☠ 08 ☠
ජින් කාමරේට ඇවිත් සදලිව ඇද උඩින් තියලා කෙල්ල ගත දැවටිලා තිබ්බ තෙත ටවල් එක අයින් කලේ කෙල්ල ට තවත් සීතල නිසා.
"සදලී... බේබ්... සදලී... කතා කරන්නකෝ..."
ජින්, සදලීගෙ කම්මුල් වලට තට්ටු කරමින් කතා කලා. ජින් බෙඩ් ෂීට් දෙක තුනක් අරගෙන ඇවිත් සදලිට පෙරෙව්වෙ සීතලට ගැහෙන්න ගත්ත නිසා. බාත්රූම් එකට ගිහිල්ල ටී ෂර්ට් එකකුයි, ෂෝට් එකකුයි ඇදගෙන ආව ජින් ලොකු වතුර බෝතලයක් අරගෙන ඇවිත් සදලිට ටිකක් පෙව්ව. ජින් කෙල්ල ලගින්ම ඇල උනේ තුරුල් කරගන්න ගමන්. එකපාරටම සදලි හයියෙන් හයියෙන් උස්ම ගන්නව වගේ දැනුන නිසා ජින් කලබල උනා.
"සදලි... මොකෝ මේ... සදලි... කතා කරනව අයිසෙ මාව බය නොකර..."
ජින් ආදිගෙ කම්මුලට තට්ටු දමමින් කෑ ගැහුව.
"ටේ.... ටේ...හියුන්...."
මම මිමිනුව. ආයාසයෙන් ඇස් ඇරල බලද්දි ජින් මාව තුරුල් කරගෙනම නිදි. මම නැගිටින්න හැදුවත් නැගිටින්න බැ...ඔලුව කැරකෙන්න වගේ...
" දෙ...දෙවියනේ... මගෙ ඇදුම්... මේ මිනිහ මාව තුරුල් කරගෙනත් එක්ක..."
මම බය වෙලා ටිකක් දැගලුවේ එයාව ටිකක් එහාට කරන්න කියල හිතාගෙන.
" තමුසෙ නැගිට්ටද? "
එයා ඇස් අරින්නෙවත් නැතුව ඇහුවා.
" මොකද හලෝ නිකන් හොල්මනක් දැක්ක වගේ ඇදගෙන වැටුනේ..? " එයා ඇහුව.
" ජින් මේක හොද වැඩක් නෙවේ... ඔයා මගෙ ඇදුනුත් අයින් කරල.... ලැජ්ජ නැද්ද ආ...."
මම කෑ ගැහුවෙ රිදුම් දෙන හිස දෑතින්ම බදාගෙන.
" මම මොකටදෝයි ලැජ්ජ වෙන්නේ? තමුසෙ මගෙ වෙන්ඩ වයිපරේ නේ..."
එයා කිව්වෙ නෝන්ඩියට වගේ හිනා වෙලා.
" ජින්... යනවා යන්න..." මම තරහටම කෑ ගැහුවා.
ක්ෂනිකවම ක්‍රියාත්මක උන එයාගෙ හැඩිදැඩි අත මගේ බෙල්ල අල්ලගත්ත.
( මෙන්න මිනී මරනෝ...)
" උඹේ ඔය වක්කඩේ වගේ කට වහගනින්...මට ඕන නම් මෙතන ඉන්නව....නැත්තන් යනවා..."
එයා හයියෙන් කෑගහන්න ගත්ත. මගේ ඇස් වල කදුලු පිරුණේ ඉබේටම.
"ආපෝ... නාඩ ඉදිම්... නාඩ ඉදිම්... සීතල ද? "
එයා එහෙම කියල හුස්ම ගන්න බැරි තරමට මාව තුරුල් කරගත්ත.
"ශිට් මේ මනුස්සයගෙන් තියෙන වදයක්..."
මම හිතුව විතරයි. කියන්න ගියෙ නෑ...
