Chapter 19 💥

සනාකුක් england වල තියෙන ජීසූගේ mansion එකට ආවා ලොකු garden එකක් මැදින් ගිහින් mansion එක ඉස්සරහ කා එක නැවැත්තුවා අඩ නින්දේ ඉන්න සනාව වඩාගෙන ඇතුලට යනකොට mansion එකේ වැඩට ඉන්න මේඩ් කෙනෙක් ආවා එයාගේ පෙනුමෙන් කොරියාවේ කෙනෙක් වගේ

" Good Afternoon sir.. මම චෝයි ගිම්යොන්.... මේ mansion එකේ ප්‍රධාන සේවිකාව සර්ට මම රූම් එක පෙන්නනම් එන්න සර්.."

සේවිකාව හිනාවක් එක්ක කිව්වාම ජන්කූක් හා කියන්න ඔලුව වැනුවා සේවිකාව පෙන්නපු රූම් එකට ගියපු ජන්කූක් සනාව පරිස්සමින් ඇදෙන් තියලා බ්ලැන්කට් එක පෙරෙව්වා

" සර්ට මොනාහරි ඕන නම් කතා කරන්න "

සේවිකාව එහෙම කියලා ජන්කූක්ට ආචාර කරලා රූම් එකෙන් එලියට ගියා සේවිකාව ගියාට පස්සේ ගාඩ්ස්ලා දෙන්නෙක් බෑග්ස් ටික රූම් එකෙන් ගෙනත් තිබ්බා ජන්කූක් අත් දිග ඇරලා හිරි අරින ගමන් රූම් එක පුරා ඇස් යැව්වා ඒ රූම් එක තනිකර හදලා තිබුණේ සනා කැමති විදියට ජන්කූක් දෙතොලතර හිනාවක් රදවගෙන නිදාගෙන ඉන්න සනා දිහා බැලුවා කොල්ලා glass window එක ලගට ගිහින් කර්ටන් දෙපැත්තට කලා glass windows වලින් ඈතින් තියෙන කදු පන්ති අහස උසට විහිදිලා තියෙන ගොඩනැගිලි වේගයෙන් එහෙ මෙහෙ ඇදෙන වාහන පැහැදිලිව පේනවා

" ම්ම්ම්...."

සනා කෙදිරිගාන ඇහෙද්දී ජන්කූක් කෙල්ල දිහා බැලුවා කම්මැලිකමේ ඇස් ඇරගෙන යටි තොලත් පිට පෙරලගෙන කොට්ටෙකුත් තුරුල් කරගෙන එයාගේ දිහා බලාගෙන ඉන්න සනාව දැක්කාම ජන්කූක්ට ඉබේම හිනාවක් ගියා කොල්ලා ඇද උඩට නැගලා සනාගේ තොල් වලට පෙක් එකක් දුන්නා සනා ආපහු ඇස් පියාගෙන නිදාගන්න ලෑස්ති වුනේ

" යාහ්හ් නිදාගත්තා මදි ද..කෝ නැගිටින්න.."

ජන්කූක් බ්ලැන්කට් එක අයින් කරලා කිව්වා සනා මූන කොට්ටේ අස්සේ හංග ගත්තේ දැන්ම නැගිටින්න අදහසක් නැ කියන්න ජන්කූක් කෙල්ල තුරුල් කරගෙන ඉන්න කොට්ටෙන් ඇද්දා

" නිදාගන්න දෙන්නකෝ..."

" බැ බැ දැන් නැගිටින්න...බේබි දැන් කම්මැලි කෙල්ලෙක් වෙලා "

ජන්කූක් කොට්ටේ ඇදලා ගන්න ගමන් කිව්වා සනා මූනත් නරක් කරගෙන කොල්ලා දිහා බැලුවා

" මොකද දැන් මේ ම්ම්ම්..."

කොල්ලා සනාගේ කම්බුලක් ආදරෙන් පිරිමදින ගමන් ඇහුවා

" මට පාලුයි ජන්කුකී..."

" වේ..... "

" මගේ පැටියා නැතුව මට පාලුයි.."

සනාගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ සනා කොහොමද අමතක කරන්නේ...? මාස ගානක් එයාගේ බන්ඩියේ හිටිය පුංචි පැටියා දැන් එයා ලග නැ කියලා

" ශ්ශ්ශ්.....දැන් ඇති බේබි....ඔහොම ඇඩුවොත් බේබි අසනීප වෙයි champ කැමති නැ එයාගේ ඔම්මා අසනීප වෙනවාට අප්පා ඔම්මාව හරියට බලාගත්තේ නැ කියලා මාත් එක්කත් champ තරහ වෙයි.."

