☠ 03 ☠
හමාගෙන යන වේගවත් හුලං පහරේ හඩ මගේ හිතට එකතු කලේ අමුතු විදිහෙ හැගීමක්. මූසල හැගීමක් වගේ දෙයක්. ඇස් පියවේගෙන එද්දිම, කිටියා මහ හඩින් කෑ ගහන්න ගත්ත.
(නෙදකින් මේ පූසෙක් නිසා සදලි ඔයා විදින දුකක්)
කලබලේන් අතගාල අතගාල ටේබල් ලෑම්ප් එක ඕන් කරපු මං බැලුවෙ කිටී දිහා. එයා අපිට ඉස්සරහින් තියෙන බාත්රූම් එකේ දොර දිහා බලාගෙන තවමත් කෑ ගහනවා. හොදින් විපරම් කරල බැලුවත් කිටියාට බය වෙන්න තරම් දෙයක් එතන නෑ. සත්තුන්ට මිනිස්සුන්ට නොපෙනෙන තරම් සියුම් සංඛ්‍යාත පවා ග්‍රහණය කරගන්න පුලුවන් කියල මං අහල තියෙනව. ඒත්... අනේ මන්ද... විකාර... කියල හිතල මං බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන නිදාගත්තා.
මං නැගිටිනකොට උදේ දහයත් පහුවෙලා.
දඩිබිඩි ගාල නැගිටගෙන බාත්රූම් එකට දිව්වෙ මූණ කට හෝදගෙන මාකට් යන්න කියල. කුස්සිය හරියෙ මුකුත්ම නෑ නෙ. මම නිතරම ඩෙනිම් කලිසම් අදින කෙනෙක්. මොකද ගෑණු ලමයෙකුට ගවුමට වඩා කලිසම තමා සැහැල්ලු. ඒත් එක දවසක් මං ගවුමක් ඇදගෙන යාලුවෙකුගෙ පාටි එකකට ගියා. එදා ටේ හියුන්ග් අයියත් ඇවිල්ල හිටියා. කවදාවත් නැතුව ටේ මගෙ දිහා දෙපාරක් හැරිල බැලුව. ගවුමට මම ගොඩක් ලස්සනයි කියල එදා ගොඩක් අය මාව වර්ණනා කලා. එදා ඇදපු ගවුම මං සූට්කේස් එකෙන් එලියටඅරන් ඇදගත්තා. චූටි රෝසපාට මල් වැටුන, සුදු පාට කොට ගවුමක්. කොණ්ඩෙ මුදාහැරල දෙපැත්තෙන් වැටෙන කොණ්ඩ කෑලි ටික එකතු කරල චූටි කටුවක් ගහල පර්ෆියුම් එක ස්ප්‍රේ කලා. කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ල වටයක් කෑරකිලා මොඩ්ලින් ෂෝ එකක වගේ කැට් වෝක් එකෙන් ඇවිදගෙන ගිහිල්ල ආයෙමත් වටයක් කැරකෙනකොට මට දැනුනෙ අර සීතල සුලග. ඒ හුලග මගේ වටේට කැරකෙනවා. හරියට මාව ස්පර්ශ කරන්න වගේ.
මගේ කන ලගින්ම මට ඇහුනෙ පුරු පුරු ශබ්දයක්. මාව රත් වෙලා ගියා. මම ක්ෂනිකවම පිටිපස්ස හැරුණා. අනේව්... කිටියා තවමත් ඈනුම් ඇර ඇර කම්මැලිය වගේ දොයි.
ඒත්... අර පුරු පුරු සද්දේ...? අනේ මන්ද... මගේ විකාර...හිතමින් මම පර්ස් එකයි, phone එකයි අරගෙන එලියට බැස්සා. ගේට්ටුවෙන් එලියට අඩිය තියෙනකොට ම මගේ දෙනෙත ඇදිල ගියේ ටේහියුන්ග් ගෙ බැන්ග්ලෝ එකට. මට හීල්ලුනා. කදුලු හංගගෙන උන්නත් මගෙ ආදරේ මට නැති උනා කියන ඒ හැගීම මාව පණ පිටින් පුච්චනවා. මගේ හිතුවක්කාරකම් නිසයි මට ඔයාව නැති උනේ... හේතුවක් නැතිවම මාව ඒ දිහාවට ඇදිල ගියා.
