Chapter 37 😓
වසරේ අවසන් මාස කිහිපය ගෙවි යන්නේ ශිත ඍතුවේ ආරම්භය පටන්ගෙන තිබේ ගස් වල කොල හැලිලා අවට පරිසරයම සීතලෙන් වෙලාගෙන තියෙන වෙලාවක සනා හිටියේ කෝපි කෝප්පයක් රසවිදිමින් coffee shop එකේ විනිවිද පේන විදූරුවෙන් කෙල්ල බලාගෙන හිටියේ හිමින් ඇද හැලෙන හිම පියලි දිහා පුංචි පුංචි හිම පියලි මිහිකත සිපගන්නා දිහා බලාගෙන ඉන්නකොට කෙල්ලගේ හිතට අමුතු සහනයක් ගෙනාවා
" සෝල් වලට වැටෙන පලවෙනි හිම පතනය.."
සනා ඉදිරියේ සිටි පුද්ගලයා එහෙම කියද්දී කෙල්ල හිම පියලි දිහා බලාගෙනම යාන්තම් හිනා වුනා
" අවුරුදු ගානකට කලින් එයත් මාත් එක්ක හිටියා "
සනා වේදනාව පිරුණු හඩකින් කිව්වා
" කාලය ගොඩක් දේවල් වෙනස් කරලා සනා.."
සනා ඉදිරියේ සිටි පුද්ගලයා කොෆි උගුරක් බීලා කිව්වා
" දැන් ඒ ගැන හිතලා වැඩක් නැ මට එන්න කිව්වේ ඇයි කියන්න "
කෙල්ල තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයා දිහා බලාගෙන ඇහුවා
" මියානේ...සනා..."
" සමාව ඉල්ලුවා කියලා කිසිදෙයක් වෙනස් වෙන්නේ නැ මට ආපහු මගේ නැති වුනු දරුවා ලැබෙන්නේ නැ සන්ග් වූ "
සනා ඇස් වල කදුලු පුරවගෙන කිව්වා සනාගේ එක්ක හිටියේ සන්ග් වූ
" මම ඒ දේ හිතලා කලේ නැ සනා මට සමාව ඉල්ලනවා හැරෙන්න වෙන දෙයක් කරන්න නැ "
සන්ග් වු ටේබල් එක උඩ තිබුණු අතක් අල්ලාගෙන හිමින් පිරිමදින ගමන් කිව්වා සනා ඉක්මනට එයාගේ ඇස් වල තිබුණු කදුලු පිහිදගත්තා
" කල්පනාවෙන් වැඩ කරන්න සන්ග් වූ ඔයා කරන සමහර වැඩ වලින් කෙනෙක්ගේ ජීවිතේ වටින කෙනෙක් නැති වෙන්න පුලුවන් "
සන්ග් වූ අල්ලාගෙන හිටපු සනාගේ අත අරගත්තා
" මට තේරෙනවා...මේ දේවල් නිසා මම ගොඩක් විදවනවා සනා මම ආදරේ කරපු කෙනාත් මට නැති වුනා මට තිබුණු එකම සැනසීම දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් "
සන්ග් වූ සනාගේ ඇස් මගහැරලා කිව්වේ වේදනාව පිරුණු හිනාවක් එක්ක
" එයාව දැක්කා ද.."
" ඔයා එක්ක ක්ලබ් ආපු වෙලාවේ දැක්කා ඒ කරපු උදව්වට කුමාවෝ සනා..."
සන්ග් වූ සනාට හිනාවකින් සංග්‍රහ කරන ගමන් කිව්වා
" ජීසූ ඔයාව දැක්කා මම හිතන්නේ "
සනා එහෙම කිව්වාම සන්ග් වූ ඔව් කියන්න ඔලුව වැනුවා
" දන්නවා ද සනා දෙයක්....
