☠ 10 ☠
Jin මාව ඇදේ හාන්සි කරල මගේ මූණට ම එබුණා.
" තමුසෙ පට්ට ලස්සනයි නේ... වෙන කවුරුහරි කුදලන් යන්න කලින් මගේම කරගන්නවා..."
Jin එහෙම කියල හයියෙන් හිනා උනා. මම එයාව තල්ලු කරගෙන නැගිට්ටා.
" ඔහොම ඉන්නවා ආච්චී... නැගිටින්න බෑ නේ..."
එයා කිව්වෙ මාව දෝතට වඩාගනිමින්. ඒ වඩාගෙන මාව ඇදේ කොට්ටෙ හරිගස්සවල තිබ්බ. ඊටපස්සෙ කාමරේ අස්කරනවා මම බලාගෙන උන්න.
ටිකකින් එයාට කෝල් එකක් ආව.
" කුකා... වැඩේ ලෑස්ති කරපන්... හෙට උදේ දහය වෙද්දි... ඕකේ...? " ජින් කිව්වෙ හෙන සතුටින්.
මොකද දන්නෑ ඔච්චර සතුටින් උඩපනින්නෙ...මොකද්ද දන්නෑ ඊලගට නටන්න හදන නාඩගම...එයා කෝල් එක කට් කරල මගෙ දිහා බැලුවෙ මනමාල හිනාවකින්...
Room එක පිලිවලට අස් කරපු එයා කෑම බීම ටික පවා හදල මගෙ ලගටම ගෙනත් දුන්න.
(අනේ වාසනාවන්... මම වගේ නං මැරිච්ච එකාට බම්බු ගහගන්න කියලා මේ මනුස්සයට කැමැත්ත දෙනවා...😅)
" මූණ හෝදගන්න යමු princess..." එයා එහෙම කියල මාව නැගිට්ටවල අරගෙන හෙමින් සීරුවේ බාත්රෑම් එකට එක්කගෙන ගියා.
" තමුසෙ pregnant උනාමත් මට මෙහෙම කරන්න වෙයි නේද? " එයා ඇහුව. මේ මනුස්සය හිතල තියෙන දුරක්...
" නිකන් හීන මවන්න එපා ජින්...ඔයාගෙ ලේ මට අප්පිරියයි...ඒ ලේ වලින් හැදෙන දරුවෙක්වත් මගෙ බඩට එපා ජින්..."
මම කිව්වෙ දැවෙන කෝපයකින්...
" ආ...හා...එතකොට අර ටේ හියුන් කාරයාගෙ ඇගේ දුවන ලේ... ඒව හොදයි නේද? "
ජින් ඇහුවෙ ටිකක් සැරෙන්...කින්ඩියට වගේ...එයා මාව පුටුවකින් වාඩි කරවල මූණ අත් කකුල් සේදෙව්වා. බැන්ඩේජ් කරපු කකුල් නොතෙමෙන විදිහට මාව හෝදලා ආයෙත් එක්ක ආව.
" කියනවා... තමුසෙට මගේ ලේ හිරිකිතයි...අරූගෙ ලේ එහෙම නෑ නේද සදලි...ආ...? " ජින් ඇහුව.
" ඔව් ජින්...ආම් සොරි..." මම කිව්වෙ එක එල්ලේ එයාගෙ මූණ දිහා බලාගෙන.
" ඕකේ..." එයා කෙටි පිලිතුරක් දීල මගෙ අතට ටවල් එකයි ගවුමයි දීල බාත්රූම් එකට ගියා..
මම අමාරුවෙන් නැගිටල බැල්කනි එකට ගිහිල්ල රෑ අහස දිහා බලාගෙන හිටියා. චූටි චූටි තරු කැට ලස්සනට දිලිසෙනවා.
ටික වෙලාවක් ඒ දිහාව බලන් හිටපු මම ගැස්සිලා ගියේ මගේ බද වටා යමෙක් දෑත් පැටලුවා වගේ දැනුන නිසා. මම පිටිපස්ස හැරිල බැලුව. කවුරුත් නෑ. මම බයවෙලා බැල්කනි එකට පිටුපාල ටික වෙලාවක් බලාගෙන උන්න.
" මගේ හිත ගැස්සිලා..." මම එහෙම හිතල ආයෙමත් පිටිපස්ස හැරුණා. ආයෙම ටික වෙලාවකින් මගෙ බද වටා අත් යවල කෙනෙක් මාව ලං කරගත්ත. මම පිටිපස්ස හැරිල බැලුව.