ඉස්සර ප්‍රතාපවත් ව බැබලුන බැන්ග්ලෝ එක අද පාලුවට ගිහිල්ල. මම හෙමීට ඒ ගේට්ටුව අසලට ගියා...
" ටේ... අද ඔයා හිටිය නම් අයියේ... "
මගේ ඇස්වලින් කදුලු කැට ගලාගෙන ආවෙ මටත් නොදැනීම. වෙනදට නම් ගේට් එක ගාව security කෙනෙක් ඉන්නව. නමුත් අද, මිනිමැරුමක් සිද්ද වුණා කියල දැනගත්තම කවුරුවත් ඉදීවිද මේ ගෙදර?
අපේ ඩැඩා හැර ටේ ගෙ නෑදෑයෙක්වත් මේවට අතනොගහන බව මං දන්නව.මම හෙමින් හෙමින් ගියේ ප්‍රධාන දොර ගාවට.
"දෙ...දෙවියනේ ඒ සුවද...."
ටේ ගෙ ලගින් එන පර්ෆියුම් සුවද...ටේ ගෙ ලගින් හමන පර්ෆියුම් සුවද .... මේ ලගින්ම මට දැනුන. සමහර විට ඒ සුවද තාම මෙ අවට ඇති. මම දොර අරින්න උත්සාහ කලා. ඒ ඇයි කියල කියන්න මමවත් හරියට දන්නෙ නෑ... බැරිම තැන මං කොණ්ඩ කටුවක් ගලවල අරගෙන ඒක දොර අගුලට ඇතුල් කරල හැකි තරම් වෙර යොදල ඒක ඇරගත්තා. ක්රීක්... සද්දයක් එක්ක දොර ඇරුනෙ ඒත් එක්කම. බැන්ග්ලෝ එකට අඩිය තිබ්බ සැනෙන් මට දැනුනෙ කවුරුහරි මාත් එක්කම බැන්ග්ලෝ එකට ඇතුල් උනා වගේ හැගීමක්.
බැන්ග්ලෝ එක ඇතුල දූවිලි ගදයි. ජනෙල් දොරවල් වහල තිබුණ නිසා ඇතුලෙ තිබ්බෙ මද ආලෝකයක්.
(මේ තරම් එලියක් නෑ හරිද)
මම සම්පූර්ණයෙන්ම දොර ඇරලා, ජනෙල් ටිකත් ඇරල දැම්ම. මම හෙමින්සැරේ පඩිපෙල නැගගෙන ගියේ උඩ තට්ටුවට. මම කාමරයක් ලග නැවතුණා. පුදුමයි ලොක් කරල නෑ... මට ඇහුනෙ හීනියට වතුර ගලාගෙන යන සද්දයක්. මට ටිකක් බය හිතුණත් කුතුහලය නිසාම ලයිට් එකත් ඔන් කරගෙන බාත්රූම් එක ඇතුලට ගියා. සින්ක් එක දිගේ පහලටත් වතුර ගලාගෙන එනව. ටැප් එකක් බාගෙට වහල දාල. ඒකෙන් තමා වතුර ගලාගෙන ආවෙ. මම ටැප් එක වහල දාල ආයෙත් රූම් එකට ආව. මේ රූම් එක ටේ ගෙ වෙන්න ඇති. රෙදි රැක් එකේ ටීශර්ට් වගයක් එල්ලල තිබ්බ. මං ඒ එකක් ඇදල පපුවට තුරුල් කරගෙන ම ඇද උඩින් වාඩි උනා. ෂර්ට් එකේ සුවද පවා බැලුවා... තාමත් සුවදයි.
" අනේ මගේ අයියේ..."
"මට සමාවෙන්න රත්තරන්... පුලුවන්නම් මට සමාව දෙන්න අයියේ...මං නිසයි මේ සේරම..."
ෂර්ට් එකත් තුරුල් කරගෙන මං පිස්සුවෙන් වගේ කියව කියව ඇහුවේ දරාගන්න බැරි වේදනාවක් හදවතට දැනෙන නිසා.
" එදා ජින්ව මැරි කලානම් තවමත් ඔයා ජීවතුන් අතර....අනේ මගේ අයියේ මාවත් ඔයා ලගට අරගන්න මගෙ අයියේ..."
