Chapter 40 🎀
ජීසූව පුලුවන් ඉක්මනට හොස්පිටල් එකට එක්කගෙන ආවා කෙල්ලව ICU එකට ඇඩ්මිට් කරලා දැන් පැය දෙකකට වැඩියි ටේහ්‍යුන් ICU එක ඉස්සරහ එහාට මෙහාට ඇවිදිනවා කොල්ලා හොදටම බය වෙලා ඉන්නේ ඩොක්ටර්ස්ලා තාම මුකුත් කිව්වේ නැ ජන්කූක් සනාව එක්කගෙන mansion එකට ගියේ සනා ඉන්න තත්ත්වය අනුව එයාට නිදි මරන්න හොද නැති නිසා
" Mr.kim..."
ඩොක්ටර් එලියට ඇවිත් කතා කරනකොට ටේහ්‍යුන් ඩොක්ටර් ලගට ගියා
" එයා හොදින්ද...? මගේ කෙල්ලට මොකද වුනේ... මට එයාව බලන්න ඕන "
" Mr.kim...just relax "
" Are you fucking kidding me...? සිහිය නැතුව ඇතුලේ ඉන්නේ මගේ කෙල්ල යකෝ තමුසේ කොහොමද මට කියන්නේ රිලැක්ස් වෙන්න කියලා "
ටේහ්‍යුන් ඩොක්ටර්ගේ බෙල්ලෙන් තද කරලා අල්ලාගෙන hospital එකම දෙවනත් වෙන්න කෑගහද්දී ඩොක්ටර් අසරණ විදියට ජිමින් දිහා බැලුවා
" ටේ..ඩොක්ටර්ව අතහැරපන් "
ජිමින් කොල්ලාගේ පිටට තට්ටුවක් දාලා කියද්දී ටේහ්‍යුන් ටිකක් සන්සුන් වුනා තල්මසාගෙන් බේරුනු හාල්මැස්සා වගේ හුස්මක් ගත්තේ ජිමින්ට හිතින් පින් දිදී
" Mr.kim පේෂන්ගේ ශරීරය ගොඩක් දුර්වලයි එයාට අවශ්‍ය පෝෂණය ලැබිලා නැ "
" අයිෂ් මේ කෙල්ල සතියයි බලන්න නොගියේ.."
ටේහ්‍යුන් තමන්ගේ නලල පිරිමදින ගමන් හිමින් මිමිනුවා
" ඒ වගේම මිස්ටර් කිම්ට සුභ ආරංචියක් තියෙනවා Congratulations Mr.kim She is pregnant "
ඩොක්ටර් කියපු වචන ටික ඇහෙද්දී ටේහ්‍යුන් හිටියේ ගල් වෙලා බලාගෙන ඩොක්ටර් දිහා බලාගෙන කොල්ලා කොහොමවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ
" පේශන් පරිස්සමින් බලාගන්න මිස්ටර් කිම්.."
ඩොක්ටර් එහෙම කියලා ගියා
" මැරි කරන්න කලින් උබ කොහොමහරි කෙල්ලව pregnant කලා එහෙනම් "
ජිමින් හිනා වෙන ගමන් කිව්වා ටේහ්‍යුන් එකපාරට ජිමින්ගේ ඇගට පැනලා බදාගත්තා ටේහ්‍යුන් පැන්න පාර අහිංසක කොට ජිමින්ශි තව පොඩ්ඩෙන් කොන්දත් කඩාගෙන බිම වැටෙනවා
" මොකද යකෝ මේ එහාට පල..."
ජිමින් ටේහ්‍යුන් ඈත් කරන ගමන් කිව්වා
" මට සතුටුයි කොටෝ...."
" මටත් පිටසක්වලයෝ ඒත් හිත කොනේ පොඩි දුකක් නැත්තේම නැ "
ජිමින් මූන ඇද කරගෙන කිව්වාම ටේහ්‍යුන් කොල්ලාගෙන් ඈත් වෙලා ඇහිබමක් උස්සලා බැලුවා
" අවුරුදු දෙකක් එකට හිටපු මට සුකීව pregnant කරන්න බැරි වුනා තෝ මාස ගානකින් ජීසූව pregnant කලා...."
" ඒකට තමයි bro..talent එක කියන්නේ "
ටේහ්‍යුන් එහෙම කියලා ජීසූ හිටපු රූම් එකට ගියා කෙල්ලට සිහිය ඇවිත් තිබුණේ ජීසූ එයාගේ බන්ඩිය අතින් පිරිමදින ගමන් ජනෙල් කර්ටන් අතරින් පේන අහස දිහා බලාගෙන හිටියේ
" ජීසූ.."
