Chapter 28 🙊

ටේහ්‍යුන්ගේ තුවාල වලට මැහුම් දාලා නින්ද යන්න බෙහෙත් දිලා සනා සූයා දෙන්නා living room එකට ආවා ඒ එනකොටත් ජියාගේ තුරුලට වෙලා ජීසූ කදුලු පුරවගෙන බලාගෙන ඉන්නවා සනා ගිහින් ජීසූ ලගින් වාඩිවෙලා කෙල්ලගේ ඔලුව අතගෑවා

" සනා..."

ජීසූ ජියාගෙන් ඈත් වෙලා සනාට තුරුල් වුනා සනා කෙල්ලගේ ඔලුව අතගෑවා

" සනා ටේට කොහොමද...?"

ජින් ඇහුවා

" ගැඹුරටම කැපිලා ඔප්පා සූයායි මමයි මැහුම් දාලා නින්ද යන්න බෙහෙත් දීලා ආවේ දැන් නිදි.."

ජින් ඔලුව වැනුවා ඒත් එක්කම පුංචි බබෙක් අඩන සද්දයක් ඇහුනා

" සූයා යුන්සෝ බබා ඇහැරිලා වගේ ඔයා යන්න අනිත් අයත් ගිහින් නිදාගන්න මම ජීසූ ගැන බලන්නම්..."

සනා කිව්වාම ජියා ජීසූගේ ඔලුව අතගාලා ගියා අනිත් අයත් යන්න ගියාම සනා ජීසුව ඈත් කලා

" දැන් ඇති අනේ ටේ හොදින්.."

සනා ජීසූගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදන ගමන් කිව්වා

" ම..ම.. බය වුනා සනා.. එයාගෙන් ගොඩක් ලේ ගිහින් තිබුනා එයාට ගොඩක් තුවාලයි එයාට නැගිටින්නවත් පනක් තිබ්බේ නැ "

ජීසූ වුනු දේවල් ආපහු මතක් කලේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන වැටෙද්දී

" වුනු දේවල් වුනා ජිසුයා...දැන් ටේ හොදින් නේ ඒවා අමතක කරන්න හ්ම්... ඒක නෙවෙයි තමුසෙගෙයි ටේගෙයි අතරේ තියෙන සම්බන්ධය මොකද්ද...?"

සනා ඇහිබමක් උස්සගෙන ඇහුවාම මෙච්චර වෙලා අඩමින් හිටපු ජීසූට පොඩි හිනාවක් ගියා

" මොකද හිනා වෙන්නේ ආ....එතකොට අපේ ජීසුටත් flower සරා දුන්නෙන් විද්දා නේ මම හිතුවේ ඌට ජීසුයා අමතක වෙලා කියලා "

" යාහ්හ් සනා..."

ජීසූ ටිකක් සද්දෙන් කෑගැහුවාම සනා හිනා වුනා

" එදා ටේට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා ද කියලා අහපු වෙලාවේම සැක හිතුනා "

" හලි හලි ඉතිම්...මම යනෝ ටේව බලන්න "

" යාහ්හ් ඔහොම හිටු ගිහින් වොෂ් එකක් දාගෙන ඇදුම් චේන්ජ් කරගෙන පල නැත්නම් තොගේ කුනු කරවල ගදට ටේට වෙනම රෝගයක් හැදෙයි.."

" කිව්වා කියලා හිතාගනින්.."

ජීසූ රවාගෙන කිව්වාම සනා කෙල්ලවත් ඇදගෙන රූම් එකට ගියා කෙල්ලෝ දෙන්නා දොර ලග නැවැත්තුවා

" අයිෂ් මේ මිනිහා කවදාවත් පිලිවෙලට වැඩක් කරන්නේ නැ "

සනා දොර ලග තිබුණු ජන්කූක්ගේ සපත්තුවකට පයින් ගහන ගමන් කිව්වා අනිත් සපත්තුව හොයාගන්න නැ ටවල් එක ඇද උඩ ටයි එක ඇද කොනේ එල්ලෙනවා ශර්ට් එක බිම dressing table එක උඩ මේස් එකක් තියෙනවා ජීසූ හිනාව කාගෙන බලාගෙන හිටියේ

" උබ පිලිවෙලට වැඩ කලා ද..?"

" වහපිය තොගේ හැකර කට.."

