Chapter 34 🥀
ටේහ්‍යුන්ගේ උනුසුමට තුරුල් වෙලා නිදාගෙන හිටපු ජීසූ ඇහැරුනේ කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහිලා ටේහ්‍යුන් හොදටම නිදි කෙල්ල නැගිටලා ටේහ්‍යුන්ගේ කම්බුලට කිස් එකක් දුන්නා
" ජීසූ මිස්....දොර අරින්න.."
මිස් චෝයිගේ කටහඬ ඇහෙනකොට ජීසූ ගැස්සිලා ගියා හදිස්සියේවත් මිස් චෝයි ඇතුලට ඇවිත් ටේහ්‍යුන්ව දැක්කොත් කියලා කෙල්ල බය වුනා
" අහ්...මිස් චෝයි මම ඇහැරිලා ඉන්නේ...ඔයා යන්න මම වොෂ් එකක් දාගෙන එන්නම්.."
" හරි මිස්...ඉක්මනට එන්න සර් බලාගෙන ඉන්නවා "
මිස් චෝයි එතැනින් ගියා කියලා තේරුනාම ජීසූ හුස්මක් පහත දැම්මේ
" යාහ්හ්හ්...වලස් තඩියෝ නැගිටිනවා උදේ වෙලා මෝඩයෝ නැගිටිනවකො.."
ජීසූ කොල්ලාව හොලවන ගමන් කතා කලත් ටේහ්‍යුන් නම් හොදටම නිදි
" මහ ලොකු බොඩිගාඩ් මාව උස්සගෙන ගියත් ඔච්චර තමයි"
" තමුසෙව උස්සගෙන යන එකා පැයක් යන්න ආපහු මට ගෙනත් භාර දෙන හින්දා බය වෙන්න ඕන නැ "
ටේහ්‍යුන් ඇස් පියාගෙනම එහෙම කිව්වාම ජීසූ ඇස් හීනි කරගෙන කොල්ලා දිහා බැලුවා
" මොකද්ද කිව්වේ....? ආපහු කියනවා බලන්න "
" තමුසෙව කවුරුහරි උස්සගෙන ගියත් පැයක් යන්න කලින් ආපහු මට ගෙනත් භාර දෙනවා ඔය ටින් බෙලෙක්ක කට ඇරපු ඔක්කොම ඉවරයි "
" තමුසේ මොකද්ද කියන්නේ...? තමුසේ පෘතුගාල බූරු වලස් කොටියා ක්‍රේඒෂියානු ගැඩිවිලා හොට දිග වලි කුකුලා "
ජීසූ අත මිට මොලවාගෙන කොල්ලාගේ පපුවට ගැහුවා ඒ ගහපු පාරවල් එකක්වත් කොල්ලාට රිදුනේ නැ කෙල්ලගේ අත් දෙක අල්ලගත්ත ටේහ්‍යුන් පොඩ්ඩක් ඉස්සිලා ජීසූගේ තොල් වලට පෙක් එකක් දුන්නා
" ලෝකේ නැති සත්තුන්ගේ නම් කියන්නේ මොකද බබා... ගිහින් වොෂ් එකක් දාගෙන රෙඩි වෙන්න මාත් යන්න ඕන "
ටේහ්‍යුන් එහෙම කියලා ඇදෙන් නැගිටලා කොල්ලාගේ ඇදුම් හදාගෙන ජීසූගේ නලලට කිස් එකක් දීලා රූම් එකෙන් එලියට ගියා කෙල්ලත් වොෂ් එකක් දාගෙන යනකොට ජනාධිපතිතුමා dinning table එකේ වාඩිවෙලා ඉන්නවා ජීසූ කොල්ලාව හොයන ගමන් ඇවිත් වාඩිවුනා
" ගුඩ් මෝනින් ජීසූ...."
" ගුඩ් මෝනින් අප්පා.."
කෙල්ල ජනාධිපතිතුමා දිහා බලලා හිනා වෙලා කිව්වා ජීසූ කන්න පටන් ගන්නකොට ටේහ්‍යුන් ආවා
",ටේහ්‍යුන් වාඩිවෙන්න "
" අනියා ඕන නැ සර් "
" ටේහ්‍යුන් වාඩිවෙන්න ලමයෝ.."
