Chapter 22 🌿

" මොහ්....ඒ කෙල්ල ඔයාගේ කම්බුලට ගැහුවා ද..?"

දවස පුරාම ජන්කූක්ගේ අතක සනාගේ එක අතක් පටවලගෙන ඇවිද්දා කෙල්ලගේ මූන පුරා ඇදිලා තිබුණු හිනාව දිහා ජන්කූක් හරි සතුටින් බලාගෙන හිටියේ කොල්ලාට ඒ හිනාව ගොඩක් මිස් වුනා

මේ වෙලාවේ restaurant එකට වෙලා චොකලට් මිල්ක් ශේක් එකක් බොන ගමන් සනා ජැකී එක්ක ලොකු කතාවක් ජන්කූක් කෝල් එකක් අරගෙන ටිකක් එහාට ගියේ සනා එක්ක ජැකිව නතර කරලා

" අපරාදේ ජැකි මට ඔයාව කලින් හම්බුනා නම් ඔයාව තමයි මැරි කරන්නේ..?"

සනා මෙලෝ ගානක් නැතුව චොකලට් මිල්ක් ශේක් එක බොන ගමන් කිව්වා ඒක ඇහුනාම ජැකිට තඩි කෙල ගුලියක් ගිලුනේ එයාගේ බොස් එහෙම නැත්නම් ජන්කූක් මෙතන හිටියා නම් ජැකිට දැන්ම නොමිලේ ස්වර්ගස්ථ වෙන්න පුලුවන් නිසා ජැකි ප්‍රාර්ථනා කලේ ඕක ඇහෙන කිට්ටුවක නම් ජන්කූක් ඉන්න එපා කියලා

" මොකද්ද කිව්වේ....?"

ජන්කූක් ෆෝන් එක සාක්කුවට දාගෙන කෙල්ල දිහාටයි ජැකී දිහාටයි මරාගෙන මැරෙන සයිස් බැල්මක් දැම්මා සනා එයාට අදාල නැති ප්‍රශ්නයක් වගේ ඩෝන්ට් කෙයා මූඩ් එකෙන් ඉන්නවා එතකොට ජැකි ඉන්න තරම් ඔක්කොම හැටහුට හමාරක් දෙවිවරු මතක් කරනවා ජන්කූක්ගේ බැල්ම ඒ තරම් දරුනුයි

" බොස්..."

ජැකි අකුනක් වැදුනා වගේ වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා සනා චොකලට් මිල්ක් ශේක් එක බීලා ඉවර වෙලා ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා

" මම තමුසේ එක්ක ජැකිව තියලා ගියේ තමුසෙට ආරක්ෂාවට මිසක් ඌව මැරි කරන්න නෙවෙයි "

කොල්ලා ඇස් හීනි කරගෙන තරහෙන් කිව්වා ඒක තරහටත් වඩා ඉරිසියාවක් කිව්වොත් හරි

" අයියූ....මගේ ජෙලසි කුක්කා...."

සනා එහෙම කියන ගමන් කොල්ලාගේ කම්බුල් මිරිකුවා ජන්කූක් කෙල්ලගේ අත් වලින් අල්ලගන්න ගමන් ජැකි දිහා බැලුවා

" ජැකි උබ පලයන්...."

ජන්කූක් කිව්වාම ජැකි කෙල්ල දිහාත් බලලා ඔලුව නවලා ආචාර කරලා එතැනින් ගියා ජැකි යන දිහා බලාගෙන ඉදපු ජන්කූක් හැරුනේ එයාටත් ටේබල් එකට මැදි වෙලා ඉන්න සනාගේ දිහාට

" මොකද්ද තමුසේ කිව්වේ ආ... "

සනාගේ ඉන වටේ අත් යවලා එයාගේ ඇගට තද කරගන්න ගමන් ඇහුවා කෙල්ලගේ අත් දෙක ජන්කූක්ගේ පපුවේ රැදිලා තිබුණේ

" ඒක නිකන් අනේ කිව්වේ.....ඔච්චර තරහ ගන්න එපා.."

