Chapter 20 😞

සනා රූම් එකේ තිබුණු couch එකේ වාඩිවෙලා වෙලා බලාගෙන හිටියේ පැයක් විතර තිස්සේ ඉදන් යූරා එක්ක කතා කරන ජන්කූක් දිහා කෙල්ල අත් දෙකත් බැදගෙන හිටියේ දැන් නැතුවට දැන් හරි ඔය කෝල් එක ඉවර වෙයි කියලා සනාට හොදටම කේන්ති ගිහින් හිටියේ

අයිෂ්....දැන් කීයේ ඉදන් ද මේ කතා කරන්නේ...? මේ මිනිහාට මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගානක් නැතුව කතා කරන ලස්සන...අර මොන සෙද්දකට ද හිනා වෙන්නේ...? කෑම එකත් පැත්තකට දාලා ඇවිල්ලා යූරා එක්ක හුරතල් වෙන ලස්සන...

කේන්තියටත් එක්කම සනාගේ ඇස් වල කදුලු පිරිලා තිබුණේ කොච්චර මොන දේ වුනත් සනාගේ හිතේ යූරා ගැන වැඩි කැමැත්තක් තිබුණේ නැ කෙල්ලගේ හිතේ කොනක හැමදාම වගේම තිබුනා යූරා ජන්කූක්ව එයාගෙන් ඈත් කරයි කියලා

ජන්කූක් කෙල්ල දිහා බලද්දී දැක්කේ ඇස් වල කදුලු පුරවගෙන තමන් දිහා බලාගෙන ඉන්නවා කොල්ලා සනා දිහා බැලුවා කියලා දැක්ක කෙල්ල ෆෝන් එක දිහා බලාගත්තා සනාගේ එහා පැත්තේ තිබුණු චොකලට් බොක්ස් එකෙන් චොකලට් එක කෑල්ලක් අරගෙන එලියට හිටින විදියට දත් වලින් අල්ලගත්තා කෙල්ල ෆෝන් එක දිහා බලාගෙන වැඩක් වගේ හිටියා  සනා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කූක් කෝල් එක කට් කරලා ෆෝන් එක එතැන තිබුණු කබඩ් එක උඩින් තියලා කෙල්ල ලගට ඇවිත් සනාගේ නිකටෙන් ඉස්සුවා

සනාගේ දත් අතර රැදිලා තියෙන චොකලට් කෑල්ල ජන්කූක්ගේ කටට ගන්න ගමන් කෙල්ලගේ තොල් සිපගන්න පටන් ගත්තා කොල්ලා එක්ක කේන්තියෙන් හිටපු සනා කොල්ලාගෙන් ඈත් වෙන්න හැදුවත් ජන්කූක් ඒකට ඉඩ දුන්නේ නැ හැමදාම වගේ සනා ජන්කූක්ගේ ස්පර්ශයන්ට අවනත වෙනවා කොල්ලාගේ සනාගේ අතේ තිබුණු ෆෝන් එක පැත්තකින් තියලා කෙල්ලව උස්සලා ගත්තේ හාදුව විනාඩියකටවත් බිදින්නේ නැතුව

මල් පෙත්තක් වගේ කෙල්ලව ඇදෙන් තියපු ජන්කූක් තොල් වලින් ඈත් වෙලා පියවුනු ඇස් වලට පුංචි කිස් දෙකක් තිබ්බා සනා ඇස් ඇරලා කොල්ලා දිහා බලාගෙන ඉදලා ජන්කූක්ව ඈත් කලා

" තමුසේ එහාට වෙනවා....මම තමුසෙව අදුරන්නේ නැ.. තමුසේ කවුද..?"

සනා කොල්ලාව තල්ලු ඇදෙන් බැස්සේ කේන්තියෙන් යූරා එක්ක කතා කරපු විදිය මතක් වෙනකොට සනාට ජන්කූක්ට නියගලා අලයක් කවලා ඉගුරු දාපු තේ එකක් පොවලා තට්ටු 38 උස බිල්ඩින් එකකින් පහලට තල්ලු කරන්න හිතුනා කෙල්ල අත් දෙකත් බැදගෙන glass window එක  බැසගෙන යන හිරු දිහා බලාගෙන හිටියේ ජන්කූක් සනාගේ ලගට ගිහින් බැක් හග් කලා

" මාව අතහරිනවා.....මම තමුසෙට කියන්නේ.. යාහ්හ් අතහරිනවා ජොන් ජන්කූක්..."

