Chapter 35 💘
" යාහ්හ්...මම ප්‍රසිඩන්ට් එක්ක කතා කරන්න ඕන තමුසෙලාට කියන දේ තේරෙන්නේ නැද්ද...?"
සනා බ්ලූ හවුස් එක ඉදිරියේ ඉදගෙන කෑගැහුවේ කෙල්ලට ඇතුලට යන්න නොදුන්නු නිසා ජන්කූක් ටිකක් ඈතට වෙන්න නතර කරලා තිබුණු car එකට වෙලා බලාගෙන හිටියේ සනා පොලොවේ අඩි හප්ප හප්ප කතා කරන විදිය කොල්ලා පැත්තකට වෙලා හිටියේ සනා ඔක්කොම බලාගන්නම් ජන්කූක්ට පැත්තකට වෙලා ඉන්න කියපු නිසා
" මැඩම් මෙතනින් ගියොත් හොදයි "
ගාඩ් කෙනෙක් කිව්වා
" මට ප්‍රසිඩන්ට් හම්බවෙන්න ඕන "
" මැඩම්ට ඔච්චර අමාරුව නම් වයසක ප්‍රසිඩන්ට්ට වඩා මම හොද නැද්ද.."
එක ගාඩ් කෙනෙක් එහෙම කියලා හිනා වෙද්දී සනාගේ මාරයා අවේස වුනා
" මේ මැඩම් එක සැරයක් හොදින් කිව්වා නේ යනවා මෙතනින් "
එහෙම කියපු ගාඩ් සනාව පිටිපස්සට තල්ලු කලා ජන්කූක්ට තවත් බලාගෙන ඉන්න බැරි තැන කොල්ලා car එකෙන් බැහැලා සනාගේ ලගට ගිහින් හොද පොල් ටොක්කක් ඇන්නා
" ආව්...රිදුනා..."
සනා ඔලුව අතගාන ගමන් කියද්දී ජන්කූක් රවලා ගාඩ්ස්ලා දිහාට හැරුනා
" තමුසෙලාට කොහෙන් ද ඕයි එයාව අල්ලන්න තරම් හයියක්..."
ජන්කූක් කේන්තියෙන් අහද්දී සනා කොල්ලාගේ අතක එල්ලුනේ මෙතන ප්‍රශ්නයක් ඇති කරගනියි කියලා හිතලා
" මම දෙයක් එකපාරයි අහන්නේ ප්‍රසිඩන්ට් හම්බවෙන්න යන්න දෙනව ද නැද්ද.."
ජන්කූක් ගැඹුරු හඩකින් අහද්දී ගාඩ්ස්ලා ඔක්කොම මූනට මූන බැලුවා
" මේක ප්‍රසිඩන්ට්ගේ ඕඩර් එකක් ඒක නිසා ඇතුලට යන්න දෙන්න බැ සොරි සර්.."
එක ගාඩ් කෙනෙක් ඔලුව නවාගෙන කිව්වා
" ඔහ් එහෙම ද...? තමුන්ට ලස්සන චූටි දුවෙක් ඉන්නවා නේද මම හිතන්නේ අවුරුදු 05 ක් වෙනවා දැන් එයා ඉන්නේ නර්සරි එකේ එයාගේ යාලුවෝ එක්ක සෙල්ලම් කරන ගමන් සෙල්ලම් කරද්දී ඕන අනතුරක් වෙන්න පුලුවන් එහෙම දෙයක් වෙලා ඔයාගේ පුංචි දුවට මොනාහරි වුනොත්.....? "
ජන්කූක් එහෙම කියනකොට ඒ ගාඩ්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆෝන් එක අරගෙන බලනකොට තිබුණේ පොඩි විඩියෝ ක්ලිප් එකක් ඒකේ තිබුණේ එයාගේ දුව නර්සරි එකේ සෙල්ලම් කරන විඩියෝ එකක් ඒ ගාඩ් ජන්කූක් බය වෙලා බැලුවා
" එතකොට තමුසෙගේ යොංජාචිංගු Seoul National University එක ඉස්සරහ තියෙන coffee shop එකට වෙලා coffee එකක් බොන ගමන් ඉන්නේ coffee එක බිලා ඉවර වෙලා පාරේ යනකොට එයා ඇක්සිඩන්ට් වුනොත්...?"