" ජින්..! " මම කේන්තියෙන් එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන් කෑ ගැහුව.
" ඉස්සෙල්ලත් හැංගිලා ඉදල මාව හග් කලා... ලැජ්ජ නැද්ද මනුස්සයෝ...? "
" මොකා... තමුසෙට පිස්සුද ඕයි...? මං මේ දැනුයි ආවේ... මගුල..." එයා කිව්ව. මට එන කේන්තියක්...
" අනේ මේ... ජින්... අතාරිනවා නිකන් බොරු නොකියා..." මම හයියෙන්ම එයාගෙ අත ගසල දාල දිව්වෙ කාමරේට. ජින් එක අතකින් ඔලුවෙ වතුර ගස ගස බැල්කනි එකට හේත්තු වෙලා කෙල්ල යන දිහා බලාගෙන කල්පනා කලා.
" මේ කෙල්ලට පිස්සුද? මම දැන් නෙ ආවේ..." ජින් හිතුවා.
ටිකකින් මම ඇදත් හදලා, ෆෑන් එකත් ඕන් කරල ඇදට ගොඩවෙලා බෙඩ්ශීට් එකත් ඔලුවෙ ඉදන් පොරවගත්තා. කිටී හෙමීට මගෙ ලගට ඇවිල්ල තුරුලු උනා. ජින් බැල්කනි එකේ දොර වහල, කාමරෙත් දොර වහල මගෙ ලඟට ආව.
" මේ ජරා සත්තු මට පේන්න බෑ...තියාගන්න ඕන නං අර පුටුව උඩින් තියාගන්නවා... නැත්තන් මූට මම උණ්ඩයක් බස්සනව හරී... "
එයා එහෙම කියල කිටීව බෙල්ලෙන් අල්ලල පුටුවෙන් තිබ්බ. කිටීට ගානක් නෑ. එයා හරි බරි ගැහිල පුටුවෙ ගුලි උනා. ජින් ලයිට් off කරල මගෙ ලගට ආව. එයා මගෙ බෙඩ්ශීට් එක අපි දෙන්නටම පොරවලා මගේ පිට එයාගෙ පපුවට හේත්තු වෙන්න විදිහට මාව තුරුල් කරගත්ත.
" ජින්...එපා ප්ලීස්..." මම කිව්වෙ මට දැනෙන අපහසුතාවයට.
" හහ්...ඇයි තමුසෙ මොනා කරන්නද...මාත් එක්ක නටන්න එපා අයිසෙ ඔච්චර... වද නොදී නිදාගන්නව... මගුල..." එයා එහෙම කියල මගෙ කම්මුලක් උඩින් එයාගෙ කම්මුල තියාගත්ත. ගොඩක් වෙලා හිත හිත ඉදලයි මට නින්ද ගියේ..
" සදලි... හෙට ඔයාට ලොකු surprise එකක් දෙනව මම.." එහෙම කිව්ව ජින් සදලිගෙ නලලට හාදුවක් දීලා දෑස් පියාගත්ත.
_________________________________________
කිටීගෙ මූණ ගැස්සෙනවා. ඔව් එයාට තේරෙනවා බලගතු ආත්මයක් ගේ වටේ කැරකෙන බව....
අඳුරු ආත්මය බැල්කනි එකට වෙලා වේදනාවෙන් බලාගෙන හිටියෙ සයනයේ උණුහුමට ගුලි වෙලා ඉන්න ජින් හා සදලි දිහා.
ආත්මය ලං උනේ ගේ පිටිපස්සෙ තියල තිබුණ කුණු කූඩෙට. ක්ෂනිකවම ඒකෙන් එලියට විසික් වෙලා ආවෙ සදලිගෙ කකුලෙ ඇනුණ වීදුරු කටුව. ඒකෙ තිබුණ ලේ ටික බලන් ඉන්නැද්දිමයි මැකිල ගියේ. ගුප්ත ශබ්දයක් එක්ක අදුරු ආත්මය ආහාර ගත්ත....
Jin ඉන්න වෙලාවට මේ ආත්මයට සදලීගෙ ලගට ලං වෙන්න බෑ. ඒ ජින් ගෙ අතේ තියෙන ආරක්ෂක නූල නිසා කියල ආත්මය දැනගෙන හිටිය. වේදනාවෙන් හා වෛරයෙන් ඒ මේ අත පාවෙමින් හිටිය ගුප්ත ආත්මය කිටීට ලං උනා. කිටීත් නින්දෙන් ඇහැරුණේ ඒත් එක්කමයි. ආත්මය කිටී ගෙ ඇස්වල යාවෙලා. කිටී වියරු විදිහට ආත්මයට ගෙරෙව්වා.
