා.

" තේරුනානේ කුප්ප වැඩ කරලා අහුවෙනේ නෑ...කෙස් ගහක්වත් තියන්නේ නෑ තමුසෙගේ එහෙම වුනොත්."

එයා එහෙම කියලා මගේ නළලට කිස් එකක් දීලයි ගිහින් වාහනේට නැග්ගේ.

" මේ යකා..."

මම රිදුම් දෙන කටත් අල්ලගෙන එහෙම කියලා ගේට්ටුව වහලා ඇතුලට ආවේ.

උදේ වරුවම ගේ අස් කරලා දවල්ටත් උයපු මම ගිහිල්ලා නාගත්තා.ලියුම්කාරයා බෙල් ගහනකොටයි මම පහළට ආවේ.මම ලියුම අරගෙන කඩලා බැලුවා.මට හරිම සතුටුයි.හෙට අනිද්දා ඉදන් මම ආයෙමත් ටීචින් යනවා.මම හරි ආසයි ළමයි එක්ක ඉන්න.නුවරෑළියේ මම උගන්නපු ඉන්ටර්නැශනල් එකේ බ්‍රාන්ච් එකක් තියෙනව.ඒකෙ තමයි මට උගන්නන්න හම්බෙන්නේ.හරිම ආසාවෙන් මම ලියුම පපුවට තුරුල් කරගත්තේ.

ඒ එක්කමයි මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තේ.

" අම්මා...."

මට කියවුනා.හරිම පුදුමයි.මම ෆෝන් එක ආන්සර් කළා.

" හෙලෝ අම්මා..."

මම කතා කළා.

" මොනවාද කරන්නේ..."

එයා ඇහුවේ හිමීට.

" අනිද්දා ඉදන් වැඩට යනවා.මම දිගටම ඉන්නේ මෙහෙ.මෙහෙට ට්‍රාන්සෆර් හදාගත්තා..."

මම කියුවා.

" ජින් අද කොළඹ ආවා නේද..." අම්මා ඇහුවා.

" ඔව්..."

" එයාත් එක්ක ඔයාට එන්න තිබ්බ ටිකක්.තාත්තා අවුලෙන් ඉන්නේ..."

" හහ්....අවුලෙන්...මම හිතන්නේ නෑ..."

මම එහෙම කියුවාම අම්මා ලොකු හුස්මක් දැම්මා විතරයි.

" ජින්ට හොදට සලකන්න.මොනා වුනත් එයා ඔයාගේ හස්බන්ඩ් දැන්..."

අම්මා කියුවා.

" ජින්ට අකමැති වුනත් අම්මට වඩා හොදට යුතුකම් ඉටු කරන බිරිදක් වේවි මම..."

මම කියුවා.

" මම තියනවා.අවුලක් නෑනේ..."

අම්මා කියුවා.

" නෑ.අම්මා බුදුසරණයි."

" හ්ම්...හ්ම්...."

අම්මා එහෙම කියලා ෆෝන් එක තිබ්බා.නමට දරු දුක.මම ඇස් වලට උනපු කදුලු ඇගිළිවලින් පිහදාගන්න ගමන් හිතුව.

මම වැඩිපුර සාරි ගෙනාවෙත් නෑ.සාරි තුනයි දාගෙන ආවේ.ඉතුරුවා ගෙදර.මේ හදිසියේ ජැකට් හොයන්නත් නෑ.එනගමන් ජින්ට ඒ ටික ගේන්න කියනවාද නැද්ද...අනේ මන්දා...එක්කෝ ඔන්න ඔහේ හවසට කියනවා කෝල් කරලා අපේ ගෙදර ගියොත් පුලුවන්නම් ඒටික ඉල්ලගන්න කියලා.

මම තෙත කොණ්ඩේ ඔතලා තිබුණු ටවල් එක බැල්කනි එකෙන් දිගඇරලා දාලා ෆොන් එකයි ටේහියුන්ගේ ෆොටෝ ඇල්බම් එකයි අරගෙන ආවේ ගාඩන් බෙන්ච් එකට.මම දිනූට කෝල් එකක් ගත්තා.

" වැඩේ හරිද බන්..."

දිනූ ආන්සර් කලේ එහෙම කියාගෙනමයි.

" ඔවු...අනේ තෑන්ක්ස් හොදේ...ඔයා නොහිටින්න මට මේ වැඩ ටික කරගන්න බෑ.."

මම කියුවේ අවංකව දැනුනු ලොකු සතුටකින්.

" අනේ ඕක මොකක්ද කෙල්ලේ...ඒක නෙවෙයි ආදරණීය හබියා ගෙදර නෑ වගේ..."

දිනූ කියුවේ හිනාවෙලා.

" අම්මෝ ඔව්..." මම කියුවා.

" ඒකනෙවෙයි නෙතූ...ඇත්තටම ජින් ඔය කියන තරම් වයසද.ඌ මොනාවුනත් හැන්ඩියා."

දිනූ කියුවා.

" ඒක තමයි දිනූ මටත් තියෙන ප්‍රශ්නේ...මම ඒකා ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ.."

මම කියුවේ ටේහියුන්  ඇල්බම් එක ඔඩොක්කුවට අරගෙන.