මම එහෙම කියල කෑ ගහල ඇඩුවා. ටික වෙලාවක් එහෙම අඩිය අඩිය උන්න මං දැක්කෙ එයාගෙ මේසෙ ලග තිබුන පුටුව ගාවින් අමුතු හෙවනැල්ලක් ඇදිල යනව වගේ... කදුලුත් පිහදාගෙන මේසෙ ගාවට ගිය මං ඒකෙ ලාච්චුවක් ඇරල බැලුවා. ඒකෙ තිබුනෙ ෆයිල් එකක්. මං ඒක එලියට අරගෙන ආයෙමත් ලාච්චුවට දාන්න හදනකොට ෆයිල් එක මගෙ අතින් ගිලිහුනේ මටත් නොදැනීම.
"දෙ... දෙවියනේ... මේ... මගෙ photos.."
මන් ඒව එකින් එක අහුලගෙන ඇද උඩින් වාඩි වෙලා කල්පනා කරන්න ගත්ත. මේ ඔක්කොම මං නුවරඑළියෙදි ගත්ත photos. අපේ ගෙවල් පේන දුරින් තියෙන්නෙ... මං මිදුලෙ ඉන්න වෙලාවක එයා සූම් කරල අරගෙන තියෙන්නෙ. මං දැක්ක එක පොටෝ එකක් යටින් චූටියට දෙයක් ලියල තියෙනව.
"අයි ලව් යූ සදූ..."
මං ඒ photos තුරුල් කරගෙන පැය ගානක් ඇඩුවා. හෙම්බත් වෙනකම්ම ඇඩුවා. එකපාරටම මට ඇහුනේ විලාපයක්....
"ආහ්... ඔම්මාහ්..."
විලාපය ඇහුනෙ සාලෙ පැත්තෙන්. බැන්ග්ලෝ එකේ බිත්ති වල වැදිලා විලාපය දෝංකාර දෙන්න ගත්තේ මගේ ඇගේ හිරිගඩු පිපෙන තරම් බයකින් වෙව්ලල යද්දි.
ඒ...ඒ ... විලාපය... එ..එදා ටේ හියුන් අයියා නැති වෙනකොට විලාප තිබ්බ වගේමයි. මට එහෙම හිතුනෙ ඒ වෙලාවෙ මමත් එතන උන්න නිසා.
කකුල් දෙකට උපරිම හයිය අරගෙන මං පඩිපෙල බැහැගෙන දුවගෙන ආවෙ සාලෙට. හීන් සද්දයක් ඇහෙනව ටීවී ස්ටෑන්ඩ් එක හරියෙන්.
"ඕහ් ගෝඩ්..."
මට සැනසුම් සුසුමක් හෙලුනා. ටිකක් පරණ තාලෙ රේඩියෝ එකක් සිග්නල් අඩු වැඩි වෙවී වැඩ කරනවා. මං ඒක අතට අරගෙන බැලුවා. බැට්රි දාන එකක්. ඒත් මේක වැඩ කරන්නෙ කොහොමද? සමහර විට එයා මෙහෙ හිටපු වෙලේ මේක off කරන්න අමතක වෙන්න ඇති. එක දිගට වැඩ කරපු නිසා දැන් මේක සැරින් සැරේ වැඩ කරනවා ඇති....
( මං ඔතන උන්න නම් සදලි ඔහොම හිතල හිත හදාගන්නෙ නෑ... කකුල් දෙකට වැදල දුවනවා )
Off බටන් එක ප්‍රෙස් කරල රේඩියෝ එක තිබ්බ තැනින්ම තියපු මං කදුලුත් පිහගෙන එලියට යන්න දොර ගාවට ගියා.
දොර ගාවට ආව විතරයි. මම එකතැන ගල් ගැහුනෙ ආයෙත් කැසට් එක වැඩ කරන්න ගත්ත නිසා... මම පිටිපස්ස නොබල එහෙම ම හිටියා... මියුරු හින්දි ගීත නාදයක් ඇහෙන්න ගත්ත...