කවදාවත් කාලගවත් නතර නොවුනු මගේ මුරන්ඩු හිත ඒ කතා කරන ඇස් දගකාර හිනාව ලග නැවතුනා කාලයත් එක්ක මට ඒ ඇස් මගේම කරගන්න හම්බුනා ඒත් ඒ හිමිවීම තාවකාලික බව දැනගත්තා එයාගේ අතක් අල්ලාගෙන ඇවිදනකොට එක තත්පරයකට හිතුනේ නැ මේ අත කවදාහරි මාව අතහැරලා යයි කියලා
මේ ගෙවෙන තත්පරෙත් මේ හිත අයදිනවා ඇගේ හුස්ම වැටෙන දුරකින් ඉන්න එක වහලක් යට දිවි ගෙවන්න මේ හිත හීන දකිනවා කවදාවත් ඉටු නොවන බව දැනගෙනත් ඒ හීනෙට ගොඩක් ආදරෙයි අතින් අතහැරුනත් හිතින් අතහරින්න ලෝභයි.."
සන්ග් වූ එයාගේ හිතේ තියෙන දේවල් සනා ඉදිරියේ වචන වලට පෙරලුවා කෙල්ල හැමදේම අහගෙන හිටියා
" ඇයි ඔයාලා වෙන් වුනේ කියලා මම දන්නේ නැ ඒත් ජීසූ එහෙම දෙයක් කරන්න ඇත්තේ ලොකු හේතුවක් ඇතුව නැත්නම් එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි ඔයා අලුතින් ජීවිතය පටන් ගන්න ජීසූ ටේහ්‍යුන් එක්ක එයාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පෙරලුවා සන්ග් වූ ඔයත් තව කෙනෙක්ට අවස්ථාවක් දෙන්න "
" සනා ජන්කූක්ට දුන්නා වගේ ද.."
කෙල්ලට ජන්කූක් ගැන කියද්දී ඒ දෙතොලතර අව්‍යාජ හිනාවක් ඇදුනා සනා ඔලුව වනලා ඔව් කිව්වා
" යුන්ජේයි මමයි ගැන මුලින්ම දැනගත්තේ ඔයා නේ මම අමුතුවෙන් කියන්න ඕන නැ නේ අපි හිටපු විදිය යුන්ජේ හදිස්සියේම මාව තනි කරලා යද්දී මම මැරි මැරි ජීවත් වුනේ ජන්කූක් වුනත් මාව Marry කලේ ආදරේට නෙවෙයි පස්සේ තමයි එයා මට ආදරේ කලේ ඔයාටත් ජීවිත කාලෙම එහෙම ආදරේ කරන කෙනෙක් හම්බවෙයි හැබැයි ක්ලබ් ගිහින් කෙල්ලෝ එක්ක නටන එක නවත්තනවා.."
සනා කිව්වාම කොල්ලාට පොඩි හිනාවක් ගියා
",තාමත් ඉස්සර වගේ '
සන්ග් වූ කෙල්ලගේ කොන්ඩේ අවුස්සලා කිව්වා සනා හිනා වෙනවත් එක්කම කෙල්ලට කෝල් එකක් ආවා සනා හිනාවක් එක්ක කෝල් එක ආන්සර් කලේ ඒ ජන්කූක් නිසා
" ජන්කුකී...."
" කොහෙද ඉන්නේ "
" හොස්පිටල් එකේ වේ...?"
" මුකුත් නැ "
කොල්ලා එහෙම කියලා කෝල් එක කට් කලාම සනා තොලත් පිට පෙරලගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉදියා
" ප්‍රශ්නයක් ද..."