ජන්කූක් කෙල්ලගේ කදුලු ඇගිලි තුඩු වලින් පිහිදන ගමන් කිව්වා

" Champ කොහේහරි ඉදන් අපි දිහා බලාගෙන ඇති බේබි අඩනවා champ දැක්කොත් එයාට දුක හිතෙයි ඒ නිසා champ වෙනුවෙන් හිනා වෙන්න බේබි.. "

කොල්ලා සනාගේ මූනට එබිලා කියද්දී කෙල්ල හා කියන්න ඔලුව වැනුවා

" දැන් එන්න වොෂ් එකක් දාගෙන එමු.."

ජන්කූක් එහෙම කියලා සනා වඩාගෙන බාත් රූම් එකට ගියා

__________________________

උදේ වුනු සිද්ධියෙන් පස්සේ ටේහ්‍යුන් ජීසූ ඉස්සරහට ආවේ නැ කෙල්ල ටේහ්‍යුන් හෙව්වත් ජීසූට කොල්ලාව හොයාගන්න බැරි වුනා ඇත්තම කිව්වොත් ටේහ්‍යුන් blue house එකේ හිටියෙත් නැ සනාගේ ඇක්සිඩන්ට් එක ගැන ලැබුනු ආරංචියක් නිසා කොල්ලා යුග්යොම්ට ජීසූ ගැන බලන්න කියලා ගියා

" බිස්කට් කුඩු ටේ කොහෙද...?"

ජීසූ ඔය ප්‍රශ්නේ යුග්යොම්ගෙන් අහපු 39 වැනි වතාව කොල්ලාට ඕකට උත්තර දීලාම එපා වෙලා හිටියේ

" මිස් මම කිව්වේ සර් එලියට ගියා කොහෙද යන්නේ කියලා කිව්වේ නැ "

යුග්යොම් කේන්තියෙන් වගේ කිව්වා

" මම එයා ගැන ඇහුවා කියලා කියනවා එහෙම නෙවෙයි "

" හරි මිස්..."

යුග්යොම් මූනත් බෙරි කරගෙන කිව්වා ජීසූ ඇදට වැටිලා කල්පනා කලේ ටේහ්‍යුන් කොහෙද ගියේ කෙල්ල ඇදේ ඒ කොනටයි මේ කොනටයි පෙරලි පෙරලි ඉන්නවා

" එයා කෙල්ලව මීට් වෙන්න ද දන්නේ නැ ගියේ.."

ජීසූ මුනින් අතට හැරිලා සිවිලිම දිහා බලාගෙන කිව්වා

" එයාට ගර්ල් කෙනෙක් ඉන්නවා ද දන්නේ නැ "

ජීසූ අනිත් පැත්ත හැරිලා මිමිනුවා

" අයිෂ්....ජීසූ තමුසෙට මොකද්ද මේ වෙලා තියෙන්නේ ඒ වල් කොටියාට ගර්ල් කෙනෙක් හිටියත් නොහිටියත් මට මොකද එයා ගැන හිතන්න එපා ජීසූ... ඊට වඩා හිතන්න කොච්චර දේවල් තියෙනවා ද..?"

කෙල්ල ඇද උඩින් වාඩිවෙලා ඔලුවට අතින් ගහන ගමන් තමන්ටම කියාගත්තා ඒත් කෙල්ලගේ හිතට නිදහසක් නැ ඒ නිසා ජීසූ සනාට කෝල් එකක් ගත්තේ හිත නිදහස් කරගන්න හිතාගෙන ටික වෙලාවක් රින්ග්ස් යනකොට සනා කෝල් එක ආන්සර් කලා

" යෙබුස්සයෝ...හැල්මොනි පරිස්සමින් ගියාද..?"

" ඔබ ඇමතු ග්‍රාහකයා හැල්මොනි කෙනෙක් නොවන බැවින් කරුනාකර පසුව අමතන්න "

" යාහ්හ් ඔහොම ඉන්නවා කට් කරන්න එපා "

" මොකද..?"

" මුකුත් ඤැ පරිස්සමින් ගියා ද කියලා දැනගන්න කතා කලේ.."

" යේ..අපි පරිස්සමින් ආවා mansion එක ලස්සනයි "

" ලස්සන නොවි තියෙද..? මේ ජීසූගේ නේ"

ජීසූ ගැම්මෙන් කියද්දී එහා පැත්තෙන් ඇහුනේ සනාගේ හිනාව

" ඔච්චර උඩ යන්න එපා බිම වැටිලා උබේ කොන්ද කැඩෙයි..'

