Chapter 15 😭
ටේහ්‍යුන් ෆෝන් එක කනේ තියාගෙන කොරිඩෝ එකේ එහෙට මෙහෙට ඇවිද්දේ කලබලයෙන්
" අයිෂ් එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නේ නැ "
ටේහ්‍යුන් එහෙම කියලා තරහින් ෆෝන් එක පොලොවේ ගහන්න හදනකොට කෙනෙක් ඇවිත් ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්තා
" තමුසෙට තරහ ගියා කියලා ෆෝන් එක පලි නැ "
ජීසූ කිව්වේ ටේහ්‍යුන්ගේ අත අතහරින ගමන් කොල්ලා ජීසූට මුකුත් නොකියා ආපහු කෝල් එකක් ගත්තා
" තමුසෙට කාට ද ඔච්චර කෝල් ගන්නේ..? යොංජාචිංගුට ද ම්ම්.."
ජීසූ කට කොනින් හිනාවක් දාගෙන නෝන්ඩියට වගේ කියද්දී කොල්ලාට හිතුනේ ජීසූගේ කට සමතලා වෙන්න දෙකක් අනින්න වුනත් කොල්ලා එයාව පාලනය කරගෙන හිටියා
" මොකද කට වහගෙන ඉන්නේ මම කිව්වේ ඇත්ත වගේ..'
ජීසූ එහෙම කිව්වාම ටේහ්‍යුන් මොනාහරි කියන්න කට අරිනකොටම ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා කොල්ලා ජීසූට රවාගෙනම කෝල් එක ආන්සර් කලා
" හරි හියුන්ග් මම හොස්පිටල් එකට එන්නම්.."
ටේහ්‍යුන් එහෙම කියලා ජීසූගේ පැත්තට හැරුනා
" කවුද හොස්පිටල් ඉන්නේ...?"
" සනා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා "
ටේහ්‍යුන් එහෙම කිව්වාම කෙල්ලගේ මූන වෙනස් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" මොහ්...සනා.. මාත් එනවා.. "
ඇස් වලින් වැටෙන්න නලියන කදුලු බිදු පාලනය කරගෙන ජීසු කිව්වා
" තමුසෙට පිස්සු ද..? මෙහෙට වෙලා ඉන්නවා "
" ඒත්...."
" අහනවා.. ජීසූ මට මේ වෙලාවේ තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නැ ගිහින් රූම් එකට වෙලා ඉන්නවා රූම් එකෙන් එලියට එක අඩියක් තියලා තිබ්බොත් තමුසේ දැනගනියි මේ ටේහ්‍යුන් කියන්නේ කවුද කියලා දැන් වදයක් රූම් එකට යනවා වෙලා තියෙන දේවල් මදිවට හුරතල් වෙන්න එනවා.."
කොල්ලා කෑගහලා යන්න ගියා ජීසූ මුකුත් නොකියා බිම බලාගෙන රූම් එකට ගිහින් දොර ලොක් කරගත්තා තමන්ගේ හොදම යාලුවාට කරදරයක් කියලා දැනගත්තාම කවුද බය නොවෙන්නේ...? ඉතින් ජීසූත් බය වුනා කෙල්ලට කොහොමහරි සනාගේ ලගට යන්න ඕන වුනා ඒත් හැමදාම එයාගේ තත්ත්වය එයාට බාධාවක් වුනා ජීසූ හැමදාම දුක් වුනා එයා සාමාන්‍ය පවුලක ඉපදුනේ නැති එක ගැන අදත් සනා ඒ ගැන දුක් වෙනවා
ටේහ්‍යුන් ඉක්මනට හොස්පිටල් එකට ගියා ජන්කූක් එතැන මොන පිස්සුවක් නටනවා ද කියලා දන්නේ නැති නිසා
" මගේ සනාට හරි champ ට හරි මොනාහරි වුනොත් මම තොපි එකෙක්වත් ඉතුරු කරන්නේ නැ..... ජැකී... ජැකී...කවුද මේක කරේ කියලා හොයපල්ලා.. අද ඉර බහින්න කලින් මට ඔක්කොම විස්තර ඕන "
ජන්කූක් හොස්පිටල් එක දෙවනත් වෙන්න කෑගැහුවා කොල්ලාගේ ඇස් වල කදුලු පිරිලා ජන්කූක් කොන්ඩේ අතරේ අතැගිලි යවමින් පිස්සෙක් වගේ එහෙට මෙහෙට ඇවිද්දා
" හරි බොස් මම හොයන්නම්..."