ජනාධිපතිතුමා එහෙම කියද්දී ටේහ්‍යුන් ජීසූ ඉදිරියෙන් වාඩිවුනා
" මගේ කෙල්ලව පරිස්සම් කරලා ආපහු එක්කගෙන ආවට ගොඩක් ස්තූතියි ටේහ්‍යුන් "
" දැන් සර් මට කීපාරක් ස්තූති කලා ද මම මගේ වගකීම් ඉෂ්ට කලේ.."
ටේහ්‍යුන් හිනාවක් එක්ක කිව්වා ජනාධිපතිතුමා කොල්ලා එක්ක හිනා වුනා ටේහ්‍යුන් කන්න පටන් ගත්තා ටික වෙලාවක් යනකොට කොල්ලාට තේරුනා එයාගේ කකුල දිගේ කාගේ හරි කකුලේ ඇගිලි තුඩු ගෙනියනවා ටේහ්‍යුන් ඔලුව උස්සලා ජීසූ දිහා බලද්දී කෙල්ල ඇහැක් ගැහුවා ජීසූගේ කකුලේ කොල්ලාගේ කකුල දිගේ උඩට ඇවිත් නැවතුනේ ටේහ්‍යුන්ගේ සාමාජිකයා මත කෙල්ල හිමින් කකුලේ ඇගිලි වලින් පිරිමදින ගනිද්දී කොල්ලාට හීන් දාඩිය දැම්මා ටේහ්‍යුන් එපා කියන්න ඔලුව වැනුවත් ජීසූ නැවැත්තුවේ නැ ටේහ්‍යුන්ගේ අත වැදිලා හැන්දක් බිම වැටුනු නිසා කොල්ලා ඒක ගන්න පහත් වුනා හැන්ද ගන්න පහත් වුනා වගේ ජීසූගේ කකුලට පුංචි පුංචි හාදු තියලා එකපාරට හැපුවා කෙල්ල අකුනක් වැදුනා වගේ කකුල ගත්තාම ටේහ්‍යුන් හැන්දත් අරගෙන නැගිටලා ජීසූ දිහා බලලා කට කොනින් හිනා වුනා කෙල්ල ටේහ්‍යුන්ට රැව්වා
" ජීසූ මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා "
" මොකද්ද අප්පා.."
Chopsticks දෙකත් පැත්තකින් තියලා ජනාධිපතිතුමා දිහා බලන ගමන් ඇහුවා
" ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනාවා කොල්ලා හොද කෙනෙක් ඔයාත් හම්බවෙලා බලන්න.."
ජනාධිපතිතුමා කියද්දී ජීසූගේ වගේම ටේහ්‍යුන්ගේ මූනත් අදුරු වුනා
" මොහ්...? අප්පා...මට මොකටද ප්‍රපෝසල්..මේ ඉන්න විදිය මට හොදයි "
ජීසූ කිව්වේ කේන්තිය පිරුණු හඩකින්
" කවදා වෙනකම් ඔහොම ඉන්නද...?මම මෙච්චර කල් ඉන්න දුන්නා නේ ඒ ලමයා හෙට එයි ආවාම හොදින් කතා කරන්න ඒ දරුවා හොද දරුවෙක් එයාට නැති දෙයක් නැ "
" අප්පාට මාව දැන් කරදරයක් ද බරක් ද එහෙනම් කියන්න ආපහු නොයෙන්නම කොරියාවෙන් යන්නම්..."
" මම දැන් එහෙම දෙයක් ද කිව්වේ දැන් ඔයාට අවුරුදු 26 ක් ජීසූ ඔය වයසේ දී තමයි මැරි කරන්න ඕන "
" හරි මම මැරි කරන්නම් හැබැයි මට ඕන කෙනාව අප්පා ඒකට කැමති ද.."
ජීසූ අත් දෙකත් බැදගෙන ජනාධිපතිතුමා දිහා කෙලින් බලාගෙන ඇහුවා
" ඒ කෙනා හොද ඔයාට ගැලපෙන කෙනෙක් නම් මම කැමති වෙන්නම්..."
