Chapter 23 🍃
" ජන්කුකා මේ දේවල් දැනගත්තොත් ආපහු කොරියාවට එයි..."
හෝසොක් කිව්වේ සෝෆාවට බර වෙන ගමන්
" යේ..හියුන්ග් ඊයෙත් මගෙන් ඇහුවා ප්‍රශ්නයක් ද කියලා.."
ජිමින් කිව්වා
" ජන්කුකාගෙන් දේවල් හංගන එක ලේසි නැ...."
ජින් කියපු දේට හරි කියන්න වගේ නම්ජූන් ඔලුව වැනුවා
" ටේට කරදරයක් නැතුව ඇති නේද හියුන්ග්..."
ජිමින් ඇහුවේ ජින්ගෙන්
" ම්ම්ම් මට විශ්වාසයි ජිමින් අපේ ටේ හොදින් ඇති කියලා ලේසියෙන් ටේව කාටවත් විනාස කරන්න බැ අපි ඌව හොයාගමු..."
ජින් ජිමින්ගේ ඔලුව අතගාන ගමන් කිව්වා ටේහ්‍යුන් කා ඇක්සිඩන්ට් එකකින් මැරුනා කියලා කවුරු කිව්වත් එයාලා විශ්වාස කලේ නැ ඒ නිසා එයාලා ටේහ්‍යුන් ගැන හොයන්න පටන් ගත්තා ඒත් තාම තොරතුරක් හම්බුනේ නැ
" බොස්...."
එකපාරට ගාඩ් කෙනෙක් දුවගෙන ආවා
" මොකද..?"
" බොස් මේක කා ඇක්සිඩන්ට් එක වුනු තැන ඉදලා 600m විතර දුර තිබිලා හම්බුනේ.."
ගාඩ්ගේ අතේ තිබුණු බ්ලේස්ලට් එක ජිමින් අතට ගත්තා
" හියුන්ග්...හියුන්ග්.... මේක ටේගේ...."
ජිමින් කිව්වේ බ්ලේස්ලට් එක පෙන්නන ගමන්
" ඒ හරිය හොදට බලපන් මොනාහරි සැක කටයුතු දෙයක් හම්බුනොත් කෝල් එකක් දීපන් මෙහෙට දුවගෙන එන්නේ නැතුව..."
මෙච්චර නිහඩව හිටපු යුංගි කිව්වාම ඒ ගාඩ් ඔලුව වැනුවා
" දැන් ගිහින් හොයපන්..."
ගාඩ් එතැනින් ගියා
" කා එක පිපිරුනු තැන ඉදලා පල්ලමට කොල ඇවිස්සිලා තිබුනා ඊට පස්සේ තැනින් තැන වැටිලා මැරිලා වැටිලා හිටපු මිනිස්සු ඊට පස්සේ ටේගේ බ්ලේස්ලට් එක ඒ කියන්නේ ඔය කැලේ කොහේහරි ටේ ඉන්නවා..."
නම්ජූන් එයා දැකපු දේවල් එකින් එක සම්බන්ධ කරමින් අනිත් අය දිහා බලන ගමන් කිව්වා
" එතකොට ජීසූ...?හැමතැනම කතාව යන්නේ ටේට ජනාධිපති දියනිය සමග ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා උබලා මොකද්ද ඒ ගැන හිතන්නේ..."
හෝසොක් එයාගේ හිතේ තිබුණු පුරස්නය ඇහුවා
" ටේ හොදින් නම් ජීසූත් බොහෝදුරට හොදින් ඇති... ටේගේ හැටියට ඔහොම කතාවක් හැදුන් නැත්නම් තමයි පුදුම වෙන්න ඕන..."