" පල යන්න...ඒක නෙවෙයි සනා මම මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා "

" හිතන එක මගේ වැඩක් උබ කියපන් "

" මේ... මේ... ටේහ්‍යුන්ට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා ද..?"

" මෙහෙමයි ජිසුයා ටේ කැමැත්තෙන් හිටපු කෙනෙක් නම් හිටියා ටේ ඒ ගර්ල්ගේ පස්සෙනුත් ගියා... "

" ඔහ්...."

" මොකද උබ එකපාරට එහෙම ඇහුවේ ටේ ගැන අදහසක්වත් පහල වෙලා ද"

" අහ්...අනියා....මම පස්සේ උබට කතා කරන්නම් බායි.."

ජීසූ කලබලයෙන් එහෙම කියලා ෆෝන් එක ඇදට දාලා නැගිට්ටා කෙල්ල බැල්කනියට ගිහින් අත් වැටට හේත්තු වුනා

ටේ කැමති කෙල්ල කවුරු වෙන්න පුලුවන් ද..?

කෙල්ලගේ හිතට ආපු පලවෙනි ප්‍රශ්නේ ඒක තමයි

එයා ලස්සනයි ද දන්නේ නැ...

යාහ්හ් එයා ලස්සන වුනත් කැත වුනත් මට මොකද..?

ටේ ඒ ගර්ල්ගේ පස්සෙන් යන්න තරම් එයා ලග තියෙන විශේෂත්වය මොකද්ද..?

අහ්.. ජීසූ ටේ ගැන හිතන එක නවත්තන්න..

ඒත් අද උදේ වුනු දේවල්... කොල්ලෙක් කවදාවත් මට එච්චර ලං වෙලා නැ

ඒක අත්වැරැද්දක් කියලා අමතක කරලා දාන්න ජීසූ..

ඇත්තටම මට ඒක අමතක කරන්න පුලුවන් වෙයි ද..?

ජීසූ අත් වැටට හේත්තු වෙලා හිතනකොට වාහනයක් නවත්තන සද්දයක් ඇහුනු නිසා කෙල්ල බැලුවා බ්ලූ හවුස් එකේ garden එකේ නවත්තපු වාහනෙන් බැස්සේ මෙච්චර වෙලා එනකම් ජීසූ මග බලාගෙන හිටපු කෙනා කා එකෙන් බැහැපු ටේහ්‍යුන් ඇදුමත් අතින් හදන ගමන් බ්ලූ හවුස් එක ඇතුලට එන දිහා ජීසූ බලාගෙන හිටියා කෙල්ලට එක විනාඩියකට දුවගෙන ගිහින් ටේහ්‍යුන් බදාගන්න නොහිතුනා නෙවෙයි

කෙල්ල එක තත්පරේකට ටේහ්‍යුන්ගෙන් ඇස් අහකට නොගෙන ආඩම්බරයෙන් බ්ලූ හවුස් එකේ garden එක මැදින් ඇවිදගෙන එන කොල්ලා දිහා බලාගෙන හිටියා ඒත් එකපාරට ජීසූ නොහිතපු විදියට කොල්ලා ජීසූ දිහා බැලුවාම කෙල්ලට උතුර දකුන මාරු වුනා ජීසූ කොල්ලා දිහා බලාගෙන හිටියේ නැ වගේ අහස දිහා බැලුවේ අකුනක් ගැහුවා වගේ හැබැයි කෙල්ල පරක්කු වැඩියි ටේහ්‍යුන් තමන් දිහා ජීසූ බලාගෙන ඉන්නවා කියලා ඇස් කොනින් දැක්ක නිසා කෙල්ල දිහා බැලුවේ ජීසූගේ වැඩ නිසා ඇදුනු සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන ටේහ්‍යුන් බ්ලූ හවුස් එකට ඇතුල් වුනා කෙල්ල බලනකොට ටේහ්‍යුන් එතැන නොහිටපු හින්දා හුස්මක් පහත දැම්මා

ටිකකින් ජීසූගේ රූම් එකේ දොරට කවුරුහරි තට්ටු කරනවා ඇහුනු නිසා බැල්කනියට වෙලා හිටපු කෙල්ල ඇවිත් රූම් එකේ දොර ඇරියේ මිස් චෝයි කියලා හිතාගෙන වුනත් එතැන හිටියේ ටේහ්‍යුන් කොල්ලව දැක්ක ගමන් ජීසූ පොඩ්ඩක් ගැස්සුනත් කෙල්ල ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කලා

" මොකද තමුසේ...?"

