Chapter 26 💞
After 03 Months
මාස තුනක් ගෙවිලා ගියේ ඇහි පිල්ලම් ගහන වේගෙන් සනාකුක් ආපහු කොරියාවට ආවා සනා සුපුරුදු පරිදි හොස්පිටල් එකට ගියා ඒත් කෙල්ල තනිවෙන හැම තත්පරේකම එයාගේ නැති වුනු බබා ගැන හිතනවා මොන දේ කලත් ඒ දේ සනාට අමතක කරවන්න කාටවත් පුලුවන් වුනේ නැ ජන්කූක් සනා එක්ක ගොඩක් වෙලාවට හිටියා
ඒ අතරේ ටේසෝ දෙන්නා තවත් ලං වුනා එයාලගේ ආදරේ හරි ලස්සනට ගලාගෙන ගියා ඉදලා හිටලා ජීසූ ජින්යොන්ට මරන තර්ජන කරපු අවස්ථාත් නොතිබුනා නෙවෙයි ඒත් ජින්යොන් වැඩේ අතහරින්නේ නැ කොයිවෙලෙත් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලෙන්න බලාගෙන ඉන්නේ
ටේහ්‍යුන්ගේ පපුවට තුරුල් වෙලා නිදාගෙන හිටපු ජීසූ වෙනදා ඇහැරුනේ කුරුල්ලොන්ගේ කිචි බිචි සද්දෙට කම්මැලිකමේ ඇස් ඇරපු කෙල්ල එයාව තුරුල් කරගෙන නිදාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බැලුවේ ජීසූගේ එයාගේ අතක් කොල්ලාගේ කම්බුලක් මතින් තිබ්බා කෙල්ල ටේහ්‍යුන්ගේ මූන පුරා ඇස් යැව්වේ පුංචි හිනාවක් රදවගෙන
" නිදාගෙන ඉන්නකොට නම් අහිංසකයි වගේ ඒ වුනාට ඇහැරුනාව කොටියෙක් වගේ "
ජීසූ මිමිනුවාම කොල්ලා ජීසූගේ ඉන මිරිකුවා
" යාහ්හ් ඇහැරිලා ද ඉන්නේ...?"
කෙල්ල ඇහුවාම ටේහ්‍යුන් එක ඇහැක් ඇරලා කෙල්ල දිහා බැලුවා
" නිදාගන්නේ කොහොමද බන් තමුසේ මෙතන මදුරුවාගේ රාජකාරිය කරනකොට.."
ටේහ්‍යුන් එහෙම කිව්වාම කෙල්ල රවාගෙන කොල්ලාව ඈත් කරලා නැගිට්ටා
" ඕයි මේ..."
" මොකද..?"
" තමුසේ රවනකොට ලස්සනයි...."
ලග තිබුණු කොට්ටෙන් කොල්ලාගේ මූන සමතලා වෙන්න ගහපු කෙල්ල එතැනින් යන්න ගියේ ටේහ්‍යුන් හිනා වෙවී බලාගෙන ඉන්නකොට
" තමුසේ මොනාද මෙහේ කරන්නේ....?"
ජීසූගේ කෑගහනවා ඇහෙනකොට කොල්ලා නැගිටලා ගියේ උදේම කෙල්ල කා එක්ක ද වලියක් දාගෙන ඉන්නේ කියලා බලන්න ටේහ්‍යුන් එලියට ගියාම තමයි දැක්කේ සෙල්සියස් අංශක 100 ට රත් වුනු වතුර එකක් වගේ දුම් දාගෙන ඉන්න ජීසූ වගේම කෙල්ලට රවාගෙන ඉන්න ජින්යොන්ව
" මොකද මේ උදේම කෑගහන්නේ...?"
ටේහ්‍යුන් ඇහුවාම ජීසූ කොල්ලාටත් රැව්වා
යකෝ මොන කෙසෙල් ඇවරියකට ද මට රවන්නේ..?
ටේහ්‍යුන් හිතුවා මිසක් කියන්න ගියේ නැ දැන් තියෙන වාතාවරණය අනුව කට වහගෙන ඉන්න එක ශරීර සෞඛ්‍යයට හිතකර බව ටේහ්‍යුන්ගේ මස්තිෂක රාජයා කිව්වා
" තමුසේ ඒක මගෙන් අහන්නේ මේ උඩැක්කියගෙන් අහනවා මොකටද උදේම මෙහෙට ආවේ කියලා..."