ජින් කිව්වාම අනිත් අයගේ මුහුනට යාන්තම් සිනාවක් ආවේ ටේගේ වැඩ මතක් වෙලා
__________________________
ටේහ්‍යුන් ගහක් යට වාඩිවෙලා රූස්ස ගස් අතරින් පේන අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ කොල්ලා බෝම්බයක් ගැහුවත් දන්නේ නැ ඒ තරම් ගැඹුරු කල්පනාවක ගිලිලා හිටියේ
එයා ලගදී ඇයි මට මාව පාලනය කරගන්න බැරි...?
කොල්ලා තමන්ගෙන්ම ප්‍රශ්න කලා ලගක ඉදලා ජීසූ ලග ඉදිද්දී කොල්ලාගේ හිතට අමුතු හැගීමක් දැනුනේ ජීසූ ලග ඉන්නකොට කොල්ලාගේ හිතට අමුතු සතුටක් දැනුනේ ටේහ්‍යුන්ට කෙල්ලගේ රෝස තොල් සිපගන්න හිතුනු වාර අනන්තයි ඒත් කොල්ලා තමන්ගේ හිත පාලනය කරගෙන ඉන්නවා
" හැල්මොනි....."
ජීසූගේ කටහඬ ඇහුනු නිසා කොල්ලා වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටේ ජීසූ මොන මරාලයක් දාගෙන කෑගහනවා ද දන්නේ නැ කියලා හිතන ගමන් කොල්ලා ජීසූගේ කටහඬ ඇහුනු පැත්තට යනකොට එතැන තව කෙල්ලෙක් හිටියා එතැන හිටපු කෙල්ලගේ උඩ ඉදලා යටට බැල්මක් දාන ගමන් ජීසූ ලගට ගියා
" කවුද ඕයි මේ..?"
ටේහ්‍යුන් කෙල්ලගේ කනට කරලා ඇහුවාම ජීසූ උරහිස් ඇකිලුවේ දන්නේ නැ කියන්න අර කෙල්ල ටේහ්‍යුන් දිහා බලාගෙන ඇබරෙනවා නිකන් දෙකට කැපිච්ච පනුවා වගේ ජීසූ කෙල්ල දිහා බලාගෙන හිටියේ මරලා බැදලා කන සයිස් එකේ බැල්මක් ඒත් එක්කම ටේහ්‍යුන් කෙල්ල දිහා බලලා එයාගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කලාම ජීසූට තවත් තරහ ගියා
මේ මිනිහාගේ මනමාල හිනාව....ගෑනු පෙරේතයා... දවසෙම මාත් එක්ක ඉන්නේ ඒ වුනාට ආසාවට මාත් එක්ක හිනා වෙන්නේ නැ ඒකට තත්පර ගානකට කලින් දැකපු තොරොම්බල් කරත්තේ එක්ක සිරික්කිය දාන ලස්සන...හිටපන්කෝ අද හොද පාඩම් උගන්නන්න පෙට්ටි හිනාව ලෙෆ්ට් වෙන්නම නමට හරි මගේ හස්බන් නේ...
ජීසූ කොල්ලා දිහා තරහෙන් බලාගෙන හිතුවා අර කෙල්ල ටේහ්‍යුන් දිහා බලාගෙන කෙල පෙරනවා ජලභීතිකාව හැදුනු බල්ලෙක් වගේ ඒ වෙලාවේ හැල්මොනි ආවා හින්දා හොදයි නැත්නම් අර කෙල්ල ආපහු කොල්ලෙක් දිහා නොබලන්නම ජීසුගෙන් සංග්‍රහයක් හම්බවෙනවා
" මේ දරුවා මොකද මේ වෙලාවේ...?"
හැල්මොනි ඇහුවාම ඒ කෙල්ල හිනා වුනා
" හැල්මොනි බලලා යන්න ආවේ..."
ඒ කෙල්ල ඇස් කොනින් ටේහ්‍යුන් දිහාත් බලන ගමන් කිව්වා ජීසූ කොල්ලාගේ අතින් අල්ලගත්තා
" ම්ම්ම්...මාව බලන්නම ඇවිත් කියලා තේරෙනවා.."