සනා එහෙම කියලා ජීසූට රවාගෙන ගිහින් ක්ලෝසෙට් එකෙන් එයාගේ ඇදුමක් අරගෙන දුන්නා

" ගිහින් වොෂ් එකක් දාගෙන ඇදගන්න.."

ජීසූ වොෂ් එකක් දාගෙන සනා දුන්නු ඇදුමත් ඇදගෙන ගියේ ටේගේ රූම් එකට කොල්ලා නම් හොදටම නිදි ජීසූ හිමින් අඩිය තියලා ගිහින් ඇදට නැගලා ටේහ්‍යුන් ලගට ගියා කොල්ලාගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ අතින් පිටිපස්සට කරලා නලලට සොෆ්ට් කිස් එකක් දුන්නා

" මියානේ ටේටේ... මම හින්දා ඔයාට තුවාල වුනේ "
ටේහ්‍යුන්ගේ කම්බුලක් සියුම්ව පිරිමදින ගමන් ඇස් වල කදුලු පුරවගෙන ජීසූ මිමිනුවා කෙල්ල හිතින් දහස් වාරයක් දුක් වුනා එයා හින්දා ටේහ්‍යුන්ට වුනු දේවල් වලට

ජීසූ කදුලු පිහිදගෙන ටේහ්‍යුන්ගේ තොල් වලට පෙක් එකක් දීලා ඇදේ එහා කොනට ගියේ එයාගේ අතක් පයක් වැදිලා කොල්ලාගේ තුවාලේ පෑරෙයි කියලා හිතලා

මේ දිහා හිනාවක් එක්ක බලාගෙන හිටපු සනාගේ කම්බුලට කිස් එකක් හම්බුනේ නොහිතපු වෙලාවක

" තමුසේ එක්ක මගේ කතාවක් නැ "

සනා එහෙම කියලා එතැන යන්න ගියේ අහිංසක ජන්කුක්කා පස්සෙන් එද්දී

" යාහ්හ් සනා..."

යූරාගේ සිද්ධියෙන් පස්සේ සනා ජන්කූක්ගේ එයාගේ අතින්වත් අල්ලන්න දීපු අවස්ථා නැති තරම් සනා රූම් එකට ඇවිත් බ්ලැන්කට් එක පොරවගෙන නිදාගත්තා කොල්ලා ලයිට්ස් ඕෆ් කරලා ඇදට නැගලා බ්ලැන්කට් එක අස්සෙන් ගිහින් සනාගේ පිටට මූන තියාගෙන කෙල්ලගේ ඉන වටේ අතක් යැව්වා සනා ජන්කූක් ඈත් කරන්න හැදුවත් කොල්ලා ගල් පර්වතය වගේ හෙල්ලෙන්නවත් නැ අන්තිමේ දී සනා ඕන දෙයක් කරගන්න කියලා ඇස් පියාගත්තා

" බේබි...දැන් ඇති තරහ වෙලා හිටියා Meeting එක ඉවර වෙලා හැමෝම ගියාට පස්සේ මම හැදුවේ ඔයාව බලන්න ඒත් එකපාරට යූරා මගේ උකුලෙන් වාඩිවුනා එතකොට වගේ තමයි ඔයත් ආවේ කතා කරන්නකෝ බේබි.."

කොල්ලා සනාගේ පිටේ නහය අතුල්ලන ගමන් කිව්වා

" එහාට වෙන්න ජන්කූක් මට නිදාගන්න ඕන වදයක් වෙන්න එපා "

සනා කේන්තියෙන් වගේ කියනකොට කොල්ලා සනාගෙන් ඈත් වුනා

" නිදාගන්න බේබි ගුඩ් නයිට්.."

ජන්කූක් එහෙම කියලා සනාගේ නලලට කිස් එකක් දීලා එහාට වුනා සනාට පිටුපාලා හාන්සි වුනු කොල්ලා කල්පනා කලේ සනාව යාලු කරගන්න මොකද්ද කරන්නේ කියලා ජන්කූක්ට ඒ ගැන හිත හිතා ඉදිද්දී නොදැනීම නින්ද ගියා

.
Next Day Morning 

තුවාලෙන් දැනුනු වේදනාව නිසා ටේහ්‍යුන් උදේ ඇහැරුනේ කොල්ලා තුවාලෙත් අල්ලාගෙන වටපිට බලනකොට තේරුනේ එයා ඉන්නේ එයාගේ රූම් එකේ කියලා ටේහ්‍යුන්ට ඊයේ වුනු දේවල් එකින් එක මතක් වෙනකොට කොල්ලාට ජීසූ හොදින් ද කියලා දැනගන්න ඕන වුනා

ටේහ්‍යුන් ඒත් එක්කම ඇදෙන් නැගිටින්න හදනකොට තමයි දැක්කේ ඇදේ කොනක ගුලි වෙලා පුංචි පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ජීසූව

" අහ්...."