ජීසූ කිව්වාම කොල්ලා ජින්යොන්ගේ පැත්තට හැරිලා එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කලේ ජින්යොන්ගේ හදවත තොවිලයක් නටන්න ගනිද්දී ජින්යොන් යටි තොල හපාගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා මේක දැක්ක ජීසූ පුලුවන් උපරිම ශක්තිය දාලා කොල්ලාගේ කකුල පෑගුවේ ටේහ්‍යුන්ට සක්රයාගේ වයිෆ් සිහි වෙන්න කොල්ලා කැන්ගරුවෙක් වගේ කකුලත් අල්ලාගෙන උඩ පනින්න පටන් ගත්තා
" මේ ඕයි මට තමුසේ කාගේ දුවද කියන එක අදාළ නැ ආපහු මගේ හස්බන් ඉන්න පැත්තක් හරි බලාගෙන තමුසේ රාමෙන් එකක් හරි කෑවොත් තමුසෙට ආපහු කන්න ලැබෙන්නේ නැ "
ජින්යොන් කෙල්ල දිහා බලාගෙන ඉදලා කුලප්පු වුනු මී හරකෙක් වගේ පිබගෙන ගියා
" තමුසේ මොකද ආ..."
කකුලත් අල්ලාගෙන උඩ පනින ටේහ්‍යුන්ගේ පැත්තට හැරිලා ඇහුවා
" අනියා....මුකුත් ඤැ.."
කොල්ලාට හරවලා ජීසූ කැලේ පැත්තට ගියා
" තමුසේ කොහෙද යන්නේ...?"
ටේහ්‍යුන් ඇහුවත් උත්තරයක් නොදී කෙල්ල යනකොට කොල්ලා ජීසූගේ පස්සෙන් ගියා
" මේ ඕයි..."
" මොකද කේන්ති ගිහින් ආ.."
" යාහ්හ් කතා කරනවා..."
කොල්ලා ඉක්මනට ගිහින් ජීසූව bridal style එකට වඩාගත්තා
" යාහ්හ් මාව බිමින් තියනවා කිම් ෆකින් ටේහ්‍යුන්.."
ටේහ්‍යුන්ගේ අත් වලින් බේරෙන්න දගලන ගමන් කෙල්ල කෑගැහුවා
" තමුසෙට ඕන කොන්ද කඩාගන්න ද දගලන්නේ නැතුව ඉන්නවා..."
කොල්ලා රවාගෙන කියනකොට කෙල්ල අත් දෙකත් බැදගෙන කටත් ඇද කරගෙන හිටියා
" තමුසෙට ජෙලස් නේද...?"
" එහෙම නැ..."
" එහෙම තමයි..."
" නැ කිව්වා නේ "
කෙල්ල ටිකක් හයියෙන් කෑගහලා කිව්වා
" යාහ්හ් මගේ කන ඉවරයි..."
ටිකක් දුර ඇවිදගෙන ඇවිත් කෙල්ලව බිමින් තිබ්බා ජීසූ තාමත් මූන පුම්බගෙන අහක බලාගෙන ඉන්නවා දැකපු ටේහ්‍යුන්ට හිනා ගියා
" මොකද තමුසේ හිනා වෙන්නේ..? මාව ජෝක් එකක් ද...?"
" තමුසෙට ඉරිසියා හිතුනාම කියුට් ඕයි..."
ජීසූගේ කම්බුල් වලට අත් තියලා තද කරන ගමන් කිව්වා කෙල්ලගේ තොල් උල් වෙලා තියෙන තොල් මතින් පුංචි හාදුවක් තවරලා හිනා වුනා කෙල්ල ඒත් රවාගෙන ඉන්නවා ජීසූ එයාගේ කම්බුල් මත රැදිලා තිබුණු ටේහ්‍යුන්ගේ අත් අයින් කලා
" තමුසේ මොකටද අර තොරොම්බල් කරත්තේ එක්ක හිනා වෙන්න යන්නේ ආ..."
" මම කා එක්ක හිනා වුනත් ආදරේ කරන්නේ තමුසෙට නේ "
කොල්ලා එහෙම කියන ගමන් ජීසූගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රැදෙව්වා
" තමුසෙගේ ඔය චාටු කතා ගිහින් කොන්ඩේ බැදපු චීනෙක්ට කියනවා..."
ජීසූ රවාගෙන කිව්වා
" අයිෂ් මේකි...."
ටේහ්‍යුන් කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ මොන දේ කිව්වත් ජීසූ තරහින් ඉන්න නිසා
" හරි...."