කොල්ලාගේ කටහඬ ඇහිලා ජීසූ ටේහ්‍යුන් දිහාට හැරුනා කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා ඒ සතුටටයි දුකටයි දෙකටම
" ටේ......"
ජීසූ වෙව්ලන හඩකින් කතා කරද්දී කොල්ලා ජීසූ ලගින් ගිහින් ඉදගත්තා විතරයි කෙල්ල ටේහ්‍යුන් බදාගෙන අඩන්න පටන් ගත්තා කොල්ලා ජීසූගේ ඔලුව හිමින් පිරිමැද්දා
" ටේ...වේ...එහෙම වුනේ....? ඒක මට වදින්න තිබුණු බුලට් එක...ඇයි එයා මැද්දට පැන්නේ.. මට දුකයි..ටේ.."
කෙල්ල ඉකි ගසමින් අඩද්දී කොල්ලා මුකුත් නොකියා ජීසූගේ ඔලුව අතගෑවා ජීසූ සන්ග් වූ ගැන කතා කරද්දී කොල්ලාට දැනුනේ එයාගේ හදවතට පිහියෙන් අනිනවා වගේ ජීසූ එයාගේ ex boyfriend ගැන කිය කියා කොල්ලා එක්ක අඩද්දී ටේහ්‍යුන්ට ඇති වුනේ තරහක් අලුතින් ලැබෙන්න ඉන්න එයාලගේ පුංචි පැටියා ගැන නොහිතා ජීසූ සන්ග් වූගේ මරනය ගැන කියවනවා කොල්ලා ඒ ගැන දුක් වුනා ඒත් ජීසූට මුකුත් කිව්වේ නැ
.
After 07 Months
සන්ග් වූගේ funeral එක ජීසූගේ මැදහත් වීම නිසා සිද්ධ වුනා හැබැයි ඒ ගැන ටේහ්‍යුන් නම් වැඩි කැමැත්තකින් නෙවෙයි ඉන්නේ කියලා හැමෝටම තේරුනා
ජීසූ pregnant කියලා ප්‍රසිඩන්ට් දැනගත්තාම ප්රසිඩන්ට්ට හාර්ට් ඇටෑක් හැදුනේ නැති ටික විතරයි අවසානයේ අකමැත්තෙන් වුනත් ජීසූගෙයි ටේහ්යුන්ගෙයි relationship එකට අවසර දුන්නා වැඩි කල් නොගෙන දෙන්නාට මැරි කරන්න වුනා මැරේජ් එක දවසේ ජන්කූක්ට ප්‍රසිඩන්ට් හම්බුනාම කොල්ලා ප්රසිඩන්ට්ට කින්ඩියට හිනා වුනේ එදා කියලා ආපු දේ මතක් වෙලා ප්‍රසිඩන්ට් ජන්කූක් මගහැරලා හිටපු එක කලේ මොකද ජන්කූක් දැක්ක තැන මොනාහරි නෝන්ඩි වෙන කතාවක් ප්රසිඩන්ට්ට කියන හින්දා
මාස හතක් ඉක්මනට ගෙවිලා ගියා ඒ අතරේ ජිමින් සුකී දෙන්නාත් මැරි කලා එක්සත් තනිකඩ සංගමය පවත්වාගෙන හෝසොක් නම්ජූන් දෙන්නා ඉන්නවා ඒත් ජින් නම් හදන්නේ කොහොමහරි කෙල්ලෝ දෙන්නෙක් හොයලා ඩබලව බන්දලා දාන්න ඒත් බැරි නම් හෝසොක් නම්ජූන් ඩබලව බන්දලා දෙන්න තමයි ජින්ගේ අදහස වුනේ
එතකොට ටේසෝ ගැන කිව්වොත් ටේහ්‍යුන් කොයිවෙලෙත් ජීසූ ගැන හොයලා බැලුවා ඉල්ලන හැමදේම ගෙනත් දුන්නා කොල්ලා පුලුවන් හැමවෙලේම ජීසූ එක්ක හිටියා කෙල්ලගේ පුංචි කෙදිරිල්ලකට වුනත් කලබල වෙලා ටේහ්‍යුන් දුවගෙන එනවා ජීසූට තනියෙන් පඩිපෙලවත් බහින්න දුන්නේ නැ කොල්ලා පුංචි දේකින්වත් ජීසූට අඩුවක් කලේ නැ
