Chapter 39 🥺

" සන්ග් වූ...."

කෙල්ල මිමිනුවේ ඇස් ලොකු කරගෙන අවුරුදු ගානකට පස්සේ එයාගේ පලවෙනි ආදරේ ඉන්නවා ජීසූට මොනා කරන්න ද කියලා හිතාගන්න බැරුව හිටියේ නොදැනුවත්වම ජීසූගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නැ සන්ග් වූ පිටිපස්ස බලන ගමන් Drive කලා

" ටේහ්‍යුන්ට කෝල් එකක් දෙන්න..."

සන්ග් වූ ජීසූගේ උකුලට එයාගේ ෆෝන් එක දාලා කිව්වා කෙල්ල තාමත් කොල්ලා දිහා බලාගෙන ඉන්නවා

" යාහ්හ්...මගේ දිහා බලාගෙන ඉන්නේ නැතුව  කෝල් කරන්න "

" අහ්...හරි..."

ජීසූ එහෙම කියලා ටේහ්‍යුන්ට කෝල් කලා රින්ග්ස් දෙකක් විතර යනකොට ටේහ්‍යුන්ට කෝල් එක ආන්සර් කලා

" යෙබුස්සයෝ..."

ජීසූ හුස්මක් ගත්තා

" ජීසූ..."

" ටේටේ අනේ මට බයයි ඉක්මනට එන්නකෝ.."

ජීසූ ඉකියක් එක්ක කිව්වේ ටේහ්‍යුන් හොදටම බය කරලා

" ඇයි මැනික මොකද වුනේ..."

ටේහ්‍යුන් කලබලයෙන් ඇහුවා සන්ග් වූ සැරින් සැරේ කෙල්ල දිහා බැලුවා

" ඔයා...ඔයා මාව හම්බවෙන්න ඕන පාරට එන්න කියලා ලියපු කොලයක් මට හම්බුනා ඒ නිසා මම පාරට ආවා මාව මරන්න මිනිස්සු කට්ටියක් පන්නනවා ටේටේ...අනේ..මට බයයි.."

ජීසූ ඉකියක් එක්ක කිව්වා

" හරි මැනික....අඩන්නේ නැතුව ඉන්නකෝ කාගෙද ෆෝන් එක "

ටේහ්‍යුන් එහෙම ඇහුවාම ජීසූ බැලුවේ සන්ග් වූ දිහා

" යාලුවෙක්ගේ...."

කෙල්ල කිව්වාම සන්ග් වූ ජීසූ දිහා බැලුවා

" මම එයා එක්ක එයාගේ කාර් එකේ ඉන්නේ "

" ජීසූ...මගේ මැනික බය වෙන්න එපා අඩන්නත් එපා you're my strong girl මම ඉක්මනට එනවා ෆෝන් එක ඕෆ් කරන්න එපා "

" Tae...I love you.."

" love you too baby.."

ජීසූ එහෙම කියලා ෆෝන් එක සන්ග් වූගේ පැත්තට දික් කලා සන්ග් වූ ඉස්සරහ බලාගෙනම ෆෝන් එක ගත්තා සන්ග් වූ පිටතින් වෙනසක් නොපෙන්නුවත් කොල්ලා හිතින් හඩා වැටුනා ජීසූ අන්තිමට කියපු වචන තුන ඇහුනාම කොල්ලාගේ ඔලුවට අකුනක් ගැහුවා වගේ සන්ග් වූ කෙල්ල දිහා බැලුවේ නැ

දෙන්නාගෙන් එක් කෙනෙක්වත් කතා කලේ නැ ජීසූ ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා එයාට ලොකු අපහසුතාවයක් දැනුනා සන්ග් වූට කෙල්ල එක්ක කතා කරන්න ඕන වුනත් කොල්ලා නිහඩව හිටියා ඒත් එක්කම සන්ග් වූට කෝල් එකක් ආවා ඒ මින්හුක්ගෙන් කියලා දැක්කාම සන්ග් වූ කෝල් එක කට් කලා

" ඇයි....කට් කලේ..?"

මෙච්චර වෙලා නිහඩව හිටපු ජීසූ එහෙම ඇහුවා

" ඒක වැදගත් කෝල් එකක් නෙවෙයි "

" වැදගත් කෝල් එකක් නෙවෙයි ද... නැත්නම් මම ඉන්න හින්දා ද...?"

