Chapter 16 🥀
සනාට සිහිය ආවා කියලා ආපු කෝල් එකත් එක්ක ජන්කූක් ඉක්මනට හොස්පිටල් එකට ගියා ජන්කූක් කෙල්ලගේ රූම් එකට යනකොට බලාගත්තු අත බලාගෙන බන්ඩිය අතගාන ගමන් ඉන්නවා ජන්කූක් හිමින් සනාගේ ලගට කිට්ටු වෙනකොට තමයි දැක්කේ ඒ ඇස් වලින් නොනවත්වා කදුලු ගලනවා ජන්කූක් කෙල්ලගේ කදුලු පිසදැම්මාත් සනා කොල්ලා දිහා බලන්න මහන්සි වුනේ නැ කෙල්ල හිටපු විදියට හිටියා
හැමෝම හිතුවේ සනාට බබා නැති වුනා කිව්වාම කෑගහලා අඩයි කියලා ඒත් සනා හැසිරුනේ කවුරුවත් නොහිතපු විදියට කෙල්ලට බබා නැති වුනා කිව්වාම බිම බලාගෙන හිටියා විතරයි කාත් එක්කවත් වචනයක්වත් කතා කලේ නැ
" සනා...බේබි.."
ජන්කූක් කතා කලත් කෙල්ල හැරිලාවත් කොල්ලා දිහා බැලුවේ නැ කොල්ලාට දැනුනේ එයාගේ හදවතට පිහියෙන් අනිනවා වගේ කොල්ලා හිතුවේ එයාට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුනු නිසා කොල්ලාව රිචෙක්ට් කරනවා කියලා
" සනා බේබි අපි mansion එකට යමු.."
ජන්කූක් එහෙම කිව්වාම කෙල්ල හිමින් කොල්ලා දිහා බැලුවා කොල්ලා සනාව උස්සලා අරගෙන හොස්පිටල් එකෙන් එලියට ගියා ජන්කූක් දැක්ක ගමන් ජැකී කැබ් එකේ දොර ඇරියා ජන්කූක් කෙල්ලව කැබ් එකෙන් වාඩි කරලා කොල්ලාත් ගිහින් නැග්ගාම ජැකි drive කරන්න ගත්තා සනා ශටර් එකට ඔලුව ගහගෙන ඔහේ බලාගෙන හිටියා මිසක් එක වචනයක් කතා කලේ නැ අඩුගානේ ඇඩුවේවත් නැ ජන්කූක් එක විනාඩියකට කෙල්ලගෙන් ඇස් අහකට ගත්තේ නැ ටිකකින් mansion එකට ආවාම ජන්කූක් කැබ් එකෙන් බහින්න කලින් බැහැපු සනා ඇතුලට ඇවිදගෙන ගියා කෙල්ල යන දිහා ජන්කූක් වේදනාවෙන් බලාගෙන හිටියා
" මම මොකද්ද බන් කරන්නේ...?'
" බොස්.. මිස් එක්කම ඉන්න මිස්ට මේ වුනු දේ ලොකු ශොක් එකක් ඒ නිසා මිස් ඔහොම හැසිරෙන්නේ බොස් මිස් ගැන බලාගන්න අපි ඉතුරු දේවල් බලාගන්නම්..."
ජැකි කිව්වාම ජන්කූක් ජැකිගේ පිටට තට්ටුවක් දැම්මා
" මට උබ ඉන්න එක හයියක් බන් "
ජැකි ඒකට හිනාවකින් උත්තර දුන්නා ජන්කූක් ඇතුලට ගියේ සනාව හොයාගෙන කෙල්ල රූම් එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා රූම් එකේ තිබුණු සෙල්ලම් බඩු බිත්ති වල ගහලා තිබුණු බබාලගේ ෆොටෝ ඔක්කොම අයින් කරලා තිබුනා කෙල්ල වේදනාවෙන් හුස්මක් පහත හෙලලා රූම් එකට ගියා ජන්කූක් කෙල්ලගේ පිටිපස්සෙන් ඇවිත් රූම් එකේ දොර වැහුවා සනා බාත් රූම් එකට ගිහින් හයියෙන් දොර වැහුවා ජන්කූක් සුසුමක් හෙලලා ඇදෙන් වාඩිවුනා
______________________
ජීසූ රූම් එකේ ඒ කොනට මේ කොනට ඇවිදින ගමන් කල්පනා කලේ සනාගේ තත්ත්වය ගැන ජීසූට පැනලා යන්න හිතුනත් ආපහු ඒ අදහස අත්හැර ගත්තේ ටේහ්‍යුන් කියපු දේවල් මතක් වෙලා කෙල්ල ඇද උඩින් වාඩිවෙලා ටේහ්‍යුන්ට කෝල් එකක් ගත්තත් කොල්ලා පස්සේ කතා කරන්නම් කියලා කෝල් එක කට් කලා ඒ හින්දා ජීසූට කේන්ති ගියා
" යාහ්හ් මූ කවුරු කියලා හිතාගෙන ද මට මෙහෙම කතා කරන්නේ....? අයිෂ්... දැන් එයි නේ බලාගමුකෝ කිම් ටේහ්‍යුන්.. තමුසේ මට උදේත් වද දුන්නා ඔක්කොටම රිටන් එක දෙන්නම්.."
