Chapter 32 🌝

ජන්කූක් ඇදේ එක කොනක නිදාගනිද්දී සනා අනිත් කොනේ නිදාගත්තා ඒත් කෙල්ලට නින්ද ගියේ නැ හැමදාම ජන්කූක්ගේ උනුසුමට තුරුල් වෙලා නිදාගත්ත කෙල්ලට දැන් ජන්කූක් නැතුව නින්ද යන්නේ නැති තරම් බ්ලැන්කට් එකේ කොනක් අතේ ගුලි කරගෙන හිමින් සැරේ හැරිලා බැලුවේ ජන්කූක් නිදි ද කියලා ජන්කූක් හොදට නිදාගෙන ඉන්නවා දැක්ක සනා කොල්ලා ඇහැරෙන්නේ නැති වෙන්න ජන්කූක්ට ලං වුනා මූන ඉස්සරහින් අතක් එහෙ මෙහෙ ගෙනියපු සනා ජන්කූක් නිදි කියලා තහවුරු කර ගත්තා

සනා බලාගෙන හිටියේ ජන්කූක්ගේ මූන දිහා නලලට වැටුනු කලු පැහැති කොන්ඩේ පියවුනු ඇස් ලා රෝස පාට තොල් lower lip යට තියෙන birth mark එක දිහා කෙල්ල බලාගෙන හිටියා සනාගේ එක අතක් කොල්ලාගේ කම්බුලක් මතින් තියලා හිමින් පිරිමැද්දා

" ම්..මට බයයි..ජන්කුකී...අවුරුදු දෙකක් ගෙවිලා ගියත් මට බයයි ඔයාව මට නැති වෙයි කියලා.. යූරා ඔයාගේ පස්සෙන් එද්දී මට ඒකිව මරන්න හිතෙනවා මට කේන්තියි ඉරිසියායි ඊට වඩා මට බයයි...එයා මොනාහරි කරලා මගෙන් උදුරගනියි කියලා මම ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුකී මට ඔයාවත් නැති කරගන්න බැ "

කෙල්ල සිහින් හඩකින් මුමුනද්දී සනාගේ ඉන වටේ අතක් යවපු ජන්කූක් සනාව තුරුල් කරගත්තා කෙල්ල එකපාරට ගැස්සිලා ගියා මොකද සනා හිතාගෙන හිටියේ ජන්කූක් නිදි කියලා නේ

" ජන්කූක්..."

" මුකුත් කියන්න එපා මං කියන දේ අහගෙන ඉන්න යූරා කොච්චර පස්සෙන් ආවත් මොන විකාරේ නැටුවත් ඔයාගේ තැන කාටවත් ගන්න බැ  මගේ සනා වගේ කවුරුවත් නැ අරස්සෝ...?"

ජන්කූක් අහද්දී කෙල්ල පොඩි බබෙක් වගේ ඔලුව වැනුවා

" මාත් ආදරෙයි සනා බේබි...."

කොල්ලා කිව්වාම සනා ජන්කූක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා කොල්ලා සනාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා හිමින් අතගෑවා

" ඒක නෙවෙයි මැඩම් ක්ලබ් ගියේ කාගෙන් අහලා ද..?"

ජන්කූක් එහෙම ඇහුවත් සනාගෙන් උත්තරයක් ලැබුනේ නැ

",සනා..."

කෙල්ලගේ හුස්ම වැටෙන ස්වභාවය එක්ක එයාට නින්ද ගිහින් කියලා කොල්ලාට තේරුනා ජන්කූක් කෙල්ලව තුරුල් කරගෙන ඇස් පියාගත්තා

.
Next Day Morning

Jeon Mansion එක පුරා පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් ජින් යුංගි හෝසොක් නම්ජූන් ජිමින් බලාගෙන හිටියේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව Jeon Mansion එකේ living room එකේ තිබුණු සෝෆා එකේ වාඩිවෙලා ඉන්න ජන්කූක් බලාගෙන හිටියේ එයාගේ ඉදිරියේ වාඩිවෙලා ඉන්න කොරියාවේ ජනාධිපති මිස්ටර් කිම් දිහා ජනාධිපතිතුමා ජන්කූක් දිහා බලාගෙන හිටියේ එච්චර හොද මුහුනකින් නම් නෙවෙයි

" කෝ මගේ දුව...?"