සනා කොච්චර දැගලුවත් කොල්ලාගේ ග්‍රහනයෙන් මිදෙන්න පුලුවන් වුනේ නැ දගලලා දගලලා බැරිම තැන සනා මූනත් පුම්බගෙන හිටියා ජන්කූක් කෙල්ලගේ කොන්ඩේ එක පැත්තකට කරලා බෙල්ලට කිස් එකක් දීලා බෙල්ල අස්සේ මූන හංගගත්තා

" ම්ම්ම්..සුවදයි..."

ජන්කූක් ගැඹුරු හඩකින් මිමිනුවා ඒත් සනා ඒක නෑහුනු ගානට සනා හිටියා

" බේබි.. අහන්නකෝ.."

ජන්කූක් කෙල්ලගේ බෙල්ල අස්සෙන් මූන අරගෙන සනාගේ කම්බුලට කිස් එකක් දුන්නා සනා අහක බලාගත්තා

" යූරාව අස් කරන්න..."

සනා ස්ථිර හඩකින් කිව්වා

" මොහ්...."

" වේ බැරි ද.."

සනා නෝන්ඩියට වගේ කට කොනින් හිනා වෙන ගමන් ඇහුවා කෙල්ලගේ ඉනේ රැදිලා තිබුණු ජන්කූක්ගේ අත් ලිහිල් වෙද්දී සනා කොල්ලාව ඈත් කරලා කොල්ලාගේ පැත්තට හැරුනා

" බැ නේද.. යූරාව අස් කරලා කොහොමද නේද යූරා නැති වුනොත් ඔෆිස් එකේ ෆක් කරන්න කෙනෙක් නැ නේ...උප්ස්..වැරදුනා යූරා නැත්නම් වෙන කවුරුහරි හොයාගනියි නේ ජොන් ජන්කූක්ගේ හැටි එහෙමයි නේ.."

" සනා..."

" මොකද.. මම කිව්වේ ඇත්ත නේ එදා මම ඉදිද්දී ඩැඩී කියාගෙන ඇවිත් කරේ එල්ලු නේ තමුසෙත් කිසිගානක් නැතුව හිටියේ මට අමතක වෙලා කියලා ද හිතුවේ යනවා ඉතින් යූරා එක්ක ෆක් කරනවා..."

ජන්කූක් සනා කියන දේවල් හැමදේම අහගෙන හිටියේ බොහොම ඉවසීමෙන් ඒත් සනා අන්තිම ටික කියද්දී කොල්ලාගේ ඉවසීම පැන්නා ජන්කූක් කෙල්ලව පිටිපස්සට තල්ලු කරපු පාර කෙල්ල glass window එකේ හැප්පුනා කෙල්ලගේ කොන්ද තදින් වැදුනු නිසා සනාගේ ඇස් වල හිර වෙලා තිබුණු කදුලු බිදු කම්බුල් දිගේ ගලාගෙන ගියා ලග තිබුණු ස්ටූල් එකට පයින් ගහපු ජන්කූක් කෙල්ල දිහා බැලුවේ කේන්තියෙන්

" තමුසේ මොකද්ද කියන්න හදන්නේ...? මම තමුසෙව රවට්ටනවා කියලා ද අහනවා සනා මම තමුසෙට කලිනුත් කියලා තියෙනවා මාත් එක්ක ඕන තරම් කෙල්ල ඉදලා තියෙනවා ඒත් තමුසේ හම්බුනාට පස්සේ හැමදේම වෙනස් වුනා තමුසේ එක්ක විතරයි මම හිටියේ.. දැන් එතකොට ප්‍රශ්නේ යූරා නේ යූරා ලබන මාසේ මැරි කරන්න ඉන්නේ ඊට පස්සේ යූරා ජොබ් එකෙන් අයින් වෙනවා කිව්වා යූරාගේ හිතේ මං ගැන අදහසක් තිබ්බා මම නැ කියන්නේ නැ දැන් යූරා කතා කලේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙලා.. තමුසෙට මං ගැන පොඩි හරි විශ්වාසයක් නැද්ද හැමදාම තමුසේ ඕක නේ කරේ පොඩි දෙයක් අල්ලාගෙන ලොකු කරගෙන නටනවා තමුසෙගේ මේ විකාර ඇති වෙලා ඉන්න බැරි නම් යනවා.."

ජන්කූක් කේන්තියෙන් කියාගෙන ගිහින් අතින් නලල මිරික ගත්තා කොල්ලා හිටියේ සනාට පිටුපාලා කෙල්ල තාමත් හිටපු විදියටම ඉදගෙන කොල්ලාගේ දිහා බලාගෙන හිටියා කොන්දෙන් දැනෙන වේදනාවටත් වඩා ජන්කූක්ගේ වචන කෙල්ලට ගෙනාවේ වේදනාවක් නොනවත්වා කදුලු ගලාගෙන කම්බුල් දිගේ ගලාගෙන යනවා

" ම්..මාව... එ..එ..පා..ද..?"

