☠ 01 ☠
" මමී ප්ලීස් මමී...අ...අනේ ඩැඩා මං වැදල කියන්නම් ඩැඩා... මට මේ මනුස්සය මැරි කරන්න බෑ... ප්ලිස් ඩැඩා.... අ...අනේ... මගෙ ටේහියුන් ව දාල මට මේ මිනිහ ලගට යන්න බෑ ඩැඩා.... "
මං කොයිතරම් කෑ ගැහල ඇඩුවත් මමීගෙයි ඩැඩාගෙයි හිත නම් උණු වුණේ නෑ...
" ටේ හියුන්...? හහ්... ඌට දෙන්න අපි ලමයි හදල නෑ... ඌ අපෙ පරම්පරාවෙම හතුරෙක්.... ඌ කාලකන්නියෙක්... තෝ අද ජින් ව බදින්න ම ඕන... කෝටි ගානක දේපල යකෝ... ලේසි නෑ.... දේපල ටික අපේ අතට අරගත්තට පස්සෙ තෝ ඕන මගුලක පල... නැහැදිච්ච එකී..."
ඩැඩා එහෙම කියාගෙන කෑ ගහන ගමන් මගෙ කොණ්ඩෙන් ඇදගෙන පහලට ආවෙ මං ඔහේ ලෙහෙන්ග එකත් පැටලි පැටලි ඇදිල එද්දි...
අද ජින්ගෙයි මගෙයි කසාදේ... ජින්...? මගෙ ඩැඩාගෙ වයසෙ කෙනෙක් කිව්වොත් හරි.... දේපල තන්හාව නිසා අද ඒගොල්ලො හදන්නෙ තමන්ගෙ එකම දුවව නාකි මිනිහෙකුට බන්දල දෙන්න.
" අනේහ්... මට බෑ මමී... මමී... ප්ලීස් මාව බේරගන්න... අනේ..."
මටත් රවල මගේ අත තදකරල අල්ලගත්ත මමී...
" උඹව මරන්න අරගෙන යන්නෙ නෑ... දෙයියනේ කියල මේ හිටියට වඩා සැපට ඉන්න පුලුවන් උබට..."
ඩැඩා... ඩැඩා කියනවට වඩා මම කැමති තාත්ත කියන්න... ඒක වඩා ආදරණීය යි... ඒත් තාත්ත කියන්න ඕන තාත්ත කෙනෙක් කියල කියන්න සුදුසු මිනිහෙකුට. තාත්ත කියන්නෙ කවදාවත් සාධාරණ විදිහට සල්ලි හම්බ කරපු මනුස්සයෙක් නෙවේ... ඒක තේරුම්ගත් දවසෙ ඉදන් මට ඕන උනේ රස්සාවක් කරන්න. අසාධාරණ සල්ලි වලින් මගේ ඕන එපාකම් පිරිමහගන්න මට ඕන උනේ නෑ. පොඩි කාලෙ ඉදන් බටහිර ගතිපැවතුම් යටතේ හැදී වැඩුනත් වයසින් මුහුකුරා යත්ම සිංහල සංස්කෘතිය ට අනුව හැඩ ගැහෙන්න මං ආස කලා... මමී ගැන නම් කතා කරල වැඩක් නෑ...ක්ලබ් වලට ම දිය වෙලා ගිය ජීවිතයක් එයාට තිබ්බෙ.
එතකොට ටේ හියුන්ග්.... ලංකාවෙ number one businessmen ලගෙන් එක්කෙනෙක්..ගොඩක් සාධාරණව හම්බ කරල තමා එයා, එයාගෙ පවුලෙ අය ඔය තත්වෙට ඇවිල්ල තියෙන්නෙ... අසාධාරණ ව සල්ලි හම්බකරල පුරුදු අපේ ඩැඩා ලගෙ පරම්පරාවෙ මිනිස්සුන්ට ටේහියුන්ගෙ පරම්පරාව පෙනුනෙ නයාට අදුකොල වගේ... business ෆීල්ඩ් එකේ ටේහියුන්ට ගොඩක් හතුරො හිටියා. ලොකුම හතුරා මගෙ ඩැඩා. ඒ තරහෙ ප්‍රතිඵලයක් වශයෙන් ටේ ගෙ තාත්ත ට මේ ලෝකෙ දාල යන්න උනා. ටේ මට පණ ඇරල ආදරෙයි. එයා කියන විදිහට එයාගෙ මුලු ලෝකෙම මම... මගේ ජීවිතේ ටේ ගෙන් තොර වටිනා කිසිම දෙයක් නෑ...