ඒ ගාඩ්ගේ ෆෝන් එකටත් එයාගේ යොංජාචිංගු ඉන්න විඩියෝ ක්ලිප් එකක් ආවා
" ආ එතකොට තමුසෙගේ ඔම්මායි අප්පායි බූසාන් යන train එකේ ඉන්නේ හදිස්සියේවත් train එක පිපිරුවොත්...? "
ගාඩ්ස්ලා බය වෙලා බලද්දී ජන්කූක් කලිසමේ සාක්කුවට අත් දාගෙන විසිල් කරන ගමන් හිටියා
" සර්ට යන්න පුලුවන් "
විනාඩි කිහිපයකින් ගාඩ් කෙනෙක් එහෙම කිව්වා
" Good decision..."
ජන්කූක් එහෙම කියලා සනාගේ පැත්තට හැරුනා
" යමු බබා.."
ජන්කූක් කෙල්ලගේ අතකින් අල්ලාගෙන කිව්වා දෙන්නා එක්කම ඇතුලට ඇවිදගෙන ආවා
" කුක්කෝ...."
" වේ බබා..."
" එයාලා අපිට ඇතුලට එන්න නොදුන්නා නම් ඔයා එයාලව මරනවා ද"
සනා එහෙම ඇහුවාම කොල්ලා නැවතිලා සනා දිහා බැලුවා
" එහෙම වෙන්නේ නැ කියලා මම දන්නවා මම ඔයාට මගේ පවුලේ අයට ආදරෙයි වගේම එයලත් එයලාගේ පවුලේ අයට ආදරෙයි ඒ නිසා මම දන්නවා ඇතුලට යන්න දෙනවා කියලා හැබැයි බබා මීට වඩා ලේසියි හොරාට පැන්නා නම් '
" ඔය කිව්වේ ඉතින් "
" ඇත්ත නේ බබා කියන්නේ මහ ලොකුවට මම කතා කරන්නම් කියලා ගියා ඒ වුනාට වැඩක් වුනා ද...? බබා දන්නේ බඩවැල් ගනන් කරන්න විතරයි මගෙන් ඉගෙනගන්න මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ කොහොමද කියලා "
ජන්කූක් එහෙම කියනකොට සනා අත් දෙකත් ඉනට තියාගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා
' තමුසේ මාව මැරි කරෙත් බ්ලැක්මේල් කරලා නේ "
සනා එහෙම කිව්වාම කොල්ලා හිනා වුනා
" ඒක නෙවෙයි බබා ඔයා හොදට ඇවිදිනවා නේ "
" දැන් මම ඇවිදින එකත් ප්‍රශ්නයක් ද..?"
" අනියා බබා ඒත් ඊයේ රෑ වුනු දේවල් එක්ක මම හිතුවේ බබාට ඇදෙන් බහින්න බැරි වෙයි කියලා ඒ වුනාට බබා හොදින් ඉන්නේ අද රෑටත්....."
" තමුසේ අද රූම් එකෙන් එලියේ නිදාගන්නවා ජන්කූක් "
සනා දබරගිල්ල කොල්ලාගේ පැත්තට දික් කරලා එහෙම කියලා ඉස්සරහට ඇවිදගෙන ගියා කොල්ලා සනාගේ පස්සෙන් ඇවිදගෙන ගියා
" ඔයාට එහෙම කරන්න බැ බබා.."
" ඇයි මට බැරි..තමුසේ අනන්තවත් living room එකේ නිදාගෙන තියෙන්නේ "
" බබාට මම නැතුව නින්ද යන්නේ නැ කියලා මම දන්නවා "
' ඒක මම බලාගන්නම්..'