ඒත් ටේහ්‍යුන් ඉස්සරහ වගේ නෙවෙයි කෙල්ලව හිතුනු හිතුනු වෙලාවට කිස් කරන්නේ නැ ඉස්සර වගේ කෙල්ලව හුරතල් කලේ නැ ජීසූව අවුස්සන වැඩ කලේ නැ කොල්ලා ජීසූ එක්ක කතා කලෙත් අඩුවෙන් කෙල්ලට ඒ දේවල් ගොඩක් දැනුනා එයා ඉන්න තත්ත්වය එක්ක කෙල්ලට ඕන වුනේ ටේහ්‍යුන් එක්ක ඉන්න ඉස්සර වගේ කොල්ලාගේ උනුසුම් පපුවට තුරුල් වෙලා ඉන්න ඒත් කොල්ලා ජීසූට ලං වුනේ නැ කෙල්ල කොච්චර ටේහ්‍යුන්ට ලං වෙන්න උත්සාහ කලත් ඒවා වැඩක් වුනේ නැ
මේ ගෙවිලා යන්නේ සනාගේ pregnancy එකේ හත් වෙනි මාසය ජන්කූක් කෙල්ලට කොහෙවත් තනියෙන් යන්න දෙන්නේ නැ අනික සනාට ටික ටික ඇවිදින්න අමාරු වුනා කෙල්ලගේ කකුල් ඉදිමුනා සනාට ලැබෙන්නේ ඉන්නේ එක බබෙක් නෙවෙයි බබාලා දෙන්නෙක් ඔව් එයාලා twins ලා ඒක දැනගත්තාම ජන්කූක් සතුටට ඇඩුවා සනාට කොල්ලාව නලවන්නම හෙන වෙලාවක් ගියා
සනා හිටියේ කිචන් එකේ කවුන්ටරේ උඩ වාඩිවෙලා ජන්කූක්ගේ ඉන වටේ කකුල් දෙකත් ඔතාගෙන ජන්කූක් හිටියේ ශර්ට් එකක් ඇදගෙන නෙවෙයි කෙල්ලගේ නිරාවරණය වෙලා තිබුණේ කලවා අතින් පිරිමදින ගමන් ජන්කූක් හිටියේ කොල්ලා සනාගේ තොල් වලට පෙක් එකක් දුන්නාම කෙල්ල කියුට් විදියට හිනා වුනා
" දැන් මගේ පැටව් දෙන්නාගේ බන්ඩි ෆුල් ද..?"
ජන්කූක් ඇහුවේ සනාගේ නෙරා තියෙන බන්ඩිය අතකින් පිරිමදින ගමන් ඇහුවා සනා ඇස් හීනි කරගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා සනා උදේ පාන්දර නැගිටලා කොල්ලාට rice cake කන්න ඕන කියලා වද දුන්නු හින්දා කෙල්ලව වඩාගෙන ජන්කූක් කිචන් එකට ආවා ජන්කූක් සනාට rice cake හදලා දුන්නා කෙල්ල කාලා ඉවර වුනාම ජන්කූක් හැමදාම වගේ සනාව හුරතල් කරනවා කෙල්ලත් පොඩි බබෙක් වගේ ජන්කූක් එක්ක හුරතල් වෙනවා
" එයාලගෙන් අහන්න කලින් මගෙන් අහන්න..."
කෙල්ල තොල් පිට පෙරලගෙන කියද්දී ජන්කූක් හිනා වුනා
" මගේ බේබිගේ බන්ඩි ෆුල් ද..."
ජන්කූක් සනාගේ කම්බුල් හිමින් මිරිකන ගමන් ඇහුවා
" යෙප්...."
" Awww...my cute baby.."
" දැන් කුක්සන් මට ආදලේ නැ "
කෙල්ල ජන්කූක්ගේ නිරුවත් පපුවට ඇගිල්ලෙ අනිනන ගමන් කිව්වා
" ඇයි දැන් මගේ බේබි එහෙම කියන්නේ "
කොල්ලා සනාගේ ඉන වටේ අත් දෙක ඔතාගෙන ඇහුවා
" මට වඩා බබාලට ආදරෙයි නේ.."
කෙල්ල තොල් පිට පෙරලගෙන කිව්වාම ජන්කූක් සනාගේ කම්බුලට කිස් එකක් දුන්නා
" මම එයාලට වඩා පොඩ්ඩක් වැඩියෙන් මගේ බේබිට ආදරෙයි එයාලා මට ලැබෙන්නෙත් ඔයා නිසා නේ ම්ම්ම්..ඔයා නිසායි මම සම්පූර්ණයි කියලා දැනෙන්නේ මම දෙයක් කියන්න ද බේබි.."
ජන්කූක් අහද්දී කෙල්ල ඇස් වලින් ඇහුවේ මොකද්ද කියලා
" ඔයා බෝල ගෙඩියක් වගේ හපලා හපලා දාන්න හිතයි.."
කොල්ලා එහෙම කිව්වාම සනා හිනා වුනා කෙල්ලගේ හිනාව දිහා ජන්කූක් බලාගෙන හිටියේ සතුටින්
" ජන්කුකී.....ඔයා ඔෆිස් යන්නේ නැද්ද.."