ජීසූ එහෙම ඇහුවාම සන්ග් වූ කෙල්ල දිහා බලලා හිනා වුනා

" එහෙම දෙයක් නැ ජීසුයා..."

සන්ග් වූ වෙනසක් නැතුව එහෙම කිව්වා

" මම දෙයක් අහන්න ද.?"

ජීසූ කොල්ලා දිහාට හැරිලා ඇහුවා

" ම්ම්ම් අහන්න..."

" ඔයාට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා ද..?"

ජීසූ දෙගිඩියාවෙන් ඇහුවා

" මම නැ කිව්වොත් අපිට ආපහු මුල ඉදන් පටන් ගන්න පුලුවන් ද ජීසුයා...කලින් වුනු දේවල් හැමදේම අමතක කරලා අපිට ආපහු එකට ඉන්න පුලුවන් ද..?"

සන්ග් වූ පොඩි හිනාවක් එක්ක ඇහුවා

" අහ්....?"

" බැ නේද...? ඔයාගේ ජීවිතේට ටේහ්‍යුන් ඇවිත් ඉවරයි ඔයාට ටේහ්‍යුන්ව අතහැරලා ආපහු මගේ ලගට එන්න පුලුවන් ද ඔයාට එහෙම කරන්න බැ ජීසුයා... මට එහෙම කරන්න ඕනත් නැ ඔයා මට හේතුවක් නොකියා එකපාරට අපි breakup වෙමු කිව්වාම දැනුනු දුක තව කෙනෙක් විදිනවා දකින්න මට ඕන නැ.."

සන්ග් වූ කෙල්ල දිහා නොබලාම කිව්වා

" ඔය ඇස් වලින් මට පේනවා ටේහ්‍යුන්ට කොච්චර ආදරෙයි ද කියලා එයාව ඔයාගෙන් ඈත් කරන්න හදන්න එපා කවුරු මොන දේ කිව්වත් ටේහ්‍යුන් අතහරින්න එපා "

" ඔයා දන්නවා ද වුනු දේවල් "

" ම්ම්ම්....ඒ දේවල් දැනගත්ත දවසේ තමයි මම මෙහෙට ආවේ ඔයා එක්ක කතා කරන්න එතකොට තමයි මට සනාව හම්බුනේ ඒක නම් ඇත්තටම අහම්බයක් "

" සනාව දන්නවා ද...?"

" යේ....සනාගේ ex boyfriend මගේ හොදම යාලුවෙක් ඒ නිසා සනායි මමයි අදුරනවා සනායි යුන්ජේයි තමයි ඉස්සර යුනි එකේ හිටපු lovely couple එක ඉතින් සනා හම්බුනාම මම ඔක්කොම විස්තර කිව්වා ඊට පස්සේ තමයි සනා කිව්වේ ඔයා එයාගේ යාලුවෙක් කියලා මම ටිකක් පුදුම වුනා මට ඔයාව දකින්න ඕන කියලා සනාට කිව්වාම තමයි එදා ක්ලබ් එකට එක්කගෙන ආවේ"

" හහ්...? එතකොට මේකි මෙච්චර දෙයක් කරලා මම මුකුත් දන්නේ නැ හිටුකෝ මම ඕකිව දඩුකදේ බදිනවා.."

", සනාට මුකුත් කියන්න එපා මම තමයි එයාට කිව්වේ ඔයාට මුකුත් කියන්න එපා කියලා "

සන්ග් වූ පොඩි හිනාවක් එක්ක කිව්වා

" එතකොට ඒ හිටපු කෙල්ල "

" ක්ලබ් එකේ ගර්ල් කෙනෙක් "

" ඔයා ගොඩක් වෙනස් වෙලා සන්ග් වූ "

" වෙන්න ඇති "

ඒත් එක්කම ආපු බුලට් එකක් side mirror එකේ වැදිලා කුඩු වෙලා ගියේ කෙල්ල හොදටම බය කරලා ඒත් එක්ක සන්ග් වූ දැක්කේ එයාලා පස්සෙන් එන ජීප් තුනක් වගේම තව බයික් දෙකක්..සන්ග් වූ වාහන අතරින් දාලා වේගෙන් ඉස්සරහට ඇදුනා ජීසූ හිටියේ හොදටම කලබල වෙලා

