Chapter 18 ✈️
පසුදින ජන්කූක් සනාව එක්කගෙන එයාගේ private jet එකෙන් england බලා පිටත් වුනා සනා නිදි නිසා ජෙට් එකේ තිබුණු රූම් එකට ගියා කෙල්ලව පරිස්සමින් ඇදෙන් තියලා උනුසුමට බ්ලැන්කට් එකත් පෙරෙව්වා ජන්කූක් සනාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ ආදරෙන්
" champ...අප්පා බලාගෙන හිටියා ඔයාව මේ අත් වලින් වඩාගන්න ඔම්මා වගේ දග මල්ලක් වෙයි කියලා මම හිතුවේ ඒත් ඔයා අපිව දාලා ගියා අප්පාට සමාවෙන්න champ.. මට ඔයාවත් ඔම්මාවත් පරිස්සම් කරගන්න බැරි වුනා.. මට සමාවෙන්න champ.."
ජන්කූක් එයාගේ champ එක්ක කතා කලේ හිතින් කොල්ලා සනා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ඇදෙන් නැගිටලා යන්න හැදුවත් කොල්ලා නැවතුනේ එයාගේ අතින් කවුරුහරි ඇල්ලුව නිසා සනා ඇහැරිලා කොල්ලාගේ අතින් අල්ලා ආපහු ඇදේ ඉන්දුවා
" සනා...."
සනා කොල්ලාගේ උකුලෙන් ඔලුව තියාගත්තා කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා සනා ඇස් ඇරගෙන ඔහේ බලාගෙන හිටියා..
" නිදාගන්න සනා බේබි.."
ජන්කූක් කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවන ගමන් කොල්ලා සොෆ්ට් වොයිස් එකකින් කිව්වා ටික වෙලාවක් යනකොට ජන්කූක් ඔලුව අතගාන නිසා දැනෙන සනීපයට කෙල්ලට නින්ද ගියා සනා ඇහැරෙයි කියලා ජන්කූක් හෙල්ලෙන්නේ නැතුව හිටියා
__________________________
" ඕයි තමුසේ කැද බීලා ද ඉන්නේ පන ඇතුව දුවනවා..."
ටේහ්යුන් කෑගැහුවේ සුමිහිරි පානේ පදමට ගහලා වගේ ground එක වටේ දුවන ජීසූට
" මට බැ හලෝ දුවන්න.. මට හතියි ඉතුරු ටික තමුසේ දුවනවා.."
ජීසූ එහෙම කියලා ගෙම්බා පොලේ ගැහුවා වගේ ground එක මැද හතර හන්ධි හතර පැත්තට දාගෙන වැටුනා ටේහ්යුන් කෙල්ල දිහා බලාගෙන ඉදලා ඔලුව දෙපැත්තට වනලා ජීසූ ලගට ගියා
" තමුසේ වැස්ස වෙලාවට එලියට බහින්න එපා.."
ටේහ්යුන් කෙල්ල ලගට ඇවිත් කිව්වාම ජීසූ එක ඇහැක් ඇරලා කොල්ලා දිහා බැලුවා
" වේ...?"
" තමුසේ දිය වෙයි..."
ටේහ්යුන් කට කොනින් හිනාවක් එක්ක කියද්දී ජීසූ ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා
" තමුසේ මොකද්ද කියන්නේ ආ මාව සීනි බෝල කෙල්ලෙක් ගානට දාලා කතා කරන්නේ...."
ජීසූ කොල්ලාට බනින ගමන් වටපිට බැලුවේ ගහන්න මොනාහරි හොයාගන්න ඒත් කෙල්ලට මුකුත් හොයාගන්න බැරි වුනු නිසා දාගෙන ඉදපු sport shoes ගැලෙව්වා ටේහ්යුන් බලාගෙන හිටියේ මේකි මොකද්ද කරන්න හදන්නේ කියලා ජීසූ සපත්තුව ගලවලා ටේහ්යුන්ගේ පැත්තට හැරුණේ කාලි මෑනියෝ ආරූඪ වෙලා වගේ
" යාහ්හ් තමුසේ මොකද්ද කරන්න හදන්නේ..."
ටේහ්යුන් ඇහුවේ කෙල්ල සපත්තු උස්සගෙන කොල්ලාගේ පස්සෙන් දුවනවා
" Kim Fucking Taehyung...ඔහොම නවතිනවා...."
ජීසූ උච්ච ස්වරයෙන් කොල්ලාට ආමන්ත්රණය කරන ගමන් සපත්තුවෙන් ගැහුවා ටේහ්යුන්ගේ වාසනාවකට ද මන්දා කොල්ලාගේ ඇගේ ගෑවි නොගෑවී ගියා
" මම තමුසෙගේ dick එක කපනවා....."
