☠ 02 ☠
Tae ගෙ funeral එකට නෑදෑයො වැඩිය නාවෙ මේක මිනී මැරුමක් නිසා බය වගේම ලැජ්ජාවට. මාත් ටේ ගෙ යාලුවොත්, මගේ හොදම යාලුව දිනූෂිත් එකතු වෙලා පොඩියට funeral එක කලා.
මම දින කිහිපයකට දිනූෂිලගෙ ගෙදර නතර උනේ දරාගන්න බැරි පාලුව නිසා... පස්සෙ මට ඕන උනේ තනිවෙන්න. මං තීරණය කලා නුවරඑළියෙ මගේ ගෙදරට එන්න. ගෙදරට එනකොට රෑ දහයටත් කිට්ටුයි. පුදුම පාලු ගතියක් ගේ වටේට තිබ්බේ... රැහැයියන්ගේ කෑ ගැහිල්ල නිසා ඒ පාලු ගතියට තවත් අත්භූත හැගීමක් එකතු උනා... phone එකේ ටෝච් එක on කරගෙන ගේට්ටුවේ ඉබ්බ ඇරල ගලවල, පර්ස් එකෙන් දොරේ යතුර අරගෙන දොර ඇරියා... ඒත් එක්කම මගේ ඇස් යොමු වනේ ඈතට ප්‍රථාපවත් පෙනුමෙන් දිස් වෙන ටේ ගෙ බැන්ග්ලෝ එක.. ඒක දැකපු හැටියේ ඇස් වල කදුලු පිරුණේ ටේ එක්ක මේ ගේ බලන්න ආව දවස සිහිපත් උන නිසා...
සූට්කේස් දෙකත් ඇදගෙන ගේ ඇතුලට ගිය මම ගේ ඇතුලෙන් දැනෙන අමුතු ගද නිසා නහය හකුලගත්තෙ දැනෙන අපහසුතාවට. සතෙක් කුණු වෙලා වගේ දැනුන ඒ අමුතු ගද විනාඩි දෙක තුනකට පස්සෙ නැති වෙලා ගියෙ මාවත් පුදුම කරල. මම ගේ ඇතුලට අඩිය තිබ්බෙ බයෙන් බයේ...
ගේ ඇතුලට අඩිය තිබ්බ හැටියෙ කොහෙන්ද ආව හුලගක් එක්ක දොර දඩාස් ගාල වැහිල ගියේ මගේ පපුව ගැස්සිලා යද්දි. කලුවරේ අතපත ගාල ලයිට් එක දාල දොර දිහා බලල දොර ලොක් නොකරම ගේ ඇතුලෙ ඇවිදල බැලුවා. ගේ ඇතුලෙ අවුලක් නෑ.. ඒත් අර කුණු ගද්‍ය ආවෙ කොහෙන්ද කියල හොයාගන්න බෑ. අවුරුදු දෙකක පඩිය එකතු කරල ගත්ත ගේ... එච්චර ලොකු නැති උනාට අංගසම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක්...
ටික වෙලාවක් සෝෆා එකේ දිග ඇදිල උන්න මං හිතට ආව සිතුවිල්ලක් නිසා සූට්කේස් එකේ ඉස්සරහ පොකට් එකෙන් එලියට ගත්තේ මගේ ඩයරි එකයි ඇල්බම් එකකුයි. ඒ ඇල්බම් එකේ පෙරලෙන පිටුවක් ගානේ මගේ හදවත ගැඹුරේ වේදනානක් දැනුනා. ඇස් කදුලු වලින්ම බොද උනා... ඔව්... ඇල්බම් එකේ තිබුනේ එයා නොදැනුවත්වම මං හොරෙන් ගත්ත එයාගෙ photos. එයාගෙ ඇස් උකුස්සෙක් වගේ තියුණු යි. සරාගියි. කොරියන් ශ්‍රී ලංකන් mix කෙනෙක් නිසා එයාට තිබුනෙ අමුතුම skin colour එකක්. ඒක ගෝල්ඩන් කලර් එකක් කිව්වොත් මම හරි... පුදුම කඩවසම් බවක් තිබුනේ.
එයාගෙ කඩවසම් රුව හිතින් මෙනෙහි කරමින් ඉන්න අතරතුර පැන්ට්‍රි එකෙන් ආව සද්දෙ නිසා මාව දෙවන වතාවටත් ගැස්සිලා ගියා. ඉක්මනට නැගිටපු මං දුවල ගිහිල්ල ලයිට් එක on කලා...
" දෙවියනේ.... කිටියෙක්... කොහෙන්ද බබා ඔයා ආවේ? "
මම එහෙම කියමින් කිටියා ලගට ගියා.
