Chapter 27👥

මින්හුක් තමන්ගේ නලල ඇගිලි තුඩු වලින් පිරිමදින ගමන් living room එකේ එහෙට මෙහෙට ඇවිද්දා පාන්දර 1.00 පහු වුනත් සන්ග් වූ ආපහු ආවේ නැති නිසා මින්හුක් හිටියේ කලබලයෙන් හදිස්සියේවත් ජේකේගේ ගාඩ්ස්ලාට අහුවෙයි ද කියලා මින්හුක් හිටියේ බයෙන්

" මාව අතහැරපන් යකෝ...... මට තනියෙන් යන්න පුලුවන් "

කෙලින් හිටගන්න බැරි වෙන්න බීලා වැනි වැනි ගාඩ්ස්ලාට කෑගහන සන්ග් වූ දිහා මින්හුක් බැලුවා

" එහාට වෙයන් යකෝ "

වැටෙන්න යනකොට ගාඩ් කෙනෙක් අල්ලගන්න හදනකොට සන්ග් වූ කෑගැහුවා මින්හුක් ගාඩ්ස්ලාට යන්න කියලා අතින් සන් කලාම ආචාර කරලා එතැනින් යන්න ගියා ශර්ට් එකේ බොත්තම් භාගෙට ගැලවිලා කොන්ඩේත් අවුල් කරගෙන වැනි වැනි ඉන්න සන්ග් වූ දිහා මින්හුක් බලාගෙන හිටියේ කලකිරුනු ස්වභාවයකින්

" තමුන් හදන්න පුලුවන් එකෙක් නෙවෙයි.."

මින්හුක් එහෙම කිව්වාම සන්ග් වූ හයියෙන් හිනා වුනා

" මාව හදන්න උත්සාහ කරන්න එපා අප්පා මාව.. මේ මාව වෙනස් කරන්න කාටවත් බැ "

සන්ග් වූ තමන්ගේ පපුවට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා සන්ග් වූ එහෙම කියලා ලග තිබුණු සෝෆා එක උඩට කඩාගෙන වැටුනා මින්හුක් හුස්මක් පහත හෙලුවේ නිදාගන්න ඉන්න සන්ග් වූ දිහා බලාගෙන

" සර්.... සර් ප්‍රශ්නයක්..."

කලබලයෙන් මින්හුක් ලගට ආපු මින්හුක්ගේ විශ්වාසනීයම සේවකයා වුනු වොන් කිව්වා

" මොකද්ද වෙලා තියෙන්නේ...?"

මින්හුක් වොන් දිහාට හැරිලා ඇහුවා

" මම කියනවාට වඩා සර් මේක බැලුවොත් හොදයි "

වොන් එහෙම කියලා ටැබ් එකේ තිබුණු ෆොටෝස් වගයක් පෙන්නුවා ඒ ෆොටෝස් දැක්කාම මින්හුක්ගේ අත මිට මෙලවුනේ ඉබේටම

" මේක කොහොමද යකෝ වුනේ...? උන් දෙන්නා තාම පනපිටින් "

මින්හුක් එහෙම කියලා පයින් සෝෆා එකට ගැහුවා සෝෆා එකේ නිදාගෙන හිටපු සන්ග් වූ ඔලුව උස්සලා බලලා ආපහු අනිත් පැත්තට නිදාගත්තේ සෝෆා එක හෙලවුනේ භූමිකම්පාවක් නිසා කියලා හිතාගෙන

" ඒක නම් අපිටත් හිතාගන්න බැ සර්.."

" උබලාට දෙයක් භාර දුන්නොත් කොහේහරි පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා උන් දෙන්නා සෝල් වලට එන්න කලින් ඉවරයක් කරපන් මිනිහෝ නැත්නම් අපි කරපු ඔක්කොම වතුරේ.."

" හරි සර්..."

" මේ පාරවත් හරියට වැඩේ කරනවා..."