මට නින්ද ගියෙ කොයි වෙලේද කියල මතක නෑ. ජින් නැගිට්ටුවම තමා මං නැගිට්ටෙ.
" ම්... මේ කිරි එක බීල නිදාගන්නවා..."
පුදුමයි... සැර කරල නෙවේ කිව්වේ... මම බෙඩ්ශීට් එකත් පොරවගෙන ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා තේ එක අතට අරගත්ත.
" වෙලාව කීයද? " මම ඇහුව.
" පාන්දර පහයි...තමුසෙගෙ ඇග පිච්චෙනවා....උදේම ඩොක්ට කෙනෙක් ගාවට යමු... දැන් හොද ලමය වගේ ඕක බොන්නකෝ...ම්... මට තේ හදන්න තේරෙන්නෙ නෑ.... බීල බලන්න කෝ... "
එයා කිව්වෙ මගෙ කම්මුලක් අතගාල. මට පුදුම හිතුණ. ඇයි මෙයා මේ පාන්දර නැගිටගෙන තේ හදන්නේ... මොන යකෙක් වැහිල ද මන්ද...
" සදලි... බාත්රෑම් එකේ ඔයා..."
එයා අහන්න යන්නෙ කලන්තෙ දාන්න හේතුව.
" මේ... මට ටිකක් සීතල වැඩි උනා... ඒකයි.." මම තේකෙන් ටිකක් බොන ගමන් කිව්ව.
" තේක රසයි.." මම හෙමීට කිව්ව.
" තේකක් හැදුවමයි ඔය..."
එයා කිව්වෙ බිම බලාගෙන හිනා වෙන ගමන්... යකෝ මෙයාගෙ ලැජ්ජාව... මට හිනා යන්න ආවත් හිර කරගෙන උන්න.
"ඉන්නවා තමුසෙට ඇදුමක් ගෙනත් දෙන්න..."
එයා ගියේ අල්මාරිය ලගට. දෙවියනේ...ඔප්පු ටික...එයා අල්මාරියෙ මගෙ ඇදුම් දාන පැත්ත අරින්න හැදුවෙ.
" ආහ්.. මේ.. අයියේ...ඔය රැක් එකේ තියෙන ගවුම හොදයි..."
මම ඒ වෙලේ කොච්චර කලබල වෙලාද උන්නෙ කියල කිව්වොත්...අර වගේ මැරයෙක්ටත් අයියෙ කියල කතා කලා. එයා තොලත් හපා ගෙන මගෙ ලඟට ඇවිල්ල රැක් එකේ තිබ්බ ගවුම මගෙ අතට දුන්න.
" හහ්...අයියා..! යකෙක්වත් වැහුනද උඹට...? "
එයා ඇහුවෙ හිනා වෙවී...
" මට වඩා වැඩිමල් නේ... ඉතින් කියවුණා..." මම කිව්වෙ බිම බලාගෙන.
මම තේක බෙඩ් ටේබල් එක උඩින් තියල ගවුම අදින්න නැගිට්ටා. එහෙමම ආයෙත් ඇදට වැටුනේ ඔක්කොම කැරකෙනව වගේ උන නිසා.
" ඔහොම ඉන්නවා සදලි..." එයා හැදුවෙ මට ගවුම අන්දන්න.
" නෑ... නෑ... යනවා... මට පුලුවන්.."
මම බෙඩ්ෂීට් එක උඩට කරගෙන කෑ ගැහුව.
" පණ්ඩිත කම ඉහටත් උඩින්... ඕක දැක්ක ගෑණියෙ මම "
එයා එහෙම කියල බලෙන්ම බෙඩ්ෂීට් එක ඵහාට කරල ගවුම ඔලුවෙන් දාල අන්දල ඉතුරු ටික මට ඇදගන්න කියල කෝප්පෙත් අරගෙන කාමරෙන් එලියට ගියා.