" අනියා...මම යන්න ඕන "
" හ්ම්ම් පරිස්සමින් "
සනා හිනා වෙලා එතැනින් ගියේ ජන්කූක්ගේ වෙනසක් තේරුනු හින්දා කෙල්ල ජන්කූක්ගේ කම්පැනි එකට ගියත් කොල්ලා හිටියේ නැ සනා ජන්කූක්ට කෝල් කලත් කොල්ලා ආන්සර් කලේ නැ
" අයිෂ්....මේ හා තඩියා කොහෙටද අන්තරස්දාන වුනේ "
කෙල්ල මුමුනන ගමන් ජැකිට කෝල් කලාම ජැකී ආන්සර් කලාට ජන්කූක් ඉන්නේ ක්ලබ් එකේ කිව්වා සනා කොල්ලාට බනිනන ගමන් ක්ලබ් එක drive කලා
විනාඩි කිහිපයකින් ජන්කූක්ට අයිති ක්ලබ් එක ඉස්සරහ car එක නවත්තපු සනා ක්ලබ් එක ඇතුලට ඇවිදගෙන ගියා ක්ලබ් එක පුරා ඇස් යවපු සනාට ජන්කූක් හොයාගන්න පුලුවන් වුනේ නැ ඊලගට සනා ඇවිදගෙන ගියේ rooms තිබුණු පැත්තට ජන්කූක් සාමාන්‍යයෙන් ක්ලබ් ආවාම ඉන්න රූම් එක ඉදිරියේ නැවතුනු සනා ගාඩ්ස්ලා දිහාට දැම්මේ අතිශය දරුනු ගනයේ බැල්මක් ගාඩ්ස්ලා බිම බලාගනිද්දී එතැනට ජැකි දුවගෙන ආවා
" මෑම්..."
ජැකිට රවලා කෙල්ල රූම් එකේ දොර ඇරියා හැබැයි දැක්ක දේ හින්දා කෙල්ලගේ අත මිට මොලවගත්තා ජන්කූක් එක අතකින් විස්කි ග්ලාස් එකක් තියාගෙන couch බර වෙලා හිටියේ කොල්ලාගේ ඔඩොක්කුවේ කෙල්ලෙක් වාඩිවෙලා හිටියා ජන්කූක්ගේ ශර්ට් එකේ බටන් තුනක් ගැලවිලා තිබුනා ජන්කූක්ගේ නිරාවරණය වුනු පපුවේ කෙල්ලගේ අතක් තිබුනා කෙල්ල ජන්කූක්ගේ බෙල්ල කිස් කරනකොට කොල්ලා මුකුත් නොකර ඉදපු නිසා සනාට තවත් කේන්ති ගියා අඩියට දෙකට ජන්කූක් ලගට ගියපු සනා කොල්ලාගේ ඔඩොක්කුවේ හීටපු කෙල්ලව කොන්ඩෙන් ඇදලා තල්ලු කරලා දැම්මා ඒක කෙල්ල එකපාරට වුනු දේ හිතාගන්න බැරුව බිම වැටුනා
" යාහ්හ්...ඩැඩි කවුද මේ කෙල්ල "
ඒ කෙල්ල හිටපු නැගිටලා ජන්කූක් ලගින් වාඩිවෙලා ඇහුවා
" ඒ මගේ වයිෆ් බේබිගර්ල්...."
ජන්කූක් ඒ කෙල්ලගේ කලවා පිරිමදින ගමන් කිව්වා සනාගේ ඇස් වලට කදුලු පිරුනේ දුකටත් තරහටත් දෙකටම ජන්කූක් ලග ඉදපු කෙල්ලගේ කොන්ඩෙන් ඇදලා අරගෙන කම්බුලට ගැහුවා
" තමුසේ ආපහු මේ ක්ලබ් එකේ දී දැක්කොත් මම තමුසෙව මරලා දානවා.."
සනා කේන්තියෙන් එහෙම කියලා කෙල්ලව තල්ලු කරලා දැම්මා සනා ටේබල් එක උඩ තිබුණු විස්කි බෝතලේ අරගෙන කෙල්ලට ගැහුවා බෝතලේ ගිහින් දොරේ වැදිලා කුඩු වෙලා ගියා ඒ කෙල්ල සනා දිහා බලාගෙන ඉදලා ඉක්මනට එතැනින් නැගිටලා ගියේ තව වෙලා හිටියොත් මැරුම් කන්න වෙයි කියලා කෙල්ල ගියට පස්සේ සනා හැරුණේ ජන්කූක්ගේ පැත්තට කොල්ලා හරි සන්සුන් විදියට විස්කි ග්ලාස් එක හිස් කලා
" යාහ්හ්හ්....තමුසේ මොකද්ද ජන්කූක් මේ කරන්නේ තමුසෙට මාව මදි වුනා ද ඔෆිස් එකෙන් යූරාව එලෙව්වාට පස්සේ ක්ලබ් එකට ඇවිත් කෙල්ලෙක් අල්ලගත්තා ද තමුසෙ මොකද ඔහොම ඉන්නේ කතා කරනවා ජන්කූක් තමුසෙට මාව සෙල්ලමක් ද ඇයි මෙහෙම කරන්නේ කතා කරනවා.."