Bepannah si mohabbat ki hai
Dil ne bhi yahi chanat ki hai
Tere bina mera laage na jiyaa
Tere liye hi dhadke jiyaa
Mere dil ko tere dil ki zaroorat hai
Mere dil ko tere dil ki zaroorat hai
Main tha rahguzaar, tune thama is qadar
Ab rahi na koi bhi fikrr
Main tujhme baant lu, yun khud ko humsafaar
Reh na jaye koi bhi kasar
Tere bina mera laage na jiyaa
Tere liye hi dhadke jiyaa
Mere dil ko tere dil ki zaroorat hai
Mere dil ko tere dil ki zaroorat hai
අන්තිම ටික ඇහෙනකොට මගේ ඇස් වල කදුලු. මම හෙමින් ඔලුව හරවල බැලුවෙ ඒ පැත්ත. රේඩියෝ එක තිබ්බ විදිහට ම තියෙනව. මට හීන් දාඩිය දාන්න ගත්තෙ කවුරුහරි පඩිපෙල බැහැගෙන එනව වගේ සද්දයක් ඇහිච්ච නිසා.
තිස්තුන්කෝඨියක් දෙවිවරු සිහි කරගෙන මම කෙලින්ම දිව්වෙ බැන්ග්ලෝ එකේ ගේට් එකෙන් එලියට. කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. මම හෙමින් සැරේ පාරට ඇවිත් යන්න හදනකොට කවුද කෙනෙක් මගෙ උරහිසට අත තිබ්බ.
" බය කලා නම් සමාවෙන්න නෝනා..."
වයසක මනුස්සයෙක් බුලත් කහට බැඳුන දත් තිස්දෙකම එලියට දාල මාත් එක්ක හිනා උනා.
"අ...ආ..ඇයි...? "
"නෝනා කිම් බන්ගලාවෙ ඉදන් ද ආවේ? "
ඒ මනුස්සය ඇහුවෙ බුලත් කෙල අහකට විසි කරමින්.
"ඔ..ඔව් ඇයි... මම එයා බදින්න හිටපු කෙනා... මීට ගෙවල් දෙකකට එහා අර සුදු තීන්ත ගාපු ගේ මගේ..."
"අනේ මේ අපේ මහත්තය බදින්න හිටපු නෝනද? මට තේරෙනව නෝන ගෙ දුක...ඒත් නෝනා... නෝනට කියන්න දෙයක් තියෙනව... ආය එහාට යන එපා නෝනා..."
ඒ මනුස්සය කිව්ව.
"ඇ..ඇයි ඒ? "
"මම මේ වත්තෙ වැඩ කරපු කෙනා. ආරන්චියක් ආව දවස් හතකට කලින් පොඩි මහත්තය නැති උනා කියල.... මේ ගෙදරින් මේ දවස් වල මහ අමුතු සද්ද වගයක් ඇහුන නෝනා... කවුරුහරි විලාපය තියෙනව වගේ... පිරිමි කටහඩක්... මහත්තය විශ්වාස නිසා මට බංගලාවෙ යතුරක් දීල තියෙන්නෙ... මම පෙරේද ආව ගේ දොර ජනෙල් ටිකක් ඇරල දාන්න කියල හිතාන... පෙරේද පොඩි මහත්තය ගෙ කාමරෙන් වතුර වැටෙන ස්දයක් ආව.. බැලින්නම් කරාමෙ ඇරල දාල. මම වහල දැම්ම. පුදුමෙ කියන්නෙ ඊයෙත් ඒකම උනා... ඊයෙත් වැහුව. දැන් ආයෙත් යන ගමන්..."
"What? අ..අන්කල් ම...මං අදත් ඒ ටැප් එක වහල ආවේ..."
හායි ගර්ල්ස්,
පියවි සිහියට එන්ඩලා...
අද ටිකාක් බය හිතුණ නේ...?
මං කිව්ව cover එක හම්බ උනා...
තව දෙයක් කියන්න ඕන... මේක මං තනියම මගේ අදහස් වලින් ලිව්ව එකක් නෙවේ... හොල්මන් කතා දෙක තුනක එකතුවක්. ඒක නිසා පුරුදුයි වගේ දැනෙන්න ඉඩ තියෙනව ඔයාලට... ගනන් ගන්න එපා.
Thanks kim_yun_jee 😊 ❤
Comment එකක් දාගෙන යන්න හොදේ...
වෝට් කරගෙන යන්න ලමයි... 💀☠
මම ඔයාලගෙ බාල්දි ඕතරී...😈
Bạn đang đọc truyện trên: AzTruyen.Top