කොල්ලා ජීසූ ලගට යන්න හැදුවත් තුවාලේ වේදනාව නිසා කෙදිරිල්ලක් පිට වුනා ටේහ්‍යුන් තුවාලෙත් අල්ලාගෙන headboard එකට හේත්තු වුනා ඒත් එක්කම ජීසූ ඇස් හීනි කරගෙන වටපිට බැලුවා එකපාරට කෙල්ලට ටේහ්‍යුන්ව මතක් වුනු නිසා ඉද්ද ගැහුවා වගේ ඇදේ වාඩිවුනා ටේහ්‍යුන් ඇහැරිලා තමන් දිහා බලාගෙන ඉන්නවා දැක්ක කෙල්ලට ටේහ්‍යුන්ව තදින් වැලදගන්න ඕන වුනා ඒත් කෙල්ල එහෙම්ම ඇස් වල කදුලු පුරවගෙන තොල් තද කරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා

" ටේ....."

" ලගට එනවා.."

ටේහ්‍යුන් කිව්වාම කෙල්ල ඇද දිගේ දනගාගෙන ඇවිත් කොල්ලා ලගින් වාඩිවුනා

" තමුසේ හොදින් ද...?"

ජීසූ ඔව් කියන්න ඔලුව වැනුවා

" මොකද තමුසෙගේ කට වැහිලා.."

" ඔයාට රිදෙනවා ද ටේ.."

කෙල්ල කදුලු පුරවගෙන ඇහුවා ටේහ්‍යුන් මුකුත් නොකියා ජීසූගේ කම්බුලකින් අතක් තිබ්බා

" මියානේ ටේටේ මේ හැමදේම වුනේ මම නිසා "

" කවුද දැන් තමුසෙට එහෙම දෙයක් කිව්වේ විකාර හිතනවා..."

කොල්ලා එහෙම කියන ගමන් ජීසූගේ කම්බුල පිරිමැද්දා

" කවුරුවත් කිව්වේ නැ ඒ වුනාට එහෙම තමයි "

" තමුසේ නිසා නෙවෙයි වුනේ ඒ වෙලාවේ තමුසෙට මොනාහරි වුනා නම් මොකද කරන්නේ ම්ම්ම්... අනික මට දේවල් නුපුරුදු දේවල් නෙවෙයි "

ටේහ්‍යුන් එහෙම කියලා අතින් සන් කලේ එයාගේ ලගට එන්න කියලා

" ඔයාගේ තුවාල පෑරෙයි..."

" තමුසෙට මට රිද්දන්නේ නැ කියලා මම දන්නවා "

කොල්ලා එහෙම කියලා ජීසූගේ බෙල්ල පිටිපස්සෙන් අත යවලා එයාට තුරුල් කරගත්තා කෙල්ල ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා ටේහ්‍යුන් ජීසූගේ ඔලුව අතගෑවා

" තමුසේ හැසිරෙන්නේ මම මැරුනා වගේ නේ "

ටේහ්‍යුන් එහෙම කියලා තත්පර කිහිපයක් ගත වෙනකොට කොල්ලාට බෙල්ලේ වේදනාවක් ඇති වුනා ජීසූ ටේහ්‍යුන්ගේ බෙල්ල හැපුවා

" ආව්....හපන්න බන් රිදෙනවා.."