මෙතෙක් වෙලා පැවති නිශ්ශබ්බදතාවය බිද දමමින් ජනාධිපතිතුමා ඇහුවා

" ඒක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි "

ජන්කූක් කිසිගානක් නැතුව කිව්වා

" තමුන් දන්නවා ජන්කූක් මගේ දුව කොහෙද ඉන්නේ කියලා එයා ඉන්නේ තමුන්ගේ වයිෆ් එක්ක "

ජනාධිපතිතුමා එහෙම කියලා ලේකම්ගේ අතේ තිබුණු ටැබ් එක අරගෙන මේසේ උඩ තියලා ජන්කූක්ගේ පැත්තට තල්ලු කලා සනායි ජීසූයි ඊයේ ක්ලබ් එක ලග එකට ඉන්න ෆොටෝ කිහිපයක් තිබුණේ ජන්කූක් ඒ දිහා බලලා ජනාධිපතිතුමා දිහා බැලුවා

" දැන්වත් මගේ දුවව භාර දෙන්න..."

මේ හැමදේම දිහා බිත්තියකට මුවා වෙලා බලාගෙන ඉන්න සනා දිහා කොල්ලා බැලුවා ජන්කූක් සනා දිහා බලලා ඇසිපිය ගැහුවාම කෙල්ල ජන්කූක් කියපු දේ තේරුම් අරගෙන ඔලුව වනලා එතැනින් ගියා

" අප්පා...."

විනාඩි කිහිපයකින් ටේහ්‍යුන් එක්ක ලිවින් රූම් එකට ආපු ජීසූ ජනාධිපතිතුමාගේ ලගට දුවගෙන ගියා ජනාධිපතිතුමා කෙල්ලව හරි ආදරෙන් තුරුල් කරගෙන ඔලුව අතගෑවා ජීසූ එයාගේ අප්පාගේ උනුසුමට තුරුල් වුනේ කදුලු පිරුණු ඇස් වලින්

සනා මේ දිහා පුංචි හිනාවක් දෙතොලතර රදවගෙන බලාගෙන හිටියා ටේහ්‍යුන් සනාගේ කරට අතක් දාගෙන ජීසූ දිහා බලාගෙන හිටියා ජන්කූක් ඒ දිහා බලාගෙන හිටියේ ඉරිසියාවෙන් පිරුණු ඇස් වලින්

" මගේ මැනික....ඔයා හොදින් නේද..?"

ජනාධිපතිතුමා කෙල්ලගේ ඔලුව අතගාන ගමන් ඇහුවා

" යේ අප්පා මම හොදින්..."

ජීසූ හිනාවක් එක්ක කිව්වා

" මම කොච්චර බය වුනා ද කියලා දන්නවා ද මම හිතුවේ ඔම්මා වගේම ඔයාවත් මට නැති වුනා කියලා මැනික අප්පාට කොච්චර දුක හිතුනා ද කියලා දන්නවා ද එක කෝල් එකක් දීලා කියන්න බැරි වුනාද අප්පා මම හොදින් කියලා මට ඉන්නේ ඔයා විතරයි "

ජනාධිපතිතුමා ජීසූගේ කම්බුල් ආදරෙන් පිරිමදින ගමන් කිව්වා

" මියානේ අප්පා ගොඩක් දේවල් වුනා ටේ හිටියේ නැත්නම් මම අද ජීවතුන් අතර නැති වෙන්න තිබුනා "

ජීසූ එහෙම කියලා ටේහ්‍යුන් දිහා බලාගෙන අහිංසක විදියට හිනා වෙද්දී කොල්ලාත් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කලා

" ටේහ්‍යුන්...කොහොම ස්තූති කරන්න ද කියලා මට තේරෙන්නේ නැ...මගේ දුවව බේරගත්තාට ගොඩක් ස්තූතියි..."