"ඊ..ව්... ශිට්... මේ ජරා පූසා... හැමතැනම මවිල් හලනවා..."
ජින් කෑ ගහනවා. මට හිනා යන්නත් ආව.
" එයාට ගහන්නෙ නෑ ජින්..."
මම කෑ ගැහුව. මීනි මරණ මැරයෙක්ට කිටී කවුද... මට හිතුණා.
මොනවද හැමදාම මට පේන්නේ... මට පිස්සු හැදීගෙන එනව වත් ද? අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ? අනේ ප්ලීස් මට උදව් කරන්න. මගේ වටේ වෙන කිසිම දෙයක් මට තේරෙන්නෑ. මම ඇස් දක පියාගෙන හිතුව. මට මතක් උනේ ටේ ගෙ වත්තෙ වැඩ කරපු අංකල් කියපු කතාව.
" අමනුෂ්‍ය බලවේග තියෙනවා දුවේ.."
මගේ මනසේ ඒ වචන දෝංකාර දෙන්න ගත්ත. මම ආයාසයෙන් කන් දෙක වහගෙන ඇස් දෙකත් තදින් පියාගත්තා.
" සදලී..." එයා කතා කලේ පැන්ඩෝල් පෙති දෙකක් වතුර වීදුරුවක් එක්ක බෙඩ් ටේබල් එක උඩින් තියන ගමන්.
" මේ අහනවා... මේ ගෙදර එක වෙලාවකට එනවා නිකන් මිනියක් කුණු වෙලා වගේ පට්ට ගඳක්... එක්කො මේක අර ජරා පූසගෙ වැඩක්..."
එයා කිව්වෙ තරහින්...
" මම ගෙදරට ආව දවසෙත් ඔය ගඳ ආව. කිටීගෙ වැඩක් නෙවේ ජින්... එයා එහාට වෙන්න තියෙන කැලෑවට තමා යන්නේ...වත්ත ඇතුලෙ කැත කරන්නෙ නෑ..."
මම කිව්වෙ අහක බලාගෙන.
" සඳලී...? " එයා බැරෑරුම් දෙයක් අහන්න වගේ මට කතා කලේ.
" මොකෝ...? " මම ඇහුවා.
" කිම් ටේ හියුන්ග් ගෙ properties වල ඔප්පු කොහෙවත් නෑ ලු..."
එයා කිව්වෙ මගෙ දිහා බලාගෙන.
" ඉතින් මට මොකක්ද කියන්නේ...? " මම ඇහුව.
" තමුසෙ ඒව හැංගුව නේද? " එයා මගෙ දිහා බලන් හිටියෙ ගිනියම් වුණ දෑස් වලින්...
" තමුසෙලට හොයාගන්න බෑ කියල මං මොනව කරන්නද? ඇරත් ලැජ්ජ නැද්ද මිනිහෝ කවුරුහරි අමාරුවෙන් හම්බ කරපු දේවල් ඔහොම ගන්න...තමුසෙලට යා දෙන්නෑ..."
මම දැවෙන කෝපයකින් කෑ ගැහුව.
" සදලි.... සදලි... සදලි... අනේ මගෙ කෙල්ල...අපි ඌව නිකන් මැරුවෙ නෑ.. ඌ අපේ වැඩ වලට හැමදාම හරස් උනා.. අපිට ලැබෙන්න තිබ්බ Business projects ඌ ගත්ත. අපිව වට්ටන්න හොද හොද ගේම් ගහපු එකෙක්..."
ජින් කිව්වෙ හිනා වෙවී...
මම පැන්ඩෝල් දෙක බීලා වීදුරුව ටේබල් එක උඩින් තියල නැගිටින්න හැදුවෙ උයන්න යන්න.
" තමුසෙ ටිකක් ඔහොම ඉන්නවා.. මගේ princess.."
එයා එහෙම කිව්වෙ මගේ නිකටින් අල්ලගෙන.