කෙල්ල මූනත් රතු කරගෙන තරහෙන් කිව්වාම ටේහ්යුන් අදාල ස්ථානය අල්ලගත්තේ ජීසූගේ හැටියට ඒක නොකර ඉන්නත් බැරි නිසා ටේහ්යුන් කොටියා වගේ දුවද්දී ජීසූට කොල්ලාගේ නැට්ටවත් අල්ලගන්න බැ
" අහ්..ඔම්මාහ්....මගේ පාදය...අයියූ...කැඩිලා ද මන්දා..."
ජීසූ එකපාරට කකුලත් අල්ලාගෙන බිම වැටිලා කෑගහලා අඩන්න පටන් ගත්තා ටේහ්යුන් කෙල්ලගේ සද්දේ ඇහිලා ඉක්මනට ජීසූ ලගට ආවා
" හයියූ.....මගේ සුන්දර..සුකුමාල...පාදය..."
කොල්ලා දැන් බය වෙලා ඉන්නේ ජීසූ පුලුවන් උපරිමයෙන් කෑගහලා අඩනවා
" යාහ්හ් මොකද වුනේ.... අයිෂ්..මගේ කන..."
" ඇහ්හ්හ්හ්හ්....ඔම්මාහ්...වල් කොටියා මගේ පාදය කැඩුවා....අයියූ...මගේ පාදයේ අස්ථි දෙකට වී ඇති හැඩයි...හුවෑව්...මා කෙසේද තවත් මෙසේ ජීවත් වන්නේ..."
ජීසූගේ කන් කලු වෙන වොයිස් එක හින්දා ටේහ්යුන්ගේ කර්න පටහ පටලය ලෙෆ්ට් වෙයි කියලා සාධාරණ බයක් ඇති වුනා
" තමුසෙගේ ටින් බෙලෙක්කේ පොඩ්ඩක් වහ ගන්නවකෝ.."
ටේහ්යුන් එහෙම කියලා ජීසූගේ කකුල අල්ලන්න හදනකොට කෙල්ලගේ නැගිටලා කොල්ලාගේ පිටිපස්සෙන් ගිහින් ටේහ්යුන්ට පයින් ගැහුවේ කොල්ලා පොලොව බදාගෙන සිපගනිද්දී ටේහ්යුන්ට වුනේ මොකද්ද කියලාවත් හිතාගන්න වෙලාවක් ඉතුරු නොකර කකුල් දෙක දෙපැත්තට දාලා ටේහ්යුන්ගේ පිට උඩින් වාඩිවුනා
" යාහ්හ්...නැගිටපන් යකෝ...."
" ඕ යේ අස්පයා ගෝන් ටික් ටික්.. හූඌඌඌ..."
ජීසූ කොල්ලාගේ කොන්ඩෙන් අදින ගමන් කෑගහනවා
" මගේ කොන්ඩේ..අතහැරපන් ගෑනියේ...ඌයි යකොව්..අදින්න එපා...."
" හයියෙන් යන්..අස්පයෝ... අස්පයා ගෝන් ටික් ටික්.. යාහ්...හූඌඋ... "
ටේහ්යුන් කියන කිසිදෙයක් ගැන ගානක් නැතුව ජීසූ horse riding කොල්ලාට නම් මරන මංචකය පේන තෙක් මානේ තියෙන්නේ වගේ
" තමුසේ නම් සාපයක් ඕයි..."
කොල්ලා කිව්වා ටික වෙලාවක් ටේහ්යුන්ගේ පිටේ උඩ පැන පැන හිටපු ජීසූ නැගිට්ටාම කොල්ලාට දැනුනේ කශේරුව කියලා දෙයක් හොයාගන්න නැ වගේ ෆීලින් එකක් කොල්ලා ගෙම්බා පොලේ ගහලා වගේ ඉන්නකොට ජීසූ කට කොනින් හිනා වුනා
" තමුසේ හැප්පුනේ වැරදි කෙල්ල එක්ක කිම් ටේහ්යුන්..."
ජීසූ එහෙම කියලා එතැනින් යන්න ගියේ අහිංසක ටේහ්යුන් ground එකේ තනිකරලා
_______________________
අධි සුඛෝපභෝගී තම නිවසේ living room එකට වී එහෙ මෙහෙ ඇවිදිමින් හිටියේ මීට අවුරුදු කිහිපයකට පෙර කොරියාවේ ආරක්ෂක ඇමති ධූරයේ වැඩ කටයුතු කරපු ලී මින්හුක් මේ අවස්ථාවේ ඔහු දකින ඕනෑම කෙනෙකුට තේරුම් යන්නේ ඔහු නොසන්සුන්ව සිටින බවයි
" සර්....ඔක්කොම හරි.. අපි වාහනේ හොයාගන්න බැරි වෙන්න විනාස කලා.."