ජැකී එහෙම කියලා එතැනින් පිටත් වුනා
" මේ ඔක්කොම මගේ වැරදි... මට එයාව දාලා එන්නේ නැතුව ඉන්න තිබුණේ "
ජන්කූක් අතමිට මොලවලා බිත්තියට ගහන ගමන් කිව්වේ හිතේ තිබුණු වේදනාවට කොල්ලාට තමන් ගැනම දැනුනේ ලොකු වරදකාරී හැගීමක්
" උබේ වැරැද්දක් නැ කුකියා..."
ජින් කොල්ලාගේ ඔලුව අතගෑවා සන්සුන් කරන්න හැදුවේ ඒත් එක්කම ICU එකේ ඉදලා සුකී ආවේ එච්චර හොද මුහුනකින් නෙවෙයි සුකීව දැක්ක ගමන් ජන්කූක් කෙල්ල ලගට දුවගෙන ගියා
" සුකී... සනා බේබි.. හොදින් නේද මගේ කෙල්ල හොදින් නේද... එතකොට මගේ champ.. එයත් හොදින් නේද... යාහ්හ් සුකී.. තමුසේ මොකද කට වහගෙන ඉන්නේ.. කතා කරනවා... කෝ මගේ සනා බේබි..."
ජන්කූක් පිස්සෙක් වගේ සුකීව හොල්ලන ගමන් ඇහුවා කෙල්ලගේ කදුලු පුරවගෙන ජන්කූක් දිහා බලාගෙන හිටියේ මේක කොහොමද කියන්නේ කියලා හිතාගන්න බැරුව
" සුකී.. කතා කරපන්.."
ජන්කූක් ඇස් රතු කරගෙන කෑගැහුවා
" I'm Sorry..... "
සුකී බිම බලාගෙන කිව්වා
" වේ.. තමුසේ සමාව ඉල්ලන්නේ ආ කියනවා.. කතා කරනවා සුකී..."
" බබා බේරගන්න බැරී වුනා.. බබා ගේනකොටත් නැති වෙලා ඔප්පා.."
සුකී කදුලු අතරින් මිමිනුවා ජන්කූක් කේන්තියෙන් සුකීගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කලා
" යාහ්හ් කුකී ඔය කෙල්ලව අතහැරපන් "
සුකී ජන්කූක්ගේ ශක්තිමත් අත් වලින් බේරෙන්න උත්සාහ කලා
" උබ කොහොමද යකෝ එහෙම කියන්නේ...?"
ජින් යුංගි දෙන්නා එකතු වෙලා කොහොමහරි සුකීගෙන් ජන්කූක් ඈත් කලා කෙල්ල බෙල්ල අල්ලාගෙන කහින ගමන් පහත් වෙද්දී ජිමින් කෙල්ලව අල්ලගත්තා
" Are you ok..?"
" yeah.."
සුකී උත්තර දුන්නා ජන්කූක් ඔලුවත් අල්ලාගෙන එහෙම්ම බිම ඉදගත්තා
" කුක්..."
" හියුන්ග්.... මම මොකද්ද හියුන්ග් සනාට කියන්නේ... එයා බබා ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියා ද.. මම කොහොමද හියුන්ග් එයාට කියන්නේ අපේ බබා අපිව දාලා ගියා කියලා... එයාට පිස්සු හැදෙයි හියුන්ග්.. ",
ජන්කූක් ඔලුව අල්ලාගෙන බිම බලාගත්තේ එයාගේ කදුලු හංගන්න වගේ ජින් කොල්ලා ලගින් වාඩිවුනා
" කුක්.... මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕන සනා වෙනුවෙන් සනාට සිහිය ආවාම කොහොම රියැක්ට් කරයි ද කියන්න දන්නේ නැ හිත ශක්තිමත් කරගෙන හිටපන් "
ජින් ජන්කූක්ගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වා ජන්කූක් ඔලුව උස්සලා ජින් දිහා බැලුවා ඒත් එක්කම ටේහ්‍යුන් ආවා ටේහ්‍යුන් බිම වාඩිවෙලා ඉන්න කොල්ලා දිහා බලලා යුංගි දිහා බැලුවා යුංගි හුස්මක් පහත හෙලුවා
" දැන් ගිහින් සනාව බලලා වරෙන්..."