සනා කේන්තියටත් දුකටත් කෑගහලා ඇහුවා ජන්කූක් අතේ තිබුණු ග්ලාස් එක පොලොවේ ගැහුවේ ග්ලාස් එක කුඩු වෙලා පොලොව පුරා වීදුරු කැබැලි විසි වෙලා යද්දී ඒ සද්දෙට සනා ගැස්සිලා ගියා සනා දිහාට දවා අලු කරන බැල්මක් දාගෙන ජන්කූක් නැගිට්ටා
' එතකොට තමුසේ මොකද්ද කරේ කියනවා මම කෝල් කරාම තමුසේ මොකද බොරු කිව්වේ කියනවා කොල්ලෙක් එක්ක හිනා වෙවි කතා කර කර ඉදලා තමුසේ කිව්වා ඉන්නේ හොස්පිටල් එකේ කියලා මම අද නේ දන්නේ Coffee Shop එකේ hospital එකක් තියෙනවා තමුසෙට ඌත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියනවා "
කොල්ලා සනාගේ උරහිස් වලින් තදින් අල්ලාගෙන කිව්වා සනා බලාගෙන හිටියේ ජන්කූක්ගේ තරහින් පිරුණු ඇස් දිහා
" එයා...එයා...මගේ යාලුවෙක්..."
සනා කොල්ලාගේ ඇස් දිහා බලාගෙන කියද්දී ජන්කූක් කෙල්ලව පස්සට තල්ලු කලා
" තමුසේ...තමුසේ බොරු කියන්නේ....ඒ යාලුවෙක් නම් තමුසේ ඇයි ඒ වෙලාවේ බොරු කිව්වේ ඌ තමුසෙගේ නම්චිංගු ද ආ.."
" ජන්කූක්.."
කෙල්ල නොහිතපු දෙයක් ජන්කූක් ඒ විදියට කියද්දී සනා කොල්ලාගේ නම කියලා ටිකක් තදින් කතා කලා සනා හරි අඩුවෙන් කොල්ලාට නම කියලා කතා කරන්නේ ඒ නිසා ජන්කූක් කට කොනින් හිනා වුනා
" වේ...මම ඇත්ත කියපු හින්දා ද තමුසේ කෑගහන්නේ...? තමුසේ හොදටම දන්නවා හේසනා තමුසෙව පිට උන් අල්ලනවාට මම කැමති නැ කියලා ඒ දැනගෙනත් ඌ තමුසෙව අල්ලනකම් බලාගෙන හිටියා මම තමුසෙට පන වගේ ආදරෙයි තමුසෙට මගේ ආදරේ මදි වුනා ද..?"
" අහන්නකෝ..ජන්කුකී...පොඩ්ඩක්..."
" තවත් මොනාද ඕයි අහන්න තියෙන්නේ තමුසෙගේ හැමදේම ගත්තේ මම...තමුසේ මගේ තමුසේ දන්නවා ජේකේ කියන්නේ කවුද කියලා එහෙම දැනගෙන තමුසේ මට බොරු කිව්වේ මොකටද ඕයි තමුසෙට මොනාද අඩු වුනේ "
" ජන්කුකී...මම කියන දේ එකපාරක් අහන්න.."
සනා කොල්ලාගේ අතින් අල්ලාගෙන කිව්වත් ජන්කූක් කෙල්ලව තල්ලු කරලා දාලා දොරත් හයියෙන් වහගෙන යන්න ගියා ජන්කූක් තල්ලු කරපු පාර කෙල්ල විසි වෙලා ගිහින් විදුරු කැබැලි මත වැටුනා
" අහ්....."
කෙල්ලගේ අත පය සීරුනත් ඒ ගැන ගානක් තිබුණේ නැ සනා නැගිටලා දොර අරින්න ගියත් දොර එලියෙන් ලොක් කරලා ජන්කූක් යන්න ගියේ දොර ලොක් කරගෙන
" යාහ්හ්හ්....මේ දොර අරිනවා.."