හැල්මොනි අමුතු විදියට කිව්වා
" හැල්මොනි කවුද මේ ඔප්පා...මීට කලින් දැකලා නැ "
ඒ කෙල්ල ඇබරි ඇබරි අහනකොට ජීසූට හිතුනේ ඔප්පා හුප්පා වෙන්න මූන කට සමතලා වෙන්න දෙකක් නෙලන්න
" මගේ මුනුබුරා....මේ එතකොට එයාගේ නෝනා ටික කාලෙකට මෙහේ ඉන්නවා.."
හැල්මොනි එහෙම කිව්වාම ජීසූ හිනාවක් දාගෙන ටේහ්‍යුන්ගේ අතක එල්ලුනා
" ඔහ්....මගේ නම ජින්යොන් ඔප්පා මට ජිනී කියලා කතා කරන්නකෝ.."
කෙල්ල එහෙම කිව්වාම ටේහ්‍යුන් හිනා වුනා ඒ නිසා කාටවත් නොපෙනෙන්න ජිසූ කොල්ලාගේ butt cheeck කෙනිත්තුවේ ටේහ්‍යුන්ට රාත්‍රි අහස දහවල් කාලයේ මැවිලා පෙනෙද්දී
" අහ්ම්...ජිනී කියන්නේ අපේ ඔප්පාට ඔන්නි කතා කරන නම ඒ නම ඔන්නිගේ අවසරයකින් තොරව භාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි ඒ පිලිබද ඔබේ හයක් හතරක් නොදත් දරුවා හට කියා දෙන්න.."
ජීසූ දත් විරිත්තගෙන බොරු හිනාවක් එක්ක කියනකොට ජින්යොන්ගේ මූන ඇද වෙලා ගියා ජීසූ කියපු දේට හැල්මොනි හිනාව කාගෙන හිටියේ
" මම ගිහින් එන්නම් හැල්මොනි..."
ජීසූට රවපු තොරොම්බල් කරත්තේ පස්ස වන වන යන්න ගියා
" ආපහු නාවට කමක් නැ..."
ජීසූ කිව්වේ ජින්යොන් යන දිහා බලාගෙන ඉදලා
" මරු කද හැබැයි.."
කෙල්ලගේ කරට අතක් දාගත්ත ටේහ්‍යුන් කිව්වාම ජීසූ කොල්ලා දිහා බලපු බැල්ලම නිසා කොල්ලා ජීසූගේ කරට දාගෙන ඉදපු අත ගත්තා
" හැල්මොනි...කවුද ඒ තොරොම්බල් කරත්තේ...? අහ් අනියා මම ඇහුවේ කවුද ඒ කෙල්ල කියලා.."
ටේහ්‍යුන්ට රවලා හැල්මොනීගේ පැත්තට හැරුනු ජීසූ ඇහුවා
" ගමේ හාමු මහත්තයාගේ දුව...."
" ඒකි හාමු මහත්තයාගේ දුව නම් මම ජනාධිපතිගේ දුව...'
ජීසූ තමන්ට මුමුනන ගත්තා
" කොයි එකටත් දුව පුතාව පරිස්සමින් කරගත්තොත් හොදයි.."
හැල්මොනි එහෙම කියලා ඇතුලට ගියාම ජීසූ දහයට ගනින්න බැරි පොඩි එකා වගේ ටේහ්‍යුන් ඉන්නවා
" තමුසේ මොකටද අර උඩැක්කිය එක්ක සිරික්කිය දාන්න ගියේ..."