ටිකකින් ගුප්ත ආත්මය කිටීගෙන් ඈත් වෙලා ඈතින් පේන කිම් බැන්ග්ලෝ එකට පාවෙලා ගියා.
_________________________________________
මට උදේ නැගිටින්න බැරි තරමට සීතල. ජින් නෑ..ඒත් ඇදේ එහාපැත්තෙ තියල තිබුනෙ ටෝස් කරපු පාන් එක්ක කිරි වීදුරුවක්. මම ආයාසයෙන් නැගිටල ගිහිල්ල මූණ කට හෝදගෙන ඇවිත් පිගානයි කිරි එකයි අරගෙන පහලට ආව.
මට ඇහෙනවා ජින් එලියෙ ඉදන් කාත් එක්ක ද මන්ද phone එකෙන් කතා කරනවා. මම කිටීට කිරි එකක් හදල දෙන්න යනකොටත් කිටී කිරි බොනවා... ජින් බැන්නට මොකද කිටීට වෙලාවට කෑම ටික නං දීල. මම සාලෙට ගිහිල්ල පාන් කාල කිරි එක බිව්ව.
ලස්සන හින්දි මූවි එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක ටීවි එකේ දාගෙන බලන්න ගත්ත මම ඔඩොක්කුවට කුශන් එකක් අරගෙන රිමෝට් එකත් අතින් අරගෙන
මූවි එක බලන්න ගත්ත.
" සදලි... මම එලියට යනවා...ඉක්මනට එන්නම්..." එයා එහෙම කියල ගියා.
" මට මොකෝ... ඉක්මනට ආවත් එකයි... නාවත් එකයි.. " මම හිතුව. පැයක් දෙකක් මූවි එක බලපු මම නැගිටින්න හදනවත් එක්ක ම ජින් ගෙට ගොඩ උනේ ටිකක් වයසක මනුස්සයෙක් එක්ක. සුදු ශර්ට් එකක්, කලු කලිසමට යට කරල ඇදල හිටපු මනුස්සය කලු කෝට් එකක් දාගෙන හිටියා. ඒත් එක්කම ගෙට ගොඩ උනේ ජින් ගෙ ගාඩ්ල දෙන්න. ජන්කුක්යි, ජිමිනුයි. ගාඩ්ල දෙන්නත් මෙතන කියන්නෙ මෝකක්හරි විශේෂ දෙයක්.
" සදලි...ලෑස්තිවෙනවා...අපේ කසාදේ රෙජිස්ටර් කරන්න යන්නේ..." ජින් කිව්ව.
" මොකා..?" මම ඇහුවෙ හොදටම බය වෙලා.
එයා මට අමුතු විදියට හිනා වෙලා එලියට ඇදල ගත්තෙ පිස්ටල් එක...
" තව විනාඩි දහයකින් අපේ මැරේජ් එක වේවි. කොහෙද ඉතින් කලින් ලස්සනට ඕගනයිස් කරල තිබ්බේ...dress code පවා.
හිතුවක්කාර නොවුන නම් ගෙදර ඇදුම පිටින් කසාද බඳින්න වෙන්නෑ නේ..." එයා කිව්ව.
" මට බෑ...ජින්...මට බෑ.... ප්ලීස්...මාව මරල දාන්න..." මම කෑ ගහල ඇඩුවා...
ජින් අඩියට දෙකට මං ගාවට ආව.
" තරහ පිරිමහන්නෙ උඹේ පවුලේ අයගෙන්..." එයා කිව්වෙ මගෙ කොන්ඩෙන් තද කරල අල්ලගෙන...
" උඹ sign නොකලට කමක් නෑ... මම උඹේ ඇගිලිසලකුණ හරි තියාගනානවා..." එයා කිව්ව.
මම බිම වැටිල හොදටම ඇඩුවත් ජින් ගෙ හිත උණු උනේ නෑ. ගාඩ්ල එක්ක මොන මොනවද කතා කරපු ජින් විනාඩි දහයකින් විතර මගෙ ලඟට ඇවිල්ල බිම වැටිල හිටිය මාව අත් බාහුවෙන් අල්ලගෙන නැගිට්ටුවා.
" එනව යන්න...sign කරනවා අරක.." එයා එහෙම කියල අර ඇවිත් හිටිය රෙජිස්ටාර් ගාවට මාව ඇදගෙන ගියේ.