සනා ජන්කූක්ගේ පැත්ත හැරිලා එහෙම කිව්වා කොල්ලා සනාට මොනාහරි කියන්න හැදුවත් ප්‍රසිඩන්ට් එනවා දැක්ක නිසා ජන්කූක් කට වහගත්තා ප්‍රසිඩන්ට් ඇවිත් දෙන්නා ඉස්සරහින් හිටගත්තා
" ගාඩ්ස්ලාට තර්ජනය කරගෙන මාව හම්බවෙන්න ආවේ මොකද කියලා දැනගන්න පුලුවන් ද..?"
" තර්ජනය කරලා නැවතුන එක ගැන සතුටු වෙන්න මිස්ටර් ප්‍රසිඩන්ට් "
ජන්කූක් එහෙම කිව්වාම සනාට කට කොනින් හිනාවක් ගියා ප්‍රසිඩන්ට් මුකුත් නොකියා යද්දී සනාකුක් පිටිපස්සෙන් ගියා ප්‍රසිඩන්ට් ඔෆිස් රූම් එකට ගිහින් වාඩිවෙන්න කලින් ජන්කූක් ඔෆිස් රූම් එකේ කොනක තිබුණු couch එකෙන් වාඩිවුනා සනාගේ අතින් ඇදලා ලගින් වාඩි කරගත්ත කොල්ලා අතින් ඉස්සරහ තිබුණු පුටුව පෙන්නුවා ප්‍රසිඩන්ට් කට වහගෙන වාඩිවුනේ ජන්කූක් ගැන හොදට දන්න නිසා
" වටේ යන්නේ නැතුව මම කෙලින්ම ප්‍රශ්නේ අහන්නම් මගේ හියුන්ග්ගේ තියෙන වැරැද්ද මොකද්ද "
" මාෆියාකාරයෙක්ට මගේ දුවට ගැලපෙන්නේ නැ මිස්ටර් ජොන්..."
ප්‍රසිඩන්ට් ජන්කූක් දිහා කෙලින් බලාගෙන කිව්වා ජන්කූක් ඒත් එක්කම හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා
" මාෆියාකාරයෙක් දුවගේ බොඩිගාඩ් කරගන්නකොට ඒ ගැන හිතන්න තිබුනා මිස්ටර් ප්‍රසිඩන්ට් "
ජන්කූක් එහෙම කියද්දී ප්‍රසිඩන්ට් නිරුත්තර වුනා
" සර්...ටේ ඔප්පා නරක කෙනෙක් නෙවෙයි එයා ජීසූව හොදින් බලාගන්නවා කියලා මට විශ්වාසයි සර් ඔයාටත් ඕන ඔයාගේ දුව සතුටින් ඉන්නවා දකින්න නේද ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න සර් ටේ ඔප්පා ගැන නොදන්නවා නෙවෙයි නේ "
මෙච්චර වෙලා නිහඩව හිටපු සනා කිව්වා
" තමුන් මට මගේ දුවව බලාගන්න ඕන විදිය ගැන උපදෙස් දෙන්න ඕන නැ "
ප්‍රසිඩන්ට් නොරිස්සුම් සහගත බැල්ලමකින් සනා දිහා බලන ගමන් කිව්වා
" හේයි මිස්ටර් ප්‍රසිඩන්ට් ඔච්චර සද්දෙන් කතා කරන්නේ කාට කියලා ද හිතාගෙන ඉන්නේ...?"