ජනාධිපතිතුමා එහෙම කිව්වා

" ස්තූති වශයෙන් දුවව බන්දලා දුන්නා නම් ඉවරයි නේ මිස්ටර් ප්‍රසිඩන්ට් "

සනා කන පිටිපස්සේ කසන ගමන් හිමින් මිමිනුවා ඒක ඇහුනු ටේහ්‍යුන් කෙල්ලව තල්ලු කලා

" යාහ්හ්.."

ජන්කූක් සනාව බැක් හග් කරන ගමන් ටේහ්‍යුන්ට රැව්වා

" ම්ම්ම්..අපි යමු මට මීටින් එකකුත් තියෙනවා "

" අප්පා යන්න මම ටේ එක්ක එන්නම්.."

" එහෙනම් පරිස්සමින් එන්න "

ජනාධිපතිතුමා ජීසූගේ ඔලුව අතගාලා එතැනින් යන්න ගියා ජනාධිපතිතුමා ගියපු ගමන් ටේහ්‍යුන් හැරුණේ ජන්කූක්ගේ අත් අතරට වෙලා ඉන්න සනා දිහාට

" කුකී....මේකිගේ කට වැඩියි.."

ටේහ්‍යුන් සනාගේ පැත්තට ඇගිල්ලක් දික් කරගෙන කිව්වා

" ඉතින් මම ඇත්ත නේ කිව්වේ ජීසූව තවුසෙට දුන්නා නම් ඉවරයි නේ "

සනාත් එහෙම කිව්වා

" ප්‍රසිඩන්ට් ට ඇහුනා නම් ඉවරයි "

" කවදාහරි දැනගන්නවා නේ "

" මට තමුසේ කියනවා කිම් ටේහ්‍යුන් අප්පාට ඇහුනා කියලා තියෙන ප්‍රශ්නේ මොකද්ද "

සනා එක්ක මෙච්චර වෙලා කතා කරන ගමන් හිටපු ටේහ්‍යුන්ව තමන්ගේ පැත්තට හරවගත්ත ජීසූ ඇහුවා

" හේ හේ එහෙම ප්‍රශ්නයක් නැ "

ටේහ්‍යුන් ගොන් හිනාවක් දාගෙන කිව්වා

" ආන් ඒ බය තියාගෙන ඉන්නවා නැත්නම් තමුසෙගේ කොන්ඩ ගහ ගහ ගානේ ගලවන්නේ "

ජීසූ එහෙම කියලා යන්න ගියාම විනාඩි කිහිපයක නිශ්ශබ්බදතාවයක් පැවැත්තුවේ ටේහ්‍යුන්ගේ අනාගතය සිහිපත් කරමින් නිශ්ශබ්බදතාවය බිද දමමින් ජිනයියාගේ වීදුරු පිහිදන හිනාව mansion එක දෙවනත් කලා ඊට නොදැවිනි ලෙස අනිත් අය හිනා වෙන්න පටන් ගත්තේ ටේහ්‍යුන්ගේ මූන අපායට ගහපු කැලැන්ඩරේ වගේ වෙද්දී

" උබට සනාට වඩා අන්ත කෙල්ලෙක් සෙට් වෙන්න ඕන කියලා ජන්කූක් කියපු දේ ඇත්ත වෙලා "

" R.I.P. Bro.."

" ඒක නේ මම කියන්නේ කෙල්ලෙක් නැති ජීවිතේ කියන්නේ උරුලෑවෙක් නැති වනාන්තරයක් වගේ හරිම සුන්දරයි "

" කොල්ලෝ උබේ අනාගතය ගැන මට ඇත්ත වශයෙන්ම දුකයි.."