ජීසූ වෙනසක් නොපෙන්වා සුපුරුදු පරිදි ටේහ්‍යුන්ට සැරෙන් ආමන්ත්‍රණය කලා

" කොල්ලෝ දිහා හොරෙන් බලාගෙන මනෝපාරක් ගහන එක කැතයි නේද මිස් කිම් ජීසූ..."

ටේහ්‍යුන් දොරටත් අතක් තියාගෙන කෙල්ලගේ මූනට එබිලා කියනකොට ජීසූ බෙල්ලෙන් පස්සට ගියා

" What...?"

" මුකුත් දන්නේ නැ වගේ හැසිරෙන්න එපා මම දැක්කා මගේ දිහා කවදාවත් කොල්ලෙක් දැකලා නැ වගේ බලාගෙන ඉන්නවා "

කොල්ලා එහෙම කියනකොට ජීසූ යටි තොලත් හපාගෙන අහක බලාගත්තා

" රෝයල් ෆැමිලි එකේ කෙනෙක් ඔහොම හැසිරෙන එක හොද නැ නේද "

ටේහ්‍යුන් අමුතු විදියට කියනකොට ජීසූ ඇස් දෙකත් පියාගෙන හොද හුස්මක් අරගෙන කොල්ලා දිහා බැලුවා

" මිස්ටර් කිම් ටේහ්‍යුන් ඉස්සෙල්ලාම මට කියනවා තමුසේ මගේ bodyguard නම් මම මෙහේ ඉන්නකොට තමුසේ කොහෙද ගියේ....?"

ජීසූ ටේහ්‍යුන්ට දෙවැනි නොවෙන්න එහෙම ඇහුවා

" මම ගියේ..... මම...මේ... "

" යේ තමුසේ කොහෙද ගියේ..?"

" මම මොකටද තමුසෙට ඒකට උත්තර දෙන්නේ ආ.."

ටේහ්‍යුන් ටිකක් සද්දෙන් අහනකොට කෙල්ල ගැස්සිලා ගියා

" තමුසේ කොහොමද මට ඔහොම කතා කරන්නේ..?"

" මොකද ඔච්චර සද්දේ ආ.."

ටේහ්‍යුන් කෝට් එකක් ගසලා දාලා කියද්දී කෙල්ල දැක්කේ ටේහ්‍යුන්ගේ සුදු පාට ශර්ට් එකේ පපුව හරියට වෙන්න තියෙන lipstick පාරක් ජීසූ මුකුත් නොකියා ඒ lipstick පාර දිහා බලාගෙන හිටියා

" උදේ වුනු දේට මියානේ ඒක අමතක කරන්න "

කොල්ලා එහෙම කියලා ජීසූට තවත් මුකුත් කියන්න ඉඩ නොතියා එතැනින් යන්න ගියේ කෙල්ල තාමත් දොර අල්ලාගෙන ටේහ්‍යුන් යන දිහා බලාගෙන ඉදිද්දී

මම මොකද්ද ඒ දැක්කේ....?

ජීසූගේ ඇස් වලට එයාට නොදැනීම කදුලු උනනද්දී කෙල්ල හිතුවා

හහ්...එයා කොහොමද එච්චර ලේසියෙන් කියන්නේ ඒවා අමතක කරන්න කියලා

ජීසූ දොරත් වහලා දොරට හේත්තු වෙලා හිතුවේ කෙල්ලගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන හැලෙද්දී ජීසූ පපුවත් අල්ලාගෙන බිම ඉන්දුනා ඒ ලිප්ස්ටික් පාර දැක්කාම ජීසූට මෙච්චර දුක හිතෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නැ එයාට දැනෙන මේ ආගන්තුක හැගීමට දෙන නම මොකද්ද කියලා කෙල්ලට හිතාගන්න බැරී වුනා

ටික වෙලාවක් එහෙම්ම හිටපු කෙල්ල බාත් රූම් එකට ගිහින් මූනත් හෝදගෙන ආවා

" සෝයා....ටේහ්‍යුන්ට එන්න කියන්න "

" අහ්.."

ජීසූ එහෙම කිව්වාම සෝයා කෙල්ල දිහා බැලුවා

" මම කියපු දේ කරන්න බැරි ද..?"

" අනියා මිස්.."

