☠ 04 ☠

මගේ මුලු ඇගේ පණ නැති වෙලා ගියා ඒ කිව්ව දේ ඇහිල. වැටෙන්න ගිය මාව වාරු කර ගත්තෙ ඒ අංකල්. 

" කොහොමද අ...අංකල් එ..එහෙම වෙන්නේ? "

මං ඇහුවෙ අමාරුවෙන් වචන ගලපගෙන.

"මේ පැත්තෙ ඕන තරම් හොරු ඉන්නවා දරුවො... නැත්තන් කොල්ලො කුරුට්ටන්ගෙ අමන වැඩක් වෙන්න ඇති. නෝනා ඉන්නෙ අර ගෙදර නේ... නෝනා මගෙ ටැලිපෝන් නොම්මරේදාගන්නකෝ.  උදව්වක් ඕන උනොත් මට කතා කරන්න.
පුංචි බේබි මට මගේම දරුවෙක් වගේ... නෝන කියලත්වෙනසක් නෑ... "

මම ගැහෙන ඇගිලි වලින් නම්බර් එක phone එකේ save කරගෙන අංකල් ට සමු දුන්නා.  මම සුපර් මාකට් එකට ගිහිල්ල වැඩිය රැදෙන්නෙ නැතුව කිටීට සාලයොයි, කිරියි, එලවලුයි තව උවමනා කලමනා ටිකක් අරගෙන ගෙදර ආව.

ඉක්මනට කුස්සිය ට ගිහිල්ල බඩු අහුරල උයන්න ලෑස්ති වෙනකොට මාව ගැස්සිලා ගියේ කකුලෙ යමක් ස්පර්ශ උන නිසා.










" අනේහ්... කිටියා... මෙන්න ඔයාට බඩ්ඩක් ගෙනාවා "

මම එහෙම කියල සාලයො දෙතුන්දෙනෙක් පරණ පිගානකට දාල දුන්නා. කාලෙකින් රස කෑමක් ලැබුන වගේ මටත් ගොරව ගොරව කනවා. මං වතුර ටිකක් ගැඹුරු පිගානකට දාල කිටි ලගින් තියල room එකට ආව.

මම ඇදුම් උනාදාල මූණකට හෝදගෙන ඇදුමක් දාගෙන ටක් ගාල කුස්සිය ට ආවෙ මොනවහරි උයන්න කියල හිතාගෙන. නුඩ්ල්ස් පැකට් දෙකක් කඩලා අරගෙන ඒක හදලා සොසේජස් දෙකක් බැදගෙන ප්ලේට් එකකට දාගෙන මං සාලෙට යන්න හදනකොට කිටී කෑම කාල ෆ්රිජ් එක උඩ නැගගෙන සැප නින්දක. 

" අනේ අම්මප ඇත්තට... මෙහෙමත් නිදි කුම්බරයෙක් "

එහෙම කියපු මම පිගානත් අරගෙන සෝෆා එකට ආවෙ ටිවී එකත් ඕන් කරගෙනමයි. මගේ මනසේ අර සින්දුව දෝන්කාර දෙනවා. අංකල් කියපුවත් එක්කම. එකපාරටම මට මතකයට නැගුනෙ ටේ නැතිවුන වෙලේ කියපු දේ...

"පලිගන්නවා... ඔව් පලිගන්නවා කියලයි එයා කිව්වේ..."

" මගේ හිතේ තියෙන ආදරේ තරම දන්නව නම් ඔයා ඔහොම කියන්නෙ නෑ ටේ..." මගේ ඇස් වල කදුලු ආයෙත් අලුත් වුණා.

මම එකපාරටම ගැස්සිලා ගියේ phone එක රින්ග් උන නිසා. එක අතකින් plate එක අල්ලගෙන අනෙක් අතින් phone එක answer කලා. ඒ කතා කලේ දිනූෂි...

" සදූ... උඹේ වැඩේ හරි හොදේ..."
දිනූ කිව්වා.