" මම ටේහ්‍යුන්ට ආදරෙයි එයත් මට ආදරෙයි "
කෙල්ල එකපාරට කිසි ගානක් නැතුව කිව්වාම ටේහ්‍යුන් ගැස්සිලා ගියා කොල්ලා හිතුවේ නැ ජීසූ මේ විදියට එයාලගේ සම්බන්ධය ගැන කියයි කියලා
" මොකද්ද ඒ කතාව...? ටේහ්‍යුන් ඒ කතාව ඇත්ත ද..?"
ජනාධිපතිතුමා නොරිස්සුම් සහගත බැල්ලමක් ටේහ්‍යුන් දිහාට එල්ල කරගෙන ඇහුවා
" ඒ කතාව ඇත්ත මම ජීසූට ආදරෙයි "
ටේහ්‍යුන් ජනාධිපතිතුමා දිහා බලාගෙන කිව්වාම ජනාධිපතිතුමා ටේබල් එකට ගහලා නැගිට්ටා ටේහ්‍යුන් ජීසූ ඒත් එක්කම නැගිට්ටා ජීසූ කොල්ලා ලගට ඇවිත් ටේහ්‍යුන්ගේ අතක් එයාගේ අතක් එක්ක පටලවාගත්තා ටේහ්‍යුන් ජීසූගේ අත තද කරලා අල්ලගත්තේ ඒ අත කවදාවත් අතහරින්නේ නැ කියලා හිතාගෙන ජනාධිපතිතුමා ඒ අත් දිහා බලාගෙන හිටියා
" කවදා ඉදන් ද මේ සම්බන්ධය තියෙන්නේ "
ජනාධිපතිතුමා නිවුනු නමුත් ගැඹුරු හඩකින් ඇහුවා
" මාස තුනක ඉදන්.."
ටේහ්‍යුන් උත්තර දුන්නා
" ජීසූ රූම් එකට යන්න..."
" බැ මම යන්නේ නැ "
ටේහ්‍යුන්ගේ අතක එල්ලිලා ජීසූ කිව්වේ ජනාධිපතිතුමා එන්නේ මොකාටද කියලා කෙල්ලට ලාවට තේරිගෙන එන නිසා
" එක සැරයක් හොදින් කිව්වා ජීසූ යනවා රූම් එකට "
කෙල්ල බැ කියන්න ඔලුව දෙපැත්තට වනන ගමන් ටේහ්‍යුන්ගේ පිටිපස්සේ හැංගුනා
" ටේහ්‍යුන් කෙලින්ම එහෙනම් මම කියන්නම් මම තමුසෙව ගත්තේ මගේ දුවගේ ආරක්ෂාවට බොඩිගාඩ් කෙනෙක් ඕන නිසා අනිත් දේ තමුසේ වගේ මිනිමරුවෙක්ට drug dealer කෙනෙක්ට මගේ දුවව දෙන්න නැ එහෙම වුනොත් මෙච්චර කල් ගොඩනගාගෙන ආපු මගේ political life එක සම්පූර්ණයෙන් ඉවරයි මාෆියාකාරයෙක් බෑනා කරගත්තා කියලා විපක්ෂයේ මන්ත්‍රිවරු චෝදනා කරයි මම අන්තිම හොදින් කියන්නේ ටේහ්‍යුන් මේ සම්බන්ධය නවත්තන්න තමුන් කොහොමත් මගේ දුවට ආදරේ නැ කියලා මම දන්නවා වචනෙකින් ආදරෙයි කිව්වා කියලා වැඩක් නැ මම දන්න විදියට තමුන්ට ඕන තරම් කෙල්ලෝ ඉන්නවා එයින් කෙනෙක් තියාගන්න මගේ දුවව අතහරින්න ආපහු ජීසූගේ ආරක්ෂාවට තමුන් ඕන නැ හෙට ජීසූගේ future husband එයි අනික ආපහු ජීසූට blue house එකෙන් එලියට යාම තහනම් "
ජනාධිපතිතුමා කියන දේවල් ටේහ්‍යුන් අත මිට මොලවගත්තා ජීසූ කොල්ලාගේ පිටට ඔලුව තියාගෙන හිටියේ අවුරුදු ගානකට කලින් වුනු දේ ආපහු වෙනවා කියලා කෙල්ලට හිතුනේ ජීසූගේ කම්බුල් දිගේ කදුලු බිදු නොනවත්වා කඩාගෙන හැලුනා බ්ලු හවුස් එකේ සර්වන්ට්ලා ගාඩ්ස්ලා බලාගෙන හිටියේ මොකද වෙන්නේ කියලා
" ටේ....මාව දාලා යන්න එපා..."