මින්හුක් කිව්වේ තර්ජනාත්මක ස්වරයකින්

" මේ පාර වරදින්න ඉඩ තියන්නේ නැ සර්.."

වොන් එහෙම කියලා මින්හුක්ට ආචාර කරලා එතැනින් ගියා

" උබ වගේම උබේ දුවත් ලේසියෙන් මැරෙන්නේ නැ නේ කිම්..."

මින්හුක් කේන්තිය පිරුනු ඇස් වලින් මිමිනුවා

___________________________

හැල්මොනි ලග ගෙදර උත්සවයක වැඩ වලට ගියපු නිසා ටේහ්‍යුන් ජීසූ දෙන්නා විතරයි ගෙදර හිටියේ ජීසූ එලියට වෙලා අත් දෙකත් බැදගෙන අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ ඒත් ටිකකින් කෙල්ල කාගෙදෝ පපුවකට තුරුල් කරගෙන ඒ කෙනා ජීසූගේ ඉන වටේ අත් දෙක යැව්වා ඒ උනුසුම කාගෙද කියලා අදුරගත්ත ජීසූ මුකුත් නොකියා එහෙම්ම හිටියා

" සීතල නැද්ද ම්ම්ම්..."

ගැඹුරු හඩකින් කෙල්ලගේ කනට කරලා අහනකොට ජීසූ උරහිස් ඇකිලුවේ කිතියක් දැනුනු නිසා

" අනියා....තඩි වලහෙක් මාව තුරුල් කරගෙන නේ ඉන්නේ..."

ජීසූ හිනාවක් එක්ක කිව්වාම ටේහ්‍යුන් කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා

" මාව වලහෙක් වගේ ද පේන්නේ...?"

" යෙප්.."

ජීසූ හිනාවක් එක්ක කොල්ලාගේ පැත්තට හැරුනාම ටේහ්‍යුන් ජීසූගේ කම්බුලක් ටිකක් තදට හැපුවා

" ආව්...හපන්න එපා..."

ටේහ්‍යුන් දගකාර හිනාවක් එක්ක කෙල්ල දිහා බැලුවා ජීසූ කොල්ලා හපපු කම්බුලත් අල්ලාගෙන රවාගෙන ඉන්නවා

" තමුසෙට මාව කෑමක් වගේ ද පේන්නේ...? ජලභීතිකාවට බෙහෙත් විදින්න වෙයි ද දන්නේ නැ වලහෙක් කම්බුල කෑවා කියලා කොහොමද කටක් ඇරලා කි................"

ජීසූට ඊට වඩා කියන්න ලැබුන් නැත්තේ ටේහ්‍යුන් කෙල්ලගේ තොල් මතින් ඇගිල්ලක් තිබ්බා ජීසූ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදිද්දී ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට වැනුවේ කතා කරන්න එපා කියන්න වගේ කෙල්ල මුකුත් හිතාගන්න බැරුව ඉදියේ ටේහ්‍යුන්ගේ තියුනු ඇස් යොමු වෙලා තිබුණේ කැලෑව පැත්තට ජීසූගේ අතකින් තද කරලා අල්ලාගන්න ගමන් එයාගේ පිටිපස්සට කරගත්තා

" ටේ......"

කෙල්ල සිහින් හඩකින් කිව්වා ටේහ්‍යුන්ගේ ඇස් තාමත් යොමු වෙලා තිබුණේ කැලෑව පැත්තට

" හිමින් පිටිපස්සට යන්න.."

මොකද්ද වෙන්න යන්නේ කියලා තේරුන් නැති වුනත් ටේහ්‍යුන් කිව්ව විදියට කෙල්ල හිමින් පස්සට ගියා ටේහ්‍යුන් වටපිට බලන ගමන් කෙල්ල එක්කම පිටිපස්සට ගියා ඒත් එක්කම ආපු බුලට් එකක් ඇවිත් ගෙදර බිත්තියක වැදුනේ ජීසූ කොල්ලාගේ ශර්ට් එක තද කරලා අල්ලගනිද්දී

" ටේ..."