එයා එන්න ඇත්තෙ පිටිපස්සෙ ජනේලෙන්... ඒක වෙන්න බෑ... හුලගට ඇරෙනවා. චන්ඩියා වගේ දුවගෙන ඇවිත් පිගානකුත් පොලේ ගහල. අයිතිකාරයෙක් ඉන්නවද දන්නෑ... නැත්තන් මෙයා මගේ තමයි...
" අලි බලයි නේ උයා... ම්... මාත් එක්ක ඉමු හොදේ... මාත් එක්ක ඉමු ද? "
කිටියත් හා කියන්න වගේ ඥාව් කිව්වා...මම කිටීවත් කරගහගෙන සාලෙට ආව. පැටියා බඩගින්නෙ වගේ.. මොනව දෙන්නද ඉතිම්. හෙට මාකට් ගියාම මොනවහරි ගේනවා.
මම පිගන් කටු ටික සුද්ද කරල එන ටිකට කිටී කුශන් එක පහුරුගානවා.
" යමු කිටී... මං හෙට ඔයාව නාවන්නම් කෝ... "
කිටීවත් අරගෙන මම පඩිපෙල නැගගෙන ආවෙ මගෙ කාමරේට. කිටී ව මේසයක් උඩින් තියලා අකුලල තිබ්බ මෙට්ට එහෙම දිග ඇරල ඇදට දාල කාමරේ අතුගාල පිරිසිදු කරගත්ත. ඊටපස්සෙ බාත්රූම් එකට ගිහිල්ල හොදට නාගත්තා. බාත්රොබ් එකත් ඇදගෙන කාමරේට එතකොටයි මම දැක්කෙ කිටී ඇද උඩට නැගල කියල. කිසිම හැලහොල්මනක් නැතුව ඉස්සිලා ජනේලේ දිහා බලන් ඉන්නව. ඒ ඇස් දිලිසෙන විදිහ දැකල මාව බය වුණා.
" කිටී... කොහෙද බලන්නේ "
එයා උගුරෙන් පුරු පුරු ගාල සද්දයක් දාල එකපාරටම මවිල් පුම්බගෙන පස්සෙන් පස්සට යන්න උනා. කිටී බලපු පැත්ත මම ආයෙත් බැලුවා. හුලගට කර්ටන් රෙදි හෙලවෙනවා. මම ගිහින් බැලුවෙ ජනෙල් ඇරල ද කියලා... නෑ... ඒව වහල... කොහෙන් ආව හුලගක් ද මේ? මම කර්ටන් ටික හදලා ටිකක් පස්සට ගිහිල්ල බැලුවෙ මොකක්ද අවුල කියල.
" හ්ම්... තත්වය සාමකාමී..."
පූසෝ කියන්නෙ ඔය අහක යන මැස්සෙක් දැක්කත් කලබලවෙන සත්තු ජාතියක් නේ...මම සූට්කේස් එකෙන් ඇදුමක් අතට අරගෙන ආයෙත් කුටිය දිහා බැලුවා... ඌ තාමත් බූල් පුම්බගෙන ජනේලෙ දිහා බලාගෙන ඉන්නව.
කිටියා බය වෙලා ඉන්නෙ මොකටද කියල මට හිතාගන්න බෑ. මම බාත්රොබ් එක ගලවලා රෙදි රැක් එකට දාල ෂෝට් එකයි ටී ශර්ට් එකයි ඇදගෙන කන්නාඩිය ගාවට ගිහිල්ලා වටයක් කැරකුණා.
එකපාරටම කාමරේ ලයිට් එක දෙපාරක් ගැස්සුනා. කරන්ට් යන්න වගේ හදන්නේ... මම ටක්ගාල ඇදට පැනල හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඇල්බම් එක අතට අරන් අනිත් අතින් කිටී ව තුරුල් කරගත්තා. ඇල්බම් එකේ ටේ ගෙ පින්තූර යක් ලග නැවතුන මං...
" ආදරෙයි ටේ මැරෙන තුරාවට..."
මට නින්ද ගියෙ කීයටද මං දන්නෙ නෑ... නින්දෙනුත් මට දැනුනේ කවුරුහරි මගේ කන ලග ඉදගෙන හයියෙන් උස්ම ගන්නව කියල.
මම ඇස් ඇරලා ගැහෙන හදවතින් බැලුවෙ මගෙ ලග කවුරුහරි ඉන්නවද කියල. මම බොරුවට නේ බය වුණේ. මගෙ පුලුන් බෝලෙ මගේ පිට උඩ... එයාගෙ මූණ මගෙ කන ගාව. හරි සනීපයි මට.
මම එහෙමම නින්දට වැටුනෙ එයාට එහෙම ම ඉන්න දීල.
දහයක්වත් Comments නැත්තන් ඊලග chapter එක දෙන්නෑ... මම හරි දරුණුයි😤
Vote කරගෙන යන්න.
Bye සරන්ග්හේ...❤😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top