Chapter 21 🏞️

උදේ ඇහැරුනු සනා එයාව තුරුල් කරගෙන කටත් පොඩ්ඩක් ඇරගෙන නිදාගෙන ඉන්න ජන්කූක් දිහා බලාගෙන ඉදියා ජන්කූක්ගේ නලලට වැටිලා තිබුණු කලු පැහැති ඝන කොන්ඩේ ඇගිලි තුඩු වලින් එහෙ මෙහෙ කලා සනාගේ ඇගිල්ලක් කොල්ලාගේ කම්බුල් දිගේ ඇවිත් නැවතුනේ ජන්කූක්ගේ තොල් මත සනා සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන කොල්ලාගේ යටි තොල හිමින් පිරිමැද්දා ඒත් එකපාරට කෙල්ලගේ ඇගිල්ලක් කට ඇතුලට දාගත්ත ජන්කූක් ඇස් පියාගෙනම සනාගේ ඇගිල්ල උරන්න ගත්තා සනා ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා මොකද සනා හිතුවේ ජන්කූක් තාම නිදි කියලා කෙල්ල ඇගිල්ල ඇදලා ගන්න හැදුවත් ජන්කූක් ඒකට ඉඩ දුන්නේ නැ සනාගේ ඉන වටේ අතක් යැව්වේ කෙල්ලට හෙලවෙන්නවත් බැරී වෙන විදියට

" කුක්කෝ...."

සනා කතා කරනකොට කොල්ලා සනාගේ ඇගිල්ල අතහැරියා

" බේබි.. අපි අද ඇවිදින්න යමු.."

ජන්කූක් කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගන්න ගමන් සිහින් කෙදිරිල්ලක් වගේ මිමිනුවා

" හ්ම්ම්..."

කොල්ලා සනාගේ මූන දිහා බැලුවා කෙල්ලගේ කම්බුල් යාන්තම් රෝස පැහැයට හැරිලා ඒක දැකලා ජන්කූක්ගේ දෙතොලතර සිහින් සිනාවක් මැවුනේ එයාටත් නොදැනීම කාලෙකට පස්සේ කොල්ලා දැක්කේ සනාගේ කම්බුල් රෝස පැහැයට හැරිලා තියෙනවා

" බේබ්...දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න..."

ජන්කූක් කිව්වාම කොල්ලාට කම්බුලට කිස් එකක් දීපු සනා ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගියා කොල්ලා සනා කිස් කරපු කම්බුලත් අල්ලාගෙන යාන්තම් හිනා වුනා ජන්කූක් සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන ඇදෙන් බැහැලා ජනේලය ලගට ගියා

" අයිෂ්....මූ ෆෝන් ඕෆ් කරගෙන මොන මගුලක් කරනවාද..?"

කොල්ලා කෝල් කලේ ටේහ්‍යුන්ට ඒත් ටේහ්‍යුන්ගේ ෆෝන් ඕෆ් වෙලා ජන්කූක් කිහිප වතාවක් ටේහ්‍යුන්ට කෝල් කරත් කොල්ලාගේ ෆෝන් ඕෆ් ඒ නිසා ජන්කූක් ජිමින්ට කෝල් කලා ටික වෙලාවක් රින්ග්ස් යනකොට ජිමින් ආන්සර් කලා

" යෙබුස්සයෝ ජිමින් හියුන්ග්..."

" යෙ..යෙබුස්සයෝ...කුකී..මොකද හදිස්සියේම කතා කලේ ප්‍රශ්නයක් ද.. සනා හොදින් නේද "

" ප්‍රශ්නයක් නැ හියුන්ග් සනා හොදින්...ඒත් හියුන්ග් ප්‍රශ්නෙක වගේ කටහඬ අමුතුයි මොකද වුනේ.."

ජිමින් කතා කරනකොට කොල්ලාට වෙනසක් තේරුනා

" අහ්..අනියා ජන්කූක් මට ප්‍රශ්නයක් නැ දැන් කියපන් උබ මොකද මට හදිස්සියේ කතා කලේ සනා උබට පයින් ද කොස්සෙන් ද ටේබල් ලෑම්ප් එකෙන් ද සෝස්පන් එකෙන් ද මල් වාස් එකෙන් ද ගැහුවේ...?"

ජිමින් කිව්වේ සනාට තරහ ගියාම සාමාන්‍යයෙන් ජන්කූක්ට ගහන දේවල් මතක් කරමින්

" අයිෂ්...හියුන්ග් සනා මට ගැහුවේ නැ තමුසෙගේ පිටසක්වල හාල්මේට් ෆෝන් ඕෆ් කරගෙන මම විසිපාරක් විතර ඒ පිටසක්වලයාට කෝල් කලා.."