කලු ඇද ගත්ත මිනිස්සු දහයක් විතර එයාලා ඉස්සරහට ආවා

" බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැ...."

" අපිට ඔය කෙල්ලව විතරක් දීපන් උබ එක්ක අපිට ප්‍රශ්නයක් නැ වී..."

එක මිනිහෙක් එහෙම කියනකොට ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා

" උබලා මම කවුද කියලා දැනගෙන මගේ කෙල්ලව ඉල්ලනවා නේ "

ටේහ්‍යුන් අමුතු විදියට කිව්වා

" කෙල්ලව දෙන්න බැ කියලා කියන්නේ "

" අන්න උබට තේරුනා "

ටේහ්‍යුන් එහෙම කිව්වාම එක මනුස්සයෙක් කිනිස්සක් අරගෙන දුවගෙන ආවාම ටේහ්‍යුන් ඒ මනුස්සයාගේ අත පිටිපස්සට ඇබරුවා අතේ තිබුණු කිනිස්ස අතහැරෙනකොට කොල්ලා ඒක අරගෙන මනුස්සයාට ඇන්නා

" ජීසූ මෙතනින් දුවලා යනවා..."

" ටේ..."

" කිව්වාම යනවා ජීසූ..."

" ඒත් ඔයාව දාලා යන්න බැ "

" අයිෂ් තමුසේ එක්ක වාද කරන්න වෙලාවක් නැ මට මුකුත් වෙන්නේ තමුසේ යනවා..."

ටේහ්‍යුන් එහෙම කියලා ජීසූගේ අත අතහැරියා කෙල්ල කදුලු පුරවගෙන දුවලා යන්න ගියා

",අරකි පැනලා යනවා අල්ලගනින්..."

එකෙක් එහෙම කෑගහනකොට අනිත් උන් ජීසූගේ පස්සෙන් දුවන්න හදනකොට ටේහ්‍යුන් ඉස්සරහට ආවා

" එයාව අල්ලගන්න උබලාට මාව පරද්දන්න වෙයි.."

ටේහ්‍යුන් බිම තිබුණු ලීයක් අතට ගන්න ගමන් කිව්වා

" මූව ඉවරයක් කරපන් "

දුවගෙන ආපු එකෙක්ගේ ඔලුවට ලීයෙන් ගැහුවේ ඌට සෞරග්‍රහ මණ්ඩලයේම පේන්න තව එකෙක්ට ලීයෙන් බඩට ඇනලා ඔලුවට ගැහුවේ ඌ ගෙම්බා පොලොවේ ගහලා වගේ බිම වැටුනා ටේහ්‍යුන් ඇස් කොනින් දැක්කේ ජීසූ ගියපු පැත්තට එකෙක් යනවා ගන් එකක් අතේ තියාගෙන හිටපු මිනිහෙක්ගේ අතට පයින් ගැහුවාම අතේ තිබුණු ගන් එක විසි වෙනකොට කොල්ලා ඒක අල්ලාගෙන ජීසූ ගියපු පැත්තට යන මිනිහාගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බා

එහෙම්ම අනිත් පැත්තට හැරිලා හිටපු තුන් දෙනෙක්ට වෙඩි තියනකොට ගන් එකේ බුලට් ඉවරයි කොල්ලා ගන් එක විසි කරලා පයින් එකෙක්ගේ බඩට ගැහුවා අතේ තිබුණු කිනිස්සෙන් තව එකෙක්ට ඇන්නා ඒත් එක්කම ටේහ්‍යුන්ට දැනුනේ එයාගේ හම පසාරු කරගෙන උල් යමක් ඇතුල් වුනු බව ටේහ්‍යුන් අනිත් පැත්ත හැරිලා ඒ මිනිහාට ගැහුවා කොල්ලා වේදනාවත් දරාගෙන එයාගේ පැත්තට ආපු මිනිහාගේ අත් අල්ලගත්තා ඒ මිනිහා ටේහ්‍යුන්ගෙන් එක අතක් බේරගෙන කොල්ලාගේ තුවාලයට ඇන්නේ ටේහ්‍යුන් වේදනාවෙන් කෑගහද්දී