ජන්කූක් කේන්තියෙන් අහද්දී සනා කොල්ලාගේ අත මිට මොලවාගෙන ඉදපු අත මතින් එයාගේ අත තියලා පොඩි තට්ටුවක් දැම්මේ සන්සුන් වෙන්න කියන්න වගේ
" මිස්ටර් ජොන් වයිෆ්වත් අරගෙන මෙතනින් ගියොත් හොදයි මගේ තීරණයේ වෙනසක් නැ "
ප්‍රසිඩන්ට් එහෙම කිව්වේ ජන්කූක්ව මෙතනින් ඉක්මනට යවාගන්න ඕන නිසා
" සර් මිනිස්සුන්ගේ පිටතින් බලලා තීරණ ගන්න එපා එහෙම වුනොත් සර්ට පසුතැවෙන්න වෙයි "
සනා එහෙම කියලා නැගිටලා එතැනින් ගියේ කේන්තියෙන්
" මේක මෙතනින් ඉවර වෙන්නේ නැ මිස්ටර් ප්‍රසිඩන්ට් ජීසූට කවදාහරි හරි මැරි කරන්න වෙන්නේ ටේ හියුන්ග් විතරයි මම අද කිව්වා කියලා කොහේහරි ලියලා තියාගන්න "
ජන්කූක් කට කොනින් හිනාවක් එක්ක එහෙම කියලා නැගිටලා යන්න ගියා කොල්ලා යනකොට දැක්කේ කොරිඩෝ එකට වෙලා තනියෙන් මොනාද මුමුනන ගමන් ඉන්න සනාව කොල්ලා හිතුවේ ගියපු විදියට කෙල්ල mansion එකටම ගිහින් ඇති කියලා
" යාහ්හ්හ් එයා කොහොමද එහෙම කියන්නේ ජීසූ ටේ ඔප්පා දෙන්නාට දෙන්නා ආදරෙයි නම් ටේ ඔප්පා නරක කෙනෙකුත් නෙවෙයි නම් ඇයි මේකට අකමැති වෙන්නේ මේකාට කවුද ජනාධිපති පට්ටම දීපු එකා අන්න ඌට ඉස්සෙල්ලාම දෙකක් අනින්න ඕන මේ වගේ යකෙක්ට Nomination දුන්නාට....."
සනා කේන්තියෙන් කියනකොට ජන්කූක් කෙල්ලගේ කර වටේ අතක් දාගෙන අනිත් අතින් සනාගේ කම්බුලක් මිරිකුවා කෙල්ල මූනත් පුම්බගෙන කොල්ලා දිහා බැලුවා
" එයාට අපි හොදින් කිව්වා බබා දැන් අපේ ක්‍රමේට මේක විසදමු...."
කොල්ලා එහෙම කිව්වාම සනා අමුතු හිනාවක් එක්ක ජන්කූක් දිහා බලාගෙන හිටියා
" Awww My Cute Baby.."
ජන්කූක් ආපහු සනාගේ කම්බුලක් මිරිකන ගන්න කිව්වා කෙල්ල ජන්කූක්ගේ අතට ගහලා කොල්ලගෙන් ඈත් වෙලා ඉස්සර වෙලා ගියා ජන්කූක් කෙල්ලගේ පස්සෙන් ගියා
.
After One Week
ඇහි පිල්ලම් ගහන වේගෙන් සතියක් ගෙවිලා ගියේ ටේසෝ දෙන්නා දෙපැත්තට වෙලා වේදනාවෙන් කල් ගෙවද්දී ගෙවුනු සතිය එයාලා කාටවත් සුභදායී සතියක් වුනේ නැ හැබැයි කෙනෙක් නම් මේ වුනු දේවල් වලට සතුටින් හිටියේ ඒ වෙන කවුරුවත් නෙවෙයි ලී මින්හුක්
ටේහ්‍යුන් නිතර නිතර ක්ලබ් යන්න පුරුදු වුනා එහෙම ක්ලබ් ගිහින් කෙලින් හිටගන්න බැරුව බීලා ආවාම සනා සීතල වතුරට අයිස් කැටත් දාලා ටේහ්‍යුන්ට වතුරෙන් ගැහුවා ඒ වෙලාවට ටේහ්‍යුන්ගේ කටින් සුද්ද කොරියන් වචන කිහිපයක් පිට වුනාම අතට අහුවුනු එකෙන් කොල්ලාට දීලා අදිනවා ඒ වෙලාවට සනාගේ ලගට ටේහ්‍යුන්ට ගහන්න දේවල් ගෙනත් ජන්කූක් ජිමින් දෙන්නා තමයි ඔය දේවල් ඔක්කොම ජීසූගේ කනේ තියන්නත් සනා අමතක කරන්නේ නැ