ජීසූ කොල්ලාගේ පපුවට ඇගිල්ලෙන් අනින ගමන් ඇහුවා
" මාත් එක්ක හිනා වුනු හින්දා නේ මොනා වුනත් ලස්සන තමුසේ වැදිරියෙක් වගේ ඉපදුනා කියලා ඒ කෙල්ලට ඉරිසියා කරන්න එපා හලෝ "
" හහ්....එතකොට තමුසේ කියන්නේ මම කැතයි අර උඩැක්කිය හරි ලස්සනයි කියලා ද ආ "
කෙල්ල මූනත් රතු කරගෙන කේන්තියෙන් අහනකොට ටේහ්‍යුන්ට ඒක වෙන ආතල් එකක්
" යේ යේ තමුසෙට පරක්කු වෙලා හරි ඒක තේරුනු එක ලොකු දෙයක් "
කොල්ලා එහෙම කියලා හිනා වෙනකොට බිම තිබුණු කෝටුවක් අරගත්ත ජීසූ කොල්ලා දිහා බැලුවා ඊලගට මොකද වෙන්නේ කියලා දන්න ටේහ්‍යුන් කකුල් දෙකට වැදලා දුවන්න පටන් ගත්තා
" යාහ්හ් ඔහොම නවතිනවා..මෝඩ කොටි හපුවා.."
" වේ..වේ..මම නවතින්නේ...?"
" මම අද තමුසෙව කෝටු මස් කරනවා "
ජීසූ ටේහ්‍යුන්ගේ පස්සෙන් එලවගෙන ගියා දෙන්නාගේ සද්දේ ඇහිලා හැල්මොනි ආපහු එලියට ආවා
" මොකද ලමයි මේ...."
හැල්මොනි ඇහුවේ පොඩි ලමයි වගේ මිදුල පුරා දුවන ටේසෝ දිහා බලාගෙන
" හැල්මොනි මේ යක්සනි මට ගහනවා.."
දුවගෙන ඇවිත් හැල්මොනීගේ පිටිපස්සේ හැංගුනු කොල්ලා කිව්වා
" මේ මෝඩයා මම කැතයි කිව්වා හැල්මොනි.."
ජීසූ යටි තොලත් පිට පෙරලගෙන කිව්වා
" මම ඇත්ත නේ හැල්මොනි කිව්වේ පේන් නැද්ද වැදිරියක් වගේ "
" මේ ඕයි තමුසේ හරි හැන්සම් කියලා ද හිතාගෙන ඉන්නේ "
" මම හැන්සම් තමයි.."
ටේහ්‍යුන් ගැම්මෙන් කිව්වා හැල්මොනිට මුවා වෙලා ටේහ්‍යුන් ජීසූගේ කෝටු පාරවල් වලින් බේරෙන්න හදන්නේ
" ඔය දෙන්නාගේ ප්‍රශ්න ඔය දෙන්නා බේරගන්න කෝ එහාට වෙන්න "
හැල්මොනි එහෙම කියලා ගියාම ජීසූ කෝටුව විසි කරලා ටේහ්‍යුන්ට ගස්සගෙන ඇතුලට ගියා
_______________________
" සන්ග් වූ තමුසේ කොහෙද...?"
මින්හුක් කෑගහන ගමන් mansion එක ඇතුලට ආවා mansion එකේ ඉන්න ගාඩ්ස්ලාට මේඩ්ස්ලාට මේක අමුතු දෙයක් නෙවෙයි අප්පාගෙයි පුතාගෙයි රන්ඩුවක් නැති දවසක් නැති තරම්
" සන්ග් වූ මෙහේ නැද්ද කියනවා.."
" සර්...පොඩි සර් ක්ලබ් එකට යනවා කියලා ගියා සර් ආවොත් කියන්න කිව්වා..."
මේඩ් කෙනෙක් බයෙන් වගේ කියනකොට මින්හුක් ලග තිබුණු ස්ටූල් එකට පයින් ගැහුවා
" මූ ආපු දවසේ ඉදලා මගේ හිතට කිසි නිදහසක් නැ යන තැන මොකක් හරි නඩුවක් දාගන්නවා "
මින්හුක් සෝෆා එකේ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තා
" ජේකේගේ කේස් එක කොහොමද උන් තාම හොයනවාද...?"