නැකත් වෙලාව කෙමෙන් කෙමෙන් ලං උනා... මමී මාව ඇදගෙන ගියේ සයින් කරන තැනට... ඉස්සෙල්ලාම ජින් සයින් කලේ... දැන් මගේ වාරේ.. මාව මැරුවත් මං සයින් කරන්නෙ නෑ... ජින් කියන මිනිහ මගේ දිහා හරි අමුතු විදියට බැලුවෙ. නිකන් කන්න වගේ... මට මේ මිනිහව අප්පිරියයි.
ඉවසගන්න බැරි තරහක් හිතට ආව නිසා මම අත පුරෝල ගැහුවෙ ජින් ගෙ කනට...
" What nonsense...cheap third class girl..."
Jin ගෙ පාර්ශවයෙන් ඇවිල්ල හිටපු ගෑණු කෙනෙක් කෑ මොර දුන්නා.
" මොනවද සදලි මේ කරන්නෙ? අනේ අපිට සමාවෙන්න ජින්. මෙයා චුට්ටක් කලබල වෙලා ඉන්නේ... අපි වැඩේ continue කරමු"
මගේ අතට බලෙන්ම පෑන දීපු ඩැඩා එහෙම කිව්වා...ආපු ආවේගය ට පෑන දෙකට කඩල වීසි කරලා ඩැඩා දිහාවට හැරුන මම,
" ක්ලබ් වල ගෑණු එක්ක නටල නටලා, පුලුවන් උපරිමයෙන් අසාධාරණව සල්ලි හම්බකරල තමන්ගෙ දුවත් විකුණගෙන කන්න ද හදන්නේ ආ...? ඒහ්තකොට මමී... කලබ් ගානෙ රිංගල රිංගල පොඩි කොල්ලො එක්ක නටල නටලා තමන්ගෙ දූගෙ ජීවිතෙත් විනාස කරල දාන්න ද ඕන වෙලා තියෙන්නේ... ආ...?"
කියනකොට ම,
චටාස්...
ඩැඩා මගෙ කම්මුලට ගැහුවෙ සාලෙ මැද ඇදගෙන වැටෙන්නම.
" මිස්ටර් විජේසිංහ ඔයාගෙ දුව මහ නැහැදිච්ච කෙල්ලෙක් නේ... අපි වගේ මිනිස්සුන්ට මේ වගේ උන් ගැලපෙන්නෙ නෑ..."
මෙච්චර වෙලා නිහඩව උන්න ජින් තමන්ගෙ අදහස ප්‍රකාශ කලා.
" මම ආදරේ කලේ... ඉස්සරහට ආදරේ කරන්නෙත් ටේහියුන්ට විතරයි... තමුන්ගෙ හුලගක්වත් වදිනවට මං අකමැතියි "
" බැහැපන් ගෙදරින් එලියට... තෝ අද ඉදන් මගේ දරුවෙක් නෙවේ..."
ඩැඩා මගෙ කෙස් වැටියෙන් අල්ලගෙන ඇවිත් මාව ගෙදරින් එලියට ඇදල දැම්ම. මමී මගෙ පැක් කරල තිබ්බ සූට්කේස් ටික ඇදගෙන ඇවිල්ල එලියට විසික් කලා...
" මං බලාගන්නම් ඔය ටේ හියුන් කාරයව "
ඩැඩා තරහෙන් කෑ ගසමින් පඩිපෙල නැගගෙන ගියා...
" ටේ හියුන්ග් ව පරිස්සම් කරගන්නවා "
එහෙම කියපු ජින් තමන්ගෙ නෑදෑපිරිවර එක්ක පිටත් වෙලා ගියා.
Room එකට ගිහිල්ල මංගල ඇදුම ගලවල දාල ඩෙනිමයි ටීශර්ට් එකයි ඇගලාගෙන phone එකයි චාජර් එකයි අතට අරගෙන මමී ගාවට ගිය මං,
" මම යනවා "
" ඉතින් පල... අර තියෙන්නෙ දොර... "
" පරිස්සමෙන් ඉන්න මමී..."