මින්හුක් සිටින තැනට මදක් ඈතින් සිටි ඔහුගේ ආරක්ෂකයෙකු පැවසුවා
" ම්ම්ම් ගුඩ්... ජේකේ මේක ලේසියෙන් අතහරින එකක් නැ අපිට දැන් පරිස්සම් වෙන්න වෙනවා.."
තාමත් සනාගේ ඇක්සිඩන්ට් එක ගැන හොයන ජේකේගේ ෆයිටස්ලා ගැන දන්න මින්හුක් කිව්වා
" යේ සර්... ඊයේ රෑ ජේකේ එයාගේ වයිෆ් එක්ක කොරියාවෙන් ගිහින් තියෙනවා..."
" ඌ ගියේ ආපහු සුලි කුනාටුවක් වගේ කොරියාවට එයි... ජේකේ මේක ලේසියෙන් අතහරින එකක් නැ "
මින්හුක් කිව්වේ බැරෑරුම් මුහුනකින්
" මේ මිනිහා..කොරියාවට අඩිය තිබ්බා විතරයි ඔක්කොම විනාස කරනවා ශිට්... මම ප්ලෑන් කරපුවා ඔක්කොම ඉවරයි දැන්...."
මින්හුක් කිව්වේ තරහින්
" අප්පා....මොකද කෑගහන්නේ...?"
තඩි ඈනුමක් යවන ගමන් පහලට ආවේ මින්හුක්ගේ එකම පුත්ර රත්නය වන ලී සන්ග් වූ
" කෑගහලා මදි තමුසේ කරලා තියෙන දේවල් වල හැටිය තමුසේ හැප්පුවේ ජේකේගේ වයිෆ් ගියපු වාහනේ...තමුසෙට මම කොච්චර කියලා තියෙනවා ද හිමින් drive කරන්න කියලා මම කියන දෙයක් සතපහකට තමුසේ අහ්නවාද..."
මින්හුක් කොච්චර බැන්නත් ඒ ගැන තැකීමක් නොකර සන්ග් වූ හිටියේ
" ඒ කෙල්ල මැරිලා ද..?"
සන්ග් වූ මේඩ් කෙනෙක් ගෙනත් දුන්නු ඔරේන්ජ් ජූස් එක අතට අරගෙන ටේබල් එක උඩින් වාඩිවෙන ගමන් ඇහුවා
" අනියා...තාම ඒ කෙල්ල හොදින් ඉන්නවා හැබැයි කෙල්ලට හම්බවෙන්න හිටපු දරුවා නැති වෙලා.."
මින්හුක් කිව්වේ කේන්තියෙන් මෙච්චර දෙයක් වෙලා කිසිගානක් නැතුව ඉන්න සන්ග් වු ගැන මින්හුක්ට ඇති වුනේ කේන්තියක්
" අයිෂ්....අප්පා ඒක ද ප්රශ්නේ මම ලමයෙක් හදලා දෙන්නම්...මට ඒක ලොකු දෙයක් නෙවෙයි "
සන්ග් වූ කිව්වා
" තමුසේ කවදා වෙනකම් ඔහොම ජීවත් වෙන්න ද හැමදේම විහිලුවක් නෙවෙයි මිනිහෝ.. තමුසේ ඇක්සිඩන්ට් කලේ මාෆියා කින්ග්ගේ වයිෆ් උන් පිස්සු බල්ලෝ වගේ හැමතැනම මේක කරපු එකා හොයනවා තමුසේ අහුවුනොත් ඉතුරු කරයි කියලා හිතනවාද "
",ඒකට තමයි අප්පා ඉන්නේ...? අප්පා තමන්ගේ පුතාව ආරක්ෂා කරන්න ඕන ඒ නිසා ඒක මගේ ප්රශ්නයක් නෙවෙයි ඒක ඔයාගේ ප්රශ්නයක් අප්පා.."