" කොහොම හිටපු කොල්ලෙක් ද මේ.."

" දෑස පලා කදුලැල් නැගුනා කොල්ලෝ.."

ටේහ්‍යුන්ට අනිත් අය විවිධ කතා කියමින් හිනා වෙද්දී කොල්ලා මූනත් දෙක කරගෙන එතැනින් යන්න ගියේ අනිත් අයගේ හිනා හඩ මැද්දේ

ටේසෝ දෙන්නා ලෑස්ති වෙලා අනිත් අයට සමුදීලා mansion එකට යන්න පිටත් වුනා ජීසූගේ කතා මැද්දේ blue house එකට ලගා වුනා ජීසූ blue house එකට ඇතුල් වෙනකොට මිස් චෝයි සෝයා යුග්යොම් කෙල්ලව පිලිගන්න ආවා බ්ලූ හවුස් එක පුරා ආපහු ජීසූ හිනා හඩින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ බ්ලූ හවුස් එකේ හැමෝම ජීසූ ආපු එක ගැන සතුටින් හිටියේ

හැමෝම එක්ක සුහදව කතා කරපු ජීසූ තමන්ගේ රූම් එකට ගිහින් වටයක් කැරකිලා ඇදට වැටුනා ජීසූ නිදහසේ හුස්මක් අරගෙන ඇස් පියාගත්තාත් එයාට එකපාරට මතක් වුනු දෙයක් නිසා ඇදෙන් වාඩිවුනා

එයා මාව දකින්න ඇති ද...?

අනියා...එහෙම වෙන්න බැ මම ඉක්මනට එතැනින් ආවා නේ

එයත් එක්ක හිටපු කෙල්ල එයාගේ යොංජාචිංගු ද..?

ජීසූට ඒ ගැන හිතද්දී කෙල්ලගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

යාහ්හ්....ජීසූ එයා ගැන හිතන්න එපා.. ඔයාට නම්චිංගු කෙනෙක් ඉන්නවා ටේහ්‍යුන් ගැන හිතන්න..

ඒත් මට එයාව මතක් වෙනවා නේ

කෙල්ල කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ කලබලයෙන් එයාට එයාගේ අතීතය අමතක කරන්න ඕන ඒත් එයා එයාගේ අතීතය අමතක කරන්න හදන හැම අවස්ථාවකදීම කෙල්ලගේ ඉදිරියට ඒ මතකයන් ආවා ජීසූ කදුලු පිහිදගෙන බාත් රූම් එකට ගියා

ජීසූ වොෂ් එකක් දාගෙන ඇවිත් ටේහ්‍යුන් හොයාගෙන ගියේ ආපු වෙලාවේ ඉදලා කොල්ලාව දැක්කේ නැති නිසා

" අයිෂ්....මේ කොහෙට අන්තරස්දාන වෙනවා ද දන්නේ නැ මේ හිටියා මේ නැ පිටසක්වලයෙක් වගේ කොහේහරි මුල්ලකට වෙලා කෙල්ලෝ ටිකක් වට කරගෙන කියවනවා ඇති ඔම්මපා මූ එහෙම කෙල්ලොන්ගේ ඇගේ දැවටිගෙන හිටියොත් පතොක් ගහක බදිනවා.."