ජින් කොල්ලාව නැගිට්ටවලා කිව්වාම කොල්ලා සනා ඉදපු රූම් එක ඇතුලට ගියා සනාට ඔක්සිජන් මාක්ස් එකක් දාලා තිබුණේ කෙල්ල අමාරුවෙන් හුස්ම ගන්නවා නලල තුවාල වෙලා බෙහෙත් දාලා තිබුනා අසිහියෙන් වගේ සනාගේ ලගට ගියපු ජන්කූක් කෙල්ලගේ අතක් තද කරලා අල්ලගත්තා පැය කිහිපයකට කලින් එයා එක්ක හිනා වෙවී හිටපු කෙල්ල දැන් ඇදක් උඩ අමාරුවෙන් හුස්ම යදිනවා
" සනා බේබි.... මගේ වැරැද්ද මැනික..මම ඔයාව තනියෙන් දාලා නොගියා නම් මේ මුකුත් වෙන්නේ නැ... ඔයාවයි champ වයි පරිස්සමින් බලාගන්නවා කියලා පොරොන්දු වුනාට... මට ඒ පොරොන්දුව රකින්න බැරි වුනා.. ඒත් මේ දේ කරපු එකෙක්ටවත් මම යහතින් ඉන්න දෙන්නේ මම උන් ඔක්කොම මරනවා බේබි... "
මෙච්චර වෙලා දුකින් පිරිලා තිබුණු ඇස් තරහින් වෛරයෙන් පිරෙන්න එක තත්පරයකටත් අඩු ප්‍රමාණයක් ගියේ.. සනාගේ නලලට වෙනදා වගේම උනුසුම් හාදුවක් තවරලා ජන්කූක් යන්න ගියේ කේන්තියෙන්
" සනාට සිහිය ආවාම කෝල් එකක් දෙන්න "
සුකීට එහෙම කියලා ජන්කූක් ජැකීට කෝල් එකක් ගන්න ගමන් එතැනින් ගියේ කවුරුවත් ගනන් නොගෙන ටේහ්‍යුන් කොල්ලා පස්සෙන් ගියා
" උබ කොහෙද යන්න හදන්නේ "
" මේක කරපු එකා හොයාගෙන "
ජන්කූක් එහෙම කියලා driving seat එකට නගින්න යද්දී ටේහ්‍යුන් කොල්ලාව නැවැත්තුවා
" උබ නැගපන් මම drive කරන්නම් උබ drive කරන්න තරම් හොද මානසික මට්ටමක නැ "
කොල්ලා කිව්වාම ජන්කූක් ඔලුව වනලා ගිහින් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩිවුනා ඊට පස්සේ ජැකී දාපු location එකට ගියා ජන්කූක් කා එකෙන් බැහැලා වටපිට බැලුවා දැන් එයාලා ඉන්නේ accident එක වුනු තැන ඒත් එක්කම ජැකී දුවගෙන ආවේ ජන්කූක්ගේ ලගට
" බොස්..."
" මොනාහරි හොයාගත්තා ද.."
" බොස්.. අපි එන්න විනාඩි කිහිපයකට කලින් කට්ටියක් ඇවිත් තියෙනවා "
ජැකි කියද්දී ජන්කූක් ඇහිබම ඇකිලුවා
" උබ කියන්න හදන්නේ CCTV Records නැති වෙලා කියලා ද..?"
ටේහ්‍යුන් ඇහුවා
" යේ බොස්.."
" උබ කොහෙන්ද CCTV records බලපු shop එකට යමන්..."
ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්කූක් කොල්ලා දිහා බැලුවේ උබ මොකද්ද කරන්න හදන්නේ කියලා අහන්න වගේ ටේහ්‍යුන් මුකුත් නොකියා පොඩි කට කොනින් හිනාවක් දාලා ඇතුලට ගියා ඒක කොෆි ශොප් එකක් ටේහ්‍යුන් ශොප් එකේ කැශියර් එකේ හිටපු ගර්ල් ලගට ගියා
" බේබිඩෝල් අපිට මේ ශොප් එකේ ඕනර් හම්බවෙන්න ඕන "
ටේහ්‍යුන් සෙක්සි වොයිස් එකකින් කෙල්ලට ඇහැක් ගහලා කියද්දී ඒ ගර්ල්ගේ මූන රතු පැහැයට හැරුනා
" ඉන්න මිස්ටර් මම සර්ට කතා කරන්නම්.."