එතකොට ජීසූ ගැන කිව්වොත් කෙල්ල රූම් එකෙන් එලියට ආවේ නැති තරම් කාත් එක්කවත් වචන දෙකකට තුනකට වැඩිය කතා කලේ නැ ජීසූ ටේහ්‍යුන් එක්ක කතා කරනවා ප්‍රසිඩන්ට්ට අහුවුනු නිසා කෙල්ලගේ ෆෝන් එක රාජ සන්තක කලා කෙල්ලට ප්‍රපෝස් කරපු කොල්ලත් ජීසූව බලන්න එක දවසක් ආවා ඊට පස්සේ ඒ කොල්ලා අන්තරස්දාන වෙලා තිබුනා
ජීසූ අදත් දොරත් ලොක් කරගෙන රූම් එකට වෙලා හිටියේ ටේහ්‍යුන් එක්ක ගෙවපු ලස්සන දවස් මතක් කරන ගමන් කෙල්ලට තනියෙන් හිනා ටේහ්‍යුන්ගේ සමහර මුල් ලමා විය සංවර්ධනය වෙලා නැති වැඩ මතක් වෙනකොට
" I Miss You Tae.."
කෙල්ල කොට්ටෙකුත් තුරුල් කරගෙන හිමින් මිමිනුවා
" Miss You Too Baby "
කෙල්ල වේගයෙන් ඇස්පිල්ලම් ගැහුවා
" යාහ්හ්හ්...ජීසූ එයා කොහොමද මෙහෙට එන්නේ මට පිස්සු හැදිගෙන එනවද මන්දා.."
ජීසූ තනියෙන් මුමුනන ගමන් ඔලුවට අතගහ ගත්තා
" මේ ඕයි.."
කෙල්ල පිටිපස්ස හැරිලා බැලුවාම දැක්කේ තනි කලු පාට ඇදගෙන කලු කුමාරයා වගේ ඩයල් එකක් බලාගෙන ඉන්නවා
" යාහ්හ් කලු කුමාරයා ජනේලෙන් එබෙනවා කිව්වාට කවුද හිතුවේ රූම් එකට කඩාගෙන පහත් වෙයි කියලා "
ජීසූ කිව්වාම ඒ කෙනා කැප් එක ගැලෙව්වාම කෙල්ලගේ කට අක්කරයක් විතර ඇරුනා
" මෙච්චර හැන්සම් මට ද තමුසේ කලු කුමාරයා කිව්වේ..?"
ටේහ්‍යුන් එයාගේ අතින් කොන්ඩේ පිටිපස්සට කරන ගමන් කෙල්ලට රවාගෙන කිව්වා ජීසූ තාමත් ජීවිතේට නොදැකපු සුනඛ සෝරස් කෙනෙක් තමන්ගේ ඉස්සරහ ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා
" අපරාදේ තමුසේ බලන්න තාප්ප උඩින් පැනගෙන ගැරඩියෙක් වගේ වතුර බට දිගේ බඩගාගෙන ආවේ.."
කොල්ලා මූනත් නරක් කරගෙන කිව්වාම ජීසූ දුවගෙන ගිහින් කොල්ලාගේ ඇගට පැන්නා ටේහ්‍යුන් කොහොමහරි බැලන්ස් කරගෙන කෙල්ලව අල්ලගත්තා ජීසූ කොල්ලාගේ ඉන වටේ කකුල් දෙකත් ඔතාගෙන කෝලා කෙනෙක් වගේ ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලිලා ඉන්නවා කොල්ලා හිනාවක් එක්ක ජීසූගේ පිට හිමින් පිරිමැද්දා
ටේහ්‍යුන් කෙල්ලවත් උකුලට අරගෙන ඇද උඩින් වාඩිවුනා ජීසූ ඇස් වල කදුලු පුරවගෙන කොල්ලාගේ කම්බුල් වලට එයාගේ අත් තියලා සියුම්ව පිරිමැද්දා ජීසූට ඇඩෙනවා කොල්ලා කෙල්ලගේ කම්බුල් දිගේ ගලන කදුලු බිදු පිසදලා නලලට ආදනීය උනුසුම් හාදුවක් තැවරුවා
" ටේටේ..."