" ඌ...වැඩක වෙන්න ඇති මම පස්සේ උබට කතා කරන්නම් සනා එක්ක පරිස්සමින් හිටපන් "

ජිමින් එහෙම කියලා කෝල් එක කට් කලේ ජන්කූක් තවත් මුකුත් කියන්න කලින් ජිමින් මොනාහරි හංගන්න හදනවා කියලා කොල්ලාට හොදටම තේරුනා කොල්ලා ජිමින් ගැන කල්පනා කරමින් හිටපු ජන්කූක් මේ ලෝකෙට ආවේ බාත් රූම් එකේ දොර ඇරෙන සද්දේ ඇහිලා සනාගේ ලගට ගියපු ජන්කූක් කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දුන්නා

" පහලට ගිහින් කන්න ම්ම්..."

ජන්කූක් බාත් රූම් එකට ගියා සනා කොන්ඩෙත් පීරගෙන පහලට යනකොට මේඩ්ලා කෑම ඔක්කොම dinning table එකෙන් තියලා ලෑස්ති කරලා තිබුනා හැමෝටම පුංචි හිනාවකින් සංග්‍රහ කරපු සනා dinning table එකෙන් වාඩිවුනා ටිකකින් ජන්කූක් ඇවිත් dinning table එකෙන් වාඩිවෙලා කෑම කන්න පටන් ගත්තා ඊට පස්සේ ජන්කූක් සනා එක්ක ඇවිදින්න ගියා

______________________________

" තමුසේ මොන කෙසෙල් ඇවරියකට අර හැල්මොනිට මම තමුසෙගේ වයිෆ් කියලා කිව්වේ.."

" එහෙම නැත්නම් මට තමුසේ කියන්නේ ජනාධිපතිගේ දුව එක්ක සදපානේ පැනලා ආවා කියන්න කියලා ද..?"

" මම කොහෙද තමුසේ එක්ක පැනලා ආවේ තමුසෙගේ ඔලුව කොහේහරි වැදුනා ද..?"

" අයිෂ්....කා එක පෙරලුනු වෙලාවේ තමුසෙගේ කට කොහේහරි වදින්න තිබුණේ පුදුම කියවිල්ලක් නේ මේක "

ජීසූ පුලුවන් උපරිමයෙන් ටේහ්‍යුන්ට රැව්වත් කොල්ලා නම් ඒක සතපහකට ගනන් ගත්ත පාටක් නම් පේන්න තිබුණේ නැ

" අප්පා....බය වෙලා ඇති ටේ අපි මොකද කරන්නේ...?"

ජීසූ ඇහුවේ පුංචි ඇද උඩින් වාඩිවෙන ගමන් මැටියෙන් හදලා තිබුණු පුංචි ගෙදරක ටේසෝ දෙන්නා මේ වෙලාවේ ඉන්නේ කෙල්ල වාඩිවෙලා හිටපු ඇදේ ලී දාලා ඊට උඩින් රෙද්දක් දාලා තිබුණේ ටේහ්‍යුන් කෙල්ල ලග බංකුවක් තියාගෙන වාඩිවෙලා හිටියේ

" මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැ අනික දැම්ම අපිට මෙහෙන් යන්න පුලුවන් කමක් නැ තමුසෙට තුවාලත් වෙලා තියෙන්නේ "

ටේහ්‍යුන් කිව්වේ කෙල්ලගේ තුවාල වුනු කකුල දිහා බලන ගමන්

" ටේ....මට අප්පාට කතා කරන්න විදියක් නැද්ද..?"

ජීසූ ඇහුවේ ඇස් වලින් පනින්න පොරකන කදුලු පාලනය කරගෙන කෙල්ලට දැන් ඕන කාටහරි තුරුල් වෙලා කෑගහලා අඩන්න විනාඩි කිහිපයක් තුල සිද්ධ වුනු දේවල් කෙල්ලට හොදටම වැඩියි

" අපි බලමුකෝ ම්ම්ම්.."