ඊලගට ආපු බුලට් එකක් වාහනේ පිටිපස්සේ රෝදයට වැදුනා වාහන drive කරන්න අමාරු වෙද්දී සන්ග් වූ කා එකෙන් බැහැලා ජීසූගේ අතකින් අල්ලාගෙන සෙනග ගැවසෙන පැත්තකට දුවගෙන ගියා ඒ හරියේ street food තියෙන නිසා සෙනග ගොඩක් හිටියා ජීසූගේ අතකින් තද කරලා අල්ලගත්ත කොල්ලා සෙනග අතරින් මිනිසුන්ගේ ඇගේ හැප්පෙමින් දුවගෙන ගියා ඒ මිනිස්සු සෙනග අතරින් වටපිට බලමින් ඉදිරියට ආවා

සන්ග් වූ කෙල්ලව ඇදගෙන අදුරු පටු පාරකට ගියා එතැන මහ ලොකු ඉඩක් තිබුණේ නැ ජීසූ එතැන තිබුණු බිත්තියට හාන්සි වෙලා වේගෙන් හුස්ම ගන්නවා කොල්ලා ජීසූගේ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන හිටියා කෙල්ලට ඒක ගානක් වුනේ නැ ඒත් එක්කම අඩි සද්දයක් ඇහෙනකොට කෙල්ලට ලං වුනා

ජීසූ ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා ඒ දෙන්නා අතර තිබුණේ සෙන්ටිමීටර ගානක පරතරයක් විතරයි කෙල්ලගේ ඇස් දිහා බලාගෙන හිටපු සන්ග් වූ ජීසූව පුදුමයට පත් කරලා ජීසූගේ තොල් සිපගත්තා කොල්ලා ඇස් පියාගෙන එයාගේ තොල් හරි පරිස්සමින් ජීසූගේ රෝස තොල් මතින් අරගෙන ගියා කෙල්ල ඇස් ඇරගෙන තාම සන්ග් වූ දිහා බලාගෙන ඉන්නවා එයා කිස් එකට කිසිම  reaction එකක් දැක්වූවේ නැ රාගික හැගීමක් නොතිබුනු කිස් එකේ දුකක් වගේම ආදරයකුත් ගැබ් වෙලා තිබුනා

විනාඩි කිහිපයකින් ජීසූගේ තොල් වලින් ඈත් වුනා

" මියානේ..."

සන්ග් වූ එහෙම කියලා වටපිට බැලුවේ අර මිනිස්සු ඉන්නවා ද කියලා ජීසූ තාම බිත්තියට හේත්තු වෙලා ඉන්නවා

" අපි යමු.."

කොල්ලා ජීසූගේ අතකින් අල්ලාගෙන හිමින් සැරේ එතැනින් ගියා ටික දුරක් ඇවිදගෙන එනකොට කවුරුවත් හිටියේ නැ ඒ දෙන්නා විතරයි පාරේ හිටියේ එන්න එන්න රෑ වෙන නිසා වගේම සීතල වැඩි වෙන නිසා මිනිස්සු අඩුයි ජීසූ අත් දෙක එකට අතුල්ලන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු සන්ග් වූ එයා ඇදගෙන හිටපු ජැකට් එක කෙල්ලට ඇන්දුවා

" ඔයාට සීතලයි නේ "

කෙල්ල එහෙම කිව්වාම කොල්ලා අහිංසක හිනාවකින් සංග්‍රහ කලා

" මට සීතල නැ ඔය සීනි බෝල වගේ ඉන්න කෙල්ලොන්ට ඉක්මනට සීතල ඇල්ලුවාට අපි වගේ sportmeet කොල්ලොන්ට සීතල අල්ලන්නේ නැ "

සන්ග් වූ හෙන ගැම්මෙන් කියද්දී ජීසූට හිනාවක් ගියා

" අපි බලමුකෝ ඔය sportmeet කොල්ලාට කොච්චර වෙලා සීතලේ ඉන්න පුලුවන් ද කියලා "