ජීසූ හැඩුම් අතරින් කොල්ලාගේ නම මුමුනද්දී ටේහ්‍යුන් කෙල්ලව තදින් වැලදගත්තා කාලෙකින් ලැබුනු උනුසුමට ජීසූ හරි ආසාවෙන් තුරුල් වුනා
" ඔයා හොදින් නේද.."
ටිකකින් කෙල්ලව ඈත් කරලා ජීසූගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවන ගමන් ඇහුවා ජීසූ ඔව් කියන්න ඔලුව වැනුවා
" මං නැති ටිකේ දග වැඩ කලා ද.."
ජීසූ පොඩි බබෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා
" ම්ම්ම් ගුඩ් ගර්ල් කෙනෙක් වෙලා "
කොල්ලා ජීසූගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා
" ඒක නෙවෙයි මොකද්ද ක්ලබ් ගිහින් කෙලින් හිටගන්න බැරී වෙන්න බීලා එන කතාව..."
ජීසූ රවාගෙන ඇහුවාම කොල්ලා බෙල්ල පිටිපස්ස කසන්න පටන් ගත්තා
" ඔච්චර බෙල්ල කසන්න එපා බෙල්ලේ පොට යයි "
ජීසූ එහෙම කිව්වාම කොල්ලා එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කලා කෙල්ල ටේහ්‍යුන්ගේ කම්බුල් වලින් අල්ලලා මිරිකුවා
" ආව්...රිදෙනවා යකොව්...අතහැරපිය..."
" මිරිකලා චප්ප කරන්න හිතයි..."
කෙල්ල ටේහ්‍යුන්ගේ කම්බුල් අතහැරලා කිව්වා
" කොහෙද මිරිකන්න හිතෙන්නේ "
කොල්ලා අමුතු විදියට එහෙම කියද්දී ජීසූ ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ අත් ඔතාගත්තා
" ඔයා හිතන තැන වුනත් මිරිකන්න පුලුවන් "
කෙල්ල ඇහැක් ගහලා කිව්වා
" අහ්හ්හ්හ්හ්හ් තමුසේ මාව අවුස්සන්න හදන්නේ ජීසූ "
" ඉතින් මම ඇවිස්සෙන්න එපා කිව්වා ද.."
ජීසූ කොල්ලාගේ මූනට එබිලා කියද්දී ටේහ්‍යුන්ගේ අත් ගියේ කෙල්ල බට් චීක්ස් වලට
" අහ්ම්....ටේ...."
කෙල්ලට සිහින් කෙදිරිල්ලක් පිට වුනේ ටේහ්‍යුන් ජීසූ බට් චීක්ස් මිරිකපු නිසා ටේහ්‍යුන්ගේ කොන්ඩේ අතරේ අතැගිලි යවපු ජීසූ කොල්ලාව ලගට අරගෙන ඒ තොල් අල්ලගත්තා
To be continue............
ගුඩ් මෝනින්
ඉවසිමෙන් සැනසීම ලැබෙයි දරුවනි
Happy TAE TAE Day Army......☺️💚❤️
මගේ wattpad account එක අන්තරස්දාන වෙලා තිබුනා ලමයි දැන් තමයි හදාගත්තේ ඊයේ දවසෙම හිටියේ නිකන් සාංකාව ගහලා වගේ
අපේ ගෙදර නෑයෝ කස්ටියකුත් ඇවිත් හිටියා එයාලා අද තමයි ආපහු යන්නේ ඒ නිසා තමයි උදේම නැගිට්ටේ
බායිම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top