ජීසූ හිමින් මුමුනනකොට කොල්ලා හුස්මක් ගත්තා ජනාධිපතිතුමාගේ හොම්බට හැටක් ඇනලා ජීසූව අරගෙන එන්න හිතුනත් කොල්ලා ඉවසුවේ මොනා වුනත් ඒ ජීසූගේ අප්පා හින්දා කොල්ලා ජීසූව එයාගේ ඉස්සරහට අරගෙන නලලට ආදරනීය හාදුවක් තැවරුවා
' මම කොහෙවත් යන්නේ නැ "
ටේහ්‍යුන්ගේ පපුවට පුංචි කුරුලු පැටියෙක් වගේ ජීසූ තුරුල් වුනා කොල්ලා ජීසූව තුරුල් කරගත්තා කෙල්ල හොදටම අඩනවා ටේහ්‍යුන් ජීසූගේ ඔලුව අතගාලා සනසනවා
" ජීසූ දැන් යනවා "
" ටේටේ යන්න එපා චේබල් "
කොල්ලාගේ කෝට් එකේ එල්ලිගෙන පොඩි බබෙක් වගේ කිව්වා ටේහ්‍යුන් කෙල්ලගේ තොල් මතින් පුංචි කිස් එකක් තිබ්බේ ඉන්නේ කවුද කියලත් ගානක් නැතුව ජනාධිපතිතුමා ජීසූගේ අතින් ඇදලා ගත්තා
" තමුන්ට ආපහු මෙහේ එන්න වැඩක් නැ යනවා දැන් "
ජනාධිපතිතුමා එහෙම කියද්දී කොල්ලා කේන්තියෙන් අත මිට මොලවාගෙන හිටියේ
" ජීසූගේ අප්පා හින්දා තමුන් තාමත් පනපිටින් ඉන්නේ නැත්නම් මම අමුතුවෙන් කියන්න ඕන නැ නේ "
ටේහ්‍යුන්ගේ රතු වුනු ඇස් දැක්කාම ජනාධිපතිතුමා බය නොවුනා කිව්වොත් බොරුවක් ඒත් ඒ බවක් පෙන්නුවේ නැ
' මම ආපහු එනවා ජීසූ තමුසේ මගේ විතරයි "
ජ
ීසූ ඔව් කියන්න ඔලුව වැනුවා ටේහ්‍යුන් අනිත් අය දිහාත් බලලා බ්ලු හවුස් එකෙන් එලියට බැස්සේ ජීසූගේ ඇඩිල්ල මැද්දේ කොල්ලා පාර දිගේ ඇවිදගෙන ගියා ටේහ්‍යුන් කොන්ඩේ අතින් අවුල් කරගෙන පාර අයිනේ වාඩිවුනේ පාරේ යන මිනිස්සු කොල්ලා දිහා බල බලා ය්නවා වුනත් කොල්ලාට ඒ ගැන හිතන්න ඕන වුනේ නැ
" ටේ..."
කොල්ලා ඇහුනු කටහඬ නිසා ඔලුව උස්සලා බැලුවා
" ටේ මොකද යකෝ මේ..."
" ජිමින්.."
ඔව් එතැන හිටියේ ජිමින්....කොල්ලා සුකීව හොස්පිටල් එකෙන් drop කරලා එනකොට අහම්බෙන් වගේ ටේහ්‍යුන් වගේ කෙනෙක් පාරේ වාඩිවෙලා ඔලුව අල්ලාගෙන ඉන්නවා දැක්කා සැකේට වගේ ජිමින් එතැනට ගියා ලගට ගියාම ටේහ්‍යුන් කියලා හොදටම දැක්ක හින්දා ජිමින් කතා කලා
ටේහ්‍යුන්ගේ මැලවිලා තියෙන මූන දැක්කාම ජිමින් ගැස්සුනේ නැ කිව්වොත් ඒක බොරුවක්
" වරෙන් යන්න.."