ජීසූ මිමිනුවේ කේන්තියෙන් ටික වෙලාවක් යනකොට ටේහ්‍යුන් ආපහු blue house එකට ආවා ජීසූ රූම් එකේ දොර ලගට වෙලා බලාගෙන හිටියේ ටේහ්‍යුන් එනකම්
" තමුසේ මොකද මෙතන කරන්නේ...?"
ටේහ්‍යුන් වෙනසක් නොපෙන්වා සුපුරුදු පරිදි ජීසූට කෑගැහුවා
" සනාට කොහොමද..?"
ජීසූ එහෙම ඇහුවාම කොල්ලා බිත්තියට හේත්තු වුනා ටේහ්‍යුන්ගේ ඇස් වල ලොකු දුකක් ගැබ් වෙලා තිබුනා
" ටේ...."
ජීසූ කොල්ලාගේ ලගට ගිහින් කොල්ලාගේ අතකින් අල්ලගත්තා
" මොකද වුනේ... සනා හොදින් නේද..?"
ටේහ්‍යුන්ගේ හැසිරීමත් එක්ක කෙල්ලගේ හිතට එක එක දේවල් ගලාගෙන ආවා
" යේ.."
" එතකොට බබා.."
ජීසූ අහනකොට කොල්ලා හුස්ම පහත හෙලුවේ වේදනාවෙන්
" එයා.. අපිව දාලා යන්න ගියා ජීසූ..."
මෙච්චර වෙලා හිර කරගෙන හිටපු කදුලු බිදු කොල්ලාගේ කම්බුල් දිගේ කඩා හැලුනා
" මොහ්....?"
" එයා ගියා ජීසූ.. "
ටේහ්‍යුන්ව කෙල්ල වැලදගත්තේ ඇති තරම් අඩන්න කියන්න වගේ මෙලොව එලිය නොදුටු ඒ පුංචි පැටියාට ටේහ්‍යුන් වගේම අනිත් අයත් ගොඩක් ආදරේ කලා සනා ඉල්ලන්නේ මොනාද ඒ හැමදේම ගෙනත් දුන්නා කෙල්ලට පුංචි හරි අඩුපාඩුවක් නොදැනෙන්න හැමෝම එයාව පරිස්සමින් බලාගත්තා ඉතින් එකපාරට මේ වුනු දේ කාටවත් දරාගන්න පුලුවන් වුනේ නැ
තමන්ව බදාගෙන පොඩි බබෙක් වගේ අඩන ටේහ්‍යුන්ගේ පිට අතගාන ගමන් කෙල්ල ටේහ්‍යුන්ව සනසන්න උත්සාහ කලා ටිකකින් කොල්ලාව ඈත් කරපු ජීසූ ටේහ්‍යුන්ගේ අතින් ඇදගෙන රූම් එකට ගිහින් කොල්ලාව ඇදෙන් ඉන්දුවා
" සනාට මොනාහරි කන්න ආස හිතුනාම මට කෝල් කරනවා ඒකත් මහ රෑ මම කන්න අරගෙන එනකොට ගොඩක් වෙලාවට සනා නිදි.. ඊට පස්සේ මම කුක්ට බනිනවා උබ වගේම උබේ ලමයත් මාව කන්නම තමයි ඇවිත් තියෙන්නේ කියලා අදින් පස්සේ මම කොහොමද කුක්ට එහෙම කියන්නේ..?"