කෙල්ල ජන්කූක්ට කියුට් මූනක් පෙන්නගෙන කොල්ලා එක්ක හුරතල් වෙන ගමන් කිව්වා

" නිකන් වුනත් එහෙම කියන්න ඕන නැ.."

ජන්කූක් රවාගෙන කිව්වා

" හරි හරි මියානේ.. ආපහු එහෙම කියන්නේ නැ කුක්කෝ..."

ජන්කූක්ගේ පපුවේ නිකට තියාගෙන ඇස් බෝල කරගෙන අහිංසක හුරතල් මූනක් දාගෙන ඉන්නවා කොල්ලා ඔය අහිංසක මූනට අනිවාර්යයෙන් රැවටෙනවා කියලා සනා දන්නවා

" හ්ම් හ්ම් දැන් යමු..."

කොල්ලා එහෙම කිව්වාම සනා හිනා වෙලා ජන්කූක්ගේ අත් අතරට ගුලි වුනා ජන්කූක් කෙල්ලව තද කරලා බදාගත්තා

_________________________

උදේ කුරුල්ලොන්ගේ කිචි බිචි සද්දෙට ඇහැරුනු ජීසූ ඇස් අතින් පොඩි කරන ගමන් වටපිට බැලුවා කෙල්ලට එතකොට තමයි මතක් වුනේ ඊයේ රෑ වුනු දේවල් කෙල්ල හුස්මක් පහත දාලා ටේහ්‍යුන් කොහෙද කියලා බැලුවේ ජීසූ කොන්දත් අල්ලාගෙන ඇදෙන් නැගිටලා මිදුලට ගියා හැල්මොනිවත් ටේහ්‍යුන්වත් පේන්න නොහිටපු හින්දා කෙල්ල අත් දෙක උස්සලා හිර ඇරියා ඒ නිසා ජීසූ ඇදගෙන හිටපු ටී ෂර්ට් එක ඉස්සිලා කෙල්ලගේ බඩ හරිය නිරාවරණය වුනා කෙල්ල ඇදගෙන හිටියේ short skirt එකක්

ජීසූ ඇස් දෙකත් පියාගෙන පරිසරය විදිද්දී කෙල්ල දිහා කෙනෙක් කෑදර බැල්ලමක් දාගෙන බලාගෙන ඉන්නවා ජීසූ දැනගෙන හිටියේ නැ එතකොට කෙල්ලට දැනුනේ එයාගේ නිරාවරණය වුනු ඉන වටේ කාගෙදෝ අතක් එතෙනවා ඒ දිගු ඇගිලි ජීසූගේ ඇගේ ගෑවෙනකොට කෙල්ලට දැනුනේ එයාගේ ඇග පුරා සමනල්ලු පියාබනවා වගේ ෆීලින් එකක්

" යාහ්හ්....තමුසේ කවුද.."

කෙල්ල එහෙම අහන ගමන් වැලමිටෙන් හොද පාරක් දෙන්න ගියත් ගිටපු කෙනා කෙල්ලගේ අතින් අල්ලගත්තා ඒ කෙනාගේ උනුසුම් සුසුම් ජීසූගේ කන් පෙති වල වදිද්දී කෙල්ලට හුරු පුරුදු බවක් නොදැනුනාම නෙවෙයි

" මේ මම ඕයි.."

ජීසූගේ කන් පෙත්තේ තොල් ගෑවි නොගෑවී ගැඹුරු හඩකින් මිමිනුවා

" ටේ...."