සන්ග් වූ එහෙම කියලා එතැනින් යන්න ගියේ මින්හුක්ගේ කේන්ති තවත් අවුස්සලා ලී සන්ග් වූ ජීවිතයම සෙල්ලමක් කරගත්ත සෙල්ලක්කාර කොල්ලෙක් කිව්වොත් හරි සන්ග් වූගේ ජීවිතේ තිබුණේ දේවල් තුනයි ක්ලබ්,කෙල්ලෝ,සල්ලි ඔයිට වඩා දෙයක් සන්ග් වූගේ ජීවිතේ නොතිබුනි සන්ග් වූ කිසිදෙයක් ලොකුවට ගනන් ගන්න කෙනෙක් නෙවෙයි එයාට හැමදේම හරි සිම්පල් මේ ගෙවෙන මොහොත වෙනකොට සන්ග් වූට girlfriends ලා 99 ඉදලා තියෙනවා 100 වැනියා ඔබ විය හැකි බැවින් ප්රවේසම් වන්න...
________________________
Practice ඉවර වෙලා ටේහ්යුන් කොන්දත් අල්ලාගෙන ජීසූගේ පස්සෙන් කෙල්ලගේ රූම් එක පැත්තට ගියා කෙල්ල ඇස් කොනින් දැක්කා ටේහ්යුන් ඉන්නේ අමාරුවෙන් කියලා ජීසූට දුක නොහිතුනාම නෙවෙයි රූම් එකේ දොර ඇරපු කෙල්ල ටේහ්යුන්ගේ පැත්තට හැරුනා ටේහ්යුන් මෙච්චර වෙලා කොන්ද අල්ලාගෙන හිටපු අත අතහැරියා
" මොකද තමුසේ මගේ දිහා බලාගෙන ඉන්නේ.."
කොල්ලා ඇහුවේ තමන් දිහා බලාගෙන ඉන්න ජීසූගෙන් කෙල්ල වටපිට බලලා කොල්ලාගේ අතින් ඇදලා රූම් එක ඇතුලට ගත්තා ජීසූ දොරත් ලොක් කරලා කොල්ලාගේ පැත්තට හැරුනා කොල්ලා තාම කල්පනා කරනවා මොකද්ද වුනේ කියලා ජීසූ හිමින් ටේහ්යුන්ට ලං වෙද්දී කොල්ලා බලාගෙන හිටියේ ජීසූගේ ඇස් දිහා
" ශර්ට් එක ගලවන්න.."
" මොහ්..."
ටේහ්යුන් ඇස් දෙකත් ලොකු කරගෙන කෙල්ල දිහා බලාගෙන ඉදියා කොල්ලාගේ ඔලුවට එක එක විදියේ වල් සිතුවිලි ගලාගෙන එද්දී කට කොනින් හිනාවක් දැම්මා
" තමුසේ මොනාටද එන්න හදන්නේ...?"
කොල්ලා දිහා ඇස් හීනි කරලා බලපු ජීසූ ටේහ්යුන්ගේ කෝට් එක ගලවලා ශර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා කොල්ලා ජීසූට ඕන දෙයක් කරගන්න කියලා කෙල්ලගේ ඇස් දිහා බලාගෙන හිටියා කොල්ලාගේ ශර්ට් එක ගලවපු ජීසූ ටේහ්යුන්ව අනිත් පැත්ත හරවලා තල්ලු කලා කොල්ලා එහෙම්ම ඇදට වැටුනේ මූන කොට්ටෙකට හිර වෙද්දී
" තමුසේ මොන වෙඩිමක් ද කරන්න හදන්නේ...?"
" තමුසෙව රේප් කරන්න හදන්නේ.."
ජීසූ එහෙම කියලා ඇද ලගින් එහාට ගියාම ටේහ්යුන් නැගිටින්න හැදුවේ
" ඔහොම ඉන්නවා.."
" තමුසෙගේ අතින් රේප් වෙන්න ආසාවක් නැ.."
" ආසාවක් නැ කියලා මට තේරුනා.."
ජීසූ ඒක අමුතු විදියට කිව්වා ටේහ්යුන් ඇදට වෙලා කෙල්ල දිහා බලාගෙන හිටියා ජීසූ dressing table එකේ ලාච්චුවක් ඇරගෙන මොනාද හොයනවා
" හම්බුනා.."
කෙල්ල එහෙම කියාගෙන බාම් එක අරගෙන ඇවිත් ඇද උඩට නැග්ගා
" අනිත් පැත්ත හැරෙනවා..."
ජීසූ කොල්ලාව අනිත් පැත්ත හරවලා කොල්ලාගේ කොන්දේ බාම් ගාන්න පටන් ගත්තා ජීසූගේ ඇගිලි වල පහස විදිමින් ඇස් පියාගත්තේ වේදනාවත් අමතක කරලා
" ටේ....."
" ම්ම්ම්..."
" මේක කොහොමද වුනේ..?"
කෙල්ල ඇහුවේ ටේහ්යුන්ගේ පිටේ තිබුණු තුවාල කැලැල් දිගේ ඇගිලි තුඩු ගෙනියන ගමන්
" මතක නැ...."