අන්තිමේ දී හුස්මක් අරගෙන වෙව්ලන කට හඩකින් ඇහුවා ජන්කූක් බෙල්ල හරවලා කෙල්ල දිහා බැලුවා සනා රූටලා ගිහින් බිම ඉන්දුනා ජන්කූක් ඒකට උත්තරයක් දුන්නේ නැ

" මි...මියානේ.. ම්..ට.. කේන්ති.. ගියා.. යූ..රාට ම්..ම කැමති නැ.. මම හැමදාම කියනවා වගේ මට ඔයාව විශ්වාසයි.. ඒත්..ඒ..ත්.. මට යූරා ගැන විශ්වාස නැ...ඔ..ඔයාට කරදරයක් වෙන්න මට ඕන නැ.. තමන්ගේ දරුවාව පරිස්සම් කරගන්න බැරි ගෑනියෙක්ගෙන් වැඩක් තියෙද..?"

සනා අන්තිමට එහෙම කිව්වාම ජන්කූක් එකපාරට කෙල්ලගේ පැත්තට හැරුනා කකුල් දෙකත් තුරුල් කරගෙන ඉකි ගසමින් අඩන සනාගේ ඉස්සරහින් දන ගහපු ජන්කූක් කෙල්ලගේ කම්බුල් අල්ලගත්තා

" මොනාද කියන්නේ අහ්.. මම කිව්වා නේ ඒකට තමුසෙගේ වරදක් නැ මටත් කේන්ති ගියා.. තමුසේ එහෙම කියද්දී.. තමුසේ මගේ හුස්ම තමුසේ නැතුව මම කොහොමද ඉන්නේ. යූරා හින්දා අපි අතර ප්‍රශ්න ඇති වුනු පලවෙනි වතාව මේක නෙවෙයි තමුසේ හැමදාම මගේ කේන්තිය අවුස්සන්නේ.. ඊට පස්සේ මම මොනාද කියන්නේ මම දන්නේ නැ මම කේන්ති ගිහින් කියපු දේවල් හිතන්න එපා ශ්ශ්ශ්.....දැන් අඩන්න එපා.. කෝ බේබි මගේ දිහා බලන්න.. ඔයාගේ වරදින් නෙවෙයි champ නැති වුනේ ආපහු එහෙම කියන්න එපා.."

ජන්කූක් එහෙම කියන ගමන් කෙල්ලගේ කම්බුල් වල තිබුණු කදුලු පිසදැම්මා ඒත් කෙල්ල තාමත් කදුලු පුරවගෙන ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා කොල්ලා සනාගේ ඔලුව අතගාලා කෙල්ල දිහා බලාගෙන හිටියා සනා ආපහු අඩන ගමන් ජන්කූක්ට තුරුල් වුනා කොල්ලා තව පොඩ්ඩෙන් බැලන්ස් නැතුව සනා එක්කම බිම වැටෙනවා ජන්කූක් කෙල්ලගේ ඔලුව එක අතකින් අතගාන ගමන් අනිත් අතින් කෙල්ලගේ පිට අතගෑවා

" දැන් ඇති බේබි... මේ දවස් ටිකේම ඇඩුවා..මාත් මගේ බේබිව ඇඩෙව්වා නේ ශ්ශ්ශ්...කෝ අඩන එක නවත්තන්න.."

කොල්ලා කියනකොට සනා අඩන එක නැවැත්තුවා  ජන්කූක් කෙල්ලගේ උරහිසට කිස් එකක් දීලා සනා එක්කම නැගිට්ටා

" ගිහින් වොෂ් එකක් දාගෙන එන්න..."

සනා ඔලුව වනලා කොන්දත් අල්ලාගෙන යන්න හදනකොට කොල්ලා සනාව නැවැත්තුවා

" බේබ්...."

ජන්කූක්ට දැන් තමයි මතක් වුනේ එයා තල්ලු කරපු පාර සනාගේ කොන්ද වැදුනා කියලා කොල්ලා සනාගේ ටී ශර්ට් එක උස්සලා බලනකොට කෙල්ලගේ කොන්ද වැදුනු තැන රතු වෙලා සනාව ඇදෙන් ඉන්දවපු ජන්කූක් කලබලයෙන් රූම් එකෙන් එලියට ගියා

විනාඩි කිහිපයකින් බාම් එකකුත් අරගෙන ජන්කූක් රූම් එකට ආවා

" හැරෙන්න.."