ටේහ්‍යුන් අඩ පන වෙලා දන ගහනකොට මිනිස්සු දෙන්නෙක් කැලේ ඇතුලට දුවගෙන ගියා මේ වෙලාවේ ටේහ්‍යුන් තමන්ගේ ජීවිතේට වඩා ජීසූගේ ජීවිතේ ගැන බයක් දැනුනේ ඒත් එක්කම කොල්ලාට පයින් ගැහුවේ බිම වැටෙන්න

ඒ අතරේ ජීසූ අඩන ගමන් මහ වනාන්තරය මැදින් පිටිපස්ස බලන ගමන් දුවගෙන ගියා කෙල්ල එකපාරට කකුල කටු වැලක පටලැවිලා වැටුනා

" අර පැත්තේ බලපන්.."

ජීසූ ආපහු ඉක්මනට නැගිටලා දුවන්න පටන් ගත්තා රාත්‍රියේ ගස් අතරින් කෙල්ල අඩන ගමන් දුවනවා

" අන්න ඉන්නවා.."

ගැඹුරු හඩකින් එහෙම කියනවා ඇහෙනකොට කෙල්ල වේගෙන් දුවන්න පටන් ගත්තා ජීසූගේ කකුල තුවාල වෙලත් තිබුණේ දුවලා ගිහින් ලොකු රූස්ස ගහක් පිටිපස්සේ ගහට හේත්තු වෙලා වාඩිවුනා කකුල් දෙකත් පපුවට තුරුල් කරගෙන නොනවත්වා කඩා හැලෙන කදුලු එක්ක කෙල්ල හිටියේ..

" ටේ කොහෙද ඔයා....චේබල් ඉක්මනට එන්න.."

ජීසූ කට අතින් වහගෙන ඉකිය පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්

" අයිෂ් කොහෙද මේකි ගියේ...?"

" කෙල්ල නැතුව ගියොත් බොස් අපිව ඉවරයක් කරයි "

" අර පැත්තේ බලමු වැඩිදුරක් යන්න විදියක් නැ "

ඒ මිනිස්සු දෙන්නා එහෙම කියන ගමන් ඉස්සරහට ගියා ජීසූ එතැනින් නැගිටලා යන්න හදනකොට කවුරුහරි අතින් අල්ලගත්ත නිසා කෙල්ල හැරිලා බැලුවා

" ටේටේ..."

ජීසූ කදුලු අතරින් මුමුනන ගමන් කොල්ලාගේ පපුවට තුරුල් වුනා ටේහ්‍යුන් කෙල්ලව තුරුල් කරගත්තේ ජීසූ හොදින් කියන සැනසීම හිතට දැනෙද්දී ඒත් ජීසූගේ අත් වලට තෙත ගතියක් දැනෙනකොට කෙල්ල ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා අත දිහා බැලුවා ජීසූගේ අත් වල ලේ කෙල්ල ටේහ්‍යුන් දිහා බැලුවා ටේහ්‍යුන් ඇස් අඩවන් කරගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

" අපි යන්න ඕන "

ටේහ්‍යුන් කෙල්ලගේ අතින් අල්ලාගෙන කිව්වා ජීසූ ටේහ්‍යුන්ගේ අත ගසලා දාලා කොල්ලාගේ ශර්ට් එක ඉස්සුවා යටි තොලත් හපාගෙන කොල්ලාගේ තුවාලේ දිහා බලපු කෙල්ල එයා ඇදගෙන හිටපු දිග ගවුමේ පටියක් ඉරුවා

" යාහ්හ් මොකද කරන්නේ..."