සනා දොරට ගහන ගමන් කතා කලත් කෙල්ලට පස්සේ මතක් වුනේ කාමරේ soundproof කියලා කෙල්ල එහෙම්ම කකුල් දෙකත් තුරුල් කරගෙන දොර ලග බිම වාඩිවුනේ කදුලු කම්බුල් දිගේ ගලාගෙන යද්දී
.
ජන්කූක් සනාව රූම් එකට දාලා ලොක් කරලා රූම් එක ලග ගාඩ්ස්ලා දෙන්නෙක් තියලා කේන්තියෙන් කම්පැනි එකට ආවා employers කිහිප දෙනෙක්ගේ පිටින් කේන්තිය පිට කරපු ජන්කූක් කැබින් එකේ ටේබල් එක මත තිබුණු ෆයිල් එකක් විසි කරලා දැම්මේ ෆයිල් එකේ තිබුණු කොල කැබින් එක පුරා විසිරිලා යද්දී
",අහ්හ්හ්හ්.....හේසනා....තමුසේ කොහොමද මට එහෙම කරන්නේ "
එතැන තිබුණු පුටුවකට පයින් ගහපු ජන්කූක් කොන්ඩේ අවුලක් කරගත්තා
" බොස්....."
ඒත් එක්කම ජැකි ඇතුලට ආවා ජැකි කැබින් එක පුරා ඇස් යැව්වා කැබින් එක පිස්සන් කොටුවක් වගේ
" කියපන් "
ජන්කූක් පුටුවක වාඩිවෙලා බිම බලාගෙන හිටියේ
" මෑම් එක්ක හිටපු කොල්ලා ලී සන්ග් වූ මෑම්ගේ යුනිවසිටි එකේ ඉදලා තියෙන්නේ මෑම්ගේ Ex boyfriend ගේ හොදම යාලුවා.."
අන්තිම ටික ඇහෙද්දී ජන්කූක් ඔලුව උස්සලා ජැකි දිහා බැලුවා
" ලි මින්හුක්ගේ එකම පුතාත් ලී සන්ග් වූ තමයි "
" උබට හොදටම ෂුවර් ද.."
" ඔව් බොස්.."
" උබ පලයන් "
ජන්කූක් එහෙම කිව්වාම ජැකි එතැනින් යන්න ගියා කොල්ලා glass window ඉස්සරහ හිටගෙන බලාගෙන හිටියේ ටිකෙන් ටික හිම වලින් වැහිලා යන සෝල් නගරය දිහා
" පලමු හිම පතනයේදී මේ අවුරුද්දෙත් ඔයා එක්ක ඉන්න ඕන වුනා "
කොල්ලා glass window එකට අතක් තියාගෙන කනගාටුවෙන් මිමිනුවා
" එයාට සීතල ද දන්නේ නැ "
සනා සීත කාලෙට ඉක්මනට අසනීප වෙන නිසා කොල්ලා හැමතිස්සේම සනා ගැන අවධානයෙන් හිටියා කොල්ලා ඉක්මනට කෝල් එකක් දීලා කැබින් එක අස් කරන්න කියලා ආපහු ඉක්මනට ක්ලබ් එකට ගියා කොල්ලාට බය වුනා සීතල හින්දා සනා අසනීප වෙයි කියලා
ජන්කූක් ඉක්මනට ක්ලබ් එකට ගිහින් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා කෙල්ල රූම් එකේ පුරා ඇස් යැව්වත් සනා හිටියේ නැ ඒත් wash room එක පැත්තෙන් ඇහුනු සද්දයක් නිසා කොල්ලා ඒ පැත්තට ගියේ wash room එකේ දොරත් භාගෙට ඇරලා තිබුණු නිසා කොල්ලා දොර ඇරගෙන ඇතුලට ගියා ජන්කූක්ට දකින්න ලැබුනේ බලාපොරොත්තු නොවුනු දර්ශනයක්
To be continue.............
ඔන්න අද ඩබල් අප්ඩේට් දුන්නා
ඊලග චැප්ටර් එක හෙට දෙන්නම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top