ඇදේ හාන්සි වෙලා හිටපු කෙල්ලට කිව්වාම සනා අනිත් පැත්ත හැරිලා හාන්සි වුනා සනාගේ ටී ශර්ට් එක උස්සපු ජන්කූක් කෙල්ලගේ කොන්දේ බාම් ගෑවා

" බේබ්...."

ජන්කූක් සනාට කතා කලත් කෙල්ලට ඒ වෙනකොටත් නින්ද ගිහින් තිබුණේ කොල්ලාත් සනා ලගින් හාන්සි වෙලා දෙන්නාම වැහෙන්න බ්ලැන්කට් එක පෙරෙව්වා සනා නින්දෙන්ම ජන්කූක්ට තුරුල් වෙද්දී කොල්ලාත් සනාව එයාගේ උනුසුම් පපුවට තුරුල් කරගෙන හිස්මුදුනට හාදුවක් තැවරුවා

" මියානේ...සනා.."

කොල්ලා සනාගේ කනට මුමුනලා කෙල්ලගේ කොන්ඩේ අතරේ අතක් යැව්වා ටික වෙලාවක් යනකොට ජන්කූක්ටත් එහෙම්ම නින්ද ගියා

________________________

මුලු කොරියාව පුරාම ටේසෝ ඇක්සිඩන්ට් එකකින් මිය ගියා කියලා ඉතා ඉක්මනින් පැතිරෙන්න ගත්තා ඒ අතරේ ටේහ්‍යුන් ජීසූ අතරෙයි සම්බන්ධයක් තිබුනා කියලා ඇතැම් අය කිව්වා මේ වන විට blue house එකේ එකම යුද්ධයක් ජනාධිපතිතුමා කලබල වෙලා එලියට යන්න හැදුවත් ආරක්ෂකයෝ ඒකට ඉඩ දුන්නේ නැ එලියේ තත්ත්වය ඒ තරම් හොද වුනේ නැ මිස් චෝයි සෝයා අඩනවා

" සර්...සර් කලබල කරන්න එපා මිස් හොදින් ඇති.."

යුග්යොම් ජනාධිපතිතුමා ලගට ගිහින් කිව්වා

" තමුසේ කොහොමද එහෙම කියන්නේ...."

" ටේහ්‍යුන් සර් එක්ක නේ මිස් ගියේ ඒ නිසා අනිවාර්යයෙන් මිස් හොදින් ඇති.."

" එහෙනම් මගේ දරුවා කොහෙද..?"

ජනාධිපතිතුමා ඒ ඇහුව දේට යුග්යොම් නිහඩ වුනා මොකද යුග්යොම් ලග ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් තිබුණේ නැ ඒත් එක්කම ජනාධිපතිතුමාට කෝල් එකක් ආවා ජනාධිපතිතුමා කෝල් එක ආන්සර් කලේ ඒ ජීසූ වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරන ගමන්

" යෙබුස්සයෝ ජනාධිපතිතුමානි මට ආරංචි වුනා ජනාධිපති දියනිය තම ආරක්ෂකයා සමග පෙම් සුව විදින්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා මැරුනා කියලා "

" තමුසේ...."

" තරහ ගන්න එපා ජනාධිපතිතුමානි මම කලින් කිව්වා නේ වයිෆ් ගියපු තැනටම ඉක්මනට දුවවත් යවන්නම් කියලා ඔන්න මම කිව්ව විදියටම කලා.."

මින්හුක් වියරුවෙන් වගේ හිනා වෙන ගමන් අන්තිම ටික කිව්වේ

" අපේ ප්‍රශ්න වලට මගේ දුව ගාව ගත්තේ මොකටද "

" හහ්.. තමුසෙයි මේක පටන් ගත්තේ මතක ද අවුරුදු ගානකට කලින් තමුසේ කරපු දේ හින්දා මගේ වයිෆ් suicide කරගත්තේ මගේ පුතාට ඔම්මා කෙනෙක් නැති වුනා මගේ පුතා ගොඩක් දුක් වින්දා තමුසේ ඒ හැම වේදනාවක්ම විදින්න ඕන මම තමුසෙව නැති කරලා මේක ඉවර කරන්නේ ජනාධිපතිතුමානි දැන් ගිහින් දුවගේ අවසන් කටයුතු ලෑස්ති කලොත් හොදයි නේද "

ජනාධිපතිතුමා මොනාහරි කියන්න ගියත් මින්හුක් කෝල් එක කට් කලා ජනාධිපතිතුමා කේන්තියෙන් ෆෝන් එක පොලොවේ ගැහුවේ හැමෝම නිශ්ශබද වෙද්දී

" මගේ දුවව පනපිටින් මට හොයලා ගෙනත් දෙනවා මට විශ්වාසයි එයාට මුකුත් වෙන්නේ නැතුව ඇති.."