.
කොල්ලා කොට්ටෙට මූන ඔබාගෙන කිව්වා ටේහ්යුන් එයාගේ හැගීම් පාලනය කරගෙන හිටියේ අමාරුවෙන් ඊලග තත්පරේ ජීසූ කරපු දේ නිසා කොල්ලා ගැස්සිලා ගියා කෙල්ල ටේහ්යුන්ගේ පිටේ තිබුණු තුවාල කැලැල් මතින් තොල් තියලා කිස් එකක් දුන්නා ජීසූ එහෙම කලේ ඇයි කියලා කෙල්ලටවත් හිතාගන්න බැරුව හිටියේ
ටේහ්යුන් නැගිටලා කෙල්ලව ඇදට පෙරලගෙන ජීසූගේ ඇග උඩට ආවා කෙල්ල ටේහ්යුන්ගේ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ ඇස් වල ලියවිලා තියෙන දේ කියවන්න වගේ කෙල්ලගේ අත් රැදිලා තිබුණේ ටේහ්යුන්ගේ නිරුවත් පපුවේ කොල්ලා ජීසූගේ කම්බුලක් සියුම්ව පිරිමදින ගමන් කෙල්ලගේ මූන පුරා ඇස් යැව්වා දිලිසෙන පුංචි ඇස්,ලා රෝස පැහැයට හැරිලා තියෙන කම්බුල්,පුංචි නහය, සිහින් රෝස පැහැ දෙතොල් දිහා ටේහ්යුන්ගේ ඇස් නොයිවසිල්ලෙන් දිව්වා අන්තිමේ දී කොල්ලාගේ ඇස් නැවතුනේ ජීසූගේ තොල් ලග හිමින් කෙල්ලගේ තොල් වලට ටේහ්යුන් පහත් වෙද්දී ජීසූගේ ඇස් ඉබේම පියවුනා ටේහ්යුන්ගේ උනුසුම් සුසුම් කෙල්ලගේ කම්බුල් වලට වැදෙද්දී ජීසූට දැනුනේ ඇග ඇතුලින් සීතල වෙලා යනවා වගේ ජීසූගේ තොලුයි ටේහ්යුන්ගේ තොල් අතරෙයි තිබුණේ මිලිමීටරයක් තරම්වත් දුරක් තිබුණේ නැ කෙල්ල ටේහ්යුන්ගේ පපුවේ රැදිලා තිබුණු අතක් අරගෙන ගිහින් කොල්ලාගේ උරහිසෙන් තදින් අල්ලගත්තා
ඒත් එකපාරට ටේහ්යුන් අකුනක් වැදුනා වගේ ජීසුගෙන් ඈත් වෙලා ඇදෙන් බැස්සා පැත්තක තිබුණු ශර්ට් එක ඇදගෙන කෝට් එකත් අරගෙන රූම් එකෙන් එලියට ගියේ ජීසූ දිහා හැරිලාවත් නොබලා කෙල්ල තාමත් ඇදේ හිටපු විදියටම එහෙම්ම ඉන්නවා වුනේ මොකද්ද කියලා ටික ටික මස්තිෂක රාජයාට ගලාගෙන එද්දී ජීසූගේ කම්බුල් රතු වුනා කෙල්ල මූන කොට්ටෙක ඔබාගත්තා
" යාහ්හ්හ්....ඒ මොකද්ද වුනේ...?"
ජීසූ කෑගැහුවා කෙල්ල කවදාවත් නොදැනුනු ආගන්තුක හැගීම් ගොන්නක අතරමං වෙලා හිටියේ එයාට දැනෙන හැගීම මොකද්ද කියලා තේරුම් ගන්න ජීසූට පුලුවන්කමක් තිබුණේ නැ
To be continue........
ටේ ජීසූව කිස් කරනකම් බලාගෙන සිටි අහිංසක රීඩස් ජනතාව වෙනුවෙන් විනාඩි කාලක නිශ්ශබ්බදතාවයක්.....😌
අප්ඩේට් පරක්කුයි කියා දන්නවා මමත් අසනීප වෙලා හිටියා ඒ අතරේ ආච්චි අම්මාත් හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටියා ඉතින් ගෙදර තුන් වැනි ලෝක යුද්ධය වගේ ටයිප් කරන්න හිතට නිදහසක් තිබ්බේ නැ
ඊලග චැප්ටර් එක ඉක්මනට දෙන්නම්
පරිස්සමින් ඉන්න
සරන්හේ.....
Bạn đang đọc truyện trên: AzTruyen.Top