කොල්ලා එහෙම කිව්වාම ජීසූ ඇහිබමක් උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා
" තමුසේ ඕන මගුලක් කරගන්නවා මම යනවා ජින්යොන් හම්බවෙන්න එයා මං වෙනුවෙන් කෑමක් හදාගෙන බලාගෙන ඉන්නවා කිව්වා පව් කෙල්ල "
ටේහ්‍යුන් එහෙම කියලා යන දිහා ජීසූ ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරගෙන බලාගෙන හිටියේ කොල්ලා ජීසූ දිහා ඇස් කොනින් බලන ගමන්
" යාහ්හ්හ් කිම් ටේහ්‍යුන් තමුසේ කොහේ යනවා කියලා හිතාගෙන ද යන්නේ..."
ඒත් එක්කම ටේහ්‍යුන්ගේ කන ලගින් ගෑවි නොගෑවී තඩි ගලක් ගියා කොල්ලා පිටිපස්ස හැරිලා බලනකොට සෙරෙප්පුවක් මූනට ආවා වැඩ දන්න හින්දා කොල්ලා සෙරෙප්පු පාරින් බේරුනා ඊලගට ආපු සෙරෙප්පුව කොල්ලාගේ මූනටම වදින්න සෙන්ටිමීටරයක් තියලා අල්ලගත්තා
" තමුසේ මාත් එක්ක කතා කරන්නේ නැති මම ය්නවා.."
ටේහ්‍යුන් කෙල්ලට ලං වෙන ගමන් කිව්වා
" එහෙම කියලා යනවා ද ඇෆ්ගනිස්තාන් කොටියෝ..."
ජීසූ යටි තොලත් පිට පෙරලගෙන ඇහුවා ටේහ්‍යුන් කෙල්ලගේ ලගට හිනා වෙවී ගියා
" හිනා වෙන්න එපා තමුසෙගේ දත් සෙට් එක ආමාශගත වෙන්න දෙනවා..."
" කරන්න පුලුවන් දෙයක් කියනවා හලො.."
" තමුසේ කියන්නේ මට බැ කියලා ද..?"
" අනියා පුලුවන්...."
කොල්ලා එහෙම කියලා ජීසූව ආදරෙන් තුරුල් කරගත්තා ජීසූ කකුලේ ඇගිලි වලින් ඉස්සුනාම ටේහ්‍යුන් කෙල්ලගේ කලවා වලින් අල්ලලා ඉස්සුවාම ජීසූ කොල්ලාගේ ඉන වටේ කකුල් දෙක ඔතාගෙන ටේහ්‍යුන්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා
" ටේ...."
" ම්ම්ම්..."
" මොන දේ වුනත් මාත් එක්ක ඉන්න.."
" හැමදාම තමුසේ එක්ක ඉන්නවා.."
ටේහ්‍යුන් එහෙම කියන ගමන් කෙල්ලගේ පිට හිමින් පිරිමැද්දා කොල්ලා එයාගේ ඇගේ කෝලා කෙනෙක් වගේ එල්ලිලා ඉන්න ජීසූවත් වඩාගෙන ඇවිදගෙන ගියා
" ටේ..."
" වේ..?"
" තමුසෙට girlfriends ලා කී දෙනෙක් හිටියා ද.."
" Soo many girlfriends.."
" මොහ්...?"
මෙච්චර වෙලා ටේහ්‍යුන්ගේ උරහිසෙන් ඔලුව තියාගෙන හිටපු ජීසූ කොල්ලා දිහා රවලා බැලුවා
" මොකද බන් රවන්නේ...? ඕනම කෙනෙක්ට ගෑනු යාලුවෝ ඉන්නවා නේ "
ටේහ්‍යුන් එහෙම කිව්වාම කෙල්ලගේ ඔලුවේ අත ගහගත්තා
" ගෑනු යාලුවෝ ගැන නෙවෙයි මෝඩයෝ මම ඇහුවේ තමුසෙට පෙම්වතියෝ කී දෙනෙක් හිටියා ද කියලා "
" ඒක නම් මම දන්නෙත් නැ බන් අවුරුදු දහයේ ඉදලා මට කෙල්ලෝ හිටියා මම හිතන්නේ තමුසේ තමයි මගේ සියවැනි කෙල්ල....මේක අපි සමරන්න ඕන මම ශතකයක් ගහලා ඉන්නේ ගැම්මක් තමයි ඉතින්..."