ජීසූගේ කටින් පිටවුනා ඒ ටේහ්‍යුන් තමයි කෙල්ල දිහා මල පෙරේතයෙක් වැට ලග ඉදන් බලාගෙන කෙල හලනවා දැක්ක ටේ ජීසූගේ ලගට ගියේ කොල්ලා ජීසූව එයාගේ ඇගට තද කරගන්න ගමන් අනිත් අතින් ශර්ට් එක උස්සලා ඉනේ ගහගෙන හිටපු ගන් එක පෙන්නුවා ඒක දැකපු ගමන් මල පෙරේතයාට දුම් ගැහුවා වගේ වාෂ්ප වෙලා ගිහින් ඌ ගිහින් කියලා දැකපු ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා ජීසූගේ ඉන මිරිකුවේ කෙල්ලගේ කටින් සිහින් කෙදිරිල්ලක් පිට වෙද්දී

" ටේ...."

කෙල්ල මුමුනකොට ටේහ්‍යුන් ජීසූගේ ඉන පිරිමැද්දා

" මේක ගමක්..... ටවුන් එකේ විදියට මෙහේ ජීවත් වෙන්න බැ තමුසෙට මෙහේ සැප පහසුකම් මදි කියලා මම දන්නවා ඒත් කරන්න දෙයක් නැ ටික කාලයක් යනකම් මෙහේ තමයි ඉන්න වෙන්නේ "

ටේහ්‍යුන් කියනකොට කෙල්ල ඔලුව වැනුවා ජීසූ කියන්නේ පුංචි කාලේ ඉදන් සැප පහසුවට හැදුනු ලමයෙක් ඉතින් එහෙම කෙනෙක්ට මෙහෙම ජීවත් වෙන එක ලේසි නැ කියලා කොල්ලා දන්නවා

" ටේ....."

" ම්ම්ම්..."

" මාව අතහරින්න...."

" බ්ලැ...."

ටේහ්‍යුන් කෙල්ලගේ කන් පෙත්ත දිවෙන් තෙත් කරන ගමන් කිව්වා

" හැල්මොනි දැක්කොත්....."

" ඉතින් මොකද තමුසේ මගේ වයිෆ් කියලා නේ හැල්මොනිට කියලා තියෙන්නේ...? අනිත් එක තමුසෙත් මෙහෙම ඉන්න ආසයි නේ.."

ටේහ්‍යුන් කට කොනින් හිනාවක් එක්ක කියද්දී ජීසූ කොල්ලාගේ කකුල පෑගුවා එතකොට කොල්ලාට ජීසූව අතහැරුනා

" ආව්...යක්ෂනී මගේ කකුල..."

වැඩිය රිදුනේ නැති වුනත් ටේහ්‍යුන් කෑගැහුවා ජීසූ කකුලත් අල්ලාගෙන කෑගහන කොල්ලා දිහා බලාගෙන හිනා වෙනවා

" තමුසෙට හරි හිනා නේද...?"

ටේහ්‍යුන් මූනත් නරක් කරගෙන කිව්වා

" දරුවනේ මේක බීලා ඉන්න..."

හැල්මොනි එහෙම කියලා පුංචි කිරි කෝප්ප දෙකක් දෙන්නාට දුන්නා

" පුතාට නම් මගේ පුතාගේ ඇදුම් ඇති දුවට මම හාමු මහත්තයාගේ දුවගේ ගවුම් කිහිපයක් ගෙනත් ඇති.."

" අපි හින්දා හැල්මොනිට කරදරයි නේද...?"

ජීසූ ඇහුවා

" එහෙම නැ දරුවෝ... කාටහරි කරදරයක් වුනාම අපි උදව් කරන්න ඕන නේ ඔය දරුවෝ දෙන්නා හින්දා මට පාලුවක් නැතුව ඉන්න පුලුවන්.."

හැල්මොනි ආදරෙන් ජීසූගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" හැල්මොනි අපි කොහෙන් ද ඇග සෝදගන්නේ..?"

ටේහ්‍යුන් ඇහුවේ වටපිට බලන ගමන්

" මෙතන ඉදන් දිගටම ගියාම ලිදක් හම්බවෙයි දැන් නම් එතැන කට්ටිය ඇති නැත්නම් කැලේ පැත්තෙන් ගියොත් දිය ඇල්ලෙන් වුනත් පුලුවන්.."