කෙල්ල මුමුනන ගමන් ඇවිදගෙන යනකම් දැක්ක දෙයක් නිසා එතැන නැවතිලා රිවස් කලේ දැක්ක දේ හරි ද කියලා තහවුරු කරගන්න බ්ලු හවුස් එකේ තිබුණු තරමක් විශාල පොන්ට් එකක් මතින් වැටිලා තිබුණු පාලම මතට වෙලා බ්ලූ හවුස් එකේ සර්වන්ට් ගර්ල්ස්ලා කිහිප දෙනෙක් වට කරගෙන සාකච්ඡාවක යෙදිලා ඉන්න ටේහ්‍යුන්

ජීසූ මරාගෙන මැරෙන සයිස් බැල්මක් දාගෙන ඉදිද්දී ඒ ගැන නොදත් ටේහ්‍යුන් එතැන හිටපු සර්වන්ට් ගර්ල් කෙනෙක්ගේ කරට අත දාගෙන සෙල්ෆියකුත් ගත්තා

යාහ්හ්...මේ මිනිහා ජීසූ කවුද කියලා අද තමයි හරියටම දැනගන්නේ...මනමාල හිනාව දාගෙන ඉන්න ලස්සන මූට ම්ං කියලා ජීවියෙක් ඉන්නවා කියලා මතකයක්වත් නැති හැටි..කරටත් අත දාගෙන වෙලිලා ඉන්න හැටි විතරක්..හිටුකෝ දෙන්න හොද වැඩක් නයි බිත්තර දෙකකුත් දාලා ස්ට්‍රෝබෙරි ගෙඩියක් දාලා ඔටු කිරි මිලි ලීටර් 250 කවලම් කරලා මී පාසනම් ටිකකුත් දාලා කොටි ඔලුවකුත් දාලා කටුසු වල්ගෙකුත් දාලා ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට රස එන්නට රට ඉදි ටිකකුයි නාරං බික් තුනකුයි අවසාන වශයෙන් සුවද එන්න දානවා වැනිලා නයි ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් එක ටේහ්‍යුන් වෙනුවෙන් විශේෂයෙන් රෙඩි කරන්නේ..

ජීසූ එහෙම හිතලා එතැනින් යන්න ගියේ ටේහ්‍යුන්ට හිතින් දෙහි කපන ගමන් කෙල්ල රූම් එකට ගිහින් දොර වහගත්තා විනාඩි කිහිපයක් ගත වෙනකොට දොරට කවුරුහරි තට්ටු කරපු නිසා ජීසූ දොර ඇරියා දොර ලග හිටගෙන ඉන්න ටේහ්‍යුන් දැක්කාම කෙල්ලට ටේහ්‍යුන්ගේ මූන සමතලා වෙලා යන්න දෙකක් අනින්න හිතුනා ජීසූ කොල්ලාව රූම් එකේ ඇතුලට ඇදලා අරගෙන දොර ලොක් කරලා කොල්ලාගේ පැත්තට හැරුනා

" තමුසේ මොනාද මෙච්චර වෙලා කලේ.."

ටේහ්‍යුන් ලගට අඩියෙන් අඩිය ලං වෙන ගමන් කෙල්ල ඇහුවා

" ප්‍රසිඩන්ට් එක්ක කතාවක හිටියේ "

ජීසූ ඇහිබමක් උස්සගෙන කොල්ලා දිහා බලාගෙන

" තමුසේ මහ බොරුකාරයෙක් කිම් ටේහ්‍යුන්..."

ජීසූ එහෙම කියලා කොල්ලාට අතට අහුවුනු මල් වාස් එකෙන් දීලා ඇද්දාම ටේහ්‍යුන් මල් වාස් එක අල්ලගත්තා

" යාහ්හ් ජීසූ මොකද මේ.."

කොල්ලා මල් වාස් එක අරගෙන රූම් එක වටේ දුවන ගමන් ඇහුවා උඩින් පාවෙලා ආපු ජීසූගේ සෙරෙප්පුවක් කොල්ලාගේ ලගින් ගිහින් බිත්තියේ වැදුනා

" තමුසේ සුනඛ ඇනකොන්ඩෙක් උරුගුවේ ඉන්න ගැඩවිලෙක්.."

ජීසූ ඇද උඩ නැගලා කොට්ටෙන් ගැහුවා

" එතකොට එහෙම ද මැඩම් ආ.."