මොකද වුනේ කියලා අහන්න ඕන වුනත් ජිමින් ඉස්සෙල්ලා කොල්ලාව නැගිට්ටවගෙන එක්කගෙන ගිහින් කා එකෙන් වාඩිකලා
" දැන් මොකද වුනේ කියපන්...පිස්සෙක් වගේ පාර අයිනේ වාඩිවෙලා ඉන්නේ "
" ජිමින්..."
" ම්ම්ම් කියපන්..."
ටේහ්‍යුන් සිද්ධ වුනු හැමදේම අකුරක් නෑර ජිමින්ට කිව්වා කොල්ලා ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා
" යාහ්හ්...ඒක යකාගේ කතාවක් නේ යකෝ උබ කලබල නොවි හිටපන් ජීසූ උබේ විතරයි පිස්සෙක් වගේ හැසිරෙන්න නම් හදන්න එපා...මම උබ එක්ක ඕන දේකට ඉන්නවා.."
ජිමින් කොල්ලාගේ ඔලුව අතගාලා කිව්වා ටේහ්‍යුන් දුකින් ඔලුව වැනුවා ටේහ්‍යුන් ඔලුව සීට් එකට බර කරගෙන එලිය බලාගෙන හිටියා ජිමින් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදලා වේදනාවෙන් හුස්මක් පහත හෙලුවා ටේහ්‍යුන් මාෆියා වැඩ වලට කොච්චර දරුනු ද වගේම ආදරේ දී කොල්ලා ඒ තරම්ම සෙන්සිටිව් කියලා ජිමින් හොදටම දන්නවා
ටික වෙලාවකින් jeon mansion එකට ආපු දෙන්නා ඇතුලට ගියා ටේහ්‍යුන්ගේ මූන දැකපු ගමන් හැමෝටම තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියලා
" මොකද මේ..."
ටේහ්‍යුන් couch එකෙන් වාඩිවුනාම ජියා ඇහුවේ ජිමින්ගෙන් ඊට පස්සේ ජිමින් ටේහ්‍යුන් කියපු දේවල් ඔක්කොම වගේ කිව්වා
" මොහ්...?"
ඒත් එක්කම ඇහුනු කටහඬ නිසා ජිමින් වගේම අනිත් අයත් හැරිලා බැලුවා එතැන හිටියේ සනා
" යාහ්හ් ටේටේ බය වෙන්න එපා මම ඔක්කොම බලාගන්නම් ම්ම් ජීසූ ආපහු ඉක්මනට ඔයාගේ ලගට එයි නයා මැරිච්ච අහිකුන්ඨකයා වගේ ඉන්න එපා අනේ "
සනා ටේහ්‍යුන්ගේ කම්බුල් වලින් අදින ගමන් කිව්වාම කොල්ලාට පොඩි හිනාවක් ගියා
" දැන් මොකද කරන්නේ.."
" මම ගිහින් ජීසූගේ අප්පා එක්ක මේ ගැන කතා කරන්නම්.."
" තනියෙන් යන්න එපා සනා "
" මම සනා එක්ක යන්නම්.."
මෙච්චර වෙලා කට වහගෙන ඔක්කොම බලාගෙන හිටපු ජන්කූක් කිව්වා
" දෙන්නා පරිස්සමින් කුකි පුලුවන් තරම් හොදින් කතා කරන්න බලන්න "
ජින් කිව්වේ ජන්කූක්ගේ කුකුල් කේන්තිය ගැන දන්න නිසා දෙන්නාම රෙඩි වෙලා බ්ලූ හවුස් එකට පිටත් වුනා
To be continue...........
Merry Christmas...☃️❄️
හිම වැටෙනවා ලමයි සීතලයි
Bạn đang đọc truyện trên: AzTruyen.Top