හැල්මොනි එහෙම කිව්වාම ටේහ්‍යුන් කෙල්ල දිහාට මහ අමුතු කුප්ප හිනාවක් දැම්මා

" හරි හැල්මොනි..."

හැල්මොනි දෙන්නා දිහා බලලා හිනා වෙලා ඇතුලට ගියාම ජීසූ කොල්ලාට රැව්වා

" තමුසේ මොකද ඔහොම බලන්නේ..."

" අපි දිය ඇල්ල ලගට යමු බබා.."

කොල්ලා එහෙම කිව්වාම ජීසූ ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ ලෝකේ අට වැනි පුදුමේ දැක්කා වගේ

" මොකා...?බබා...? තමුසෙට පිස්සු ද හලෝ...?"

" මම ඔයාගේ හස්බන් නේ බබා..."

" මම තමුසෙගේ වයිෆ් නෙවෙයි "

ජීසූ රවාගෙන කිව්වා

" කමක් නැ බබා මගේ ඔයාගේ හස්බන් අපි දිය ඇල්ල ලගට යනවා..."

ටේහ්‍යුන් එහෙම කියාගෙන ඇතුලට ගියේ ජීසූ තරහෙන් පුපුරද්දී කොල්ලා ආසම වැඩේ තමයි ජීසූ එක්ක රන්ඩු වෙන එක කොල්ලාට දවසට එක පාරක් හරි කෙල්ල එක්ක රන්ඩුවක් දාගන්න බැරි වුනොත් එදාට වේලක් කෑවේ නැ වගේ තමයි

දෙන්නාත් එක්ක අදින්න ඇදුම් අරගෙන දිය ඇල්ල පැත්තට ඇවිදගෙන යන ගමන් ඉන්නේ ටේහ්‍යුන් ඉස්සර වෙලා යද්දී ජීසූ හිමින් අඩිය තියන ගමන් ටේහ්‍යුන්ගේ පස්සෙන් ආවා දෙන්නා එක්ක දිය ඇල්ල ලගට ආවා එතැන කවුරුවත් හිටියේ නැ

" woow...."

ජීසූ ඇස් බෝල කරගෙන වටේ කැරකි කැරකි ලස්සන බලනවා ටේහ්‍යුන් ගල් තලාව උඩ ඇදුම් ටික දාලා එයා ඇදගෙන හිටපු ශර්ට් එක ගලවලා දැම්මේ මෙතන කෙල්ල ඉන්නවා කියලා කිසිගානක් නැතුව ජීසූ කටත් ඇරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා කොල්ලා ඇස් කොනින් දැක්කා ජීසූ එයා දිහා බලාගෙන ඉන්නේ කියලා ටේහ්‍යුන් ට්‍රවුසර් එකේ zipper එක ගලවනකොට ජීසූ කෑගහගෙන ඇස් දෙකත් අතින් වහගෙන අහක බලාගත්තා

" යාහ්හ් තමුසෙට ලැජ්ජාවක් නැද්ද...කෙල්ලෙක් ඉස්සරහ මෙහෙම හැසිරෙන්න..."

කෙල්ල එහෙම කියලා ඉවර වෙනවත් එක්ක ඇහුනේ වතුරට පනින සද්දයක් ජීසූ බලනකොට කොල්ලා වතුරට බැහැලා ඉන්නවා

" තමුසෙත් එනවා..."

" මට බැ..."

ජීසූ කකුලේ ඇගිල්ලක් වතුරට දාලා ආපහු අරගෙන කිව්වා ටේහ්‍යුන් මුකුත් නොකියා කෙල්ලගේ හැසිරීම දිහා බලාගෙන ඉදියා

" ඔන්න නයා...."