" ආහ් දිනූ... ඉතින් කියහං කෝ මොකද උනේ...? "

" අහපන් කෝ ...  අපේ කොලේජ් එකේ නුවරඑළිය branch එකට උඹට transfer එක හදල දුන්න. දැන් ඉතින් තියෙන්නෙ නිවීහැනහිල්ලෙ වැඩ ටික කරගන්න. "

" අනේ දිනූ... ගොඩක් තැන්කියු වස්තුවේ... මෙහෙට ඉන්ෆෝම් කරන්නෙ කවද්ද දන්නෙ නෑ නේද? "

" ම්... I think...two weeks වලින් වගේ උඹට අඩගහයි "

කොහොමහරි දිනූ එක්ක පැය බාගයක් විතර කතා කරන්න ඇති. ඉතුරු නූඩ්ල්ස් ටිකත් කාල ප්ලේට් එකත් හෝදල කිටියව ගත්ත අතට.

"යමු කිටී... දූවිල්ල ගැහිල... කැතේ බෑ... යමුකො මං සස්සන කොරල ගම්න..."

කිටිව උස්සගෙන බාත්රූම් එකට ගිහිල්ල අත් දෙක තද කරල අල්ලගෙන හෑන්ඩ් ෂවර් එක අරගෙන හොදට තෙමුවා. මගෙ ෂැම්පු එක ගාල හොදට අතුල්ලල ආයෙත් වැඩිපුරත් එක්ක හේදුවෙ කිටියව තරහ ගස්සන්නත් එක්ක. පරණ ටවල් එකකින් පිහදලා කිටිව බැල්කනි එකට ගෙනාවෙ එතනට හොදට අව්ව වැටෙන නිසා. කිටිව බැල්කනි එකෙන් තියලා මං ආයෙත් බාත්රූම් එකට ගියේ අත් දෙක සෝදන්න.







ටික වෙලාවක් කන්නාඩියෙන් පේන මගේ මූණ දිහා බලන් ඉදල මං හැරෙන්න හැදුවෙ. ඒත් මට තේරුණා කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බයේ කිසිම වෙනසක් සිදු නොවුන බව...














ගැහෙන හදවතින් මම හෙමින් ආපස්සට හැරුනේ... හුහ්... බොරුවටනේ බය වෙලා තියෙන්නේ... හෙමීට මගෙ අතින් කණ්නාඩියෙ පේන මගෙ ප්‍රතිබිම්බය අල්ලන්න උත්සාහ කලා. හරි අමුත්තක් දැනෙනව. මම මගෙ දකුණු ඇහි බැම උස් කරල කණ්නාඩිය දිහා බැලුව. ඒත් කණ්නාඩිය කලේ වම් ඇහි බැම හොලවපු එක. මගේ අනිත් ඇහි බැමත් ඒ විදිහට ම උස්සල බැලුව. ඒ පාරත් කණ්නාඩිය කලේ අනිප්පැත්ත. එකපාරටම ලයිට් එක ඩිම් වෙන්න ගත්තෙ මාව බයටම ගැහෙද්දි...

"හිත කලබල කරගන්න එපා සදූ..."

මම එහෙම කියාගෙන දෑස් පියාගෙන හොද හුස්මක් හෙලුවා. තප්පර දහයක් විතර එහෙම හිටපු මම හෙමින් හෙමින් ඇස් ඇරල බැලුවා.































"යාහ්.... දෙවියනේ.... මමීහ්....."












මම පුලුවන් උපරිම හයියෙන් කෑ ගැහුව. මගෙ කකුල් freeze වෙලා වගේ... හොලවන්නවත් බෑ... විශ්වාස කරන්න... මගේ ප්‍රතිබිම්බය... ඒ...ඒකහ්... ඒක හිටියෙ මට පිටුපාලා.























එහෙම වෙන්නෙ කොහොමද? මම බයෙන් බයෙන් පස්සට ගිහිල්ල බිත්තියට හේත්තු උනා. මට පිටුපාල උන්න මගේ ප්‍රතිබිම්බය ක්ෂනිකවම මගේ පැත්තට හැරුණේ මූණෙ වියරු හිනාවකුත් එක්ක.

" ක්...කවුද ?" මම ඇහුවා. මහ කැත විදිහට මගේ රූපය මාත් එක්කම හිනා උනා. මට හිතුනෙ එක දෙයයි....