" යන්න ඕන ඊට කලින් මේ අල බෝලේව වොෂ් කරලා යන්න ඕන "
සනාගේ නහයට තට්ටුවක් දාලා කිව්වා කෙල්ල හිනාවක් එක්ක ජන්කූක්ට තුරුල් වුනා මේ දිහා කෙනෙක් කදුලු පිරුණු ඇස් දෙකකින් බලාගෙන හිටියේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ජීසූ උදේ නැගිටපු කෙල්ලට ස්ට්‍රෝබෙරි කන්න ආස හිතිලා කිචන් එකට ආවාම ජීසූ දැක්කේ සනාව හුරතල් කරන ජන්කූක්ව එයාටත් ඒ වගේ ටේහ්‍යුන්ට ලං වෙලා ඉන්න ඕන වුනා ඒත් කොල්ලා ජීසූව මගහැරපු එක කලේ
ටේහ්‍යුන් කෙල්ලව මගහැරියේ එදා සිද්ධ වුනු දේවල් කොල්ලාගේ හිතට තදින්ම වැදුනු හින්දා ටේහ්‍යුන්ට හිතුනේ සන්ග් වූට ජීසූගේ හිතේ එයාට වැඩිය තැනක් තියෙනවා කියලා ටේහ්‍යුන් එහෙම හිතපු එක අසාධාරණ නැ නේ ද...? ජීසූ එදා හැසිරුනු විදියට ඕන කෙනෙක්ට එහෙම හිතෙනවා එහෙම කියලා ජීසූ වැරදි ද..? තමන්ගේ පලවෙනි ආදරේ එයාගේ ජීවිතේ අනතුරේ දාගෙන කෙල්ලව ආරක්ෂා කරන්න හදපු විදිය ජීසූට වදින්න තිබුණු බුලට් එක මැදට පැනලා එයා වැදුනු නිසා ජීසූට මොනා හිතෙන්න ඇති ද..? කෙල්ලට හිතුනේ එයා හින්දා ජීවිතයක් නැති වුනා කියලා ඒ හැගීම නිසා තමයි ජීසූ එහෙම හැසිරුනේ
ජීසූ කදුලු පුරවගෙන අනිත් පැත්ත හැරිලා යන්න ගියා කෙල්ල හිමින් සැරේ පඩිපෙළ නැගගෙන රූම් එකට ගිහින් බැල්කනියේ දොර ඇරගෙන බැල්කනියට ගියා ජීසූ ගොඩක් වෙලාවට එතැන ඉන්න කැමති නිසා ටේහ්‍යුන් බැල්කනියේ පුටුවක් තියලා තිබුනා කෙල්ල වාඩිවෙලා උදෑසන අහස දිහා බලාගෙන හිටියේ එයාගේ පුංචි බන්ඩිය අතගාන ගමන්
" මගේ මැනිකට බඩගිනියි ද...? අපි තව ටිකකින් කමු හරි ද..? ඔයාගේ කුකී සම්චොන් සනා ඉමෝව කිචන් එකේ තියාගෙන හුරතල් කරනවා නේ..අපි දෙන්නා ගියොත් එයාලට disturb වෙයි...ඒ නිසා පොඩ්ඩක් ඉවසමු හරි ද..? මගේ චූටි මැනික මටත් ආසයි ඔයාගේ අප්පා එක්ක එහෙම ඉන්න ඔයාගේ අප්පාට මාව එපා වෙලා වෙන්න ඇති නේද මැනික මම කොයිවෙලෙත් එයාට කරදර කරනවා නේ සමහර විට ඔයා ආවාම අප්පා මාව අතහරියි එහෙම වුනොත් මගේ පැටියා අප්පාව හොදට බලාගන්න ඕන ඔම්මා නැති වුනත් අප්පා ඔයාට අඩුවක් කරන්නේ නැ මැනික මම ඒක දන්නවා මේ මාස හත පුරාවට එයා මට ලං වුනේ ඔයා නිසා ඔයා මගේ ලග නොහිටින්න අප්පා මාව මැරි කරන්නේ නැති වෙයි..මෙච්චර කාලයක් මම කියන හැමදේම අහගෙන හිටියාට කුමාවෝ මැනික කවුරු මගේ ලග හිටියත් ඔයාගේ අප්පා නැති අඩුව මට ගොඩක් දැනෙනවා ඔයා මගේ ලග ඉන්න හින්දා මට ටිකක් හරි පාලුවක් නැ ඔම්මා මගේ මැනිකට ගොඩක් ආදරෙයි ඊට වඩා අප්පා ආදරෙයි කියලා මම දන්නවා "
කෙල්ල එයාගේ බබා එක්ක හැමදාම වගේ අදත් කතා කලා හැබැයි ජීසූ නොදන්නවා වුනාට කෙනෙක් එයා කතා කරපු ඔක්කොම අහගෙන හිටියා ඒ ටේහ්‍යුන් තමයි ජීසූ නැගිටින්න කලින් bathroom එකට ගියපු කොල්ලා වොෂ් එකක් දාගෙන එනකොට ජීසූ නොහිටපු හින්දා බැල්කනියට පැත්තට ආවේ එතකොට තමයි ජීසූ බබා එක්ක කතා කරන දේවල් ඇහුනේ
" ජීසුයා......"