ටේහ්‍යුන් ගාෆීල්ඩ්ගෙන් ලසඤ්ඤා එකක් බේරගත්තා වගේ ගැම්මෙන් කතා කරද්දී කොල්ලා දන්නේ නැ එයාගේ දිහා මරාගෙන මැරෙන රකුසු බැල්මක් දාගෙන කෙල්ල ඉන්නවා කියලා ජීසූ ටික වෙලාවක් බලාගෙන ඉදලා කොල්ලාගේ බෙල්ල හැපුවා
" ආව්..... යකූ රිදෙනවා.."
කොල්ලා කෑගහනකොට ජීසූ අයින් වුනා කියන්න සංතෝෂයි මිතුර ටේහ්‍යුන්ගේ බෙල්ලේ දත් පාර ටැටූ එකක් වගේ හිටලා ජීසූ ඒ දිහා බලලා කට කොනින් හිනා වුනා
" සමරන්න....? තමුසෙගේ funeral එක ලෑස්ති කලොත් හොදයි වගේ..."
" හපනවා කියලා ඔහොමත් හපන්න එපා බන්.."
" තමුසේ ආපහු මගේ ඉස්සරහ කෙල්ලෝ ගැන කියවගෙන ආවොත් අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා ඇගට දිමි ගොට්ටක් දාලා පිහාටුවකින් කිති කවලා දියඇල්ලෙන් පහලට තල්ලු කරනවා...."
ජීසූ කොල්ලාගේ ඔලුවට ඇගිල්ලෙන් අනින ගමන් කිව්වා
" තමුසේ ඇහුව හින්දා නේ කිව්වේ..."
" ඒක මට අදාළ නැ "
ටේහ්‍යුන් ගිහින් ඔලුව ගලක ගහගන්න නොහිතුනාම නෙවෙයි ඒත් කොල්ලා ඒ අදහස අතහැරගත්තා ජීසූගේ කියවිල්ල මැද්දේ ටේහ්‍යුන් කෙල්ලව වඩාගෙන ආපහු ගෙදරට ආවා
________________________________
" බොස් ලී මින්හුක්ගේ ගෝලයෝ වගයක් ටේහ්‍යුන් සර්ගේ ඇක්සිඩන්ට් එක කරලා තියෙන්නේ ඒ වගේම බොස් සනා මිස් ඇක්සිඩන්ට් වුනු වාහනය ලී මින්හුක්ගේ නමට ලියාපදිංචි කරපු එකක්..."
ජැකී අන්තිම ටික කියනකොට මෙච්චර වෙලා ෆයිල් එකක් දිහා බලාගෙන ඉදපු ජන්කූක් ජැකී දිහා බැලුවේ කේන්තියෙන්
" අයිෂ්....මොකාද ඌ...? මට ඌ ගැන ඔක්කොම විස්තර ඕන..."
" යේ සර්..."
ජැකී එහෙම කියලා එතැනින් යද්දී ජන්කූක් කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
" ජන්කුකී..."
එකපාරට ඇහුනු කටහඬ නිසා කොල්ලා දොර දිහා බැලුවාම දැක්කේ දොරෙන් ඇතුලට ඔලුව දාගෙන හිනා වෙවී එයා දිහා බලාගෙන ඉන්න සනාව
" මොකද මෙහේ කරන්නේ...?"
ජන්කූක් එයාගේ ලගට එන කෙල්ලගෙන් ඇහුවා
" මං එන්න එපා ද...?"
සනා ඇස් හීනි කරගෙන අහනකොට ජන්කූක් කෙල්ලගේ අතින් ඇදලා ඔඩොක්කුවේ ඉන්දව ගත්තා
" මං එහෙම දෙයක් කිව්වා ද දැන්... කොයිවෙලෙත් රන්ඩු වෙන්නමයි හදන්නේ..."
කොල්ලා එහෙම කිව්වාම සනා ජන්කූක්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා
" සනා..."
" දොයිමතයි.."
සනා sleeply voice එකකින් කිව්වාම ජන්කූක් සනාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවලා හිමින් අතගෑවා කැබින් එකේ දොරට තට්ටු කරනවා ඇහුනු නිසා ජන්කූක් එයාගේ තුරුලේ ඉන්න කෙල්ල දිහා බලලා come in කිව්වා
" සර්...මිස්ටර් කන්ග් ඇවිත් ඉන්නවා project එක ගැන කතා කරන්න "
යූරාගේ කටහඬ ඇහුනු ගමන් සනා එක ඇහැක් ඇරලා යූරා දිහා බැලුවා
" මිස්ටර් කන්ග් කොහෙද..?"