" I love you Princess..." එයා කිව්වෙ මගේ ඇස් වලටම එබිලා.
" I hate you... forever I hate you Jin... "
මම කෑ ගහල කිව්ව.
" අලුත් ජීවිතයක් පටන්ගන්නව සදලී..."
" මම කොහොමද තමුසෙ එක්ක ජීවත් වෙන්නේ... එහෙනං... එහෙනං මමත් අපරාධකාරයෙක්...මට එදාම තිබ්බ තමුසෙ කසාද බැඳල ටේ ව ජීවත් කරවන්න. දැන් ඒ වැඩේ කරන්නත් බෑ... තමුසෙ එක්ක හිටිය කියල වැඩක් තියෙනවද? මම නිසා මගේ අහිංසක ටේ හියුන් මැරුණා..."
මම කිව්වෙ ජින් ගෙ පපුවට ගහලා...
" මේ අහනවා සදලී..ඌ කොහොමත් මැරෙන්න තමා හිටියේ... උන එකම දේ උන නිසා ඒක ඉක්මන් උන එක විතරයි... මොකද අපි දැනන් හිටියා ඌ අනිවාර්යයෙන්ම තාත්තගෙ පාරේ යනව කියල... ඉතින් ඊලග project time එකේ ඌව මරන්න හිටියේ... මේ මගුල නිසා ඒක කලින්ම උනා..."
එයා කිව්වෙ ඇගට පතට නොදැනී...
" තමුසෙ තිරිසනෙක් ජින්... ආදරේ කරන කෙනෙක් නැති වෙනකොට දැනෙන වේදනාව තමුසෙට පොඩ්ඩක්වත් දැනිල නැද්ද? ඔ..ඔයා හිතන්න ඔයා පණ වගේ ආදරේ කරන කෙනෙක්ට ඔහොම දෙයක් උනා නම්... ඔයාගෙ සහෝදරයට ඔහොම දෙයක් උනා නම්... " මම ඇහුවේ අඩන ගමන්...
" මට සමාවෙන්න...ඌ උඹ ඔය හිතන තරම් මහා කරුණාවන්ත සත්පුරුෂයෙක් නෙවේ... උගේ ගේම් තිබ්බෙ හැංගි හොරා.."
එයා එහෙම කියල නැගිටල මගෙ පිටෙනුයි ඔලුවෙනුයි අල්ලලා කොට්ටෙ හරිගස්සලා මාව ඇදෙන් හාන්සි කෙරෙව්වා. බෙඩ්ශීට් එක පපුව ගාවට ම පොරවපු එයා මගෙ නලලට පාත් වෙලා කිස් එකක් දුන්නා.
" නිදාගන්න princess.. මම කෑම ගේන්නම්..." එයා එහෙම කියල නැගිටල ගියා...
" හහ් මේ මනුස්සයා... මායම් දානවා...අහුවෙයි මම ඕවට..."
එයා යනකන් ඉදලා කදුලු පිහදගෙන මම තරහින් මටම මුමුණගත්තා.
මම නිකමට එහාපැත්තෙ කර්ට්න් එක දිහා බැලුවේ. ඒක එහාපැත්තෙ හෙවනැල්ලක්. මම ඔලුවත් අල්ලගෙන අමාරුවෙන් ඇදේ වාඩි උනේ ඒ පැත්ත බලාගෙන.
________________________________________
ලමයි...ඔයාල පොඩ්ඩක් කර්ට්න් එක දිහා බලන්න....එතන කවුද හිටියා...
ඔයාල දන්නවද? අපේ ලගට හේතුවක් නැතුව ඉබේම පූසෙක් එන්නෙ නෑ...
සදලි ගාවටත් කිටී ආවෙ නිකම් වෙන්න බෑ නේද ?
Vote කරන්න.
Comment කරන්න...
බාල්දි ඕතරී...😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top