ටේහ්‍යුන්ගේ කටහඬ ඇහෙනවත් එක්කම කලබලයෙන් කදුලු පිහිදගත්ත කෙල්ල නැගිටින්න ගියපු නිසා තව පොඩ්ඩෙන් වැටෙනවා ඊට කලින් ටේහ්‍යුන් ජීසූව අල්ලගත්තා කෙල්ලව ආපහු ඉන්දවලා කොල්ලා ඉස්සරහින් ඉදගත්තා
" පරිස්සමින්....ජීසුයා...මම නොහිටියා නම් වැටෙනවා "
කොල්ලා ජීසූගේ මූනට වැටිලා තිබුණු කොන්ඩේ කන පිටිපස්සේ රදවන ගමන් කිව්වා ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුලක් අතින් පිරිමැද්දා කෙල්ල ටේහ්‍යුන්ගේ අතට මූන නැඹුරු කරද්දී කොල්ලාට හිනාවක් ගියා
" ටේටේ...මාව ඔයාගෙන් ඈත් කරන්න හදන්න එපා මට ඔයාව ඕන ඉස්සර වගේ ඔය උනුසුම් පපුවට තුරුල් වෙලා ඉන්න ඕන මට ආදරේ කරන්න ඕන ඔයා එක්ක හුරතල් වෙන්න ඕන ඉස්සර වගේ මට ඉන්න ඕන ටේ මට ඔයාගේ වෙනස දරාගන්න බැ මගේ අතින් වරදක් වුනා නම් සමාවෙන්න චේබල් මගෙන් ඈත් වෙන්න එපා "
කෙල්ල අත් දෙක එකතු කරලා වැදගෙන ඉල්ලද්දී ටේහ්‍යුන් කෙල්ලගේ අත් දෙක අල්ලගත්තා ජීසූගේ කම්බුල් වල තියෙන කදුලු බිදු පිසදැම්මා
" එදා...ඔයා සන්ග් වූ නැති වුනු වෙලේ හැසිරුණු විදිය නිසා මට දුක හිතුනා ඔයා pregnant කියලා දැනගෙනත් සන්ග් වූ ගැන කියලා අඩද්දී මට හිතුනේ ඔයා...ඔයා..තාමත් එයාට ආදරෙයි කියලා මට එහෙම හිතුනු එක වැරදියි ද ජිසුයා...මම...ඔයාව මගහැරියේ ඒ නිසා මම හිත හයිය කරගෙන හිටියේ අමාරුවෙන් ඔය ඇස් මාව නිවනවා ජීසුයා..."
ජීසූ කොල්ලාගේ කම්බුල් වලට අත් තියලා නලලට කිස් එකක් දුන්නා
" එදා හැසිරුණු විදියට මට සමාවෙන්න ටේටේ....එයා මැරුනේ මම හින්දා කියන දේ මගේ හිතට තදින්ම දැනුනා සන්ග් වූ මැද්දට පැන්නේ නැත්නම් එයා අදටත් පනපිටින් ඉන්නවා හැබැයි ඒකෙන් කියන්නේ මම එයාට ඉස්සර වගේ ආදරෙයි කියලා නම් ඒක බොරුවක් මම ආදරේ කරන්නේ ඔයාට ටේ ඒක තේරුම් ගන්න සන්ග් වූ මගේ අතීතය මට ඒ අතීතය අමතක කරන්න බැරි වෙයි ඒත් ටේහ්‍යුන් කියන්නේ මගේ වර්තමානය වගේම අනාගතය මගේ හිතේ ටේහ්‍යුන්ට තියෙන තැන කාටවත් ගන්න බැ ඔයා තමයි මගේ පන මගේ ආදරේ මගේ ලෝකේ මගේ හැමදේම ඒ නිසා ආපහු මාව ඈත් කරන්න හදන්න එපා මට දරාගන්න බැ මම සනාට ඉරිසියාත් කලා ජන්කූක් සනාව හුරතල් කරද්දී ඉන්නේ කවුද කියලවත් නොබලා කිස් කරද්දී එයා ගැන ජන්කූක් හොයලා බලද්දී මගේ ටේටේත් මට එහෙම සලකනවා නම් කියලා හිතුනු වාර අනන්තයි..."