ටේහ්‍යුන් කෙල්ලගේ ඔලුව අතගෑවා ජීසූට මේ දේවල් හුරු නැ කියලා ටේහ්‍යුන් දන්නවා කොල්ලා ජීසූව තුරුල් කරගත්තා කෙල්ල ටේහ්‍යුන්ට තුරුල් වෙලා අඩන්න පටන් ගත්තා

.
Flashback

කා එක පල්ලමට පෙරලිලා යනකොට ටේහ්‍යුන් ජීසූ ඇදගෙන කා එකෙන් එලියට පැන්නා දෙන්නා එක්කම පල්ලමට පෙරලිලා ගියා ටේහ්‍යුන්ගේ අත් අතරේ පුංචි පූස් පැටියෙක් වගේ ජීසූ තුරුල් වෙලා හිටියේ දෙන්නා පහලට පෙරලිලා ගිහින් විනාඩි කිහිපයක් යනකොට විශාල ශබ්දයක් එක්ක කා එක පිපිරිලා ගියා ටේහ්‍යුන් කෙල්ලව එයාගේ පපුව අස්සේ හංගගත්තා

ටිකකින් කොල්ලා ජීසූ දිහා බලනකොට කෙල්ලගේ ඇස් වල කදුලු බිදු දිලිසෙනවා

" ඔයා හොදින් ද...?"

ටේහ්‍යුන් අහනකොට කෙල්ල ඔලුව වැනුවේ එයා හොදින් කියලා අහවන්න කොල්ලා ජීසුගෙන් ඈත් වෙලා නැගිටලා කෙල්ලවත් නැගිට්ටුවා ඒත් එක්කම ඇහුනේ කෝටුවක් කැඩෙන සද්දයක් කෙල්ල බය වෙලා වගේ ටේහ්‍යුන් දිහා බැලුවා

" ටේ...."

" ශ්ශ්ශ් බය වෙන්න එපා.."

කොල්ලා එහෙම කියලා කෙල්ලව තුරුල් කරගෙන ගහක් පිටිපස්සේ හැංගුනා ජීසූගේ හදවත ගැහෙන සද්දේ කොල්ලාට ඇහෙනවා කොච්චර කියෙව්වත් මේ වෙලාවේ කෙල්ල හොදටම බය වෙලා ඉන්නේ කියලා කොල්ලාට තේරුනා

" උන් දෙන්නා අතන හැංගිලා ඉන්නේ..."

එක පුද්ගලයෙක් ගැඹුරු හඩකින් කෑගහලා කියනකොට ටේහ්‍යුන් කෙල්ලගේ අත තද කරලා අල්ලාගෙන දුවන්න පටන් ගත්තා

" අල්ලගනින්...."

ටේහ්‍යුන් රූස්ස ගස් අතරින් කෙල්ලගේ අතින් අල්ලාගෙන දුවගෙන ගියා ඒත් එක්කම ජීසූගේ ලගින් ගියපු බුලට් එකක් ගිහින් ගහක වැදුනේ ගහක පතුරක් ගැලවිලා යන්න ඒ දෙයින් කෙල්ල තවත් බය වුනා කොල්ලා දුවන ගමන් පිටිපස්ස හැරිලා බැලුවා

" දුවලා යන්න ජීසූ..."

" ටේ..."

" කිව්වාම දුවලා යනවා..."

ටේහ්‍යුන් එතැන නවතිනකොට ජීසූ දුවලා ඉස්සරහට ගියා බිම තිබුණු පොල්ලක් අතට ගත්ත ටේහ්‍යුන් තමන්ගේ පැත්තට එන මිනිස්සු දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්

" වරෙන්..."

" මූව ඉවරයක් කරපන්..."

එහෙම කියනකොට එක මනුස්සයෙක් ටේහ්‍යුන් පැත්තට කිනිස්සක් උස්සගෙන දුවගෙන එනකොට කොල්ලා ඒ මනුස්සයාගේ ඔලුවට පොල්ලෙන් ගැහුවා ඒ මනුස්සයා එක පාරින් සිහිය නැතුව පොලොව බදාගත්තා ඒ දිහා බලාගෙන හිටපු තව දෙන්නෙක් දුවගෙන ආවා ටේහ්‍යුන් පොල්ල කරකවලා එකෙක්ගේ ඔලුවට ගහන ගමන් උඩ පැනලා අනිත් එකාට පයින් ගැහුවා ටේහ්‍යුන් පොල්ල පැත්තකට විසි කරලා ටයි එක ගලවලා අතේ ඔතාගත්තා බෙල්ලත් දෙපැත්තට හරවන ගමන් ඉතුරු වෙලා ඉන්න මිනිස්සු දිහා බලාගෙන අතින් සන් කලේ වරෙන් කියන ගමන්