ජීසූ හිනා වෙවී කියද්දී කොල්ලාගේ මූන ඇද වුනා විනාඩි කිහිපයයි ගත වුනේ සන්ග් වූ විදුලි ආදෙක්ට අහුවෙලා වගේ ගැහෙන්න පටන් ගත්තා කොල්ලාගේ දත් සට සට ගාලා වැදෙනවා

" sportmeet කොල්ලාට සීතලයි වගේ "

කොල්ලා ජීසූට රැව්වාම කෙල්ල දාගෙන හිටපු scaf එක ගලවලා සන්ග් වූට දැම්මා

" කට විතරයි තාමත් ඉස්සර වගේ "

කෙල්ල හිනා වෙලා එහෙම කිව්වා ඒත් එක්කම එයාලගේ ඉස්සරහට ලොකු ආලෝකයක් ආපු නිසා අතකින් ඇස් ආවරණය කර ගත්තා ආලෝකය නැති වුනාම එයාලා බැලුවාම දැක්කේ ජීප් තුනක් ඉස්සරහින් නවත්තලා තියෙනවා සන්ග් වූ ජීසූගේ අතකින් අල්ලාගෙන පිටිපස්සට කරගත්තා එතකොට ජීප් එකෙන් බැස්ස මින්හුක් ඉස්සරහට ආවා

" ඔය කෙල්ලව දෙනවා සන්ග් වූ...."

මින්හුක් දැඩි හඩකින් කිව්වා

" ඒක නම් කොහොමටවත් කරන්න බැ අප්පා "

සන්ග් වූ අප්පා කිව්වාම ජීසූ ගැස්සිලා ගියා කෙල්ල හිමින් සැරේ ඔලුව දාලා මින්හුක් දිහා බැලුවා

" මම තමුසෙට කලිනුත් කිව්වා ඔය කෙල්ලව දීලා මෙතනින් යනවා.."

" බැ අප්පා....ජීසූ මොකද්ද කරපු වරද.. අප්පාගේ වැරදි හින්දා ඔම්මා හැමදාම දුකින් හිටියේ අප්පා හරියට හිටියා නම් මේ දේවල් මෙහෙම වෙන්නේ නැ එහෙනම් මේ ගෙවෙන තත්පරෙත් ජීසූ මගේ "

කොල්ලා අන්තිම ටික සිහින් හඩකින් මිමිනුවා

" තමුන් කියන දෙයක් අහන්නේ නැ සන්ග් වූ.. ඔය කෙල්ලව අරගෙන එනවා.."

මින්හුක් එයාගේ ගෝලයන්ට කිව්වාම හතර පස් දෙනෙක් ඇවිත් සන්ග් වූ අයින් කරලා ජීසූව අරගෙන යන්න හැදුවත් කොල්ලා ඒකට ඉඩ දුන්නේ නැ ඒ නිසා තව ගාඩ්ලා කිහිප දෙනෙක් ඇවිත් සන්ග් වූ අල්ල ගනිද්දී කොල්ලා ඒ ගාඩ්ස්ලාට ගැහුවා ජීසූ එයාව අල්ලාගෙන ඉන්න මනුස්සයෙක්ගේ අතක් හැපුවා ඒ මනුස්සයා අත අල්ලාගෙන කෑගහනවා අනිත් මනුස්සයාගේ කකුල පෑගුවා

" ජීසුයා දුවනවා...."

කොල්ලා කෑගැහුවා ඒත් ජීසූ කොල්ලාගේ පැත්තට එනකොට සන්ග් වූ දැක්කේ මින්හුක් කෙල්ලගේ පැත්තට ගන් එක ඒම් කරනවා

" ජීසූ යනවා.."

සන්ග් වූ එයාව අල්ලාගෙන ඉන්න මනුස්සයාට බඩට ගහලා කෙල්ල ලගට දුවගෙන ගියා ඒත් එක්කම ඇහුනු වෙඩි සද්දයක් එක්ක මුලු පලාතම නිශ්ශබද වුනා ජීසූ හිටියේ සන්ග් වූගේ අත් අතර මුලු පරිසරයටම ඇහුනේ සන්ග් වූ  හුස්ම ගන්න සද්දය විතරයි තමන්ව තුරුල් කරගෙන ඉන්න කොල්ලාගේ පිට දිගේ අත අරගෙන යනකොට කෙල්ලට දැනුනේ උනුසුම් දියරක් කෙල්ල ඈත් වෙලා බලද්දී දැක්කේ සන්ග් වූ අමාරුවෙන් හිනාවක් එක්ක ජීසූ දිහා බලාගෙන ඉන්නවා

" සන්ග් වූ...."