" මට සමාවෙන්න මැනික...මගෙන් ඈත් වෙන්න හිතන්නවත් එපා මට ඔයා නැතුව බැ ජීසුයා... එදා ඔයා සිහිය නැතුව මගේ අත් අතරට වැටුනාම මම කොච්චර බය වුනා ද දන්නවා ද මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුනා වගේ "
" හලි හලි..අලේ ආපහු එහෙම වෙන්නේ නැ හදිස්සියේවත් සිහිය නැතුව වැටුනොත් ඔයාගේ ලෝකේ කඩාගෙන වැටෙන්න කලින් ටූත්පික් එකක් ගහන්න එතකොට පොලොවට සමතලා වෙන එකක් නැ "
ජීසූ හෙන බුද්ධිමත් කතාවක් කිව්වා වගේ කොල්ලා දිහා බලාගෙන කිව්වාම ටේහ්‍යුන්ට එකපාරට හිනාවක් ගියා
" තාමත් සිගිති මානසිකත්වයෙන් මිදිලා නැ නේ දැන් ඔම්මා කෙනෙක් ඒ වගේ හැසිරෙනවා මෝඩ කෙල්ල..."
කෙල්ලගේ ඔලුවට ඇගිල්ලෙන් අනිනන ගමන් කිව්වා
" මම මෝඩ නැ හරිත...?"
" ඒ ගැන මොකට කියනවාද...?"
ටේහ්‍යුන් අහක බලාගෙන කියද්දී කෙල්ල ටේහ්‍යුන්ගේ කම්බුලක් තදින් හැපුවා
" ආව්...ආව්...යක්සනියේ...හපන්න එපා..යකූ.."
කොල්ලා හයියෙන් කෑගැහුවා ටේහ්‍යුන්ගේ ඇස් වලින් කදුලු පැනලා
" ආපහු මෝඩි කිව්වොත් හපන්නේ කම්බුල නෙවෙයි..."
ජීසූ රවාගෙන කියද්දී කොල්ලා කෙල්ලගේ ඉන වටේ අත් දෙක යවලා කෙල්ලගේ බන්ඩිය උඩින් ඔලුව තියාගත්තා
" මගේ මැනික....ඔම්මා වගේ නපුරු යක්සනියක් වෙන්න එපා අප්පා වගේ අහිංසක කොටි පැටියෙක් වෙන්න "
" කොටි කවද්ද අහිංසක වුනේ "
කෙල්ල අහනකොට ටේහ්‍යුන් ඔලුව උස්සලා ජීසූ දිහා බැලුවා කොල්ලා ඇස් බෝල කරගෙන තොල් පිට පෙරලගෙන කියුට් විදියට ජීසූ දිහා බලාගෙන ඉන්නවා කෙල්ලට හිතුනේ ටේහ්‍යුන්ව හපලා හපලා ගිලලා දාන්න
" මම්..තමයි අහිංසක කොටියා.."
කොල්ලා කිව්වාම ජීසූ හිනා වෙන්න පටන් ගත්තා
" ජීසුයා..."
" ම්ම්ම්..."
" කවද්ද මෙයා එන්නේ "
ටේහ්‍යුන් කෙල්ලගේ බන්ඩිය මතින් පුංචි කිස් එකක් තියලා ඇහුවා
" මොකද එකපාරට එහෙම ඇහුවේ "
" කාලෙකින් මුකුත් කලෙත් නැ daddy miss his babygirl..."
" මට හිතුනා ඕකට තමයි එන්නේ කියලා "
" බේබිගර්ල්ගේ soft boobs මිරිකන්න ඕන "
" යාහ්හ්හ්....වල් කොටියා...මම තමුසෙව පෙති ගහලා පිඹුරන්ට කන්න දානවා.."
ජීසූ කෑගහලා කිව්වාම කොල්ලා කෙල්ලව ආදරෙන් තුරුල් කරගත්තා කෙල්ලත් ටේහ්‍යුන්ගේ උනුසුම් පපුවට තුරුල් වෙලා ඇස් පියාගත්තේ සැනසීමෙන්
.