" Conference room එකේ "
" හ්ම්ම් මම එන්නම්....යූරා යන්න.."
යූරා ජන්කූක්ගේ තුරුලේ ඉන්න සනා දිහා බලලා යන්න ගියා
" බබා..."
යූරා එලියට යනකම් ඉදපු සනා කොල්ලාගේ උකුලෙන් නැගිට්ටා
" ඔයා යන්න කුක්කෝ මම ඉන්නම්..."
" බබා ඔයා නිදිමතේ ඉන්නේ ජැකී එක්ක ගෙදර යන්න..."
" අනේ...ඔයා එනකම් ඉන්නම්.."
සනා උපරිම කියුට් විදියට ඇස් බෝල කරලා යටි තොලත් පිට පෙරලගෙන කිව්වාම කොල්ලාට එකපාරට හිනා ගියා
" හරි ඉන්න එහෙනම්...කන්න ඕන නම් cafeteria එකට යන්න නැත්නම් ගෙන්න ගන්න මම යනවා.."
සනාගේ ඔලුව අතගාලා ටේබල් එක උඩ තිබුණු ෆයිල් එකත් අරගෙන ජන්කූක් ගියා ටික වෙලාවක් ජන්කූක්ගේ කැබින් එකට වෙලා හිටපු කෙල්ල බඩේ පනුවෝ උද්ඝෝෂණයක් කරන හින්දා cafeteria එක පැත්තට පියනැගුවා ඒත් එකපාරට තනියෙන් මොනාද මුමුනන ගමන් ආපු කෙල්ලෙක් සනාගේ ඇගේ හැප්පුනා ඒ කෙල්ලගේ අතේ තිබුණු ෆයිල් එකත් බිම වැටිලා කොල හැමතැනම විසිරිලා ගියා
" I'm Really Sorry Madam..."
ඒ කෙල්ල අංශක 90 නැවිලා සනාගෙන් සමාව ඉල්ලුවා සනා මුකුත් නොකියා පහත් වෙලා විසිරිලා තියෙන කොල ඇහින්දා අර කෙල්ලත් සනා දිහා හොරෙන් බලන ගමන් කොල ටික ඇහින්දා
" අනිත් දවසේ කල්පනාවෙන් යන්න.."
සනා හිනා වෙලා කියනකොට කෙල්ල රොබෝ කෙනෙක් වගේ ඔලුව වැනුවා
" මොකද බය වෙලා මම ඔයාව ගිලින්නේ නැ.."
" අහ්ම්..එහෙම නැ මැඩම්..."
" එහෙම නැත්තේ මොකද...? යන් මාත් එක්ක cafeteria එකට "
" ඒත් මැඩම්..."
" යන් යන්.."
සනා එහෙම කියලා ඒ කෙල්ලවත් ඇදගෙන cafeteria එකෙන් ගිහින් කෑමත් අරගෙන ඉදගත්තා කෙල්ල නම් හිටියේ බය වෙලා
" ඔයාගේ නම...? වැඩ කරන department එක මොකද්ද..?"
" මම සන්ග් මිනායා HR department එකේ.."
" ඔහ්...මම හේසනා හැමෝම සනා කියලා කතා කරන්නේ.."
කෙල්ල හා කියන්න ඔලුව වැනුවා
" කාට බැන බැන ඇවිත් ද මගේ ඇගේ හැප්පුනේ..?"
සනා චොකලට් මිල්ක් ශේක් එක බොන ගමන් ඇහුවා
" අහ්ම්.....මෑම්.."
" කියන්න...."
" මිස් යූරා අනියා මිසිස් යූරාට..."
" යූරාට කැමති නැ වගේ "
" එයාට ගොඩක් අය කැමති නැ මෑම් කොයිවෙලෙත් ජන්කූක් සර්ගේ ඇගේ එල්ලෙන්න බලාගෙන ඉන්නේ "
මිනායා එහෙම කිව්වාම සනා ඇහිබමක් උස්සලා මිනායා දිහා බැලුවා
" බලාගෙන යද්දී මම විතරක් නෙවෙයි යූරාට අකමැති..."
සනා කට කොනින් හිනා වෙවී මිමිනුවා
" මෑම්...."
" මට යූරා ගැන විස්තර කියන්න...."