ජීසූව අල්ලාගෙන හිටපු කොල්ලාගේ අත් කිසිදු පනක් නැතුව පහලට කඩාගෙන වැටුනා මින්හුක්ගේ අතේ තිබුණු ගන් එක ඉබේම බිමට වැටුනා සන්ග් වූ පන නැතුව කෙල්ලගේ ඇගට බර වෙද්දී ජීසූ කොල්ලා එක්කම මහ පාර මැද වාඩිවුනා සන්ග් වූගෙන් ගොඩක් ලේ යනවා

" බොස්...බොස්...ජේකේ එනවා.."

එක ගාඩ් කෙනෙක් කෑගහගෙන දුවගෙන ආවත් මින්හුක්ට ඒ ගැන සිහියක් තිබුණේ නැ මින්හුක් බලාගෙන හිටියේ ලේ විලක් මැද වැටිලා ඉන්න එයාගේ පුතා දිහා පුංචි කාලේ සන්ග් වූගේ දග වැඩ ඔම්මා එක්ක හුරතල් වුනු විදිය එයා ගැහුවාම අඩන විදිය හැමදේම එකින් එක මින්හුක්ට මැවිලා පෙනුනා

ඒත් එක්කම ජන්කූක් ටේහ්‍යුන් ඇතුලු ෆයිටස්ලා එතැන වට කරගත්තේ කවුරුවත් නොහිතපු වෙලාවක ජීසූ කෝල් කරපු නම්බර් එක යුංගිට කියලා track කරගෙන කෙල්ල හොයාගෙන ආවේ ජන්කූක්ගේ ෆයිටස්ලා එක්ක මින්හුක්ගේ ෆයිටස්ලා ෆයිට් කරද්දී මින්හුක් මල කදක් වගේ බලාගෙන හිටියා

" යාහ්හ්හ්...ඇස් පියාගන්න එපා..."

ජීසූ අඩන ගමන් සන්ග් වූගේ කම්බුලට හිමින් තට්ටු කලා කොල්ලා වේදනාවෙන් හිනා වෙලා වෙව්ලන අතකින් කෙල්ලගේ අතක් අල්ලගත්තා

" අ..අඩන්න..එපා...ජීසුයා....ම..මට දැන් මැරුනත්..දුකක් නැ..හ්...ඔයා මගේ ඉස්සරහ ඉන්නවා නේ "

" එහෙම කියන්න එපා අපි ඉක්මනට හොස්පිටල් එකට යමු..ඔයාට මුකුත් වෙන්නේ නැ "

කෙල්ල කිව්වේ අඩන කිව්වේ

" ක්..කලින්..කිස්..කරන්න දුන්නාට ස්තූතියි ජීසුයා...මට..මට සතුටුයි..ඔයාව ආපහු දකින්න ලැබුනාට....අඩන්න..එපාහ්...ඔයා අඩනකොට කැතම කැත ඔරං ඔටං කෙනෙක් වගේ.. "

සන්ග් වූ හිනාවක් එක්ක කිව්වත් කොල්ලාට දැනුනේ ඇග ඇතුලින් පිච්චෙනවා වගේ කොල්ලාගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන හැලෙනවා ඒත් සන්ග් වූ යාන්තම් හිනා වෙනවා

" මේ වගේ වෙලාවට විහිලු කරන්න එපා දිගංචියෝ...දැන් කතා කරන්න එපා ඔයාට අමාරු වෙයි.."