සෝයා එහෙම කියලා එතැනින් ඉක්මනට මාරු වුනේ ජීසූට තරහ ගිහින් නිසා ජීසූ ඇදුම් මාරු කරගෙන රූම් එකෙන් එලියට එනකොට ටේහ්‍යුන් රූම් එක ඉස්සරහ හිටියා කොල්ලාව සතපහකට ගනන් නොගෙන ජීසූ එතැනින් යන්න ගියා ටේහ්‍යුන් කල්පනා කලේ කෙල්ලට ඒ ගමන වැහුනු ග්‍රීස් යකා මොකාද කියලා ගිය පාර සෙව්වන්දි මෑනියෝ ලග ගිහින් පොල් ගෙඩියක් කෙලින් කරාට වැඩක් වෙලා නැ කියලා තේරුනු ටේහ්‍යුන් කල්පනා කලේ අලුතින් දේවාලයක් ඕපන් කරපු වරා මෑනියෝ ලගට යන්න වරා මෑනියෝ පොල් නෙවෙයි කෙලින් කරන්නේ බිත්තර කෙලින් කරන්නේ ඒ නිසා බිත්තරයක් අරගෙන වරා මෑනියෝ හම්බවෙන්න යන්න හදන්නේ

(kim_yun_jee ඔබේ අවධානය පිනිසයි)

ජීසූ ගිහින් කා එකෙන් වාඩි වුනාම ටේහ්‍යුන් ඇවිත් driving seat එකෙන් වාඩිවුනා

" ඕයි තමුසේ seat belt එක දාගන්නේ නැද්ද..?"

",අනියා.."

ජීසූ කෙටියෙන් උත්තර දුන්නාම ඕන දෙයක් කරගන්න නැතැ කියලා ටේහ්‍යුන් drive කරන්න ගත්තා ඒත් ඉතින් යන්නේ කොහෙද කියලා කෙල්ල කිව්වේ නැති නිසා ටේහ්‍යුන් ජීසූ දිහා බැලුවා

" කොහෙද යන්නේ...?"

" කොහේහරි...නිදහසේ ඉන්න පුලුවන් තැනකට.."

කෙල්ල කිව්වේ ශටර් එකට ඔලුවත් හේතුවක් කරගෙන ටේහ්‍යුන්ට කෙල්ලගේ වෙනසක් තේරුනත් ඒ ගැන අහන්න ගියේ නැ ටික දුරක් යනකොට කොල්ලාට තේරුනා කවුරුහරි එයාලාව follow කරනවා කියලා ටේහ්‍යුන් පිටිපස්සෙන් එන කලු පැහැති කැබ් එක දිහාත් බලලා ජීසූ දිහා බැලුවා ඒත් එක්කම ආපු බුලට් එකක් side mirror එක කුඩු කරගෙන ගියා ටේහ්‍යුන් යක්සා ආවේස වෙලා ස්පීඩ් වැඩි කලා

කොල්ලා කවුරුවත් වැඩිය ගැවසෙන්නේ නැති පාරකට වාහනේ හැරෙව්වා ඒ පාර දෙපැත්තේ තිබුණේ අහස උසට හැදුනු රූස්ස ගස් ටේහ්‍යුන් බ්ලූටූත් ඔන් කරලා කෝල් එකක් ගත්තේ රෝයල් ගාඩ්ස්ලාගේ ප්‍රධානියා වුනු වූ බින්ට

" ටේ......"

" බය නොවි ඉන්නවා තමුසෙට මුකුත් වෙන්නේ නැ "

ටේහ්‍යුන් එහෙම කියලා කට ගන්නකොටම පිටිපස්සේ වීදුරුවට බුලට් එකක් වැදුනේ කෙල්ලව තවත් බය කරලා

" ෆක්.....මේ මිනිහා ආන්සර් කරන්නේ නැ..."

ටේහ්‍යුන් එහෙම කියලා පිටිපස්ස බැලුවාම කැබ් දෙකක් පස්සෙන් එනවා ආපහු ඉස්සරහ බලනකොට වේගෙන් ට්‍රක් එකක් එනවා ට්‍රක් එක එන්නෙත් නයා යන්න වගේ ටේහ්‍යුන් ඒක නිසා කා එක කැලෑව පැත්තට හැරෙව්වේ ජීසූ කෑගහද්දී කා එක පල්ලමකට පෙරලිලා පෙරලිලා ගිහින් ගහක් පාමුල නැවතුනා පිටිපස්සෙන් ආපු මිනිස්සු කැබ් එකෙන් බැහැලා එතැන්ට යන්න හදනකොට කා එක පිපිරිලා ගියා.....💥

To be continue..........

ජීසූ ටේයි අවසන් ගමන් ගියා කතාව ඉවරයි ගිහින් නිදාගන්න ලමයි 😌

Bạn đang đọc truyện trên: AzTruyen.Top