ජනාධිපතිතුමා කොච්චර එහෙම කිව්වත් ඒ හිත බයෙන් පිරිලා තිබුණේ ජනාධිපතුමා කෑගහනකොට ගාඩ්ස්ලා විසිරිලා ගියා තමන්ගේ දුව ආරක්ෂා කරගන්න බැරි වුනා කියන හැගීම ජනාධිපතිතුමාගේ මුලු හිතම වෙලාගෙන තිබුණේ හිමින් අඩිය තියමින් ජීසූගේ රූම් එකට ගියපු ජනාධිපතිතුමා කෙල්ලගේ ඇද උඩින් වාඩිවුනා සයිඩ් ටේබල් එක උඩ තිබුණු ජීසූගේ ෆොටෝ එක අතට ගත්ත ජනාධිපතිතුමා ෆොටෝ එක පුරා ඇගිලි තුඩු ගෙනිච්චා

" ජීසූ.... මගේ පැටියෝ හැමදාම කියනවා නේ මට ඔයත් එක්ක කතා කරන්න වෙලාවක් නැ කියලා අද මම ආවා මගේ දග මල්ල එක්ක කතා කරන්න ඒත් ඔයා අප්පා ලග නැ මැනික.. කොහෙද මැනික ඔයා ඉන්නේ.. ඉන්න තැනක පරිස්සමින් ඉන්නවා නේද... කවුරු මොන දේ කිව්වත් මම දන්නවා මගේ ජීසූ ජීවත් වෙනවා කියලා.. ඉන්න තැනක පරිස්සමින් ඉන්න අප්පා මගේ මැනිකව ඉක්මනට හොයාගන්නම්..."

ජනාධිපතිතුමාගේ ඇස් වලින් වැටෙන කදුලු බිදුවක් ජීසූගේ ෆොටෝ එක මතින් වැටුනා ජනාධිපතිතුමාට මැවිලා පෙනුනේ ජීසූගේ දගකාර හිනාව මොනාහරි පන්ඩිත වැඩක් කරලා අහුවුනාම තමන්ගේ ඉස්සරහ අහිංසක විදියට ඉන්න හැටි

ජනාධිපතිතුමා හැමදාම දුක් වුනා එයාගේ දුව එක්ක ඉන්න තියෙන කාලය ටිකෙන් ටික අඩු වෙද්දී අන්තිමේ දී ජීසූ රට යැව්වාම මාසෙකට එක සැරයක් වගේ වීඩියෝ කෝල් එකකින් දකිනවා ජීසූව තුරුල් කරගෙන ආදරෙන් ඒ හිස සිබින්න ඕන වුනා ඒත් ජීසූගේ ආරක්ෂාව වෙනුවෙන් එයාව ඈත් කරලා තියන්න වුනා

ජීසූගේ හිතුවක්කාර වැඩ වලට බැන්නාම කෙල්ලට වඩා රිදුනේ එයාගේ අප්පාට ජනාධිපතිතුමා ජීසූට ගහපු අවස්ථා තියෙනවා ජීසූ අඩලා අඩලා නිදාගත්තාම හොරාට ගිහින් ඒ ගහපු තැනට බෙහෙත් දානවා

ජනාධිපතිතුමා මුලු ලෝකෙන්ම හංගගෙන ජීසූව ආරක්ෂා කරන්න වුනා කෙල්ලට පොඩි හරි සීරිමක් වෙනවාට කැමති වුනේ නැ ඉතින් එහෙම බලාගත්ත කෙල්ලව අද ජීවතුන් අතර නැ කියද්දී අප්පා කෙනෙක් විදියට ජනාධිපතිතුමා කොහොමද විශ්වාස කරන්නේ...? මුලු ලෝකෙම කිව්වත් ජීසූ ජීවතුන් අතර නැ කියලා ජනාධිපතිතුමා විශ්වාස කලා එයාගේ දග මල්ල කොහේහරි ජීවත් වෙනවා කියලා

To be continue.................

ඊලග චැප්ටර් එකෙන් හමුවෙමු
එතෙක් ඔබට සුභ දවසක්...!

Bạn đang đọc truyện trên: AzTruyen.Top