ටේහ්‍යුන් කදුලු අතරින් කිව්වා කෙල්ල ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවක් දැම්මේ සියල්ල හරි යයි කියන්න වගේ
" ටේ... එයා ඉක්මනට ආපහු එයි ඔයා ශක්තිමත් වෙන්න ඕන සනා මේක කොහොම දරාගනී ද දන්නේ නැ අපි එයා එක්ක ඉන්න ඕන ඒ නිසා හිත ශක්තිමත් කරගන්න ටේ ආපහු ඔයාට ඉක්මනට සනාට කෑම අදින්න වෙයි.. ඊට කලින් අපි සනා ගැන බලන්න ඕන "
ජීසූ කොල්ලාට කිව්වා
" එයා ආපහු එයි නේද...?"
" යේ...අපි ඉක්මනට සනාව බලන්න යමු එයාට මේ වෙලාවේ අපිව ඕන.."
ටේහ්‍යුන් ඒකට ඔලුව වැනුවා විතරයි ජීසූ සාමාන්‍ය විදියට හිටියත් කෙල්ලගේ හිත ඇතුලේ ලොකු බයක් තිබුනා සනා ඒ බබාට කොච්චර ආදරෙයි ද කියන්න කෙල්ලට අමුතුවෙන් පැහැදිලි කිරීමක් ඕන වුනේ නැ සනා එයාගේ ජීවිතයට හානියක් කරගනි කියලා කෙල්ල බය වුනා
.
After one week
ගෙවුණු සතිය පුරාවටම සනා මුකුත් හරියට කෑවෙත් නැ බිව්වෙත් නැ අඩුගානේ එක වචනයක්වත් කා එක්කවත් කතා කලේ නැ බබාට ගෙනාපු පුංචි නිල් පාට සපත්තු දෙකත් තුරුල් කරගෙන කෙල්ල ඇදේ headboard එකට හේත්තු වෙලා බලා ගත්තු අත බලාගෙන ඉන්නවා ජන්කූක් සපත්තු දෙක අරගන්න හැදුවාට කෙල්ල ඒකට ඉඩ දුන්නේ නැ සනා නිදාගත්තෙත් ඒ සපත්තු දෙක තුරුල් කරගෙන
" සනා බේබි... මේක විතරක් බොන්න... කෝ මගේ දිහා බලන්න.."
ජන්කූක් පැයක විතර ඉදන සනාට සුප් පොවන්න ට්‍රයි කරන්නේ ඒත් කෙල්ල නම් ජන්කූක් දිහා හැරිලාවත් බලන්නේ නැ කෙල්ල සපත්තු දෙක පපුවට තුරුල් කරගෙන ඉන්නවා
" බේබි... බෙහෙත් බොන්නත් ඕන නේද..? ඒක නිසා මේක විතරක් බොන්න.."
ජන්කූක් සුප් හැන්ද කෙල්ලගේ කට ලගට කරන ගමන් කිව්වා සනා කොල්ලා දිහා නොබලපු හින්දා සුප් හැන්ද ආපහු භාජනයට දාලා සනාගේ නිකටෙන් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා කෙල්ලගේ මූන සුදුමැලි වෙලා වෙනදා හිනාවෙන් පිරිලා තිබුණු මූන අද හිනාවක් දකින්නවත් නැ කොයිවෙලෙත් නැවතීමක් නැතුව කියවන කෙල්ල අද එක වචනයක්වත් කතා කරන්නේ නැ ජන්කූක්ගේ මුලු ලෝකේම පාලුවට ගිහින් එයාගේ සනා බේබි අද කිසි හැල හොල්මනක් නැතුව ඉන්නවා ජන්කූක්ට කියාගන්න බැරි තරම් රිදෙනවා කොල්ලා සනා වෙනුවෙන් ශක්තිමත් වෙලා හිටියා
සතුට පිරිලා තිබුණු සනාකුක්ගේ ජීවිත වලට කාගෙදෝ ඇස්වහක් වැදුනා වගේ විනාඩි ගානකින් ඒ සතුට නැති වෙලා ගියා
ජන්කූක් ලොකු වෙහෙසක් දරලා සනාට එක සුප් උගුරක් පොවා ගත්තා සනා ඊට වඩා බොන්නේ නැ කියලා දන්න නිසා කෙල්ලට බෙහෙත් බොන්න දුන්නා කෙල්ලට නින්ද යනකම් ඔලුව අතගාන ගමන් ඉදලා බ්ලැන්කට් එක පොරවලා සුප් භාජනෙත් අරගෙන පහලට ආවා
කිචන් එකට ගියපු ජන්කූක් සුප් භාජනය කිචන් එකේ කවුන්ටරේ උඩින් තියලා එතැන තිබුණු පුටුවකින් වාඩි වුනා
" සුප් එක එහෙම්ම වගේ තියෙනවා නේ කුකි.."