කොල්ලා අහපු දේට උත්තර නොදී ටේහ්‍යුන්ගේ ඉන වටේ රෙදි පටිය තදට ඔතලා ගැට ගැහුවා

" දැන් හරි "

ජීසූ නහය උඩට අදින ගමන් කිව්වා කොල්ලා ජීසූගේ අත අල්ලාගෙන වටපිට බලන ගමන් හිමින් ඉස්සරහට අඩිය තිබ්බා ටික දුරක් යනකොට ටේහ්‍යුන් ජීසූගේ ඇගට බරවුනේ කෙල්ල්ව බය කරලා

" ටේ..."

ජීසූ කොල්ලාගේ කම්බුලට අත තියලා කතා කලා

" අපි යමූ..."

ටේහ්‍යුන්ගේ අතක් කර වටේ දාගත්ත ජීසූ කොල්ලාව ඇගට බර කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා

" දෙන්නා ගමනක් යනවා වගේ "

ජීසූ ඔලුව ඉස්සුවේ ඒ ඇහුනු කටහඬත් එක්ක කෙල්ල ඔලුව උස්සලා බැලුවා ටේහ්‍යුන් අමාරුවෙන් වුනත් ජීසූව පිටිපස්සට කරගත්තා

" මෙතනින් පලයන්..."

ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට වනලා කිව්වා

" ඔය කෙල්ල දුන්නොත් යන්නම්..."

" ඒක නම් වෙන්නේ නැ "

ටේහ්‍යුන් එහෙම කියලා ඉස්සරහට ආපු මනුස්සයාගේ දුර්වලම ස්ථානයට පහරක් එල්ල කලේ අදාළ ස්ථානයත් අල්ලාගෙන ඒ මනුස්සයා පල්ලමට පෙරලිලා ගියා ඒත් එක්කම අනිත් මනුස්සයා ඇවිත් ටේහ්‍යුන්ගේ බඩට ගැහුවේ කොල්ලා අඩි කිහිපයක් පිටිපස්සට යද්දී

" ටේ...."

",යන්න මෙතනින් "

ටේහ්‍යුන් එහෙම කියනවත් එක්කම කොල්ලාගේ මූනට අතමිට මොලවලා පාරක් වැදුනේ ටේහ්‍යුන් බිම වැටෙද්දී

" උබ ඉවරයි "

ටේහ්‍යුන්ගේ පැත්තට ගන් එක ඒම් කරගෙන ඒ මනුස්සයා කිව්වා ඒත් එකපාරට ඒ මනුස්සයා ඔලුව අල්ලාගෙන ගන් එක අතහැරියා ජීසූ තඩි ගලක් අරගෙන හරියට මනුස්සයාගේ ඔලුව ඉලක්ක කරලා ගැහුවා මම හිතන්නේ ජීසූ හරි ඉලක්කෙට ගහපු පලවෙනි වතාව මනුස්සයා පිටිපස්ස හැරෙනකොට ටේහ්‍යුන් ගන් එක අරගත්තා

" අයිෂ් උබ..."

මනුස්සයා තරහින් ජීසූට ලං වෙන්න හදනකොට ටේහ්‍යුන් ඒ මනුස්සයාට වෙඩි තිබ්බා ඒ මනුස්සයා ප්න නැතුව වැටෙනකොට කෙල්ල ටේහ්‍යුන් ලග දුවගෙන ආවා

" ඔයා.... හොදින් ද..?"

ජීසූ ඔලුව කියන්න ඔලුව වනන ගමන් කොල්ලාව නැගිට්ටුවා

" අපි යමු.."