ඇස් වලට පිරුණ කදුලු එක අතකින් පිහදාල බඩු ටිකත් කැබ් එකට පටවගෙන
මගේ මහන්සියෙන් හම්බකරල ගත්ත මගේ ගෙදරට ගියා... නුවරඑළියේ. ටේ ගෙ බන්ග්ලෝ එක තියෙන්නෙ මගේ ගෙදරට ගෙවල් තුන හතරකට එහයින්. එයා නිතරම එහෙ යන එන නිසා එයා තමයි කිව්වෙ ඒ හරියෙන් ගෙයක් ගන්න කියල.
ස්ටේෂන් එකට ගිය මං ට්රේන් එක එන්න වෙලා තියෙන නිසා හැන්ඩ් ෆී එක කනේ ගහගෙන සින්දුවක් අහන්න ගත්තා...
කොහෙන්ද මන්ද ආව කට්ටියක් මාව ඇදගෙන ගියේ ස්ටේෂන් එකෙන් එලියට. ඔව් ජින් ගෙ මිනිස්සු. මගෙ කෙස්වැටියෙන් අල්ලගත්ත ජින් මාව වාහනේට එබුවා...
" නැගපන් බැල්ලි "
එයා මාව අරන් ගියේ පාලු පාරකට. ඈත තියාම මං දැක්කෙ මගේ ටේ ගෙ වාහනේ... මගේ ඩැඩායි තව මිනිස්සු වගයකුයි වාහනේ කුඩු කරලා... ටේ වාහනෙන් බැහැල ඇවත් එකා දෙන්න ගහල බිම දැම්ම. වැඩක් නෑ එතන කට්ටිය වැඩියි. ජින් කියන නරුමයා වාහනෙන් බැස්සෙ පිස්ටල් එක අතට අරගෙන.
ඊටපස්සෙ මගේ කන් දෙක පිරිල ගියේ වෙඩි වරුසාව ක සද්දෙන්. ටේ..." ඔම්මා "
කියල කෑ ගහන සද්දෙ ඇහුනා... මාව car එකෙන් එලියට ඇදල ගත්ත ජින් මාව ඇදගෙන ගියේ ටේ ගාවට... මගේ ටේ ලේ විලක් මැද වැටිල ඉන්නව...
" අන්න ... පලයන්... දැන් ඌව බැඳගනින්... ඔතන ම හනිමූන් යන්න එපා හොදේ..."
ජින් වියරුවෙන් වගේ හිනාවෙනකොට ඩැඩාත් මහ හයියෙන් හිනා උනා.
එයාල මාව එතන තනි කරල දාල යන්න ගියා. ටේ ට තාම සිහිය තියෙනවා.. මං දුවල ගිහිල්ල එයාගෙ ඔලුව මගේ ඔඩොක්කුවේ තියාගත්ත.
"ටේ... මේ බලන්න රත්තරන්... අයියේ... ඔයාට මාව ඇහෙනවද?"
එයා මොනවද කියන්න උත්සාහ කරනවා...
ත්...තො..පි.. ඔ...ක්කොම... එ..එකතු... ව..ලා... අ..පි..ව.. නැ..ති... ක..ලා... ම..මං.. ප..ලි...ග..න්නවා... මං...මං... උ..බෙන්.. ප..ලි..ගන්..නවා... වි..ද්..ව..න්...වෙ..යි...
ඒ දැනෙන වේදනාව විස්තර කරන්න අමාරුයි... මං එම්බියුලන්ස් එකට කතා කරන්න phone එක අතට ගන්නකොටම එයා...
ම..මං උඹව නැති.. ක..කරනවා...
එයා ගෙ කටින් ලේ ගොඩක් ගලාගෙන ගියා. එයා මගෙ අත් උඩම අවසන් හුස්ම පොද හෙලුවා...
"මං ආදරෙයි ටේ... ප්ලීස් මට වෛර කරන්න එපා..."
First chapter එක දැම්ම...
කොහොමද ෆීල් වෙන්නෙ... comment එකක් දාගෙන යම්න.
Vote කරන්න.
බායි... සරන්ග්හේ...❤😘
Bạn đang đọc truyện trên: AzTruyen.Top