යක්ෂයා අවේස වෙලා දුවගෙන ආපු මනුස්සයෙක්ගේ බඩට අත මිට මොලවා ගැහුවේ ඌ එතැනම බඩ අල්ලාගෙන බිම වැටුනා ටේහ්‍යුන් ඊලගට දැක්කේ තමන්ගේ පැත්තට ගන් එක ඒම් කරගෙන ඉන්න මනුස්සයෙක් ඒ මනුස්සයා ටේහ්‍යුන්ට වෙඩි තිබ්බත් කොල්ලා බුලට් එක වදින්න කලින් පහත් වුනා ටේහ්‍යුන් ඒ මනුස්සයාගේ අතට පයින් ගැහුවේ ගන් එක උඩින් විසි වෙලා ගිහින් බිම වැටෙද්දී ඒ මනුස්සයා දිහාට කට කොනින් හිනාවක් දාපු ටේහ්‍යුන් කකුල උස්සලා ගැහුවේ පුද්ගලයෙක්ගේ දුර්වලම ස්ථානයට බිම වැටිලා තිබුණු ගන් එක ගත්ත ටේහ්‍යුන් ඒ මනුස්සයාගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තිබ්බා

" ඕ ශිට්..."

ටේහ්‍යුන් ගන් එක අරගෙන ජීසූ ගියපු පැත්තට දුවගෙන ගියේ ඒ පැත්තට මනුස්සයෙක් යනවා දැක්ක නිසා

ජීසූ බිම වැටිලා කොල ගොඩේ පිටිපස්සෙන් පිටිපස්සට යන ගමන් බලාගෙන හිටියේ තමන් දිහාට කෑදර බැල්ලමක් දාගෙන ඉන්න මනුස්සයා දිහා කෙල්ලගේ නිරාවරණය වෙලා තියෙන කකුල් දිහා බලාගෙන ඒ මනුස්සයා ජීසූට කිට්ටු වුනා

" ම්..මගේ...ල..ලගට එ..න්න.. එපා.."

කඩාගෙන වැටෙන කදුලු මැද්දේ වෙව්ලන කටහඩින් කිව්වා ඒත් ඒ මනුස්සයාට ජීසූ කියන දේවල් ඇහෙන්නේ නැති හැඩයි

" කොහොමත් මැරෙන එකේ මම තමුසෙගෙන් පොඩ්ඩක් විනෝද වුනාම මොකද "

ඒ මනුස්සයා එහෙම කියන ගමන් තොල් තෙත් කරන ගමන් කෙල්ලගේ පැත්තට පහත් වුනා කෙල්ලගේ කකුලෙන් ඒ මනුස්සයා අල්ලද්දී කෙල්ල කෑගැහුවා ජීසූ අනිත් කකුලෙන් ඒ මනුස්සයාගේ මූනට ගහලා නැගිට්ටා ඒත් කෙල්ලට දුවන්න ලැබුනේ නැ ජීසූගේ දනහිසත් තුවාල වෙලා තිබුණේ ඒ නිසා ඒ මනුස්සයා කෙල්ලව අල්ලාගෙන ලග තිබුණු ගහකට තද කරගත්තා

" මාව අතහරිනවා..."

ජීසූ දගලන ගමන් කිව්වා ඒත් ඒ දරදඩු අත් වලින් බේරෙන එක කෙල්ලට ලේසි වුනේ නැ

" අතහරින්න නෙවෙයි කෙල්ලේ අල්ලගත්තේ..."

මනුස්සයා අමුතු හිනාවක් දාගෙන කෙල්ල මූනට පහත් වෙනකොට කෙල්ලගේ දැගලිල්ල වැඩි වුනා ඒත් එක්කම ඇහුනේ වෙඩි හඩක් ජීසූ අල්ලාගෙන හිටපු මනුස්සයා පන නැතුව බිම වැටෙනකොට කෙල්ල ඔලුව උස්සලා බැලුවේ ගන් එක දික් කරගෙන ඉන්න ටේහ්‍යුන් දිහා

" තමුසේ හොදින් ද..?"

ටේහ්‍යුන් එහෙම ඇහුවේ කෙල්ලගේ ලගට එන ගමන් ජීසූ ඔව් කියන්න ඔලුව වැනුවා

" ඔය හින්දා තමයි තමුසෙට ෆයිටින් ඉගෙනගන්න කිව්වේ..."

ජීසූ ඒකට මුකුත් කිව්වේ නැ වෙනදාට කච කච ගගා කියවන කෙල්ල අද ගොඩක් නිහඩ වෙලා කියලා ටේහ්‍යුන්ට හිතුනේ

" යමු...."

ටේහ්‍යුන් එහෙම කියලා ජිසූගේ අතින් අල්ලාගෙන ඉස්සරහට ගියා ජීසූ ඇවිදින්නේ අමාරුවෙන් කියලා කොල්ලාට තේරුනු නිසා කෙල්ලව වඩාගත්තා

" යාහ්හ් මොකද මේ..."