කොල්ලා නෝක්කාඩුවෙන් කිව්වා ජීසූ ටේහ්‍යුන්ගේ තුරුලට වෙලා හිටියා

මේ අතරේ ජන්කූක් ටයි එක දාගන්න බැරුව දගලනවා වෙනදාට සනා හැමදේම හොයලා බලලා කෙරුවත් අද කොල්ලා එක්ක තරහ නිසා මුකුත් කලේ නැ Mirror එක ඉස්සරහට වෙලා තොලත් පිට පෙරලගෙන ටයි එක දාන්න ට්‍රයි කරන කොල්ලා දිහා සනා පැත්තකට වෙලා බලාගෙන හිටියා

කොල්ලාට ටයි එක දාගන්න බැරි තැන ටයි එක පැත්තකට විසි කරලා ශර්ට් එකේ උඩ බටන් දෙක ගලවගෙන යන්න හැදුවේ මෙච්චර වෙලා මේ දිහා බලාගෙන හිටපු සනා ජන්කූක් විසි කරපු ටයි එකත් අරගෙන කොල්ලා ලගට ගියා ජන්කූක්ගේ ශර්ට් එකේ බටන් දාලා ටයි එක දාන්න ගත්තා ජන්කූක් කෙල්ලගේ ඉන වටේ අත් දෙක යැව්වාම සනා කොල්ලාට රැව්වා ටයි එක දාලා ජන්කූක්ගෙන් ඈත් වෙන්න හැදුවත් කොල්ලා ඒකට ඉඩ දුන්නේ නැ

" තමුසේ පිස්සෙක් වගේ ඔෆිස් යනවා දකින්න ඕන නැති නිසා ටයි එක දැම්මේ නැතුව තමුසේ එක්ක යාලු වුනා නෙවෙයි "

ජන්කූක්ගේ අත්වලින් බේරිලා සනා කිව්වා

" දැන් මම මුකුත් ඇහුවා ද..?"

කොල්ලා එහෙම අහලා සනාගේ නලලට කිස් එකක් දීලා රූම් එකෙන් එලියට ගියා ජන්කූක් මූනත් නරක් කරගෙන පහලට යනකොට හෝසොක් කොල්ලාගේ කරට අතක් දාගත්තා

" මොකද බන් උදේම මූනට කුනු බිත්තරයකින් ගහලා වගේ ඉන්නේ...? සනා තාම තරහින් ද..?"

" යේ හියුන්ග්..."

" ඕක හරි යයි කොල්ලෝ කොච්චර කාලයක් කියලා ඔහොම ඉන්න ද..? උබත් එයාව ගනන් නොගෙන හිටපන් එතකොට හරි යයි.."

හෝසොක් එයාගේ sunshine හිනාව ප්‍රදර්ශනය කරන ගමන් කිව්වාම ජන්කූක් හෝසොක් දිහා බැලුවේ තනිකඩව ඉන්න හෝසොක් කොහොමද මේවා දන්නේ කියලා

" උබ හිතන්නේ තනිකඩ මම මේවා කොහොමද දන්නේ කියලා ද..?"

හෝසොක් ජන්කූක්ගේ හිත කියෙව්වා වගේ ඇහුවාම කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා

" ජින් හියුන්ග් ජියා නූනා දිහා බලාගෙන ඉදලා මම කියන්නේ ජින් හියුන්ග් නූනාගේ පස්සෙන් වැදගෙන ගියාම නූනා mansion එකේ ඉන්න මැස්සෙක් තරම්වත් ගනන් ගන්නේ නැ හැබැයි හියුන්ග් නූනාව ගනන් නොගෙන ඉන්නකොට නූනා ටික ටික හියුන්ග් ගැන හොයන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් උන් දෙන්නා සෙට් පැත්තක හිටපු අපි වැරදිකරුවෝ.."

හෝසොක් නහය උඩට අදින ගමන් කිව්වා

" තොපි දෙන්නා කාටද කුමන්ත්‍රණ කරන්න හදන්නේ "

ජින් ඇහිබමක් උස්සගෙන මාරුවෙන් මාරුවට ජන්කූක් හෝසොක් දෙන්නා දිහා බලන ගමන් ඇහුවා

" ගුඩ් මෝනින් ජින් ඔප්පා හොබි ඔප්පා "

සනා සුපුරුදු හිනාවෙන් සංග්‍රහ කරන ගමන් කිව්වා ඒත් කෙල්ල ජන්කූක් දිහා නම් බැලුවේ නැ

" ගුඩ් මෝනින් සනා "

ජින් හොසොක් දෙන්නාම එකට කිව්වා සනා හිනා වෙලා living room එකේ ඉදපු සූයා ලගට ගියා සූයාගේ අතේ නිදාගෙන ඉන්න යුන්සෝ බබා දිහා ආසාවෙන් බලාගෙන හිටපු සනා සූයා දිහා බැලුවා

" එයා සැපට දොයි නේද සූයා.."