" යකෝ මට මෙච්චර කැතට හිනා වෙන්නත් පුලුවන්ද? "








එයා කට ගොඩක් පලල් කරල හිනා වුනා. මගේ පපුව ගැහිල ගැහිල බිමට වැටෙන සයිස්. මං උපරිම වෙර අරගෙන කෑ ගහල බාත්රූම් එකෙන් එලියට පැන්නා.
ඇද උඩ වාඩි වෙලා අඩපු මට ඇහුනෙ බාත්රූම් එකේ බඩු පොලේ ගහන සද්දේ.






























"මේ මොකක්ද වෙන්නේ?"

මං කල්පනා කරමින් ඉන්නකොට තමා කිටියා ඇවිත් ඔඩොක්කුවට පැන්නේ...

"නෑ නෑ මේ සේරම මගෙ හිතේ ඇදෙන මනස්ගාත විතරයි..."

මම මටම තරවටු කරගත්තා.

" මගෙ අම්ම තාත්ත පවා මට ආදරේ නෑ. මම තනියම වෙලා ඉන්නේ... එහෙම එකේ කවුද මට තවත් රිද්දන්නේ... මම විදින දුක මදිවට ද දෙවියනේ... ඇයි මට්ටම විතරක් මෙහෙම වෙන්නේ...."

මම මූණ අත් වලින් වහගෙන අඩන්න ගත්තා. කිටී මගෙ මූණ ලෙවකන්න ගත්තා. එයාටත් තේරෙනවද කොහෙද මම දුකෙන් ඉන්නෙ කියල. පව් මගෙ පැටියා... මම කිටීව තුරුල් කරගත්ත.

" දන්නවද කිටීයෝ... කාත් කවුරුවත් නැතුව තනිවෙච්ච කෙල්ලෙක් මං... මට කවුරුත් ආදරේ නෑ... ඔයා විතරයි නෙ දැන් මට ඉන්නෙ... මාව දාල යන්න එපා හරිද? "

මම දවස ගෙවාගත්තෙ මලමිනියක් ගානට. කිටීට කෑම දුන්නත් මට කන්න පිරියක් නැති නිසා එහෙම ම වැටිල නිදාගත්ත.

" සමහරවිට තනිකම නිසා එහෙම වෙනව ඇත්තේ..." මම එහෙම හිතල හිත හදාගත්ත. සාලෙ ටීවි එක ඔන් කරල රිමෝට් එකත් අතින් කරකවකව හිටපු මාව ගැස්සිලා ගියේ ගේට් එකේ  බෙල් එක රින්ග් උන නිසා. මම ගිහිල්ල ගේට්ටුව ඇරියා.  මගේ දෙපා පණ නැති වෙලා වැටෙන්න ගියේ ඒ ආපු කෙනා දැකලා...

















ඒ ඇවිත් හිටියෙ ජින්... ගාඩ්ල දෙන්නෙක් එක්ක.










" හහ් ජින් තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ... Get out... gust now... "

මම කෑ ගහල ගේට්ටුව වහන්න හදනකොට ම ඒ ශක්තිමත් අතකින් ගේට් එක අල්ලගත්තා. එහෙම ම මාවත් තල්ලු කරගෙන ගාඩ්ල දෙන්නත් එක්ක මගේ ගේ ඇතුලට වැදුනෙ මගෙන්වත් නාහ. මම තාම උන්න තැනම ගල් ගැහිල බලන් ඉන්නව. ලොකු කේන්තියක් හිතට ආවත් මම මාව පාලනේ කරගෙන ඇතුලට ගියා.

ජින් සාලෙ සෝෆා එකේ වාඩි වෙලා ටීවි එකේ රිමෝට් එකත් අතින් කරකවකව ටීවි එක දිහා බලාගෙන ඉන්නවා.

" නැගිටිනවා මේ දැන්ම... පොලීසියට කෝල් කරන්න කලින් එලියට බහිනවා මගෙ ගෙදරින් "

මම කිව්වෙ කෝපයෙන් රතු වෙච්ච දෑස් එයාට පෙන්නලා.

(අපි බයවෙයි ඕවට .... නැද්ද ජිනෝ )

" හහ් මම යන්න? මේ මගෙ අනාගත වයිෆ් ගෙ ගෙදර නේ..."

ජින් එහෙම කිව්වෙ කින්ඩියට වගේ හිනා වේලා.