" අද කතා නොකෙරුවොත් මට කවදාවත් කතා කරන්න වෙන්නේ නැ....ම..මට..ඔයාව අතහරින්න ලෝභයි ජීසූයා..ඉස්සර මේ අතක් අල්ලාගෙන ලන්ඩන් වල පාරවල් දිගේ ඇවිදපු හැටි ඔය කතා කරන ඇස් දිහා බලාගෙන හිටපු හැටි මගේ තුරුලේ ඉදපු හැටි මට මතක් වෙනවා මට ඔයාව අයිති වුනේ තාවකාලිකව බව දන්නවා නම් සමහරවිට මම ඔයාට ලං නොවෙන්න තිබුනා...ඒත්..ඒත්... ම.ට..සතුටුයි...තාවකාලිකව හරි ඔයා..ඔයා මගේ වුනාට...මගේ ජීසුයා..ඉස්සර එහෙම කිව්වාට..දැන් මට එහෙම කියන්න අයිතියක් නැ....ඔයා සන්ග් වූගේ ජීසූ නෙවෙයි දැන් ටේහ්‍යුන්ගේ ජීසූ වෙලා ඉවරයි..මට ටික කාලෙකට හරි ආදරේ කලාට කුමාවෝ ජීසුයා..හැබැයි මම තාමත් එදා වගේම ඔයාට ආදරෙයි..ඒ ආදරේ වෙනසක් වුනේ නැ..."

සන්ග් වූ වෙව්ලන හඩකින් කිව්වා ජීසූ කොල්ලාගේ අතක් අල්ලාගෙන හොදටම අඩනවා එයාට වටේ වෙන දේවල් ගැන ගානක් තිබුණේ නැ ටේහ්‍යුන් කිසිම හැගීමක් නැතුව කෙල්ල දිහා බලාගෙන ඉන්නවා ඒ ඇස් වල තියෙන්නේ දුකක් ද තරහක් ද ඉරිසියාවක් ද කියලා තේරුම් ගන්න අමාරුයි

" මියානේ...මියානේ..."

" ශ්ශ්ශ්....සමාව ඉල්ලන්න එපා මට තරහක් නැ ජීසුයා...මේක වෙන්න ඇති අපේ දෛවය මට ඔයාව අයිති නැතුව ඇති..ඔයාව අයිති ටේහ්‍යුන්ට වෙන්න ඇති..මං ගැන හිතන්න එපා ජිසුයා...ටේහ්‍යුන් එක්ක සතුටින් ඉන්න....සරන්හේ ජීසුයා.."

සන්ග් වූ හිනාවක් එක්ක කිව්වාම ජීසූ ඇඩුවා කෙල්ලට කියාගන්න බැරි වේදනාවක් දැනුනේ එයාගේ පලවෙනි ආදරේ එයාගේ ඇස් ඉස්සරහ මැරෙන්න වැටිලා ඉන්නවා අත් දෙක සාක්කු වලට කිසි හැගීමක් නැතුව ජීසූ දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන් ලගට කිට්ටු වුනු ජන්කූක් ජීසූ දිහා බැලුවා

ඒත් එක්කම ආපු කා එකෙන් බැහැපු සනා දුවගෙන ජීසූ ලගට ගියේ ජන්කූක්ගේ ඇස් කේන්තියෙන් පිරෙද්දී මොකද කොල්ලා mansion එකෙන් එලියට අඩියක් තියන්න එපා කියලා ආවේ

" සන්ග් වූ ඔප්පා...."

සනා ඇස් පියාගෙන ඉන්න කොල්ලාගේ කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් කතා කලා සන්ග් වූ කෙල්ලගේ කටහඬ ඇහුනාම ඇස් ඇරලා බැලුවා

" සනා...සනා... මොනාහරි කරන්නකෝ.. චේබල්...එයාට අමාරුයි..."

ජීසූ සනාගේ අත් දෙක අල්ලාගෙන ඉල්ලුවා

" අපි ඉක්මනට හොස්පිටල් එකට එක්කගෙන යමු..."

සනා එහෙම කියලා නැගිටින්න ගියත් සන්ග් වූ කෙල්ලගේ අතින් අල්ලගත්තා

" එපා...සනා...ජීවිත කාලෙම ම්..මම කලේ.. දුවපු එක...මැරෙන මොහොතේවත් මට එක තැනකට ඉදගෙන නිදහසේ මැරෙන්න ඕන... සනා..මියානේ...මගේ අතින් ඔයාගේ වටිනම දෙයක් උදුරගත්තාට...මට සමාවෙන්න.."