ඇගිල්ලක් උරන ගමන් නිදාගෙන ඉන්න යුන්සෝ බබාගේ කම්බුලක් ඇගිල්ලකින් සියුම්ව අතගාන ගමන් ඇහුවා

" නිදි නිදි.. ඊයේ මුලු රෑම යුංගිට නිදාගන්න දුන්නේ නැ එක අතකට හොද වැඩේ ඔය පූස් තඩියාට.."

සූයා කිව්වාම සනා හිනා වුනා කොච්චර හිනා වුනත් සනාගේ හිතේ ලොකු දුකක් තිබුනා

" මම බබාව ගන්න ද..?"

සනා කටත් උල් කරගෙන ඇහුවාම සූයා හිනා වෙලා බබාව සනාගේ අතට දුන්නා කොන්ඩෙත් අවුල් කරගෙන නිදිමතේ භාගෙට ඇස් ඇරගෙන ආපු යුංගි සූයාගේ ලගින් වාඩිවෙලා සූයාගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා

" මොකද මේ..."

" දොයිමතයි...."

" ඔය මත කවදාද නැති වුනේ...?"

සූයා කටත් ඇද කරගෙන කියනකොට සනා යුන්සෝ බබා අරගෙන එතැනින් නැගිටලා ගියා සනා යනකම් ඉදපු යුංගි සූයාගේ උකුලෙන් ඔලුව තියාගත්තා

" සනා පව් යුංගි..."

යුංගිගේ ඔලුව අතගාන ගමන් සූයා කිව්වේ හුස්මක් පහත හෙලන ගමන්

" ඔක්කොම ඉක්මනට විසදෙයි සූයා..

සූයාගේ අනිත් අත පපුවට තුරුල් කරගන්න ගමන් කිව්වා

" කන්න වරෙල්ලා.."

ගෙදර ඉන්න සුනඛයෝන්ට කන්න කතා කරනවා වගේ ජින් mansion එක දෙදෙරා යන්න කෑගැහුවා ඔය සද්දේ ඇහිලා එක සැරයක් එහා ගෙදර මනුස්පයත් කන්න ආවා එදා තව පොඩ්ඩෙන් ජිනයියාගේ සෝස්පන් එකෙන් ජියා ජින්ගේ කටට ගහනවා ඔක්කොම dinning table එකෙන් වාඩිවෙලා කන්න පටන් ගත්තා එතකොට ටේහ්‍යුන් ජීසූ එක්ක ආවා

" අලුත් කපල් එකත් සදලු තලයෙන් බැහැලා ඇවිත් "

ජිමින් කිව්වේ ටේහ්‍යුන් දිහාට කුප්ප හිනාවක් දාන ගමන් ටේහ්‍යුන් ජීසූ දෙන්නා එක ලග වාඩිවුනා

" ටේ දැන් කොහොමද..?"

ජින් ඇහුවේ කොල්ලා දිහා බලන ගමන්

" අවුලක් නැ හියුන්ග්..."

ටේහ්‍යුන් එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරන ගමන් කිව්වා සනා ජන්කූක්ට රවනවා දැක්ක ටේහ්‍යුන් ජන්කූක්ට කකුලෙන් ගැහුවා ජන්කූක් ටේහ්‍යුන් දිහා බැලුවාම කොල්ලා ඇස් වලින් සනාව පෙන්නුවාම ජන්කූක් ඔලුව වැනුවා

" ඕයි සනා මොකද කුක් එක්ක තරහ වෙලා ආපහු යූරාගේ කේස් එකක් ද"

ටේහ්‍යුන් ඇහුවාම සනා කොල්ලා දිහා බැලුවා

" කවුද මම නොදන්නා යූරා කියන්නේ..?"

මෙච්චර වෙලා නිශ්ශබදව හිටපු ජීසූ එයාගේ බෙලෙක්ක කටහඬ අවදි කලා

" කුක්කාගේ secretary..."

උත්තරේ දුන්නේ හෝසොක් ජීසූට වෙලා තියෙන්නේ මොකද්ද කියලා යාන්තම් වගේ වැටහුනා

" යාහ්හ් තොපි දෙන්නාට පිස්සු ද කොහෙවත් ඉන්න එකියක් හින්දා රන්ඩු වෙන්න..."