" උඹ දැන් එයාගේ වයිෆ්.පොඩ්ඩක් හොයලා බලපන් එයා යන්නේ කොහෙද මොනවාද කරන්නේ කියලා.ඔහොමනම් බෑ.මොකද දැන් එයා කරන එක වැරැද්දක් ඇති උඹේ නමත් කැත වෙන්න."

දිනූ කියුවේ ඇත්තටම මගේම පවුලේ කෙනෙක් වගේ.

" අනේ මන්ද දිනූ...මේ යකාට පුදුමෙට කේන්ති ය්නව.අහන්න බෑ විස්තර.දැනුත් නීති දාලා ගියේ."

මම කියුවා.

" එයා කොළඹද ආවේ..."

" ඔවු දිනූ...."

" කෙල්ල දැන් රෑට රෑට මහන්සි වෙනවා ඇති නේද හැන්ඩියා එක්ක..."

දිනූ එහෙම කියලා හයියෙන් හිනාවුනා.

" හෑයියා පිස්සුද දිනූ ඔයාට..එයානම් මගේ හැගීම් අවුස්සන්න උත්සාහ කරනවා.මටත් ඉතින් එයාව දකිද්දි හැගීමක් එනවා සමහර වෙලවට.මොකද මාත් මනුස්සයෙක්නේ ලේ මස් නහර තියෙන...ඒ කොහොම උනත් මම පාලනය කරගෙන ඉන්නවා...මගේ ඒ අයිතිය ජින්ට ලැබෙන්නේ නෑ..."

මම කියුවා.

" එයා ආදරෙයිද ..." දිනූ ඇහුවා.

" ඔවු දිනූ මෑන්ටනම් මාව ඕනත් එක්ක හැබැයි.මම ඇතුවත් බෑ.නැතුවත් බෑ එයාට..."

එහෙම කියලා මම හිනාවුනා.

" හැබැයි මෙහෙම දෙකකුත් තියෙනවා බන්.එකක් ඒ උඹේ හස්බන්ඩ්...උඹට පුලුවන්නම් උත්සාහයෙන් එයාව හරිමගට ගන්න...අන්න ඒ තරම් පිනක් තවත් නෑ.ඇරත් දැන් ටේහියුන් මැරිලා.ඒක උඹ පිළිගන්න ඕනි.දැන් උඹේ ජීවිතේ ජින්ට අයිතියි.හබියෙක් ඉන්නැද්දි මැරුනු පෙම්වතා ගැන හිතන්න එපා.පුලුවන්නම් මෙයාට තේරුම් කරන්න හැමදේම.අයි මීන් නැත්තම් උඹේ ඉමේජ් එකටත් හොද නෑ මේ යකා කරන දේවල්."

දිනූ කියුවා.ඇත්ත එක අතකට.නමට හරි මම ජින්ගේ වයිෆ්.

" බලමු බන්.මම කැමැත්තෙන් එයා එක්ක ආව නෙවෙයිනේ.රෙජිස්ටාර්ව එක්කන් එනකන් මම දන්නේ නෑ.ජින් ව මෙල්ලකරන්න බෑ බන්.ඌ හරියට උකුස්සෙක් වගේ.ගොදුරක් අල්ලගත්තොත් අල්ලගත්තම තමයි...."

මම කියුවා.ටික වෙලාවක් දිනූ එක්ක කල්පනා කරපු මම ඇල්බම් එක පෙරළන්න ගත්තා.ඒත් එක්කමයි කිටියා ඔඩොක්කුවට නැගගත්තේ.

කිටී මගේ ඔඩොක්කුවේ ගුලි වෙද්දි මම කිටීගේ ඇග උඩින් ඇල්බම් එක තියන් පෙරළන්න ගත්තා.
වැරැද්දක්ද මේක.හස්බන්ඩ් ඉන්නැද්දි කලින් පෙම්වතා ගැන හිතන එක.ඒත් මොනවා කරන්නද.මම ජින්ට ආදරේ කරලා ආපු ගමනක් නෙවෙයි මේක.බලෙන් උන කසාදයක්.මම එහෙම හිතලා ඇල්බම් එකට මූණ ඔබාගනිද්දි ඇස් කොණකින් දැක්කේ ගේ ඇතුලට ඇදෙන හෙවනැල්ලක්.මම ක්ශණිකව ඒ පැත්ත හැරුනා.

" මනුස්සයෙක්ද...කවුද ඒ...." මම ඇස් හීන් කරලා ප්‍රධාන දොර දිහා බලාගෙන කල්පනා කලේ.....

-------------------------------------------

හායි ලමයි...

ගොඩ කාලෙකට පස්සෙ නේද?

තාම මේක කියවන අය ඉන්නවද?

අප්ඩේට් දෙනකන් මග බලගෙන ඉන්න අය ඉන්නවද?

අන්තිම episode එක publish කරල තියෙන්නෙ August 22nd ද කොහෙද ..🥲

මට පුලුවන් හැම වෙලාවකම මගේ කතා ඔක්කොගෙම අප්ඩේට්ස් දෙනව... තරහ වෙන්න එපා හරිත..

බාල්දි ඕතරී...😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top