" ජේකේ තාම කොරියාවට ඇවිත් නැ සර් උන් මේ ගැන හොයන එක නවත්තලා නැ ඒත් සර් උන් මේ දවස් වල කිම් ටේහ්‍යුන් ගැන හොයනවා ටේහ්‍යුන් මැරිලා නැ කියලා උන් හිතාගෙන ඉන්නේ "
" ටේහ්‍යුන් හිටියාට මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි අර කෙල්ල ජීවත් වෙන්න බැ හොයලා බලපන් කෙල්ල පනපිටින් ද කියලා මට තාම විශ්වාස නැ කෙල්ල මැරිලා කියලා හැම නිව්ස් එකකම ගියේ අතුරුදහන් වෙලා කියලා මිසක් මැරිලා කියලා නෙවෙයි ඒ ගැන හොයලා බලපන් හදිස්සියේවත් කෙල්ල පනපිටින් හිටියොත් ඉවරයක් කරලා දාපන් "
මින්හුක් කට කොනින් හිනාවක් එක්ක කිව්වා
" හරි සර් අපි ඒ ගැන බලන්නම්.."
" ජේකේ ගැන ඇහැ ගහගෙන හිටපන් ඌ කොයිවෙලාවේ ඒවි ද කියන්න බැ මේ වෙලා තියෙන දේවල් වල හැටියට.."
" එක්ස්කියුස් මී සර්..."
මේඩ් කෙනෙක් කතා කරනකොට මින්හුක් ඇහිබමක් ඉස්සුවේ ඇයි කියලා අහන්න
" මිස්ටර් හන් ඇවිත් ඉන්නවා මම එන්න කියන්න ද සර්.."
" මිස්ටර් හන් මොකද මේ වෙලාවේ....?"
මින්හුක් කල්පනා කලා
" හරි එන්න කියන්න..."
මින්හුක් කිව්වාම මේඩ් එතැනින් ගියා ටිකකින් මිස්ටර් හන් ආවා
" ඔහ්...මිස්ටර් හන් කාලෙකින්..."
මින්හුක් මිස්ටර් හන්ව සුහදව පිලිගත්තා
" take a sit.."
මිස්ටර් හන් ඉදගත්තා
" මිස්ටර් හන් මේ වෙලාවේ මාව හම්බවෙන්න ආවේ මොකක් හරි හදිස්සියක් ද්...?"
මින්හුක් ඇහුවේ ග්ලාස් එකකට වයින් පුරවන ගමන්
" ම්ම්ම්ම්.... මින්හුක් මට උදව්වක් ඕන "
" මොකද්ද...?"
" මෙච්චර කාලයක් Health Ministry එකේ වුනු වංචා ගැන හොයන්න කියලා කමිටුවක් පත් කරලා මං කරපු හැමදේම එහෙම වුනොත් එලි වෙයි එතකොට මගේ ඇමති ධූරයත් නැති වෙයි..."
" මට මොනාද ලැබෙන්නේ....?"
මින්හුක් ඇහුවේ වයින් ග්ලාස් එක තොල ගාමින්
" අහ්....?"
" මිස්ටර් හන්ට උදව් කලොත් මට මොනාද ලැබෙන්නේ මට වාසියක් නැති දේවල් මම කරන කෙනෙක් නෙවෙයි "
" මින්හුක්ට මොනාද ඕන...?"
" මම ඒක ඉස්සරහට කියන්නම් දැන් බය නැතුව යන්න මම ඒ ගැන බලාගන්නම්..."
මින්හුක් කිව්වාම මිස්ටර් හන් ඔලුව වනලා එතැනින් යන දිහා මින්හුක් බලාගෙන හිටියේ කට කොනින් හිනා වෙන ගමන්
To be continue.................
Thank you for 10.2K Readers....☺️♥️
එක බබෙක් කිව්වා 18+ කෑල්ලක් ඕනි කියලා කස්ටිය මොකද කියන්නේ ඕනි ද...👀
Bạn đang đọc truyện trên: AzTruyen.Top