කෙල්ල ඇහුවේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් මුකුත් නොකියා කෙල්ලව වඩාගෙන ඉස්සරහට ගියා ජීසූ කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගෙන ටේහ්‍යුන්ගේ මූන දිහා බලාගෙන හිටියා ටිකක් දුර එනකොට එයාලාට හම්බුනේ පොඩි ගමක් ඒ වෙනකොට මධ්‍යම රාත්‍රිය උදා වෙමින් පැවතුනා

ටේහ්‍යුන් ජීසූ එක්ක ගමට ඇතුල් වුනා එක ගෙදරක හැල්මොනී කෙනෙක් ඉස්සරහ වාඩිවෙලා පොඩි වංගෙඩියක දාගෙන මොනාද කොටනවා ලාම්පුවෙන් තමයි අදුර මැකුනේ

" හැල්මොනි...."

කොල්ලා ජීසූ වඩාගෙන හැල්මොනි ලගට ඇවිත් කතා කලා හැල්මොනි දෙන්නා දිහා බැලුවා

" හැල්මොනි අපි දෙන්නාට පොඩි කරදරයක් වුනා හැල්මොනිට ප්‍රශ්නයක් නැත්නම් අද රෑට මෙහේ ඉන්න ද...?"

ටේහ්‍යුන් දෙගිඩියාවෙන් වගේ ඇහුවා

" මේ දරුවාට තුවාල වෙලා..."

හැල්මොනි කිව්වේ ජිසූගේ තුවාල වෙලා තියෙන දනහිස දිහා බලාගෙන

" එන්න දරුවෝ ඇතුලට.."

හැල්මොනී කිව්වාම ටේහ්‍යුන් ජීසුව ඇතුලට එක්කගෙන ගිහින් එතැන තිබුණු පුටුවකින් වාඩිකලා හැල්මොනී ජීසූගේ තුවාලයට බෙහෙත් දැම්මා

" හැල්මොනි තනියෙම ද ඉන්නේ...?"

ජීසූ ඇහුවේ වටපිට බලන ගමන්

" යේ... දරුවෝ.. "

" එතකොට හැල්මොනිට ලමයි නැද්ද..?"

ඒ ප්‍රශ්නේ ටේහ්‍යුන්ගෙන්

" මට පුතෙක් හිටියේ නගරෙට ගියා ඉගෙනගන්න කියලා ඊට පස්සේ ආපහු අවුරුදු ගානක් යනකම් මාව බලන්න ආවේ නැ අවුරුදු ගානකට පස්සේ තව ගෑනු දරුවෙක් එක්ක ආවා මාව බලන්න එතකොට ඒ ගෑනු දරුවාට මගේ පුතාගෙන් දරුවෙක් ලැබෙන්න හිටියා එයාලා දවසක් ඉදලා ආපහු නගරෙට ගියා ඒ දුවට මේ පරිසරය හුරු නැති නිසා ඊට පස්සේ කවදාවත් මාව බලන්න ආවේ නැ..."

හැල්මොනිගේ ඇස් වල කදුලු පිරෙනවා ජීසූ හොදටම දැක්කා

" මියානේ හැල්මොනි අපි ඔයාගේ හිත රිදෙව්වා නම් "

ජීසූ කිව්වා

" කමක් නැ දරුවෝ.....මම දෙයක් අහන්න ද"

" මොකද්ද හැල්මොනි..."

" ඔය දරුවෝ දෙන්නා..........."

" යේ හැල්මොනි අපි මැරි කරලා ඉන්නේ මේ මගේ වයිෆ් ජීසූ...."

හැල්මොනි මොකද්ද අහන්න යන්නේ කියලා තේරුනු ටේහ්‍යුන් මැදින් පැනලා කිව්වා ජීසූ කටත් අක්කරයක් විතර ඇරගෙන කොල්ලා දිහා බලාගෙන ඉදියේ මාව කවද්ද තමුසේ මැරි කලේ කියලා අහන්න වගේ

" හරි දරුවෝ.....ඔය දෙන්නාට කැමති කාලයක් මෙහේ ඉන්න පුලුවන් මමත් තනියෙන් නේ ඉන්නේ.."

හැල්මොනි හිනාවක් එක්ක කිව්වාම ජීසූ ටේහ්‍යුන් දිහා බලලා රැව්වා

Flashback Over

To be continue...........

නෙක්ස්ට් චැප්ටර් එකෙන් හමුවෙමු
වෝට් කමෙන්ට් කරන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top