බොහොම අමාරුවෙන් ටේහ්‍යුන්ව නැගිට්ට ගත්තා ජීසූ කොල්ලව එක්කගෙන කැලෑවෙන් එලියට ආවා එයාලා දැන් ඉන්නේ main road එකක් අයිනේ ටේහ්‍යුන් ඇස් පියාගෙන එතැන තිබුණු ගහකට හේත්තු වුනා

" ඔහොම ඉන්න...."

කෙල්ල එහෙම කියලා යන්න හදනකොට ටේහ්‍යුන් ජීසූගේ අතින් අල්ලගත්තා

" කො..කොහෙද ය්..න්නේ..?"

කොල්ලා වෙව්ලන හඩකින් ඇහුවා

" ඔයාට අමාරුයි ටේ...ඉක්මනට හොස්පිටල් යන්න ඕන "

කෙල්ල ටේහ්‍යුන්ගේ කම්බුල් අල්ලන ගමන් කිව්වා

" හො..ස්පිටල් යන්න බැ..."

ජීසූ ඒකට මුකුත් කියන්න හැදුවත් වාහනයක් එනවා දැක්ක නිසා කෙල්ල අත දැම්මාම කා එක නැවැත්තුවා

" ජීසූ...."

" ජිමින් ඔප්පා.."

කෙල්ල ඇස් බෝල කරගෙන ජිමින් දිහා බලාගෙන හිටියා

" කෝ ටේ....? මොකද වුනේ...?"

" ඔයා අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නම් ඊට කලින් ඉක්මනට හොස්පිටල් යමු ටේට අමාරුයි "

" මොහ්...? ඌට මොකද්ද වුනේ "

ජිමින් එහෙම අහන ගමන් කා එකෙන් බැස්සා

" අහ්...කොටා.."

ජිමින්ව දැක්ක ගමන් ටේහ්‍යුන් කිව්වා

" අයිෂ් පිටසක්වලයා වහපන් කට මොකද්ද තොට වුනේ '

ජිමින් එහෙම අහන ගමන් කොල්ලාව වාරු කරගෙන කා එක ලගට ගියා ජීසූ ඩෝ එක ඇරියාම ටේහ්‍යුන්ව කා එකේ ඉන්දුවා ජීසූ සුටුස් ගාලා ගිහින් අනිත් පැත්තෙන් නැග්ගා

" ඔප්පා ඉක්මනට හොස්පිටල් යමු.."

" හොස්පිටල් යන්න බැ ජිමිනා mansion එකට යමන්..."

ටේහ්‍යුන් ඔලුව ජීසූගේ උරහිසෙන් තියාගන්න ගමන් කිව්වා

" යාහ්හ් තමුසෙට පිස්සු ද හොදටම තුවාලයි ලේත් යනවා.."

" ස..සනා... ඉ..න්නවා ඕයි.."

කොල්ලා එහෙම කියලා ඇස් පියාගත්තා විනාඩි කිහිපයක් ඇතුලත mansion එකට ආවා ජීසූ කා එකෙන් බැහැලා ඇතුලට දුවගෙන යද්දී ජිමින් ටේහ්‍යුන් එක්කගෙන ආවා

" සනා..."

ජීසූගේ කටහඬ ඇහෙනකොට සනා දුවගෙන ආවා

" ජිසුයා.... මොකද වුනේ.."

" ටේටේ.."

ඒත් එක්කම ජිමින් ටේහ්‍යුන් එක්කගෙන ඇතුලට ආවා

" සනා මූට තුවාලයි "

" ඇතුලට යන්...ජියා ඔන්නි ජිසූ ගැන බලන්න.."

සනා එහෙම කියාගෙන සූයා එක්ක ඇතුලට ගියා

To be continue...........

හේ හේ

රිසාල්ට් ඒමට පෙර දෙන අන්තිම අප්ඩේට් එක මෙය විය හැකිය රිසාල්ට් ඒමෙන් පසු ඕතර් සොයා ගැනීමට නොහැකි විට හැකිය..

Bạn đang đọc truyện trên: AzTruyen.Top