ටේහ්‍යුන් ජීසූ ගහපු කොට්ටේ අල්ලාගෙන කෙල්ලගෙන් ඇහුවා ජීසූ ඇද උඩ තිබුණු කොට්ටේ අරගෙන කොල්ලා එක්ක ගහගත්තා අවසාන වශයෙන් කොට්ට පැලිලා පුලුන් රූම් එකේ හැමතැනම ජීසූ ටේහ්‍යුන්ගේ ඇගට පැන්නේ තව පොඩ්ඩෙන් කොල්ලා බැලන්ස් නැතුව වැටෙන්න යද්දී කෙල්ල ටේහ්‍යුන්ගේ ඉන වටේ කකුල් දෙකත් ඔතාගෙන හිටියේ ටේහ්‍යුන් කෙල්ලගේ ඉන වටේ අත් දෙක ඔතාගෙන හිටියේ ජීසූ වැටෙයි කියලා

" ආව්...ජීසූ...රිදෙනවා ඕයි..."

ජීසූ කොල්ලාගේ කොන්ඩෙන් අදින්න ගත්තාම වේදනාව දරාගන්න බැරුව ටේහ්‍යුන් කෑගැහුවා

" තමුසේ මට බොරු කිව්වා නේද...කෙල්ලෝ එක්ක හුරතල් වෙලා ඇවිත් ප්‍රසිඩන්ට් එක්ක සාකච්ඡාවක හිටියේ කිව්වා අප්පා බ්ලු හවුස් එකේ හතර මායිමේවත් නැතිකොට තමුසේ මොන ප්‍රසිඩන්ට් එක්ක ද සාකච්ඡා පැවැත්තුවේ බොරුකාරයා "

" සෝමාලියාවේ ජනාධිපති එක්ක තමුසෙව සෝමාලියාවට විකුනන්න සාකච්ඡා කලේ.."

" එතකොට තමුසෙට රටේම ඉන්න ගෑනු එක්ක හොදට වෙලිලා ඉන්න පුලුවන් නේ මාව අතහරිනවා "

" තමුසේ බිම වැටෙයි ඊට පස්සේ මට කෑගහගෙන එන්න එපා "

" කමක් නැ අතහරිනවා "

ජීසූ කිව්වාම ටේහ්‍යුන් අතහැරියා ජීසූ ඇද උඩට වැටුනාම කෙල්ල ඇදගෙන හිටපු ස්කර්ට් එක ඉස්සිලා පෑන්ට් එක පෙනුනා ඒක දැකපු ටේහ්‍යුන් අමුතු හිනාවක් දැම්මේ කෙල්ල ඉක්මනට ස්කර්ට් එක හදාගත්තා

" බේබි ඔයා මාව අවුස්සගන්න හදන්නේ "

ටේහ්‍යුන් ජීසූගේ කලවා පිරිමදින ගමන් කිව්වා ජීසූ කොල්ලාව පිටිපස්සට තල්ලු කරලා ඇදෙන් නැගිට්ටා

" තමුසේ මොකටද ඒ කෙල්ලෝ එක්ක හුරතල් වෙන්න ගියේ "

" එයාලා තමයි මාව වට කරගත්තේ "

" ඉතින් තමුසෙට මොකටද කරට අත දාගෙන සෙල්ෆි ගහන්න ගියේ "

",ඕකේ මියානේ මම වැරදියි.."

කොල්ලා ජීසූව බැක් හග් කරගෙන කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගෙන කිව්වා

" හ්ම්ම්..."

" තරහ නැ නේ ද.."

",රූම් එක අස් කරමු.."

ජීසූ කිව්වාම ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුලට කිස් එකක් දුන්නා දෙන්නා එකතු වෙලා රූම් එක අස් කලා

To be continue........

ගුඩ් මෝනින්
ඕතර් යනවා නිදාගන්න

බායිම්...

Bạn đang đọc truyện trên: AzTruyen.Top