" මුන් දෙන්නාට කියලා වැඩක් නැ කොයිවෙලේ ද මරාගන්නේ කියලා බලාගෙන ඉන්නේ.."

" මේ කිමිචි එක දැක්කාම බෝගම් ඔප්පාව මතක් වුනා "

ජීසූ කිමිචි ප්ලේට් එක දිහා බලාගෙන කියද්දී සනා ජීසූ දිහා බැලුවා ටේහ්‍යුන් ඇහිබමක් උස්සගෙන ජීසූගේ පැත්තට හැරුනා

" ඒ මොකාද...?"

Chopsticks දෙක ජීසූගේ පැත්තට දික් කරන ගමන් ටේහ්‍යුන් ඇහුවා

" එයා අපේ high school එකේ හිටියේ බෝගම් ඔප්පා අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එයා හරි හොදයි අෆ්ෆා හලි කියුට් බෝගම් ඔප්පා අපිට කිමිචි හදලා අරගෙන එනවා බෝගම් ඔප්පාගේ ඔම්මාගේ කිමිචි මාරම රසයි බට් අපිට කිව්වාට බෝගම් ඔප්පා ඒවා අරගෙන ආවේ සනාට "

ඔක්කොම සනා දිහා බලද්දී සනා යටි තොලත් හපාගෙන ජීසූ දිහා බලාගෙන ඔයිට වඩා නම් එක වචනයක්වත් කියන්න එපා රත්තරනේ වගේ සීන් එකක

" ඇයි ඌ සනාට කිමිචි ගෙනාවේ...?"

ටේහ්‍යුන් ඇහුවේ ජන්කූක්ගේ හිතේ තිබුණු ප්‍රශ්නයක්

" බෝගම් ඔප්පා සනාට කැමැත්තෙන් හිටියේ සනා කිමිචි වලට ආසයි කියලා දැනගෙන ඔප්පා ගෙනත් දුන්නේ අනික සනාගේ හිතේ ඔප්පා ගැන පොඩි මෙව්වා එකක් නොතිබුනාම නෙවෙයි සනාගේ ෆස්ට් කිස් එක ගත්තෙත් බෝගම් ඔප්පා තමයි "

ජීසූ කියලා ඉවර වෙනවත් එක්කම ජන්කූක් අතින් මේසෙට ගහලා එතැනින් යන්න ගියා ජන්කූක් එකපාරට මේසෙට ගහපු නිසා ගැස්සිලා ගියපු අහිංසක ජිමින්ශියා පුටුවෙන් වැටිලා පොලොව බදාගෙන ජන්කූක් ගියාට පස්සේ සනා මාරාන්තික බැල්ලමක් ජීසූ දිහාට දැම්මේ උබට මෙව්වාට විදවන්න වෙයි කියලා හිතන ගමන් ජීසූ දගකාර හිනාවක් දැම්මා සනා නැගිටලා ගියේ තවත් මෙතන ඉන්න සුදුසු වාතාවරණයක් නැති බව තේරුම් යද්දී

To be continue.............

යාහ්හ්හ්හ්හ් මම පාස්....🤭❤️
මාරම සතුටුයි ඔක්කොටම වඩා සතුටුයි තාත්තාගේ සතුට දැකලා අම්මාට වඩා තාත්තා සතුටින් ඉන්නේ....

උදව් කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි වචනෙකින් උනත් හිත හදපු ගොඩක් හිටියා ඉතින් ඒ හැමෝටම කියන්න කලින් කිව්වා වගේ ගොඩක් ස්තූතියි

පාස් වුනු අයට Congratulations..
ෆේල් වුනු අයට කියන්න තියෙන්නේ වැටෙන්න එපා ආපහු ට්‍රයි කරමු කලින් කරපු වැරදි හදාගෙන ඉස්සරහට වැඩ කරමු ඕලෙවල් නෙවෙයි ජීවිතේ කියන්නේ හැමෝටම ආවේණික වුනු සැගවුනු හැකියාවක් තියෙනවා ඔයා ඔයාගේ හැකියාව අදුරගන්න ඊට පස්සේ ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕලෙවල් කියන්නේ එක විභාගයක් ඒත් ජීවිතේ කියන විභාගෙන් ෆේල් වෙන්න ඉඩ තියන්න එපා

ගුඩ් නයිට්...
සරන්හේ

Bạn đang đọc truyện trên: AzTruyen.Top