හවස් වෙනකොට හැමෝම එකතු වුනේ කාලෙකින් කට්ටියට එකට ඉදගෙන කතා කරන්න බැරි වුනු නිසා පුංචි බබා දෙන්නාත් බිම ඉදගෙන සෙල්ලම් කරනවා දැන් යුන්සෝ බබා දනගාන්න පටන් අරගෙන හින්දා සූයාට වැඩ ගොඩයි අනික පොඩි කොල්ලා එයාගේ අප්පා වගේ වැටුනු තැන නිදාගන්නවා දවසක් පඩිපෙලේ පඩියක් මතක් නිදාගෙන ඒ නිසා සූයාගේ වැඩේ යුන්සෝ බබා පස්සෙන් යන එක තමයි
යූහි බබා දැන් වැටි වැටි ඇවිදින්න ට්‍රයි කරනවා ජියා කෙල්ලගේ පස්සෙන්ම තමයි යුන්සෝ බබායි යූහි බබායි සෙල්ලමට වැටුනාම දෙන්නාට ඊට වඩා දෙයක් නැ දෙන්නා සෙල්ලම් කර කර ඉදලා එතැනම නිදාගන්නවා
ඉතින් Jeon Mansion එක යුද්ධ පිටියක් වගේ තමයි පුංචි පැටවුන්ගේ සද්දෙයි ඊට නොදැවිනි ජින්ගේ වොයිස් එක නිසා Jeon Mansion එක නිශ්ශබද වෙලාවක් හොයනවා කියන්නේ රීඩස්ලා බබ්බුලා ෆෝන් එක කොටන්නේ නැති අවස්ථාවක් හොයාගන්න නැ වගේ තමයි
ටේහ්‍යුන් ජීසූව ඔඩොක්කුවේ තියාගෙන කෙල්ලගේ කම්බුලක් මිරිකන ගමන් හුරතල් කරනවා කෙල්ලට නම් ටේහ්‍යුන්ගේ කොන්ඩේ අහුවෙලා හින්දා මොනදේ වුනත් ගානක් නැ මේ අවස්ථාව වෙනකොට යූහි බබාගේ කොන්ඩ කටු වලින් භාගයක් විතර කොල්ලාගේ ඔලුවේ ජියා යූහි බබාට කවන්න ට්‍රයි කරනවා ජින් බබාගේ අවධානය ගන්න එක එක විකාර වැඩ කරනවා
සෙල්ලම් කර කර ඉදපු යුන්සෝ බබාට නින්ද ගිහින් නිසා සූයා කොල්ලාව වඩාගෙන ගියේ වොෂ් කරලා ඇදෙන් තියලා එන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන හොර පූස් තඩියෙකුත් සූයාගේ පස්සෙන් ආවා
සනාගේ ඔඩොක්කුවේ ඔලුවේ තියාගෙන ජන්කූක් හිටියේ කෙල්ල ජන්කූක්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවමින් අතගෑවා කොල්ලා සනාගේ අනිත් අත පපුවට තුරුල් කරගෙන හිටියා
හැමෝම හිටියත් ජිමින්ශි හොයාගන්න නැ ඒත් එක්කම ඕතර්ගේ දර්ශන පථයට අසු වුනේ සුකීව බිත්තියට හිර කරගෙන කිස් කරනවා ඒ දෙන්නාට වටේ වෙන දේවල් ගැන ගානක් තිබුණේ නැ
" Oh..my god..මගේ virgin දෑස දූසනය කරන්න එපා යකෝ රූම් එකට ගිහින් කරගන්න දෙයක් කරගනින්කෝ.."
නම්ජූන් ඇස් දෙක අත් දෙකෙන් වහගෙන කෑගහනකොට මෙච්චර වෙලා එයාලගේ ලෝකේ තනි වෙලා ඉදපු කපල් එක වෙන් වුනා සුකී කම්බුල් රතු කරගෙන ජිමින්ගේ පපුව අස්සේ මූන හංගගත්තා
" හියුන්ග් කෙල්ල හොයාගන්නවකෝ හලෝ වද දෙන්නේ.."
ජිමින් එහෙම කියලා සුකීගේ අතකින් ඇදගෙන යන්න ගියේ පොඩි එකෙක් ගිය උඩක් කියලා නම්ජූන්ට හිතුනේ
මේ අතරේ හෝසොක් හිටියේ පාක් එකේ කපල් ගොඩක් අතරේ තනිවුනු ගහක් වගේ කොල්ලාගේ කටත් තනි සරල රේඛාවක් වගේ කරගෙන හිටියා
" මොකද වුබේ මූනේ හැටි.."
නම්ජූන් ඇහුවේ හෝසොක් දිහා බලාගෙන
" තෝ කියන්නේ මට කොහොම ඉන්න කියලා ද යකෝ කපල් ගොඩක් මැද මම මොකාද වගේ ඉන්නවා "
හෝසොක් කියද්දී හැමෝම කොල්ලා දිහා බැලුවා
" ඉතින් ඔප්පා ඔයාගේ යොංජාචිංගුව එක්කගෙන එන්නකෝ.."
ජීසූ කිව්වාම හැමෝගෙම අවදානය කෙල්ලට යොමු වුනා
" කොහේ ඉන්න යොංජාචිංගු කෙනෙක් ද..?"