එහෙම කියපු ගර්ල් එතැනින් යන්න ගියා ඒ ගර්ල් එක්කම ටිකකින් මැදි වයසේ පිරිමි කෙනෙක් ආවා ඇවිත් ඉන්න දෙන්නා දැක්කාම ඩයල් එක පොඩ්ඩක් ඩිම් වුනා
" මිස්ටර් කිම්... මිස්ටර් ජොන්.."
" හේයි කුක්.. මෙයා අපිව දන්නවා නේ බන් "
ටේහ්‍යුන් හිනාවක් එක්ක කියද්දී ජන්කූක් කොල්ලාට රැව්වා
" අපිට CCTV check කරන්න ඕන "
ටේහ්‍යුන් ශොප් එක වටේම බලන ගමන කිව්වා
" ඒත්..."
ඒ මනුස්සයා බැ කියන්න වගේ යන නිසා ජන්කූක් ගන් එක අර මනුස්සයාට පේන්න අතට ගත්තා එතකොට ඩයල් එකට හීන් දාඩිය දාලා මුත්‍රා බරකුත් හැදුනා
" හරි සර් එන්න මෙහෙන්.."
ඒ මනුස්පයා කිව්වාම ජන්කූක් ටේහ්‍යුන් ජැකී ඒ මනුස්සයා පිටිපස්සෙන් ගියා ඔෆිස් රූම් එකට ගියා
" අද හවස 01 ත් 03 ත් අතර වීඩියෝස් ඕන "
ටේහ්‍යුන් කිව්වාම වෙව්ලන අත් වලින් ඒ මනුස්පයා ඒ විඩියෝ එක ප්ලේ වෙන්න දැම්මා ඒ අතරේ ආපු අයගෙන් කලු ඇදගෙන ආපු මිනිස්සු තුන් දෙනෙක් ගැන ටේහ්‍යුන්ගේ වගේම ජන්කූක්ගෙත් අවධානය ගියා
" පොඩ්ඩක් හිටාම්.. දැන් zoom කරපන්.."
ටේහ්‍යුන් කිව්වාම ඒ මනුස්සයා ඒක zoom කලා
" අයිෂ්... මට මේ මනුස්සයා හොදට දැකලා පුරුදුයි ඒත් කොහෙදි ද කියලා මතක නැ "
" මොහ්..."
ටේහ්‍යුන් කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් රූම් එකේ එහෙට මෙහෙට ඇවිදින ගමන් කල්පනා කලා
" ටේ.... උබ කොහෙදි ද මූව දැක්කේ.."
" එදා මම ජීසූ එක්ක mansion එකේ ඉදලා ආපහු යනකොට එකෙක් අපිව follow කලා ඒ තමයි මූ.."
ටේහ්‍යුන් කිව්වා
" මොකද්ද යකෝ මේ වෙන්නේ...."
" අපි හොයමු බන්.."
ටේහ්‍යුන් ජන්කූක්ගේ කරට අත දාගන්න ගමන් ශොප් එකෙන් එලියට ආවා ඒත් එක්කම කොල්ලාගේ ෆෝන් එක රින් වුනා
" තමුසේ එක්ක මම පස්සේ කතා කරන්නම්.."
ටේහ්‍යුන් එහෙම කියලා කෝල් එක කට් කලා කෝල් කලේ වෙන කවුරුවත් නෙවෙයි ජීසූ කෙල්ලට දැනගන්න ඕන වුනා සනාට කොහොමද කියලා ඒත් එයා කතා කරන්න කලින් ටේහ්‍යුන් පස්සේ කතා කරන්නම් කියලා කෝල් එක කට් කලා
To be continue............
කතාව බොලදයි වගේ ද
මට නිකන් එහෙම හැගෙනවා නේ 🙁
කමෙන්ට් වලට ඉක්මනට රිප්ලයි කරන්නම්
Bạn đang đọc truyện trên: AzTruyen.Top