කොල්ලා එකපාරට කෑගැහුවාම බය වුනු ජීසූ බය වෙලා ලිස්සලා ගිහින් වතුරට වැටුනා කෙල්ල වැටුනු විදිය දැකලා ටේහ්‍යුන් වතුරට ගහන ගමන් හිනා වුනා වතුරෙන් උඩට ආපු ජීසූ මූනට වැටුනු කොන්ඩේ පිටිපස්සට දාගෙන කොල්ලා දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්

" තමුසෙට පිස්සු ද ආ.. තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙලා මැරෙන්නේ....සීතලත් එක්ක තමුසේ මහ මෝඩ ගොන් බූරු සයිබීරියානු හැලි වදුරු කොටියා මේ කරන අපරාධ වලට තමුසෙව කිඹුලාම කාපිය "

ජීසූ කොල්ලාට බැනලා වතුරෙන් ගොඩට යන්න හදනකොට ටේහ්‍යුන් කෙල්ලගේ අතින් අල්ලගත්තා

" යාහ්හ්.. කිම් ටේහ්‍යුන් මාව අතහරිනවා..."

කෙල්ල ටේහ්‍යුන්ගේ අත් වලින් බේරෙන්න උත්සාහ කරන ගමන් කෑගැහුවා කොල්ලා ජීසූගේ අතින් ඇදලා ගත්ත පාර ටේහ්‍යුන්ගේ පපුවේ ජීසූගේ පිට වැදුනා

" මාව අතහරින්න මට යන්න ඕනි..."

ජීසූ කොච්චර කිව්වත් කොල්ලාට නම් කෙල්ලව අතහරින්න ඕන කමක් නැ තුවාලේ වතුර ගෑවුනු නිසා දැන් ඒක දනවා කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනේ ඒ නිසා ටේහ්‍යුන් කෙල්ලගේ තෙත කොන්ඩේ එක පැත්තකට දාලා ජීසූගේ කන දිවෙන් තෙත් කලා

" Tae...s..top.."

ජීසූගේ ටී ෂර්ට් එක යටින් අත යවලා කෙල්ලගේ ඉන පිරිමදින්න ගත්තා කෙල්ලගේ බෙල්ලට පහත් වුනු කොල්ලා බෙල්ල පුරා කිස් කරන්න ගත්තා

" Tae...p..please..stop.."

කොල්ලා එකපාරට කරන්ට් එක වැදුනා වගේ කෙල්ලගෙන් ඈත් වෙලා කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ කලබලයෙන් ජීසූ ඇස් වල කදුලු පුරවගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා

" මියානේ ජීසූ....."

කෙල්ල දිහා බලපු ටේහ්‍යුන් එහෙම කියලා වතුරෙන් ගොඩට ගියා ජීසූ තාමත් වතුරට වෙලා වුනේ මොකද්ද කියලා කල්පනා කරනවා කෙල්ලගේ අත ඉබේටම ගියේ එයාගේ බෙල්ලට විනාඩි කිහිපයක් තුල සිද්ධ වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ජීසූ හිටියේ

කෙල්ල ඇගත් සෝදගෙන ඇදුම් මාරු කරගෙන ආපහු යන්න හැරෙනකොට ටේහ්‍යුන් ආවා පුංචි මල් තියෙන රෝස පාට ගවුමකින් සැරසිලා තෙත කොන්ඩේ කඩලා දාලා හිටපු කෙල්ල දිහා ටේහ්‍යුන් ටික වෙලාවක් බලාගෙන ඉදියා

" යෙප්පුදා...."

ජීසූ දිහා බලාගෙන හිටපු කොල්ලා මිමිනුවේ එයාට නොදැනීම

" මොනාහරි කිව්වා ද...?"

" අහ් අනියා..."

ටේහ්‍යුන් එහෙම කියලා ආපහු අනිත් පැත්ත හැරිලා ගියේ කලින් මුකුත් වුනේ නැ වගේ ජීසූ කොල්ලාගේ පස්සෙන් ඇවිදගෙන ගියා

To be continue...........

ක්ලාස් ඇරිලා දැන් ගෙදර ආවේ...😫

Bạn đang đọc truyện trên: AzTruyen.Top