" අර ඔප්පා රෑට රෑට බිත්ති වල ගඩොල් ගලවන්න ට්‍රයි කරන ගමන් කතා කරන කෙල්ල එයා ගැන කියන්නේ නේද සනා.."
ජීසූ සනා දිහා බලලා ඇහුවාම කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා
" බේබි ඔයා මට එහෙම දෙයක් කිව්වේ නැ "
ජන්කූක් කිව්වාම සනා අහිංසක හිනාවක් දැම්මා
" මට කියාම් මොකාද තොගේ ප්‍රිය අංගනාව "
" හේ..හේ හියුන්ග් "
" ගහප් තොට සෝස්පන් එකෙන් කියපන් "
ජින් එහෙම කිව්වාම ඔක්කොම හිනා වුනා
" හැම වෙඩිමකටම ඔය යකඩ කෑල්ල උස්සගෙන එම්න ඕන නැ එයා කොරියන් ගර්ල් කෙනෙක් නෙවෙයි ශ්‍රි ලංකන් ගර්ල් කෙනෙක් එයා ලෝයර් කෙනෙක් එයාගේ නම නම් මතක නැ හියුන්ග් ඒ නම් මතක තියාගන්න අමාරු නිසා මම කියන්නේ ලොලිපොප් කෙල්ල කියලා "
හෝසොක් ඔලුව පිටිපස්ස කසන ගමන් කිව්වා
" ඔය කෙල්ලව ඉක්මනට එක්කගෙන එනවා.."
ජින් කිව්වා
" හියුන්ග් මට දෙයක් කියන්න තියෙනවා "
නම්ජූන් එහෙම කිව්වා
" දැන් උබත් කවුරුහරි හොයාගත්තා කියන්න ද හදන්නේ "
" හියුන්ග්ට දේවාලයක් දාගන්න තිබුණේ "
" තොට කිව්වා කියලා හිතාගනින් දැන් කියපිය තෝ මොකද්ද කියන්න ගියේ "
" මට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා එයා ජන්කූක්ගේ company එකේ වැඩ කරන්නේ "
නම්ජූන් එහෙම කිව්වාම මෙච්චර වෙලා ඇස් පියාගෙන සනාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හිටපු ජන්කූක් කෙලින් වුනා
" කවුද ඒ..."
" මිනායා....සොන්ග් මිනායා "
" ඔහ්....හොද කෙල්ල හැබැයි "
සනා හිනා වෙලා කිව්වා
" තොපි දෙන්නාට පහුවෙලා හරි මොලේ පෑදුනු එක ගැන සතුටුයි හැබැයි තොපි අපෙන් මේක හැංගුව එකට නම් හම ගහන්න ඕන අපේ ජීසූ බබා නැත්නම් දන්නෙත් නැ "
ජින් එහෙම කියලා ජීසූගේ කම්බුලට කිස් එකක් දුන්නා
" යාහ්හ්හ්....හියුන්ග් "
" සතියක් යනකම් කම්බුල හෝදන්නේ නැ "
ජීසූ ඇස් බෝල කරගෙන කිව්වා
" යාහ්හ්...ජීසූ තමුසේ මැරි කරලා ඉන්නේ අනික තමුසේ ඔම්මා කෙනෙක්..."
ටේහ්‍යුන් කෑගහද්දී අනිත් අය හිනා වුනා කොල්ලාගේ මූන රතු වෙලා
" ඒ වුනාට මම ජින් ඔප්පාගෙන් කිස් එකක් ගන්න ගොඩක් කල් බලාගෙන හිටියා "
" අනෙව් ජීසූ බබා..."
ජින් එහෙම කියලා ජීසූගේ අනිත් කම්බුලටත් කිස් එකක් දුන්නා
" යාහ්හ්...හියුන්ග් එහාට යනවා...තමුසේ එනවා යන්න ඔය කම්බුල් සෝදන්න.."
" මට බැ "
කෙල්ල බැ කියලා කෑගහද්දී ටේහ්‍යුන් ජීසූව උස්සගෙන වොෂ් රූම් එක පැත්තට ගියා අනිත් අය මේ දෙන්නා දිහා බලාගෙන සතුටින් හිනා වුනා
𝚃𝙷𝙴 𝙴𝙽𝙳
♡´・ᴗ・'♡
ඉවරයි කිව්වාට ඉවරම නැ
Epilogue එකෙන් හමුවෙමු
Dark_Lily_57
මගේ ස්ට්‍රෝබෙරි තිරිසනාව අවුස්සලා වෙනම ආතල් එකක් ගන්න මම
දැන් මට බනින එක නවත්තාම් තිරිසනෝ
Bạn đang đọc truyện trên: AzTruyen.Top