සූයා කිව්වේ සුප් භාජනය අතට ගන්න ගමන්
" එක උගුරයි බිව්වේ නූනා.."
ජන්කූක් ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලු පාලනය කරගෙන කිව්වා
" සනා ඉක්මනට හිටපු තත්ත්වයට එයි කුකී.. අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු.."
හෝසොක් කොල්ලාගේ ඔලුව අතගාන කිව්වා
" කොහොමද හියුන්ග් බලාගෙන ඉන්නේ...කන්නේ බොන්නේ නැ අඩුගානේ එක වචනයක්වත් කතා කරන්නේ නැ නේ මම මොකද්ද හියුන්ග් කරන්නේ..?"
" කුකි කාලා ඉන්න.."
ජියා කිව්වා
" මට කන්න බැ නූනා.."
" ඔයත් අසනීප වෙන්න ද හදන්නේ කුකී.. ඔයා අසනීප වුනොත් කවුද සනාව බලාගන්නේ ඔයා හොදටම දන්නවා නේ කුකී එයා පොඩ්ඩක් හරි කන්නේ ඔයා කවන දෙයක් විතරයි අපි කොච්චර කවන්න උත්සාහ කලත් සනා කන්නේ නැ දැන් කන්න එන්න කුකී.."
ජියා එහෙම කියලා කොල්ලාගේ ඔලුව අතගාලා dinning table එකෙන් ඉන්දවලා ජන්කූක්ට කැව්වා
" මොකද උබ නූනාට කියලා කවාගන්නේ.."
ටේහ්‍යුන් එහෙම අහගෙන ඉස්සර වෙලා එද්දී ජීසූ හිනාවක් එක්ක කොල්ලාගේ පිටිපස්සෙන් ආවා
" සනා කොහෙද "
ආපු ගමන් ජීසූ ඇහුවා
" එයා නිදි ජීසූ..."
ජන්කූක් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නා
" අපි ගිහින් බලලා එමු.."
ටේහ්‍යුන් එහෙම කියලා ජීසූ එක්ක සනාගේ රූම් එක පැත්තට ගියා
" උන් දෙන්නා සෙට් වෙයි කියලා හිතෙන්නේ නැද්ද "
ටේහ්‍යුන් එක්ක යන ජීසූ දිහා බලාගෙන හිටපු ජිමින් කිව්වා ටේසෝ දෙන්නා සනාගේ රූම් එකේ දොර හිමීට ඇරගෙන ඇතුලට ගියා සනා ඇදේ කොනකට ගුලි වෙලා සපත්තු දෙකත් තුරුල් කරගෙන හොදටම නිදි..
" අර සපත්තු දෙක....."
ජීසූ ටේහ්‍යුන්ට පෙන්නුවේ සනා තුරුල් කරගෙන ඉන්න සපත්තු දෙක
" ම්ම්ම්...ජන්කූක් ගෙනාවේ බබාට කියලා.."
ටේහ්‍යුන් කිව්වේ දුකින්
" සනා පව් ටේ.. "
" සනා විතරක් නෙවෙයි ජන්කූක් පව්..."
ටේහ්‍යුන් කිව්වාම ජීසූ හිමින් කෙල්ල ලගට ගිහින් ඔලුව අතගෑවා ටේහ්‍යුන් එතැනින් ගියේ ජන්කූක් එක්ක කතා කරන්න බලාගෙන ජීසූ ඔලුව අතගානකොට සනා ඇස් ඇරලා කෙල්ල දිහා බැලුවා
" සනා... කොහොමද ඔයාට..?"
ජීසූ අහනකොට සනා සපත්තු දෙක පපුවට තුරුල් කරගත්තේ කවුරුහරි ඒක උදුරගනියි කියලා වගේ
" අයියූ... බය වෙන්න එපා පැටියෝ.. මම ඕක ගන්නේ නැ හරි නේ..."
ජීසූ පොඩි බබෙක් එක්ක කතා කරනවා වගේ සනා එක්ක කතා කලේ ඊට පස්සේ ජීසූ කෙල්ලව නැගිට්ටවලා ඇදේ headboard එකට හේත්තු කලා සනා අතේ තියෙන සපත්තු දෙක දිහා බලාගෙන හිටියේ
" මේක ඔයාගේ බබාට ද ගත්තේ.."
කෙල්ල සොෆ්ට් වොයිස් එකකින් අහනකොට සනා ඔව් කියන්න ඔලුව වැනුවා
" සනා ආසයි නේද ආපහු බබා ඔයා ලගට එනවාට.."