" ජින්.. මම එදත් එහෙමයි...අදත් එහෙමයි... මට බෑ..." මම කෑ ගැහුව.
ජින් මගෙ කම්මුලට අත පුරෝල පාරක් ගැහුවෙ ඒත් එක්කම.
" අත්සන් කරපන්...$#%% .." ජින් ආවේගයෙන් කියවගෙන ගියා.
" මේ අහනවා සදලි..." එයා මගෙ මූණ දෝතට ගත්තා.
" උඹේ පවුලේ අය, එතකොට තමුසෙට එදා මහලොකුවට ආරක්ෂාව දුන්න දිනූෂි...කැමති ද එයාල මැරෙනවට ආ..." එයා මගේ මූණට එබිල ඇහුව. මගෙන් උත්තරයක් නැති තැන එයා,
" ජිමිනා.... අර උඹ ලයින් කරපු කෙල්ල...දිනූෂි.... අරන් වරෙන්..." ජින් , ජිමින්ට කියපු පාර ජිමිනුත් අන්දුන් කුන්දුන් වෙලා බලන් හිටියා...
" බොස්..? " ජිමින් අවිශ්වාසෙන් වගේ ඇහුව.
" උඹට ඕන දෙයක් කරපන්...හැබැයි... හෙට උදේ වෙනකොට ඒකි ජීවත් වෙන්න බෑ...හරී..." ජින් ජිමින්ට ඇගිල්ල දික් කරල කිව්ව.
මට කරන්න දෙයක් නෑ... ජින්ගෙ වචන වල බරපතල කම මම හොදින්ම දැනගෙන හිටිය. කිසිම තෙතමනයක් නෑ එයාගෙ වචන වල....ජිමින් එලියට බැහැල යන්න හදනකොට ම මම හඩ අවදි කලා.
" ජිමින් එපා...මම sign කරනවා..." මම කිව්ව.
යන්න ගිය ජිමින් නතර වෙලා ජින් දිහා බලල හිනා උනා...
" Good girl.." ජින් එහෙම කියල හිනා වෙලා sign කලා. ජින් sign කරල ඉවර වෙලා මාව තල්ලුකරා රෙජිස්ටාර් ලගට. පෑනත් අරගෙන මම කල්පනා කලා.
" අත්සන් කරපන්..." ජින් තර්ජනීය හඩකින් කිව්ව. මම ගැහෙන හදවතින් අත්සන් කරල පෑන තිබ්බ පොත උඩින්. මාව පණ පිටින්ම පුච්චනවා වගේ හැගීමක් මට දැනෙන්නෙ. මම ජින් දිහා බැලුව. එයාගෙ මූණෙ තියෙන්නෙ ජයග්රාහී
හිනාවක්. එයා එක මුද්දක් මගෙ අතට දැම්ම. අනෙක් මුද්ද එයාගෙ අතට දාන්න කියල බල කලේ ජන්කුක්...මම හිස් මනසින් ඒක එයාගෙ අතට දැම්ම. කදුලු වලින්ම පිරිල ගිය ඇස් වලින් මට පෙනුනෙ බොද වෙලා හැමදේම. මම ජින් දිහා බැලුවෙ මොකක්ද මට මේ කලේ කියල අහන්න. එහෙම බලල මම පිම්මේ දුවගෙන ගියේ කාමරේට.
_________________________________________
ජින් මාර හොදයි කියල හිතන් හිටපු අය මේ කොනට...👈😅
ටේ ට වඩා ජින් හොදයි කියල හිතාගෙන හිටපු අය මේ කොනට👉😅
ජින්ට වඩා ටේ හොදයි කියල හිතාගෙන ඉන්න අය මේ කොනට 👉😅
ජිමින් ආවෙ කොහෙන්ද කියල හිතාගන්න බැරුව ඉන්න අය මේ කොනට.. 👆😅
ඕතරී ගොඩක් හොදයි කියල හිතාගෙන ඉන්න අය... නෑ එයාලට යන්න කොනක් නෑ...🤣🤣🤣
මට ජිමින් නැතුව පාලුයි අනේ... ඒකයි මේකටත් දැම්මෙ පොරව...😁❤
Comment එකක් දාගෙන යන්න...❤😁
Vote කරන්න. ❤
සරන්ග්හේ...❤😁
බාල්දි ඕතරී...😈🪣
Bạn đang đọc truyện trên: AzTruyen.Top