" මම පොලීසියට කියනවා තමුසෙලා තමයි මගෙ අහිංසකයව මරාගත්තෙ කියලා... මගේ ඇස් දෙකෙන්ම දැකපු දේවල් මම කියනවා.."

මම ජින්ට තර්ජනය කලා...

එයා නැගිටල අඩියට දෙකට මං ගාවටම ඇවිත් කට දෙපැත්තෙන් තද කරල මගෙ මූණ උඩට ඉස්සුවා.

" උඹ පොලීසියට කිව්වට වැඩක් නෑ ගෑණියේ... හහ් අපි මේව ගානට ලස්සනට ඕගනයිස් කරල තියෙන්නේ...ඒ අවට CCTV ඕෆ් කරල උගේ මොබයිල් එක ගගට විසි කරල  හෙන ගේමක් දීල යකෝ ඉන්නේ... අනික..  අපේ පැත්තට විරුද්ධව කවුරුත් කතා කරන්නෙ නෑ... අන්න ඒක මතක තියාගනින්..."

එහෙම කියපු ජින් මහ කැත විදිහට හිනා උනා.

( මූට ගිය රටනේ යකෝ )

" මම ආවෙ උඹට මෙන්න මේ දේ කියල යන්න. " එයා එහෙම කියන ගමන් මට ලං උනා. මං බයෙන් බයේ බිත්තියට හේත්තු උනා. එයා මගෙ දෙපැත්තෙන් අත් දෙක තියාන මගෙ මූණට ම එබුණා. එක අතකින් මගෙ මූණ අතගෑව ජින්...

" තමුසෙ මොකදෝයි මෙච්චර ලස්සන? ආහ්... මට මෙතනම හනිමූන් යන්න හිතෙනව.."

එයා එහෙම කියල මගේ කම්මුලක හාදුවක් තැවරුවෙ මං හිතුවෙවත්නැති මොහොතක. මම පුලුවන් තරම් වෙර යොදල එයාව මගෙ ගාවින් ඈත් කලා. ටික වෙලාවකට පස්සෙ කොණ්ඩෙ පිටිපස්සට ඇදගත්ත ජින් මගෙ බෙල්ල පිටිපස්සට අතදාල බෙල්ලෙන් ඇදල අරගෙන කතා කලා.

" හෙට උඹේ ඩැඩායි මායි එකතු වෙලා අරූගෙ කෝටි ගානක් වටින දේපල ඒ කිම් බැන්ග්ලෝ එක වෙන්දේසි කරන්න ඔප්පු හොයනවා... හැබැයි මේ වැඩේට අතගහල තිබුනොත්,  මේ වැඩේට හරහට හිටියොත් උඹව මරන්නෙ නිකන් නෙවේ... හනිමූනුත් ගිහිල්ල..."

එහෙම කියල මට තර්ජනය කරපු ජින් මාව තල්ලුකරල දාල මල්පෝච්චියකුත් කුඩු කරල දාල එලියට ගියා...

මම ඇඩුව බිම ඉදගෙනම...

කොහොමද එයාල එහෙම කරන්නේ... ටේ ගෙ ජීවිතේ උදුරගත්ත මදිවටද ඒ මිනිස්සු උපයපු දේවල් විකුණගෙන කන්න හදන්නේ...? මොන ජාතියෙ මිනිස්සු ද මගෙ වටේ ඉන්නේ...? මේක වෙන්න දෙන්න බෑ... මොකක්හරි කරන්න වෙනව....
















හායි girls,

ඕන්න ඉතින් බාත්රූම්එකේ mirror එකට ගාවට යන්නබය වෙන්නනම් එපා හොදේ...

ටැප් එකේ වතුර වැටෙන සද්දයක් ඇහෙනව නේ... ගිහිල්ල බලල එන්න ලමයි...

කොහොමද ජිනයියා... ගැම්මක් නේ...

අර අහිංසකයගෙ ගේත් විකුණණන් කන්න යන්නේ පොර. අපි බලමු කෝ නේද ඉතින්

ටේ කොහෙද ඔයා...?

( ඔන්න ඕකයි රහස වයසට නොයන...)

Vote කරන්න.
Comment කරන්න.

සරන්ග්හේ...😁❤

බාල්දි ඕතරී...😈

Bạn đang đọc truyện trên: AzTruyen.Top