සනා රොබෝ කෙනෙක් වගේ ඔලුව වැනුවා ඒ කම්බුල් දිගේ ගලාගෙන යන කදුලු බිදු ජීසූ පිසදැම්මා
" එහෙනම් ඔයා ගුඩ් ගර්ල් කෙනෙක් වගේ කන්න ඕන නැත්නම් බබා ආපහු ඔයාගේ ලගට එන එකක් නම් නැ එයාගේ ඔම්මා නෝට් හින්දා ඔයා එහෙම වෙනවාට ආස නැ නේද..?"
ජීසූ අහනකොට කෙල්ල ඔලුව දෙපැත්තට වැනුවා
" ම්ම්ම්... ඔයා එහෙනම් කෑම කන්න ඕන එතකොට බබා හිතයි එයාගේ ඔම්මා ගුඩ් හින්දා එයාගේ ලගට යන්න ඕන කියලා ඊට පස්සේ මේ බන්ඩියට පුංචි බබෙක් එයි අරස්සෝ...?"
" චින්චා...?"
සතියකට පස්සේ සනා වචනයක් කතා කලා ජීසූ හිනා වෙලා කෙල්ලගේ ඔලුව අතගාන ගමන් ඔව් කියන්න ඔලුව වැනුවා
" ජන්කූක් කන්නෙත් නැ සනා ඔයා කෑවේ නැති වුනාම එයා ඔයාට ගොඩක් ආදරෙයි සනා.. ඔයා ඔහොම ඉන්නකොට ජන්කූක්ට වගේම බබාටත් දුක හිතෙනවා ඔයා කැමති නැ නේද එයාලා දුකින් ඉන්නවාට ම්ම්ම්.."
" අනියා..."
" එහෙනම් සනා අද ඉදලා ගුඩ් ඔම්මා කෙනෙක් වෙන්න ඕන හරි ද.."
" හලි.."
සනා පොඩි බබෙක් වගේ උත්තර දුන්නා dressing table එක උඩ තිබුණු පනාවක් අරගෙන ඇවිත් සනාගේ කොන්ඩේ පීරලා පොඩි hair style එකක් දැම්මා සනා අර සපත්තු දෙක තුරුල් කරගෙන හිටියා මේ දිහා හොරාට දොර ලග ඉදගෙන බලාගෙන හිටපු ජන්කූක් කදුලු අතරින් හිනා වුනේ සනා ටිකක් හරි කතා කරපු නිසා
To be continue.......
හෙලෝ සංකුට්ටනි
ගිය බදාදා මමයි යාලුවයි ක්ලාස් ඇරලා එන ගමන් වටපිට බලන ගමන් ආවේ පාරේ එහා පැත්තේ විලාසිතා මන්දිරය කියලා පොඩි ඇදුම් ශොප් එකක් තිබ්බා අපි දෙන්නා ඕක දිහා බලාගෙන එනකොට ත්‍රිවිල් එකක බල්ලෙක් එක්ක ආපු පොල් බූරුවෙක් ඔන්න බල්ලා කියලා කෑගැහුවා මගේ යාලුවා ගිරිය යටින් කෑගැහුවා යකෝ අම්බෝ ජෙයියනේ...
ඉස්සරහින් ගියපු කොල්ලෝ ටිකත් හැරිලා බලලා හිනා වුනා ඔක්කොටම වඩා මට හිනාව නවත්තගන්න බැරුව හිටියේ මට ඒක මතක් වෙනකොටත් හිනා යනෝ
" තොගේ විලාසිතා මන්දිරය නිසා තමයි බල්ලා දැක්කේ නැත්තේ.."
එහෙම කියලා මහ පාරේදී යාලුවා මට ගැහුවා එතකොට තමයි මගේ හිනාව නැවතුනේ
එහෙනම් කෙම්ලනේ ලබන සතියේ අප්ඩේට් කරන්න වෙන්නේ නැ මේක විතරක් නෙවෙයි ඉතුරු කතා දෙකත් අප්ඩේට් කරන්න වෙන්නේ නැ දවස් දෙකක් ක්ලාස් ඊලග දවසේ වෙඩින් එකක් තියෙනවා යන්න රීඩස් බබ්බුලාටත් එක්ක ඕතර් කාලා එන්නම් එහෙම හොදයි නේ 🌝😌
ටේගේ වැම්පයර් ස්ටෝරියක්
කැමති අය කියවන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top