කොල්ලාට කියන්න පුලුවන් වුනේ එච්චරයි සන්ග් වූගේ අත පන නැතුව පහලට කඩාගෙන වැටුනා ඒ වෙලාව වෙනකොට ජන්කූක්ගේ ෆයිටස්ලා මින්හුක්ව බේස්මන්ට් එකට අරගෙන ගිහින් එතැන සම්පූර්ණයෙන් ආරක්ෂාව තහවුරු කරලා තිබුණේ ජන්කූක්ගේ ෆයිටස්ලා හතර වටේම සේෆ් එකට දාලා තිබුණේ

" සන්ග් වූ...යාහ්හ්..ඇස් අරින්න...සනා...සනා.. ඇයි එයා ඇස් අරින්නේ නැත්තේ..."

ජීසූ අහද්දී සනා කොල්ලාගේ නාඩි බලලා ඔලුව දෙපැත්තට වැනුවා

" යාහ්හ්...එහෙම වෙන්න බැ සනා...මොනාහරි කරන්නකෝ..."

සනාගේ ඇස් වලත් කදුලු පිරිලා කෙල්ල එයා අල්ලාගෙන හිටපු සන්ග් වූගේ අත තිබ්බා

" එයා..ගිහින් ජීසුයා..දැන් අපි එයාට නිදහසේ ඉන්න දෙමු...."

කෙල්ල ජීසූගේ අතක් අල්ලාගෙන කිව්වා ජීසූ කෑගහලා ඇඩුවා එයාට දුකයි සන්ග් වූට වැදුනේ එයාට වදින්න තිබුණු බුලට් එක අද සන්ග් වූ වෙනුවට එයා තමයි එතැන ඉන්න තිබුණේ හැමදේම වෙනස් වෙන්න තත්පර ගානයි තත්පර ගානකින් ගොඩක් දේවල් වෙනස් වුනා

තමන්ගේ Ex boyfriend ගේ මරනය වෙනුවෙන් අඩන ජීසූ දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියේ හිතට අමුතු දුකක් දැනෙද්දී කොල්ලාගේ හිත කිව්වේ ජීසූ එයාගේ ලග හිටියත් තාමත් කෙල්ලගේ හිතේ සන්ග් වූ ගැන ආදරයක් තියෙනවා කියලා

පැය කිහිපයක් පුරාවට අඩපු ජීසූ සන්ග් වූගේ නලලට වැටුනු කොන්ඩේ අතින් පිටිපස්සට කරලා නලලට පුංචි හාදුවක් තැවරුවා

" ලබන ආත්මේ ඔයාටම විතරක් අයිති කෙනෙක් හම්බවෙන්න ඕන "

ජීසූ කිසිම හැල හොල්මනක් නැති සන්ග් වූගේ කනට ලං වෙලා මිමිනුවා ටේහ්‍යුන් ගාඩ්ස්ලාට අතින් සන් කලේ සන්ග් වූගේ නිසල සිරුර එතැනින් අයින් කරන්න කියලා ගාඩ්ස්ලා එතැනට එද්දී ජීසූ එයාගේ ඔඩොක්කුවේ මෙච්චර වෙලා තියාගෙන හිටපු සන්ග් වූගේ හිස බිමින් තිබ්බා

ඊට පස්සේ නැගිට්ට කෙල්ල කා දිහාවත් නොබලා ඇවිදින මල මිනියක් වගේ යන ජීසූ ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා සනා නැගිටලා කෙල්ල පස්සෙන් ගියේ ජීසූ ඉන්නේ ඒ තරම් හොද මානසිකත්වයක නෙවෙයි හින්දා ජීසූ නැවතිලා ඔලුව අල්ලගත්තේ එයාට වටේම කලුවර පේන්න ගත්ත නිසා කෙල්ල සිහිය නැතුව බිම වැටෙන්න ය්නකොට දුවගෙන ආපු ටේහ්‍යුන් ජීසූගේ ඔලුව බිම වැදෙන්න නොදී අල්ලගත්තා

To be continue...............

හායිම්
කාලෙකින් නේද

ඉස්කෝලේ පටන් ගත්ත නිසා බිසි ලමයි වැඩ ගොඩයි ඉතින් ඒක නිසා ටයිප් කරන්න වෙලාවක් නැ පුලුවන් වෙලාවක අප්ඩේට් දෙන්නම් ආපහු අප්ඩේට් දෙන දවසක් හරියටම කියන්න බැ

Bạn đang đọc truyện trên: AzTruyen.Top