සනා එහෙම කිව්වාම මිනායා යූරා ඔෆිස් එක ඇතුලේ හැසිරෙන විදිය ඔෆිස් එකේ වැඩ කරන අයට යූරා සලකන විදිය කෙටියෙන්ම කිව්වොත් යූරා ගැන චරිත සහතිකයක් දුන්නා පැයක් විතර මිනායා එක්ක කතා කර කර ඉදපු සනා Conference room එක පැත්තට ගියා Conference room එක ඇතුලට ගියාම දැක්ක දේ හින්දා කෙල්ලගේ අත මිටමෙලවුනේ ඉබේටම වගේ
ජන්කූක්ගේ ඔඩොක්කුවේ වාඩිවෙලා ඉන්න යූරා දකිද්දී සනා හිටියේ කාලි මෑනියෝ ආරූඪ වෙලා වගේ අඩියට දෙකට යූරා ලගට ගියපු සනා යූරාගේ කොන්ඩෙන් ඇදගෙන ඇවිත් ඔෆිස් එකේ හැමෝම ඉස්සරහ තල්ලු කරලා දැම්මා යූරා වැටෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ එතැන තිබුණු පුටුවක් අල්ලාගෙන
" යූරා... තමුසෙට ලැජ්ජාවක් කියලා දශමයක්වත් නැද්ද ආ මැරි කරලා ඉන්න මනුස්සයෙක් පස්සෙන් යන්නේ තමුසෙත් මැරි කරලා නේ ඉන්නේ තමුසෙට ඔච්චර අසහනේ නම් තමුසේ මැරි කරලා ඉන්න මිනිහා එක්ක ඕන මගුලක් කරගන්න පුලුවන් නේ තමුසෙට මම කොච්චර warn කරලා තියෙනව ද ජන්කූක්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා තමුසේ කවදාවත් මම කියන දෙයක් අහන්නේ නැ තමුසෙට ආපහු චාන්ස් නැ තමුසෙගේ resignation letter එක පැයක් ඇතුලත ටේබල් එක උඩ තියෙයි ආපහු මේ කම්පැනි එක හතර මායිමේ තමුසෙව දැක්කොත් ඒ තමුසේ ජීවත් වෙන අන්තිම දවස වෙයි..."
ඔෆිස් එකේ හැමෝම මේ දිහා බලාගෙන ඉදියේ හිත යටින් කුරිරු සතුටක් ලබන ගමන් ජන්කූක් පිටිපස්සට වෙලා මුකුත් නොකියා හිටියේ යූරා හැම සීමාවක්ම පැන්න හින්දා
" තමුසෙට බැ සනා මාව අස් කරන්න තමුසේ මේ කම්පැනියේ එකේ කවුද ජන්කූක් කියන්නේ නැතුව මම යන්නේ නැ මම ජන්කූක්ට ආදරෙයි තමුසෙව ජන්කූක්ට හම්බවෙන්නත් කලින් ඉදලා..."
සනා යූරාගේ කම්බුලට ගැහුවේ යූරා අඩියක් පිටිපස්සට යද්දී සනාගේ ඇස් වල කදුලු පිරිලා
" තමුසෙට කිසි ලැජ්ජාවක් නැද්ද ආ...තවත් කියවන්නේ.."
" යූරා.....තමුසේ යනවා ආපහු මේ පැත්තේ එන්න එපා.."
සනාගේ ඉන වටේ එක අතක් යවලා අනිත් අත බෙල්ල වටේ යවපු ජන්කූක් එයාගේ පපුවට සනාගේ පිට හිටින්න තුරුල් කරගත්තා යූරා ජන්කූක් දිහාත් බලලා කම්බුලත් අල්ලාගෙන එතැනින් ගියා
",තමුසෙලා මොනාද බලාගෙන ඉන්නේ...? ගිහින් වැඩක් කරනවා"
ජන්කූක් කෑගහනකොට එතැන හිටිය ඔක්කොම විසිරිලා ගියා ජන්කූක්ගේ අත් වලින් දගලලා බේරුනු කෙල්ල කොල්ලා දිහා බලලා රවලා යන්න ගියා
" යාහ්හ් සනා..."
ජන්කූක් කතා කරනකොට කෙල්ල දුවලා ගියා කොල්ලා කොන්ඩේ අවුල් කරගත්තේ මේ පාර සනාව යාලු කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියලා හිතෙද්දී
To be continue.........
සනා යූරාට සලකනකම් බලාගෙන හිටපු සංකුට්ටෝ ටිකට දැන් සතුටුයි ද...?
Bạn đang đọc truyện trên: AzTruyen.Top